ද්වේශ මූල සිත් (එකළොස් වැනි අර්ධය)
01. ප්රාසණඝාතය, පරපණ නැසීම, සත්ත්ව ඝාතනය.
සත්ත්ව ඝාතනය විනෝදයට කළ ද, විහිළුවට කළ ද, සිනාසෙමින් කළ ද එය කරන අවස්ථාවේ දී උපදිනා සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත ම ය. එම අවස්ථාවේ දී යමෙකු මෙසේ අස යි. සතෙකුගේ මස් කෑමට ප්රිපය කරන තැනැත්තෙක් යම් සතෙකුගේ ජීවිතය නසා එම මාංශය අනුභව කරයි. නැවත එම තැනැත්තා මෙසේ අසයි, එසේ මරණය සිදු කළේ ලෝභයෙන් නොවේ ද කියා. එවිට දිය යුතු පිළිතුර නම්, මරණය සිදු කළේ ලෝභයෙන් නොවේ. මරණය සිදු කළේ ද්වේශයෙනි. ද්වේශ මූල සිතෙනි. එම සතාගේ මස පිළිබඳ එම සත්ත්වයා මරන ලද තැනැත්තාගේ ආශාවක් තිබේ. සතාගේ මස ලබා ගැනීමට එක් බාධාවකි. එම බාධාව නම් සතාගේ ප්රාාණය යි. නැතහොත්, සතාට පණ තිබීම ය. එම නිසා තමා කැමති මස ලබා ගැනීමට උගේ ජීවිතය සම්බන්ධයෙන් නො කැමැත්තක් ඇති වේ. එවිට සත්ත්වයාගේ ජීවිතය තමා විසින් නැති කරයි. නැතිනම් අනුන් ලවා නැති කරවයි. එසේ එම අකුසලය කරවන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික හෝ සසංඛාරික සිත යන මෙම සිත් දෙකෙන් යම් කිසි සිතක් ඉපදුණු අවස්ථාවක දී ය.
කෙනෙකු ක්රී ඩා පිණිස දඩයමේ යයි. ඔහු සතුන් මරන්නේ විනෝදය ට ය. නමුත් ඔහු සතුන් මරන අවස්ථාවක දී සෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත හා සසංඛාරික සිත යන මෙම සිත් දෙක හැර ඔහුගේ සිතේ අන් සිතක් නූපදී. බැරි වෙලාවත් එම සතා තමාගේ ඉලක්කයට හසු වන්නේ නැති ව පැන ගියහොත් මෙම තරහාව තවදුරටත් වැඩි වේ. කෙසේ හෝ පසුපස ගොස් සමහර විට තමා සමඟ ගමන් කළ අන් අයගෙන් සමච්චලයට ලක් වන නිසා තවදුරටත් තමාගේ සිත දැඩි කර ගෙන එම සතා කෙරෙහි ඇති තරහාව තව දුරටත් ඇති කර ගෙන සතා ගිය මග ඔස්සේ ම ගොස් කෙසේ හෝ මරා දමන්නේ නම්, එය ද දෝමනස්ස සිතින් කෙරෙන ක්රි යාවකි. මෙතෙක් දැක්වූයේ ප්රානණඝාතය යන්න පිළිබඳ ව ය.
02. සොරකම් කිරීම.
සොරකම් කිරීම ද්වේශයෙන් ද සිදු කරයි. ලෝභමූල සිත් ගැන සඳහන් කරනු ලබන අවස්ථාවේ දී ද සොරකම් කරන අකුසලය ලෝභමූල සිතින් කරන අයුරු සඳහන් කළා මතක ඇති. සොරකම් කිරීමේ අකුසලය දෝමනස්ස සිතින් ද කරනු ලබයි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිතින් හෝ සසංඛාරික සිතින් කරනු ලබයි. තරහාව නිසා කරන සොරකම් තිබේ. සමහරු එම වස්තුවට ඇති ලෝභකම නිසා සොරකම් කරනවා ද නොවේ. තමා යමෙකු හෝ යම් අය කෙරෙහි ඇති කර ගන්නා තරහා නිසා කරනු ලබන සොරකම් තිබේ. කෙනෙකුට පාඩු කිරීමේ අටියෙන් කරන සොරකම් තිබේ. තමන්ට ඉන් අත්වන ලාභ ප්රියෝජනය සලකා නො ගෙන හුදු පාඩු කිරීමේ පරමාර්ථ යෙන් ම තවත් කෙනෙකුගේ යම් යම් දේවල් ධාන්යහ, භෝග, භාණ්ඩ, මිල මුදල් ආදිය කවරක් හෝ සොරකම් කරයි. මෙසේ එම තැනැත්තාට පීඩා කිරීමට, හිංසා කිරීමට කරන සොරකම් ද තිබේ. එවැනි සොරකම් කරන්නේ ද දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිතකින් ය.
03. බොරු කීම.
බොරු කීම ද තරහාවෙන් කරන අවස්ථා ද තිබේ. තමාගේ තරහාකාරයෙක් නැතහොත් තම සතුරෙක් හිරේ විලංගුවේ දැමීම සඳහා බොරු සාක්ෂි දෙයි. එය තරහාව නිසා කරන බොරු කීමකි. එය දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිතකින් කරනු ලබන බොරු කීමකි.
04. කේළාම් කීම.
කේළාම් කියනුයේ දෙදෙනෙකු බිඳ වීමට ය. යම් දෙදෙනෙකු අතර පවත්නා සම්බන්ධය බිඳ දැමීමට ය. එම සම්බන්ධය තමාට නො රුස්නා නිසා ය. එසේ නො රුස්නා අවස්ථාවක එම සම්බන්ධය කැඩීමට කෙනෙකු කේළාම් කිය යි නම්, එය කරන්නේ තරහා සිතකින් ය. දෝමනස්ස සිතකින් ය. එම අවස්ථාවේ දී දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක් එම කර්මය සිදුකිරීම් වශයෙන් උපදී.
05. හිස්වචන කථා කිරීම.
සමහර අසත්පුරුෂ පුද්ගලයන් සත්පුරුෂයන්ගේ සත්පුරුෂ ක්රිශයාවලට අකමැති යි. එවිට අසත්පුරුෂයා හට පුළුවනි, යම් සත්පුරුෂයාකු තවත් පිරිසක් සහභාගී කරවා ගෙන යහපත් හොඳ ක්රි යාවක් කර ගෙන යන අවස්ථාවක් ය යි සිතමු. එවිට යම් අසත්පුරුෂයෙකු හෝ අසත්පුරුෂයන් පිරිසක් එහි පැමිණ ඊට බාධා වන පරිදි අර සත්පුරුෂයාගේ සත්ක්රිටයාවට සහභාගී වන පිරිස සමඟ එසේ එම වැඩය පමා කිරීමට හෝ කිරීමට අකුල් හෙලීමට සිතාමතා ම නිරර්ථක කථාවක් පටන් ගෙන නිරර්ථක වූ කථාවක් පටන් ගනී. යමෙක් කරනු ලබන යහපත් ක්රිායාවට බාධා කිරීමයි එහි දී පරමාර්ථාය. එසේ තරහාවෙන් කරන ප්රයලාප දෙඩීමක් තිබේ. එසේ හිතා මතා ම එය කඩාකප්පල් වන පරිදි මේ කරන ප්රිලාප දෙඩීම කරන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතකින් ය.
06. පරුෂ වචන කථා කිරීම.
මෙය අනුන්ගේ සිත් රිදවන වචන කථා කිරීම ය. මෙය සිදු කරන්නේලෝභ සිතකින් නො වේ. මෙය සිදු කළ හැක්කේ ද්වේශයෙන් ම ය. මෙහි දී සිත් රිදවීම යන්නෙන් තේරුම් ගත යුතු වන්නේ තමාගේ බලාපොරොත්තුව ද එය ම විය යුතු ය. එනම්, තමා පරුෂ වචනය යමෙකුට නම් පාවිච්චි කරන්නේ යමෙකු සමඟ ඇති වූ තරහාවක් නිසා ය. සමහර විට හොඳ දෙයක් කරුණු සහිතව තවත් කෙනෙකු හට කියා දෙනු ලබයි. ඇතැම් විට දෙමාපියන් දරුවන්ට හොඳ නරක කියා දී අවවාද අනුශාසනා ලබා දේ. එවන් අවස්ථාවක දී දරුවන් මව්පියන් සමඟ හෝ යම් මිතුරෙක් තමා සමඟ එවන් විටක තරහාවක් ඇති කර ගතහොත්, තමන්ගේ සිත පරුෂ කරගෙන, පටිඝ සම්පයුක්ත සිතක් ඇති කර ගෙන දෙමාපියනට එක්කෝ තම මිතුරාට පරුෂ වචනයෙන් බැණ වදී නම් එය ද සිදු කරන්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතකින් ය.
යමෙක් විහිළුවට යම් වචනයකින් කිය යි නම්, උදාහරණ වශයෙන් ගොනා, ඔටුවා ආදී වශයෙන්. ඒ කෙබදු ආකාරයකට වුවත් විහිළුවකට, යහළුකමට තරහාවක් ඇති නො කර ගෙන කිය යි නම් ඒවා ඇතුළත් වන්නේ පරුෂ වචනවලට නො වේ. ඒවා ඇතුළත් වන්නේ හිස් වචනවලට ය. විනෝදයට බැවින් සම්පප්රෙලාපයක් වශයෙන් ලෝභ මූල සිත්වලට ඇතුළත් වේ.