අහේතුක සිත් (තෙවන අර්ධය)
කාය විඤ්ඤාණය යනු, කයෙහි ගැටෙන හෙවත් ශරීරයෙහි ගැටෙන දේවල් නිසා ඇති වන දැනීම ය. කයෙහි ගැටෙන දේ අරමුණ වශයෙන් දැනගන්නේ පොට්ඨබ්භායතනයෙනි. කයෙහි ගැටෙන විට දැනෙන්නේ පඨවි ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු යන 03 න් එකකි. ආපෝ ධාතුව ස්පර්ශ නො වේ. නිරයේ උපන් නිර සතාට ඇති වන පොට්ඨබ්භ මොනවා ද? පංචවිධ බන්ධනයක් කියා දෙයක් ඇත. එනම්, පපුවේ ඇන්න උල් තිබේ, අත්වලට ඇන්න උල් තිබේ, පාවලට ඇන්න උල් තිබේ මේ ආකාරයට සෑම තැනකට ම උල් ඇණ පොළොවට තද කොට තිබේ. එම ඇනුණු උල් ගැටුණු තැන්වල ඇති වන කාය විඤ්ඤාණය එය දුක්ඛ සහගත ය. එවිට දුක්ඛ සහගත කාය විඤ්ඤාණය යි. මේ ආකාරයට නිරය අපායේ උපන් අයෙකු හට නම්, නිරන්තරයෙන් ම තමන් කරන ලද අකුසල කර්මය නිසා එහි විපාකයන් ඇති වේ. එහි උපත ලබන්නේ ද, එම අකුසල කර්මයේ ප්රනතිසන්ධි විපාක වශයෙනි. එහි ඉන්න තාක් කල් නිරන්තරයෙන් ම වාගේ විපාක වශයෙන් ලැබෙන්නේ ද අකුසල් විපාක ය. එම අකුසල විපාක ජවන් වශයෙන් ගත් කළ සීමිත ය. එම 07 න් එහාට කිසිවක් නො මැත. කා හට වුව ද අකුසල විපාක සිත් ඇත්තේ 07 කි. ප්ර ධාන එක නම් ඒ භවය ලබා දීම් පහළ වන සිත ය. එම සිත නම් ප්රදතිසන්ධි සිත ය. එය ප්ර තිසන්ධි විපාක සිත ය. එම කෘත්යඑ ය (වැඩය) සිදු කරන සිත නම් අකුසල විපාක උපේක්ෂා සහගත සන්තීරණ සිත ය. ඉන් පසු ප්රනතිසන්ධිය ගත් සත්ත්වයා තමන්ගේ කර්මය යම් දවසක ගෙවී ය යි ද, ඒ තාක් කල් එහි දුක් විඳිමින් සිටී. ප්ර වෘත්ති විපාකය නම් එම කාලය තුළ දී ලැබෙන විපාකයන් ය. ප්රුතිසන්ධි විපාකය වශයෙන් සිදු කරනා සිත එම ප්රධතිසන්ධි චිත්තය සිදු කරන්නේ එක චිත්තක්ෂණයක කාලයකි. චිත්තක්ෂණය නම්, , උප්පාද, ඨිති, භංග කියා කුඩා ක්ෂණ තුනකින් යුක්ත කාලය චිත්තක්ෂණ ය ය. සිතක ඇති වීම උප්පාද ය යි. එම සිතේ පැවැත් ම ඨිති ය යි. එම සිතේ නැති වීම භංග ය යි. එසේ සිතේ ආයු කාලය දක්වයි. ඒ අයුරින් සිතේ ආයු කාලය වශයෙන් කුඩා ක්ෂණ 03 ක් පෙන්ව යි. එම කුඩා ක්ෂණ 03 එකක් එකකට එකක් අඩු ද නො මැත. වැඩි ද නො මැත. උප්පාද කාලය යම් කාලයක් ද, ඨිතිය ද එපමණ කාලයකි. භංගය ද එපමණ කාලයකි. එවිට සමාන කාල තුනකි. එම තුන එකතුව යි එක චිත්තක්ෂණයක් වන්නේ. එක සිතක් පවතින්නේ එම කාලය යි. එවන් සිත් කෝටි ගණන් බොහෝම සුළු කාලයක් තුළ දී උපදී. එම කාලය තුළ දී උපදනා සිත් මෙපමණ ය යි කියා ගණන් වශයෙන් දැක්විය නො හැක. සිත යනු, ඒ තරම් වේගවත් ධර්මයකි. බුදුපියාණන් වහන්සේ ද මේ බව දක්වා තිබේ. සිත ඇති ව වහා වෙනස් වේ. නැති වේ. එසේ සිතේ ඇති වහා වෙනස් වන බවට නැතිනම්, පෙරළෙන බවට, එනම් ඇති ව නැති වෙන බවට සිතේ තිබෙන ස්වභාවයට උපමා වශයෙන් ගෙන දැක්විය නො හැකි නිසා උන්වහන්සේ වදාළා "උපමාති දුෂ්කරන්" කියා. උපමාවක් දැක්විය නො හැක. ඒ තරම් වේගවත් ධර්මයකි මේ සිත. ප්රිතිසන්ධි ක්ෂණය එතරම් කුඩා කාලයකි. ප්ර්තිසන්ධි කාලය උප්පාද, ඨිති, භංග නම් වූ කුඩා ක්ෂණ 03 කින් පරිමිත වූ සිතක කාලයකි. ප්රඩතිසන්ධි කාලය තුළ දී එම ප්රහතිසන්ධි සිතෙන් නැතහොත්, ප්රමතිසන්ධි විපාක වශයෙන් සිදු කරන යම් කටයුත්තක් වේ නම් එය කොට අවසන් කර යි. එය සිදු කර අවසන් වූ පසු මේ සන්තානය ඇසුරු කොට නැවත නැවතත් උපදින සිතක් ද ඇත. එසේ වෙනත් සිත් නැති අවස්ථාවල දී එසේ නැවත නැවතත් උපදින එම සිතට භවාංග සිත නමින් හැඳින්වේ. එබැවින්, එවන් අයුරින් එසේ වූ ඊළඟ චිත්තක්ෂණයේ දී හැඳින්වෙන නාමය ප්රිතිසන්ධි චිත්තය නමින් නො වේ. එම සිතට පවසන නම නම්, භවාංග සිත කියා යි. එයට භවාංග සිත ය යනුවෙන් හැඳින්වෙන්නේ භවයේ පැවැත්මට ඉවහල් වන සිත ය යන අර්ථය යි.