අහේතුක සිත් (දෙවන අර්ධය)
02. ප්ර වෘත්ති විපාක.
ජීවිත කාලයේ දී යම් කිසි කර්මයකින් ප්රතිසන්ධිය ලබා දුන්නේ අපායෙහි නම්, අපායේ උපන් සත්ත්වයා, ප්රිතිසන්ධි ගත් අවස්ථාවේ පටන් ඒ භවයෙන් ච්යුරත වන කාලය දක්වා වූ කාලය ප්රේවෘත්ති කාලය වශයෙන් දැක්වේ. එම කාලය තුළ විපාක වශයෙන් ලැබෙන්නේ ප්ර්වෘත්ති විපාක ය. දේවදත්ත ස්ථවිරයන් අවීචි මහා නිරයේ ඉපිද සිටී යයි සිතුවහොත්, එහි ඉපිද සිටින තිරිසන් සත්ත්වයා හට දක්නට ලැබෙන, අසන්නට ලැබෙන, දකින්නට ලැබෙන, ආග්රාිණය කිරීමට ලැබෙන, රස දැනගන්නට ලැබෙන, කයෙන් ස්පර්ශය (ශරීරයට ගැටෙන දේ) විඳීමට ලැබෙන යනාදී අවස්ථාවල දී උපදනා වූ සිත්, ප්ර්වෘත්ති විපාක වශයෙන් ලැබෙන සිත් වන්නේ ය.
දකින්නට ලැබෙනවා යනු කුමක් ද? දකින්නේ සිතකින් ය. එම දක්නා සිත අභිධර්මයේ දක්වා තිබෙන ආකාරයට චක්ඛු විඤ්ඤාණය - ඇසෙහි දැකීම නැතහොත්, ඇසෙහි ඇති වන දැනීම, එසේත් නැතහොත්, ඇස නිසා ඇති වන දැනීම ය. එම ඇතිවන දැනීම හඳුන්වන්නේ දැකීම වශයෙනි. එසේ ඇති වන දැකීම සඳහන් වන්නේ චක්ඛු විඤ්ඤාණ යන නාමයෙනි. මෙහි දී ඇති වන අකුසල විපාක සිත් 07 අතුරින් මුලින් ම දැක්වූයේ එය ය. එනම්,උපේක්ෂා සහගත චක්ඛු විඤ්ඤාණය ය. නැවත ඉහත සඳහන් කර ගෙන ආ කාරණය දෙස බලමු. දේවදත්ත ස්ථවිර නිර සතෙකු වශයෙන් අපායේ සිටිය දී දක්නට ලැබෙන දේ ඉෂ්ඨාරම්මණ නො වේ. දක්නට ලැබෙන්නේ අප්රිකය, අමනාප දේවල් ම ය. තමා ව පුළුස්සන්නට ගෙනෙන යම් කිසි දෙයක්. තමාගේ මුවෙහි වත් කිරීමට ගෙනෙන ලෝදිය වැනි යම් කිසි දෙයක් ආදී වශයෙනි. මේ ආකාරයට දක්නට ලැබෙන්නේ තමන්ට හිංසා පීඩා කිරීමට හේතු භූත වන දේවල් ම ය. එවිට චක්ඛු විඤ්ඤාණයෙන් දක්නට ලැබෙන්නේ අමිහිරි, නො මනාප, අනිෂ්ඨ දේවල් ම නිසා ය. එම චක්ඛු විඤ්ඤාණය උපේක්ෂා සහගත අකුසල විපාක චක්ඛු විඤ්ඤාණය වේ.
මුගලන් මහ රහතන් වහන්සේත් නිරය, අපායට ගොස් නිර සතුන් සමඟ කථා කළ ආකාරයන් සඳහන් වේ. එවන් අවස්ථාවක එවන් උතුමකු එම නිර සතුන්ට දක්නට ලැබුණහොත්, එම නිර සතුන්ට උපදින්නට පුළුවන් කුසල විපාක චක්ඛු විඤ්ඤාණය යි. එවන් රහතන් වහන්සේ නමක් දුටු දේවදත්ත නිර සතාට වුව ද එවන් අවස්ථාවක දී වුව ද ඇති වන්නේ කුසල විපාක චක්ඛු විඤ්ඤාණය යි. නමුත්, එබඳු වූ අවස්ථාවන් නිරයේ දී ඉතා ම දුර්ලභ ය. දක්නට ලැබෙන්නේ අමිහිරි, අනිෂ්ට, අමනාප දෙයක් ය. ඒවා අකුසල විපාක චක්ඛු විඤ්ඤාණයෙන් ය.
අපායේ දී අසන්නට ලැබෙන්නේ මොනවා ද? සිත් සතන් බොහෝ දූෂ්යන කරවීමට ඉවහල් වන බොහෝ අනිෂ්ට ශබ්ද වන මරව්, කපව්, කොටව් ආදී වශයෙනි. ඒවා අනිෂ්ට ශබ්ද ය. එය අකුසල් සිත් 07 අතරින් එක් සිතක් වන උපේක්ෂා සහගත අකුසල විපාක ශෝත විඤ්ඤාණය යි.
බොහෝ අප්රිගය අමනාප, අනිෂ්ඨ ගණ්ධයන් ආග්රාටණය කිරීමට ලැබේ. එය අකුසල විඤ්ඤාණ ඝාණ විඤ්ඤාණ ය යි. එය දක්වන්නේ උපේක්ෂා සහගත අකුසල විපාක ඝාණ විඤ්ඤාණය කියා ය. ඝාණ යනු නහය ය. මෙහි දී දැක්වෙන්නේ නහය නිසා ඇති වන දැනීම ය. ඉන් කරනුයේ ගඳ - සුවඳ දැනීම ය.
අපායෙහි දී දිවෙහි ගැටෙන රස වශයෙන් දැන ගැනීමට ලැබෙන්නේ රසමසවුල් නො වේ. එහි දී රස විඳින්නට වන්නේ බොහෝ අනිෂ්ඨ රසයන් ය. එවිට ලැබෙන සිත අකුසල විපාක උපේක්ෂා සහගත ජිව්හා විඤ්ඤාණ ය යි. ජිව්හා යනු දිව ය.