ධර්මාශෝක අධිරාජයා: බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තිය
අශෝක රජතුමා ස්වදේශයෙහි මෙන් ම විදේශයන්හි ද ධර්ම ප්රචාරක කටයුතු කෙරෙහි විශේෂ අවධානය යොමු කල බව දක්නට ලැබෙයි. ධර්ම ප්රචාරක සේවාව මගින් එතුමා අද ද ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙ යි. රජතුමාගේ ධර්ම ප්රචාරක සේවා කටයුතු කොටස් දෙකකට බෙදා හැදෑරීම පහසු ය. භාරත ාද්ශය ඇතුළත සිදු කල ධර්ම ප්රචාරක කටයුතු (අ) දේශීය ධර්ම ප්‍රචාරය වශයෙන් ද සිය මිත්‍ර රජදරුවන්ගේ රාජ්‍යයන්හි සිදු කල ධර්ම ප්රචාරක කටයුතු (ආ) විදේශ ධර්ම ප්‍රචාරය වශයෙන් ද හදුනා ගත හැකි ය.
සිය රට වැසියාගේ දෛනික දිවි පැවැත්ම උදෙසා රජතුමා සදාචාරාත්මක යහ ගුණ ප්‍රකාශිත පාඨ ඇතුළත් ලේඛන පොදු නාමයක් යටතට ගොනු කළ හ. ඒ අනුව ඒ සියළු ඉගැන්වීම් ‘අශෝක ධර්මය’ වශයෙන් හැදින්වෙ යි. රටවැසියා තුළ ගුණයහපත්කම් හා සදාචාරාත්මක දිවි පෙවෙතක් ඇති කරලීම අශෝක ධර්මයේ මූලික අපේක්ෂාව විය. එතුමා මේ සදාචාරාත්මක ඉගැන්වීම් සිය අධිරාජ්‍යය පුරා ම ව්‍යාප්ත කරලීමට උත්සුක වූයේ ය. රජතුමාගේ ධර්ම ප්රචාරයේ ප්‍රධානත ම හා ප්‍රබල ම අංශය වූයේ දේශීය ධර්ම ප්‍රචාරය බව ශිලා ලේඛනවලින් ප්‍රකට වෙ යි.
අශෝක ධර්මය
සිය අධිරාජ්‍යයට සමීප රටවල හා සිය මිතුරු රජුන්ගේ රටවල සංස්කෘතික දූත මෙහෙවර මගින් අශෝක ධර්මය ප්‍රචාරය කළේ ය. සිය දේශනා ඉර හද පවත්නා තෙක් ද, තමාගේ දරු මුණුබුරන් ආදී කොට මතු දවස ඇති වන පරම්පරා ද කල්ප කාලාන්තරයක් මුළුල්ලේ පවතිවා’ යි එතුමා අවංකවම ප්‍රාර්ථනා කළේ ය. යම් තාක් කල් මනුෂ්‍ය සමාජයේ සාමය හා සදාචාරය ආරක්ෂා වන්නේ යයි එතුමා සදහන් කර ඇත. මේ නිසා රජතුමා ධර්ම ප්‍රචාරය සදහා මෙන්ම ඒ ධර්මයෙහි පැවැත්ම සදහා පුළුල් ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ බව දක්නට ලැබෙයි.
අද මෙන් එදා සජ්නිවේදන මාධ්‍යයන් නො පැවති බව අපි දනිමු. රජුගේ අනුශාසනා ජනතාව අතර ප්‍රචාරය කරනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ශිලා ලිපි මගිනි. අධිරාජ්‍ය සුවිශාල භූමි ප්‍රදේශයක පැතිර පැවති නිසා සැම ප්‍රදේශයක ම එක සේ ධර්ම ප්‍රචාරය සිදු කළ නො හැකි විය. රජතුමා මඑය මනාව වටහා ගෙන තිබිණි. දහ හතර වැනි ගිරි ලිපියෙහි මෙලෙස සදහන් වන්නේ එ බැවිනි.
“රාජ්‍යය විශාළ ය. බොහෝ (ලිපි) ද ලියන ලදි. සැම විට ම ලියවන්නෙම් ද වෙමි. ජතයා එසේ පිළිපදින පරිද්දෙන් ඒ ඒ කාරණයේ මිහිරි බව ඇති වීම සදහා නැවත නැවත කියන ලද්දේ ද ඇත. එහි කිසියම් අසම්පූර්ණ බවක් හෝ ලිවීමේ දෝශයක් හෝ සැකයට කරුණක් හෝ ඇත්නම් ලියන්නාගේ වරදකැ’යි සලකත්වා!”
ස්වාභාවිකව පිහිටි පර්වත මත බොහෝ ලිපි කොටවනු ලැබිණි. බොහෝ ජනයා ගැවසෙන ස්ථානවල මහජනයාට කියවීමට හැකි වන පරිදි ‘ධර්ම ස්ථම්භ’ නමින් හැදින්වුණු කුළුණු ඉදි කොට ඒ මතුපිට ලිපි කොටවන ලදි. එසේම ඇතැම් තන්හි පිහිටි ගල් ටැම් හා ගල් පුවරු මත දිගුකල් පැවැත්ම සදහා දහම් ලිපි ලියැවනු ලැබිණි. මේවා එක් එක් ස්වරූපය දැරූ නිසා ඒවායෙහි බොහෝ විට කෙටි ලිපි ලියවන ලදි. සමහර ඒවායෙහි මධ්‍යම ප්‍රමාණයේ ලිපි ද සමහරක විස්තර සහිතව ද ලිපි කොටවා ඇත. මේ ලිපි එක් එක් ස්වරූපය නිරූපණය කරන්නේ ඒ ස්ථාන වල ඉඩ ප්‍රමාණයට සරිලන පරිදි සකසා ලිපි ලිවීමට සිදු වූ නිසා ය.
“මහාලකෙහි විජිතෙ. බහු ච ලිඛිතෙ. ලෙඛාපෙශාමි චෙව නිත්‍යං අථි ච හෙතා පුනං පුන ලපිතෙ තෂ තෂා පටිපචෙයා. ෂෙ ෂියා අත කිඡි අසමති ලිඛිතෙ දිෂා වා ෂංඛාය කාලනං වා අලෝචයිතුං ලිපිකලපලාධෙන වා”
රජතුමා වඩා වැදගත් සේ සැළකූ ලිපිවල පිටපත් විවිධ ස්ථාන වල පිහිටුවන ලදි. සාරානාථ ලිපිය එබන්දකි. රූපනාථ ලිපියේ අවසන දිශා ප්රයාණයේ යෙදුණු රජතුමා එහි ඇතුළත් කරුණු දෙසිය පනස් වරක් (250) ප්‍රචාරය කළ බව සදහන් කර යි. යෙරර්ගුඩි1 ලිපියෙහි අඩංගු දේශන දෙසිය පනස් හයවරක් (256) පුකාශ කල බව සදහන් වෙයි.
අශෝක ධර්මය රට තුළ ව්‍යාප්ත කරලීම වස් විශේෂ නිලධාරි පිරිසක් පත් කරනු ලැබිණි. අභිෂේකයෙන් තෙළෙස් වැනි වසරේ දී පත් කල මේ නිළධාරි පිරිස ‘ධර්ම මහාමාත්‍ර’ යන නාමයෙන් හදුන්වන ලදි. මේ පිරිස අශෝක ධර්මයේ ප්‍රචාරකයන් මෙන්ම ආරක්ෂකයන් ලෙස ක්‍රියා කරන්නට ඇතැ’යි සිතිය හැකි ය. ධර්ම මහාමාත්රවරු පැවිදි උතුමන් විශයෙහි ද ආගමික පූජ්‍යයන් විශයෙහි ද බෞද්ධ භික්ෂූන්ගේ කටයුතු කෙරෙහි ද නිරත වනු පිණිස පත් කරනු ලැබූ හ. දොළොස් වන ගිරි ලිපියෙහි මොවුන් වෙත පැවරූ රාජකාරි කවරේ දැ’යි සදහන් වෙ යි.
“බොහෝ දෙනෙක් ෙම් කාරණයෙහි ව්‍යාවෘත වූවාහු ය. එ නම් ධර්ම මහාමාත්‍රයෝ ද, ස්ත්‍රීන් පිළිබද කටයුතු භාර මහාමාත්‍රයෝ ද, ගවගාල් පිළිබද කටයුතු භාර නිළධාරීහු ද යන මොහු ය. ඒවායේ ඵලය නම් ස්වකීය සමයේ වැඩීම හා ධර්මයේ බැබලීමත් වීම ය .”
රාජකාරී කටයුතු සදහා ගම් නියම්ගම් දනව්හි සැරිසරන නිළධරයන්ට ඊට අමතරව ධර්ම ප්රචාරක කටයුතු ද පැවරිණි.මේ සියලු පිරිස සමාජ සුභසාධක සේවා නිලධාරීන් සේ සැලකීමට පුළුවන. මුළු රාජ්යම ආවරණය වන පරිදි පත් කල නිලධාරී පිරිසක් ද වූයේ ය. ඔවුන් යුක්ත, රජ්ජුක හා ප්‍රාදේශික යන නම් වලින් හැදින්විණි. මොවුහු වසර පහකට වරක් රාජකාරී කටයුතු සදහා මෙන් ම ධර්මානුශාසනය සදහා ද සංචාරයට පිටත්ව යා යුත්තා හ. එ කරුණු තුන්වැනි ගිරි ලිපියෙහි මෙ ලෙස සදහන් වෙයි.
“අභිශේක කල දොළොස් වස් ඇති ම විසින් මෙය පනවන ලදි.මුළු රාජ්‍යයෙහි මාගේ යුක්ත, රජ්ජුක, ප්‍රාදේශික (=යුතා, ලජුකේ, පාදෙශිෙකයෙන නිලධාරිහු වර්ෂ පසකට වරක් (=පංචසු පංචසු වසෙසු) බැගින් සෙසු රාජකීය කටයුතු සදහා මෙන් ම මේ ධර්මානුශාසනය (=ධංමනුස) සදහා සංචාරයට පිටත්ව යත්වා!”
ධර්ම ප්‍රචාරය
සිය දහම පොදු මහ ජනතාවට මනාව වටහා දිය යුතු යැයි විශේෂයෙන් ම රජ්ජුකයන්ට හා රාජ පුරුෂයන්ට නියෝග කොට ඇත. “යම් සේ රාජ පුරුෂයෝ ද බොහෝ ජනයා කෙරෙහි අයත් වූවාහු ද ඒ ඔවුන් හාත්පසින් පහදා කියව් යැයි අණවන ලද හ.” (7 ටැම් ලිපිය)
රාජ පරිපාලන සේවාවට සම්බන්ධ සියළු ම නිලධරයන් ධර්ම දානයේ යෙදිය යුතු යැයි නියෝග කොට ඇත. (12 ගිරි ලිපිය)
අශෝක ධර්ම ප්‍රචාරය සදහා අවශ්‍ය නිලධාරීන් පුහුණු කළ බව සිතීමට ඉඩ ඇත. මේ පිරිස සැඩ පරුෂ නොවූ අතර ආචාර සම්පන්න මුදු මොළොක් වූයේ ය. මොවුහු අගනගරය පමනක් නොව ගම්දනව් සිසාරා දිශා ප්‍රයාණයෙහි නියුක්ත වූහ. කාලිංග ලිපි 1 හි උදේනියෙන් දතක්ෂිලාවෙන් ද නිලධාරීන් හා මහාමාත්‍රයන් පිටත් කල බව සදහන් වී ඇත. මේ සියළු මහාමාත්රවරු ප්‍රත්‍යන්ත රාජ්‍ය වල වැසියන් අස්වැසීම සදහා ද ධර්මයෙහි හැසිරවීම සදහා ද හාරමාසයනට වරක් රැස් වූහ. (මේ ලිපිය සාරමාසයකට වරක් ඇසිය යුතු ය, කාලාංග ලිපි 1)
ධර්ම ප්රචාරයේ එක් අංගයක් ලෙස ධර්ම දේශනා පැවැත් වීමද සිදු විය. හත්වන ටැම් ලිපියේ සදහන් වන පරිදි එක් ස්ථානයකට රැස් වූ විශාළ පිරිසකට කථිකත්වය ඇත්තකු විසින් ධර්ම දේශනය පැවැත්වීම සිදු විය. රජතුමා විසින් අනුමත කළ ධර්ම කරුණු ජනයාට ප්‍රගුණ වු පසු සමාජය ශිෂ්ට වන බව රජුගේ විශ්වාසය විය.
“බණ ඇස්වීම් අස්වමි. ධර්මානුශාසනයන් අනුශාසනා කරමි. මෙය ජනයා අසා අනුව පිළිපදිත්, වැඩි දියුණු වෙත්, ධාර්මික දියුණුවෙන් ද දැඩි ව වැඩෙත්. මෙය සදහා ම විසින් බණ ඇස්වීම් අස්වන ලදි. විවිධ වූ ධර්මානුශාසනයන් නියම කරන ලදි.”(7 ටැම් ලිපිය) එ කල පැවති සන්නිවේදන මාධ්‍යයන් අනුව මෙය අතිශය සාර්ථ ක්‍රමය වූවාට කිසිදු සැකයක් නොමැත.
ධර්මාශෝක රජතුමා ම දිශා පුයාණයේ නිරත වෙමින් රටවැසියාට ධර්මය (= අශෝක ධර්මය) පැහැදිලි කොට දුන්නේ ය. සමහර සෙල්ලිපි වල සදහන් වන පරිදි රජතුමා එකම කරුණ නැවත නැවත අවධාරණයෙන් යුතුව නොයෙක් වර ප්‍රකාශ කලබව සදහන් වෙයි. ධර්ම දේශනා ක්‍රමය අනුව එකම කරුණ විවිධ ස්ථාන වලදී නැවත නැවත ප්‍රකාශ කිරීමට සිදුවීම ස්වාභාවික ය. රජතුමා විසින් ම තෝරාගත් සදාචාරාත්මක උපදේශ සිය චාරිකාවන්හි දී ජනතාවට කාවැද්දීමට ප්රයත්න දැරූ බව පැහැදිළිව දක්නට ලැබෙන්නකි. බුද්ධ ධර්මයෙහි ආචාර ධර්ම පදනම් කොට ගෙන අශෝක අධිරාජයා විසින් පිළියෙල කරගත් අශෝක ධර්මය මගින් භාරතය තුල ප්‍රභල ධර්ම දූත මෙහෙවරක් සිදු වූබව ඓතිහාසික වශයෙන් පිළිගැනීමට කිසිදු බාධාවක් නොමැත. අශෝක රජතුමාගේ ශිලා ලේඛන (=රූපනාත,සරානාත, යෙරර්ගුඩි 1, කාලිංග ලිපි 1,7,12,14,16 වැනි ලිපි) තැන්පත්ව හදාරන කල මෙය මැනවින් ප්‍රකට වෙයි. රාජාභිෂේකයෙන් විසිහත් වැනි වසරෙහි කළ 13 වැනි ගිරි ලිපියෙහි ඔහු ධර්ම ප්‍රචාරය කල ස්ථාන වල නාමාවලියක් දක්නට ලැබෙයි. එහි ස්ථාන දහ අටක්(18) නම් කර ඇත. ඒවායින් ස්ථාන (13) ඉන්දියාවේ විවිධ ප්‍රදේශ ය. ඉතිරි ස්ථාන විදේශ රටවල් ය. ඒවා මෙසේ යි:
දේශීය ධර්ම ප්‍රචාරය
1
හිද
ඉන්දියාවේ මගධ දේශය මෙයින් අදහස් කලා විය යුතු ය.
2අතෙෂු දේශ සීමා ප්‍රදේශ මින් සලකන්නට ඇත. 3අතියොග සිරියාවේ විසූ Antiochos (ක්‍රි .පූ. 261-246) ග්‍රීක රජුගේ රාජ්‍යය මින් අදහස් කලා විය හැකි ය. 4තුලමයේ මිසරයේ Ptolemy ii Philadelphas (ක්‍රි.පු. 285-247) රජුගේ රාජ්‍යය යි. 5අංතෙකිනේ මැසිඩෝනියාවේ Antigonus Gonatus(ක්‍රි.පූ. 276-239)රජුගේ රාජ්‍යය යි. 6චකා බටහිර මිසරයේ Magas (ක්‍රි.පූ.300-258) රජුගේ රාජ්‍යය යි. 7අලික්යුෂුදලෙ එව්රස්හි Alexander (ක්‍රි.පූ.272-258) රජුගේ රාජ්‍යය යි. 8 චෝඩ ඉන්දියාවේ චෝල රාජ්‍යය යි. 9 පණ්ඩියා ඉන්දියාවේ පාණ්ඩ්‍ය රාජ්‍යය යි. 10 තංබ පණ්ණී
දකුණු ඉන්දියාවේ තාම්ර පර්ණී ප්‍රදේශය යි. 11 යෝන ග්‍රීක වරුන්ගේ පාලනය යටතේ පැවති ඉන්දියාවේ ප්‍රදේශ මෙයින් අදහස් කළා විය යුතුය. 12 කාංබෝඩ කාම්බෝජය යි. 13 අධ ඉන්දියාවේ ආන්ද්‍ර රාජ්‍යය යි. 14 තාභක ඉන්දියාවේ ම ස්ථානයක් සේ සැලකේ. 15 පාලද ඉන්දියාවේ පුලින්ද ජනපදය යි. 16 නාගපංති ඉන්දියාවේ ස්ථානයක් සේ සැලකේ. 17 භෝජ ඉන්දියාවේ ස්ථානයක් සේ සැලකේ. 18
පිතිනිත්ය ඉන්දියාවේ ස්ථානයක් සේ සැලකේ.
දහතුන් වැනි ගිරි ලිපියෙහි මේ ප්‍රදේශයන්ට ධර්ම දූතයන් ගිය බව පැහැදිලිව සදහන් කොට ඇත. ඒ ධර්ම දූතයන්ගේ අනුශාසනා ඒ ප්‍රදේශ වාසීන් මනාව පිලිගත් බවද පවසා තිබේ. මේ ධර්ම දූතයන් බුද්ධ ධර්මය නොව බුද්ධ ධර්මයෙහි අන්තර්ගත සමාජ ධර්ම හා ආචාර ධර්ම පදනම් කොට සකසාගත් අශෝක ධර්මය ප්‍රචාරය කල බව පිළිගත යුතු වෙයි. එමගින් බුදු දහම පිළිබද ව ද අවබෝධයක් පැතිර ගියාට සැකයක් නැත.
නවරට ධර්ම ප්‍රචාරය
අපේ වංසකතා වාර්ථාවන්ට අනුව තුන්වන ධර්ම සංගීතියෙන් පසු බුද්ධ ධර්මය ප්‍රචාරය කිරීම අශෝක රජතුමාගේ පූර්ණ අනුග්‍රහයෙන් සිදු වූ ඉතා විශිෂ්ට ඓතිහාසික සේවාවකි. මේ ප්රචාරක කාර්යයෙහි අනුශාසකත්වය හා ප්‍රධානත්වය මොග්ගලීපුත්ත තිස්ස තෙරණුවෝ ඉසුලූහ. මේ ධර්ම ප්රචාරක ව්‍යාපාරයෙහි ලා ප්‍රදේශ නවයකට ධර්මදූතයෝ යවනු ලැබුහ. ධර්මධර විනයධර ප්‍රභල තෙර නමකගේ නායකත්වය යටතේ පහත සදහන් දේශවලට භික්ෂූන් වහන්සේ යවනු ලැබූහ.පහත දැක්වෙන්නේ ඒ රටවල් හා ඒ දූත පිරිසේ නායකත්වය දැරූ තෙරවරුන් ය.
රට
ප්‍රධානත්වය
1
කාශ්මීර- ගන්ධාර (පේෂ්වාර් හා රාවල්පිණ්ඩි දිස්ත්‍රික්ක ලෙස සැලකෙ යි.)මජ්ඣන්තිකතෙරණුවෝ 2මහිස මණ්ඩල(මාහිස්මතී, වින්ධ්යාකදුවැටියෙන් දකුණු
දිග පෙදෙසකි.මයිසූර් පෙදෙස)මහාදේව තෙරණුවෝ 3 වනවාසදේශය (උතුරු කතාරා)
රක්ඛිත තෙරණුවෝ 4 අපරන්තදේශය (ඇල්ලෝරා, ගරුකච්ඡ, සුප්පාරක ආදිය ඇතුළත් බටහිර පෙදෙස)යෝනක ධම්මරක්ඛිතතෙරණුවෝ 5මහාරට්ඨ (මහාරාෂ්ට්‍ර)
මහා ධම්මරක්ඛිත තෙරණුවෝ
6 යෝනක (විදෙශික ජනාවාස ඇතුළත් වූ වයඹ දිග දේශසීමා ප්‍රාන්තය)මහා රක්ඛිතතෙරණුවෝ 7 සුවන්න භූමිය (ඇතැමෙක් මෙය බුරුම දේශය ලෙස ද ඉන්දියාවේම නැගෙනහිර පෙදෙසක්
ලෙස සලකති.)සෝණ හා උත්තරතෙරවරු 8 හිමවන්ත ප්රදේශයමජ්ඣිම තෙරණුවෝ
9
තම්බපණ්ණී (ශ්‍රී ලංකාව)
මහාමහින්දතෙරණුවෝ
නව රට ධර්ම ප්‍රචාරය සදහා පිටත්ව ගිය දූත පිරිසට ප්‍රධාන තෙරණුවන් ඇතුළුව පස්නමකට වැඩි උපසම්පදා භික්ෂු පිරිසක් අයත් වූ බව පෙනේ. උපසපන් භික්ෂූන් පස් නමක් වූ කල ප්‍රත්‍යන්ත දේශයන්හි භික්ෂු විනය කර්ම ඉටුකල හැකිය. උපසපන් භික්ෂූන් වහන්සේ සිවු නමකට වැඩි වූ කල සංඝත කිරීම් කල නො හැකි ය. මේ ශාසනික අවශ්‍යතාව සැලකිල්ලට ගත් මොග්ගලීපුත්තතිස්ස හිමියෝ සියව දූත කණ්ඩායමක් ම උපසපන් භික්ෂූන් වහන්සේලා පස් නමකගෙන් සමන්විතව යැවීමට ප්‍රවේශම් වී ඇත. දැනට අපට ලැබී ඇති වාර්ථා අනුව මේ ධර්ම ප්රචාරක මෙහෙවර සර්වප්රකාරවම සාර්ථක වී ඇත.
සංස්කෘතික දූත මෙහෙවර
ඓතිහාසිකව තොරතුරු පරීක්ෂා කරන කල මේ ධර්ම දූත මෙෙහවර ආකස්මිකව සිදු වුවක් නොම වෙයි. ඊට සාර්ථක නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව දැක්විය හැකිය. මහාමහින්ද තෙරණුවන් ප්රමුඛ බෞද්ධ ධර්ම දූත මෙහෙවර සිදු වන්නේ මාස ගණනාවක් තුළ ශ්‍රී ලංකාවත් අශෝක අධිරාජයාත් අතර සිදු වූ සංස්කෘතික සබදතාවන්හි ප්‍රතිථල වශයෙනි. මහින්දාගමනය පිළිබද මූලාශ්රයන් හි ඇතුළත් තොරතුරු කැටි කොට ගත් කල රාජ්‍ය දෙක අතර මාස කිහිපයක තානාපති නිළ සාකච්ඡා සිදු වීමෙන් පසු එම ගමන සිදු වූ බව ඉතා පැහැදිළි ය. මහින්දාගමනයට පෙර අරිට්ඨ ප්රමුඛ රාජ දූත පිරිසක් ඉන්දියාවට ගොස් ඇත. ඔවුහු පාඨලීපුත්ර නගරයෙහි මාස තුනක් වාසය කලහ. තුන් වැනි ධර්ම සංගායනාවෙන් පසු මහින්ද දූත පිරිස ද පාඨලීපුත්‍රයේ අශෝකාරාමයේ වාසය කොට ඇත. අශෝක රජුගේ පූර්ණ අනුග්‍රහය මේ දෙපිරිසට ම සැලසිණි.
තෙවැනි ධර්ම සංඝීතියෙන් පසු ඒ ඒ රටවලට ධර්ම දූත කණ්ඩායම් යැවීම, මහාමහින්ද තෙරණුවන් ශ්‍රී ලංකාවට වැඩම කිරීමට සූදානම්ව සිටීම වැනි තොරතුරු පාඨලීපුත්ර අගනුවර පමණක් නොව අශෝකාධිරාජ්යය පුරාම පැතිරී යන්නට ඇත. පැළලුප් නුවර අශෝකාරාමයේ මාස පහක් නතර වී සිට පෙරළා මෙහි පැමිණි අරිට්ඨ ඇමතිවරයා ප්රමුඛ දූත පිරිසෙන් අශෝක අධිරාජ්‍යයේ සිදු වූ තොරතුරු දේවානම් පියතිස්ස රජු ඇතුළු රාජකීයයන්ට දැනගන්නට ලැබෙන්න ඇත. ලක් රජුගේ අභිෂේකය සදහා මෞර්ය අධිරාජයා පරිෂ්කාර එවූ බවත්, ඒ අනුව අභිෂේකය සිදු කල බවත් සදහන් වෙයි. මිස්සක පවුව මතදී මහාමහින්ද තෙරණුවන් තමන් ඇතුළු පිරිස හදුන්වනවාත් සමග පෑතිස් නිරිදු ඒ සන්නිවේදනය වටහා ගත්තේ ය. තෙමේ ද බුදුන් දහම් සගුන් සරණ යමින් බුදු දහම වැළද ගත්තේ ය. මේ ක්ෂණික ක්‍රියා පද්ධතිය සිදු වීමටත්, තදනන්තර ව බුදු සමය සිරිලක මුල් බැස ගැනීමට කටයුතු යෙදීමටත් දේවානම් පියතිස්ස රජතුමා ඇප කැප වූයේ ය. මේ සකලවිධ ක්‍රියාවලිය මෞර්ය අධිරාජ්‍යාත් ශ්‍රී ලංකාවත් අතර මාස කිහිපයක් තුල සිදු වූ සංස්කෘතික නිල සාකච්ඡාවල ප්‍රතිඵල සේ සැලකිය යුතු වෙයි. ශ්‍රී ලංකාවට වැඩම කල දූත පිරිස පිළිබද නිගමනයට ඒමට මෙබදු ඓතිහාසික වාර්ථා තිබීම භාග්‍යයකි. කෙසේ වුව ද ශ්‍රී ලංකව ආශ්‍රිතව සිදු වූ ක්‍රියාවලිය මෙන් සෙසු රටවලට බුදුසමය හදුන්වා දීම ද එසේම වූවාට කිසිදු සැකයක් නැත. මෞර්ය අධිරාජ්‍යයේ බලමහිමයත් කීර්තියත් දසත පැතිර පැවති නිසා භාරතීය ධර්ම දූත පිරිසක් භාර ගැනීමට එදා කවර රටක් වුවද අකමැති නොවන්නට ඇත.
ඓතිහාසික සාධක
මේ ධර්ම ප්රචාරක කටයුතු පුරා විද්‍යාත්මක තොරතුරු වලින් හා විවිධ කැණීම් වලින් තහවුරු වී තිබේ. ආචාර්ය කනිංහැම්ගේ වාර්ථාවන්හි සාංචි ස්ථූප වලට අයත් දෙවැනි ස්ථූපයේ කරඩුවක සටහන් වී තිබූ නම් කිහිපයක් දක්වා තිබේ. ධාතු කරඩුවේ ඇතුළු පියනේ “සපුරිස මජ්ඡස” යනුවෙන් සදහන් වෙ යි.ඉතිහාසඥයෝ “සත්පුරුෂ වූ මජ්ඣිම තෙරුන්ගේ ධාතු” යනුවෙන් එය හදුන්වති. මහාවංශයේ දොළොස්වෙනි පරිච්ඡේදයේ වාර්ථාවට අනුව මජ්ඣිම තෙරණුවන් හිමාලය ප්‍රදේශයේ ධර්ම ප්‍රචාරය සදහා වැඩම කල දූත පිරිසේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ යි. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු ලත් ධාතු මෙහි තැන්පත් කලා විය යුතුය. ඉහත සදහන් ස්ථූපයෙන් ලැබුණු කරඩුවක පිටිපැත්තේ “ස පුරිස කසප ගොතස හෙම වතාචරියස” යනුවෙන් සදහන් වී ඇත. මේ කස්සපගොත්ත හිමියෝ හිමාලයට වැඩම කල මජ්ඣිම තෙරණුවන්ගේ සහයක තෙරණුවෝ ය. දීපවංසකථා වාර්ථාවන්ට අනුව එය සනාත වෙයි. සාංචියෙන් ලත් තවත් කරඩුවක “දදභිසාර ගොටිපුත්ත” යන නාමය සටහන් වී ඇත. පාලිවංසකථාවන්හි සදහන් හිමාල ප්‍රදේශයට වැඩම කළ ධර්මදූත පිරිසේ වූ දුන්දුභිස්සර තෙරණුවන්ගේ නාමය ලෙස ඉතිහාසඥයෝ මෙය හදුනාගනිති. ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති ක්‍රි.ව. පළමුවැනි සියවසට අයත් ශිලා ලිපියක කියවා ගතහැකි කෙටස් වල ‘ඉදික තෙරහ’, ‘මහිද තෙරහව’ යන නම් හදුනාගත හැකි වෙයි. මෙහි ‘ඉදික තෙරහ’යනු ඉ ත්තිය තෙරණුවෝ ය. මේ අය ශ්‍රී ලංකාවේ ප්‍රථම භික්ෂූන් බවද එහිම සදහන් වෙයි. ඒ අනුව මහා මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රමුක පිරිසේ නම් මෙහි සටහන් වී ඇති බව පිළිගත හැකිය. ඉත්තිය හිමියෝ මිහිදු මාහිමියන්ගේ දූත පිරිසට ඇතුළත් වූහ. මේ හැර ක්‍රි.පූ. දෙවැනි සියවසට අයත් සාංචි කැටයමකින් ශ්‍රී ලංකාවට බුදු සමය ගෙන ඒමේ සිද්ධිය නිරූපණය වන බව බොහෝ ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. මේ අනුව පාලි වංසකථාවල එන ධර්මාශෝක රාජ්‍යය සමයේ සිදුවූ බෞද්ධ ධර්මය ප්‍රචාරය පිළිබද තොරතුරු විශ්වසනීය වෙයි. කෙසේ වුවද ශ්‍රී ලංකාවට පැමිණි මිහිදු මාහිමියන් ප්‍රධාන ධර්ම දූතයන් ගැනත්, ඔවුන්ගේ ධර්ම දූත ව්‍යාපාරයන් ගැනත් අංග සම්පූර්ණ විස්තරයක් පාලි අට්ඨකථා වලින් හා වංසකථා වලින් අපට ලැබෙන නමුත් සෙසු රට වලින් එවැනි විස්තර නොලැබීම අභාග්‍යයකි. _අශෝක රජු දවස සිදුවූ ධර්ම සංගීතියෙන් තහවුරු කරන ලද්දේ ථෙරවාද විභජ්ජවාද භික්ෂු පරපුර අනුදත් ධර්ම සාහිත්‍යය යි. සංඝශෝධනය මගින් පිරිසිදු කරන ලද්දේ ථෙරවාදය සංරක්ෂණය කොට ගැනීම සදහා ප්රයත්න දැරූ සංඝ සමාජය යි. මිහිදු මාහිමියන් ශ්‍රී ලංකාවට රුගෙන ආවේද අශෝක රජුගේ දවස සංඝ සම්මුතියෙන් ස්ථාවර වූ ඒ ධර්ම සාහිත්‍ය සහ භික්ෂු සංඝයා යි. ඒ අනුව රටවල් නවයකට ධර්ම දූතයන් යවමින් සිදුකල විදේශීය ධර්ම ප්රචාරක සේවාව මගින් සිදු වූයේ ථෙරවාද විභජ්ජවාද බුදුසමය දේශාන්තර ගත කිරීමය. මේ ධර්ම ප්‍රචාරය ැතිශය සාර්ථ වූ බව ශ්‍රී ලංකාව පමණක් වුවද සැළකිල්ලට ගත් කල සනාථ කල හැකිය .බුදු රදුන් දවස සිට භාරතයට පමණක් සීමා වී පැවති බුදුසමය අශෝක රජු දවස සිදු වූ ඓතිහාසික ධර්ම දූත මෙහෙවර නිසා දේශාන්තර ගත වූ බවත්, එය දේශ- කාල අනුව සුනම්‍යව ව්‍යාප්ත වූ බවත් පැහැදිළි ය. කාලයාගේ ඇවෑමෙන් බුදු සමය ඉන්දියාවේ පරිහානියට ලක් වුවද එය අශෝක රජු දවස විදේශගත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආරක්ෂා වූ බව පිළිගත යුතු ය. අශෝක අධිරාජ්‍යයාගෙන් ලත් මේ උතුම් දහම එය පිඵිගත් රටවල් විසින් සියවස් ගණනාවක් දිවි දෙවනි කොට රැක ගනිමින් ආරක්ෂා කරගෙන ආ අයුරු ශ්‍රී ලංකාව- බුරුමය වැනි රටවල ඉතිහාසයෙන් ප්‍රකට වෙයි.