අහේතුක සිත් (සතරවන අර්ධය)
ප්රයතිසන්ධිය ලබා දීම යනු, භවයේ පහළ වීම යන අර්ථ ය යි. එසේ ඇති වූ භවය නො සිඳවා ගෙන පැවත ගෙන යන්නේ මෙම භවාංග සිත නිසා ය. එම නිසා එම සිතට භවාංග නමින් හැඳින්වෙන්නේ භවයේ ප්රාධාන අවයවය (අංගය) යන අර්ථයෙනි. එම සිත නැවත නැවතත්, උපදී, නැති වේ. එය චිත්ත පරම්පරා වශයෙන් පැවතගෙන ය යි. නමුත් මෙම භවාංග සිත් ඉපදීම් නැති වීම් සිදු වන්නේ වෙනත් සිත් නූපදින විට ය. වෙනත් සිත් උපදින්නේ මෙම ප්රනතිසන්ධි සිතේ ඉපදීම තාවකාලික වශයෙන් නතර වූ විට ය. එසේ ප්රතතිසන්ධි කෘත්යරය සිදු කළ එම සිත, භවාංග වශයෙන් ඉපදෙන්නේ නම්, ඒ භවාංග වශයෙන් ඉපදීමක් දැක්විය යුත්තේ ප්රඋවෘත්ති විපාක වශයෙනි. ප්රෙතිසන්ධිය එක මොහොතකි. නැතහොත්, එක චිත්තක්ෂණයකි. එම කටයුත්ත අවසන් කර ඇත. ඉන් අනතුරු ව ද සිත නැවත නැවතත් උපදී. එවිට එම සිතට ලැබෙන නම භවාංග සිත කියා ය. භවාංග සිත ද ලැබෙන්නේ ප්රසවෘත්ති විපාක වශයෙනි. සත්ත්වයා භවයේ ජීවත් ව සිටින්නේ එසේ භවාංග සිත පැවත ගෙන යාම නිසා ය. එම කාලය තුළ දී ඇසට ගොදුරු වන රූපය නිසා චක්ඛු විඤ්ඤාණය උපදී. කණට ගොදුරු වන ශබ්දය නිසා ශෝත විඤ්ඤාණය උපදී. නාසයට ගොදුරු වන ගණ්ධය නිසා ඝාණ විඤ්ඤාණය උපදී. දිවට ගොදුරු වන රසය නිසා ජිව්හා විඤ්ඤාණය උපදී. ශරීරයෙහි ගැටෙන පොට්ඨබ්භයන් නිසා කාය විඤ්ඤාණය උපදී.
නිරයේ උපන් සත්ත්වයෙකුට නම්, චක්ඛු විඤ්ඤාණ, ශෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණාදිය බහුල වශයෙන් ම ඇති වන්නේ අකුසල විපාක සිත් ම ය. එසේ සිත් වශයෙන් උපදින්නේ අකුසල විපාකයන් ම ය. එහි දී දක්නට ලැබෙන දේවල් ප්රිවය මනාප දේවල් නො වේ. තමා ව බිය වද්දන, තමාගේ සිතේ කනගාටුව ඇති කරවන, දුක උපදවන එවන් දේවල් දක්නට ලැබේ. අසන්නට ලැබේ. ආඝ්රාදණය කිරීමට ලැබේ. රස වශයෙන් දැනගන්නට ලැබේ. කයෙහි ගැටේ. අපාය නිතර දුක් දෙන සතර අපාය යනුවෙන් හැඳින්වෙන්නේ එබැවිනි. විශේෂයෙන් නිරය අපායේ ඇත්තේ නිරන්තරයෙන් ම දුක ම ය. එය දුඃඛ විපාකය නැතහොත්, අකුසල විපාකය ය. එසේ වූ අකුසල විපාක අතර දුක වශයෙන් ම පෙන්වා ඇත්තේ කාය විඤ්ඤාණය යි. අනිත් ඒවා හඳුන්වා ඇත්තේ දුඃඛ නාමයෙන් නො ව, උපේක්ෂා වශයෙනි. එය ද සැලකිය යුතු කරුණකි. එවිට දුඃඛ සහගත කාය විඤ්ඤාණය, උපේක්ෂා සහගත චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය වශයෙනි.
ඔබ කැමති, ප්රිඤය මනාප, ඉෂ්ට සේ සලකන යම් කිසිවක් දක්නට ලැබුණත්, එසේ ම අනිෂ්ට දෙයක් දක්නට ලැබුණත් එය දැකීම් වශයෙන් සිත නිසා උපදනා අමුතුවෙන් ලැබෙන, දැනෙන රිදීමක් හෝ වේදනාවක් ඇසේ උපදින්නේ නැත. එසේ උපදින ස්වභාවයක් ද නො මැත. ඇසෙන් දක්නට ලැබෙන්නේ අසූචි, මළ මුත්රි, කුණු වී ගිය දේවල් වුව ද දක්නට ලැබෙයි. එවිට එවස් වූ දැනීම ද උපදින්නේ චක්ඛු විඤ්ඤාණය නම් වූ එම සිතේ ය. ඇති වන්නේ දැනීමකි. නමුත්, එම දැනීම උපදින්නේ හොඳ අරමුණක එල්බ ගෙන නො වේ. එම අරමුණ නම් අනිෂ්ට ය, අප්රිෙ ය ය. අමනාප ය. අනිෂ්ට අරමුණක එල්බ ගෙන උපදනා වූ චක්ඛු විඤ්ඤාණය කුසල විපාකයක් නො වේ. එය ද අකුසල විපාකයකි.