අරහන්ත වග්ගය
92. යෙසං සන්නිචයො නත්ථි
යේ පරිඤ්ඤාත භොජනා සුඤ්ඤතො අනිමිත්තෝ ච විමොක්ඛො යස්ස ගොචරො ආකාසෙ ව සකුන්තානං ගති තෙසං දුරන්නයා සිංහල තේරුම : කර්ම (පින් - පව්) රැස් කිරීමක් හෝ සිවුපස එක රැස් කිරීමක් හෝ නැත්තා වුද අහාර පාන වැළදීම ගැන නිසි නියමයක් දැන ගත්තා වුද, සුඤ්ඤත , අනිම්මිත යන දෙයාකාර නිර්වාණයෙහිම අරමුණු කළා වුද රහතුන්වහන්සේලාගේ ගමන් මග ආකාසයේ පක්ෂින් ගිය ගමන් මග මෙන් කිසවකුටත් දැන ගත නොහැක්කේය. |
93. යස්සා සවා පරික්ඛීණා
ආහාරෙ ච අනිස්සිතො සුඤ්ඤතො අනිමිත්තො ච විමොක්ඛො යස්ස ගොචරො ආකාසෙ ව සකුන්තානං පදං තස්ස දුරන්නයං සිංහල තේරුම : ආශ්‍රවයන් මුලිනුපුටා දැමුවා වුද, ආහාරයේ ලොල් නොවුද ,සුඤ්ඤත - අනිම්මිත යන දෙයාකාර වු නිවන අරමුණු වුද, රහතන් වහන්සේල්ගේ ගමන් මග අහසේ පක්ෂීන් ගිය ගමන් මග මෙන් කිසිවකුටත් දන ගත නොහැකිය. |
94. යස්සි න්ද්රියානි සමථංගතානි
අසසා යථා සාරථීනා සුදන්තා පහීනමානස්ස අනාසවස්ස දෙවාපි තස්ස පිහයන්ති තාදිනො සිංහල තේරුම : අසුන් හික්මවන විශේෂඥයකු විසින් මන කොට දමනය කරන ලදාශ්වයන් මෙන් පසිදුරන් දමනය කලා වුද මානය දුරු කලා වුද , සියලු කෙලෙසුන් දුරු කා වුද, තාදීගුණයෙන් යුක්ත වුද රහතන් වහන්සේට දෙවියෝ ප්‍රිය කරති. |
96. සන්තං තස්ස මනං හොති
සන්තා වාචා ච කම්ම ච සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො සිංහල තේරුම : මනා සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොට ගෙන සියලු කෙලෙසුන්ගෙන් මිදුන වුද , කාය වග සංයමයන් සංවර වුද , අටලෝ දහමින් කම්පා නොවන්න වුද , රහතන් වහන්සේගේ චිත්ත සන්තනයද සංසුන් වේ, වචනයද සංසුන් වේ, ක්‍රියාවද සංසුන් වේ. |