සම්මුති දේශනා හා පරමාර්ථ දේශනා (තෙවන භාගය)
එසේම චිත්ත චෛතසික රූප ම තමයි බෙදන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ලෙසට නැවත චක්ඛායතන, සෝතායතන, ඝාණායතන, ජිව්හායතන, කායාතනන, රූපායතන, ශබ්ධායතන, ගන්ධායතන, රසායතන, පොට්ඨබ්බායතන, මනායතන, ධම්මායතන යනුවෙන් ආයතන වශයෙන් ද බෙදේ. නමුත් ධම්මායතනයට නම් චිත්ත, චෛතසික, රූප යන තුනට ඇතුළත් නොවන නිර්වාණ ධාතුවත් ඇතුළත් වේ.
මීළඟට ධාතු වශයෙන් ද චක්ඛු ධාතු, සෝත ධාතු, ඝාණ ධාතු, ජිව්හා ධාතු, කාය ධාතු, රූප ධාතු, ශබ්ද ධාතු, ගණ්ධ ධාතු, රස ධාතු, පොට්ඨබ්බ ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ඝාණ විඤ්ඤාණ ධාතු, ජිව්හා විඤ්ඤාණ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝධාතු, මනෝ විඤ්ඤාණ ධාතු, ධම්ම ධාතු. එහිදී ද, චිත්ත චෛතසික හා රූප යන මේවා වෙන් වශයෙන් ද, ධම්ම ධාතුව සඳහා පමණක් නිර්වාණය ඇතුළත් වේ.
කෙනෙකු ධර්මය ඉගෙනීමට බලාපොරොත්තු වේ නම්, හෝ ධර්මය කියා දීමට බලාපොරොත්තු වේ නම්, එම තැනැත්තා අභිධර්මය පිළිබඳ පටුත්වයක් ලබා ගැනීම අවශ්යහ වේ. එසේ කීමට හේතුව අටුවාවේ ම සඳහන්ව ඇත. “ආභිධම්මික අභික්ඛු මේව කිර ධම්ම කථිකා සේසා ධම්මා ධම්මං කථෙන්තා ති න ධම්ම කථිකං” ආභිධම්මික භික්ෂු“වරයෝ ම ය ධම්ම කථිකයෝ, අන්‍ය යෝ ධර්මය දේශනා කළත් ධර්ම කථිකයෝ නොවෙත්. ඊට හේතු වශයෙන් සඳහන් වන්නේ මෙසේ ය, අභිධර්මය නොදත් තැනැත්තා ධර්මය දේශනා කරන විට බොහෝ අවුල් දේශනයක් කරයි. එක් එක් කර්මයක් තවත් වෙනත් කර්ම සමඟ පටලමින් හා වෙනත් විපාක සමඟ පටලමින් බොහෝ අවුල් දේශනයක් කරයි කියා දක්වයි. ආභිධම්මික භික්ෂූන් වහන්සේ එසේ නොවේ. උන්වහන්සේ ධර්මය දේශනා නොකළත්, ඇසූ අවස්ථාවේ දී කාරණය නොවරදවා දේශනා කරන හෙයින්, කියන හෙයින්, උන්වහන්සේ ම ය ධර්ම කථිකයෝ කියා දක්වා ඇත.
ධර්ම කථිකයන් හට අභිධර්මය දැන ගැනීම බොහෝම අවශ්යකයි. එසේ අවශ්යන වනුයේ ධර්මයේ ගැඹුරට ගොස් කියා දීමය ය. එම නිසා තේරුම්ගත යුතු වන්නේ ශ්‍රී. සද්ධර්මය ගැඹුරු ය. එය අමතක නො කළ යුතු ය. සමහර විට මේවා බොහෝ ගැඹුරු දේවල් හැටියට තේරුම් ය යි. මෙය ලිහිල් කිරීමේ දී වුව ද යමෙකු හට නො තේරී යා හැකි ය. නමුත් මෙය නො ඉගෙන ගතයුතු දෙයක් ද නොවේ. එයම ය ඉගෙන ගතයුතු වන්නේ.
සැරියුත් රහතන් වහන්සේ, බුද්ධ ශාසනයට පැමිණීමට පෙර උපතිස්ස පරිභ්රා.ජකයාව සිටිය දී, අස්සජි මහරහතන් වහන්සේ මුණ ගැසුණු අවස්ථාවේ දී, අස්සජී රහතන්වහන්සේ දේශනා කළේ සතර පදයකින් යුතු ධර්මය යි. "යේ ධම්මා හේතුත් පබවා තේසං හේතුත් තථාගතෝවා තේසංච යෝ නිරෝධෝ ඒවං වාගී මහා සමෝ" මේ ගාථාවේ ඇතුළත් වනුයේ චතුරාර්ය සත්‍ය ය යි. මෙම ගාථාවේ ගැබ් ව ඇති චතුරාර්ය සත්යසය ධර්මය විස්තර කිරීමට අභිධර්ම ඥානයක් වුවමනා ය. හේතූන් නිසා ප්රතභව වන ධර්ම වශයෙන් දක්වන්නේ ස්කන්ධ පංචකය යි. එම ස්කන්ධ පංචකය උපදවාලන හේතූන් තණ්හාව යි. සමුදය සත්‍යම ය යි. එහි (ඒවායේ) නිරෝධය නිර්වාණ ය යි. නිර්වාණයට පැමිණීමට ඇති මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය යි. චතුරාර්ය සත්යහ ය යි. එවැන්නක් විස්තර කිරීමට අභිධර්ම ඥානයක් අවශ්යී යි. සාමාන්යරයෙන් ද යමක් කිව හැකි වුව ද එය පිරිසිදු දේශනයක් නොවේ. ධර්මය තේරුම් ගැනීමට අභිධර්මය වුවමනා ය. ධර්මය යනු කථාන්තරයක් ද නොවේ. සමහර නුවණැතියන් ධර්මය කියා කථාන්තර ඇසීමට නොකමැති යි. කථාන්තර නම් කාට වුව ද කිව හැකි ය. කථානුසාරයෙන් ධර්මය උපුටා දැක්වීම් කළ හැකි ය. නමුත් ප්රථධාන තැන දිය යුත්තේ ධර්මයට යි. එවිට ධර්මයට අභිධර්මයත් ඇතුළත් නිසා ඊට විශේෂාර්ථ නිසා විශේෂ ධර්මය වශයෙන් ද, අතිරේක ධර්මයක් ඇති නිසා ද අභිධර්මය යන නාමයෙන් හැඳින්වේ. ස්කන්ධායතන, ධාතූන්ගේ වශයෙන් කියැවෙන්නේ එය යි. ඒ නිසා එයට විශේෂ ධර්මයක් වශයෙන් හැඳින්වේ.
අභිධර්මයට ඇතුළත් වන ප්‍ර කරණ 07 කි. එනම්, ධම්ම සංඝණී, විභංග, ධාතුකථා, පුද්ගල පඤ්ඤප්ති, කථාවත්ථු, යමක, පට්ඨාන වශයෙන්. එම සප්ත ප්රයකරණ යන්නෙහි ඇතුළත් වන අභිධර්මාර්ථයන් සංග්‍ර හකොට ඉතා කුඩා පොතක් ඇත. එය අභිධර්මාර්ථ සංග්රවහය යි. එය අභිධර්මයට කර ඇති අටුවාවන් ය. අභිධර්මය ඉගෙනීමට බලාපොරොත්තු වන්නන් එම ධර්ම සංගනී ආදියෙන් පටන් ගෙන ඉගෙනීම කළහොත්, එය ඉගෙනීමට අපහසු කරුණක් ය. එම නිසා පළමුවෙන් අභිධර්මය නමැති ධර්ම භාණ්ඩාගාරයට පිවිසීම සඳහා ඇතුළු වීමට තිබෙන දොරටුවක් වැනි වූ අභිධර්මාර්ථ සංග්ර්හය නම් වූ පොත. අභිධර්මය ඉගෙනීමේ මුල් පොත වශයෙන් ලංකාවේ ද, බුරුම රටේ ද, බොහොම ප්රහචලිත වී ඇත්තේ එම පොත වේ. “තත්ථ බුද්ධාභි ධම්මත්ථා චතුධා පරමත්තථෝ චිත්තං චෛතසිකං රූපං නිබ්බාණං මිති සබ්බථානි” යනුවෙන් අභිධර්මාර්ථ සංග්රධහයෙහි සඳහන් වේ. එම අභිධර්ම සප්ත ප්ර්කරණයන්හි වදාරණ ලද අභිධර්මාර්ථයෝ. එවිට අභිධර්ම ප්රරකරණවල දක්වා තිබෙන විශේෂාර්ථයන් සියල්ල අභිධර්මාර්ථයන් ය. ඒවා නම්, ස්කන්ධ, ආයතන, ධාතු, ඉන්ද්රි ය, සත්ය්ය මේ ආදී වශයන් ය. ඒ අභිධර්මාර්ථ සියල්ලම පරමාර්ථ වශයෙන් ගත් කළ 04 කි. “තත්ථ බුද්ධාභි ධම්මත්ථා චතුධා පරමත්තථෝ” එනම්, “චිත්තං චෛතසිකං රූපං නිබ්බාණං” යයි කිය යි. අභිධර්මය ඉගෙනීම් වශයෙන් බලාපොරොත්තු වන්නේ මෙම සතර ය.
අභිධර්මය ගැබ් වී ඇති පොත් 07 කි. එයට සප්ත ප්‍ර”කරණය වශයෙන් නම් කෙරේ. කලින් දැක්වූ පරිදි ධම්ම සංඝණී, විභංග, ධාතුකථා, පුද්ගල පඤ්ඤප්ති, කථාවත්ථු, යමක, පට්ඨාන වශයෙන් නම් වන පොත්වල එන අභිධර්මාර්ථ වශයෙන් සඳහන් වන සියල්ලම වෙන් කර ගතහොත් ලැබෙන්නේ පරමාර්ථ 04 කි. ඒවා නම්, චිත්ත, චෛතසික, රූප, නිබ්බාණ එම හතරයි. මෙම කොටස්වලින් මම ය කියා ගන්නා වූ ශරීරයත් සිතත් යනුවෙන් හැඳින්වෙන්නා වූ ධර්ම පුංජයෙන් මම මොන මොන කොටස්වලට ද ඇතුළත් වන්නේ? මම ය කියා තේරුම් ගැනීමට නම් චිත්ත, චෛතසික, රූප යන මේවා දැන ගත යුතු ය. එසේ ඉගෙනීම් කොට ගෙන යන කල මම ය කියා කිසිවක් මෙහි නොමැති බව වැටහෙයි. එවිට, මම ය කියා ස්කන්ධ පංචකයන් ලබා ගැනීමට තියෙන ආශාව තුනී වෙයි. නැති වී ය යි. එම හේතුවෙන් මෙම අභිධර්මාර්ථව සංග්රයහය කළ ආචාර්යයන් වහන්සේ පිළිවෙළින් සිත්වලින් පටන් ගෙන රූප ආදිය ද කියා නිර්වාණය ද සඳහන් කර, අවසානයේ සමථ-විපස්සනා භාවනාදියට පැමිණේ. එසේ නම්, අභිධර්මාර්ථ සංග්රනහය ඉගෙනීමෙන් බලාපොරොත්තු වනුයේ කුමක් ද? සමථ-විපස්සනා යන භාවනා කිරීම යි. සමථ-විපස්සනා වශයෙන් හැඳින්වෙන භාවනා කිරීමට සුදුසු පදනම මෙම ධර්මය ඉගෙනීමෙන් කෙනෙකු හට ලැබේ.