මහායාන බුදු සමයේ ප්රභවය
බුදුසමය පිළිබද පත පොත ලියූ අපරදිග වියතුන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් විවිධ සංඥා නාම භාවිත කරමින් වර්ග කොට හැදින්වූ හ. පෙරදිග භාෂා හා සාහිත්‍යයත්, ආගම් හා දර්ශනත්, සමාජය හා සංස්කෘතියත් හදාළ බොහෝ දෙනෙකු තමන් විසින් යෙදූ සංඥා නාම වලට අර්ථ සීමාද නිශ්චය කල බව දක්නට ලැබේ. මතු දැක්වෙන වචන ඒවායින් කිහිපයකි.
හීනයාන බුද්ධාගම - මහායාන බුද්ධාගම
උත්තර බුද්ධාගම - දක්ෂිණ බුද්ධාගම
ගුහ්යයාන බුද්ධාගම - ව්යක්තයාන බුදුධාගම
සහජයාන බුද්ධාගම - කඨිනයාන බුද්ධාගම
මේ ප්‍රයෝග අතරින් හීනයාන බුද්ධාගම - මහායාන බුද්ධාගම යන ව්‍යවහාරය වඩාත් ජනප්‍රිය බවට පත් වූයේ ය. මුල් අවස්ථාවේ දී ඉපැරණි සම්භාව්‍ය සංස්කෘත ග්රන්ථ අධ්‍යනය කල යුරෝපීය උගතුන් ‘බෞද්ධ දර්ශනය’ වශයෙන් හැදින්වූයේ මහායානික ඉගැන්වීම් ය. ඔවුන් එබදු අදහසක් ගොඩනගා ගත්තේ සංස්කෘත භාෂාවෙන් රචිත ග්රන්ථ පරිශීලනය කිරීමෙනි. වඩ වඩාත් මේ ක්ෂෙත්රය හදාරණ කල සංස්කෘත භාෂාවෙන් රචිත සර්වාස්තිවාද ආදී නිකාය වල පොත් ද ඔවුට හමු විය.වැඩිදුර අධ්‍යයනයේ ප්‍රතිඵලයක් වශයෙන් බෞද්ධයන්ගේ පත පොත සංස්කෘත භාෂාවෙන් පමණක් නොව වෙනත් භාෂාවලින් ද ඇති බව ඔවුන්ට පැහැදිලි ය.පාලි භාෂාව කෙරෙහි වැඩි අවධානය යොමු කළ ඊ.ජේ. තෝමස්, නලිනාක්ෂදත්, රීස් ඩේවිඩ්ස් වැන්නෝ ථෙරවාද විභජ්ජවාද පාලි සම්ප්‍රධායේ ඉගැන්වීම් ලොවට හෙළි කළ හ. ‘බෞද්ධ චීන’ බසින් යුතු බෞද්ධ පොත් හදාළ උගත්තු චීන ත්‍රිපිටකයේ දීඝ නිකායාදී නිකාය ග්රන්ථ දීර්ඝාගම ආදී වශයෙන් ආගම ග්රන්ථ ලෙස හදුන්වා ඇත. චීන ආගම ග්රන්ථ ලෙස මෙහි දී අදහස් කළේ ඒ ග්රන්ථ යි. ඔවුහු ‘චීන ආගම’ ග්රන්ථ වල ඇතුළත් බෞද්ධ ඉගැන්වීම් ලොවට ප්‍රකට කොට දැක්වූ හ. ටිබෙට් බස හදාළෝ තිබ්බතයේ පැවති බෞද්ධ පතපොතේ ඇතුළත් කරුණු ලොවට විවර කොට දැක්වූ හ. තවත් සමහරු මධ්‍ය ආසියාවෙන් හමු වූ විවිධ පතපොත ඇසුරින් විවිධ භාෂා මාධ්‍යයන්ගෙන් බෞද්ධ පත පොත පැවති බව පිළිගත් හ. මේ කරුණු සමූහය මුල් වීමෙන් බුදුසමය පිළිබද පැවති පටු සීමා මගහැරී පුළුල් දෘෂ්ටියකින් ඒ දෙස බැලීමට වත්මන් උගත්තු හුරුපුරුදුව සිටිති. මේ නිසා වර්ථමාන උගත්තු හීනයාන බුද්ධාගම හා මහායාන බුද්ධාගම යන යෙදුම ද සංශෝධනය කර ගනිමින් හීනයාන ප්‍රයෝගය භාවිතා නොකරති. ඒ වෙනුවට තෙරවාද ඉගැන්වීම් වැනි ප්‍රයෝග භාවිත කිරීමට වැඩි කැමැත්තක් දක්වති. මෙසේ වීමට මූලික හේතුව මහායානයේ දාර්ශනිකව සංවර්ධනය වූ චින්තා හුදෙක් ආකස්මික ව ප්රභවය ලත් දේ නොව, ගෞතම බුදුරජාණන් වහන්සේගේ ම ශ්‍රී මුඛ දේශනා පාදක කොට ගෙන ඇති වූ ඒවා බව වියතුන් විසින් අවබෝධ කොට ගනු ලැබීම ය.
සමාරම්භය
මහායාන බුදුසමයේ ප්රභවය පිළිබද විවිධ මතිමතාන්තර පවතී. උගතුන් විසින් පර්යේෂණ සිදු කොට ඇතත් කාලනිර්ණය පිළිබද නිශ්චිත මතයක් නැත. මහායාන බුදුසමය පිළිබද පර්යේෂණ සමුදායක් කළ එඩ්වඩ් කොන්සේ ක්‍රි.පූ. 100-ක්‍රි.පූ. 300 අතර කාල පරිච්ඡේදය තුළ දී මහායාන බුදුසමයේ සම්භවය සිදු වී ඇතැයි සලකයි. ආචාර්ය නලිනාක්ෂදත් ද මේ කාල සීමාව පිළිගෙන ඇත. පූර්වෝක්ත කාල සීමාව මහායානයේ සම්භවය සිදු කාල සීමාව වශයෙන් දැනට පිළිගැනීමට පුළුවන.
පරම නිශ්ටාව හෙවත් විමුක්තිය සාක්ෂාත්කරණය සදහා අනුගමනය කලයුතු ඒකායන මාර්ගය ‘බුද්ධයානය’ වශයෙන් සැලකීම හා අවධාරණය කිරීම නිසා ‘බුද්ධායන’ යන්නට පර්යාය නාමයක් වශයෙන් ‘මහායානය’ යන්න භාවිත කොට ඇත. සම්‍යග් සම්බුද්ධත්වයට පත්ව නිර්වානය සාක්ෂාත් කිරීමට අපේක්ෂා කළ අය මහායානිකයෝ ය. බුද්ධත්වයට පත් වීමට ඇති ඒකායන මාර්ගය බුද්ධයානය යි. ඒ බුද්ධයානය මහායාන යි. මහායාන බුදුසමයට අදාළ පතපොත ලියූ ලේඛකයෝ මේ කරුණ අවධාරණය කරති.
මහායානික පත පොත ලියූ ආචාර්යවරුන්ගේ විග්රහයට අනුව අර්හත්වය-රහත් බව, විමුක්ති සාධන මාර්ගය වශයෙන් පිළිගත් අය හීනයානිකයෝ වෙති. මහායානික ආචාර්යවරු ස්වකීය ශ්‍රේෂ්ඨත්වය - උත්තමත්වය තහවුරු කරගනුවස් මහායාන නාමය භාවිත කළහ. සෙසු බෞද්ධ සම්ප්රධායයන්ට තමන්ට වඩා පහත් ය, හීනය යන අර්ථය දී හීනයානික යන නාම යෙදූහ. ඔවුන් දක්වන වචනාර්ථ විග්‍රය අ2නුව හීනයාන - මහායාන යන ප්‍රයෝග දෙකෙහි අර්ථය එය යි.
හීනයාන- මහායාන යන වචන දෙකේ ව්‍යවාහරය පිළිබද ඉතාමත් සරළ විවරණය සපයා ඇත්තේ ඉට්සිං නැමැති චීන දේශ සංචාරක ස්වාමීන් වහන්සේ විසිනි. උන්වහන්සේ(ක්‍රි.ව. 635-713) ඉන්දියාවට වැඩම කළ අවස්ථාවේ හීනයාන හා මහායාන යන බෞද්ධ සම්ප්‍රධායන් දෙකම සියැසින් ම දුට හ. හීනයාන බෞද්ධයන් ද මහායාන බෞද්ධයන් ද අනුගමනය කළ ප්‍රතිපත්ති හා චාරිත්‍ර වාරිත්‍ර උන්වහන්සේ දෙනෙතින් දුට හ. එබැවින් උන්වහන්සේගේ නිර්වචනය ඉතා වැදගත් කොට සැලකිය හැකි ය.
“බෝසත්වරුන්ට වැදුම් පිදුම් කරම්න් මහායාන සූත්‍ර හදාරන්නවුන් මහායානික’යි කියනු ලබන අතර එසේ නො කරන්නෝ හීනයානිකයෝ යි කියනු ලබති. වෙන වචන වලින් කියතොත් හීනයාන ත්‍රිපිටකයට අයත් නොවූ ධර්ම ග්රන්ථ මහායානිකයන්ට ඇති අතර, ඔවුහු ඉන්දීය දෙවි දේවතාවුන්ට වඩා වැඩි වෙනසක් නොමැති, බුද්ධත්වයට මදක් පහත අවස්ථාවට අයත් උත්තර මානුෂික ගුණ ඇතියවුන්ට වැදුම් පිදුම් කරති.”
(හින්දු සමය හා බුදුසමය, පි.03)
මහායාන බුදුසමය කිනම් මූල බෞද්ධ සම්ප්රධායකින් ප්‍රභවිත වූයේ දැයි යන ප්‍රශ්ණය පිළිබද උගතුන් අතර එකගතාවයක් නැත. මහායානයේ ආරම්භකයන් ලෙස ඇතැම් උගතුන් පිළිගන්නේ මහාසංඝිකවාදීන් ය. ඓතිහාසික මූලාශ්රයන් වන දීපවංස, මහාවංස හා සමන්තපාසාදිකා යන ග්රන්ථාගත වාර්ථා අනුව බෞද්ධ සංඝ සංස්ථාවේ ප්‍රාථමික බෙදීම මෙබදු ය.
මූලික සංඝ ස්ථවිරවාද
මහාසංඝික දෙවැනි ධර්ම සංගායනාව පැවති අවස්ථාවේ දී වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දශ අකැප වස්තුව පිළිගත් විශාළ භික්ෂූ පිරිසක් වූයේ ය. ඒ අය සංගීතිකාරක භික්ෂු පිරිසෙන් වෙන්ව වෙන ම ධර්ම සංගීතියක් පැවැත්වූ බව ද, ඒ නිසා ඒ පිරිස මහාසංඝික යන නාමයෙන් හැදින් වූ බවද ථෙරවාද ඓතිහාසික මූලාශ්‍රයන්හි සදහන් වෙයි. එහෙත් මේ පිළිබද විමසීම් කළ නූතන විචාරකයෝ මීට වඩා වෙනස් වූ අදහස් ඉදිරිපත් කරති. එඩ්වඩ් කොන්සේ ගේ අදහස මෙ බදු ය:
“මහායාන බුදුසමයේ සම්භවය තෙරවරුන්ගේ ඒකාධිකාරීත්වය කඩා බිද දමා භික්ෂුන් වහන්සේට මෙන් ම ගිහියන්ට ද සමාන ලෙස අවස්ථාව සලසා දුන් නිසා මේ බෞද්ධ පිරිස මහාසංඝික නම් වූයේ ය.”
ථෙරවාද සම්ප්‍රධායේ සාමාන්‍යයෙන් ප්‍රමුඛත්වය හිමි වන්නේ භික්ෂුන් වහන්සේට බව පෙනේ. මේ හිමිකම් ගිහියන්ට ද සමානව ලබාගනු පිණිස මහාසංඝිකයන් ක්‍රියා කළ බව සිතිය හැකිය. භික්ෂූන් වහන්සේට සමාන අවස්ථාවක් ගිහියාට ද මහාසංඝිකයන් විසින් ලබා දුන් බව කොන්සේගේ පිළිගැනීම යි. සමස්තයක් ලෙස සලකන කල ථෙවාද සම්ප්‍රධායට වඩා මහායාන සම්ප්‍රධායේ දී ගිහියාට උසස් තත්ත්වයක් ප්‍රධානය කොට ඇති බව කිව හැකි ය. බෝධිසත්ව සංකල්පය අනුව ගිහි-පැවිදි සියලු දෙනා ම බුද්ධාංකුරයෝ යි. එබැවින් ගිහියාටත්, පැවිද්දාටත් සමාන තත්ත්වයක් ආගමික ජීවිතය තුළ හිමි වූයේ ය.
ඓතිහාසික වාර්ථා කැටි කොට ගත් කල මහාසංඝික සම්ප්‍රධායය විසින් ඉදිරිපත් කල ප්‍රධාන මත හතරක් දැක ගත හැකිය . ඒවා මෙසේ යි.
1. බුද්ධ සංකල්පය
ථෙරවාද සම්ප්‍රධාය බුදුරජාණන් වහන්සේ ඓතිහාසික උත්තමයෙකු බව - මහාපුරුෂයකු බව අවධාරණය කරයි.උන්වහන්සේගේ මානුෂිකත්වය ඉස්මතු වන සේ බුද්ධ චරිතය ගෙනහැර දක්වයි. බුද්ධ සංකල්පයේ විකාශයේ දී පසුකාලීනව යම් යම් අතිමානුෂික ගුණාංග බුදු සිරිතට සම්බන්ධ කොට ඇතත් මුල් බුදුසමයෙහි උන් වහන්සේගේ මානුෂිකත්වය උද්දීපනය වන සේ බුද්ධිපදානය ඉදිරිපත් කොට ඇත. පධාන, පබ්බජ්ජා, මහාසීහනාද, අරිය පරියේසන යනාදී බුදු සිරිතපවසන සූත්‍ර ධර්ම වලින් ඒ බැව් ප්‍රකට වෙයි. පසුකාලීන වාර්ථාගත කිරීමක් සේ සැලකෙන මහාපරිනිබ්බාණ සූත්‍රයෙන් වුව ද උන්වහන්සේගේ මහාසංඝිකයෝ ඓතිහාසික ගෞතම බුදුරජාණන් වහන්සේ අතිමානුෂිකත්වයට නැගූහ; මනුෂ්‍යත්වය ඉක්ම වූ ලෝකෝත්තර උතුමකු බවට පත් කලහ. බුදුරජාණන් වහන්සේගේ මෙ ලොව හැසිරීම හුදෙක් ලෝකානුවර්ථනය සදහා පමණි. ‘පරමෝත්තම සදාකාලික බුදුරදුන් සුඛාවතියෙහි වැඩ වෙසෙති’යි පසුකාලීනව විස්තර කරන්නේ මහාසංඝිකයන් ඉදිරිපත් කල අදහසෙහි පිහිටා සිටය.
2. අර්හත්ව සංකල්පය
ථෙරවාද සම්ප්‍රධාය සම්මාසම්බුද්ධ, පච්චේකසම්බුද්ධ, අරහන්තබුද්ධ යනුවෙන් බුද්ධත්වයෙහි ස්වරූප තුනක් දක්වයි. රහත් බෝධියෙන් විමුක්තිය සලසා ගැනීම ආත්මාර්ථකාමී ක්‍රියාවක් සේ මහාසංඝිකයෝ හැදින්වූහ.
පෞද්ගලික වශයෙන් තම තමන්ගේ විමුක්තිය සලසා ගැනීම අවධාරණය කල හ. එමගින් ලබාගන්නා විමුක්තිය ආත්මාර්ථකාමී පිළිවෙතක් සේ සලකා බැහැර කල මහාසංඝිකයෝ ඒ වෙනුවට බෝධිසත්ව සංකල්පය ඉදිරිපත් කල හ. බෝධිසත්ව චර්යාව සපුරා පරාර්ථ චර්යාව වෙයි. අන්‍යයන්ගේ හිත සුව සලසනු වස් ආත්ම පූජාව සිදු කිරීම ද අවධාරණය කොට ඇත. බෝසත් සිරිත ගිහියාට ද පැවිද්දාට ද එක සේ ආරක්ෂා කල හැකි ය.
3. ශුන්‍යතා සිද්ධාන්තය
අපට දක්නට ලැබෙන විෂය හුදු මායාවක් පමණි. විෂය-විෂයී සබදතාව අපේ ඉන්ද්‍රීයබද්ධ මනසින් සමාරෝපිත දෙයක් පමණි. ප්රඥප්ති ලෝකය අපේ මනසින් නිර්මිතය. එ බැවින් සසර- නිවණ යනු එකම ගමන් මගේ දෙ කෙළවරකි. සියළු සසර බැදුමින් තොර වූ කල නිවන පසක් වෙයි.
4. පුද්ගල නෛරාත්ම්යය හා ධර්ම නෛරාත්ම්යය (ආත්මයක් නොමැතිකම)
මුල් බුදු දහමෙහි පුද්ගල නෛරාත්ම්යය මෙන්ම ධර්ම නෛරාත්ම්යය ද ගම්‍ය වෙයි. එහෙත් ථෙරවාදීන් ස්කන්ධ -ධාතු- ආයතන තුළින් වඩාත් අවධාරණය කළේ පුද්ගල නෛරාත්ම්යය නිසා ඔවුට මහායානිකයන්ගේ චෝදනාවලට ලක් වන්නට සිදු විය.
එහෙත් මහාසංඝිකයන් විසින් ඇරඹූ ධර්ම විග්රහ ක්‍රමය මහායානය තුළ ක්රියාක්මක වීමත් සමග මහායාන ආචාර්යවරු වඩ වඩාත් ධර්ම නෛරාත්ම්යය අවධාරණය කළ හ.
මහාසංඝිකයන් විසින් මූලික වශයෙන් පිළිගත් හා අවධාරණය කල ඉහත සදහන් සංකල්පය පසුව මහායාන බුදුසමය තුළ ක්‍රමානුකූලව වර්ධනය වූ අයුරු දක්නට ලැබෙයි. එ බැවින් මහායානයේ වර්ධනය සදහා මහාසංඝිකයන්ගේ දාර්ශනික සංකල්පය හා විශ්ලේෂණ සෘජු වශයෙන් හෝ වක්‍ර වශයෙන් හෝ බලපෑ බව පිළිගත හැකි ය.
ඉහත සදහන් අදහස් මහාසංඝිකයන්ගේ බව කථාවත්ථුව වැනි පාලි මූලාශ්රයන්ගෙන් සනාත වෙයි. මහායාන ඉගැන්වීම් වශයෙන් අප දක්වන අදහස් මුලින්ම ඉදිරිපත් කොට ඇත්තේ මහාසංඝිකයන් විසිනි. පාඨලීපුත්ර නගරයේ පැවති මහාසංඝීතියෙන් ආරම්භ වූ මහාසංඝික සම්ප්‍රධාය ක්‍රමයෙන් ශාඛා - ප්‍රශාඛා වලට බෙදී ගියේ ය.
පාලි මූලාශ්‍රයන්හි මහායාන අදහස් ප්ළිගත් නිකායන් වශයෙන් පහත දැක්වෙන නිකාය අට නිරතුරුව සදහන් වෙයි.
i.මහාසංඝික v.භද්‍රයානික
ii.ගෝකුලික vi.සම්මිතීය
iii.මහිංසාසක vii.සබ්බත්තවාද
iv.වජ්ජිපුත්තක viii.කස්සපීය
ආගමික - දාර්ශනික අංශ
මහායාන බුදුසමයේ ඉගැන්වීම් අධ්‍යනය පහසුව සදහා අංශ දෙකකට බෙදිය හැකි ය. එනම් ආගමික අංශය හා දාර්ශනික අංශය යනු යි. මේ අංශ දෙකම මහායාන බුදුසමය තුළ සංවර්ධනය වූ බව දැනගත හැකිය. මහායානයේ පසුකාලීන අභිසංවර්ධනය දෙස විචාරපූර්වක ව බලන කල මාධ්‍යමික දර්ශන සම්ප්‍රධාය ද යෝගාවචර දර්ශන සම්ප්‍රධාය ද දාර්ශනික අංශයෙන් අභිසංවර්ධනයට පත් වූයේ ය. මේ සම්ප්රධායත්වයෙහි ආගමිකඅංශය විශයෙහි අවධානය ඇත ද දාර්ශනික අංශය කෙරෙහි සුවිශේෂ සැලකිල්ලක් යොමු කොට ඇත. බෝධිසත්ව චර්යාවෙහි මහත්වය ප්‍රකට කරනු ලබන්නේ ආගමික අංශයේ උත්කෘෂ්ටතාව ප්‍රකාශ කරන ස්වරූපයෙනි. මහායාන බුදුසමයේ දාර්ශනික අංශයේ අග්‍රඵලය වශයෙන් (අ) ශුන්‍යතාවාදය හා (ආ) විඥානවාදය ගෙනහැර දැක්විය හැකි ය.
ආගමික අංශය විශයෙහි දී බුද්ධ චර්තය, බුද්ධ වන්දනා, චෛත්‍ය වන්දනා, ප්රදක්ෂිනා, ආචාර විධි ආදියෙන් සැදුම්ලත් බව පෙනේ. ලලිත විස්තරය, සද්ධර්මපුණ්ඩරීක සූත්‍රය, ජාතක මාලා, බෝධිචර්යාවතාර, ශික්ෂා සමුච්චය, මහා වස්තු ආදී ග්රන්ථ දෙස බලන කල පොදු මහ ජනතාවගේ චිත්තාකල්පයන්ට අනුගත පරිදි ආගමික අවශ්‍යතා පිරිමසාලීමට ප්‍රභල ප්රයත්නයක් දරා ඇති බව පෙනේ. ප්‍රභල දාර්ශනික අංශයක් වර්ධනය වෙද්දී මෙවන් ආගමික අංශයක් ද විකසිත වීම ඉතා වැදගත් ය. මහායාන බුදුසමය හදාරණ කල මේ අංශ දෙකම වෙත අවධානය යොමු කල යුතුවෙයි. කෙසේ වුව ද, ථෙරවාද සම්ප්‍රධායට වඩා පොදුජන සිතුම් පැතුම් වලට නැබුරුව , පොදුජන අවශ්‍යතා පිරිමසාලන පරිදි මහායානය තුළ ආගමික චින්තනය සංවර්ධනය වූ අයුරු පැහැදිළිව දක්නට ලැබෙයි.
මහායාන බුදුසමය පිළිබද කතා කරන බොහෝ ශ්‍රී ලාංකික උගත්තු එය හුදෙක් තන්ත්ර , මන්ත්‍ර ආදී මිත්‍යා මත ප්‍රකාශ කරන්නක් සේ සළකති. ථෙරවාදයේ ආරක්ෂක ස්ථානය වන ශ්‍රී ලංකාවේ බෞද්ධයෝ ඈත අතීතයේ සිට ම මහායානය මිත්‍යාමත ගහණ වෛතුල්‍ය වාදයක් සේ හදුන්වා බැහැර කළ හ. මහායානයේ පසුකාලීන විකාශනය පිළිබිඹු කරන සේන පාල යුගයේ දී ඇති වූ තන්ත්රයානය, මන්ත්රයාතය හා වජ්රයානය හා බැදුණු ඉගැන්වීම් පමණක් සලකා මේ අසාධාරණ චෝදනා නගන බව පැහැදිළි ය. එසේ ම ඇතැම් අය මහායානය යනු හුදෙක් දාර්ශනික මත හා විශ්ලේෂණ ඇතුළත් දර්ශන පද්ධතියක් බවත්, එයින් පොදු ජනතාවට කිසිදු පිළිසරණක් නොමැති බවත් පවසති. මෙය ද සාවද්‍ය වෙයි. ආචාර්ය නාගාර්ජුන පාදයන් වැනි මහායානයේ ව්‍යක්ත ප්‍රකාශකයන් දර්ශන කෘත්‍යය සදහා අතිශය තර්කානුසාරී විශ්ලේෂණ ඉදිරිපත් කලබව සත්‍යය ය. එසේ වුව ද මධ්‍යමික දාර්ශනික ග්රන්ථ වන සුහෘල්ලේඛා, බෝධිචර්යාවතාර,ශික්ෂා සමුච්චය, රත්නාවලිය වැනි කෘතීන් මගින් සදාචාර සම්පන්න ඉගැන්වීම් ඉදිරිපත් කොට ඇති බව අප විසින් පිළිගත යුතුය. කෙසේ වුව ද මහායානය වනාහී ආගමික හා දාර්ශනික යන අංශ දෙකේ ම කාලානුරූපී නව මුහුණුවරක් ඇති කල අංගසම්පූර්ණ ආගමික සිතුවිලි පරපුරක් සේ නිගමනය කිරීම ඓතිහාසික සත්‍යයකි.