බුදු සමයේ දේශාන්තර ව්‍යාප්තිය-1
පස්වග මහණුන් බුදුරජාණන් වහන්ෙස් වෙත පැවිදි වීමත් සමග බුදු සසුන අාරම්භ වූ බව සැලකෙ යි. බුදුරදුන්ට ඉතා ඉක්මනින් රහතුන් වහන්ෙස් හැට නමකගෙන් සමන්විත ශිෂ්‍ය පිරිසක් අැති විය. උන් වහන්ෙස් ෙම් සැට නම ධර්ම ප්රචාරක ෙස්වාවෙහි යෙදවූහ. දඹදිව මධ්යෙද්ශය වටා විවිධ පෙදෙස් වල සැරිසැරූ මහරහතන් වහන්ෙස්ලා සැටනම දහම් පණිවුඩය දස දෙස පතළ කළහ. බුදුරජාණන් වහන්ෙස් ද රජගහ නුවරින් සිය ධර්මදූත ෙස්වාව අාරම්භ කෙළ්ය. බුද්ධ ධර්මය ඉතා ඉක්මනින් ජනප්‍රිය වූ බව පාලි මූලාශ්‍රයන්හි පැහැදිළිව දක්වා තිෙබ්. ෙම් ජනප්‍රියත්වය සදහා බුදුරදුන් සතු වූ ත්‍රිවිධ ෙකෟශල්යයෝ වැදගත් වූහ. අායෙකා්සල්ල, අපාය කෝසල්ල හා උපාය ෙකා්සල්ල යන තුන ත්‍රිවිධ ෙකෟශල්යෙයා් යි. මෙහි දැක්වෙන ‘අපාය’ ෙකා්සල්ල යන්න බුදුරජාණන් වහන්ෙස් තුළ වූ ධර්ම ප්රචාරක කුශලතාව හා සම්බන්ධ කල හැකිය. අසන්නන්ෙග් මානසික තත්ත්වය, ඔවුන්ෙග් කායික සුව පහසුකම් වැනි දෑ සැලකිල්ලට ගෙන ඔවුන්ෙග් අාගමික හා දාර්ශනික පසුබිමට ගැලපෙන සේ දහම් දෙසීමට ඔවුහු සමත් වූහ. පරසිත් දැනීෙම් නුවණ මෙන් ම ප්‍රශ්ණ කිරීම මගින් ද අසන්නන්ෙග් තත්ත්වය ෙත්රුම් ගත් බව පෙෙන්. ධර්ම ෙද්ශණය සදහා උන්වහන්ෙස් නිර්ෙද්ශ කළ විෙශ්ෂ ප්‍රතිපදාව මෙ බදු ය.
I. බුදුරජාණන් වහන්ෙස් සාමාන්‍ය පෘථග්ජනයකුට දහම් දෙසන්ෙන් දත් දෙයින් ෙනාදත් දෙයට යන පිළිවෙළ අනුව ය. සදාචාරය පිළිබද සරළ කරුණු වලින් අරඹා ක්‍රමයෙන් ගැඹුරු දර්ශනය වෙත ඒළඹෙති. මෙය “දානකථා, සීලකථා, කාමානං, අාදීනවං, ඔ්කාරං, සංකිෙල්සං, ෙන්කඛම්ෙම්ච අානිසංසං ........” යනාදී වශයෙන් සිදු කරති. ඒය හදුන්වා අැත්ෙත් ‘අානුපුබ්බීකථා’යනුවෙනි.
II. යම් ධර්ම මාතෘකාවක් විස්තර කිරීෙම්දී ඉතා පැහැදිළිව විස්තරාත්මක ව ඉදිරිපත් කරති. ඒ ෙද්ශනා ක්‍රමය ‘පරියාස දස්සාවී’නම් වෙයි.
III. කාරුණික වචන භාවිතා කරමින්, දයාන්විත ව ෙද්ශනා කිරීම ‘අනුද්දයතං පටිච්ච කථං’ යනුවෙන් හැදින්වෙයි.
IV. ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් අනවශ්‍ය දේ කථා කිරීමෙන් වැළකෙති.(නා’ මිසන්කරකථං)
V. අනුන්ට නින්දා අපහාස ගෙන දෙන ඇනුම්පද (අනුපහච්චකථා) ආදිය සිය ධර්ම ෙද්ශනාවෙහි අැතුළත් නොකරති.
බුදුරදුන් විසින් ධර්ම දේශනය සදහා අනුදත් පිළිවෙත භික්ෂූන් විසින් ද අනුගමනය කලාටකිසිදු සැකයක් නැත. බ්‍රාහ්මණ චින්තනයටත් සංස්කෘතියටත් අභිෙයා්ගාත්මකව ඉදිරිපත් වූ බුදු රජාණන් වහන්සේගේත් බුද්ධ ශ්රාවකයන්ෙග්ත් ෙද්ශනාවන්ට අැහුම්කන් දීමට බුද්ධ කාලීන තරුණ තරුණිෙයා් ප්‍රිය මනාප බවක් දැක්වූහ. විවිධ කුල ගෝත්‍ර වල තරුණ- තරුණියන් සසුන්ගතව බඹසර හැසිරීමෙන් හ බැව් ප්‍රකට වෙයි.
බුද්ධකාලීන ධර්ම ව්‍යාප්තිය සිදු වූ ක්ෙෂ්ත්‍රය දඹදිව මධ්‍ය හා නැගෙනහිර ෙකාටස් වලින් පරිචිත වූ බව පෙෙන්. බටහිරින් ෙකා්සම්භිෙය් සිට නැගෙනහිරින් කුසිනාරා හා රාජ්ගිර් දක්වා ද, උතුරින් ශ්‍රාවස්ති සිට දකුණින් බරණැස දක්වා ද වූ භූමි ප්‍රෙද්ශය ෙම් සීමාව වශයෙන් සැළෙක්. බාහිර ප්‍රෙද්ශ වලින්ද ශ්රාවකෙයා් උන්වහන්ෙස් වෙත අැදී අාහ. ෙගා්දාවරී නදී තරයෙහි විසූ බාවරී තවුසා දුරමග ගෙවා බුදුරදුන් හමුවන ෙස් සිය සව්වන් ඒවීය. තක්ෂිලාහි පුක්කුසාති රජ බිම්බිසාර රජතුමාෙග් මිත්‍රයකු ව සිටිෙය් ය. බිම්සර රජ විසින් ඔහ්ට රන්පතක ලියූ දහම් ලිපියක් යවන ලදි. ලිපිය කියවා ප්‍රසාදයට පත් ප්රක්කුසාති රජතුමා බුදුරජාණන් වහන්ෙස් හමුවීමට පැමිණ උන්වහන්ෙස්ෙග් ශ්‍රාවකයකු වූෙය්ය.
ධර්මාශෝක රාජසමය
බුදුසමයේ දේශාන්තර ව්‍යාප්තියේ වැදගත්ම අවධිය ධර්මාශෝක රාජ්‍ය සමය යි. එම අවධියේ දී බුදුසමය විවිධ ප්රදේඔවල ප්‍රචාරය කිරීම සදහා අවඔ්යතාවක් ඇති වීමට බලපෑ ප්‍රභල හේතු දෙකක් දක්නට ලැබෙයි.
(I).චණ්ඩාශෝක රජු ධර්මාශෝක රජුවී සිය දේශපාලන හා සමාජ දර්ශනය සකසා ගැන්ම ඓතිහාසික වඔයෙන් විශිෂ්ඨ සිද්ධියකි. සැදැහැති බෞද්ධයකු රජ රණ බෙර (භේරි ඝෝෂා)වෙනුවට දහම් හඩ (ධර්ම ඝෝෂා) පැතිරවීම තෝරා ගත්තේ ය. එයින් ගම්‍ය වන දේශපාලන අර්ථය වන්නේ ආක්‍රමණය පදනම්ව පැවැති බ්‍රාහ්මණ සමාජ- දේශපාලන ධර්මය වෙනුවට පඤ්චශීලය හා සක්විති වත් පදනම් කොටගත් බෞද්ධ - සමාජ දේශපාලන දහම ඉදිරිලත් කිරීමට අධිෂ්ඨාන කර ගැනීමය. මෙය පළමු වන හේතුව සේ දැක්විය හැකිය.
(II).ථෙරවාද භික්ෂු සංඝයා අතර සිදු වූ භේදය දෙවැන්න ය. සත් වසරක් භික්ෂු සංඝයා අතර උපෝසථ කර්මය සිදු නොවීමට තරම් බරපතල වූ මේ දාර්ශනික මතවාදය ථෙරවාද විභජ්ජවාදී භික්ෂූන් වහන්සේගේ දෘෂ්ටියෙන් බලන කල අන්‍ය තීර්ථකයන් ශ්‍රමණ වෙස් ගෙන සග සසුනට ඇතුළු වීමය.එබදු මතධාරීන් ඉවත් කිරීම සදහා ධර්මාශෝක රජතුමාගේ දායකත්වයෙන් මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ මෙහෙයවීමෙන් පැවැත්වූ ධර්ම සංගායනාවෙන් අනතුරුව ඒ මත දැරූ අය ‘සර්වාස්තිවාද’ නමින් නව නිකායක් බවට පත් වූ බව ශාසන ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. මෙබදු තත්ත්වයක් උද්ගත වීම ථෙරවාද සංඝයා වහන්සේ තුළ ධර්මදුත මෙහෙවර පිළිබද නව උද්‍යේගයක් ජනිත කරවන්නට ඇත. මොග්ගලීපුත්තතිස්ස හිමිපාණන් දෙ වැනි ධර්ම සංගායනායට අනතුරුව ඊට පෙර බුදුසමය ව්‍යාප්ත නො වී පැවැති භාරතීය පෙදෙස් වලට පමණක් නොව භාරත දේශයෙන් පිටත පෙදෙස් වලට ද ධර්මදූත පිරිස් යැවූයේ මේ හේතුව නිසා බව හැගේ. තෙවැනි සංගීතියේ වැදගත්ම ප්‍රතිඵලය වූයේ බුදුසමය භාරතය තුලත් ඉන් පිටස්තරත් ව්‍යාප්ත කිරීමට ධර්මදූත සේවා මෙහෙය වීමය.බුදුදහමෙහි ආචාර ධර්ම පදනම්කොට ගෙන අශෝක රජතුමා සකසා ගත් අශෝක ධර්මය මගින් භාරතය තුළ ප්‍රබල ධර්ම ව්‍යාප්තියක් ඇතිවිණි. ධර්මාශෝක රජතුමාගේ ශිලා ලේඛන (රූපනාථ, සාරානාථ, යෙරර්ගුඩ්, කාලිංග ලිපි 1, 7, 12, 14, 16 වැනි ලිපි) පරීක්ෂා කරන කල මෙය ප්‍රකට වෙයි. අභිෂේකයෙන් විසි හත් වැනි වර්ෂයෙහි කළ දහතුන් වන ගිරි ලිපියේ ඔහු ධර්මප්‍රචාරය කළ ස්ථාන නාමාවලියක් ඉදිරිපත් කරයි.එහි ස්ථාන දහ අටක් නම් කර ඇත. ඒවායින් දහතුනක් ඉන්දියාවේ ම විවිධ ප්‍රදේශ ය. ඉතිරි ඒවා විදේශයෝ ය.
ධර්මාශෝක රජතුමාගේ ධර්ම ප්‍රචාරය පුරාවිද්‍යාත්මක තොරතුරුවලින් හා කැණීම් වලින් තහවුරු වී ඇත. ආචාර්ය කනිංහැම්ගේ වාර්ථාවන්හි සාංචියේ අංක දෙක දරන ස්ථූපයේ කරඩුවක සටහන් වී තිබූ නම් කිහිපයක් දක්වා ඇත. විදේශයන්හි ධර්මප්‍රචාරයට යවන ලද ධර්මදූතයන් යහන්සේලා වහන්සේලා කිහිප නමකගේ නම් එහි ඇතුළත්ව ඇතැයි ඉතිහාසඥයෝ පිළිගනිති. එක් ධර්මදූත පිරිසක් යවන ලදැ’යි කියැවෙන ස්වර්ණභූමිය කුමක් දැයි තවමත් විවාදාපන්න ය. මේ නම භාරතීය සාහිත්‍යයේ පමණක් නොව ග්‍රීක, ලතින්, අරාබි හා චීන සාහිත්යන්හි ද දක්නට ලැබෙයි. මේ සම්බන්ධ ජාතක කථා , කෝෂ හා බෘහද්කථා යන ග්රන්ථ වල සටහන් පිරික්සූ ආචාර්ය මජුම්දාර් ස්වර්ණ භූමි ප්‍රදේශයට භාරතයේ සිට මුහුදින් ගමන් කල හැකි බව සදහන් වීමද සැලකිල්ලට ගනිමින් ‘භූමි’ යන්න විශාල ප්‍රදේශයක් සදහා යෙදෙන පදයක් නිසා, බුරුමය, මැලේසියාව, ඉන්දුනීසියාව ද හසුවන භූමි ප්‍රදේශය එ කල මේ නමින් හැදින්වුණු සේ අනුමාන කරයි. බුරුමයේ හා තායිලන්තයේ ජනකතා වල ඒ රට වලට ධර්මය හදුන්වාදුන් අය සේ සෝණ හා උත්තර යන හිමිවරුන් දෙනම දැන්වීම ද මෙහි ලා සැලකිල්ලට ගත යුතු වෙයි.
කණිෂ්ක රාජ්‍ය යුගය
ධර්මාශෝක රජුගෙන් පසු බුදු සමයේ ව්‍යාප්තිය පිළිබද පියවරක් තැබූයේ කණිෂ්ක රජතුමා ය.ධර්මාශෝක රජු ෙථරවාද විභජ්ජවාදීන්ට ඉටු කල සේවය කණිෂ්ක රජතුමා සර්වාස්තවාදීන්ට ඉටු කල බව දක්නට ලැබෙයි. සිවු වන ධර්ම සංගායනාව පවත්වන ලද්දේ කණිෂ්ක රජුගේ දාකත්වයෙනි. අශෝක සමයෙහි දී සර්වාස්තිවාදයේ උදාව නිසා විභජ්ජවාදීහු ධර්ම ප්‍රචාරය පිණිස පෙළඹුන හ. කණිෂ්ක සමයේ මහායාන බුදුසමයේ උදාව නිසා සර්වාස්තිවාදීහු ධර්ම ප්‍රචාරය වෙත යොමු වූ හ.මේ සමයේ දී බුදුසමය ව්‍යාප්ත වූයේ මධ්‍ය ආසියාව හරහා චීනය දෙසට ය. එහෙත් මහායානය ද සර්වාස්තිවාදීන් පසු පසම මධ්‍යාසියාව හා චීනය තෙක් ගිය හෙයින් මේ ව්‍යාප්තිය අශෝක රජුගේ කාලයේ වූ ව්‍යාප්තිය එතරම් ඵලදායී වී ඇත්දැයි ප්‍රශ්ණ කිරීමට සිදු වෙයි.
බුදු සමය ව්‍යාප්ත වූ සැම රටක ම එහි සම්ප්‍රාප්තිය පිළිබද විසිතුරු කථා පුවතක් අසන්නට ලැබෙ යි. ලක් දිවට බුදුසමය පැමිණි කථා පුවත අපි දනිමු. බුරුමය, තායිලන්තය ආදී රටවලට බුදුසමය සම්ප්‍රාප්ත වූ ආකාරය ද විචිත්‍ර වර්ණනාවන්ගෙන් යුතු ව ඉදිරිපත් කෙරෙයි. එය සාමාන්‍යයෙන් ආගම හා බැදෙන පුරාවෘත්තසේ වියත්තු සලකති. බුදුසමයේ දේශාන්තර ගමනේ දී ඒ ඒ රටවල් බුදුසමය පිළිගත් අයුරු කෙටියෙන් විමසා වටහා ගැනීම ප්‍රයෝජනවත් ය.
බුරුමය
බුරුමය ථෙරවාද බුදුසමය පවත්නා රටක් වශයෙන් බෞද්ධ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වූයේ ඈත අතීතයේ සිට ය. අපේ දීපවංශය හා මහාවංශය ද ශ්‍රී ලංකාව හා බුරුමය සමග බැදුණු තොරතුරු වාර්ථාගත කොට ඇත.
බුරුමයට බුදුසමය ලැබුණු ආකාරය පිළිබද ව බුරුම වැසියන් විවිධ ජනප්‍රවාද නතා පවති යි. ලක් වැසියන් අතර බුදුරජාණන් වහන්සේ තෙ වරක් ලක්දිවට වැඩම කලහ යන විශ්වාසය අද මේ දක්වාත් පැවතගෙන එයි. මේ විශ්වාස තහවුරු කිරීමට ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක සාධක අසමත් වුව ද ඒවා ජන හද ගැබෙහි නිදන් ව පරපුරෙන් පරපුරට ගලා එයි. බුරුම රට පිළිබද තත්ත්වය ද මෙ බදු ම ය.
බුරුමයට බුදුසමය පැමිණීම පිළිබද කතා පුවත් වලින් එකක බුදුරජාණන් වහන්සේ ලේඛයිං නැමති ගමට වැඩම කල බව කියැවෙ යි. මේ ගමේ වෙළෙන්දෝ දෙදෙනෙක් සදුන් ලීයෙන් පන්සලක් තැනූ හ. එහි වැඩ කටයුතු ඉවර වන තුරු වරින් වර පැමිණ බුදුරජාණන් වහන්සේ වැඩ පිරික්සූ බවත්, වැඩ නිම වූ ආරාමයෙහි කිලයක් වැඩ වාසය කල බවත් සදහන් වෙයි. කලක් එහි විසූ බුදුරජාණන් වහන්සේ බුරුම රය මතු දවස බෞද්ධ රාජ්‍යයක් වන බව ද පැවසූ හ යනු බුරුම බෞද්ධයන්ගේ විශ්වාසය යි.
බුදුරදුන්ට ප්‍රථම දානය පිළිගැන් වූ තපස්සු - භල්ලුක වෙළෙද දෙබෑයෝ බුරුම ජාතිකයෝ යි. ඔවුහු බුදුරදුන් වෙතින් ලත් කේශධාතු සිංගුත්තර කදු මුදුනෙහි දාගැබක තැන්පත් කලහ. ‘ශ්වේදගොන්’ යනු ඒ දාගැබ ය යන්න බුරුම බෞද්ධයන් අතර පවත්නා තවත් විශ්වාසයකි. බුරුමයේ රාජවංශය ද ශාක්යයන්ලෙන් පැවත ආ බව ඔවුහු අදහති.
අපේ වංඅපේ වංශකථා අනුව තෙ වැනි ධර්ම සංගීතියෙන් පසු නව ධර්ම ප්‍රචාරය වැඩම කළ භික්ෂූන් වහන්සේලා අතුරින් සෝණ සහ උත්තර යන දෙනම වැඩම කළේ ‘සුවණ්ණ භූමියට’ යි. ‘සුවණ්ණ භූමි’ යන්න පිළිබද ඉතිහාසඥයන් අතර වාද විවාද පවති යි. සමහරු මලය අර්ධද්වීපය ම ගැනෙන සේ ‘සුවණ්ණ භූමි’ යන්න හදුන්වති. කෙසේ වුවද බුරුම රට ඇතුළත් වන සේ විශාල ප්‍රදේශයක් මීට අයත් වන්නට ඇත. ඒ අනුව ධර්මාශෝක රජු දවස බුදුසමය බුරුමයට පැමිණීම සිදු වන්නට ඇත.
පුරාවිද්‍යාත්මක සාධක අනුව හත් වන ශත වර්ශය වන විට බුරුමයේ පියුවරුන් විසූ හ්මාවුසා පෙදෙසේ බුදුසමය ප්‍රබල ලෙස පැතිර පැවති බව සනාථ වෙයි. ක්‍රි.ව. 640 දී උතුරු බෙංගාලයේ දී මුහුදින් එහා ජනපද ගැන විමසූ හියුංසියෑංට ශ්‍රී ක්ෂේත්රයේ බුදුසමය ගැන කියා දෙනු ලැබ ඇත. චීනයේ ටෑං රාජ වංශයේ වාර්ථා වලින් ද සනාථ වන පරිදි මේ ශ්‍රී ක්ෂේත්රය නම් ථරෙකිත්තර නමින් බුරුම වාසීන් හැදින් වූ පියු අගනුවර යි. මේ ජනතාව ඇදහූ බුදුසමය ථෙරවාදී එකක් බවත්, පාලි භාෂාවෙන් පැවති පෙළ පොත් ඔවුන් භාවිත කල බවත් පුරාවිද්‍යාඥයෝ නිගමනය කරති. ලැබී ඇති සාධක අනුව ඔවුන්ට බුදුසමය ලැබෙන්නට ඇත්තේ ක්‍රි. පූ. පස්වන සියවසට පෙර බව පෙනේ. දැන් පියු ගෝත්‍රිකයෝ හදුනා ගත නො හැකි තරමට බුරුම ජාතියට මිශ්‍ර වී සිටිති.
බුරුම ජාතිය හා මිශ්‍ර වූ තවත් ජන කොටසක් සේ පහළ බුරුමයේ මොන්වරුන් දැක්විය හැකිය හැකි ය. සියමේ හා පහළ බුරුමයේ විසූ මොන්වරුන් මෙන් ‘රමෙන්’ නමින් හදුන්වා ගත්හ. ‘රාමඤ්ඤ’යන්න සෑදෙන්නේ මේ පදයෙනි. අරාබි ඉතිහාසඥයන් පහළ බුරුමය හා සියම ඇතුළත් බිම් පෙදසෙ හදුන්වා ඇත්තේ ‘රාමඤ්ඤදේශ’ නමිනි. මොන් ප්‍රදේශ වල ද ථෙරවාද බුදුසමය ව්‍යාප්ත වී තිබිණි. මේ ප්‍රදේශයට බුදුසමය ලැබුණේ කවර පෙදෙසකින් දැයි නියතව පැවසිය නොහැකි වුවද එය මලයානු අර්ධද්වීපයෙහි දකුණු ප්‍රදේශයේ ලිගෝර් වැනි ස්ථාන වල පැවැති බෞද්ධ මධ්‍යස්ථාන වෙතින් ලැබෙන්නට ඇතැ’යි අනුමාන කල හැකිය. ඉන්දියානු විසින් ජනාවාස කළ මේ පෙදසේ වලින් ‘ක්‍රා’ පෙදෙස හරහා සියමට ද එයින් පහළ බුරුමයට ද විහිදෙන්නට ඇත.
බුරුමයේ හා සියමේ මොන් ගෝත්‍රිකයෝ බෞද්ධ ශිෂ්ටාචාරයේ ආලෝකය ලැබූහ. උතුරේ ‘ථායි’ නමැති මනුෂ්‍ය කොට්ඨාසයක් චීන අධිරාජ්‍යයට අයත් නන්චාඕ නම් ප්‍රදේශයෙහි වාසය කළ හ.ඔවුහු එහි ඇතිවූ විවිධ දුෂ්කරතා නිසා අට වන සියවසේ දී පමණ දකුණට සංක්‍රමණය වූහ. මේ පිරිසෙන් එක් කොටසක් සියමෙහි ද තවත් කොටසක් බුරුමයෙහි පදිංචි වූහ. බුඑුමයේ පදිංචි වූ කොටස ‘ම්‍රම්ම’ යන නමින් හදුන්වනු ලැබිණි. පගාන් නුවර සිට හැතැප්ම සියයකට පමණ නැගෙනහිරින් වූ ස්ථාන දක්වා මොන්වරුන් පදිංචි වූ ජනාවාස ව්‍යාප්ත විය. මොවුන් අතර පහළ වූ අනෞරථ නමැති රජතුමා බුදුසමය වැළද ගත්තේ ය. රට පුරා පැවති පූජා වස්තු පගාන් අගනුවර වෙත එකතු කරගත්තේ ය. හෙතෙම ථෙරවාද බෞද්ධ සාහිත්‍යය විෂයෙහි මහත් උනන්දුවක් දැක්වී ය. රජතුමා ධර්ම සාහිත්‍යය වෙත නැඹුරු වීමට ෂින් අරහන් හිමියෝ මහත් සේ බලපෑ හ.
බුදුසසුන පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ යනුවෙන් ත්‍රිවිධ ශාසනයෙන් සැදුම් ලබයි. මෙ කල බුදුන් වදාළ ධර්මය මොන් අකුරින් ලියා තිබුණි. ඒ ග්රන්ථ පහළ බුරුමයේ ථටොන්හි රජකළ මනුහ (මනෝහාරී) වෙත තිබිණි. මෙ බැව් දත් අනෞරථ රජතුමා ඒ ධර්ම ග්‍රන්ත තමාට ලබා දෙන ලෙස දූතයන් මගින් ඉල්ලීමක් කළේ ය. එහෙත් මනූහ ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය. එයින් පසුබට නොවූ අනෞරථ රජ බළසෙන් පිරිවරා ගොස් මනූහ යටපත් කොට ගෙන ධර්ම ග්රන්ථ ලබා ගත්තේ ය. ඒ ත්‍රිපිටකය මොන් අක්ෂර වලින් ලියැවී තිබූ නිසා අනෞරථ රජතුමා ඒවා බුරුම අත්ෂරයෙන් ලියවී ය. රජුගේ මාර්ගෝප දේශකත්වය යටතේ රටපුරා දාගැබ් ඉදි කැරිණි.
ජනතාව තුළ යහගුණ වඩනු වස් ධර්මය පදනම් කොට අධ්‍යාපන ක්‍රමයක් රට පුරා වර්ධනය කරවී ය. ජන ජීවිතය ශක්තිමත් කරනු වස් කෘෂිකාර්මික කටයුතු සීඝ්රාකාරයෙන් ව්‍යාප්ත කළේ ය. කෘෂිකාර්මික සංවර්ධනය නිසා අනෞරථ රාජ්‍ය සමයෙහි ආර්ථික සමෘද්ධියක් ඇති වූයේ ය. එකොළොස් වන සියවසේ දී අනෞරථ රජතුමා ශ්‍රී ලංකාවට බෞද්ධ දූත පිරිසක් එවා බෞද්ධ ධර්ම ග්රන්ථ ගෙන්වා ගත්තේ ය. මෙ කල සිරිලක අගරජු වූයේ පළමුවන විජයබාහු රජතුමා ය. පසු කලෙක අනෞරථ රජතුමා උත්තරජීව හා ඡප්පට හිමියෝ වසර දහයක් ලක්දිව වැඩ වාසය කරමින් ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාගෙන් ථෙරවාද විනය පිටකය මනා ව උගත් හ.
උන්වහන්සේ ක්‍රි.ව. 1180 දී පෙරලා බුරුම දේශයට වැඩම කල හ. ඒ හිමියෝ නව සීමාවක් ඉදි කොට ‘සීහලසංඝ’නමින් අභිනව නිකායක් ආරමිභ කළ හ. ‘සීහලසංඝ’ නිකාය ආරම්භ කරන කල බුරුමයේ විසූ පැරණි සංඝයා ‘පුරිමහණ’ නමින් හදුන්වනු ලැබිණි. ‘සීහලසංඝ’ ක්‍රි.ව. 1190 පමණ වන විට බුරුමයේ ප්‍රභල ම සම්ප්රධය විය. සිංහල සංඝ පරපුර අග්නිදිග ආසියාවේ ථෙරවාද බුදුසමයේ ප්‍රචාරය විෂයෙහි ඉමහත් සේවයක් කල බව කිව යුතු ය. මෙ මගින් ශ්‍රී ලංකා - බුරුම සබදතාව ද තහවුරු විය.
ක්‍රි.ව. 1287 දී ටිමුර් නමැති ආක්රණිකයා විසින් පගාන් අගනුවර අල්ලා ගන්නා ලදි. ඒ නිසා මොන්වරුන්ට දකුණට පසු බසින්න සිදු විය. ශතවර්ශ දෙකකට පමණ පසු පේගුවල නව රාජධානියක් ඇරඹිණි. ක්‍රි.ව. 1539 දක්වා හය ස්වාධීන රාජධානියක් වශයෙන් පැවැතුණි. පේගු අසල ධීවර ගමක් වූ දගොන් පිහිටියේ ය. එයට ඒ නම ලැබී ඇත්තේ ශ්වේදගොන් දාගැබ නිසාය. තපස්සු - භල්ලුක වෙළෙද දෙබෑයන් රැගෙන ආ කේශ ධාතු මෙහි තැන්පත්ව ඇතැ’යි යන විශ්වාසය නිසා බෞද්ධ වන්දනාකරුවෝ මෙහි ඇදී එති. අද දක්වාත් බෞද්ධ බැතිමත්හු ශ්වේදගොන් චෛත්‍ය වැද පුදා ගැනීමට සමූහ වශයෙන් පැමිණෙති. නොයෙක් නොායක් කාලසීමාවන්හි දී විවිධ රජවරු ශ්වේදගොන් චෛත්‍යරාජයා විශාළ කරමින් ප්‍රතිසංස්කරණය කළ හ. මේ කුඩා ගම්මානය ක්‍රමයෙන් නගරයක් බවට පත් විය. 1755 දී එය ‘රැන්ගුන්’ නමින් නම් කරනු ලැබ අද දක්වා පහළ බුරුමයේ අගනුවර වශයෙන් පවති යි.
පේගු නුවර රජ පදවියට පත් රජුන් අතර ධම්මචේතිය රජ (ක්‍රි.ව. 1472 - 1492) ඉතා වැදගත් ස්ථානයක් උසුල යි. මේ වකවානුවෙහි දී ශ්‍රී ලංකාවේ පරාක්‍රමබාහු රජතුමා විසින් සංඝයා සමගි කොට, පුනුරුත්තාපනයට පත්කොට තැබූ ලක් බුදුසමය පිළිබද කීර්තිය අග්නිදිග ආසියාව පුරා පැතිර පැවතුණි. ධම්මචේතිය රජු රජවීමට හසර විසිහයකට පෙරාතු ව ද බුරුම තෙරවරු පිරිසක් කොළඹ දී ශ්‍රී ලංකාවේ සංඝරාජයාණන් වහන්සේ වෙතින් උපසම්පදාව ලැබූහ. ධම්මචේතිය රජ ශ්‍රී ලංකාවට නැව් දෙකකින් භික්ෂූන් දෙ විසි නමක් එවා සිව් වැනි බුවනෙකබාහු රජුගේ අනුග්‍රහය යටතේ කල්‍යාණි සීමා මාලකයේ දී උපසම්පදා කරවා ගත්තේ ය. බුරුමයේ දක්නට ලැබෙන කල්‍යාණි ශිලා ලිපි වල නිර්මාතෘවරයා මොහුය. මේ ලිපි වලින් අනාවරණය වන පරිදි ලක්දිව දී උපසපන් වූ භික්ෂූන් බුරුමයට වැඩි පසු ඔහු විසින් ‘කල්‍යාණි සීමා’ නමින් උපොසථ කර්ම කිරීම සදහා සීමා මාලකයක් ඉදි කරන ලදි. එකල බුරුමෙයහි විසිර තිබූ විවිධ නිකාය වලට අයත් සියළු ම භික්ෂූන් වහන්සේලා එහි රැස් කරවා, ශ්‍රී ලංකාවේ දී උපසම්පදාව ලත් භික්ෂූන් වහන්සේගේ උපදෙස් පරිදි, එහි රැස් වූ භික්ෂූන් වහන්සේ සියළු ම දෙන නැවත උපසම්පදාවට ඇතුළු කළ හ. මෙහි දී උපසපන් බව ලත් භික්ෂූන්ගේ සංඛ්‍යාව 15,666ක් වෙති’යි සදහන් වෙ යි. මේ ශාසන ශෝධනයත් සමග ම බුරුමයේ බෞද්ධ ඉතිහාසයේ නව කාල පරිච්ඡේදයක් සටහන් කරනු ලැබිණි.
බුදුසමයේ සම්ප්රාප්තියත් සමග බුරුම දේශයේ චින්තනයෙහි ද සංස්කෘතියෙහි ද නිනිධ වෙනස්කම් ඇති විය. බෞද්ධ ඉගැන්වීම් ගලා ඒමත් සමග දේශයේ වූ සංස්කෘතික හර වෙනස් වන්නට විය. බුදුසමය පැමිණීමට පෙර බුරුම වැසියෝ විවිධ දෙවි දේවතාවුන් ද ගස්,ගල් පර්වත වැනි අවිඥානක වසිතූන් ද ඇදහූහ. බුදුසමය බුරුම ජනතාව තුළ කෙතරම් තදින් කාවැදී ගියේ දැ’යි කිවහොත් ඔවුන් වැදුම් පිදුම් කල දෙවි දේවතාවුන්ට හා භූතයන්ට පවා බෞද්ධ මුහුණුවරක් ලබාදුන් බව පැහැදිළිව දක්නට ලැබෙයි. බුදුරදුන්ගේ ඉගැන්වීම් වැළදගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් බුරුම ජනයා දිනෙන් දින ශිෂ්ට සම්පන්න විය සදාචාර සම්පන්න විය. සංස්කෘතික සාරධර්ම පියවරින් පියවර උසස් තත්ත්වයට නැගිණි. නො දියුණු , නො මේරූ සිරිත් විරිත් වලට හ්ර් ප්ර්ද්ව සිටි බුරුම ජනතාව බුදුසමය ඉතා දියුණුවෙන් දියුණුවට පත් වූයේ ය.
බෞද්ධ දර්ශනය නිදහස් චින්තනය පුන පුනා අවධාරණය කරයි. බුදුසමයේ ස්පර්ශය ලත් කවර රටක වුව ද ජනතාව නිදහස් චින්තනය අගය කරනු අදද දක්නට ලැබෙ යි. බෞද්ධයන් වැඩිපුර වසන කවර රටක වුව ද නිවහල් චින්තනය රජ කරනු දක්නට ලැබේ. බුරුම ජනතාවට ද මේ ආශිර්වාදය උරුම වූයේ ය. මේ හේතුව නිසා බුරුම වැසියා ඥනයට ගරු කරන අභිධර්මය වැනි උසස් ඉගැන්වීම් අගයන ජනකායක් බවට පත්විය. විවිධ ජන කොට්ඨාස එක් වීමෙන් සැදුම් ලත් බුරුම ජනයා ජාතියක් වශයෙන් ඒකාග්ර වූයේ ද බුදුසමය නිසා ය. බුරුම ජනතාවගේ සමාජ ජීවිතය හැඩගැස්වීමෙහිලා බුදුසමයෙන් ලත් ආභිශය අතිමහත් ය. භාරතීය බ්‍රාහ්මණයන් විසින් ඉස්මතු කොට දැක් වූ කුල භේදය ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කල අයුරු අපි දනිමු. බෞද්ධ ආභාසය ලත් බුරුම ජනතාව කුල භේදයට සපුරා පටහැනි වූයේ ය. මේ නිසා බුරුම සමාජය තුළ කුල භේදය වැනි පරිහානිය කරා යොමු වන අමනෝඥ සමාජ ධර්ම වලට කිසිදු තැනක් නො ලැබුණි. ඉුරුම භාෂාවෙහි කුල භේදය හගවන වචනයන් ද නැතැ’යි භාෂා විශාරදයෝ ගෙනහැර දක්වති.
බුදුසමය බුරුම ජනතාවගේ දෛනික ජීවිතය හැඩගැස් වූවා පමණක් නොව ආධාත්මික ශක්තිය ලබා දුන් බලවේග ද විය. මේ නිසා බුරුමයේ සැම පිරිමියෙක් ම ජීවිතයේ කවර අවස්ථාවක හෝ සුළු කලකට වුවද පැවිදි වීම ජාතික චර්යාවක් බවට පත් ව ඇත. මේ පැවිදි බව බොහෝ විට සිදු වූයේ බාල කාලයේ දීය. සැදැහැවත් බෞද්ධ දෙමව්පියන් විසින් සිය පුතුන් යටත් පිරිසෙයින් වස් කාලයේ දී වත් සසුන්ගත කිරීම සිරිත විය. සම්පූර්ණ වස් තෙ මස පැවිද්දකු ලෙස විසුමට අසමත් අය අවම වශයෙන් සතියක් වත් පැවිදි ව සිටිය යුතු ය. එහෙත් සමහර දරුවෝ පැවිදි වී මුළු ජීවිතයම ඒ සදහා කැප කරති. පැවිදිව සිව්රු හල තැනැත්තා ඉතා උසස් පුද්ගලයකු ලෙස සලකනු ලැබෙයි. බුරුම තරුණියෝ විවාහ වීමේ දී සිය මනාලයා කලින් පැවිදිව සිටියේ දැයි අනිවාර්යෙන් ම සොයා බලති. පැවිදිව නොසිටි තරුණයෙකු නම් අඩු ගණනේ සතියක් ව පඅවිදිව සිට පැමිණෙන ලෙස විහාරස්ථානයකට යොමු කරති.
සාමාන්‍යයෙන් වැඩ වසම් සමාජය තුළ කාන්තාවට වරප්‍රසාද ඇත්තේ ම නැති තරම් වුවද බුරුම කින්තාවට පුදුමාකාර ලෙස සාමාජික නිදහස උරුමය . ආසියාවේ වෙන කිසිම රටක නොමැති තරම් නිදහසක් බුරුම කාන්තාවට හිමි ය. තමන් කැමති ඕනෑම තරුණයකු සමග විවාහ වීමේ නිදහසක් ඔවුන්ට ඇත. බොහෝ රටවල කාන්තාවන් සටන් කොට ලබාගත් අයිතිවාසිකම් බුරුම කාන්තාවට බුදුසමය නිසා නිරායාසයෙන් ම ලැබිණි.
බුරුම ජනතාව විනෝදාශ්වාදය ලැබූයේ බෞද්ධ උත්සව මගිනි. වස් කාලය අවසන් වීමෙන් පසු ඇති වන විවිධ උත්සවයන්ගෙන් මෙය මනාව ප්‍රකට වෙයි. බුදුරජාණන් වහන්සේගේ දරිතය හා බැදුණු විශේෂ දින නිමිති කොට සිදුවන උත්සව මෙහි ලා ප්‍රමුක වෙයි. බුරුම ජනතාවගේ සමස්ථ ජීවිතය ම බුදුසමය හා බැදී පවති යි.
ථායිලන්තය (සියම)
බෞද්ධ පුරාවෘත්තයන්හි සෝණ සහ උත්තර යන දෙනම ධර්ම ප්‍රචාරය පිණිස සුවණ්ණ භූමියට වැඩම නල බව සදහන් වෙයි. ථායිලන්තවාසීහු එම සුවණ්ණ භූමිය සිය රට සේ පිළිගනිති. මජුම්දාර් මතය අනුව ‘සුවණ්ණ භූමි’ ප්‍රදේශයට ථායිලන්තය ද ඇතුළත් ය. පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික සාධක අනුව මේ ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වූ මොන්වරු ඉපැරණි අවධියේ සිට භාරතය සමග සබදතා පවත්වා ඇත. මේ සබදතා විෂයෙහි දලය අර්ධද්වීපය වැදලත් මධ්‍යස්ථානයක් වූයේ ය. භාරතීය හුරුවක් ඇති, පස් වැනි සියවස තරම් අතීතයට දිවෙන නටබුන් මලය අර්ධද්වීපයේ ලැබී ඇත. එසේ ලද භාරතීය බලපෑම් ඇසුරෙන් මොන්වරුන් බුදුසමය වැළදගෙන පන්සල් හා බුද්ධ ප්‍රතිමා නිර්මාණයෙහි නිරත වූ බවත්, තමාගේ ම කලා සම්ප්රදායයක් නිර්මාණය කල බවත් කිව හැකි ය. මේ තත්ත්වය ද්වාරවතිය අගනුවර කොට ගත් දකුණු ථායිලන්තයෙහි දක්නට ලැබේ.
උතුරු ථායිලන්තයට බුදුසමය ලැබුණේ මීට මද කලෙකට පසුව ය. ලන්නා දේශය වශයෙන් හැදින්වෙන එහි ලංවාං හා චියෙං මායි නගර පිහිටියේ ය. පැරණි ථායි ජනයා විසූ මේ පෙදෙසට අටවන සියවසේ දී පමණ බුදුසමය ලැබිණි. චාමාදේවියගේ (චම්ම දේවියගේ) අනුග්‍රහය යටතේ මෙය සිදු වූ බව වාර්ථාගතව ඇත.
ථායිලන්ත ඉතිහාසයෙහි රාජධානි තුනක් ගැන සදහන් වෙයි. එිවා නම් සුඛෝදය (ස්ඛොතායි), අයෝධ්‍යා (අසුතියා) සහ බැංකොක් යනු යි. සුඛෝතායි රාජධානියේ ආරම්භයේ සිට අද දක්වා ම ථායි රජවරුන් බුදුසමයේ ප්‍රධාන ආරක්ෂකයන් සේ ක්‍රියා කොට ඇත. අද දක්වා ම ථායිලන්තයේ රාජ්‍යාගම බුද්ධාගම ය.
එකොළොස් වැනි හා දොළොස් වැනි සියවස් වල බුරුහ ථායිවරුන් ථායිලන්තයේ උතුරු හා ඊසාන පෙදෙස් වල පැතිරෙන්න වූහ. ඔවුහු ලාඕසය තෙක් ම විහිදී මොන් ජනයා සමග විවිධ අයුරින් සම්මිශ්‍රණය වූහ. ක්‍රි.ව. 1287 දී ථායිලන්තය (සියම) මුළුමනින් ම ථායිවරුන් අතට පත් වූ අතර ඔවුහු රට තුනට බෙදා ගත්හ. මේවායින් මීනෑං නදියෙන් ඉහළ කොටස් (උතුරු තායිලන්තය) ලබාගත් මංරායි හා මීනෑංවලින් පහළ පෙදෙස් (මධ්‍ය හා දකුණු ථායිලන්තය) ලබාගත් රාමඛම්හේං බුදුසමය සම්බන්ධ ව වැදගත් වෙයි.
උතුරු තායිලන්තය මංරායි රජුට අයත් වීමට වසර පන්සියයකට පෙර බුදුසමය එහි සම්ප්‍රාප්තව තිබිණි. චාමාදේවී වංශයේ සහ ජිනකාලමාලිනියේ විස්තර වන පරිදි පහළ බුරුමයේ මොන් හංශයේ රජ කෙනෙකුගේ දියණික වූ චාමාදේවී බුදුසමය එහි ව්‍යාප්ත කිරීමෙහි ලා පුරෝගාමීව කටයුතු කළා ය. ඒ අට වන සියවසේ දී පමණ ය. උතුරු ථායිලන්තයේ බුදුසමය නොමැති බව අසා දැනගත් දේවිය උතුරට පැමිණියා ය. හරිපුඤ්ජය නමැති නගරය ගොඩනගා නව රාජ වංශයක් ද ඇරඹුවා ය. මංරායි ලන්නාහි රජ වූ පසු බුරුමයේ පැවති බෞද්ධ ගෟහ නිර්මාණ ශිල්පයට අනුව තම අගනුවර වූ චියෙංමායි හි බෞද්ධ ආරාම දෙකක් ඉදිකරවී ය. ඒවායින් එකක් නගර මධ්‍යයේ වූ අතර අනෙක නගරයෙන් බැහැර වූයේ ය. ඔහු බෞද්ධ කලා නිර්මාණ විෂයෙහි විශේෂ උද්යෝලයක් දැක්වීය.
ක්‍රි.ව. 1355 – 1385 අතර රජ පදවියට පත් කුනා රජතුමා ශ්‍රී ලංකාවේ ථෙරවාද බෞද්ධ සම්ප්රදාය කෙරෙහි විශේෂ උනන්දුවක් දැක්වී ය. එවකට සුඛෝතායි හි වැඩ සිටි ශ්‍රී ලාංකික භික්ෂුවක් වූ සුමන හිමියෝ මෙතුමාගේ ආරාධනය පරිදි ලන්නා ප්‍රදේශයට වැඩම කලහ. උන්වහන්සේ ආරණ්‍යයක භික්ෂු සම්ප්‍රධාය ලන්නා ප්‍රදේශයට වැඩම කළ හ. උන්වහන්සේ භික්ෂු සම්ප්‍රධාය ලන්නා වැසි ජනතාවට හදුන්වා දුන්හ: ථෙරවාද බුදුසමයේ මාධ්‍යය වූ පාගි භාෂාවද හදුන්වා දුන්හ. පාලි භාෂාව කෙරෙහි උද්යෝගය දෙ ගුණ තෙ ගුණ වූ අතර පාලි වියත්තු ද බිහි වූහ. ඔවුන් විසින් පාලි භාෂානේ පොත් පත් රැසක් රචනා කරන ලදි.
සුඛෝතායි සිය අගනුවර කරගත් රාමකම්හෙං චීනය සමග කිට්ටු සබදතා ඇති කර ගත් රජෙකි. හෙතෙම චීන කුමාරිකාවක් ද සරණපාවා ගත්තේ ය. එහෙත් බුදුසමය සම්බන්ධයෙන් රාමඛම්හෙංග් සිත ඇදී ගියේ මොන්වරුන් ඇදහූ ථෙරවාද බුදුසමය වෙතය . මොහු විසින් පිහිටුවනු ලැබූ ශිලාලේඛන ලිඛිත ථායි බස පිළිබද ඉපැරණි ම ආදර්ශය යි. ඒ සෙල්ලිපිය අශෝක රජතුමාගේ ශිලාලේඛන හා සමාන වෙයි. තමාගේ යෞවන අවධියේ පැවැති රණකාමීත්වය පිළිබද ව ලියූ ඔහු අනතුරුව සිය රාජධර්ම පිළිබද ව ලියා ඇත. මෙතුමා තමා හමු වීමට කැමති අසරණයන්ට සිය දුක් ගැනවිලි ඉදිරිලත් කිරීම පිණිස අවසර ගැනීමට නාද නල හැකි සීනුවක් සිය මාලිගාවේ සවි කළේ ය. ඔහුගේ ක්‍රියාදාමය නිසා ජනතාව අතර ඉතා ඉක්මනින් බුදුසමය පැතර ගියේ ය. පුෂපාරාමඵලාරාම වලින් සැදුම් ලත් පන්සල් සකසා ගැනීමට භික්ෂුන් උද්යෝගමත් කළේ මෙතුමා ය. උගත් භික්ෂූන් වහන්සේලා පන්සල ඇසුරින් අධ්‍යාපනය වෙත යොමු කළේ මෙතුමා ය. ඒ මගින් ථායි බෞද්ධ දරුවෝ පන්සල හා භික්ෂූන් වහන්සේ සමග කිට්ටු සබදතා ඇති කර ගත්හ. මොහු පුත් ලිද්යා (ලිදය්ය) රාජ්‍ය සමයේ දී (ක්‍රි.ව. 1339) ශ්‍රී ලංකාවෙන් උගත් භික්ෂූන් වහන්සේලා ථායිලන්තයට වඅඩම කරවා ගත්හ. විශේෂයෙන් ම මෙතුමා ලංකාවේ ආරණ්‍යයක භික්ෂූ සම්ප්‍රධාය කෙරෙහි ඉමහත් භක්තියක් දක්වා ඇත. එවකට ලක්දිව දිඹුලාගල (උදුම්බරගිරි) වැඩ විසූ සංඝරාජ හිමියන් ථායිලන්තයට වැඩම කල අවස්ථාවේ රජතුමා ඇතුලු රට වැසියාගේ ඉමහත් හරසර දක්වා එතුමන් පිළිගත් හ. මුන්වහන්සේ දිඹුලාගල වැඩසිටි මේදංකර සංඝරාජයාණන් වහන්සේ බව මහාචාර්ය සෙනරත් පරණවිතාන විශ්වාස කරයි.
ථායිලන්ත සග පරපුර ලක්දිව භික්ෂු සංඝයාගේ චර්යා රටාවන් අනුගමනය කරමින් සැකසී ඇති බව දක්නට ලැබෙයි. අයෝද්‍යා යුගයේ දී මෙය වඩාත් ප්‍රබල වූ අතර රජය සමග එකතු වූ විශේෂ සංඝ සංවිධානයක් ද වූයේ ය. මෙකල වූ විශේෂත්ව නම් සග සුනේ භාරකත්වය ආරණ්‍යයක භික්ෂූන් ෙවතින් ග්‍රාම වාසී භික්ෂූන් වෙත මාරු වීම ය. ක්‍රි.ව. 1610 – 1628 අතර රජ පදවිය දැරූ සොංධර්මී රජතුමා විසින් ත්‍රිපිටකයේ රාජකීය සංස්කරණයක් පළ කරන ලදි.ක්‍රි.ව. 1733 – 1758 සමයේ රජ කල දේවමහා ධම්මරාජ රජු දවස, වැළිවිට සරණංකර හිමියන්ගේ ඉල්ලීම පරිදි, පට්ටිපොළ මොහෙට්ටාලගේ නායකත්වයෙන් උපසම්පදාව ගෙන ඒම පිණිස කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා දූත පිරිසක් ථායිලන්තය වෙත යැවී ය. ධම්මරාජ රජතුමා එම දූත පිරිස ගෞරවාදරයෙන් පිළිගෙන උපාලි තෙරුන් ප්රමුඛ ථායි භික්ෂූන් විසිනමයක් ද, ඇමතිවරුන් පස් දෙනෙකු ද, රන් බුදු පිළිමයන් ද ලක්දිවට එවී ය. ක්‍රි.ව. 1753 දී ලක්දිවට සැපත් වූ උපාලි මහතෙරණුවන් ප්රමුඛ ථායි භික්ෂූහු පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර හිමියන් ප්රමුඛ ලාංකික සාමණේර භික්ෂු පිරිසක් උපසම්පදා කල හ. ලක්දිව දැනට ඇති ශ්‍යාමෝපාලි (සියම්) වංශික මහා නිකාය ආරම්භ වූයේ මේ උපසම්පදා විනය කර්මය මගිනි. ඈත අතීතයේ සිට ම ලංකාවත් අතර කිට්ටු සබදතා ඇත.
බුදුසමයේ ආභාසය ථායි ජනතාවට ආශිර්වාදයක් විය. ඔවුහු ජාතික ආගම වූ බුද්ධාගට ඉමහත් ළැදියාවක් දක්වති. ආගන්තුක සත්කාරයෙහි ළැදි, ඉවසන සුළු ජනතාවක් ගොඩනැගී ඇත්තේ බුද්ධාගම නිසා ය. සෙසු ජනයාට හිරිහැරයක් කරදරයක් නො වන සේ අහිංසක විනෝදාස්වාදයක් ලබති. ස්වකීය ජීවිතයේ කවර ප්‍රශ්ණයක දී වුව ද ථායි බෞද්ධයෝ භික්ෂූන්ගේ අවවාද අනුශාසනවල පිහිට පතති. ලක්දිව මෙන් සිය කුළ දේවතාවුන් සේ සළකන භික්ෂුව දුශ්ශීල වුව ද හෙළා නො දකින තරමට ථායි ගිහියා භික්ෂූන්ට ළැදි ය.
ථායි රටේ ඇති උත්සව වලින් වැඩි සංඛ්‍යාවක් බෞද්ධ උත්සව ය. කඨින පූජෝත්සවය රජතුමා ද සහභාගී වී පවත්වනු ලබන සුවිශේෂ උත්සවයකි. බුදුසමය ථායි ජනතාවගේ අධ්‍යාත්මික අවශ්‍යතා පිරිමසාලන්නා සේම ලෞකික ජීවිත ගැටළු වලට විසදුම් සැපයීම ද සිදු කරයි. තෙරුවන් විෂයෙහි අතිමාත්‍ර භක්තියක් දක්වන ථායි බෞද්ධයෝ චරිත පාරිශුද්ධිය ද උතුම් කොට සලකති. ථායි ජන ජීවිතයේ සෞන්දර්යාත්මක රසාශ්වාදයට බුදුසමය මහත් පිටුබලයක් වූයේ ය. බුදුසමයේ ඇති දේශ - කාල වශයෙන් සුඛනම්‍ය වන ගුණය ථායි බුදුසමය පිළිබදව ද එක සේ දක්නට ලැබෙයි.
කාම්බෝජය
ඉපැරණි ඉතිහාසයක් ඇති කාම්බෝජය පිහිටා ඇත්තේ ලාඕසය, වියට්නාමය සහ ථායිලන්තය යන රටවල් අතර ය. කිම්බෝජ ජාතිකයෝ ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ථෙරවාද බුදුසමය මෙහි පැතිර පැවති බව විශ්වාස කරති. කාම්බෝජයට බුදුසමය ලැබුණේ සෝණ හා උත්තර යන ධර්මදූතයන් දෙ පළ වෙතින් යැයි ඇතැම්හු විශ්වාස කරති. එය නිවරදි යයි පිළිගතහොත් එ රටට බුදුසමය ලගා වූයේ අශෝක රජු දවස සදහන් කළයුතු වෙයි. එහෙත් මේ කරුණ සනාථ කල හැකි පුරාවිද්‍යාත්මක සාධක තවම ලැබී නැත. මුල් යුගයේ දී මෙහි බලපෑවේ හින්දු සමය හා මහායාන බුදුසමය යි. මේ කාළ පරිච්ඡේදය ක්‍රි.ව. 400 න් පටන්ගෙන 1400 න් අවසන් වෙයි. ථෙරවාද බුදුසමය ථායිලන්තයට පැමිනුණේ මීට පසුව ය. පෙර පැවති සියළු ආගමික මතවාද යටපත් කොට ගෙන ථෙරවාද බුදුසමය ව්‍යාප්ත වූයේ ය.
මහායාන බුදුසමය හින්දු සමය සමග අත්වැල් බැද ගන්මින් කාම්බෝජයේ ව්‍යාප්ත වූයේ ය. අංකෝජි රජ දරුවන් අතර දෙ වන ධරනීධර වර්මන්, ඉන්ද්‍ර වර්මන්, හත් ව ජය වර්මන් වැනි බෞද්ධ රජවරුන් ගැන අපට අසන්නට ලැබේ. මේ හැම රජෙකුගේම පාහේ සෙල්ලිපි වලින් පෙනී යන්නේ ඔවුන් බ්‍රාහ්මණික දෙවියන් සමග එකට බුදුහු ඇදහූ බවය. මේ අයගේ තත්ත්වය තේරුම් ගැනීමට ක්‍රි.ව. 989 දී උදයාර්ක වර්මන් රජු ශිලා ලේඛණයක එන පුවතක් ගෙන හැර දැක්වීම වටී. එහි සංකර්ෂ නමැත්තකු විසින් ශිවලිංගයක් පිහිටුවීම පිළිබද සදහන් වෙයි. ඔහු එම ලිංගයට බ්‍රහ්මයා, විශ්ණු හා බුදුන් යන තිදෙනාගේ රූප එකතු කර ‘මූණු හතරේ ශිව’ යයි නම් කළේ ය. මේ ලිපියෙන් එකල කාම්බෝජ වැසියන් අතර බුදුසමය පිළිබද ව පැවති අවබෝධයේ තරම පැහැදිළි වෙයි.
තවත් වැදගත් සංස්ථාවක් සේ ‘ආශ්‍රම’ දැක්විය හැකිය. ‘ආශ්රමයක්’ යනු විවිධ ආගමික නිකාය වල අය එකට අධ්‍යාපන කටයුතු කළ ආයතනයක් බව සැළකේ. ඒවායේ වැඩිපුර උගන්වනු ලැබූයේ සංස්කෘත භාෂාව ය. මේ ආශ්රමවල සෞගතයන්ට නවාතැන් දීම ගැන ශිලා ලේඛන ගැන විස්තර සදහන්වෙයි. ඔවුන්ට භික්ෂු හා යති යන නාම ද යොදා ඇත. මොවුන්ට වාසය සදහා බ්රාහ්මණාශ්රමයක් පිළියෙල කරදීම ගැන එක් සෙල්ලිපියක විස්තර දක්වා තිබේ. මෙහි සෞගතයන් වශයෙන් හදුන්වා ඇත්තේ ‘බෞද්ධයන්’ බව නිසැක ය.
කාම්බෝජයේ මහායාන බුදුසමය මුල් බැස ගත්තේ ක්‍රි.ව. 1181 දී රජ වූ හත් වන ජයවර්මන් රාජ්‍ය සමයේ දීය. සශක පහක් පැවති ඔහුගේ රාජ්‍ය සමයේ දී බුද්ධාගම උච්චස්ථානයට පත් වූයේ ය. සියළු ම අංශ වල උද්දීප්තියක් ප්‍රදර්ශනය කල මේ සමය කාම්බෝජයේ ස්වර්ණමය යුගය වශයෙන් බුහුමන් ලබ යි. අපූර්ව නිර්මානයක් වන අන්කෝර්වට් මහා විහාරය ඉදි කොට නිමාවට පත් කරන ලද්දේ මේ කාලයෙහි දී ය. මොහුගෙන් පසු රජ වූ සියළු ම රජවරු ජයවර්මන් අනුගමනය කරමින් රටේ සමෘද්ධිය පතා කටයුතු කලහ. දාහතර වන සියවසේ දී මැද භාගයේ දී ථෙරවාද බුදුසමය කාම්බෝජයේ පැවති හින්දුසමය හා මහායාන බුදුසමය සහ මුලින් ම යටපත් කොට ස්තාපිත වූයේ ය. නිළවශයෙන් ථෙරවාදය වැළදගත් මුල් රජු ලෙස හදුන්වනු ලබන්නේ 1327 දී රජ වූ ජයවර්මන් පරමේශ්වර ය. මෙතැන් පටන් සංස්කෘත භාෂාව වෙනුවට පාලි භාෂාව රාජ්‍ය ලියවිලි වල භාවිත වනු දක්නා ලැබෙයි. ථෙරවාද බුදුසමය අද ද කාම්බෝජයේ රාජ්‍ය ආගම ය.
වර්ථමාන කාම්බෝජ භික්ෂු සමාජය දෙ කොටසකට බෙදා හදුනාගත හැකිය. එ නම් ග්රාමවාසී හා ආරණ්‍යවාසී යනුවෙනි. මේ සියළුම භික්ෂූන්ගේ පාලනය සංඝරාජයන් වහන්සේ නමක විසින් සිදුකරනු ලැබේ. සංඝරාජ පදවිය ඇතුළු වගකිව යුතු සියළු පදවි වලට භික්ෂූන් පත් කරන්නේ කාම්බෝජ රජතුමා විසිනි. ථෙරවාද බුදුසමය ස්ථාපිත වීම නිසා කාම්බෝජයේ පැවති බ්‍රාහ්මණ සංස්කෘතිය විසින් රෝපණය කර තිබූ කුලවාදයෙ හා යාග හෝම සමග බැදී තිබූ දේව විශ්වාසවල ද විවිධ මිත්‍යා ඇදහිලිවල ද මුල් සිදී ගියේ ය. ථෙරවාද භික්ෂූ ජනතාව සමග මනා වූ සුහදතාවකින් හා සමීපතාවකින් ක්‍රියා කරමින් ජනතාවට උපකාරී වූහ.
මධ්‍ය ආසියාව
ගෝබී කාන්තාරය නැගෙනහිර කොට, සමර්කාන්ඩ් දක්වා ඔක්සස් නදී නිම්නය දිගේ විහිදෙන ඇෆ්ගනිස්ථානයට උතුරු පෙදෙස වූ මධ්‍ය ආසියාවෙහි බුදුසමය ඉතා වැදගත් ස්ථානයක් ඉසිලී ය. කණිෂ්ක රජතුමා පෙෂාවෝරයේ පිහිටි අගනුවර සිට මථුරා, කාශ්මීරය, බෝටාන්, ඇෆ්ගනිස්ථානය හා වර්ථමාන ඉරාන දේශ සීමාව තෙක් බටහිරින් විහිදි රාජධානියක් පාලනය කළේ ය. එතුමාගේ රාජ්‍යයේ බටහිර හා උතුරු මායිම් මධ්‍යම ආසියාවේ බුදුසමය පැතිරි පෙදෙසේ එම දිශා වල මායිම් සේ ගත හැකි වුව ද වසර දහස් ගණනක් යනතුරු පෙරදිග පැතිරුනු බුදුසමය මධ්‍ය ආසියාවෙන් වෙළද මාර්ග ඔස්සේ ඈත පෙරදිගට විහිදී ගියේ ය.
මධ්‍ය ආසියාවේ තිබී සොයා ගන්නා ලද බෞද්ධ නටබුන් හා පතපොත නිසා තාරීම් නිම්න භූමිය හා ඒ අවට ප්‍රදේශ බුදුසමය පිළිබද ව මධ්‍යස්ථානයක් ව පැවති බවත්, බුදුසමය පැතිරී ගිය ප්‍රධාන මාර්ගය එය බව පැහැදිළි වෙයි. මේ නිසරු මිටියාවතේ පිහිටි ක්ෂේමභූමි වශයෙන් ගණන් ගනු ලබන්නේ බටහිරින් කෂ්ගාරය, ඊසානයෙන් පිළිවෙළින් කුවා, ඔරගාර්, තූර්ථාන්, හමී යන ස්ථාන ද , ගිණිකොණින් යාර්කාන්ඩ්, ඛෝටාන්, දණ්ඩන්උලික්, මීරාන් යන ස්ථාන ද වෙයි. මේ ක්ෂේම භූමි වල තිබී බෞද්ධ සිද්ධස්ථානවල නශ්ටාවශේෂ ද ග්රන්ථ ද හමු වී ඇත. මධ්‍ය ආසියාව හා බැදුණු බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබද ඉතිහාසය නැවත වරක් අළුතෙන් සකස් කර ගැනීමට උපකාර වනුයේ ඒ ප්‍රදේශයේ වැල්ලෙන් මතු කරගත් දේශීය අත් පිටපත් හා නශ්ටාවශේෂ ය.
පෙෂාවෝරයේ සිට කාශ්මීරය, ඇෆ්ගනිස්ථානය හරහා උතුරට යොම් වන පෙදෙස අතීතයේ සිටම බුදුසමයේ ප්‍රබල මධ්‍යස්ථානයක් වූයේ ය.මහායාන බුදුසමය මෙහි බලවත් වූ නමුත් සර්වාස්තිවාදීන්ට ද සැලකිය යුතු බලයක් තිබුණි. ක්‍රි.ව. 400 දී මේ ඔස්සේ වන්දනාවේ ගිය චීන ජාතික ෆාහියන් මධ්‍ය ආසියාවේ දී මේ සම්ප්රධායයන් දෙක ම දැක ඇති අතර, කලාත්මක සැරසිලි සහිත විශාල ආරාම ද දැක ඇත. ඊට ශතවර්ෂ දෙකකට පසු ආ හියුං සියෑං හිමියන් ද භික්ෂූන් තුන් දහසක් පමණ විසූ විහාර දැක ඇති අතර පැතිර යන බුදුසමය පිළිබදව ද සදහන් කොට ඇත.
මහායානිකයන් විසින් හීනයානිකයන් ලෙස හදුන්වනු ලබන සර්වාස්තිවාදීහු ථෙරවාදය හා මහායානය අතර යුගයේ පහළ වූ පිරිසක් වෙති. ථෙරවාදය හාැ සැසදෙන බොහෝ විශ්වාස ඔවුන් අතර වූ නමුත් ඔවුන් විසින් පාළි භාෂාව වෙනුවට සංස්කෘත භාෂාව භාවිත කරන ලදි. එහෙත් ශ්‍රී ලංකාවේ හා බුරුමයේ ථෙරවාදීන් සමග ඔවුන්ගේ සම්බන්ධයක් නැත. අන්තිමේ දී සර්වාස්තිවාද බෞද්ධයෝ මහායානිකයන් විසින් මහායාන බුදුසමයට හරවා ගනු ලැබූ හ. එසේ නැතහොත් මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් වනසා දමනු ලැබූ හ.
පරිනිර්වාණයෙන් සියවස් කිහිපයකට පසු මහායානික බුදුසමයේ ශාඛාවන් වූ මාධ්‍යමික දර්ශන සම්ප්‍රධාය හා යෝගාචාර දර්ශන සම්ප්‍රධාය පහළ වූයේ ය. කාශ්මීරයෙත්, ඇෆ්ගනිස්ථානයෙත් බැබළුණ මේ බෞද්ධ දර්ශන සම්ප්‍රධාය දෙක චීන, කොරියා හා ජපන් යන රට වල බුදුසමය ව්‍යාප්ත කිරීමෙහි ලා බෙහෙවින් උපකාරී වූයේ ය.
හත් වන සියවසේ සිදු වූ හන්වරුන්ගේ ආක්‍රමණය නිසා විහාරාරාම විශාල වශයෙන් විනාශ වූ බව පිළිගැනේ. ඊට සියවස් තුනකට පසුව ඇති වූ මුස්ලිම් ආක්‍රමණ නිසා කාශ්මීරයේ, ඇෆ්ගනිස්ථානයේ හා මධ්‍ය ආසියාවේ බුදුසමයෙහි අවසානය ලගා විය.
මධ්‍ය ආසියාවෙන් පැමිනි බුදුසමය වැළද ගත් මොංගෝලවරු තමන් බුදුසමය වැළද ගැනීමේ සිද්ධිය ටිබෙට් රටේ බුදුසමය ගරු කලා වුව , ඒ බුදුසමය දහතුන් වැනි සියවසේ චීනයට රැගෙන ආවා වූ ද කුබ්ලායි ඛාන් සමග සම්බන්ධ කරති. ශතවර්ෂ තුනකට පසු මොංගෝලියන්වරුන් ටිබෙට් රටේ බුදුසමයට හරවා ගැනීමට දලයිලාමා ද ප්‍රබල ප්රයත්නයක් දැරූ හෙයින් එදා පටන් අද දක්වා ම මොංගෝලියානු බෞද්ධයෝ මාර්ග දේශකත්වය සදහා ලාමාවරුන් දෙස බැලීමට පුරුදු ව සිටිති.
මධ්‍ය ආසියාවෙන් සොයා ගන්නා ලද බෞද්ධ සාහිත්‍ය ග්රන්ථ ඒ ප්‍රදේශය පුරා විසිරී ඇති පුරා වස්තූන් මෙන් ම, යුග කිහිපයකට අයත් ඒවා වශයෙන් සැලකිය හැකි ය. සංස්කෘත භාෂාවෙන් රචිත සාහිත්‍ය ග්‍රන්ථවල කොටස් ද ආචාර්ය අශ්වඝෝෂ පාදයන්ගේ නාට්‍ය හා කාව්‍ය ද, සර්වාස්තිවාදීන්ගේ ප්රාතිමෝක්ෂය ද, ධම්මපදය හා උදාන යන පොත්වල විවිධ සංස්කරණ දඒ අතර විය. මධ්‍ය ආසියාවේ ඇතැම් නගර වලින් සොයාගනු ලැබූ ග්රන්ථ හා ග්රන්ථ වල කොටස් කණිෂ්ක රාජ්‍ය සමයෙහි බෞද්ධ සාහිත්‍ය ග්රන්ථ වල පැහැදිළි ව හදුනා ගත හැකි ය.
මේ ප්‍රදේශයන්හි බුදුසමය ප්‍රචාරය කිරීමෙහි ලා භාෂා කිහිපයක් භාවිතා කොට ඇත .ඒ නිසා තොඛාරියන්, ප්රාකෘත, සංස්කෘත,සොග්ඩියන්,තූර්කි, උයිගර්, සිරියන්, චීනථ ටිබෙට්, ඛෝටාන් යනාදී භාෂාවලින් ලියන ලද ධර්මග්රන්ථ හා ලිපි ලේඛන ද සොයාගෙන ඇත.
මධ්‍ය ආසියිවෙන් ලැබුණු නටබුන් අතර විශාල බුද්ධ ප්‍රතිමා කිහිපයක් දක්නට ලැබේ. එම බුදු පිළිම උතුරු ඉන්දීය කළා සම්ප්‍රධාය අනුව නෙලීමට උත්සාහ ගෙන ඇත. එහෙත් එය සාර්ථක වී නැත්තේ ඔවුන්ට ලැබුණු අමුද්‍රව්‍යවල දළදඩුකම නිසා විය හැකි ය. ඛෝටාන් වගින් ලැබුණු බුදු පිළිමවල හිස කුඩා ය; ශරීරය මහත් ය; අවයව ඉතා ගොරෝසු ය. සිවුරු පොරවා ඇත්තේ ගන්ධාර සම්ප්‍රධාය අනුව ය. මේවා විශිෂ්ට නිර්මාණ නොවේ. ඊට හේතුව ඔවුන්ට ලැබුණු අමුද්‍රව්‍යවල ස්වභාවය නිසා ය.
මධ්‍ය ආසියාවේ මිටියාවත් වසා පිහිටා ඇති කදුගැටවල දක්නට ලැබෙන ගුහාවිහාරවලට සමාන ය. ‘දහසක් බුදුවරුන්ගේ ගුහා’ ගෙස තුං හුවංගි ඇති ගුහා හදුන්වා තිබේ. මේ ගුහා නරඹන්නන්ගේ මතකය නිතැතින් ම ඉන්දියාවේ අජන්තාව හා ඇල්ලෝරාව වෙත ගෙන යයි.ලාංකිකයකුගේ සිත දඹුළු විහාරය වෙත ඇදෙ යි.