වශී ගුරුකම් මගුල් කපුකම් භික්ෂුවට ගැලපෙන්නේ නෑ
හාමුදුරුවනේ බුද්ධ කාලයේ පටන් භික්ෂූත්වය, තමන් වහන්ස්ගේ නිර්වාණ ප්රත්යක්ෂයට එහායින් ගිය සමාජ සේවාවට කැපවූවක් නේද?
බුදුන්වහන්සේ නමක් උපත ලබන්නේ කාලය දීපය දේශ කුලය මව් කියන පස්මහ බැලුම් බලලයි. මේ සියල්ල යහපත් කාලයකයි බුදුවරයකුගේ පහළ වීමක් සිදුවන්නේ.
ඒ නිසා බුද්ධ කාලීන භාරතයේ එතරම් ගැටලු සහිත සමාජයක් තිබුණා යයි කියන්න බැහැ. විශේෂයෙන් කුල ක්‍රමය සහිත සමාජයේ පන්ති භේදයක් දකින්නට ලැබුණ නිසා චණ්ඩාල වැනි පහත් කුලවල අයට සමාජයේ විශාල අසාධාරණවලට ලක්වෙන්නට සිදුවුණා. අද සමාජයට වඩා ප්‍රබල වූ සමාජ ප්‍රශ්නයක් විදියට දකින්න තියෙන්නෙ මේ කුල ක්‍රමය තමයි.
බුදුරජාණන් වහන්සේ වසල සූත්‍රය වගේ දේශනාවලින් බලාපොරොත්තු වුණෙත් මේ කුල ප්රශ්නය සමතයකට පත් කරන්නයි. බුද්ධ ශාසනයේ මේ කුමන කුලයක අයෙකුට වුණත් පැවිදි වීමේ අවස්ථාව ලැබීමත් එක් ආකාරයකින් හොඳ සමාජ සේවාවක් වෙලා තියනවා.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ පළමු රහත් හැටනම අමතා දේශනා කළේ බොහෝ ජනයාගේ හිතසුව පිණිස ගම් නියම්ගම්වල හැසිරෙමින් මේ මුල මැද අග කලණ වූ ධර්මය දේශනා කරන ලෙසයි.
සමාජයේ ජීවත්වන සියලු සත්ත්වයන්ට තිබූ ප්‍රධානම ප්රශ්නය ලෙස බුදුන්වහන්සේ දුටුවේ සත්ත්වයා සංසාරයේ අඛණ්ඩව දුක් විඳිමින් සැරිසැරීමයි. මේ කියන තත්ත්වයෙන් සත්වයා මුදා ගැනීමේ මහා සමාජ මෙහෙවරක තමයි බුදුන් වහන්සේ භික්ෂූන් වහන්සේව යොදවන්නෙ.
ඒ වගේම තමයි විශාලා මහනුවර තුන්බිය වැනි සමාජයේ මනා ව්යසනයන්වලදී පවා තුනුරුවන්ගේ ආශීර්වාදයෙන් සමාජය මුදා ගන්නට බුදුරජාණන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේලා පෙරමුණ ගත් ආකාරය අපට පැහැදිලියි.

හාමුදුරුවනේ වර්තමානය වන විට භික්ෂුව ජනමාධ්‍ය හා විවිධ සමාජ සංවිධාන සමග සම්බන්ධව සමාජ සේවා සිදුකළත් ගම සමඟ තිබෙන සම්බන්ධතාවල යම් අඩුවක් දක්නට ලැබෙනව නේද?
මෑත ඉතිහාසය පිළිබඳ කතා කරද්දි භික්ෂුවගේ කාර්ය භාරය වෙනස් වී තිබෙන බවත් ඇත්ත. අද ලෝකය එදාට වඩා විශාල වශයෙන් වෙනස් වෙලා. අද තියෙන්නේ භෞතික දියුණුවක්. ඒ නිසාම බොහෝ දෙනා අද කල්පනා කරන්නෙත් භෞතික දියුණුවක් ගැන විතරයි.
භික්ෂූන් වහන්සේලාට අධ්‍යාත්මික දියුණුවක් පිළිබඳව අනුශාසනා කරන්නට වෙලා තියෙන්නේ මේ වගේ ශ්‍රාවක පිරිසකට. ඒ වගේම කාර්මික හා තාක්ෂණික අතින් දියුණු වී වානිජකරණයට ලක්වූ මේ සමාජයේ ප්‍රධාන ඉලක්කය වී තිබෙන්නේ මුදලයි. මේ නිසා දැන් භික්ෂුවගෙ කාර්ය භාරයත් මේ කියන සමාජයට අනුගත වෙලයි තියෙන්නෙ.
නිදහස ලැබීමෙන් පසු දශක දෙක තුනක් ඉක්ම යනවාත් සමඟ මේ තත්ත්වය අපට පැහැදිලිව දකින්න ලැබෙනවා. උදාහරණයක් විදියට කාර්මික විද්‍යාල, පෙර පාසල්, තොරතුරු තාක්ෂණ විද්‍යාල, පරිගණක අධ්‍යාපන ආයතන වගේ දේවල් ඒ යුගයේ දක්නට ලැබුණේ වෙනත් ආගමික සිද්ධස්ථාන ආශි‍්‍රතවයි. ඒත් අද වන විට පන්සල ඇසුරු කරගෙනත් මෙවැනි ආයතන බිහිවෙලා තිබෙනවා.
ඒ වගේම භික්ෂූන් වහන්සේලාගේ ඇති ජාත්‍යන්තර සම්බන්ධතා හරහාත් මේ වන විට උන්වහන්සේලා විශාල සමාජ සත්කාරයන් සිදුකරමින් පවතිනවා. මං හිතන්නේ මෙය පවතින සමාජයත් සමග අනුගත වී භික්ෂුවගේ කාර්ය භාරය වෙනත් මගකට යාමක් මිසක් කාර්ය භාරයේ අඩුවක් ලෙස නෙවෙයි. ඒත් ඔබ සඳහන් කළා වගේ භික්ෂුව ගම සමඟත් මනා සම්බන්ධයක් අනිවාර්යයෙන් ම ගොඩනඟා ගත යුතු වෙනවා.
මක්නිසාද තාමත් අපේ සාරධර්ම හා දේශීය අනන්‍යතාවය ගම තුළ තිබෙන නිසා. මෙය මුළු රට පුරා ව්‍යාප්ත කළ යුතුව තිබෙන්නේ ගම කේන්ද්‍ර කරගෙනයි. ඒ නිසා එහි වගකීමක් ද භික්ෂූන් වහන්සේලාට පැවරෙනවා.

අද ඇතැම් භික්ෂූන් වහන්සේලා යන්ත්‍ර මන්ත්රකරුවන් ලෙසත් ප්‍රසිද්ධියේම පෙනී සිටීම භික්ෂූත්වයට හා භික්ෂුවගේ කාර්ය භාරයට ගැළපෙනවා කියා ඔබවහන්සේ සිතනවාද?
බුදුරජාණන් වහන්සේ මේ දේවල් හැඳින්වූයේ තිරස්චීන විද්‍යා කියලයි. මේවා භික්ෂූත්වයට කොහෙත්ම ගැළපෙන්නෙ නෑ. හැබැයි අපි කලින් කතා කළා වගේ ගමයි පන්සලයි අතර තිබූ සම්බන්ධය මත ගැමියන් හැමදේම කරගන්න පන්සලටයි ආවෙ.
ඒ කියන්නෙ ගේ හදාගන්න හොඳ වෙලාවක් බලාගන්න, දරුවට බත් කවන්න, අකුරු කියවන්න, නැකතක් බලාගන්න විතරක් නෙවෙයි සිංහල අවුරුදු චාරිත්‍ර නැකැත් පවා බලාගත්තෙ පන්සලෙන්. මේක අපේ සංස්කෘතිය. හාමුදුරුවො තමයි ඒ සංස්කෘතියෙ පෙරගමන්කරුවා වුණේ. ඒත් අද වගේ ජේමිස් අයියගෙ කොළුවට සිරියාවතී අක්කාගෙ කෙල්ල වශී කරල දෙන වැඩේ වගේ මගුල් කපුකම්වත්, මෙහා ගෙදරින් එහා ගෙදරට හූනියම් කරන වැඩ වගේ කට්ටඩිකම්වත් භික්ෂුව එදා කළේ නෑ.
ඒ දේවල් කරගන්න ගිහියො හාමුදුරුවො ළඟට ගියෙත් නෑ. මොකද හාමුදුරුවො නිතරම දේශනා කළේ සමඟියෙන් සමාදානයෙන් ජීවත් වෙන්නයි. ඒකට කරුණාව මෛත්‍රිය උවමනා කරනවා. ඒ නිසා ඒ දේවල් භික්ෂූන් අතින් කොහෙත්ම සිදුවෙන්න බෑ.
එහෙත් අපි දකිනවා රූපවාහිනියෙන් පුවත්පත්වලින් ඇතැම් භික්ෂූන් ප්‍රසිද්ධියේම ගුරුකම් කරගන්න තමන් හම්බවෙන්න එන්න කියල දැන්වීම් දානවා. මේක හරිම අශෝභන දෙයක්. අනික ඔය කියන විදියට හැමදේම යන්තර මන්තරවලින් කර ගන්න පුළුවන් නම් වෙන මොකුත් ඕනේ නෑනෙ ජීවත් වෙන්න. මන්තරයක් කියල හැමදේම කරගන්නයි, ළඟට ගෙන්න ගන්නයි පුළුවන්නෙ.
මේවා ආකර්ශනීය වෙළඳ දැන්වීම් විතරක් බවත් බොහෝ දෙනා දන්නවා. ඒත් මුදල් හෙවීමේ පරමාර්ථයෙන් මහජනයා මේ විදියට මුලාකිරීම බුද්ධශාසනයට නොගැළපෙන නිසා අපි මේවා අනුමත කරන්නෑ. ඒත් අපේ මහානායක හාමුදුරුවන්ට පවා මේ දේවල් නැවැත්වීමට බලයක් නෑ.
මොකද බුද්ධ ශාසනය හරිම නිදහස් සහනශීලී තැනක් නිසා විනය පැත්තෙන්වත් මේවාට පියවර ගැනීමට අයිතියක් නැහැ. ඒ නිසා සංඝාධිකරණ පනතක් ගෙනැවිත් භික්ෂූන් ශාසනයට අහිතකර දේ කරනවා නම් ඊට පියවර ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි කියලයි මම හිතන්නේ.

භික්ෂුවට සමාජීය වශයෙන් ඇති කාර්ය භාරය යුගයෙන් යුගයට ඒ ඒ යුගවල අවශ්‍යතා අනුව වෙනස් වන බවක් තමයි අතීතයේ සිටම දක්නට ලැබෙන්නේ. හාමුදුරුවනේ මේ යුගයේ භික්ෂුවකගේ සමාජ වගකීම සංක්ෂිප්තව විස්තර කරනවා නම්?
මම මුලින් කිව්ව වගේ මේ සමාජය පෙරට වඩා සංකීර්ණයි. ඒ නිසා භික්ෂුවට පැවරෙන සමාජ කාර්ය භාරය ද සංකීර්ණ වෙනවා. අද සමාජයට බණ කියල විතරක් බෑ. බුද්ධ කාලයේ වුණත් බණ දේශනා කිරීම විතරක් ප්‍රමාණවත් වුණේ නෑ. දේවදත්ත, කෝකාලික වැනි භික්ෂූන් වහන්සේලාත් බුදුන්ගෙන් බණ ඇහුව.
ඒත් ඒ අයගෙන් සමාජයට යහපතක් වෙලා නෑ. මට හිතෙනව අද අපේ රටේ බණ කියනවත් වැඩියි කියල. කම්මලේ බල්ලට හෙණ ගැහුවත් දන්නෑ වගේ දැන් මිනිස්සුන්ට බණ ඇහිල ඇහිලම ඒකෙ වටිනාකම අඩුවෙලා. අනික ජනමාධ්‍යවලිනුත් නිතරම බණ ඇහෙන නිසා මිනිස්සුන්ට පන්සලට එන්න අවශ්‍යත් නෑ. පන්සලට ඒමෙන් ගිහියා තුළ ඇතිවන්නේ මානසික හා කායික වශයෙන් යහපත් ක්‍රියාදාමයක්.
ගෙදර ඉඳන් ටී. වී. එක ඉස්සරහට වෙලා කකුල් දෙක පුටුවක තියන් බණ ඇහුවට ඒ ක්‍රියාවලිය සිදුවෙන් නෑ. ඒ නිසා අපේ සමාජයේ සෝදාපාළුවට ලක් වී තිබෙන සියුම් තැන් පිළිබඳවත් අපි අවධානය යොමුකළ යුතුව තිබෙනවා. ඒවත් හරියට හැඩගස්වා ගත යුතුව තිබෙනවා. බණ කියන එකත් අද ව්‍යාපාරයක් වෙලා. සල්ලි ටිකක් හොයාගන්නත් ධර්ම දේශනා පවත්වන අවස්ථා අපි දැකල තියනවා. ඒ නිසා බණ දේශනා කිරීම අතීතයේ තරම් දැන් සාර්ථකව සිදුවෙනව කියන්න අමාරුයි. මේකට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍ය කරනවා.
ජාතික සංඝ සම්මේලනයේ මූල්‍ය ලේකම් හා කොළඹ තිඹිරිගස්යාය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී, කුප්පියාවත්ත ජයසේකරාරාමාධිකාරී රජවත්තේ වප්ප හිමි
සාකච්ඡා කළේ - බුද්ධික සමන් ගුණවර්ධන
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ
Source: www.dinamina.lk