ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (අවසන් අර්ධය)
මොනයම් හෝ දේකට ආශාව හොඳ නැත. එය තේරුම ගත යුතු ය. එම ආශාවේ භයානක ප්රසතිඵල ඇත. බොහෝ දෙනෙකු ආශා කරන දේවල් ඇත. එම නිසා එම ආශාවන් නැති කර ගැනීමට අපහසුම කාරණයකි, මව්පියන් නම් තම දූ දරුවන්ව. ඒ නිසා ඔබ අසා ඇති සමහර මව්පියනට හොඳ තැනකට මරණයෙන් පසුව යාමට නොහැකි ය. සමහර විට තමන් හිටි නිවසට ම පැමිණේ. දරුවන්ගේ පසුපස්සෙන් යයි. මක්නිසා ද එම හේතුව? මේ ලෝභයේ ඇති වරද ය. ලෝභය නිසා ය. එබැවින්, ලෝභය පැවතියේ තමන් හට ඉන් යහපත පිණිස ද? ලෝභය එසේ යහපත පිණිස පවත්නා බවක් නොමැත. ලෝභය කවර තරාතිරමක එකක් වුව ද ඉන් සිදුවන යහපතක් කියා කිව නොහැකි ය. සමහර විට පෙනෙන්නේ යහපතක් හැටියට වුව ද, ඉන් සිදු වන යහපතක් නොමැත. මක්නිසා ද යත් එය අකුසල ධර්මයකි. අකුසල ධර්මයකින් යහපතක් වෙනවා යනුවෙන් සිතීම ධර්ම විරෝධී ය. අප විසින් ම යහපතැ යි සලකා ගනිමු.
සමහරෙකු මෙසේ ය, තමන් හට යම් කිසි ආහාරයක් පිළිබඳ ආශාවක් ඇත. එම ආහාරයන් පිළිබඳ වූ ආශාව නැතහොත්, ඒවා ගැන තෘෂ්ණාව දුරු කර ගත නොහැකි ය. එම නිසා බොහෝ විට එම ආශාව තිබිය දී ම මියපරලොව ගොස් ඒවා කෑමේ ආශාවෙන් ප්රේ තයන් වී උපදිති. සමහර විට තමා ඥාතීන් හා හිතවතුනට හීනෙන් පවා ඇවිත් කියන බව පවා පවා අසා ඇත. මක්නිසා ද එසේ වන්නේ? මේ ආශාව නිසා ය. මෙහි දී ද උපදින්නේ ලෝභමූල සිතම ය. කුමකට ද? තමන් ප්රි ය කරන්නා වූ ආහාරයට ය. සමහර විට මෙසේ ද පවසන අය සිටිත්. "අසවල් දෙය ටික දවසකින් කන්න බැරි වුණා. දැන් ඇඟට පණත් නැත" යනුවෙන්. නමුත් මෙම ඇඟට පණ නැති කම ඇති වන්නේ හිතේ ම ය. මෙය ඇති වන්නේ ලෝභය නිසා ම ය. මෙම කරුණු තේරුම් ගත යුතු ය.
නින්දෙන් අවදි වූ අවස්ථාවේ සිට නින්දට යන මොහොත දක්වා ම ඒ අතරතුර කාලයේ දී බහුල වශයෙන් ඇති වන සිත කුමක් දැ යි යමෙක් ඇසුවහොත් පැවසිය යුත්තේ, ලෝභ මූල සිත ය යන්න ය. ඒ හැර උපදනා සිත කුමක් දැයි ඇසුවහොත් පැවසීමට සිදු වන්නේ ද්වේශ මූල සිත ය යි කීමට පිළිවන. නමුත්, නිතර කරනු ලබන නොයෙක් වැඩ කිරීමේ දී ඇති වනුයේ ලෝභ මූල සිත් ය. අපේ දේ ය, අපේ දරුවන්ගේ දේ ය යනුවෙන් සලකා කරනු ලබන සියලු දේ මෙම ලෝභමූල සිතින් යුතුව කරනු ලබන සිත් වේ. එම ලෝභ මූල සිත්වල තිබෙන ස්වභාවය නම් බැඳ තබන බව ය. ගැට ගසන බව, ඇලෙන බව ය. ලෝභය පිළිබඳව දක්වා ඇත්තේ මදුරුවන් ඇල්ලීමට දමනා ලාටුව වාගේ ය යනුවෙනි. මෙසේ ලෝභයෙන් මේ ඇලෙන්නේ කොහේ ද? රූප, ශබ්ද, ගණ්ධ, රස, පොට්ඨබ්භයන් යන පංචකාමයන් හි ය. එසේම, ධම්මාරම්මණ යන ඒවායෙහි ද ඇලේ. එවිට කීමට සිදු වන්නේ ෂඩාරම්මණයන්හි ම ඇලෙන බව ය. එවිට ලෝභයේ ඇත්තේ ඇලෙන බව ය.
ලෝභ මූල සිත් මෙතකින් නිමි.