ද්වේශ මූල සිත් (සත්වන අර්ධය)
කලින් සඳහන් කළ අයුරින් ම ද්වේශයේ නානා තරාතිරම් වේ. එකාකාර නොවේ. එහෙත් පුද්ගලයන් තරහාව වශයෙන් නරක සිතක් වශයෙන් සැලකීමට පුරුදුව ඇත්තේ එම තරහාව බහුල වශයෙන් බොහෝ තද පරුෂව සිතක් ගැන කථා කරන විට ය. අනෙක් සිත්වල උපදින තරහාව, තරහාවක් සේ නො පෙනේ. ද්වේශය ද්වේශයක් සේ නො පෙනේ. එහෙත්, එය ද දැකීමට හැකිව තිබිය යුතු ය.
යම් ඉඩම් හිමියෙකුගේ ගෙවත්ත බොහෝ අලංකාර ලෙස තබාගෙන සිටී. එහි කිසිදු අපිරිසිදු දෙයක් තිබෙන්නට නො හරී. එසේ තිබිය දී, වෙනත් පුද්ගලයෙකුට අයත් සතෙකු පැමිණ එම වත්ත අපවිත්ර් කර දමා ඇති ආකාරය වතුහිමිකරුට දැකගැනීමට ලැබුණහොත්, එවන් අවස්ථාවල දී ඔහුට ඇති වන සිත කුමක් ද? (ඔහුට දකින්නට ලැබූණ අරමුණ නිසා ඇති වන සිත කුමක් ද?) ඔහුට බොහෝ තරහා යයි. එම සතා බල්ලෙකැ යි සිතමු. එවිට "මීට පස්සේ මේ බල්ලා මේ පැත්තට එව්වොත් බලාගත හැකි යි" යනා දී වශයෙන් ඔහු පැවසිය හැකි ය. එසේ පවසන්නේ කුමන කරුණක් නිසා ද? එය තමා තුළ ඇති වූ තරහා ව නිසා ය. තමාට එය අප්රිැය, අමනාප අරමුණකි. එම අරමුණෙහි ඇත්තේ ඇලෙන ගතියක් නොව, ගැටෙන ගතියකි. හැපෙන ගතියකි. එයට පටිඝය නමින් හැඳින්වන්නේ එහෙයිනි. හැපෙන, හිංසා කරන ස්වභාවය සිතෙහි ඇති වේ. එබඳු වචන ප්රකකාශ කරන්නේ එම හැපෙන ගැටෙන ගතිය නිසා ය. එම නොකැමැති අරමුණෙහි උපදනා වූ ද්වේශය එම උපදනා ආකාරය අනුව නොයෙක් නම් දී ඇත. එසේ ලෝක ව්ය වහාරයේ පවතින නම් තිබේ.
නිදසුනක් මෙසේ ය. ඔබ දන්නා හඳුනන හොඳ හිමිනමක් වේ යයි සිතමු. එවිට උන්වහන්සේ පිළිබඳ ඔබගේ සිතේ ඇත්තේ බලවත් පිළිගැනීමක් ඇත. උන්වහන්සේ ශීලාදී ගුණයන්ගෙන් හෙබි, බොහෝ හොඳ බුද්ධ පුත්රඇයාණන් වහන්සේ නමක් වශයෙන් ඔබ සලකා ගෙන සිටී. එම නිසා උන්වහන්සේට ඔබ ගරු කරයි. එසේ සිටින අවස්ථාවක දී ඔබට මෙසේ ආරංචි වේ. උන්වහන්සේ එසේ හොඳ බව ඔබ දැනගෙන සිටියත්, උන්වහන්සේ යම් යම් වැරදි කර ඇති බව, දැනුදු එසේ කරන බව එසේ ම කරුණු සහිතව පිළිගැනීමට ඔබට ම සිදු වුවහොත්, එම ස්වාමීන්වහන්සේ ගැන පසුව ඇති වන්නේ කුමන සිතක් ද? සමහර විට එම කරුණ ඇත්ත ම බව දැනගත් කල්හි උන්වහන්සේ සමඟ තිබුණු ඇසුර පවා නතර කර දැමීමට පිළිවන. එසේ නවතා සිටින කල්හි යමෙක් මෙසේ ඇසුවහොත්, "ඇයි අර ස්වාමීන්වහන්සේ සමඟ දැන් ඇසුරු කිරීමක් නැත්තේ" යනුවෙන්, එවිට ඔබ පවසන්නේ "මා උන්වහන්සේ කෙරෙහි අප්රීසාදයකට පත්ව තිබෙනවා. මේ මේ කරුණු නිසා" කියා ය. එතැන අප්රේසාදය යන වචනය පාවිච්චි කරන්නේ ද මෙම පටිඝයේ එක් අවස්ථාවක් දැක්වීමට ය. එම පටිඝය ම එක්තරා ආකාරයකින් එක්තරා පුද්ගලයෙකු පිළිබඳ ඇති වන කල්හි යොදන වචනයක් මිස පටිඝ බවක් එහි නො මැත. එම පටිඝය පටිඝය ම ය. එසේ වුව ද, තරාතිරම් ඇති බව කලින් සඳහන් කළ ආකාරයට සලකා බලන කල මෙය අප්රයසාදයක් යනුවෙන් සැලකේ. උන්වහන්සේ සමඟ ඩබර කිරීමට යන තරමේ තරහාවක් නොවේ. නමුත්, උන්වහන්සේ පිළිබඳ ඇති වූයේ අප්ර සාදයක් යන්නට තවත් වචනයකින් දක්වතොත්, පිළිකුළක් යන නාමයෙන් හැඳින්විය හැකි ය. සමහරුනට පණුවෙක් දැකීමට පවා නොහැකි ය. පණුවා දැකීමෙන් මහා පිළිකුළක් ඇති වේ. එම අරමුණ පිළිකුළ වශයෙන් තමන්ට ඇති වන්නේ ද, අරමුණ අනිෂ්ට බව තමන් පිළිගන්නා බැවින් ය.
එම අරමුණ ඉෂ්ටාරම්මණයක් වේ නම්, ඉෂ්ට දේවල් අතපත ගාමින්, අල්ලා ගන්නා, බදාගන්නා, ළඟට ගන්නා ආකාරයක් ඇත. මෙහි දී එසේ නො වේ. ඇති වන්නේ පිළිකුළකි. වුවමනාව ඇත්තේ එය ඉවත් කිරීමට ය. එවිට ඇති වන්නේ ද දෝමනස්ස සිතකි. එසේ උපදින සිත දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිතක් වශයෙන් හැඳින්වේ. එක තමන් කායික වශයෙන් කරන ලද විශාල අපරාධයක් නොවේ. පවක් නොවේ. නමුත්, සිතක් වශයෙන් ගත් කළ අකුසල් සිතකි. මෙවන් ආකාරයට කෙනෙකුගේ සිතක්, දෝමනස්සයට වැටෙන්නේ, නැතහොත්, දොම්නස් සිතක් කෙනෙකුට උපදින්නේ, තමා නොකැමැති අරමුණක එල්බ ගෙන ය. තමා නොකැමැති වීම එම අරමුණෙහි තිබෙන වරදක් නොවේ. යම් කිසි අරමුණක් පිළිබඳව තමා තුළ නො කැමැත්තක් ඉපදීම එම අරමුණේම තිබෙන වරදක් සේ පිළිගත යුතු නොවේ.
සමහර ඉෂ්ටාරම්මණයන් කෙරෙහි ද කෙනෙකුට දෝමනස්සය උපදී. ඇතැම් තීර්ථකයන් බුදුරජාණන් වහන්සේව දැක, ඇතැම් විට උන්වහන්සේ සැතපී වැඩසිටි දැක, නො දැකිය යුතු දෙයක් දුටුවා යයි සිතා දොම්නසට පත් වූ බව ධර්මයෙහි සඳහන් වේ. ඉන් පෙනී යන්නේ බුදුරජාණන් වහන්සේ ව දකිනවා යන්න, උන්වහන්සේ වැඩ සිටි තැන් දැකීම යන්න බෞද්ධයන් වන අප කෙතරම් උසස් කොට සලකයි ද, උන්වහන්සේ ඉපදුණු ස්ථානය, බුදු වූ ස්ථානය, පළමු ධර්ම දේශනය දෙසූ ස්ථානය, පිරිණිවන් පා වදාළ තැන වශයෙන් දැකිය යුතු ස්ථාන බව බුදුපියාණන් වහන්සේ ම අනුදැන වදාළ සේක. ශ්රේද්ධාවන්ත කුල පුත්රුයන් විසින් ඒවා දැක, තමන්ගේ සිත්හි ප්රුසාදය උපදවා ගත යුතු තැන් වන බව උන්වහන්සේ විසින්ම දේශනා කොට ඇත. බුදුවරයාණන් වහන්සේ නමක් දැකීම ලෙහෙසි පහසු දෙයක් ද? බොහෝ බෞද්ධයන් උන්වහන්සේ දැකීමට ම ප්රාවර්ථනා කරන්නේ එම නිසා ය. එසේ ප්රා?ර්ථනා කරන්නේ දැකිය යුතු ම උතුමාණන් වහන්සේ නමක් නිසා ය. නමුත්, එබඳු බුදුරජාණන් වහන්සේ දක්නා ඇතැම් තීර්ථකයන් නො දැකිය යුතු කෙනෙකු දුටුවා ය යි, තමන්ගේ සිතෙහි අමනාපයක් ඇති කර ගෙන දෝමනස්සය උපදවා ගනිති. එම අරමුණෙහි වරද නිසා නොවේ, තමා එය සැලකුව ආකාරයේ වරද යි. එසේ තමන් සලකන ආකාරයට නරක අරමුණු ඇත. තමා පිළිගන්නා ආකාරයට එම අරමුණ නරක එකකි. එම නිසා තමා තුළ තරහාව උපදී.