ලෝභ මූල සිත් ඇති වන්නා වූ අකුසල කර්ම පථ 07 (දෙවන අර්ධය)
මෙතෙක් සඳහන් කළ කරුණු සම්පිණ්ඩනයක් කොට සලකා ගන්නා ලද කල්හි, සෝමනස්සය යනු, අරමුණෙහි ඉෂ්ට රසය ගනිමින් උපදනා වූ වේදනාව එය සිතක ලැබෙන ධර්මයකි. වේදනාව කියා ඊට නම් කර ඇත. එබැවින් එය සෝමනස්ස වේදනා වේ. දිට්ඨි යනු වරදවා දැකීම ය. මෙහි ඇත්තේ වරදවා දැකීම ය. හරි ලෙස දැකීම නොවේ. ඇත්ත නැති සේ ද, නැත්ත ඇති සේ ද, දැකීම ය. පව පිනක් සේ ද, පින පවක් සේ ද දැකීම ය. එසේ නැතහොත්, පවක් පිනක් ඇත්තේම නැත ය කියා දැකීම ය. එසේ වරදවා දැකීමෙන් යුතු එබඳු අවස්ථාවේ දී ක්රිහයාවක් සිදු කරයි නම් දිට්ඨිගත සම්පයුක්ත ඇති වේ. තියුණුව ඇති වන්නා වූ සිත එනම්, කවුරු හෝ දැකීමට ලැබෙන අවස්ථාවේ දී එම දකින්නට ලැබුණා වූ අරමුණ බොහෝ ඉෂ්ට ය, ප්රිඇය ය, මනාප ය, වශයෙන් සලකා නම් එම අරමුණෙහි තමා ඇලේ ද, එසේ එම අරමුණ ගනු ලබන්නේ, ඇලීමක් වශයෙන් වේ නම්, කවුරු හෝ තමාව යෙදෙව්වා හෝ නොවේ, තමාට අණ කළා හෝ නොවේ, තමාව උනන්දු කළා හෝ නොවේ, එසේම තමන් ම පසුබාමින් ඉදිරිපත් වූවා හෝ නොවේ, එවන් අවස්ථාවක දී ඇති වනුයේ අසංඛාරික සිතකි. විමසිලිමත් වන්නේ නම්, එවන් අසංඛාරික සිත් කෙතරම් උපදී ද යන්න තේරුම් ගත හැකි වේ. යමක් දක්නට ලැබුණු අවස්ථාවල දී පාර-තොටේ යන අවස්ථාවල දී නොයෙක් කඩ සාප්පුවල නොයෙකුත් විසිතුරු භාණ්ඩ විකිණීමට තබා ඇති අන්දම දක්නට ඇත. ඒවා ඇස ගැසුණු විට ම මෙන් ඒ පිළිබඳ ආශාව ඇති වේ. මෙම දේවල් හොඳ ය, මනාප ය, ඉෂ්ටය කියා ආශාව උපදී. සිතෙහි සොම්නස් ස්වභාවයක් ඇති වේ. එම ආශාව කිසි විට වෙනත් සිතක නූපදී. එය උපදී නම් එය උපදින්නේ ලෝභ මූල සිතේ ම ය. එසේ ආශාවක් ඇති වීම වරදක් නැත යි කියා සිතීම ද එය ද වැරදි ය. එය දෘෂ්ටියකි. කොයි යම්ම දෙයක් නරක එකක් නරක නොවේ ය යනුවෙන් ගැනීම ද දෘෂ්ටියකි. කොයි යම්ම වූ හොඳ දෙයක්, එම හොඳ දෙය නරක දෙයක් කියා ගැනීම ද දෘෂ්ටියකි. යමෙක් නරක සිතක්, අකුසල් සිතක් උපදවා ගැනීම තමාට හෝ අනුන්ට හෝ යහපතක් පිණිස පවතින එකක් නොවේ. එසේ නොවේ කියා ගැනීම දෘෂ්ටියකි. මෙහි දැක්වූයේ කර්ම, කර්ම පථ වන දෘෂ්ටි ගැන නොවේ. සාමාන්යේයෙන් සලකන විට වෙන සිත් නූපදින අවස්ථාවල දී නිතරම, දවස මුළුල්ලේ ම වැඩි වශයෙන් සිත්වල ඇති වන්නේ ලෝභ මූල සිත් ය. ද්වේශ මූල සිත්, මෝහ මූල සිත් අතරින් පතර ඇති විය හැකි ය. වැඩිපුරම ඇති වනුයේ ලෝභ මූල සිත් ය. නොයෙක් ක්රිූයා, වැඩ කටයුතු කිරීමේ දී නිතර ම ඇති වන්නේ මෙවන් ලෝභ මූල සිත් ම ය.
ලෝභ මූල සිත් සොම්නස් සහගත වන්නේ කෙසේ ද? සෝමනස්ස ප්රිතිසන්ධිකයකු වීම, ඉෂ්ටාරම්මණයක් ලැබීම, නොගැඹුරු අදහස් ඇති බව, ව්යුයසන විපත්තිවලින් තොර වීම ආදිය දැක්විය හැකි ය. ඒවා වැඩිමනත් කරුණු ය. සාමාන්යහයෙන් සෝමනස්සය උපදින්නේ අරමුණ ඉෂ්ට වූ කල්හි ය. සෝමනස්ස වේදනාව යනු, ඉෂ්ටාරම්මණය රසය ගැන ඇති වන්නා වූ වේදනාව ය. සාමාන්යන ව්ය වහාරයේ දී මෙයට සතුටු යන වචනය භාවිතා කෙරේ. මීට සතුටු සිතක් ඇති වී ය යි, කියනු ලැබේ. එය සොම්නස ය.
දිට්ඨිගත යයි සඳහන් වූයේ වරදවා ගැනීම ය. එසේ ධර්මයෙහි සඳහන් අන්දමට මෙම දෘෂ්ටි 62 කි. සාමාන්යතයෙන් ගැනීමේ දී නැත ය යනුවෙන් ගැනෙන දෘෂ්ටි පවු පින් නැත ය යනුවෙන් ගැනෙන, නත්ථි දින්නං ආදී වශයෙන් ගැනෙන දෘෂ්ටීන් ද ඇත. දීමෙන් පළක් නොමැත, විපාකයක් නොමැත, මව්පියන්ට සංග්‍රාහ කිරීමෙන් හොඳ හෝ නරක විපාකයක් නැත" ආදී වශයෙන් වන කර්ම හා කර්ම ඵල ප්රිතික්ෂේප කරනු ලබන ස්වභාවයක් සිත්හි උපදී නම්, ඒ ඇති වන්නේ ද මිථ්‍යා දෘෂ්ටියකි. ඒවා ද දිට්ඨිගත සම්පයුක්ත සිත් ය. එසේ සමහර විට යමක් කිරීමක දී පමණක් නොව කල්පනා කරමින් සිටින අවස්ථාවක දී හෝ මෙවන් මිථ්යාක දෘෂ්ටි සිතුවිලි ඇති වීමට පුළුවන. ධර්මලයෙහි මෙසේ සඳහන් වේ, මෙසේ වීමට නූපුළුවන යනාදී වශයෙන් ද සිතුවිලි ඇති වීමට පිළිවෙන. ඒ උපදින්නේ ද මිථ්යාර දෘෂ්ටිය යි. එසේ අවස්ථාවල දී ද ඇති වන්නේ දිට්ඨිගත සම්පයුක්ත සිත් ය. වැඩි වශයෙන් උපදින සිත් දිට්ඨිගත සම්පයුක්ත හෝ දිට්ඨිගත විප්පයුක්ත ලෝභ මූල සිත් යනුවෙන් කලින් සඳහන් කිරීමට හේතුව එය යි. එහි ප්‍ර ධාන ධර්මය ලෝභය ය. මෙහි ස්වභාවය ලෝභය සහිත වේ. එහි ඉස්මතු වන්නේ ලෝභය යි. අරමුණ අල්ලා ගන්නා ස්වභාවය යි. අරමුණෙහි වැඩෙන ගතිය නැත්නම් අරමුණෙහි ඇලෙන ස්වභාවය ඇති බැවින් ඒවා ලෝභ මූල සිත් යනුවෙන් හැඳින්වේ. ලෝභ මූල සිත එම අරමුණෙහි ඇලෙන ස්වභාවයෙන් යුතුව ඇති වන්නා වූ සිතකි. එම සිත ඇති වූ විට බොහෝ විට අරමුණෙහි තිබෙන්නා වූ ඇති තතු වසා දමයි. ලෝභයත් සමඟ උපදනා වූ මෝහයත් සමඟ කෙරෙන්නේ අරමුණෙහි තිබෙන්නා වූ ඇති තතු වසා දැමීම යි. එම නිසාම ඇති තතු වසා දැමීම ඒ සමඟම උපදනා නිසා ලෝභයෙන් එම අරමුණෙහි වඩාත්ම ඇලේ. එහි ආදීනවය, එහි දෝෂය, එහි වැරැද්ද කිසිවක් තමා හට මෝහයෙන් පෙනෙන්නට ඉඩ නොසලසයි. මෝහයෙන් මුළා වේ. ලෝභයෙන් ඇලේ. එම ගතියෙන් යුතු සිත් අප හට බහුල වශයෙන් ඇති වේ. අභිධර්මාර්ථ සංග්‍ර හය කළා වූ ආචාර්යවරයන්, ලෝභ මූල සිත ගැන පළමු කොට ඉගැන්වීමට හේතුව නිසා ය. ලෝභය ඉහවහා ගොස් තිබෙනුයේ යනුවෙන් දැක්වීමේ දී, සමහරු එසේ ලෝභය ඉහවහා ගොස් ඇති පුද්ගලයන් මෙසේ ප්රභශ්න කරත්. "කෙසේ ද තෘෂ්ණාවක් එක්කෝ එසේ නැතිනම්, ලෝභයක් නැතිව ලෝකය පවතින්නේ කෙසේ ද? අපි තෘෂ්ණාවක් හෝ ආශාවක් නැති නම් ජීවත් වෙන්නේ කෙසේ ද " කියා. නමුත්, අපේ ධර්මයෙන් උගන්වනු ලබන්නේ ලෝක වර්ධනයක් නොව, ලෝකයෙන් වෙන් වීමකි. බුදු දහමේ පෙන්වා දෙන්නේ භව නිස්සරණයකි. භවයෙහි රැඳී සිටීම හෝ භවයේ නැවත නැවත ඉපදීම නොවේ. භවයෙන් වෙන් වීමකි. එය සිදු කළ හැක්කේ ලෝභය නැති කිරීමෙනි. එම නිසා ලෝභය ගැන හොඳ දැනීමක් ඇති කර ගත යුතු ය. බුදුපියාණන් වහන්සේ චතුරාර්ය සත්‍යම ධර්ම දේශනාවෙන් තෘෂ්ණා නාමයෙන් පෙන්වා වදාළේ මේ පිළිබඳව ය. එය නැති කළ ධර්මයක්, පහාතබ්භ නැතහොත්, දුරු කළ යුතු ධර්මයක් වශයෙන් පෙන්වා වදාළේ මේ නිසා ය. ඒ නිසා අප නැවත නැවතත් නොයෙක් නොයෙක් දෑ පිළිබඳව බොහෝ සෙයින්ම උපදවා ගැනීමට ආශා කරනුයේ, උපදවා ගන්නේ ද මේ ලෝභය නිසා ය. ලෝභයටම ආශා කරන්නේ ද ලෝභයෙනි.