අහේතුක සිත් (පස්වන අර්ධය)
ඔබ විසින් නො දැකිය යුතු, දක්නට නො කැමැති නොයෙක් දේ ඔබට දක්නට ලැබේ. එවිට උපදින්නේ අකුසල විපාක චක්ඛු විඤ්ඤාණ ය යි. එසේ ම, අමිහිරි ශබ්ද ඇසීමට ලැබේ. ප්රියය මනාප ඒවා නො වේ, අප්රිනය, අමනාප, බොහොම කටුක ශබ්ද ඇසීමට ලැබේ. සමහර විට තමාට ම බණින ශබ්ද පවා ඇසීමට ලැබේ. නැතිනම් අනුන්ට හෝ බණින ශබ්ද ඇසීමට ලැබේ. එම අවස්ථා දෙකේ දීම උපදින්නේ ශෝත විඤ්ඤාණ ය යි. එම ශෝත විඤ්ඤාණයෙන් අරමුණු කරන ශබ්දය ඉෂ්ට ශබ්දයක් නො වේ. එය ඉෂ්ට ශබ්දයක් නො වන නිසා ඔබට එම ශෝත විඤ්ඤාණ රසය උපදනා වූ විපාක සිත, අකුසල විපාක ශෝත විඤ්ඤාණ ය යි. එය ලැබෙන්නේ අතීතයෙහි කර තිබෙන අකුසලයන්ගේ විපාකයක් වශයෙන් ය. එසේ රූප, ශබ්ද, ගණ්ධ, රස, පොට්ඨබ්භ යන 05 අතුරින් රූප, ශබ්ද, ගණ්ධ, රස, ස්පර්ශ යන මේවා ද ඇතුළත් වන්නේ රූපස්කන්ධ යන ගොඩට ය. එම රූපස්න්ධ යන ගොඩට ඇතුළත් වන රූප සියල්ල ම, රූපාරම්මණය, රූපායතනය, වර්ණ රූපය යනු එකකි. එයට කිව යුත්තේ පාට ය. වර්ණ ය ය. අපගේ ඇසෙන් දැකගත හැක්කේ, ඇසට ගොදුරු වන්නේ යමෙක ඇති වර්ණය පමණි. වෙන කිසිවක් ඇසෙන් උපදනා වූ එම සිතින් අරමුණු කළ නො හැක. අරමුණු කළ හැක්කේ වර්ණක රූපය පමණි. වර්ණය නැති දෙයක් වේ නම්, එම වර්ණය අපගේ ඇසෙන් ගත නො හැකි ම දෙයක් වේ නම් එය අපට නො පෙනේ. උදාහරණයක් හැටියටවාතය නො පෙනේ. වාතය නො පෙනෙන්නේ වාතය වර්ණයෙන් තොර වූ දෙයක් නිසා නො ව, වාතයෙහි ඇති වර්ණය ගත හැකි තත්ත්වයකට අපගේ ඇස පිහිටා නො මැති බැවිනි. ඇස ද පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන මහා භූත සතරින් ඇති වන්නකි. මහා භූත සතර ම එතැන ඇත. තනිකර ම වාතය කියා කොටසක් වාතයෙහි ද නො මැත. ඒ අතර යම් තැනක ද වර්ණ, ගණ්ධ, රස, ඕජා යන අනිත් පදාර්ථ ද අන්තර්ගත ය. මෙම පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගණ්ධ, රස, ඕජා යන රූප කලාප 08 අවිනි භෝග රූප කලාපය, ශුද්ධාෂ්ටක රූප කලාපය වශයෙන් දක්ව යි. මෙම අටෙන් තොර වූ කිසිදු රූප පිණ්ඩයක් කොහේ හෝ දක්නට නො ලැබේ. කවර තැනක හෝ ලැබෙන රූප මෙම අටෙන් යුක්ත ය. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන හතර එකතු වූ තැන වර්ණක් ඇත, ගණ්ධයක් ඇත, රසයක් ඇත, ඕජාවක් ද ඇත. එසේ එකී හතර ද ඇත. පාට යනු එම වර්ණයෙන් ය.
එසේ වුව ද වර්ණය වශයෙන් දක්නට ලැබෙන්නේ එක කලාපයක ඇති වර්ණය නො වේ. අපගේ ශරීරය නිරූපණය වී තිබෙන්නේ රූප කලාප රාශියකින් ය. ඇස යනු, එම සියල්ලේ ම තියෙන වර්ණ සංකලනයක් ය. ඒ ඒ අවස්ථාවල දී ඇසෙන් දකින රූප ද වර්ණ සංකලනයකි. ඊට උදාහරණයක් නම්, මාර්ග්යේ ගමන් ගන්නා රථයක් දෙස බලා සිටින විට එම රථය එක් එක් තැන දිස්වේ. ඒ ගැන විමසිලිවත් ව සිටින විට එක් තැනෙක, තවත් තැනක, වෙනත් තැනෙක දිස් වෙමින් යන ආකාරය පෙනේ. එය යනවා ය යන්න ඇසට පෙනෙන්නක් නො වේ. ඇසට පෙනෙනුයේ රථය ය. එම වර්ණය ය. ඒ අනුසාරයෙන් අපට ඇති වන මනෝද්වාරික තවත් සිත් ඇත. මනෝද්වාරික චිත්ත වීථි වශයෙන් ඒවා හැඳින්වේ. යන බව නිරාකරණය කර ගන්නේ එම සිත්වලින් ය. එම සිත් ඇසට නො මැත. ඇසට එම ශක්තිය නො මැත. ඇසෙන් වෙන්නේ දැකීම පමණි. එය චක්ඛු විඤ්ඤාණය නාමයෙන් හැඳින්වේ. එම චක්ඛු විඤ්ඤාණයට එම රථය යනවා ආදී වශයෙන් යන ආකාරය දැකීමට, ඒවා සියල්ල නිරාකරණය කිරීමේ ශක්තියක්, විමසීමේ ශක්තියක් නො මැත. එම චක්ඛු විඤ්ඤාණයට අනුරූප ව පසුව තවත් සිත් උපදී. ඒවා එක ම චිත්ත වීථිය නො වේ. ඊට පසු ව ඇති වන චිත්ත වීථීන් ය. යනවා ය යන්න තේරුම් ගන්නේ ඉදිරියේ දී දැක්වීමට ඇති චිත්ත වීථීන්වලින් ය.