අංගුත්තර නිකාය(Part 3) of Buddha Jayanthi Tipitaka Series
අංගුත්තර නිකායේ දුක නිපාතයේ තුන්වැනි වග්ගය “බාල වග්ග“ නම් වේ. “මහණෙනි! මෙලොව බාලයෝ (මෝඩයෝ) දෙදෙනෙක් වෙති” යි වදාරණ බුදු පියාණන් වහන්සේ ඒ දෙදෙනා කවුරුදැයි ප්රශ්න කර තමන් වහන්සේම පිළිතුරු දෙති. ඒ දෙදෙනා නම්:-
1 වරද වරද වශයෙන් නොදකින පුද්ගලයා
2 වරද වරද වශයෙන් පිළිගෙන අවවාද දෙන්නාගේ වදන් නො අසන (වරද පෙන්වා දෙන්නාගේ කීම් නොඅසන) පුද්ගලයා
මේ දෙදෙනාම මෙලොව සිටින බාලයෝ වෙති. “ මා විසින් වරදක් කරන ලදී”” යැයි නොපිළිගැනීම, වරදට ක්ෂමා කර නොගැනීම පළමු පුද්ගලයාගේ ලක්ෂණ වේ. වරද පෙන්වා දෙන්නාගේ වචනය නොපිළිගැනීම දෙවන පුද්ගලයාගේ ලක්ෂණවේ. “ මෙය වරදකි. මෙහි විපාක ආදීනව මෙබඳුය. මතු මෙවැනි වැරදි නොකරව“ යි අවවාද කරනවිට එය නොඇසීම බාලයාගේ ලක්ෂණයකි. අනතුරුව තථාගතයන් වහන්සේ පණ්ඩිතයාගේ ලක්ෂණ වදාරමින් මෙලොව පණ්ඩිතයෝ දෙදෙනෙක් සිටින බව දේශනා කරති.