ද්වේශ මූල සිත් (නවවන අර්ධය)
දෙව්දත් ස්ථවිර බුදු සිරුරින් ලේ සෙලවූහ. එය ද තරහෙන් සිදු කළ දෙයකි. දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත ඉපදී කළ දෙයකි. එසේම දෙව්දත් තෙර සංඝ භේදය කිරීම ද පෙන්වා දිය හැකි ය. එනම්, සංඝයා බිඳ ගෙන ගිය අකුසල කර්මය යි. එම සංඝභේද කිරීමේ අකුසල කර්මය නිසා අවීචි මහා නිරයේ ඉපදීමට හේතු විය. එතරම් වූ අකුසල කර්මයක් සිදු කළේ ද ද්වේශය නිසා ය. එබැවින්, ද්වේශ මූල සිත බොහෝම භයානක සිතකි. එය ද ද්වේශ මූල සිත නිසා සිදු කරනු ලබන අකුසල කර්මයන් ය. ඒ අතර තවත් නොයෙක් දේවල් ද ඇත. යමෙක් තවත් අයෙකු හට වරදක් කරයි. ඒ වරද කර ඇත්තේ ද බොහෝ කාලයකට පෙර ය. නමුත්, පසු කාලීනව ඔහු ව දකින හෝ සිතෙන මොහොතක දී එම තමාට කළ වරද මතක් වී මොහු මට මෙසේ වරදක් කළා ය යි, සිතමින් නැවත එම තරහාව නැවත ඇති කර ගනී. එසේ ම දැනුත් ඔහු මට මෙවන් වැරදි කරනවා යි කියා ද සිතයි. අනාගතයේ මට තව තවත් දේවල් කිරීමට ඉඩ තිබේ. සමහර විට ඔහු ඇත්තට ම වැරදි කරනවා ද විය හැකි ය. සමහර විට එසේ ද නොවිය හැකි ය. සිතීම් මාත්රසයක් වීමට පරිකල්පිතයක් ද විය හැකි ය. එසේ පරිකල්පනය කොට හෝ කෙනෙකු තවත් කෙනෙකු පිළිබඳව තරහාවක් උපදවා ගනී. මොහු මෙසේ වැරදි කළා, මොහු මට දැනුත් වැරදි කරනවා, මොහු අනාගතයේ දී ද මට මෙසේ වැරදි කරන්නට ඉඩ තිබේ කියා සිතයි.අපගේ ඉතිහාසයේ දී ද මෙවන් කථා පුවත් ඇත. පණ්ඩුකාභය කුමාරයාගේ කථා පුවතත් එසේ ම දැක්විය හැකි ය. පණ්ඩුකාභය කුමාරයන්ව මරා දැමීමට ඉදිරිපත් වූ සිය මාමාවරු පණ්ඩුකාභය කුමාරයාගෙන් ඉදිරියේ දී ඔවුනට සිදු විය හැකි අනර්ථයක් ගැන සිතා ගෙන එ කුමරුවා දැන් ම මරා දැමිය යුතු ය යි, සිතා එසේ මරා දැමීමට ඉදිරිපත් වූහ. ඒ අයුරින් අනාගතයේ දී සිදු කළ හැකි විරුද්ධ කමක් ගැන සිතින් සිතා තරහාවක් ඇති කර ගනී.
මීළඟට තවත් දෙයක් ගෙන බලමු. මොහු මගේ ඥාතියාට, මිත්රකයාට අනර්ථයක් කළා. දැනුත් කරනවා. ඉදිරියේ දී ද කරයි, මොහු මගේ සතුරාට යහපතක් කළා. දැනුත් කරයි, ඉදිරියේ දී ද කරයි යනුවෙන් සිතා එසේ ද තරහාවක් ඇති කර ගනී. කුඩා ළමයින්ගේ ද මෙවන් තරහාවක් ඇත. කුඩා ළමයෙක්, තවත් කුඩා ළමයෙකු සමඟ යම් කරුණක් සමඟ අමනාපයක් ඇති වී බිඳුණහොත්, සමහර විට ටික කාලයකට ද විය හැකි ය. නමුත්, ඔහු අන් මිතුරන්ට ද පවසන්නේ මම ඔහු එක්ක මෙවන් කරුණු නිසා අමනාප ය, එබැවින්, මමත් ඔහු හා තරහායි ඔයාලත් තරහා වෙන්න යනුවෙන් ය. ඒ අයුරින් තමාගේ තරහාව යමෙක් පිළිබඳව පවතී ද එබැවින් ලොව අන් අය ද ඔහු හා තරහා විය යුතු යැ යි, සිතයි. තමා තරහා පුද්ගලයාට යමෙක් උපකාරයක්, යහපතක් කරන විට එය තමන්ට කරන අපකාරයක් සේ සලකා තරහා වේ. එවිට ද උපදින්නේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික හෝ සසංඛාරික සිත.
අස්ථාන කෝපය කියා තවෙකකි. එයට උදාහරණයක් නම්, බොහෝ යහපත්ව හිරු පායා ඇති අවස්ථාවක දී තමන්ට වැදගත් යයි සලකන ගමනක් යාමට සූදානම් ව ඇති විට එකවර මහා වර්ෂාවක් කඩා වැටේ. එවිට ද "මේ වැස්සට වෙන වේලාවක වහින්න බැරි ද? දැන් පටන් ගත්තේ" යනුවෙන් තරහාවක් ඇති කර ගනී. එය අස්ථාන කෝපයකි. තමා නිවසේ එහා මෙහා යන අවස්ථාවක දී තමාගේ නොසැලකිලිකම නිසා ද පාදයේ යම් භාණ්ඩයක් වැදී තුවාළයක් හෝ රිදීමක් ඇති වුවහොත් එයට ද තරහාවක් ඇති කර ගනී. එය ද අල්ලා ඈතට විසි කරයි හෝ පොළොවේ ගසයි. එය ද අස්ථානයේ තරහාවක් උපදවා ගැනීමකි. මෙසේ නිකරුණේ තරහා වන ගති ද ඇත.
මෙවන් කවර අවස්ථාවක දී වුවත් ඔහුගේ සිතෙහි මෙම තත්ත්වය ඇති වුවහොත්, ඔහුට උපන් සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත හෝ සසංඛාරික සිත යනුවෙන් තේරුම් ගත යුතු ය. මෙතෙක් දැක්වූයේ දොම්නස සිත උපදින සාමාන්‍ය අවස්ථාවන් ගැන ය. එක් එක් පුද්ගලයන් එක් එක් වැඩ කිරීමේ දී ජීවිත කාලයේ දී දොම්නස උපදින, ඉපදිය හැකි විවිධ අවස්ථාවන් ගැන ය. ඒ අනුව සිතා ඒ යම් යම් අවස්ථාවකදී තමන්ට දොම්නසක් පහළ වේ ද, එම අවස්ථාව තේරුම් ගත හැකි වේ. එසේ තේරුම් ගෙන එම අවස්ථාව නැතහොත් සිත ගැන මෙනෙහි කළ හැකි බවක් ඇති කර ගතහොත්, චිත්තානුපස්සනා සතිපට්ඨානයට අන්තර්ගත වේ.
දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතින් කෙරෙන කර්මපථ ය යි සඳහන් ඒවා ගැන ද සැලකිලිමත් විය යුතු වේ. කර්මපථ හා කර්ම කියා කොටස් දෙකක් වේ.