ලෝභ මූල සිත් 08
ලෝභ, ද්වේශ හා මෝහ යන අකුසල මූල සිත්.
ලෝභ මූල සිත් 08 කි. ඒවාට ලෝභ මූල සිත් යනුවෙන් හැඳින්වෙන්නේ ලෝභය ඒ සිත්වල ප්රලධාන ධර්මයක්ව ඇති වන බැවිනි. ලෝභයට පමණක් නොව, අකුසල පක්ෂයයෙහි ලොභ, ද්වේශ, මෝහ යන තුනටත්, කුසල පක්ෂවයෙහි අලෝභ, අදෝෂ, අමෝහ යන තුනටත් මූලය කියා නමක් දී ඇත්තේ ගසකට මුලක්, ගස පොළොවේ පිහිටා සිටීමට උපකාර වන්නා සේ සිත්වල ඇති වන්නා වූ මූල නාමයෙන් දැක්වෙන ඉහත දැක්වූ අකුසල පක්ෂටයෙහි ලොභ, ද්වේශ, මෝහ යන තුනටත්, කුසල පක්ෂඅයෙහි අලෝභ, අදෝෂ, අමෝහ යන ධර්ම, චිත්ත-චෛතසික ධර්මයන්ට අරමුණෙහි මනාකොට පිහිටා සිටීමට උපකාර වන බැවින් මූල නාමයෙන් හැඳින්වේ. එම මුල් අකුසල් සිත් වශයෙන් 03 ක් ඉගෙන ගනිමු. ලෝභය නම් ඇලෙන ස්වභාවය යි. දෝෂය නම් ගැටෙන ස්වභාවය යි. මෝහය නම් මුලා වන ස්වභාවය යි. මෙම ධර්මයන් ලැබෙන්නේ අකුසල් සිත්වලින් ය. සෑම අකුසල් සිත්වල ම මේ සෑම ධර්මයක් ම ලැබෙන්නේ නැත. අකුසල් සිත් 12 ම ලැබෙන අකුසල මූලයක් ඇත. එයට මෝහය නමින් හැඳින්වේ. ලෝභය සෑම අකුසල් සිත්වලම නොලැබේ. ලෝභය ලෝභ මූල සිත් 08 පමණක් ලැබේ. හැම අකුසල් සිත්වල ලැබෙන මෝහයත්, ලෝභ මූල සිත් අටෙහි පමණක් ලැබෙන ලෝභයත් යන මේ මුල් දෙකම ලෝභ මූල සිත්වල ඇත. දෝෂ මූල සිත්වල ද්වේශය යන තරහා නැතහොත්, ගැටෙන ස්වභාවය එම සිත්වල උපදී. අකුසල් සිත් සියල්ලේම ලැබෙන මෝහයත් ද්වේශ මූල සිත්වල ද ලැබෙන බැවින්, ද්වේශ හා මෝහ යන සිත් දෙකම ද්වේශ මූල සිත්වල ඇත. මෝහ මූල සිත් දෙකක් ඇත. එම සිත් දෙකෙහි ලෝභය හෝ ද්වේශය නො යෙදේ. එහි ඇත්තේ මෝහය පමණකි ඇත්තේ. එසේ ලෝභ මූල සිත් 08, ද්වේශ මූල සිත් 02 ක් හා මෝහ මූල සිත් 02 ක් වශයෙන් සියලුම අකුසල් සිත් 12 ක් වේ.
ලෝභ මූල සිත 08 නම්,
සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත
සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත
සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත
සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත
උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සිත
උපේක්ෂා සහගත දිට්ඨිගත සම්පයුක්ත සසංඛාරික සිත
උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත අසංඛාරික සිත
උපේක්ෂා සහගත දිට්ඨිගත විප්පයුක්ත සසංඛාරික සිත
ලෝභ මූල සිත්හි තිබෙන සෝමනස්ස සහගත බව, දිට්ඨිගත සම්පයුක්ත බව, දිට්ඨිගත විප්පයුක්ත බව, අසංඛාරික බව, සසංඛාරික බව උපේක්ෂාඛ සහගත බව යන කාරණා තේරුම් ගත යුතු ය.
සෝමනස්ස යනු, අරමුණක තිබෙන මිහිරි රසය විඳින ස්වභාවයට කියන නම යි. “සුමණස්ස භාවෝ සෝමනස්සං” යන්න ය. සුමණස්ස යන්නෙන් හැඳින්වෙන්නේ හොඳ සිතක් ඇති තැනැත්තාගේ භාව නම් බව. මින් අදහස් කරන්නේ හොඳ සිතක් යනු, සතුටු ඇති සිතක් ය. එම සොම්නස කවුරුත් ලබන්නට කැමති ස්වභාවයකි. අරමුණක තිබෙන හොඳ බව, මිහිරි බව විඳින වේදනාව හැඳින්වෙන නම ය. තේරෙන භාෂාවෙන් කියතහොත්, සතුට යන්න යි. නමුත්, අභිධර්මයේ දී සතුට යන වචනය යෙදීමට අපහසු වන්නේ වෙනත් තේරුමක් එම වචනයට තිබෙන බැවිනි. එනම් සෑහීමට කියන නාමය බැවිනි. යමකින් තෘප්තිමත් වන ස්වභාවයට කියන වචනයකි. ත්‍රි විධ සංතෝෂයක් ධර්මයෙහි කියැවේ. එයට යථාලාභ සන්තෝෂය මේ ආදී වශයෙන් කියැවේ. ලද පමණින් සතුටුවීම යන තේරුම හා සෝමනස්සය සමග මාරු කර ගැනීමට හැකි නිසා සෝමනස්සයට සතුට කියා අභිධර්මය ඉගෙනීමේ දී යෙදීම සුදුසු නොවේ. සෝමනස්සය ඒ ආකාරයෙන්ම ගත යුතු ය. එය අරමුණක තිබෙන හොඳ බව, විඳින ස්වභාවය යන තේරුම ම ගත යුතු ය. සිතින් අරමුණු ගැනීමත්, අරමුණෙහි තිබෙන රසය ගන්නේ සිතින් නොව සිත සමගම උපදිනා වූ තවත් ධර්මයකින් කියා කලින් සඳහන් කර ඇත. ඒ අනිත් ධර්මය වේදනා නමින් හැඳින්වේ.
ඉන්ද්රිතය භේදයෙන් සෝමනස්ස, දෝමනස්ස, සුඛ, දුක්ඛ, උපේක්ෂා කියා වේදනාව 05 කට බෙදේ. අනුභවන භේදය (අරමුණු රස විඳීම, අරමුණු රස භුක්ති විඳීම, අනුභව කිරීම) වශයෙන් වේදනාව කොටස් 03 කට බෙදේ. එනම්, සුඛ, දුක්ඛ, උපේක්ෂා වේ. ලෝභ මූල සිත්වල දක්වන්නේ සෝමනස්ස ය යි. සොමනස්සය යනු අරමුණෙහි මිහිරි රසය, ඉෂ්ඨ රසය දැන ගන්නා වූ ස්වභාව ය යි. ධර්මය යි. එය සෝමනස්ස වේදනාව යි. සෝමනස්ස වේදනාවෙන් යුක්ත වූ සිත, දිට්ඨිගත සම්පයුක්ත යන්නේ දී දිට්ඨිය වශයෙන් හැඳින්වෙන්නේ මිථ්යාස දෘෂ්ටිය යි. වරදවා ගැනීමෙන් යුක්ත බව යි. මිථ්යා් දෘෂ්ටිය යි. වැරදි දැකීම යි. සම්පයුක්ත යනුවෙන් හැඳින්වෙන්නේ මිථ්‍යා දෘෂ්ටියෙන් යුක්ත බව යි. අකුසල් සිත සෝමනස්ස සහගත දිට්ටිගත සම්පයුක්ත ය. වරදවා ගත් දෘෂ්ටියෙන් යුක්ත සිතක් වන කල්හි එය දිට්ටිගත සම්ප්රුයුක්ත සිතකි. අසංඛාරික යනු, කාගේවත් ඇනවීමක් නොමැතිව තමා හෝ තමාගේ සිත හැකිලී තිබිය දී නොඑසේ නම් පැකිලී තිබිය දී කරුණු සලකා උත්සාහ කර ගැනීමක් නොමැතිව එසේ නැතහොත්, කාගේවත් උත්සාහයකින් තොරව තමා විසින්ම උත්සාහ කර ගන්නේ නැතිව, නැතිනම් කාගේවත් උත්සාහ කරවීමක් නොමැතිව තියුණුව ඉබේම මෙන් ඇති වන්නා වූ සිතකට අසංඛාරික වශයෙන් හැඳින්වේ.