අහේතුක සිත් (සත්වන අර්ධය)
පොට්ඨබ්භය තේරුම් ගැනීමට ඉතා පහසු ය. කුඩා කල මතක් කර ගතහොත්, අපගේ මව්පියන් අපගේ හිස පිරිමදින අවස්ථාවේ දී ඇති වන්නේ සුඛ ස්පර්ශයකි. එනම් සැප ය යි. එවිට ඇති වන්නේ සුඛ සහගත කාය විඤ්ඤාණයකි. එසේ හිස සුමුදුවට පිරිමදිමින් සිටින අවස්ථාවේ දී ටොක්කක් ගැසුවහොත්, දැනෙන්නේ දුකකි. රිදීමකි. එවිට උපදින්නේ දුක්ඛ සහගත කාය විඤ්ඤාණයකි. වේවැලකින් ගැසුවහොත් වේවැල් පහර කන අවස්ථාවේ දී ඇති වන්නේ දුක්ඛ සහගත කාය විඤ්ඤාණ ය යි. එවිට තෙල් ටිකක් ගෙන අත ගෑවහොත්, තෙල් ගාන අවස්ථාවේ දී ඇති වන්නේ සුඛ සහගත කාය විඤ්ඤාණ ය යි. ඊට තවත් ඉඩ දි දී බලා සිටීමට ද කැමති ය.
එවන් අයුරින් කාය විඤ්ඤාණය සුඛ සහගත හෝ දුක්ඛ සහගත යන මෙම දෙකට වැටේ. නො කැමැති, පීඩා ගෙන දෙන ස්පර්ශයක් වුවහොත්, එය දුක්ඛ සහගත කාය විඤ්ඤාණ ය යි. ප්‍රි ය මනාප, සැපක් ගෙන දෙන සැපක් නම් ගෙන දෙන්නේ එය සුඛ සහගත කාය විඤ්ඤාණ ය යි. මේ ආකාරයට අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය, අකුසල විපාක සෝත විඤ්ඤාණය, අකුසල විපාක ඝාණ විඤ්ඤාණය, අකුසල විපාක ජිව්හා විඤ්ඤාණය, අකුසල විපාක කාය විඤ්ඤාණය යනුවෙන් පංච විඤ්ඤාණ (විඤ්ඤාණ පහක්) ඇත. ඉන් හතරක් ම වේදනා වශයෙන් උපේක්ෂා වේදනාවෙන් යුක්ත ය. මෙහි දී උපේක්ෂාව යනු, හොඳත් නො වන, සැපත් නො වන, නරකත් නො වන, දුකත් නො වන මධ්‍ය ස්ථ වේදනාව යි.
කාය විඤ්ඤාණය නම්, දුක්ඛ සහගත ය. එය දුක ය. එය අකුසල විපාක පැත්තෙනි.
කුසල විපාක ද මෙහි දැක්වූ අයුරින් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණාදී වශයෙන් 05 ක් වේ. අකුසල විපාකවල ඒ අයුරිනි.
කුසල විපාකවල ද කුසල විපාක චක්ඛු විඤ්ඤාණය යනු, හොඳ අරමුණක් දක්නට ලැබුණත්, ඉන් ලැබෙන චක්ඛු විඤ්ඤාණය කුසල විපාකයක් වුව ද එහි යෙදෙන වේදනාව උපේක්ෂා සහගත ය. මධ්‍ය ස්ථ වේදනාවකි. උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණය ද එසේ ය. දේශකයාණන් වහන්සේ නමක් ධර්ම දේශනා කරමින් සිටින අතර, එහි සිටින උවැසියන් පිරිස අසමින් සිටී. එවිට ඇසීම් වශයෙන් උවැසියනට උපදනා වූ සෝත විඤ්ඤාණ සිත් සියල්ල ම කුසල විපාක සෝත විඤ්ඤාණ ය යි. උපේක්ෂා සහගත සෝත විඤ්ඤාණයක් වූ එය ලැබෙන්නේ කුසල විපාක වශයෙනි. ඝාණ විඤ්ඤාණය ප්රිවය මනාප සුවඳක් ආග්රාවණය කරමින් නම් උපදින්නේ එය කුසල විපාක ඝාණ විඤ්ඤාණය යි. එය ද උපේක්ෂා සහගත වූ මධ්යආස්ථ වේදනාවෙන් යුක්ත ය. රස දැනගැනීම් වශයෙන් දිවෙහි ගැටෙන තිත්ත, කටුක, මධුර, ඇඹුල් ආදී වශයෙන් රස ඇත. එසේ රසයන් දැනෙන අවස්ථාවේ දී උපදින සිත ජිව්හා විඤ්ඤාණ ය යි. අනිෂ්ට රසක් වේවා, ඉෂ්ට රසක් වේවා උපේක්ෂා වේදනාවෙන් යුක්ත ය. දිවෙන් මිහිරි රසක් විඳිමින් නම් මේ සිත උපදින්නේ එම සිත ජිව්හා විඤ්ඤාණ ය යි.
කය පිළිබඳ ව ඇති වෙන වේදනාව ඉතා ම පැහැදිලි ය. එහි වේදනාව වැටෙන්නේ සුඛ හා දුඃඛ යන දෙකින් එකකට ය. දුඃඛ වේදනාවක් වේ නම්, එය අකුසල විපාක කාය විඤ්ඤාණයකි. සුඛ වේදනාවක් වේ නම්, එය කුසල විපාක කාය විඤ්ඤාණයකි. යම් යම් රෝග හැදුණු විට රෝගය සුව වෙන තුරු ම ශරීරයට මහත් දුඃඛ වේදනා ඇති කරවයි. හිස රුදාව, දත් කැක්කම්, බඩ කැක්කුම් ආදී වශයෙන් නොයෙක් වේදනා ඇත. ඒවා දැනීම්, දැනගැනීම් වශයෙන් උපදනා අවස්ථාවල දී ඇති වන සිත දුඃඛ සහගත ය. එය දුඃඛ සහගත කාය විඤ්ඤාණය වේ. මෙය අකුසල විපාකයකි. එයට අතීතයේ කරන ලද අකුසලයන් තිබේ. ඒවා ලැබෙන්නේ එම අකුසල් නිසා යි.
මෙතෙක් සඳහන් කරනු ලද්දේ අකුසල විපාක සිත් 07 ගැන ය. ඒ ගැන නැවත සිහිපත් කළහොත්, මුලින් ම සඳහන් කරනු ලැබූයේ අන්තිම සිත ගැන ය. ඊට හේතුව නම්, ප්රැතිසන්ධි විපාකය දැක්විය යුතු හෙයිනි. කවර හෝ අකුසලක ප්රබතිසන්ධි විපාක වශයෙන් සිත් ඇත්තේ එකකි. එනම්, අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිත ය. නයෙකු හෝ පොළඟෙකු වැනි බඩගා යන සතෙකු හෝ වේවා, බල්ලෙකු, හෝ බළලෙකු ආදී වශයෙන් උපන් සතෙකු වේවා, නිරයෙහි නිර සතෙකු වේවා, ප්රේඑත අපායෙහි ඉපදුණු ප්රේකතයෙකු වේවා මේ කාහට වුව ද, අහේතුක ප්රොතිසන්ධියක් වශයෙන් අකුසලයක් නිසා ලැබෙන මෙම ප්රපතිසන්ධිය සිත වශයෙන් ඇති වන්නේ උපේක්ෂා සහගත සන්තීරණ සිත ය. එයට සමාන තවත් කුසල විපාකයක් ඇතත් එය ඉන් අනතුරුවය පැවසිය යුතු. මෙහි දී සඳහන් කරනු ලැබූයේ අකුසල විපාක සිත් හත ගැන ය. අකුසල් විපාක සිත් හතකි. අකුසල් සිත් දොළහකි. මේවා ප්රේමාණයන් පාඩම් කරගත යුතු ය. කරන ලද ඒ ඒ කර්මයනට අනුව ඊට අනුරූප ව ම උපදින්නේ ඒ අකුසල් සිත් දොළසෙන් ම ය. කෙනෙකු සොරකම් කරන විට කුසල් සිතක් උපදින්නක් නොවේ. සොරකම් කරන විට උපදින්නේ අකුසල් සිතකි. සොරමක් කරන විට ඇතැම් විට ලෝභ මූල සිත් විය හැකි ය. ඇතැම් විට ද්වේශ මූල සිතක් විය හැකි ය. තමා සොරකමක් කරන්නේ යමෙකුගෙන් කඩාවඩා ගැනීම, බලහත්කාරයෙන් ගැනීම මේ ආදී වශයෙන් සිදු කරනු ලබන්නේ නම් ඒවා ද ඇතුළත් වන්නේ සොරකම්වලට ය. යමෙක් එසේ සොරකම් කරන විට තරහාවෙන් කරන විට ද්වේශ මූල සිතකි. ලෝභයෙන් සිදු කරන්නේ නම් එය ලෝභ මූල සිතකි. ලෝභයෙන් හෝ ද්වේශයෙන් යන දෙකෙන් කුමන එකකින් සිදු කළ ද සොරකම් කිරීමේ පාපය මරණාසන්න අවස්ථාවේ දී විපාක දීමට එළඹුණහොත්, සොරකම් කිරීමේ පාපකර්මය නිසා නිරයේ උපදින්නේ නම්, ඔහුට ලැබෙන විපාක සිත වනුයේ අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිත ය.