විවිධ අභිධර්ම සම්ප්රද්රයය
සත්වයා සහ ලෝකය පිළිබඳව අවිපරිත අවබෝධය ශ්‍රාවකයන් තුළ ජනිත කිරීම පිණිස කරනු ලබන ධර්ම විශ්ලේෂණයක් හා සංශ්ලේෂණයක් වශයෙන් අභිධර්මය හැඳින්විය හැකිය. සූත්‍ර පිටකයේදී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් සත්වයා විභේදනය කර දක්වන්නේ අනාත්ම ධර්මය ප්‍රකට කිරීම පිණිසය. පූර්වෝක්ත ධර්ම අනිත්යව පරස්පර සාපේක්ෂව ප්‍රතීත්‍ය සමුත්පන්න ව ප්‍රවර්තනය වෙයි. එහෙයින් නිත්‍ය වූ අවිනශ්වර වූආත්මයක් නොලැබෙන බව සූත්‍ර ධර්මයෙන් පැහැදිලි කරනු ලැබේ. එහෙත් සූත්‍ර පිටකයෙහි දැක්වෙන මෙම බෙඳුම් සත්වයා සහ ලෝකය පිළිබඳ සකලාංග පූර්ණ බෙදුමක් අරමුණු කරගත් බවක් නොපෙනේ. අභිධර්මයෙහි අරමුණ වූයේ සත්වයා සහ ලෝකය පිළිබඳ සියල්ල ම නිරවශේෂ වශයෙන් බෙදා දැක්විමේ මතයක් සකසා ගැනීමය. එහෙයින් ලොව පවත්නා සියල්ල ධර්ම වශයෙන් නම් කරන අභිධර්මය ඒ සියල්ල චිත්ත, චෛතසික, රූප හා නිර්වාණ වශයෙන් බෙදා දක්වයි. මෙසේ ප්‍රභේද ගත කළ විට වෙනත් කිසිවක් අවශේෂ වන්නේ නැත.
මෙම විශ්ලේෂණ ක්‍රමය මූලික වශයෙන් ථෙරවාදී විභජජවාදී සම්ප්රදායේ භාවිතා වූයේය. එහෙත් බුදුසමයෙහි විකසිත වූ සැම ආචාය්යීවාදයකට ම එය පොදුවේ අභිමත වූ බව නොපෙනේ. විවිධ අභිධර්ම ගැටළු මත විවිධ ආචාය්යීවරුන් අතර මතභේද තිබිණි. ථෙරවාදීන්ගේ සප්තප්‍රකරණය ලෙස හැඳින්වෙන පාලි ග්රන්ථ සප්තකය වෙනත් ගුරුකුල වල නොපිළිගැණිනි. නිදසුනක් වශයෙන් ථෙරවාදයේම ශාඛාවක් වූ සර්වාස්තිවාදී වෛභාෂික ආචාය්යීවරුන් දැක්විය හැකිය. ඔවුහු සකු බසින් වෙන ම අභිධර්ම ග්රන්ථ සප්තකයක් ඉදිරිපත් කළහ. මෙසේ අභිධර්ම සාහිත්‍ය සම්ප්රදාය රාශියක් ජනිත වී වාද විවාද කිරීම ගැන කළකිරුණු භික්ෂු පිරිසක් මේ සියළු ගැටළු අභිධර්මය පිළිගැනීම නිසා ඇති වූ දේ හෙයින් හොඳ ම ක්‍රියාව අභිධර්මය ප්රත්ක්ෂේප කිරීම යැයි සිතා සූත්‍ර ධර්ම පමණක් පදනම් කරගත් ආචාර්ය වාදයක් ඉදිරිපත් කළහ. ඔවුන් හඳුන්වන ලද්දේ සෞත්‍රාන්තිකයන් වශයෙනි. අභිධර්මය ප්‍රතික්ෂේප කළ ද අභිධර්ම අධ්යන්යවල ප්‍රතිඵලයක් වශයෙන් උද්ගත වී තිබුණු නව ගැටළු මඟ හරින්නට ඔවුනට හැකි නොවීය. එහෙයින් ඔවුන් අතුරින් ද බිහිවූයේ නමින් පමණක් අභිධර්මයක් නොවූ එහෙත් යථාර්ථ වශයෙන් බලන විට තවත් අභිධර්මයක් ම වූ ඉගැන්වීම් සමුද්රයයකි.
විවිධ අභිධර්ම සම්ප්රද්රයයන් ගැන සඳහන් කරන විට මුලින් ම අප විසින් සැලකිල්ලට ගත යුත්තේ පාලි බසින් සුරැකි ඇති ථෙරවාදී විභජජවාදී අභිධර්මය වෙනත් කිසිම අභිධර්මයකට වඩා පාලි සූත්‍ර සාහිත්‍යය සමඟ ගැලපී සිටින බවයි. පාලි සම්ප්රද්රයේ චින්තනය බෞද්ධ ඉතිහාසයේ පැරණිම සම්ප්‍රද්‍රය බව අවිවාදනීය යි. එහෙයින් කවර අභිධර්ම සම්ප්රද්රයකටත් වඩා එය මූලික බුදුදහම නියෝජනයෙහි ලා සමත් බව කිව යුතුය. වෙනත් සම්ප්රද්රයන්හි අභිධර්ම කෘති ථෙරීය අභිධර්ම කෘති වලට වඩා ව්‍යුහයෙන් වෙනස් බව දක්වන ජේ. තකාකුසු වැනි පඬිවරු එයින් හැඟීයන්නේ ඔවුන් තම අභිධර්ම සාහිත්‍යය වර්ධනය කරගත්තේ නිකාය වශයෙන් වෙන් ව ගියාට පසුව බව යැයි පවසති.
ථෙරවාදී විභජජවාදීන්ගේ අභිධර්මය ලඟට වැදගත් වන දියුණු අභිධර්ම සම්ප්රදායක් සේ ථෙරවාදී නිකායන් සේ දැක්වෙන සර්වාස්තිවාදය දැක්විය හැකිය. එම අභිධර්මය ථෙරවාදී නිකායන් විසින් අරඹන ලද්දේ වුව ද මහායානිකයට පවා එහි බලපෑමෙන් මිදෙන්නට නො හැකි වූ බව විචාරකයෝ පවසති. ථෙරවාදී අභිධර්මයෙහි උගන්වනු ලබන්නේ චිත්ත, චෛතසික, රූප හා නිර්වාණ පමණක් වුවද සර්වාස්තිවාදී අභිධර්මයෙහි ද චිත්ත විප්‍රයුත්ත ධර්ම නමින් තවත් ධර්ම දාහතරක් උගන්වනු ලැබිණි. මේ හැරෙන්නට අසංස්කෘත ධර්ම (අසංඛත) සංඛ්‍යාව ද ඔවුන් විසින් වැඩි කොට තිබේ. ථෙරවාදී පාලි අභිධර්මය නිර්වාණය එකම අසංස්කෘත ධර්මය වශයෙන් දක්වයි. එහෙත් සර්වස්තිවාදීහු අසංස්කෘත ධර්ම තුනක් දක්වති. එනම්, ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ සහ ආකාශ වශයෙනි. ඔවුන් දක්වන ධර්ම සංඛ්‍යාව 75කි. සංස්කෘත ධර්ම 72ක් හා අසංස්කෘත 3ක් වශයෙනි. එම ධර්ම වර්ග කර ඇත්තේ මෙසේ ය.
චිත්ත 1
චෛතසික 46
රූප 11
චිත්ත විප්‍රයුත්ත 14
අසංස්කෘත 3
තවත් වැදගත් අභිධර්ම සාහිත්‍යයක් වශයෙන් ශාරිපුත්‍ර අභිධර්ම ශාස්ත්‍රය විචාරකයන්ගේ අවධානයට යොමු වී ඇත. මෙය දැනට අවශිෂ්ටව ඇත්තේ චීන බසින් පමණි. මෙය මහාසාංඝික නිකායේ ද, සම්මිතීය නිකායේ ද, නැතහොත් ධර්මගුප්තිකයන්ගේ දැයි හරියටම නීර්ණය කර නැත. මේ ආචාර්යවරුන් තුන් පිරිසට ම අභිධර්මයක් පැවති බව සඳහන් වේ. මහාසංඝිකයන් ථෙරීයයන්ගේ අභිධර්මය ප්‍රතික්ෂේප කළ ද මාතිකා පිටකයක් ඔවුනට තිබුණු බව ශිලාලේඛන සාධක මගින් සනාථ වී ඇත. මහාසංඝිකයන්ගේ ගෝකුලික හා බහුශ්‍රැතිය යන අනු නිකායවල භික්ෂුන් අභිධර්මය ප්‍රියකළ තමන්ගේම අභිධර්මයක් වර්ධනය කරගත් පිරිසක් බව පැවසේ. සම්මිතියන්ගේ අභිධර්මය පුද්ගලවාදී වූවකි. ශාරීපුත්රාභිධර්මයේ පුද්ගලවාදය ගැන කිසිවක් නොමැත.
ථෙරවාදී පක්ෂයට ම අයත් අභිධර්මධර ආචාර්යවරුන් අතර වාත්සිපුත්රියයෝ විශේෂ තැනක් ගත්හ. ඔවුහු අභිධර්මයෙහි දැක්වෙන නිස්සත්ත නිජ්ජීව ධර්ම විභාගය අසම්පූර්ණ විග්‍රහයක් බව සිතූහ. ලෝක සත්වයා හුදෙක් ශුෂ්ක නිජ්ජීව ධර්ම සමූහයක් පමණක්ද? සත්වයන්ගේ සජීවි බව අභිධර්මයේ දී නොතකා කළ නොහේ. එහෙයින් එය පුද්ගල වශයෙන් හඳුන්වන ලදී. වාත්සීපුත්‍රීය නිකාය විසින් අරඹන ලද මෙම පුද්ගලවාදය ඔවුන්ගේ අනුනිකාය චතුෂ්කය වූ ධර්මෝත්තරීය, භද්‍රයානික, සම්මිතිය හා ෂණණාගාරික යන නිකායයන් විසින් ද පිළිගන්නා ලදී. මේ ඉගැන්වීම් පිළිබඳව මේ නිකායවල අනුගාමිකයන් විසින් ලියු ග්රන්ථ කිසිවක් සංස්කෘත භාෂාවෙන් ලැබී නැත. සම්මිතිය නිකායයට අයත් සම්මිතිය නිකාය ශාස්ත්‍ර නම් ග්‍රන්ථය චීන බසින් ලැබී ඉන්දියාවේ වෙන්කථරමනන් නම් පඬිවරයා විසින් 1951 දී ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ඇත. මේ හැරෙන්නට කථාවත්ථු, අභිධර්මකොශ වැනි ග්‍රන්ථවල ද විවේචනය සඳහා ඔවුන්ගෙන් අදහස් ගෙන හැර දක්වා තිබේ.
අභිධර්මය පිළිබඳ ඉතා වැදගත් අදහස් දැක්වූ මහායන ආචාය්යීයවාදය යෝගාචාර නමින් හැඳින්වේ. බාහිර ලෝකය හුදෙක් අප විසින් සිතෙහි මවාගත් දෙයක් බව විඥප්ති මාත්‍රයක් පමණක් වශයෙන් එය හැඳින්විය යුතු බවත් ඔවුහු පැවසූහ. මහායන ධර්මයේ මූලික ඉගැන්වීමක් වූ සියල්ල හේතුඵල සමමවායයෙන් හටගත් ස්වභාව විරහිත ශුන්‍ය වස්තු වෙතියි යන මතය තහවුරු කරන්නට තර්ක කළ ඔවුහු බාහිර ලෝකයට යථාර්ථවත් හෝ පරමාර්ථමය පැවැත්මක් ඇතැයි නොපිළිගත්හ. ඔවුන්ගේ අභිධර්මය අනුව ලෝකයේ වද්යාමාන ධර්ම වර්ගීකරණය කරනු ලබන්නේ මෙසේ ය.
අසංස්කෘත ධර්ම 6
රූප 11
චිත්ත 8
චෛතසික 51
චිත්ත විප්‍රයුත්ත 24
මේ අනුව සංස්කෘත හා අසංස්කෘත ධර්මයන්ගේ එකතුව 100ක් වෙයි.
අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරමින් අභිධර්ම ගැටළුවලට සූත්‍ර පිටකානුසාරයෙන් පිළිතුරු සෙවූ සෞත්‍රාන්තික නිකාය ද අභිධර්ම ආචාර්ය වාදයක් බිහිකළ බව පිළිගැනීමට සිදුවේ. ඔවුන්ගේ ඉගැන්වීම් රාශියක් සර්වාස්තිවාදය සඳහා ග්රන්ථයක් රචනා කිරීමට ඉදිරිපත් වූ බව වසුබන්ධු විසින් අභිධර්මකොශයෙහි ඇතුළත් කර ඇත. වසුබන්ධු සර්වස්තිවාදී ග්රන්ථයක් ලිවීමට ඉදිරිපත් වුවද පෞද්ගලික ව සෞත්‍රාන්තික ධර්ම පිළිගත්තෙක් වූයේය. (එහෙයින් අභිධර්ම කෝශය මඟින් ඔහු සර්වාස්තිවාදයට අවාසියක් කර ැතැයි තේරුම් ගත් සර්වාස්තිවාදීහු තම මතය නිවැරදි අයුරින් වාර්තා කරනු පිණිස ‘අභිධර්මදීප’ නම් තවත් කෘතියක් සම්පාදනය කළහ.) සෞත්‍රාන්තිකයන් ගේ ධර්ම විභාගය පිළිබඳ අනෙකුත් ග්රන්ථ නෂ්ටප්‍රාය නමුත් ශිව ඥ්රන සිද්ධි නම් ද්‍රවිඩ ග්‍රන්ථයේ එම ධර්ම විභාගය දක්වා තිබේ. රූප, අරූප, ව්‍යවහාර හා නිර්වාණ වශයෙන් ධර්ම ප්‍රභේද හතරක් උගන්වන ඔවුහු එහි වර්ගීකරණය මෙසේ දක්වති.
රූප 8
අරූප 2
ව්‍යවහාර 2
නිර්වාණ 2
මෙයට අතිරේකව කේවල ධර්ම වර්ගීකරණය නමින් තවත් ප්‍රභේදනයක් දක්වා ඇත.
රූප 8
විඥ්රන 6
වේදනා 3
සංඥ්ර 6
සංස්කාර 20
මේ අනුව කේවල ධර්ම 43ක් ඔවුහු උගන්වති. ඔවුන්ගේ සුවිශේෂ ඉගැන්වීම් අතර බීජ සංකල්පය, බාහරාර්ථ අනුමෙයත්වවාදය හා අභූත්වාභාව උත්පාද වාදය දැක්විය හැකිය.
මෙසේ විවිධ අභිධර්ම සම්ප්රද්රයයන් පිළිබඳව සාකච්ජා කරන විට සූත්රධර්ම විෂයයෙහි බෞද්ධයන් අතර පවත්නා ඒකමතිකත්වය අභිධර්මය විෂයෙහි නොමැති බව පැහැදිලි වේ. මෙම ආචාය්යී වාද හය - හත භාරතයේ සජීවිව පැවති සමයේ උණුසුම් හා සිත් ගන්නා ධර්ම සංවාද ඔවුන් අතර පවතින්නට ඇත. කෙසේ වුව ද අපට පෙනී යන පරිදි පැරණි ම අභිධර්ම සම්ප්‍රද්‍රය ථෙරවාද විභජ්ජවාදීන් ගේ පාලි අභිධර්මය බව නිසැකය. පාලි සූත්‍ර ධර්මයන්හි අන්තර්ගත ධර්ම දේශනයන්හි විවිධ ප්‍රවාද, උපමා, රූපක හා සංකේත ආදිය අතුරින් වියුක්ත සිද්ධාන්ත සමූහයක් නිෂ්කර්ෂණය කරගනිමින් උජ්වලිත වන පාලි අභිධර්මය මූලික සූත්‍ර ස්ථාවරය තුළ ම රැදෙන්නට දරන ප්රයන්තය ප්‍රශංසාර්භය. ධම්ම, පඤ්ඤත්ති, වොහාර වැනි සංකල්ප සියුම් ලෙස විවරණය කර බලන විට ආභිධර්මිකයන් අත්ථිතා, නත්ථිතා වැනි මිථ්‍යා සංකල්ප දුරලමින් ස්වාධීන විචාර මාර්ගයක් හරහා සියළු දෘෂ්ටින් ප්රහාණය කරන්නට මග සලසන අයුරු පැහැදිලි වෙයි. ථෙරවාදී අභිධර්මය හුදු ලැයිස්තු මාලාවක් නොවේ. එහි එන සංශ්ලේෂණ හා විශ්ලේෂණ ක්‍රමය ප්‍රායෝගික ආගමික චරණයකට උචිත භාවනාමය පදනමකි. එහි විග්‍රහය ධර්ම බහුත්ව වාදයක් ලෙස වරදවා නොගෙන ධර්මයන්ගේ සූක්ෂම හා ගතික ස්වභාවය තේරුම් ගනිමින් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය එමගින් ධ්වනිත වන අයුරු ග්‍රහණය කරගත යුතුය.