ද්වේශ මූල සිත් තෙවන අර්ධය)
මීළඟ හේතුව නූගත්කම ය. මේ නූගත්කම වන්නේ ආගම, ධර්මය ගැන නූගත්කම ගැන වේ. එම නූගත්කම ද ආදීනවයකි. බණ දහම් දනී නම්, තරහවේ ඇති ආදීනවය දනී නම්, තමාගේ ඇති දුර්වල පැත්ත තමා ම තේරුම් ගනී නම් ද, මෙය මාගේ දුර්වල කමක් වශයෙන් සිතා තමාගේ දුර්වලකම දුරු කර ගැනීමට සිතා, පුළුවන් තරම් උත්සාහ දැරීම ද කළ යුතු ය. එසේ නැතිව, සමහරෙකු එසේ නො සිතා එය තමාගේ ගුණයක් වශයෙන් සලකති. "මට නම් නිකම් ම තරහා යන්නේ නැත. කවුරු හෝ මේ වගේ වරදක් කරනවා දැක්ක විටයි තරහා එන්නේ" කියමින් ම සමහරු තරහෙන් පිපිරෙති. වෙව්ලති. එසේ පිපිරෙන්නේ ද තමාගේ හොඳ ගුණයක් සේ සලකා ගෙන ම ය. තරහාව කාට ඇති වුව ද, කුමන කරුණක් නිසා ඇති වුවත් එය හොඳ ගුණයක් නොවේ. එය තමාගේ ම නූගුණයකි. තමා ම උසස් කොට සලකන එම ගුණය තරහාව තිබිය දී මරණය සිදු වුවහොත්, ප්රාධාන වශයෙන් ඉපදීමට ඇති ස්ථානය නිරය වේ. එය හැරුණු විට ක්රෝුධ බහුල, තරහා ගති තදින් ඇති සතෙකු වී ඉපදීමට පිළිවන. එබැවින් තරහා දුරු කර ගැනීමට උත්සාහ කරත්වා!!! තරහා අදහස් යමෙකු හට පහළ වන විට තරහා සිත් ඇති වන ඇති වන අවස්ථාවල දී මේ පැමිණියේ තරහ ව කැ යි සිතා, මෙනෙහි කරමින් එය දුරුකරලිය යුතු ය.
දැන් අවශ්යහ වන්නේ තරහා සිත පිළිබඳ අභිධර්මයෙන් ඉගෙනීමට ය. තමන්ට එම අවස්ථාවේ ඉෂ්ට වශයෙන් සලකන දේවල් පිළිබඳව දෝමනස්සය නූපදී. තමාට අනිෂ්ට වශයෙන් සලකන දේවල් පිළිබඳව එම අවස්ථාවේ දී තරහාව හා දොම්නස උපදින්නේ ය. දෝමනස්සය නම් වේදනාවත්, ද්වේශය නම් තරහාවත් යන මේ දෙක එකට උපදින ධර්ම දෙකකි. තරහාවේ තිබෙන අවස්ථා ගණනාවක් බව කලින් සඳහන් කළ අතර, එය වෛරය දක්වා ද ගමන් කළ හැකි යි. වරෙක කෙනෙකු පිළිබඳ තිබෙන තරහාව බැඳගත හොත් එය වෛරය දක්වා ය යි. අපේ බෝධිසත්ත්වයන් වහන්සේ කෙරෙහි ඇති වූ තරහාව සේරි වාණිජ්යහ ජාතකයෙන් දැක්වෙන්නේ එම තරහාව වෛරයකට පෙරලුණු අන්දම යි. එම බැඳගත් වෛරය නිසා සිදුහත් ගෞතමයාණන් වහන්සේ බුදු වූ ආත්ම භාවය දක්වා ම එදා සේරි වාණිජ නමින් වෙළෙන්ඳෙකු ව සිට මෙදා දෙව්දත් නමින් ඉපිද, බුදු පියාණන් වහන්සේ කෙරෙහි මහත් වෛරයෙන් ක්රිමයා කළේ ය. එම දේවදත්ත ස්ථවිර හට මහත් අනිෂ්ට ඵල ඉන් අනතුරුව සිදු වූ ආකාරයත් ඔබ අසා ඇති කථා පුවතකි. එය වෛරය යි. තරහාව ඇති වූ අවස්ථාවේ දී දුරු කර නොගතහොත් දිගට දිගට මෙසේ ඇති වීමෙන් වෛරයක් වශයෙන් බැඳී පැමිණේ. තමන් හට යම් කිසි වරදක් කළ පුද්ගලයෙකු පිළිබඳව නම් එම වෛරය ඇති ව තිබෙන්නේ, එම පුද්ගලයාගේ නම අසන විට, එම පුද්ගලයා දකින්නට ලැබෙන විට, එම පුද්ගලයා සමඟ යමෙක් කථා කරන විට යන මේ සෑම අවස්ථාවක දී ම තමාගේ සිත් තුළ තරහාව උපදී. එසේ උපදින එවන් පුද්ගලයනට මැරෙන අවස්ථාවල දී සුගතියක් නොමැත. එබැවින් තරහාව තේරුම් ගත යුතු තමන් හට අනිෂ්ට පිණිස, අහිතකර පිණිස පවතින ධර්මයක් බව ය.
අනිෂ්ට අරමුණු කවරේ ද? කලින් සඳහන් කළ ආකාරයට නූගත්කම එක් කාරණයකි. නූගත් බව නිසා අනිෂ්ට අරමුණු ඉදිරිපත් වූ විට තරහාව ඇති වේ. අනිෂ්ට වශයෙන් හැඳින්වෙන අරමුණු මොනවා ද? කෙටියෙන් කිවහොත්, ලෝක ධර්මයන් ය. ලෝකයා කැමති වන දේ ඇත. නො කැමති වෙන දේ ඇත. ලෝකයා ලාභයට කැමති යි. අලාභයට අකමැති යි. කීර්ති ප්ර සංශාවලට කැමති යි. නින්දාවට, අපකීර්තියට අකමැතියි. පිරිවර සම්පත්වලට කැමති යි. ඒවා නැති වේ නම් අකමැති යි. ලාභ, අලාභ, අයස, යස, නින්දා, ප්රතසංශා, සැප, දුක යන යන මෙම අටලෝ දහම තුළ ඇත්තේ කැමති ඒවා සහ අකමැති ඒවා ය. මෙසේ කැමති නොවන දේවල් පැමිණෙන විට තරහාව උපදී. සමහරුන්ගේ තරහාව කෙතරම් දරුණු දැ යි කිවහොත්, තමාගේ ජීවිතය පවා හානි කර ගනිති. එතරම් තරහාව උත්සන්න වේ. එය නූගත් කමකි. දහම උගත් අයෙකු නම් ලෝක තත්ත්වය තේරුම් ගත හැකි කෙනෙකු බවට පත් වේ. ලෝකයේ ස්වභාවය මෙය ය, ලෝකය දුක්වලින් පිරුණු ස්ථානයකි. එම නිසා තමන් හට කැමති දෙයම සෑම විටම නො ලැබෙන්නේ ය. නොකමැති, අකමැති දේ ද ලැබේ යනුවෙන් සිතිය යුතු ය. එම නිසා එබඳු අවස්ථාවල දී මධ්යයස්ථ භාවය ඇති කර ගැනීමට හුරුපුරුදු විය යුතු ය. එසේ නැතහොත් තරහාව උපදී.