මෙම සඳහන් පිටු 14 සම්පුර්ණයෙන් කියවන්න.
මෙම කොටස උපුටා ගැනීම:- ධම්මසංගණී ප්‍රකරණය
සැලකිය යතු :-
බලංගොඩ ආනන්ද මෛත්‍රි හිමිපාණන් වැලිවිට සෝරත ස්ථවිරයන් වැනි පණ්ඩිත හාමුදුරුවරුන් පනස් නමක් පමණ වසර 32 ක් පුරා මහන්සියෙන් කරන ලද සංස්කරණය පිරිසිදු සිංහල සහ ධර්මය. බුද්ධ ජයන්ති ග්‍රන්ථමාලාවේ එකදු පාලි වචනයක් පරිවර්තනය කිරෙමට ඇතැම් විට සති 3 - 4 පමණ ධම්ර්මධර, විනයධර ,භාවනායෝගී පින්වත් ස්වාමින්වහසේලා වෙහෙසී තිබෙන බව දැනගනිත්වා. තුන්පිටකයම පනමෙන් රැකගෙන පැමිණි මහසන්ඝරත්නයට නමස්කාර වේවා.
පාලි -සිංහල සම්මිශ්‍රණයකින් බුද්ධ ජයන්ති ග්රන්ථ මාලාව ඔබවෙත උරුමකර අප අතරින් වෙන්වී ගිය ඒ උතුම් මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න. මෙහිදී කිසියම් ගැටලුවක් පැන නගීනම් පාලි - සිංහල ශබ්ධකෝෂය භාවිතයට ගන්න. එතකින්ද නිරාකරණය කිරීමට නොහැකි කොටස් අටුවාචාරීන්වහසේලගේ උපදෙස් අනුවම අවබෝධකරගන්න.
බුදුන් වහන්සේගේ දකුණත් අගසව් වන හා දහම් සෙන්පති ලෙස ප්‍රචලිත සැරියුත් මහ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රථමයෙන් පිරිනිවන් පෑමට අදහස් කොට තෙරුවන් සරණ යෑමෙන් වැළකී සිටි තම දයාබර මෑණියන් සසරින් එතෙර කරවීම සඳහා බුදුදහමේ හරය දේශනා කළ අතර, බුදු හිමිගේ අනන්ත වූ ගුණ සමුදාය ද සිහිපත් කර දීමෙන් පසු ඇය සෝවාන් ඵලයට පත්වූවා ය.
තම මෑණියන් සසරින් එතෙර කිරීමෙන් ඉමහත් සතුටට පත් සැරියුත් මහ තෙරණුවෝ තම පරිනිර්වාණය සඳහා තම මවුබිම වන මගධ රටේ නාලක ගමට වැඩියේද ඉල් පොහොය දිනයේදී ය. වස්සාන සෘතුවේ අවසන් දිනය ඉල් පොහෝ දිනයයි. ඉල් මාසය ‘කඨින චීවර මාසය’ ලෙසද බොහෝ දෙනා හඳුන්වති. සර්වඥයන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසන සේක් තමන් වහන්සේ කොටින් විචාළ ප්‍රශ්නයක් සැරියුත් තෙරුන් විසින් විස්තර වශයෙන් ප්‍රකාශ කිරීමක් වදාළ සේක.
සර්වඥයන් වහන්සේ සත්වන වස තව්තිසා දිව්‍ය ලෝකයෙහි වාසය කොට මාතෘ දිව්‍ය රාජයන්ට තුන්මසක් අභිධර්මය දේශනා කර වස් පවරා සංකස්ස නගරාද්වාරයට වැඩිය සේක් එහි වැඩ සිටි තම ශ්‍රාවකයන් දැක සැරියුත් තෙරණුවෝ මහත් වූ ප්‍රඥාවෙන් යුක්තය මා හැර මුන් හා සමාන වූ නුවණැති කෙනෙක් තුන්ලෝකයෙහිම නැත. එබැවින් මුන්ගේ ඥාණ ගුණය ලොවට ප්‍රකාශ කරමියි සිතා පළමු පෘථග්ජනයන්ට විෂය වූ ප්‍රශ්න විචාළ සේක. ඒ පෘථග්ජනයෝම විසඳුහ. මෙසේ ක්‍රමයෙන් සෝතාපන්න සකෘදාගාමි- අනාගාමි සහ මහශ්රාවක යන මොවුන්ට විෂය වන ප්‍රශ්න විචාළ සේක. ඒ ඒ ප්‍රශ්න ඒ ඒ තත්වයට පත් ශ්‍රාවකයන් විසින් විසඳු ඉක්බිති සැරියුත් තෙරුන් වහන්සේට විෂය වූ ප්‍රශ්න විචාළ සේක. ඒ පැන තෙරුන් වහන්සේ විසඳූ සේක.
සෙසු තැනැත්තෝ නොදත් සෙක. මහාජනයා බුදුන් සමඟ ප්‍රශ්න දක්ෂ ලෙස විසඳන මුන් වහන්සේ කවර කෙනෙකුන් වහන්සේදැයි විචාරා දම් සෙනෙවි සැරියුත් තෙරුන් වහන්සේ යයි අසා දැන ප්‍රඥාවක මහිම යයි ප්‍රසංසා කළහ. එතැන් පටන් දෙව් මිනිසුන් අතර සැරියුත් තෙරුන්ගේ ප්‍රඥා ගුණය ප්‍රසිද්ධ විය. මේ ගැන දිනක් දම් සභා මණ්ඩපයෙහි කථාවක් උපන් කල්හි මහණෙනි, පෙරත් සැරියුත් තෙරණුවෝ කෙටින් කියන ලද වචනයෙහි ඇර්ථ විස්තර වශයෙන් කීවෝ වේදැයි ඉකුත්වත වදාළ සේක.
යමෙක් මෙහි ඇති යම් ධර්ම ස්කන්ධයක් හෝ බැහැර කරන්නේ ද ඔහුට ධර්ම රත්නය හි පිහිට නොලැබෙනු ඇත. ත්‍රිවිධ රත්නය ම නො පිළිගන්නා පුද්ගලයා අසරණ ය. ඔවුනගේ නිවන තව බොහෝ දුර ඈත ය. කෙනෙකුට ධර්මය අවබෝධ වුව ද, නො වුව ද ලොව ඇති ධර්මතාවයනට ලක් වීමට ද එහි ප්‍රතිඵල විදීමට ද සිදුවීම අනිවාර්ය ය. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකිනුදු ලැබීමට දුෂ්කර වූ මෙම වටිනා අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ධර්ම රත්නය අවබෝධ කර ගැනීමට දැඩි ලෙස උත්සාහ කළ යුතු ය.
සියල්ලෝ ම ධර්මාවබෝධය ලබත්වා. සියලු දෙව්මිනිසුන් සුවපත් වේවා. අප භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනය බොහෝ කල් පවතීවා.
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධසාසනං !

- අභිධර්ම පිටකය වැරදි ලෙස පිළිගැනීමෙන් , වැරදි ලෙස දේශනා කිරීමෙන් වැරදි ලෙස අනුගමනය කිරීමෙන්, උමතු බවට පත්ව අපාගත වීම.
- අභිධර්ම පිටකය නිවැරදි ලෙස පිළිගැනීමෙන් අනුගමනය කිරීමෙන්, සිව් පිළිසිඹියාව සහිත ෂඩ්අභිඥාද ඇතිව අරිහත්වය.