ද්වේශ මූල සිත් (දසවන අර්ධය)
කර්ම යනු, කුසල්වල හෝ අකුසල්වල විපාක වශයෙන් එතරම් ප්ර බල විපාක උපදවන ශක්තිය නැති කුසලය හෝ අකුසලයට කර්මය කියා දැක්වේ. කර්ම පථය යනු, එම කුසලය හෝ අකුසලය නැවත ප්රනතිසන්ධියක් ගෙන දීමට තරම් ශක්තිමත් එකක් වේ නම් එයට කර්ම පථය කියා දැක්වේ. ලෝකයා විසින් කරනු ලබන බොහෝ දේවල් නිසා ඇති වන කුසල් හෝ අකුසල්, කර්මපථ ම වන්නේ නොවේ. ලෝභයේ වුව ද, නානා අවස්ථාවල දී සිත්වල උපදී. එසේ සිත් උපන්න ද එම සෑම සිතක් ම බලවත් කර්මයක් උපදවන්නේ ද නැත. උදාහරණයක් වශයෙන් ඔබ කෑම කන අවස්ථාවක් ගෙන බලමු. එම කෑමෙහි තියෙන රසය බොහෝ කැමැත්තෙන් එහි ඇති ඉෂ්ට රසය අරමුණු කරමින් ඒ ගැන ආශාවක් උපදවාගෙන එම රසය භුක්ති විඳින විට ද උපදින්නේ ලෝභ මූල සිතකි. එහෙත්, එම ලෝභ මූල සිත කෙළින්ම ඔබව අපායට ගෙන යාමට තරම් බලවත් වු අකුසලයක් සාදන සිතක් නොවේ. නමුත් සිත් වශයෙන් ගත් කල අකුසල් සිතකි.ඇතැම් විට එම අකුසලය නැතහොත්, එසේ ඇති කර ගත් ආශාව ඝේදයකට පරිවර්තනය වේ. ඝේදය යනු බලවත් ගිජුකම ය. එසේ ගිජුකමකට හැරුණු විට එය නැතිව ජීවත් විය නොහැකි වේ. එයම වුවමනා වේ. එය සොයාගෙන ම යයි. එවන් අවස්ථාවක දී ඇතැම් විට තමා කර ඇති අකුසල කර්මයක් ඉදිරිපත් වී මෙම ඝේදයත් ඊට සම්බන්ධ වී තමාගේ මරණය සිදු විය හැකි ය. එසේ මරණය සිදු වීමෙන් ඇතැම් විට තමා කර ඇති යම් කිසි අකුසල කර්මයක් ඉදිරිපත් වී මෙම ඝේදයත් ඊට සම්බන්ධ වී නරක ස්ථානයක උප්පත්තියක් ගෙන දීමට ඉදිරිපත් වේ.
පෙර බණ පොත්වල සඳහන් කරුණකි. බොහෝ හොඳින් සිල් රැකි තෙරුන් වහන්සේ නමකට තම දායකයෙකුගෙන් බොහොම හොඳ ගොරෝසු වස්ත්ර.යක් ලැබිණි. එය උන්වහන්සේගේ නැගෙණියක් ද දුටුවා ය. එවිට එම නැගෙණියට එය භාර ගෙන එය රැගෙන ගොස් නැවත කපු කැප බොහෝ හොඳින් වස්ත්රකයක් පිළියෙළ කර ගෙනැවිත් දුන්නා ය. එවිට මෙම හිමිනම එය පසෙක තබා තිබුණි. නමුත් උන්වහන්සේට එය සිවුරු කර හැඳීමට, පෙරවීමට අවස්ථාවක් නො ලැබුණි. හදිසියේ උන්වහන්සේගේ අපවත් වූ සේක. උන්වහන්සේගේ මරණ මොහොතේ සිත පැවතුණේ මේ ලැබුණු වස්ත්රොය ගැන ය. අලුත් හැඳුම හැඳීමට හෝ පෙරවීමට අවස්ථාව නොලැබුණු නිසා එය හැඳීමේ බලවත් ආශාව ඉපදුණි. එවිට උන්වහන්සේ අපවත්ව හිනිකුණෙක් ව එහි ඉපදුණි.
මෙසේ අපවත් වූ භික්ෂූන් වහන්සේ සන්තක දේවල් අනෙකුත් භික්ෂූන් වහන්සේලා බෙදා ගන්නා අවස්ථාව පැමිණුනි. බුදුරජාණන් වහන්සේ එම අවස්ථාවේ දී අපවත් වූ උන්වහන්සේ සතු අන් දේවල් බෙදාගැනීමට හැර මෙම වස්ත්ර ය බෙදා ගැනීම නො කරන ලෙස දැනුම් දුන් සේක. එය පසෙක තැබීමට කී සේක. නැවත මෙය බෙදා ගැනීමට, සුදුසු කෙනාට ගැනීමට ඉඩ දුන්නේ සත් දිනෙකට පසුව ය. කාරණය නම්, එම සත් දවස ගත වීමට කලින් එය බෙදුවා නම්, එය භාරගත් එම තෙරුන් වහන්සේ සමඟ මෙම හිණිකුණා ආඝාතයක්, වෛරයක්, තරහාවක් හිනිකුණා ඇති කර ගනී. එසේ වී නම් හිනිකුණා මැරී ගොස් නිරයේ උපදී. බුදුපියාණන් වහන්සේ මෙය දිවැසින් දැක පණිවුඩය ලබා දුන්නේ එය එම අවස්ථාවේ එය සිදු නො කොට හිනිකුණාගේ නිරගාමීත්වය වැළැක්වීමට ය. එය දුර්වල අකුසලයකි. මෙම ලෝභය හේතුකොට ගෙන මෙතරම් දරුණු තත්ත්වයක් එම තෙරුන් වහන්සේට තිරිසන් භවයේ උප්පත්තියකට මඟ පාදා දුනි. ඉන් අනතුරුව සත් දිනයෙන් පසු එම හිනිකුණා මැරී සුගතිගාමී විය. එවන් අවස්ථා ඇත. යම් කෙනෙක් ලෝභයෙන් වැඩුණු සිත් ඇතිව සිටින අවස්ථාවක දී හෝ ද්වේශයෙන් වැඩුණ සිත් ඇතිව වෙසෙන අවස්ථාවක දී තමන්ගේ මරණය සිදු වුවහොත්, නිරය, තිරිසන්, ප්රේ ත යන තැන්වල නැවත උපතක් ලබන බව බුදුරජාණන් වහන්සේ වදාරන්නේ එම නිසා යි. එම නිසා ලෝභ මූල සිත් හෝ ද්වේශ මූල සිත් හෝ ලැබෙන අවස්ථාවන් ගැන විමසිලිමත් ව සිට එම ලෝභයට දුර යාමට ඉඩ නො සැලසෙන පරිදි, ද්වේශයට දුර යාමට ඉඩ නො සැලසෙන පරිදි තමන් සකස් වීම මෙම ධර්මය දැනගැනීමෙන් බලාපොරොත්තු වන එක කරුණකි. එනිසා දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත ඇති වී සිදු කරනු ලබන කර්ම අතර භයානක කර්මවල කර්මපථ මෙසේ ය.