බුදුසමය හා රජය අතර සබදතාව
ක්‍රි.ව. 1815 දී උඩරට ගිවිසුම මගින් ලක්දිව විජා.ිකයනට යටත් වන තුරුම ශ්‍රී ලංකාවේ සිහසුන ඉසිලූ රජ දරුවන් අතරින් අබෞද්ධයකු සිටියේ කලාතුරකිනි. විදේශයන්ගෙන් පැමින රාජ බලය අලුලා ගත් අය පවා බොහෝ විට බුදුසමය වැළද ගෙන දේශීය පාලකයකු ලෙස ක්‍රියා කරන්නට උත්සාහ ගත්තේ ය.
ක්‍රි.පූ. 3 වන සියවසේ ලක්දිව පාලනය කල දේවානම්පියතිස්ස රජතුමා මිහිදු මහරතන් වහන්සේගෙන් ධර්මය අසා බෞද්ධයකු වූයේ ය. මිහිදු හිමියන් හා රජු අතර වරින් වර සිදු වූ සාකච්ඡාවන්හි ප්‍රතිඵල වශයෙන් ලක්දිව බුද්ධ ශාසනය ස්ථාපිත කිරීම පිළිබද මූලික කටයුතු සම්පාදනය වූයේ ය. රජතුමා මහාමේඝ වනෝද්‍යානය සගසතු කොට පිදීමෙන් ථෙරවාද බුදුසමයේ මූලස්ථානයක අවශ්‍යතාව සපපුරාලී ය. රජතුමා වස්සාන සෘතුවෙ දී මහාසංගයා වහන්සේට වස් විසීමට ආරාධනා කළේ ය. එ මගින් පළමු වරට ප්‍රතිපත්ති ශාසනයේ පිළිවෙත් ක්‍රියාවට නැගීම ඇරඹිණි. භික්ෂූන් වහන්සේගේ පොහෝ පවුරුණු ආදී විනය කටයුතු සදහා රජුගේ මූලිකත්වයෙන් උපෝසතාගාරයක් හා සෙසු විහාරාරාම ගොඩනැංවීමේ මූලික කටයුතු ද රජය මගින් සිදු කරනු ලැබිණි. පළමුව රජ පවුලට සම්බන්ධ කුල කුමරුවන් කිහිප දෙනෙකු මෙහි සසුන්ගත කරවීම ඉතා වැදගත් වෙයි. මෙ බදු සංවිධානාත්මක කටයුතු නිසා ලක්දිව තුළ බුදුසසුනේ මුල් බැස ගැනීම ඉතා ඉක්මනින් සිදු විය.
බුදුසසුන ලක්වැසියාට හදුන්වා දුන් මුල් අවස්ථාවේ දී ම ආගමත් ජාත්යන්ත්රයත් අතර සම්බන්ධය මෙලෙස ශ්‍රද්ධාව හා එ අනුව ගිය ප්‍රජාව මගින් සිදු වූ බව දක්නට ලැබෙයි. ආගම හා රජය අතර සම්බන්ධයට රජුගේ මේ සහභාගීත්වයෙන් ශක්තිමත් පදනම් වැටිණි. යුගයෙන් යුගයට ඉතිහාසය පුරා මේ සම්බන්ධය නොසිදී නොබිදී ආ බවට ඓතිහාසික මූලාශ්රයන්ගෙන් සාක්ෂ්‍ය ලැබෙයි. රාජ්‍ය තන්ත්රය මගින් ආගම ලැබූ අනුග්‍රහයත්, ආගම මගින් රාජ්‍ය ලැබූ ආභාෂයත් ශ්‍රී ලංකාවේ සමාජයීය, ආර්ථික සංස්කෘතික හා දේශපාලනික ඉතිහාසය පුරාම දැකිය හැකි ය. බුදුසමය සිංහල ජාතියේ උරුමය ලෙසත්, ජාතික ආගම ලෙසත් ලක්දිවෙහි ස්තිරව ම පිහිටියේ ය. ඉක්බිතිව බුදුසමය පාදක කොට ගෙන ලක්වැසියාට ම උරුම වූ සංස්කෘතික හැඩගැස්ම ද ඇති විය. මිහිදු මාහිමියන් විසින් ලංකාවට හදුන්වා දෙන ලද්දේ බුද්ධධර්මය ම පමණක් නොව එවකට කීර්තියෙන් අගතැන්පත් ව පැවති මුළු භාරතීය සංස්කෘතිය ම උන්වහන්සේ මෙරටට හදුන්වා දුන්හ. බෞද්ධ භික්ෂුවගේ මාර්ගෝපදේශකත්වයෙන් සාහිත්‍යය, කලාශිල්ප, අධ්‍යාපනය මෙන් ම ලක්වැසියාගේ මුළු චර්යා ධර්ම පද්ධතිය ම දේශීය ඌරුවකින් යුතුව වැඩෙන්නට විය.
රාජ්‍යාගම
බුද්ධාගම සිංහලයාගේ ජාතික ආගම බවට පත් වූයේ එය මෙටට පැමිණි දා පටන් ම ය. එහි ලා රාජ්‍ය පාලකයන්ගෙන් පූර්ණ සහය නොමදව ලැබුණි. රජයේ ආගම බුද්ධාගම විය යුතුය යන හැගීම , ලක්දිව බුදුසසුනේ ආරම්භ වූ ක්‍රි.පූ. 3 වන සියවසේ සිට ම සිංහල රාජ්‍යයේ අවසානය වූ 19 වන සියවස දක්වාම පැවති පොදු හැගීම වූයේ ය. සිංහල සිංහාසනයේ උරුමය නීත්‍යානුකූලව හිමි විය යුත්තේ බෞද්ධයකුටම මිස වෙන කිසිවකුටත් නොවේ ය යන්න සමස්ථ සිංහල ජාතියේම හැගුම විය. බුද්ධාගම හා රාජ්‍ය තනුත්රය අතර අද දක්වාම පවත්නා රාජ්‍ය සම්බන්ධයේ සමාරම්භය හා සුවරූපය මේ ප්‍රතිපත්ති මගින් දැක ගත හැකි ය. මහාවංසය වාර්ථා කරන පරිදි සේන, ගුත්තික හා එළාර ද්‍රවිඩ රජවරු ය. ඔවුහු අබෞද්ධයෝ වූහ. එබැවින් බුද්ධාගමට අනුග්‍රහයක් නොලැබිණි. එළාර රාජ්‍ය ලබා සිවුසාළිස් වසරක් (44) රාජ්‍ය කළේ ය. මොවුන් බුද්ධාගමට අනුග්‍රහය නොකළ ද ධාර්මිකව රාජ්‍ය කළ බව මහාවංසය සදහන් කරයි. එහෙත් මේ කාල පරිච්ඡේද වල යම් යම් වද හිංසා හා පීඩා බෞද්ධ භික්ෂුන් වහන්සේට හා ආරාම වලට සිදු නොවූ යේ නොවේ . කෙසේ වුව ද එළාර රජ පැමිණෙන විට සිරිලක පුරා බුදුසමය පතුරවා හැර තිබීම බෞද්ධයන්ට වාසියක් වූයේ ය.
මේ අදුරු තත්ත්වයෙන් දේශය මුදාගෙන බුද්ධාගම ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආගම බවට පත් කිරීමේ ව්‍යාපාරය රෝහණ දේශයෙන් ආරම්භ වූයේ ය. දෙවනපෑතිස් රජුගේ කණිටු සොයුරු මහානාග අනුරපුරයෙන් පළා ගොස් රුහුණෙ මාගම රාජ්‍යයක් පිහිටුවාගෙන තිබිණි. ඔහුගේ පරපුරෙන් ආ කාවන්තිස්ස රජ කැළණියේ විසූ තිස්ස රජුගේ දියණිය සරණපාවා ගත්තේ ය. මේ විවාහය රෝහණයේ ප්‍රභල රාජ්‍ය දෙක එක්සත් කරන්නක් විය. මේ කැළණි රාජවංසය කතරගම දස බෑ රජවරුන් නමින් පැවති රාජවංසය සමග ඥාති සම්න්ධයක් පැවති බව කොටා දැමූ හෙලින් ලද ලෙන් ලිපි ඇසුරින් මහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් හෙළිදැරැව් කොට තිබේ.මෙේදස බෑ රජවරු ගෝඨාභය විසින් මරා දමන ලදහ. කාවන්තිස්සගේ විවාහය නිසා පූර්වෝක්ත ඝාතනයෙන් රුහුණේ මොව්න් වෙත ඇති වී තිබූ ජන විරෝධය ද තුනී වී යන්නට ඇත.
ලක්දිව අගනුවර වූ අනුරාධපුරය සතුරන් අතර පවතින අතර කාවන්තිස්ස රුහුණේ සිට දේශපාලන බලවේග ඒකාග්ර කිරීමෙහි නිරතව සිටියේ ය. ගිර4ිනුවර හා සේරු දෙරටේ රජුන් උපක්‍රම මගින් තම පක්ෂයට නතු කරවා ගැනීමට කාවන්තිස්ස ක්‍රියා කළේය .මෙහි දී එක්සත් කිරීමේ බලවේගය ලෙස ක්‍රියාත්මක වූයේ බුදුසමය යි. මේ වකවානුව වන විට ජාතියක් වශයෙන් එකක් යන හැගීම ලක්වැසියන් තුළ ඇති කිරීමට තරම් ඒකාග්රතාවයක් ඒ අංශයෙන් ඔවුන් අතර මෝරා නොතිබීණි. ශ්‍රී ලංකාව ජනාවාස කරන ලද්දේ නොයෙක් වාර වල දී ඉන්දියාවේ විවිධ ප්‍රදේශ වලින් පැමිණි ජන කොට්ඨාශ විසින් නිසා මෙබදු ජාතික හැගීමක් ඇති කිරීමට සෑහෙන කාලයක් ගත විය යුතු විය . මේ වන විට ප්‍රමාණවත් පරිදි ව්‍යාප්තව පැවති ආගමික හැගීම් වලින් ප්‍රයෝජන ගනිමින් දේශපාලන බලවේග එක්සත් කිරීමට රජතුමා වෑයම් කළ බව පෙනේ. පාලි ධාතුවංසයේ සදහන් වන පරිදි කාවන්තිස්ස තමා වෙත වූ ධාතූන් වහන්සේ නමක්, තමන් විසින් සේරු නුවර ධාගැබක් කරවා නිදන් කරන බවට බුදුරජාණන් වහන්සේ අනාවැකියක් පළ කර ඇති බව ප්‍රසිද්ධියට පත්කර වූයේ ය. සිය රාජ්‍ය ලබා ගැනීම දුටු ගැමුණු කුමරුටත් දිගාමඩුල්ල ලබා ගැනීම සද්ධාතිස්ස කුමරුටත් පවරා සේනාව පිරිවරා ගත් සද්ධාතිස්ස සේරුනුවරට ගියේ ය. ධාතු නිධානය පිළිබද අනාවැකිය ප්‍රකාශ කළ රජ එය ඉටු කිරීමට එම ප්‍රදේශයේ සියළු ඉඩම් හිමියන් තමන්ට උපකාර කළ යුතු බව ප්‍රකාශ කළේ ය. සේරු හා සෝම යන දෙනුවර රජවරුන්ට කාවන්තිස්ස ගෞරවයෙන් පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොවී ය. මේ නිසා ඔවුහු ඊට ආධාර කළහ. මෙලෙස උපායශීලි ලෙසින් ඔව්න් තමා වෙත අවනත කරගනු ගැබූ අතර ස්ථූපය ගොඩනැගීමෙන් ආගමික පදනමක් මත ජාතිය එක්සත් කිරීමේ කටයුතු ඇරඹිණි.
කාවන්තිස්ස ආගම මගින් ජාතිය එක්සත් කිරීමේ පසුබිම සකස් කළේ ක්‍රමානුකූලව අනුරාධපුර රාජ්‍ය දෙස නෙත යොමු කරන්නට බව නිසැක ය. දුටුගැමුණු රජුගේ දේශපාලන කාර්යය සාපල්‍ය සදහා සම්පූර්ණ පසුබිම සකස් කළේ කාවන්තිස්ස රජු ය.
දුටුගැමුණු ආදර්ශය
ගාමිණි හා තිස්ස අතර අසමගියක් ඇති නොවූ වස් සංඝරත්නය අබියස දී දෙදෙනා ගිවිසුම් ගැන් වූ කථාවක් පවති යි. කාවන්තිස්ස රජු තිස්ස කුමරු දිගාමඩුල්ලට යවා එහි කෘෂිකර්මාන්තය දියුණු කරවූයේ අනාගත අඅඅවශ්යතා සිත්හි තබාගෙන ය. ඉතා සියුම් ලෙස සැළසුම් කළ මේ දේශපාලන ක්රියාවලියෙහි ප්‍රතිඵල විසින් දුටුගැමුණු රජ විජිත පුර සංග්රාමයෙන් ජයග්‍රහණය අත්පත් කර ගනී. මේ සමයේ දී සෙබළුන් හා ජනතාව වෙත කාවද්දන ලද පණිවුඩය වූයේ මේ යුද්ධය කරන්නේ ආගමේ අභිවෘද්ධිය සදහා ම ය යන්න ය.
“මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොව හුදෙක් බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස ම වන්නේ ය.” යි හෙතෙම යුද පෙරමුණෙහි දී ප්‍රකාශ කළේ ය. මේ අදහස තව දුරටත් අවධාරණය කරවනු පිණිස භික්ෂුන් වහන්සේ පිරිසකි ද සටන් ගමනට හවුල් කර ගන්නා ලද අතර ධාතූන් වහන්සේලා ජයකොන්තයෙහි තැන්පත් කර ගෙන ගිය බවද සදහන් වෙයි.
මේ සංග්‍රාමයේ දී සිදු වූ මිනිස් ඝාතනය පිළිබද ව රජතුමාට මහත් සිත් තැවුලක් ඇති වූ බව කියනු ලැබේ. මේ තැවුලෙන් ඔහු ගලවා සැනසුමක් ලබා දීම භික්ෂුන් වහන්සේට මහත් ගැටළුවක් වූ බව පෙනේ. මහාවංස කතුවරයා විසන් මෙහි දී භාරතයෙන් පැමිණි භික්ෂුන් වහන්සේලාගේ මුවට ආරෝපණය කර ඇති සැනසිලි වදනක් නමු මේ සටනේ දී තිසරණගත එක් අයෙකු හා තිසරණ සහිත ව පන්සිල් ගත් තවත් අයෙකුත් හැර මිය ගිය අන් සිළු දෙනාම මිත්යාදෘෂ්ටිනයන් හෙයින් ඔවුන් ගැන ශෝක වන්නට කරුණක් නොමැති බව ය. මේ අදහස අටුවා ආචාර්යවරුන් නොපිළිගත් නිසා “මේ පව් වල විපාකය ලබන්නට රජු තම පින් වල විපාක විදිමින් සිටි මෛතී බුදුන් වහන්සේගේ ශාසනයේ දී නිවන් දකින්නේ ය.” යන මතය දක්වා ඇත.
දුටුගැමුණු රජුගේ රාජ්‍යපද ප්‍රාප්තිය මෙරට ශාසන ඉතිහාසයේ අත්‍යන්තයෙන් වැදගත් සිද්ධිය කි. ප්‍රථම වරට රාජ්‍ය හා ශාසනය අනන්‍ය වන තරමට ම සම්බන්ධ වූයේ මේ අවස්ථාවේ දී ය. රජකම යනු ශාසනයේ භාරය, ආරක්ෂාව පිළිබද නිළයක් වූ අතර ශාසනයේ අභිවෘද්ධිය සදහා ක්‍රියා කිරීම රජතුමාගෙ පරම යුතුකම වූයේ ය. රජතුමා රුවන්වැලිසෑය, මිරිසවැටිය, මහවිහාර පෝය ගෙය වූ නව මහල් ලෝවාමහාප්රාසාදය ආදී ආගමික ගොඩනැගිලි රාශියක් ඉදි කිරීමෙන් එම කාර්යය ඉටු කර ඇත. පාලි මහාවංසය මෙතුමාගේ විවිධ පුණ්‍ය ක්‍රියා පිළිබද ව දීර්ඝ විස්තයක් කර යි. වෙසක් උළෙල පළමු වරට පවත්වා ඇත්තේ දුටුගැමුණු රජු විසිනි. මේ රාජ්‍ය සමය රටවැසියන්ට බුද්ධාගම පිළිබද මමායනයක් ඇති වූ අතර බුදුසමය රාජ්‍යාගම බවට ද පත් විය. ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබද වසැලකීමේ දී මෙ කරුණ අතිශයින් වැදගත් වෙයි. මීට පෙර රජවරු ද බුදුසමය කෙරෙහි ගෞරවාන්විත සැළකිළි, පුද සිරිත් පැවැත්වුව ද නිල වශයෙන් සසුනත්, රජකමත් එකට සම්බන්ධ වීමේ පළමු පියවර දිස්වන්නේ මේ අවධියේ සිට ය. මීට පසුව පැමිණි රජවරු දුටුගැමුණුගේ ක්‍රියා කලාපය පූර්වාදර්ශයට ගත්හ. මෙතැන් සිට ලංකා රාජ්‍ය බෞද්ධ රජවරුන්ට ම අයත්විය යුතු යැයි විශ්වාසයක් රට පුරා ව්‍යාප්ත විය.
බෝධිසත්ව ආභාසය
ක්‍රි.ව. දහ වන සියවස වන විට මේ විශ්වාස ය කෙතරම් තහවුරුව පැවතියේ ද යත් සිවු වැනි මිහිදු රජ සිය සෙල් පවුරු ලිපියෙහි මෙලෙස සටහන් කරයි. “බෝධිසත්වයන් හැර අන්කිසිවෙක් මේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නො ලබන්නා හ. මේ ව්‍යාකරණය බුදුරජාණන් වහන්සේ විසින් ම කරන ලද්දකි.”තෙළෙස්වැනි සියවසේ ලියවුණු පූජාවලියෙහි මේ අදහස මෙ ලෙස දක්වා ඇත.
“මේ ලක්දිව බුදුන්ගේ ම තුනුරුවන් භාණ්ඩාගාරයක් වැන්න.........එසේ හෙයින් මේ ලක්දිව මිත්‍යාදෘෂ්ටි ගතුවන්ගේ වාසය නම් පෙර යක්ෂයන්ගේ වාසය ස්ථිර නුවූවා සේම ස්ථිර නොවේම ය. මිත්යාදෘෂ්ටිගත් රජෙක් ලක්දිව බලාත්කාරයෙන් කිසි කලෙක රාජ්‍ය කළේ වී නමුත් ඔවුන්ගේ වංශ ප්රතිශ්ටා නො වනු බුදුන්ගේ ම ආනුභාව විශේෂයක්ම ය. එසේ හෙයින් මේ ලක්දිව සම්‍යක් දෘෂ්ටි ගත් රජුන්ට ම සීහෙන හෙයින් උන්ගේ කුල ප්‍රවේණිය පවතිනු ඒකාන්ත ය.”
බුද්ධාගම හා රජය අතර සබදතාව මුළු ලක් ඉතිහාස යපුරුම විහිද පවතියි. පූජාවලී කතුවර මයුරපාද හිමිපාණෝ එ කරුණ ව්‍යක්ත කොට දක්වති.
“රජ දරුවෝ නම් බුදුන් රජ කුලයේ උපන් හෙයිනුත් ලොවම අධිපති ව වසන හෙයිනුත් ශාසනයට මාතෘ ස්ථානයෙහි පිහිටා සර්වස්ථානයෙහි සමකාන්ති පතුරුවන්නා වූ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයන් සේ සර්වඥ ශාසනය සම වූ ශ්‍රද්ධාවෙන් ආරක්ෂා කටයුතු වූ ප්රවේණි ධර්මයෝ ඇතියහ.”
පසුකාලීනව ව්‍යාප්ත වූ මේ අදහස් වල මූලාරම්භය දෙවනපෑතිස් රජු දවස අනුරාධපුරයම මහාසීමාවට යටත් කර ගැනීම තරම් අතීතයට ගෙන යා හැකි ය. එළාර රජුගේ යම් යම් ක්‍රියාවන් විමසන කළ ඔහු මෙබැව් වටහාගෙන සිටි බව ප්‍රකට වෙයි. බෞද්ධාගමික කටයුතු වලට ඔහු සම්බන්ධ වූයේ බෞද්ධ අනුගාමිකයකු වී නොව එකළ ද , රටේ ජනතාව තුළ ‘රජ බෞද්ධයකු විය යුතුය’යන අදහස මුල්කොට ගත් සම්ප්‍රධායක් පිළිබද සංකල්පය මෝරමින් පැවති නිසා විය යුතුය. ශ්‍රී ලංකාවේ රජතුමා බුද්ධශාසනයේ ආරක්ෂකයා මෙන් ම ශාසනයේ ලෞකික නායකයාද වූ බව හතර වැනි මිහිදු රජතුමා ‘ක්ෂත්‍රීයකු රජ වන්නේ බුදුන් වහන්සෙගේ පාත්‍රය හා සිවුර රැක ගැනීමට ය.’* පැවසීමෙන් ප්‍රකට වෙයි. රජවරුන් කෙතරම් ආගම හා අනන්‍යව සලකා ඇද්දැ’යි කිවහොත් බුදුන් හා රහතුන් සදහා භාවිත කරන වචන රජවරුන් වෙනුවෙන් යෙදීමට ද පෙළඹී ඇත.
රජවරු ශාසන ශෝදන කටයුතු සිය යුතුකමක් සේ සළකා ඉටු කලහ. භික්ෂූන් වහන්සේ භේදභින්න වූ අවස්ථා වල සමගි කරවීම, සසුන දූෂිතව පවත්නා කළ දූෂිතයන් රාජ්‍යය බලය යොදා සිවුරු හරවා සසුනෙන් නෙරපීම ආදී දෑ රජවරුන් විසින් බොහෝ අවස්ථාවල දී ඉටු කරන ලදි. සංඝයා වහන්සේම ගත් කීරණයක් සම්බන්ධයෙන් වුව ද සිවුරු හරවා යැවීම වැනි දෑ රාජකීය මැදිහක් වීමෙන් තොරව ඉටු කළ නොහැකි විය. මහාසේන රජු දවස ජේතවන විහාරය පිළිගත් තිස්ස තෙරුන් සිවුරු හරවා සසුනෙන් බැහැර කරන ලද්දේ අධිකරණ ඇමතිවරයා විසින් බව වංසකථා වල සදහන් වෙයි.
...........................
*“තුමා වස් සිවුරු රකිනු වස් ”යන සෙල්ලිපි පාඨයෙහි ‘තුමා’ යනු සංඝයා වහන්සේ සේද අරුත් කියති.
ආගම සහ අභිෂේකය
රාජාභිෂේක උත්සවය ද ආගමික උත්සවයක සිරි ඉසිලී ය. ඒ සදහා ගන්නා කකුධභාණ්ඩ සදහා මැටි පවා බෞද්ධ සිද්ධස්ථාන වලින් ලබා ගෙන ඇත. නව වැනි සියවස වන විට රාජාභිෂේකය විහාරස්ථානය තුළදී ම සිදු කොට ඇත. බුද්ධාගමට පටහැනිව ක්‍රියා කිරීම රාජද්‍රෝහී අපරාධයක් සේ සැලකිණි. ධාතුසේන රජතුමාට පෙර පැවති දෙමළ පාලන සමයෙහි යුද්ධ අපරාධකරුවන්ට ඉදිරිපත් කළ චෝදනාවකි, ඔවුන් රජු හෝ බුදුසසුන රැක නොගැනීම. එසේ කළේ දළදා වහන්සේ , පාත්‍ර ධාතුව වැනි ආගමික ශුද්ධ වස්තු රාජකීය වස්තූන් සේ සලකනු ලැබුණු හෙයිනි.
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් ලක්දිව ස්ථූප වල නිදන් කිරීම ජීවමාන බුදුරදුන් ශ්‍රී ලංකාවේ වැඩ සිටියාක් වැනිය. රජුටත් පොදු මහාජනතාවටත් ජීවමාන බුදුන් වැද පුදා ගන්නා සේ වැද පුදා ගැනීමට සධාතුක චෛත්‍ය උපකාරී වූයේ ය. සංඝමිත්තා තෙරණිය බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දියට වැඩම කරවූවා ය. දේවානම්පියතිස්ස රජතුමා සහපිරිවරින් දඹකොළ පටුනට ගොස් බෝධි ශාඛාව වඩමවා ගෙන අවුත් උත්සවශීයෙන් යුතු ව අනුරාධපුරයෙහි රෝපණය කරවූයේ ය. මේ කාර්යය සදහා විශාල සේනාවක් මෙහි පැමිණි බව වාර්ථා වල සදහන් වෙයි. පසු අවස්ථාවක පැනනැගි බෝධි අංකුර අටක් ප්‍රාදේශික ස්ථාන වල ද ඊටත් පසු තවත් බෝධි අංකුර දෙතිසක් නගරයේ හාත්පස යොදුක් පමණ තන්හි ද සිට වූ බව සදහන් ය. මේ බෝධි රෝපණ ක්‍රියාවලීන් අළුත පැමිණ ිබුදුසමය ඒ ඒ ප්‍රදේශ වලට හදුන්වා දීම සිදු විය. තදනන්තරව ශ්‍රී මහා බෝධී ශාඛාව ආරක්ෂා කිරීම රජතුමාගේත්, බෞද්ධ මහා ජනතාවගේත් පරම යුතුකම බවට පත්විය. ‘සංඝබෝධි’ යන්න අනුරාධපුර යුගයෙහි රජ දරුවන්ගේ ජනප්‍රිය උපාධි නාමයක් විය. සංඝයා සහා බෝධිය ආරක්ෂා කරන්නන් යන අදහස මෙහි ඇතුළත්ව ඇත. රජවරුන් මේ උපාධි නාමය බහුලව භාවිතා කිරීමෙන් ප්‍රකට වන්නේ ඔවුන් සිය යුතුකම මනා ව වටහා ගෙන සිටි බව ය. රජ බෞද්ධයකු විය යුතුය
රජතුමා බුද්ධාගමට උදවු කිරීම පමණක් ප්‍රමාණවත් නොවී ය. ඇතැමෙක් රජුන් බෝධිසත්වයන් බවට පත්කරවීමට ද අදහස් කළහ. අයෙක් තමන් බෝධිසත්වයන් බව තුමූ ම ප්‍රකාශ කළහ. හතර වන මිහිදු රජ සිය සෙල්ලිපියක මෙසේ ලිය යි;
“බෝධිසත්වයන් හැර අන්කිසිවෙක් ශ්‍රී ලංකාවෙහි රජ නොවන්නේ ය. මේ විවරණය ලැබුණේ සර්වඥයන් වහන්සේගෙන්ම ය.”
විජයභාහු රජතුමා කිරුළ පැළැන්දේ සංඝරත්නයේ ආරාධනය පරිදි බුද්ධ ශාසනයේ ආරක්ෂාව සදහා ය. පොළොන්නරු යුගයෙහි විසූ නිශ්ශංක මල්ල රජ සිය සෙල්ලිපි වල මෙලෙස සදහන් කරයි;
“බුදුසසුනට හිමි ලක්දිවට අබෞද්ධ චෝල කේරළ ආදී රජ දරුවෝ ද නො තැකිය යුත්තා හ.”
“ලක්දිව බෞද්ධ ශාසනයට ප්රතිපක්ෂ අබෞද්ධ රජුන් නොපිහිටිය යුත්තා හ.”
“අපක්ෂපාතී රජුන් ලැබීම බුදු කෙනෙකුන් ලැබීම සේ සැලකිය යුත්තා හ.”
“රජුන් නැති කළ බුද්ධ ශාසනය ද නිරාලම්භ වන්නේ ය.”
මේ ප්‍රකාශ වලින් මනාව ප්‍රකට වන්නේ රජුත්, බුදුසමයත් කෙතෙක් දුරට අනන්‍යව සලකන ලද්දේ ද යන්න ය. ජනතාව ආගම් වෙනුවෙන් රජ දරුවන්ගෙන් විශාළ සේවයක් අපේක්ෂා කළ බව පැහැදිලි ය. රජවරු ද එ කරුණ මනාව අවබෝධ කොට ගෙන වාසය කළහ. රජවරුන් බුදුසසුන වෙනුවෙන් කළ දෑ එක් අතකින් යුතුකමක් ඉටු කිරීමක් සේ හදුනා ගත හැකිය.
“රජවරුන් ධාර්මික විය යුතුය, යුක්තිගරුක විය යුතුය” යන්න භාරතීය මානව ධර්ම ශාස්ත්‍ර වල ඉගැන්වෙ යි. රාෂ්ට්‍ර පාලනය පිළිබද ව බෞද්ධ ඉගැන්වීම් ද එය අවධාරණය කරයි. පැරණි සිංහල රජ දරුවන් දසරාජ ධර්ම හා සතර සංග්‍රහ වස්තු ආරක්ෂා කර ගැනීමට ප්රයත්න දරා තිබේ. බුද්ධදාස රජ දසරාජ ධර්මයෙන් යුතුව සතර අගති බැහැර ලා සිවු සගරා වතින් මහජනයාට සංග්‍රහ කළේ ය. උපතිස්ස රජතුමා ද දශරාජ ධර්මයෙන් හා සිවු සගරා වතින් ජන හද ජය ගත් බව සදහන් වෙයි. පස්වන කාශ්‍යප රජ ද දශරාජ ධර්ම හා සතර සංග්‍රහ වස්තු අනුගමනය කළේ ය. අපේ වංශකථා වල සදහන් මෙපුවත් හුදු ප්‍රවාද නොවේ. පස්වැනි මහින්ද තමා ලියූ වෙස්සගිරි සෙල්ලිපියෙහි දශරාජ ධර්ම ආරක්ෂා කළ බව සදහන් කිරීමෙන් එය සනාථ වෙයි.
සාංඝික ක්‍රමය
බුදුසමයත්, රජයත් අත්‍යයන්තයෙන් එකට සම්බන්ධ වීමට හේතු වූ කරුණු අතර ඇතැම් රජවරුන් ශාසනයෙන් තමන්ට ලැබෙන සහයෝගයට ප්‍රත්‍යුපකාර කිරීම අවශ්‍ය බව කල්පනා කිරීම එකකි. අයෙක් විනය නීති රීති පවා නොතකා භික්ෂූන්ට පෞද්ගලිකව පරිත්‍යාග සිදු කළහ. වළගම්ලා රජ අභයගිරිය තනවා මහාතිස්ස තෙරණුවන්ට පෞද්ගලිකව පූජා කළේ ය. මහසෙන් රජ මහාවිහාර භූමියෙහි චෛත්‍යක් ගොඩනගා තිස්ස නමැති තෙර කෙනෙකුන්ට පූජා කළේ ය. භික්ෂුන් වෙත කරනු ලබන පූජා පොදු අයිතිය (සාංඝික ක්‍රමය) සදහා වූයේ ය. ඉන්දියාවේ හා අනුරපුර යුගයේ මුල්භාගයෙහි පැවති පිළිවෙත එය විය. වළගම්බා රජුගේ පරිත්‍යාගයෙන් පසු පෞද්ගලික පරිත්‍යාග ක්‍රමය වර්ධනය වූ බව දක්නට ලැබෙ යි. පෞද්ගලික පරිත්‍යාග කිරීම විනය නීති වලට පටහැනි බව රජවරු දැන සිටිය හ. සග සසුන මෙහි පිහිටි දින සිට සියවස් ගණනාවක් ගත වන තුරු භික්ෂු පිරිස එක ම පරපුරක් සේ වාසය කළේ ය. වළගම්බා රජුගේ පරිත්‍යාගයෙන් පසු භික්ෂු පිරිස දෙකඩ වන්නට පටන් ගැනිනි. රජුට ද මේ පිළිබද අවබෝධයක් තිබෙන්නට ඇත. ඔහු එසේ කළෙේතමා අසරණව සිටි අවස්ථාවෙහි දී තමාට සැම අතින් ම පිහිට වූ මහාතිස්ස තෙරුන්ට කළගුණ සැළකීමක් වශයෙනි. තමා දෙවනි වර රජ පදවියට පත් වූයේ මහාතිස්ස හිමිපාණන්ගේ නොමද සහය නිසා බව වළගම්බා රජ අමතක නොකළේ ය.දේශපාලනය අතින් සළකන කළ සිය බලය රැක ගැනීම සදහා භික්ෂූන්ගෙන් උපකාර ගත් සියළු ම රජවරු භික්ෂූන් වහන්සේට උපකාර කලහ. දෙවානම්පියතිස්ස රජුගේ සිට ම මීට සාධක හමු වෙයි. දුටුගැම්ණ ුරජ බුදුසසුන වෙනුවෙන් අනන්ත අප්‍රමාණ පරිත්‍යාග සිදු කළේ ය. මකලණ්තිස්ස රජු ද රජවූ වහාම කලේ සසුනට සේවය කිරීම ය.මකලන්තිස්ස අනුලා බිසවට භයව පලා ගොස් පැවිදිව සැග වී ගෙන ජීවිතය ආරක්ෂා කර ගත්තේ ය. සිය ජීවිතය ආරක්ෂා කර ගැනීමට උපකාරී වූ පැවිදි උතුමන් ඔහුට කිසිසේත් අමතක කළ නොහැකි ය. සසුනට මහත් සේ දැදිව විවිධ පරිත්‍යාග සිදු කොට ඇත්තේ එ බැවිනි. ධාතුසෙන ද රජ වීමට පෙරාතුව දීඝසන්ධ පිරිවෙනෙහි පැවිදිව ද්රවිඩයන්ගෙන්ගෙන් ආරක්ෂා වී ඇත.එතුමා ද රජ පදවිය ලත් විගස තමාට ආරක්ෂාව සළසා දුන් සසුනෙහි දියුණුවට විවිධ පරිත්‍යාග කළේ ය. කාශ්‍යප රජුගෙන් රජය පැහැර ගැනීමට මුගලන් කුමාරයාට සහය දැක්වූ යේ භික්ෂූන් වහන්සේලා යි. භාරතයෙන් පැමිණි සේනා රැස්කර ගැනීමට ඔහුට ලැබුනේ අම්බට්ඨකෝලක විහාරස්ථානයෙහි ය. මුගලන් කුමරු කාශ්‍යප මරා පරාජය භාර ගන්නට පෙර නුවරට එන අතර මගදී භික්ෂුන් වෙත ගොස් උන්වහන්සේලාට සේසතින් පිදී ය. එයින් රජය සිය අනුකූලතාව හා කෘතගුණ සැළකීම මූර්තිමත් කළේ ය.
සගරුවනේ අනුමතිය
පැරණි ලක් රජ දරුවන්ට රට පාලනය සදහා සංඝයාගේ අනුමැතිය ලබා ගැනීම මහ ජනයාගේ පක්ෂ පාතීත්වය ලබා ගැනීම සදහා ප්‍රභල රුකුළක් වූයේ ය. මේ නිසා සිය පෞද්ගලිකත්වය පිටු දැක භික්ෂුන්ගේ අදහස් වලට නතු වන්න සිදු විය .මහාවංසය වාර්ථා කරන පරිදි සද්ධාතිස්ස මළ පසු ඔහුගේ වැඩිමහල් පුත් ලජ්ජිතිස්සට රජකම නොදී බාල පුත් ථුල්ලත්ථනට සිහසුන ලබා ගැනීමට භික්ෂූහු ආධාර කළහ. සිය නීත්‍යානුකූල අයිතිය බැහැරලූ භික්ෂුන්ට ලජ්ජිතිස්ස රජු භික්ෂුන්ට ගැහැට නොකළේ ය. කෙතරම් විශාල වරදකට වුව ද භික්ෂුන්ට හිංසා කිරීම මහජනතාවගේ අප්‍රසාධයට ලක් වීමට හේතුවන බව ඔහු දැන සිටියේ ය. කල්නොයවා ලජ්ජිතිස්ස සංඝයා සමග සමාධානයට පත් වූයේ ය. ඉන්පසු සසුනට මහත් සේ උදවු උපකාර කළේ ය. මෙයින් ප්‍රකට වන්නෙේභික්ෂූන්ට නොසලකා හැරීම වුව ද දිගු කල් ගෙන යාම නුවණට හුරු නැති බව අතීත රජ දරුවන් දත් බව ය.
භික්ෂූන් වහන්සේගේ විශේෂ සැළකිල්ලට භාජනය වූ සිරිසගබෝ රජුගේ මරණය නිසා මහජනයාත් භික්ෂූන් වහන්සේත් ගෝඨාභය කෙරෙහි කළකිරුණහ. තමන් සමග අමනාපයට පත් වූ භික්ෂුන් වහන්සේගේ සිත් දිනා ගැනීමට රජ මහත් වෙහෙසක් දැරී ය. ගෝඨාභය සසුනට උපකාර කිරීම මගින් සිය දේශපාලන ශක්තිය තහවුරු කරගැනීමට උත්සුක වූයේ ය.
මහාසේන කුමරුට අකුරු කර වූ සංඝමිත්‍ර නමැති භික්ෂුව මහායාන බුදුසමයේ දර්ශනය මෙ රට ව්‍යාප්ත කිරීමට උත්සාහ ගත්තේ ය. මහාසේනගේ සොහොයුරු ජෙට්ඨතිස්ස රජ පදවියට පත් වූ විට දඹදිව ගිය සංඝමිත්‍ර ලක්දිවට පැමිණියේ ය. රජුගේ බලය ද උපයෝගී කර ගනිමින් මහායාන බෞද්ධ ඉගැන්වීම් ව්‍යාප්ත කිරීමට උත්සාහ ගත්තේ ය. මේ කාර්යය සදහා මහාවිහාරයේ භික්ෂුහු මෙයට දැඩිව විරුද්ධ වූයේ ය. වැඩිකල් නොගොස් ඔහුට විරුද්දව කැරැල්ලක් ඇති විය. කිසියම් රජෙකු ශාසනයට පටහැනි ව කටයුතු කළ උද්ගත වන තත්ත්වය මෙයින් මූර්තිමත් වෙයි. මහාසේන රජ පෞද්ගලික අදහස් ඉවත දමා පොදු ජන හඩට කන් යොමු කළේ ය. මහාවිහාරීය භික්ෂූන් ක්ෂමා කරවා ගෙන මහාවිහාරය නැවත නගාසිටුවී ය. ඔහු එසේ කළේ ශාසනයට ඇති ආදර ගෞරවය නිසා නොව පාලනය ගෙන යාම සදහා මහජන සහයෝගය ලබා ගැනීම පිණිස ය.
ලක්දිව පාලනය සදහා බුද්ධාගම සම්බන්ධ කර ගත් යුතුය යන ආකල්ප දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේ සිටම ඇති වූ වකි. විදේශීය පාලකයින් පවා යටිසිතින් කැමති වුවත් නොවුවත්, රජ පදවිය තකා හෝ බුද්ධාගම වැළද ගත් බව පෙනේ. ඛුද්ද පාරින්ද නමැති ද්‍රවිඩ ජාතික රජ ‘බුද්ධදාස’ යන උපාදි නාමය පවා භාවිත කොට තිබේ. ඔහු බුද්ධාගම වැළදගත් බව එමගින් ප්‍රකට වෙයි. අවංක බෞද්ධයකු නො වුවද රට පාලනය කිරීමේ අවශ්‍යතාව සලකා හෝ දේශපාලන වශයෙන් බෞද්ධාගමට උපකාර කළ බව පෙනෙයි. මේ අභිමතාර්ථ මුදුන් පමුණුවා ගනුවස් විහාරාරාම, බුද්ධ ප්‍රතිමා, ස්ථූප යනාදිය ගොඩනැගීම විහාරස්ථාන නඩත්තු කිරිම, භික්ෂූන්ට සිවුපසය සලසා දීම ආදී විවිධාංග වලින් උපකාර කළ බව ඓතිහාසික තොරතුරු මගින් ප්‍රකට වෙයි. රජවරුන්ගේ මෙබදු පරිත්‍යාග පිළිබද දීපවංස, මහාවංසය , රාජාවලී, පූජාවලී, නිකාය සංග්‍රහය, ථූපවංසය ආදී ග්රන්ථ වල විස්තරාත්මක ව තොරතුරු ඇතුළත් වෙයි. සිරිලක සිව් දිගින් ලැබී ඇති සෙල්ලිපි ද මාහැගි සාක්ෂ්‍ය වෙයි. ඓතිහාසික නටඹුන් හා පුරා විද්‍යාත්මක සාධක වලින් ද අපේ රජදරුවන්ගේ පරිත්‍යාග පිළිබද තොරතුරු හෙළිදරවවු වෙයි.