ලෝභ මූල සිත් 08 (2 වන අර්ධය)
සිතක්, සෝමනස්ස සහගත වන්නේ ලැබෙන අරමුණ හොඳ එකක් වේ නම්, තමා කැමති වන එකක් වේ නම්, නොඑසේ නම් ඉෂ්ට අරමුණක් නම්, ඒ සෑම අරමුණක් ම ස්වභාවයෙන්ම ඉෂ්ට නිසා තමා එය ඉෂ්ට ලෙස ගන්නවා ද නොවේ. සමහර අරමුණු ස්වභාව වශයෙන් අනිෂ්ට ය. අමිහිරි ය. හොඳ දෙයක් නොවිය හැකි ය. නමුත් කෙනෙකු හට එය ඉෂ්ට සේ ගැනීමට ද පිළිවෙන. එයට පරිකල්පනය සේ හැඳින්වේ. පරිකල්පනය කොට තමා ම යම් අරමුණක්- එනම් යමක් හොඳ බවට, මිහිරි වශයෙන් තමාම සලකා ගැනීම ය. ඉතාම නරක් වූ, වැරදි කරන්නා වූ කෙනෙකු තවත් එවන් කෙනෙකු හට ඔහුව බොහෝ හොඳ කෙනෙකු සේ සලකා ගැනීමට පිළිවන. සමහර අවස්ථාවල දී අරමුණ ස්වභාව වශයෙන් අනිෂ්ට අමිහිරි වුව ද සමහරුන්ට එය ඉෂ්ට සේ ගැනීමට ද පිළිවන. තවත් ස්වභාවයෙන්ම ඉෂ්ට දෙයක් අනිෂ්ට සේ ගැනීමට ද පිළිවන. එබඳු කවර අරමුණක් වුවත් ඉෂ්ට වශයෙන් සලකා එය අරමුණු කරන කල්හි නැතහොත්, ඉෂ්ටාරම්මණයක් සේ ගන්නා කල්හි ඉන් යමෙකු හට මතුවන්නේ ඉෂ්ට රසයක් (මිහිරි රසයක්) සිතින් එම අරමුණ ගැනීමත් සමඟම එම අරමුණෙහි වූ රසයත් ගන්නවා සිතත් සමඟ උපදිනා වේදනාව. මෙම අවස්ථාවේ දී සෝමනස්ස වේදනාව ය යි පවසන්නේ එබඳු වූ ආරම්මණ රසය හෙවත් මිහිරි රසය ගනිමින් උපදනා වේදනාව ය. එය සෝමනස්සය යි. සාමාන්ය්යෙන් යමෙක් "මා ඉන් බොහෝම සතුටු වූවා" යයි පවසන්නේ මෙයට ය. එවන් අරමුණක් පිළිබඳව සෝමනස්සය උපදී. අරමුණ පිළිබඳ එම දෘෂ්ටිය ඇති වන විට තමන් වැරදි දෘෂ්ටියක පිහිටා ය එම අරමුණ ගන්නේ. එසේ අවස්ථාවක දී තමන්ගේ සිත දෘෂ්ටිගත සම්ප්රනයුක්ත වේ. එය කෙසේ සිදුවේ ද? නිදර්ශනයක් වශයෙන්, අකුසල් සිත් වශයෙන් සිත් උපදින්නේ අකුසල ක්රිවයාවන්වල යෙදීමේ දී ය. අකුසල ක්රි යාවන්වල යෙදීම කයින්, වචනයෙන් වීමට හා කයින්, වචනයෙන් සම්බන්ධ නොවී හුදු සිතින්ම පමණක් විය හැකි ය. සිතෙහි මිස අකුසල් උපදිනුයේ වෙන අන්තැනක නොවේ. නමුත්, සිත සම්බන්ධව යි ක්රිණයා කරනුයේ. එම ක්රිඅයා කායිකවත් ඇත. වාචසිකවත් ඇත. කායික-වාචසික යන මේ දෙකටම අයත් නොවන හුදු මානසික ක්රිියා ද ඇත. එම නිසා කර්ම ද්වාර 03 ක් ගැන සඳහන් කළ යුතු ය. එනම්,
01. කාය කර්මද්වාරය
02. වාග් කර්මද්වාරය
03. මනෝ කර්මද්වාරය
මෙම කවර ද්වාරයකින් වුව ද අකුසලයක් සිදුවේ නම් එම අකුසලය සිදු වන්නේ මෙම අකුසල් සිත් ඉපදීමෙන් ම ය. ඒ ඒ ක්රි0යා සිදු කිරීමේ දී අකුසල් ක්රිදයා සිදු වේ. නිදසුනක් වශයෙන්, යමෙක් සොරකම් කරනවා යයි සිතමු. එවිට ඔහුට ඇති වනුයේ ලෝභය මූල සිතකි. මෙහි දී යමෙකුගේ යම් වස්තුවක් කෙරෙහි ආශාවක් ඇතිව එම වස්තුව තමා සතු කර ගැනීමයි. ඔවුන්ගේ කැමැත්තක් හෝ අනුදැනීමක් නැතිව. එම ගනු ලබන තැනැත්තා ඒ අවස්ථාවේ දී තමා සලකයි නම් මේ අරමුණ බොහොම ප්රිැය මනාප අරමුණක් සේ සලකා ගනී නම්, එම ප්රිවය මනාප අරමුණ පිළිබඳව ඔහුට ඇති වන්නා වූ සිතෙහි උපදින්නේ කලින් සඳහන් කරන ලද සෝමනස්ස වේදනාව ය. ඔහු සලකයි නම් කරන ක්රි යාව එම වස්තුව අයත් වන්නේ බොහොම මිල මුදල් තිබෙන ධනවතෙකු හට බව. "ඔහුගෙන් ඉතා සුළු දෙයක් මම මේ ඔහුගේ අකමැත්තෙන් ගත්තත් සිදුවන පාපයක් නැහැ. එහි අකුසලයක් නැහැ" කියා වැරදි දෘෂ්ටියකින් යුතුව ද, එසේම, එම පුද්ගලයා කවුරුවත් කරන පෙළඹීමකින් තොරව, කාගේවත් අනුදැනුමකින් ද ඇනවීමකින්-පැනවීමකින් තොරව, එය තමා කරන්දෝ නොකරන්දෝ යි කියා දෙගිඩියාවකින් පසුබෑමක් නොකර ම, තමාම සිතා ඔහුට එම වස්තුව පිළිබඳව ඇති වූ තනි කැමැත්ත නැතහොත් ආශාව නිසාම කලින් සඳහන් කළ වැරදි දෘෂ්ටියක පිහිටා තියුණු ලෙස ඔහුට හටගත් එම සිතින් එම සොරකම කරයි නම්, කලින්ම සඳහන් කළ සෝමනස්ස සහගත දෘෂ්ටිගත සම්ප්ර යුක්ත අසංඛාරික සිත ඇති වෙයි. සොරකම් කිරීමට ඔහු මුලින් එතරම් ම පෙළඹීමක් නැතහොත්, උත්සාහයක් නොවේ යයි සිතමු.
යමෙක් පසුබෑමෙන් යුක්තව මෙම සොරකම කරම් දෝ, නොකරම්දෝ සිතා තමා ම උත්සාහවත් කර ගෙන, එසේ නැතහොත්, යමෙක් විසින් කරන ලද ඇනවීමක් නිසා එසේම වැරදි දෘෂ්ටියක පිහිටා සොරකම කරයි නම් ඇති වන සිත සෝමනස්ස සහගත දිට්ටිගත සම්ප්රයුක්ත සසංඛාරික සිතකි. ඇනවීමක් ඇතිව කරන හෙයින් සසංඛාරික සිතක් මෙසේ ඇති වේ. මේ අයුරින්ම නිදසුන් වශයෙන් ගෙන යම් කිසිවකට සම්බන්ධ කොට තේරුම් ගැනීමට උත්සාහ කළ යුතු වේ.
මීළඟට දැනගත යුතු වන්නේ, දිට්ටිගත විප්පයුක්ත අසංඛාරික සිත. සෝමනස්ස සහගත වීම අරමුණෙහි ඇති ඉෂ්ට බව සහ දිට්ටිගත විප්පයුක්ත වූයේ යම් කිසි තැනැත්තෙක් යමෙකුගෙන් මෙසේ යමක් සොරෙන් ගැනීම වැරදි ක්රිබයාවක් ලෙස නොසලකයි. ඔහු මෙසේ තමන් කරන ක්රිේයාව වැරදි ක්රිරයාවක්, නරක ක්රිනයාවක්, පාපක්රි්යාවක් වශයෙන් ඔහු පිළිගැනීමක් තිබේ. එසේ නොමැතිව තිබෙන කෙනාගෙන් ගැනීම වරදක් නැත වශයෙන් ඔහු නොසිතයි. මෙය වරදක් බව ඔහු පිළිගනී. එසේ වරදක් බව පිළිගන්නා නිසා වරදක් බව නොපිළිගන්නා ස්වභාවය යන දෘෂ්ටිය ඔහුගේ සිතේ නූපදී. මිථ්යාම දෘෂ්ටිය යන එම අකුසල ධර්මය ඔහුගේ සිතේ නූප දී. එය යි දිට්ටිගත විප්පයුක්ත වශයෙන් හැඳින්වෙන්නේ. අසංඛාරික සසංඛාරික භේදය පෙර සඳහන් පරිදිම කිසිවකුගේ තියුණුව ඇති වූ සිතින්ම කෙනෙකුගේ මෙහෙයවීමක් නැතිව, උත්සාහයක් ඇති කරගැනීමක් නැතිව, ඇනවීමක් නැතිව සිදු කිරීම අසංඛාරික වේ. යමෙකුගේ මෙහෙය වීමක් ඇතිව, උත්සාහයක් ඇති කර ගැනීමෙන්ම, ඇනවීමක් ඇතිව සිදු කරන නිසා සසංඛාරික වේ.
සෝමනස්ස සහගත සිත් මෙසේ 04 ක් ඇත. එම 04 න් 02 ක් දිට්ඨිගත සම්ප්රතයුක්ත වන අතර 02 ක් දිට්ඨිගත විප්පයුක්ත ය. එනම් 02 ක් මිථ්යාම දෘෂ්ටියේ යෙදේ. 02 ක් මිථ්යා් දෘෂ්ටියේ නොයෙදේ. 02 ක් අසංඛාරික වන අතර 02 ක් සසංඛාරික ය. එම 04 ම සෝමනස්ස සහගත ය.