ද්වේශ මූල සිත් (අටවන අර්ධය)
ද්වේශය, අමනාපය, නොකැමැත්ත, අප්ර්සාදය, පිළිකුළ මෙවන් සියලු වචනවලින් දැක්වෙනුයේ පටිඝයේ ඇති නානා අවස්ථාවන්, නානා ආකාරයන් ය. එසේ කොයි අවස්ථාවක දී හෝ එවන් තත්ත්වයක් සිත්හි ඇති වුවහොත්, කාගෙන් හෝ ඇසීමට කරුණක් නොවේ, එවිට ඔබ ම සිතා ගත යුතු වන්නේ "ඒ මට ඇති වූයේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිතක්" කියා ය. එය තවදුරටත් පැහැදිලි කර ගැනීම් වස්, දොම්නස තේරුම් ගැනීම විශාල පහසුවකි. යමෙක් කවුරුන් හෝ තව අයෙකු හට බණිනවා යයි සිතමු. කවුරුන් හෝ තවත් යමෙකු හට බණින විට, එම බැණුම් අසන තැනැත්තා බොහෝ සිත තැන්පත් කර ගෙන නැති කෙනෙක් නම් (කෙබඳු තැනැත්තෙකු බැන්න ද, වාතයෙන් කම්පා නොවන මහාමේරුවක් මෙන් සිටිය හැකි කෙනෙකු හැර) අනිත් සෑම කෙනෙකු තුළම මෙන් උපදින්නේ ඊට අකමැත්ත යි. තමා ඊට විරුද්ධ ප්ර තිචාරයක් තමාගේ ක්රි යාවලින් නො දැක්වුව ද, එය අසාගෙන සිටින විට වුව ද තමාට උපදින්නේ එය අරමුණු කොට ගෙන හොඳ සිතක් නො වේ. එවිට උපදින්නේ එයට විරුද්ධ සිතකි. එය දොම්නස් සිතකි. දෝමනස්සයෙන් යුක්ත පටිඝ සම්පයුක්ත සිතයි. එම ක්රිටයාව කරන දෙයක් හෝ නො කරන දෙයක් නොවේ. එය වෙනම තත්ත්වයකි. නමුත් එම අවස්ථාවේ ඇති වන සිත දෝමනස්සයෙන් යුත් සිතකි. දෝමනස්සය වුවහොත් පටිඝ සම්පයුක්ත බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. මක්නිසා ද යත්? දොම්නස වෙනත් ලෝභය ආදී ධර්මයක් සමඟ නූපදී. පටිඝය උපදින්නේ ම දොම්නස සමඟ ය. දොම්නස උපදින්නේ පටිඝය සමඟ ය. දොම්නස වෙනත් කිසිදු සිතක නොලැබේ. පටිඝ සම්පයුක්ත සිතෙහි මිස වෙනත් කවර හෝ සිතක එය නො ලැබේ. කවර අවස්ථාවක දී වුවත් දොම්නස් සිතක් ඇති වුවහොත්, මේ ඇති වූයේ තරහා සිතක් බව එම කරුණ නිසා තේරුම් ගැනීමට පහසු වේ.
තරහාවේ තත්ත්වය කලින් සඳහන් කළ ආකාරයට නොයෙක් ආකාර ගනී. එසේ වී නමුදු, එය තරහාවකි. එය පටිඝයකි. එම අරමුණත් සමඟ සිතෙහි ඇති වන්නේ ගැටීමකි. සිත එම අරමුණ හා ගැටෙන බවකි. එම අරමුණ හා ගැටෙන බව සිතට අයිති කරුණක් නොවේ. එසේ ගැටෙන්නේ, විරුද්ධව හැපෙන්නේ ද්වේශය යි. ද්වේශය තේරුම් ගැනීමට යොදා ගතයුතු මිණුම් දණ්ඩ විරුද්ධකම වේ. එම විරුද්ධකම ද්වේශය වේ. මෙය ඇති වූ විට යමෙක් නිහඩ ව ම සිටිය හැක. සමහර විට කෙනෙකු තමන්ට බණින විට තමන්ට තරහාව උපදින්නේ බැණුම අහන තරමට ම ය. එසේ තරහාව උපන්න ද කටින් හෝ කයින් පිටවීමට තමන් තරහාවට ඉඩ නො දේ. තරහාව ඇති වුව ද, කටින් හෝ කයින් පිට වීමට ඉඩ නොදී සිතේම තබා ගෙන සිටිය ද තරහාවෙන් යුතුව සිටිය හැකිය. එසේ සිටිය ද, එවිට උපදින්නේ ද දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සිත ය. නමුත්, එසේ වුව ද, නොබැණ සිටීම නිසා තමන් වචනයෙන් කෙරෙන වැරැද්දකට හසු නො වේ.
මීළඟට දෝමනස්ස සහගත සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත හා සසංඛාරික සිත වශයෙන් සිත් දෙකක් දක්වන බව කලින් සඳහන් කර ඇත. පටිඝ සම්පයුක්ත සිත් දෙක ගැන කලින් සඳහන් කළ අයුරින් වේදනා වශයෙන් සලකන කල දෝමනස්ස බව ම ය. එම නිසා වෙනසක් නොවේ. පටිඝ සම්පයුක්ත බව ගත් කල ද එම සිත් දෙක් ම ඇත්තේ පටිඝ සම්පයුක්ත බව ය. එම නිසා එහි ද වෙනසක් ද නොමැත. වෙනස ඇත්තේ, එම සිත් දෙකෙහි තිබෙන අසංඛාරික හා සසංඛාරික බව ය. අසංඛාරික සිත යනු, තියුණුව ඇති වන සිතක කාගේවත් උනන්දු කරවීමක්, ඇනවීමක්, මෙහෙය වීමක් නොමැතිව තමාගේ හෝ පසුබානා සිත ඉදිරියට තල්ලු කර ගැනීමක් නො වී, තියුණු ව ඉබේම මෙන් ඇති වන සිත ය. සසංඛාරික සිත එසේ නොවේ, සසංඛාරික සිත යනු, එම සිතෙහි ඇත්තේ එකවරට ම ඇති වන්නා වූ සිතක ස්වභාවය නො වේ. එය කරම් දෝ, නොකරම් දෝ කියා ටිකක් පසු බෑම ය. එසේ නැතහොත්, යමෙකු විසින් උනන්දු කර වීමක් නිසා ඇති වන්නේ ය.
එම නිසා අසංඛාරික හා සසංඛාරික භේදය කෙබඳු වුව ද, දොම්නස් සිත ඉතා නරක සිතකි හා නපුරු සිතකි. මක්නිසා ද යත්? එබඳු වූ සිතක් ඇති වූ කල්හි ධර්මයෙහි සඳහන් වන ලෝකයේ ඉතාම බරපතළ අකුසල කියා සලකන දේවල් ද කළ හැකි ශක්තිය ඇත්තේ ද්වේශ මූල සිතට ය. ද්වේශ මූල සිතකින් හැර, කිසිවෙක් මැරීම මොනම සිතකින්වත් කළ නොහැකි ය. ප්රාසණඝාතය යන්න මිනිසෙකු මැරීම, සතෙකු මැරීම, මිනිසුන් අතර ද, ගුණවතෙකු මැරීම, සිල්වතෙකු මැරීම, සිල්වතුන් අතර ද, ගුණවතුන් අතර ද, ආර්යයෙකු මැරීම ද, ආර්යයන් අතර ද, රහතන් වහන්සේ නමක් මැරීම යන මේවා ද, තම ආදරණීය මව හෝ පියා, මව්පියන් මැරීම යන ක්රිෙයා සිදු කර ඇත්නම් එම සිදු කිරීම් කොට ඇත්තේ ද, දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත හෝ සසංඛාරික සිත යන සිත් දෙක අතරින් යම් කිසි සිතක් ඉපදුණ අවස්ථාවක දී ය. ඉහත දැක්වූ ඒවා අතර ආනන්තර්ය කර්ම යන්න ද ඇති බව දක්වා ඇත.