මහායාන බුදු සමයේ මූලික ඉගැන්වීම්
සමාජය හා ඒ හා බැදුණු සමාජ සංස්ථා කලින් කලවිවිධ වෙනස්වීම් වලට භාජනය වෙයි; එය දේශ වශයෙන් ද කාල වශයෙන් ද සිදු වෙයි. ආර්ථික සාමාජික, දේශපාලනික, සංස්කෘතික හා ආගමික වශයෙන් ඒ වෙනස්වීම් හදුනාගත හැකිය. ථෙරවාද භික්ෂුන් වහන්සේලා විසින් ධර්ම සංගායනා පැවැත්වීමෙන් ප්රයත්න දරා ඇත්තේ දේශ වශයෙන් හා කාල වශයෙන් සිදු වූ වෙනස්වීම් තුළින් බුදුරදුන් විසින් පිහිටුවා වදාළ සග සසුන ආරක්ෂා කරගැනීමය; එමෙන්ම බුදුරදුන් වදාළ ධර්ම- විනයේ විශාළ ප්‍රමාණයක් නිරවුල්ව යථා පරිදි ආරක්ෂා වී තිබීමෙන් එය සනාථ වෙයි. ථෙරවාද භික්ෂු පරපුර විසින් රැකගෙන ආ පාලි ත්‍රිපිටකයෙන් විශාළ ප්‍රමාණයක් බුදුන් වදාළ ධර්මය නියෝජනය කරන බව මධ්‍යස්ථ විචාරකයෝ පිළිගනිති. එය එසේ වුව ද ඓතිහාසික වශයෙන් කාලීන අවශ්‍යතා පදනම් කොට ගනිමින් මහායාන බුදුසමය ප්රභවය ලත් බව අපි දනිමු.
1. බෝධිසත්ව සංකල්පය දැඩිව අවධාරණය කොට ඉගැන්වෙයි. අපි සියළු දෙනාම බෝසත්වරු වෙමු. බුද්ධයානයෙන් නිර්වාණ පද ප්‍රාප්තිය මහායානික ඉගැන්වීම වෙයි. අපි සියළු දෙනාම බුදු බව ලබන්නෙමු. අපාර වූ මේ සසර කතර ගෙවා අප නිවන් දකින්නේ බුදුබව ලබාගෙනය. එබැවින් මෙලොව ජීවත්වන අප සියළු දෙනාම බුද්ධාංකූර වෙමු. මෙම බුද්ධාංකූර පරිණත වනස්පතීන් බවට පත් කිරීම සදහා අපි බෝධිචර්යාවෙහි නිරත වෙමු. බෝසත්වරු මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් සමන්විත ය. සකල සත්ත්වයන් සංසාරයෙන් ගොඩගනු පිණිස ‘බුදු වෙම්වා’යි ගත් දැඩි අධිශ්ඨාන සිතක් ඇත්තෝ වෙති. මෙය ‘බෝධි චින්තනය’ නමින් මහායානයේ හැදින්වෙයි. බුදුබව ප්‍රාර්ථනා කරන සියළු බෝසත්වරු මේ බෝධි චින්තනයෙන් යුක්ත වෙති. බුදුබව පිණිස ප්‍රථම මාර්ගය වන්නේ ද මේ බෝධි චින්තනය යි. මීට කරුණාව සහ ප්‍රඥාව පාදක වෙයි. බෝධි චින්තනයෙන් සමන්විත බෝසත්වරයෙකුට මෙ ලොව කල නොහැකි කිසිවක් නොමැත.
බෝධි චින්තනය පිළිබද රමණීය විස්තරයක් ශාන්තිදේව පාදයන්ගේ බෝධිචර්යාවතාරයෙහි දක්නට ලැබේ. ඒ මෙසේයි;
“මේ බෝධි චිත්තය ලෝකයාගේ මරණ දුක නැති කිරීමේ රසායනයකි. ලෝකයාගේ දුගී බව නසන ක්ෂය නොවන නිධානයකි.
ලෝකයාගේ ව්‍යාධීන් සන්සිදුවන උතුම් බෙහෙතකි. සංසාර නැමැති දීර්ඝ මාර්ගයෙහි ඇවිදින ලෝකයාගේ විඩා සන්සිදු වන වෘක්ෂයකි.
දුගති නැමති මුහුදින් එතෙර කරන හෙයින් සියළු මගීන්ට එතෙර වීමට සුදුසු ඒදණ්ඩකි. ලෝකයාගේ කෙළෙස් නැමැති ග්‍රීෂ්මය සන්සිදුවන බෝධි චිත්ත නැමැති චන්ද්‍රයා උදා විය.
ලෝකයාගේ මොහාන්ධකාරය දුරින් දුරලන මහා සූර්යයෙකි. සද්ධර්ම නැමැති කිරි මුහුද කැළතීමෙන් හටගත් වෙඩරු පිඩකි, බෝධි චිත්තය.
සසර නමැති දීර්ඝ මාර්ගයෙහි හැසිරෙන, සැප බොජුන් අනුභව කරනු කැමතිව සාදුකින් පෙළෙන, වෙත පැමිණි ආගන්තුකයින් සනසන, දිගුකලක් පවත්නා සුවදායී මහා යාගයක් වැනිය , බෝධි චිත්තය.”
මහායාන බුදුසමය තුළ බෝධි සත්ව වන්දනාවට විශේෂ ස්ථානයක් හිමිවී ඇත්තේ ඉහත සදහන් වන පරිදි බෝසත්වරුන් බෝධි චිත්තයෙන් යුක්ත නිසාය. මෙ වැනි බෝසතුනට වන්දනා කිරීම බෞද්ධ ශ්‍රාවකයාගේ පරම යුතුකම වෙයි. මහායාන බුදුසමය තුල බෝධි සත්ව සංකල්පය ප්‍රභලව ව්‍යාප්ත වූ බව ඉතිහාසය තුළින් දැක ගත හැකිය.
2. ථෙරවාද සම්ප්‍රධාය අනුව පළමුව තමාගේ විමුක්තිය සලසා ගැනීම නිර්දිෂ්ට ය. “අත්තානමේව පඨමං- පතිරූපේ නිවේසයේ” යනුවෙන් පැවසෙන්නේ ඒ අදහස ය. අන්‍යයන්ට යහපත සැලසීමට පෙරාතුව තමා පිරිපුන් පුද්ගලයකු විය යුතු ය. මහායානික බෞද්ධයෝ මීට ප්රතිපක්ෂ වෙති. ඔවුහු සකල ලෝකයාගේම හිත සුව පිණිස සැම දෙන ම පරාර්ථ චර්යාවෙහි නිරත විය යුතු යැයි නිර්දේශ කරති. අනුන් වෙනුවෙන් තමාට කල හැකි සැමදෙයක් ම සැම විට ම ඉටු කල යුතු ය; පරිත්‍යාග කල යුතු ය. තමා සතු කර ගන්නා පින පවා වහා ම අනුන්ට අනුමෝදන් කල යුතු ය. බෝසත් වරයකුගේ පරහිතකාමී බව ශාන්තිදේව පාදයෝ මෙසේ දක්වති: “මම අසරනයන්ට සරණ වෙමි. මග පිළිපන්නවුන්ට සාර්ථ වාහකයෙක් (=ගැල්කරුවෙක්) වෙමි. ගංගා ආදියෙන් පරතෙර යනු කැමතියනට නැවක් වෙමි. එතෙර වනු කැමතියනට හෙයක් (=එෟදණ්ඩක්)වෙමි. අදුරේ සිටින සියල්ලවුනට පහනක් වෙමි. සැතපෙනු කැමතිවුනට යහනක් වෙමි. දාසයන් කැමතිවුනට දාසයෙක් වෙමි. සියළු දෙනාට සිතුමිණ රුවනක්, භද්‍ර ඝටයක්, සිද්ධ මන්ත්‍රයක්, මහා ඖෂදයක්, කල්ප වෘක්ෂයක්, කාම ධෙනුවක් වන්නෙමි.” අනාථානාමහං නාත: -සාර්ථවාහශ්ච යායිනාං
පාරේප්සූනාං ච නෞභූත:- සේතු: සංක්රම එව ච
දීපාර්ථිනාමහං දීප: - ශය්‍යා ශය්යාර්ථිනාමහං
දාසාර්ථිනාමහං දාසෝ - භවේයං සර්වදේශිනාම්
චින්තාමනී භද්‍ර ඝට: - සිද්ධ විද්‍යා මහෞෂධි:
භාව්යං කල්ප වෘක්ෂශ්ච - කාමදේනුශ්ව දේහිනාම්
“පුරාතන මහා බෝධි සත්වවරයන් විසින් “බුදු වෙමිව”යි යන බෝධි චිත්තය යම් සේ දරන ලද්දේ ද ඒ බෝධි සත්වවරයෝ බෝධි සත්ව ශික්ෂාවෙහි අනුපිළිවෙලින් ම සිටියාහු ය.
එසෙ ම මම ද, ලෝ වැඩ පිණිස ඒ බෝධි චිත්තය උපදවමි. ඒ බෝධි බෝධි සත්වවරයන් මෙන් ම බෝධි සත්ව ශික්ෂාවන් පිළිවෙළින් පුරුදු කරමි.”
මහායානික ශ්‍රාවකයාගේ ආගමික ජීවිතය ආචාර විද්‍යාත්මක නීති සමුදායකින් ගහණ වෙයි. ඒ සියල්ලෙහි ම අභිමතාර්ථය වී ඇත්තේ පරාර්ථ චර්යාවට කැප වූ ජීවිතයකට නැඹුරු වීමකි. එබැවින් මහායානික බෞද්ධයෝ අත්වැඩ පිටුදැක පරවැඩ සදහා කැප වූ ජීවිතයක් ගෙවති.
3. ථෙරවාද බෞද්ධයෝ විමුක්තිය ලැබීම සදහා තුන්තරා බෝධිය අනුදනිති. බුදු, පසේ බුදු, මහරහත් යනු තුන්තරා බෝධිය යි. ඒ අන්ව අවම වශයෙන් රහත් බෝධියෙන් විමුක්තිය සලසා ගැනීම අනුමත කොට ඇත. මහායානිකයෝ රහත් බෝධිය පහත් කොට සලකා බැහැරලති. ඔවුහු සියළු දෙන සම්මා සම්බෝධිය ප්‍රාර්ථනා කරති. ඒ අනුව බුදුවරු අනන්ත අවකාශයෙහි හා කාලයෙහි අසංඛ්‍ය වශයෙන් වැඩ සිටිති. පසුකාලයෙහි බුදුවරයෙකුට ත්‍රිකායක් ඇතැයි නිර්දෙශ කළ හ. ධර්මකාය, සම්භෝගකාය, හා නිර්මාණකාය, යනු ඒ ත්රිකාය යි. ත්රිකාය සිද්ධාන්තය බුද්ධ ස්වභාව විවරණය කිරීමෙහි ලා ඉතා වැදගත් ය.
4. බුද්ධ ස්වභාවය හෙවත් නිර්වාණය වේදාන්තයන්හි ඉගැන්වෙන බ්‍රහ්මන් හා සමාන වන ස්වරූපයකින් උගන්වා ඇත. එමගින් විඥානවාදී ස්වරූපයක් හටගෙන තිබේ.
5. ථෙරවාද බෞද්ධයන්ගේ ත්‍රිපිටකය පාලි භාෂාවෙන් ග්‍රන්ථාරූඪ වී ඇත. පාලි ත්‍රිපිටක සාහිත්‍යයට පසු ව සංස්කෘත භාෂාවෙන් ලියවුණු ත්රිපිටකයක් මහායානිකයෝ භාවිත කරති. එහෙත් ඔවුන්ගේ වැඩි අවධානය යොමු කොට ඇත්තේ පඥා පාරමිතා සූත්‍රයන්හි අන්තර්ගත කිරීම් කෙරෙහි ය.
6. මහායානික පඩිවරු දාර්ශනික විශ්ලේෂණයෙහි ලා ශුද්ධ තර්කය භාවිතා කරති.එමගින් අතිශය ගම්භීර ධර්ම විශ්ලේෂණ ඉදිරිපත් කරති. එහෙත් ආගමික ජීවිතය විශයෙහි ලා සරළ පුද පූජා අනුදත් හ. ප්‍රතිමා වන්දනා, ෙචෙත්‍ය වන්දනා විචිත්‍රත්වයෙන් යුතුව පැවැත්වීමට හුරුපුරුදුව සිටිති. මහායානයේ දාර්ශනික අංශය හදාරන කල එම සම්ප්‍රධාය තුල ම මෙබදු පුද පූජා චාරිත්‍ර බිහි වූයේ කෙසේ දැයි කෙනෙකු විශ්මිත විය හැක. වන්දන මානන විෂයයෙහි අසීමිත භක්තියක් මහායානික ශ්‍රාවකයන් තුළ ඇත. මේ භක්ති මහත්වය හේතුකොට ගෙන මන්ත්‍ර හා තන්ත්ර විෂයයෙහි ඔවුහු ඇදී ගිය හ.
7. විශේෂයෙන් අභිතාභ බුදුරජාණන් වහන්සේ වෙත පවත්නා ගෞරවාද භක්තිය කරණ කොට ගෙන විමුක්තිය ලද හැකිය යන දෘෂ්ටිය මහායානික නිකාය කිහිපයක ඉදිරිපත් වෙයි. “නමො අමිද බුත්සු” යන පාඨය ජප කිරීම මගින් විමුක්තිය සලසා ගත හැකිය යන විශ්වාසය පවතියි. අමිතාභ බුදුන්ගේ නම ජප කිරීම මගින් විමුක්තිය ලද හැකි’යි හගින්නෝ මහායාන බෞද්ධයන් අතර අතිමහත් සංඛ්‍යාවක් වෙති. ජපානයේ වෙනම නිකායක් දක්නට ලැබීමෙන් මෙහි විශේෂත්වය සිතාගත හැකිය. අවලෝකිතේශ්වර, සමන්තභද්‍ර ආදී බෝසතුන් බිහි කරගත්තා සේ, අමිතාභ බුදුරදුන් ද ගෞතම ශක්‍ය මුනීන්ද්රයාණන්ට යෙදුනු උප ලක්ෂණ නාමයකට පණ පොවා, මනුෂ්‍යත්වය ආරෝපණය කිරීමෙන් භාරතීය බෞද්ධයන් විසින් ම සකස් කර ගන්නා ලද්දක් විය යුතු ය.
මුල දී අමිතාභ බුදුන්ට වැදගත් තැනක් හිමි නොවූයේ ය. ඉන්දියාවේ දී අමිතාභ බුදුන්ට උසස් ලෙස සැලකූ අයුරක් දක්නට නැත. අමිතාභ බුදුන්ගේ චරිතයෙන් මූර්තිමත් කෙරෙන ගැලවුම්කාරයාණන්ගේ චරිතයට තෙරවාද බුදුසමයෙන් අනුග්‍රහක් නොලැබෙයි. එහෙත් අමිතාභ බුදුන්ගේ චරිතය වඩා විකසිත ව ජනප්‍රිය වූයේ මහායානික බුදුසමය ඈත පෙරදිගට ව්‍යාප්ත වූ පසුවය. අමිතාභ බුදුන් වෙත දැඩි විශ්වාසය තබා විමුක්තිය පතන්නෝ චීනයෙත්, ජපානයේත් බහුල වෙති.