කණිෂ්ක රජතුමා
භාරතීය බුදුසමය දේශාන්තර ව්‍යාප්තිය විහයෙහි ලා ධර්මාශෝක රජ්යසමය ඉතිහාස ගත වෙයි.ඔහුගෙන් පසු කණිහ්ක රජුගෙන් සර්වාස්තිවාද නිකායේ සංවර්ධනයට සුවිශාල මෙහෙයක් ඉටු වූයේ ය.
කණිශ්ක රජුගේ කුශාන වංශ පරම්පරාව වයඹදිග චීනය හා සම්බන්ධ වෙ යි. ක්‍රිස්තු පූර්ව 165 දී පමණ චීනයේ වයඹ දිග චිත්‍රාල් පඤ්ජිසියාර් ඇතුළු ප්‍රදේශ පාලනය කරනු ලැබුයේ කුශාන වංශිකයන් විසිනි. කාලයාගේ ඇවෑමෙන් කුශාන වංශිකයන් ප්‍රභල වී භාරතය ද ආක්‍රමණය කර ඇත. කණිශ්ක අධිරාජයා බවට පත් වීමෙන් පසු කාශ්මීර, යාර්ඛාන්ඩ්, ඛෝටාන්, චීන තූර්කින්ස්ථාන් යන ප්‍රදේශ වලට භටසේනා යවා ඒවා යටත් කරගත්තේ ය. මොහුගේ රාජ්‍යයේ අගනුවර පෙෂාවෝර් (පැරණි පුරුෂපුරය) විය. කණිශ්ක රජුගේ බල ප්‍රදේශය ඉන්දියාවෙන් පිටතට ද පැතිර ගියේ ය. ‘ද්විත්ව ධර්මාශෝක’ යන නමින් ද සම්මාන ලත් කණිශ්ක රජ දෙ සාළිස් වසරක් රාජ්‍ය විචාළේ ය. (ක්‍රි.ව. 120-162) චීන දේශාටක පාහියන් හා හියුංසියෑං යන තෙරවරු දෙපළ ම කණිශ්ක ගැන වාර්ථා කරති.
කුශාන වංශික පෙර රජවරු හින්දු භක්තිකයෝ ය. කණිශ්ක රජ රාජ්‍ය පද ප්රාප්තියත් සමග ෙබෟද්ධයෙක් වූයේ ය; එතුමා සර්වාස්තිවාදී බෞද්ධයෙකි. කණිශ්ක රජු බුදුසමය වැළදගත් පුවත ප්‍රවාදයක් සේ පැතිර පවතින්න ඇත.හියුංසියෑං සිය වාර්ථාවෙහි මෙසේ සටහන් කරන්නේ එනිසා විය යුතු ය.
“ධර්මාධර්ම විවේචනයක් නොකල මෙ රජ පළමුවෙන් බුදු දහම පහත් කොට සැලකී ය. එක් දිනක් පදුරු සහිත වගුරු බිමක ඇවිදින රජ, සුදු හාවකු දැක ඌ අනුව යන්නේ අඩි තුනක් පමණ උසැති කුඩා සෑයක් ගොඩනගන ගොපලු දරුවකු දුටුවේ ය. තෝ කුමක් කෙරෙහි දැයි ඇසූ විට, “මෙරට රාජ්‍යයට පත් වන රජෙක් මගේ ශරීර ධාතුවලින් විශාළ කොටසක් පිහිටුවා මෙතැන ස්තූපයක් ගොඩනංවන්නේ යැයි ශාක්‍ය මුනීන්ද්රයන් විසින් ප්‍රකාශ කරන ලදි. කණිශ්කාධිරාජයෝ පුරාකෘත පුණ්‍ය ඇත්තෝ ය. ඒ උත්තම ශාස්තෘවරයාගේ අනාවැකිය සිද්ධ කිරීමට මෙය යෝග්‍ය කාලය බව සිහිපත් කරවමි.” යි උත්තර දී ගොපලු දරුවා නොපෙනී ගියේ ය. මේ කීම ඇසූ රජ මහත් ප්‍රීතියට පත් ව බෞද්ධාගමට ගෞරව කරමින් බුද්ධාගම වැළද ගත්තේ ය.”
(හියුංසියෑං භ්‍රමණ වෘත්තාන්තය, පි. 81)
ධර්ම සංගායනාව
බුදුසමය වැළද ගත් පසු තමන්ට විවේක අවස්ථාවල දී ආගමික උපදෙස් ලබා ගැනීමට භික්ෂුන් වහන්සේ රජ මැදුරට වඩමවා ගත්තේ ය; දිනපතා රජ ගෙදරට වැඩම වන භික්ෂූන් වහන්සේ සමග බෞද්ධ ධර්ම ග්රන්ථ කියැවීම පුරුද්දක් කොට ගත්තේ ය. එහෙත් මාලිගාවට පැමිණෙන භික්ෂූන් එකිනෙ පටහැනි වු විවරණ ඉදිරිපත් කළ විට රජ ව්‍යාකූලත්වයට පත් වූයේ ය. කණිෂ්ක රාජ්‍යසමය වන විට සංඝ සමාජය විවිධ නිකාය වලට බෙදී ඒ ඒ නිකාය විසින් අනුදත් ලිළිවෙත පිහිටා මුල් බුදු දහම විවරණය කරනු ලැබිණි. මේ පරස්පරතාව වටහා ගත් රජතුමා විවිධ නිකායික පරස්පර විරෝධී මත නිරාකරණය කොට බුදු වදන එහි පෙර පැවති උත්තරීතර තත්ත්වයට යළි නගා සිටුවීමට ද, ත්‍රිපිටක ධර්මය ඒ නිකායාගත පිළිගත් ප්‍රතිපත්ති මත විස්තර කිරීමට ද අදහස් කළේ ය. රජුගේ ඒ අභිමතාර්ථය එකල සුපතල භික්ෂුවක් වූ පාර්ශ්ව තෙරණුවන් වෙත ප්‍රකාශ කළේ ය. රජතුමාගේ අදහසට එකගතාවය දැක්වූ පාර්ශ්ව තෙර වසුමිත්‍ර තෙරුන් සමග සාකච්ඡාකොට කාශ්මීරයේ දී ධර්ම සංගායනාවක් පැවැත්වීමට අවශ්‍ය විධිවිධාන සැලසී ය. රජතුමා පූර්ණ සහය ප්‍රධානය කළේ ය. ඊට විවිධ නිකායික භික්ෂූ හු පන්සිය නමක් සහභාගී වූහ.
කණිශ්ක රජු විසින් සංවිධානය කළ සංගායනාවට සහභාගී වූ පිරිසගෙන් වැඩිදෙනා සර්වාස්තිවාදීන් බව අප විසින් අමතක නොකළ යුතු ය. සංගායනාවට රැස් වූ භික්ෂූන් වහන්සේ ත්‍රිපිටක ධර්මය පිළිබදව වූ මතභේද නිරාකරණය කරගැනීමට උත්සුක වූහ. මෙහි දී විනය, සූත්‍ර හා අභිධර්ම යන පිටක තුන සදහා විස්තරාත්මක ව්‍යාඛ්‍යාන ග්රන්ථ (අට්ඨකථා) සම්පාදනය කිරීම ද සිදු විය. ඒ ග්රන්ථ විනය විභාෂා ශාස්ත්‍ර, උපදේශ ශාස්ත්‍ර හා අභිධර්ම විභාෂා ශාස්ත්‍ර යන නම් වලින් හැදින් වෙයි. ඒ එක් එක් ග්රන්ථයක් ශ්ලෝක ලක්ෂයකින් සමන්විත වෙයි.
සංගායනාව අවසන කණිෂ්ක රජතුමා ඒ ග්රන්ථ තඹ පත්ඉරු වල ලියවා, සෙල්මුවා මඤ්ජුසාවල බහා, ඒ සදහා ම තනවන ලද ස්තූපයක තැන්පති කරවූයේ ය. ඒ ධර්මගුන්ථ ආරක්ෂා කරන ලෙසත්, මිථ්‍යා ලබ්ධිකයන් විසින් රටින් බැහැර පැහැරගෙන යාමට ඉඩ නොලැබෙන ලෙසත් යක්ෂයන් අණකරවා රැකවරණ සැළැස්වූයේ ය. එසේම ඉගෙනීමට අවශ්‍ය වු කෙනෙකුට කාශ්මීර දේශයෙන් බැහැර නොකොට එහිදී ම ඒවා පරිහරණය කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසන ලදි. මේ ධර්ම සංගීතියේ දී ලියූ විභාෂා ග්රන්ථ වල චීන පරිවර්ථන සුරක්ෂිත ව පැවැතීම බෞද්ධයනට ඉමහත් සැනසිල්ලකි. සංස්කෘත භාෂාවෙන් විරචිත විභාෂා ග්රන්ථ අතුරෙන් දැනට චීන බසින් ශේෂ ව ඇති අභිධර්ම මහා විශාෂාව, බෞද්ධ දර්ශනය පිලිබද ව විශ්ව කෝෂයක් සේ උගත්තු සලකති. ශ්‍රී ලංකාවේ වංශකථාකරුවෝ කණිෂ්ක සංගායනාව නො සලකා අත්හල හ. එසේ කරන්නට ඇත්තේ සංගීතියේ දී තහවුරු වූයේ සර්වාස්තිවාදී සම්ප්‍රධායට අයත් ධර්ම විවරණ නිසා වනිනට ඇත. ශ්‍රී ලාංකික තෙරවාදීහු ඔවුන්ගේ විවරන ධර්මානුකූල යැයි නො පිළිගනිති.
හියුංසියෑං සදහන් කරන පරිදි මේ සංගායනාව පවත්වා ඇත්තේ කාශ්මීරයේ දී ය. කාශ්මීරයේ සර්වාස්තිවාද භික්ෂුහු ප්‍රභල ව වාසය කළහ. සංඛ්‍යා වශයෙන් මෙන් ම ශක්තිය අතින් ඔවුහු සෙසු භික්ෂුන් අබිබවා ඉදිරියෙන් සිටිය හ. මේ සංගායනාවට රහතුන් වහන්සේලා පන්සිය නමක් ද, බෝධිසත්වවරු පන්සිය දෙනෙක් ද, සාමාන්‍ය බුද්ධිමතුන් දෙසිය පනස් දෙනෙක් හෝ එක් දහසක් සම්බන්ධ බව බූ-ස්ටෝන් කිය යි. විවිධ නිකාය වලට අයත් ග්රන්ථ සියල්ල බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා සේ පිළිගෙන ද ඇත. මේ සංගායනාවෙහි දී මුළු ත්‍රිපිටකයම ලේඛනගත කළේ ද, නො එසේ නම් මීට පෙර ලේඛනගතව පැවති කොටසක් සංශෝධනය කළේ ද යන්න පිළිබද ව තාරනාථ සිය කෘතියෙහි ලා මත විමසුමක් කරයි.
විභාෂාග්රන්ථ
වසුබන්දු තෙරුන්ගේ චරිත කථාව ලියූ පරමාර්ථ, මේ සංගායනාව සම්බුද්ධ පර්නිර්වාණයෙන් පසු පස් වැනි ශත වර්ශයේ විශිෂ්ට දාර්ශනිකයකු වූ කාත්‍යායනී පුත්‍රගේ උද්යෝගයෙන් කාශ්මීරයේ දී පැවැත් වූ බව සදහන් කරයි. මේ වකවානුවෙහි ශ්‍රාවස්තියට අයත් සංකේත නුවර කීර්තිධර බෞද්ධ ලේඛකයකු වූ අශ්වඝෝෂ හිමියෝ වාසය කලහ. සටහන් වශයෙන් පැවති ඉහත සදහන් කළ විභාෂා (අටුවා කතා) ශාස්ත්‍රීය ලේඛන බවට සැකැසීම උන්වහන්සේට පවරණ ලදි. විවිධ සම්ප්‍රධායන් විසින් ‘වෛභාෂික’ යන නාමය සර්වාස්තිවාදයට භිවිතා කරන ලද්දේ විභාෂා ශාස්ත්‍රයන් ඉගැන්වීම් විශයෙහි මොවුන් සුවිශේෂ අවධානයක් යොමු කල බැවිනි. විභාෂා පිළිගත්තෝ වෛභාෂිකයෝ වූහ. සූත්‍ර ගැන එතරම් ඇල්මක් නොදැක්වූ ඔවුහු සර්වාස්තිවාද සම්ප්රධායයේ මූලධර්ම සේ සැළකෙන, විශේෂයෙන් ෙබෟද්ධ දර්ශනය පිළිබද විශ්වකෝෂයක් බදු මහා විභාෂා ශාස්ත්‍ර (අභිධර්ම අට්ඨකථා) කෙරෙහි අධිමාත්‍ර භක්තියක් දැක්වූහ. මේ විභාෂා ශාස්ත්‍ර, කාශ්මීරයේ කොතරම් විශිෂ්ට ස්ථානයක් උසුලන්නේ ද යත් ඒ පිළිබද විශාරදයා සාමාන්‍යයෙන් චීන බසින් ‘විභාෂාෂී’ හෝ ‘කාශ්මීර්ෂි’ යනුවෙන් හැදින්වෙන බව සදහන් කළ යුතුය. දක්නට ලැබෙන ඓතිහාසික සාධක අනුව මේ ධර්ම සංගායනාව සපුරා සර්වාස්තිවාද නිකායිකයන්ගේ එකක් බව පැහැදිළි ය. මේ අනුව, කණිෂ්ක සමයේ වූ සංගායනාව විවිධ නිකායන්හි එකිනෙකට ප්‍රතිවිරුද්ධ මතිමතාන්තරවල එකග බවක් ඇති කිරීමට උත්සාහ ගන්න ඇත. එහෙත් සියළු නිකායිකයන්ගේ එකග බවක් පළ වී සාමුහික ව පිළිගත් ධර්මය සජ්ඣායනා කොට සම්මත කරගත් බවක් ගැන විශ්වාස කළ නොහැකි ය. මෙය හුදෙක් සර්වාස්තිවාද නිකායේ ශාස්ත්‍රීය හා ආගමික ක්‍රියාදාමය හුවා දක්වන්නකි. එහෙත් බෞද්ධ ඉතිහාසය හා සාහිත්‍යය පක්ෂයෙන් බලන කල මේ සංගායනාව අතිශයින් වැදගත් තැනක් උසුලන බව නොකියා ම බැරිය.