අංගුත්තර නිකාය(Part 6) of Buddha Jayanthi Tipitaka Series
බුදුරජාණන් වහන්සේ ප්රජාතන්ත්රවාදී දේශපාලන දර්ශනය අපට ලබාදුන්නේ අවුරුදු 2500 පමණ ඉහතදී. මිනිසාගේ විමුක්තිය සහ යහපත උදෙසා රාජ්‍යයක් පවත්වාගෙන යා යුත්තේ කෙසේද කියලා උන්වහන්සේ පෙන්වලා දුන්නා. සත්‍ය ගවේෂණය විතරක් නෙවෙයි සමාජයක ව්‍යුහය කෙසේ වියයුතුද කියලා පෙන්නල දුන්නා. සමාජයක් යහපත් වෙන්නනම් එහි දේශපාලන ක්‍රමය යහපත් විය යුතුයි. පාලනය යහපත් වෙන්නනම් පාලකයින් යහපත් විය යුතුයි.
සූත්‍රපිටකය තුල එවැනි අවස්ථා බොහොමයක් තියෙනවා. ඒවා ගැඹුරින් කල්පනා කරලා ඒ මූලධර්ම දේශපාලනයට මුසුකර ගැනීම තමයි අවශ්‍ය කරන්නේ. එක්තරා දවසක් බුදුන් වහන්සේ කොසොල් රටේ එක්තරා ප්‍රදේශයක විවේක සුවයෙන් වැඩ සිටිනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේට සිතුවිල්ලක් පහල වෙනවා. රජ කෙනෙකුට, විනාශ නොකරමින්, නොකරවමින්, නොබිනමින්, නොබිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමින් රාජ්‍ය කල හැකිද? කියලා. බුදුහාමුදුරුවෝ මෙහෙම සිතුවේ රාජ්‍ය පාලකයින්ගේ විවිධ අත්තනෝමතික ක්‍රියා නිසා රටවැසියා විවිධ හිංසාවන්ට ලක්වෙන නිසා. අංගුත්තර නිකායේ රාජ සූත්‍රයේ මාර සංයුත්තයේ මේ පිළිබද සදහන් වෙනවා. ඒ වගේම තවත් සූත්‍ර කිහිපයක් මේ අවස්ථාවේදී අපට මතක් වෙනවා. එක් තැනක සදහන වෙනවා “තස්මිං භික්ඛවේ සමේ රාජාණෝ අධම්මිකා හොංතී රාජ යුත්තාපි තස්මිං සමේ අධම්මිකා හොංතී” ඒ කියන්නේ යම් අවස්ථාවක රජතුමා අධර්මික වුනොත් රාජ පුරුෂයින් අධාර්මික වෙනවා කියලා. මේක සදහන් වෙන්නේ අංගුත්තර නිකායේ අධම්මික සූත්‍රයේ.