Archaeological Discoveries - පුරාවිද්‍යා ගවේශණ
- ගෝඨපබ්බත රජමහාවිහාරය

ගොඩවාය, ගෝඨපබ්බත, ගොඩපවත වැනි නම්වලින් හඳුන්වන මෙම පැරණි විහාරස්ථානයට එම නම් ලැබීමට හේතු වී ඇත්තේ ගෝලාකාර ගල් පර්වත මත ඉදිවුනු කුඩා චෛත්‍යයයි. සම තැනිතලා භූමියක් ලෙසින් හැම අතටම පැතිරී යන මෙම ප්‍රදේශය උසම ස්ථාන අතරින් එකක් ලෙස ගොඩවාය වෙරළ අසල පිහිටි ගල් කුළු කිහිපය හඳුනාගත හැකිය. ගෝලාකාර ගල් කුට්ටි වලින් සැදුම්ලත් මෙම උස්බිමෙහි ඇති උසම ගල් පර්වතය මත මෙම කුඩා චෛත්‍යය ඉදිකර ඇත. මුහුදෙහි කිනම් ප්‍රදේශයක සිට බැලූවද මෙම ගල් පර්වත කෙළවර ඉදිවුණු ස්වේත වර්ණ චෛත්‍යය මනාව දිස්වේ. ඒ හේතුවෙන් ගොඩපවත යන නම බොහෝ විට සමුදුය දිවිපෙවෙත කරගත් පිරිසකගෙන්ම නිර්මාණය වන්නට ඇති බව ද උපකල්පනය කල හැක. මෙම විහාර භූමියේ ඓතිහාසික වටිනාකම සනාථ කරන ප්‍රධාන සාධකය වන්නේ 1 වන ගජබාහු රජු විසින් පිහිටි ගලේ කොටා ඇති සෙල්ලිපියකි. 20 වන සියවසේ මුල් භාගයේ හඳුනාගත් හා ප්‍රකාශයට පත්කර ඇති සෙල්ලිපි දෙකක් අතුරින් කුඩා ලිපිය කියවීමට අපහසු විනාශයට පත්වූ එකක් වූ අතර, දෙවන සෙල්ලිපිය මෙම විහාරස්ථානය පිළිබඳව අපූර්ව තොරතුරක් හෙලිකරයි. එනම්, ගොඩවායෙහි වූ වෙළඳ වරායෙන් ලබා ගන්නා අයබදු මෙම විහාරස්ථානයට පූජා කරන බවය. එම ලිපියේ සම්පූර්ණ අදහස මෙසේ වේ.
සිධම, ගොඩපවත පටනෙහි සු (ක) සු(රි) යි
රජ ගමිනි අබය විහරට දිනි
යහපතක් වේවාෟ ගොඩපවත වරායෙහි සාමාන්‍ය හා කුඩා අයබදු
ගමිනි අබය රජු විහාරයට දෙන ලදී.
මෙම සෙල්ලිපි දෙක පළමුවරට E.R. අයර්ටන් මහතා විසින් සොයාගනු ලදුව පිටපත් කරගෙන ඇත. පසුව 1930 දී සෙනරත් පරණවිතාන මහතා විසින් කියවා ප්‍රකාශයට පත්කර ඇත.
මෙම ලිපියෙහි අඩංගු සුක සුරියි යන පද පිළිබඳව විවිධ මත පලකර ඇතත් එහි ප්‍රධාන අදහස මෙම වරායෙන් අයකල යම් ආකාරයක/යම් වර්ගයක බදු මුදල් බව පැහැදිලි වේ. නූතන හා යටත් විජිත යුගයේ මෙන් ජැටි සහිත නාවුකාංගන නොතිබුණු හා එවන් සම්ප්‍රදායන් අනුගමනය නොකල ලංකාවේ මුහුදින් ගෙනා වෙළඳ ද්‍රව්‍ය බත්තල් හෝ කුඩා යාත්‍රා මගින් ගං මුවදොරවල් හරහා රට අභ්‍යන්තරයට ප්‍රවාහනය කර තිබේ. රිදියගම මහනාවුළුපුර රමිබා විහාරය වැනි ඓතිහාසික ජනාවාස ප්‍රදේශ ආශ්‍රිතව ගලා එන වලවේ නදිය මෙම ස්ථානයෙන් මුහුදට වැටී තිබේ. එහෙත් මෑත කාලීනව සිදු වූ ඛාදනයන් හා පාරිසරික වෙනස්කම් හේතුවෙන් වලවේ ගඟ මුහුදට ගලා යනු ලබන්නේ ගොඩවායට කි.මි. 2 පමණ බටහිරින් අම්බලන්තොට ප්‍රදේශයෙනි. අධික ලෙස වැලි තැන්පත්වීම නිසා දැනට අවහිර වී ඇති පැරණි මුවදොර විටින් විට වැසිසමයෙන් නැවත සක්‍රිය වනු දැකිය හැකි වේ. එමෙන්ම ගංවතුර ඇතිවන කාලයන්හීදී ආපදා අඩුකරගනුවස් ගම්වැසියන් විසින් වැලිවැටිය විවරකර ජලය බැසයාමට කටයුතු යොදනු ලැබේ.
ඉහත සඳහන් කල සෙල්ලිපිය 1 ගජබාහු රජු ගේ බව පිළිගනු ලැබේ. එමෙන්ම ශිලා ලිපියෙහි ඇති අක්ෂර අනුවද එය ක්‍රි.ව. 1 – 2 සියවස අතර, බවට හඳුනාගනු ලැබේ. මීට අමතරව ගොඩවාය ප්‍රදේශයේ හා වලවේ ගඟ අවට පෞද්ගලික ඉඩම් හා කුඹුරු වලින් හමුවූ විවිධ වර්ගයේ කාසි විත්ශ්ෂයෙන්ම රෝම කාසි මෙහි පැවති වරාය හා ජලාශ්‍රිත වෙළඳ මාර්ගය පිළිබඳව සාධක සපයයි. මේ සියළු සාධක පදනම් කරගෙන 1994 වසරේ සිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ජර්මනියේ KAWA ව්‍යාපෘතිය ඒකාබද්ධව ගොඩවාය විහාර භූමියේ කැණීම් කටයුතු සිදු කරනු ලැබේ.