Pujawaliya (පූජාවලිය)
පූජාවලිය-ප්‍රතිසන්ධි පූජා කථා
අට වන පරිච්ඡෙදය
තව ද: අප බුදුන් ලද ප්රූතිසන්ධි පූජා නම් කවරයත්:
මෙසේ අප මහා බෝධිසත්ත්වයෝ ආරාධනා කළ දිව්යත බ්රයහ්මයන්ට අවසර දී යවා හුනස්නෙන් නැඟී ඒ තුසිත පුරයෙහි දෙවියන් පිරිවරා එ පුරයෙහි ම නඳුන් උයන් වැඩිසේක. එ කෙණෙහි සියලු දෙවතාවුන් චුත වන කාලයෙහි ම පෙනෙන්නා වූ පඤ්ච මහා පූර්වනිමිත්ත පෙණින. හේ කෙසේ ද යත්:
ඒ බෝසතුන් සත් පනස් කෙළ සැටලක්ෂයක් හවුරුදු හැඳි දි හැඳිවත, නො කෙලෙසී තුබූ සළුව, එ දවස් කෙළෙසී ගියේ ය. එ තෙක් කල් මුළුල්ලෙහි නො මළා වූ තුබූ පැළිඳි මල් පර ව ගියේ ය. හිරරස් කලබක් වන් ශරීරප්ර භා ව නිස්ප්රිභා ව ගියේ ය, දිව්ය් වූ මාළිතාවෙහි වාසයට රිසි නැති විය, තුන්ගවු උස දිව්යු ශරීරයෙන් පිනි ගත් රුකක් සේ වඩා සෙල් විණි. තුසීපුර දෙවියෝ බෝසතුන්ලේ චුත වන මේ පඤ්ච කාරණා දැක, “ඉතො චුතො සුගතිං ගච්ඡ මාරිස; ඉතො චුතො සුගතිං ගච්ඡ මාරසි” යනාදීන් පිරිවරා සිට මඟුල් තෙපුල් කීහ. එ කෙණෙහි බෝසතාණෝ ද පවනින් පැහැර නිවූ පානක් සේ ඒ තුසී පුරයෙන් අන්තර්ධානව එ දා ඇසළ මස මැදිපොහෝ ලද උතුරුසළ නකතින් අලුයම් රාත්රිියෙහි ඒ මහාමායා දේවීන් කුස පිළිසිඳ වදාළසේක. එහි විස්තර මෙසේ දතයුතු:
ඒ කපිලවස්තු නම් නුවර ඇසළකෙළි නම් වූ මහත් වූ උත්සව කෙළියෙන් පළමු සත් වනදා පටන් වීය. සියලු ජනයෝ ඉස් ශෝධා ඉහමින් සුවඳමල් පළඳිමින් සුවඳ ඇග ගල්වමින් කෑමෙන් පීමෙන් නැටීමෙන් ගී කීමෙන් කෙළියෙන් සිනායෙන් දවස් යවා ශක්ර පුර ව සේ එ නුවර සරහමින් සත් දවසක් උත්සව කෙළි කෙළිති. එ කල ශුද්ධෝදන රජ්ජුරුවෝ සොළොස් කළයක් සුවඳ පැනින් නහා ලක්ෂයක් අගනා සළුවක් හැඳ සූසැටක් ආභරණයෙන් සැරහී ශක්ර්දෙවෙන්ද්රඳ ලීලායෙන් සිංහාසන නැඟී හිඳ ඇමැති ගණා පිරිවරා සිණකෙළි සිරි විඳිති.
එ කල මහාමායා දේවී දිව්යා ස්ත්රිායක් සේ සැරහී පන්සියයක් ස්ත්රී න් පිරිවරා මඟුල් පොකුණු වැද ජලක්රීරඩා කොට නඳුන් පොකුණුවන් නන්දාඬ්ගනාවක සේ ක්රීරඩා කොට ලක්ෂයක් අගනා කසී සළුවක් හැඳ සුපිපි සපුමල් රුකක් සේ රන් පලඳනාවෙන් සැරහී රජගෙට ගොස් රන්වන් පායෙහි මතුමාලට නැඟී තමන්ගේ ශ්රීනයාන්ගබඩායෙහි සරඟ මල්පිරූ යානක් මතුයෙහි එ දා රෑ නිද්රාගවට පටන්ගත්හ.
එ දවස් රෑ මාගේ බුදුන්ගේ ප්ර්තිසන්ධි වේලායෙහි මහාමායා දේවි මෙ බඳු ස්වප්නයක් දුටහ. ඒ කලී: වරම් රජදරුවෝ සතරදෙන තුන්ගවු උස දිව්යදශරීරයෙන් රන් ශොභා විහිදුවා විහිදුවා දේවීන් ඔත් යහන් ගබඩාවට වැද සපුමල්දමක් සේ දේවීන් වඩාගෙන පන්සියයක් යොදුන් හිමාල ය පර්වත ය මුදුනෙහි පසේබුදු සිවුරු වළඳනා සැටයොදුන් සිරියෙල් ගල් තලාාවහි කෙළවර පිහිටි සත්යොදුන් සල්රුක මුල යොදනක් උස මල්ගොඩ පිට වඩාලූ නම එ සඳ වරම් රජුන්ගේ අඹූවෝ සතර දෙන සපිරි වරින් අවුත් බිසොවුන් ඔසවාගෙන පනස් යොදුන් අනවතප්තවිල දෙව්දූන් දිය කෙළිනා පැන්තොට දී මිනිස්ගඳ හැර දේවීන් නාවා දිවසළු හඳවා දිවපළඳනාවෙන් සරසා දෙසියයක් ගවු උස රිදීමය වූ කෛලාසකූට පර්වත මුදුනෙහි පිහිටි රන්පායට ගෙනගොස් දිවයානක් පනවා පශ්චිම දිග්භාගයට සිරස ලා දක්ෂිණ දිග්භාගයෙන් ජම්බුද්වීපයට ඇතුළත් කොට සතපා දේවීන් පිරිවරා සිටියෝ නම.
ඒ පර්වකයට නුදුරු තෙන ඝන රන්මය වූ දෙසියයක් ගවු උස චිත්රදකූටපර්වත ය මුදුනෙහි සිට ඇළි ඇත්පැටවෙක් රිදී දමක් වන් සොඬින් සුදු පියුමක් ගෙන ඒ පර්වතයෙන් බැස බිසොවුන් බල බලා ඔත් දී ම ඒ රිදීපර්වතයටය නැඟී රන්පායට වැද බිසොවුන් සැතපුණු දිව යහන වටා තුන් යළක් ඇවිද දක්ෂිණභාගයෙන් බිසොවුන් කුසට වැද ගියේ නම.
එ කෙණෙහි බිසොවු පිබිද නැගි යාන පිට උන්හ. දේවීන් බඩ විදුරු පුරා ලූ භාජනයක් සේ බර විය. බිසොවු නොනිදාම පාන්වූ කල ගොස් රජහට දැන්වූහ.
රජ වේදයෙහි නිපුණ බ්රාාහ්මණයෙන් සූසැටදෙනෙකු ගෙන්වා චතුමධුරයෙන් පැන් නො වකා පිසූ කිරිබත් ලක්ෂ වටනා රන්තලි සූසැටක් පුරා ලක්ෂ වටනා රන්තලි සූසැටකින් වසා ඒ බමුණන් පෙරට තබා කිරිබත් කවා රන්තලි සමඟින් බමුණන්ට දන් දී අත් ශෝධ ව කපුරු ය, තකුල් ය, නාරඟ ය, ලමඟ ය, හිඟුරු ය යන මේ පස් පල වතින් බුලත් දී බමුණන් සතුටු කරවා බිසොවුන් දුටු ස්වප්නය කියා විචාළහ.
ඒ බමුණු ස්වප්න ය පරීක්ෂා කොට කියන්නාහු’ දේවයෙනි! දේවීන් දුටුයේ දරු සීනයෙක, සුදු ඇත්පැටවෙක් නම් බුදු වන පුත් පැටවෙකැ” යි යන අර්ථ ය. ශුද්ධ පද්මයෙක් නම් බුද්ධ පද්මයෙකැ යි යන අර්ථ ය. එෙස් හෙයින් ප්ර්ඥ නමැති හස්තයෙන් වෛනෙ ය ජන නමැති පද්මයන් ධරා දේශනා නමැති රශ්මීන් ප්රතබ්රාද්ධ කරන්නා වූ බුද්ධ පුත්රධයෙක් ම ය. චක්ර වර්ති හෝ වන පුතෙක් උපණ. ඒකාන්තයෙන් ඒ ද්වීපයන්ට උත්තම තුන්ලෝ වැසියන් විසින් පූජා ලැබෙන පුතෙක් ම ය. දරුගබ් මඟුල් කරව” යි බමුණෝ රජු සන්තෝෂ කරවා සමු ගෙන ගියහ.
මෙසේ මාගේ ශ්රී මහා බෝධිසත්ත්වයන් මවුකුස පිළිසිඳගත් ඇසිලිලෙහි පාරමිතා බෙලෙන් ජනිත වූ උන්වහන්සේ ම පුණ්යධප්රබභාවයෙන් ලොවට අද්භූත වූ ආශ්චය්ය් ර් පූජා දෙතිසෙක් පහළ වී ය. ඒ දෙතිස් පූජා නම් කවර යත්.
එ දා මහී නමැති කාන්තාව දීපඬ්කර පාදමූලයෙහි පටන් තමා බඳූ වූ අචල ගුණයෙන් සාරාසඬ්ඛ්යො කප්ලක්ෂයක් මුළුල්ලෙහි පුරා ආ හෙයින් “ මා සේ ම අචල වූ ගුණ ඇති සේකැ” යි සන්තුෂ්ටව දසසදහසක් සක්වළ දසදහසක් මහ පොළෝ නැමැති භෙරීන් නාද පවත්වා මහීගර්ජනා නම් වූ පළමු වන ප්රනතිසන්ධි පූජාව කළ දෑය. තව ද සුවහස් පහන් දැල්වූ එක මඟුල් ගෙයක් ෙස් දසදහසක් සක්වළ මුළුල්ලෙහි පැවැත්වා වූ මහත් ආලෝක ය මාගේ බුදුන් ලද දෙවන ප්ර තිසන්ධි පූජා නම. තව ද ජාතියෙන් අන්ධ වූ මිනිසුන් උපන් තැන් පටන් නුදූටූ විරූ දෑ අනෙකප්ර කාර වර්ණණ දැක “ මේ කෙසේ වූ ආශ්චය්ය්‍ර් යෙක් දැයි අහෝ සාධු අහෝ සාධු” යි කිය කියා ලෝකාලෝක දැක කළා වූ සන්තොෂ ය මාගේ බුදුන් ලද තුන් වන ප්ර තිසන්ධී පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි උපන්නා වූ ජාති ගොළුවන් කුරවීක නාද පරදවා එ කෙණෙහි ලීලාපෙත කොට ති කීම මාගේ බුදුන් ලද සතරවන ප්රපතිසන්ධි පූජා නම.
තව ද උපන් තැන් පටන් ජාතියෙන් බිහිරන් බෙර හඬ සක් හඬ පමණකුත් ෙනා අසා එ කෙණෙහි ගොළුවන් කියන ගිතිකා ශබ්දයෙන් පිබිද ඒ ගායනා අස අසා සාධුකාර දීම මාගේ බුදුන් ලද පස්වන ප්රනතිසන්ධි පූජා නම. තව ද උපන් දා පටන් පයින් නො ගිය විරූ වනුගා නිගා විඳ ඇවිදුනා පිළුන් දෙපය සොල්වා යොදුන් ගණන් දිවපියා නළුවන් සේ නට නටා අත්පොලළසන් දි දී අහෝ සාධු, අහෝ සාධු යි , හඬනඟා ශබ්ද ඝොෂාව මාගේ බුදුන් බුදුන් ලද සවන ප්ර්තිසන්ධි පූජා නම. තවද කුරු කුදු ව උපන් සත්ත්වයන් විශෙෂ වූ ගාත්රා ලදින් ඉතා උස්තෙනක තුබූ පකාපැනින් බිඳ කකා තලු ගසා රස විඳ ඔල්වරසන් දි දී සාධුකාර දීම මාෙග් බුදුන් ලද සත්වන ප්රනතිසන්ධි පූජා නම. තව ද ඒ ඒ තන්හි බන්ධනාගාරයන්හි වසන හස්ති අශ්ව මයුර ශාරිකාදීන් හා අන්ධුඝරාදියෙහි ඇකිලි බඳ සත්ත්වයන් තමන් තමන්ගේ බැඳුම් සිඳී ගිය ස්වකීය වූ ස්ථානයට පැමිණ සන්තොෂයෙන් කරන්නා වූ රැවු පිළිරැවු දහස්ගණන් මාගේ බුදුන් ලද අටවන ප්ර තිසන්ධි පූජා නමි. තව ද දසදහසක් සක්වළ තෙළෙස් ලක්ෂ සැටදහසක් නරකවල ගිනි නිවී හිමපිඬක් සේ සිහිල් ව ගිය වේලෙහි ඔවුනොවුන් දැක මේ කෙසේ වූ විශ්මයෙක් ද; කොළ, මේ නරක දුකින් අද මිදී ගියම්හ යි කිය කියා දසදහසක් සක්වළ මුළුල්ලෙහි නරකවල සත්ත්වයන් කීවා වූ සාධූකාර ශබ්ද ඝොෂාව මාගේ බුදුන් ලද නව වන ප්ර තිසන්ධි පූජා නම.
තව ද: කපක් මුළුල්ලේ බත් නො ලද්දා වූ පෙතයන්ගේ සා පිපාසා නිමි බක් ලදින් පැන් ලදින් අහෝ සුඛං අහෝ සුඛං කීවා වූ ශබ්ද ඝොෂාව මාගේ බුදුන් ලද දසවන ප්රෝතිසන්ධි පූජා නම. තව ද උපන් තැන් පටන් මරණයෙහි භයින් ඇවිදුනා වූ තිරිසන් අපායෙහි සත්තවයන් ඔවුනොවුන් කෙරෙහි භයනැතිව සිත් ෙස් ඇවිදීම මාගේ බුදුන් ලද එකොළොස් වන ප්ර තිසන්ධි පූජා නම. තවද දසදහසක්සක්වල සියලු සතුන්ගේ උපන්දා උපන් අසාද්ධ්යද වූ රොග සන්සිඳී අහෝ සුඛං අහෝ සුඛං යන සන්තොෂ වචනයක් කිම මාගේ බුදුන්ලද දොළොස්වන ප්රඅතිසන්යි පූජා නම.තව ද සියලු සත්ත්වයන් ම ඔවුනොවුන්ට අප්රිජය වචනයක් නො කියා ප්රියය වචන ම කිම මාගේ බුදුන් ලද තෙළෙස් වන ප්රාතිසන්ධිපූජා නම. තව ද එ දා අශ්වරාජයන් එ කෙණෙහි ම මධුර නාදයෙන් හෙෂාරව කිරිම මාගේ බුදුන් ලද තුදුස් වන ප්රදතිසන්ධි පූජා නම. තව ද එ දා දස කුලෙහි ඇතුන් සන්තොෂයෙන් කුඤ්චනාද කිරීම මාගේ බුදුන් ලද පසළොස්වන ප්රයතිසන්ධි පූජා නම.
තව ද එ දා සිංහරාජයන් නොඑක් ගල් මුදුනට නැඟී “සත්ත්වයෙනි! බුදුහු මවුකුස පිළිසිඳි සේකැ”යි ලොවට හඬ ගාන්නා සේ කරනලද මහත්වූ සිංහගර්ජනාව මාගේ බුදුන් ලද සොළොස් වන ප්රමතිසන්ධි පූජා නම. තව ද එ දා මහිෂ ගවර සෙමරාදි සියලු සිවුපා වන් තමන් තමන්ගේ නාදයෙන් ඝොෂා කිරීම මාගේ බුදුන් ලද සතළොස්වන ප්රමතිසන්ධි පූජා නම තව ද එ දා දසදහසක් සක්වළ දෙවුමිනිසුන් පලඳනාලද කනක කටකාදි ආභරණයන් සැලී ප්රාෙණ ඇතියන් සේ රවණ ය කිරීම මාගේ බුදුන් ලද අටළොස් වන ප්රරතිසන්ධි පූජා නම. තව ද එ දා දශවිධ වූ දිගන්තරයෙහි ප්රයහාස් කන්ධයක් විහිද බුදුරස් කඳු සේ දිවීම මාගේ බුදුන් ලද එකුන් විසි වන ප්රුතිසන්ධි පූජා නම. තව ද එ දා වාතවලාහක දිව්යනපුත්ර යන් සැඬ පවන් දුරුකොට වනසුවඳින් යෙදුණා වූ මඳ මඳ පවන් පැවැත්වීම මාගේ බුදුන් ලද විසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද එ දා වස්ස වලාහක දිව්ය පුත්ර යන් අකාල මෙඝ නඟා දසදහසක් සක්වළ එ කෙණෙහි වැසි වස්වා පීමා මාගේ බුදුන් ලද එක්විසි වන ප්රැතිසන්ධි පූජා නම. තව ද මහපොළොව පළා නාඹ තල් කඳ සා ජලධාරාවන් රිදී කඳන් සේ නැඟී ඒ ඒ දිග්හි දිවීම මාගේ බුදුන් ලද දෙවිසි වන ප්රනතිසන්ධි පූජා නම. තව ද එ දා සියලු පක්ෂින් ම එ වේලෙහි ආකාශයෙන් නො ගොස් තුරු අග නො හිඳ මිහිමඬලට බැස තමන් තමන්ගේ ධ්වනියෙන් මධුරනාද කිරීම මාගේ බුදුන් ලද තෙවිසි වන ප්රිතිසන්ධි පූජා නම.
තව ද එ දා දසදහසක් සක්වළ නේ සුවහස් ගඬ්ගාවන් යටිගං බලා යන ගමන් හැර බුදුහු උපන් හ යි සතුටු ව බලා සිටිනා සේ නො ගොසින් රදාපීම මාගේ බුදුන් ලද සූවිසි වන ප්රබතිසන්ධි පූජා නම. තව ද එ දා දසදහසක් සක්වළ මුළුල්ලෙහි සතලිස් දහසක් සමූද්රමයන්ගේ මහ රළ සන්හිඳ ලුණුදිය අන්තර්ධානව මධුර ජලයෙන් පිරී ප්ර්සන්න ව නිවී සැනහී තිබීම මාගේ බුදුන් ලද පස්විසි වන ප්රේතිසන්ධි පූජා නම. තව ද එ දා දසලිස් දහසක් සාගරයෙහි පස් පියුම් පිපී විසිතුරු මලසුන් සේ විම මාගේ බුදුන් ලද සවිසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද එ දා දියෙහි ගොඩෙහි පිපෙන හැම මල් සමූහයන් එ කෙණෙහි ප්රිබුද්ධ ව දසදිග සුවඳ පතුරුවා රොන් සළා දීම මාගේ බුදුන් ලද සත්විසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ මුළුල්ලෙහි ගල්වල ද මුල් වල ද මුල පටන් අග දක්වා මලින් වැසී යාම මාගේ බුදුන් ලද අටවිසි වන ප්ර තිසන්ධි පූජා නම. තව ද දසදහසක් සක්වළ පොළෝවල ද, දසදහසක් සක්වළ පර්වත මුදුනේ ද, බිම් පළා ගල් පළා සත්බුමු දඬු පියුම් පැන නැඟි ඒ ඒ තැන සිටීම මාගේ බුදුන් ලද විසිනව වන ප්රිතිසන්ධි පූජා නම.
තව ද සියලු ආකාශ ය මුළුල්ලෙහි පියුමෙන් අතුරු නැතු ව උඩු බලා නටු තිබී යටි බලා කෙමි තිබී මල් වියනක් සේ මැවී යාම මාගේ බුදුන් ලද තිස් වන ප්‍රතිසන්ධි පූජා නම. තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි එ කෙණෙහි මල්වැසි වැස පියා මුළුලොව එක මලස්නක් සේ, එක මල් වටක් සේ, වීම මාගේ බුදුන් ලද එක් තිස් වන ප්ර තිසන්ධි පූජා නම. තව ද එදා මතු අර්හත් ධ්වජයට පූර්ව නිමිත්ත පානා සේ එ දා නැඟු ධ්වජමාලායෙන්, බඹලෝ වසා ගැන්ම මාගේ බුදුන් ලද දෙතිස් වන ප්රාතිසන්ධි පූජා නම.
මෙසේ බුදුහු බුදු වන ජාතියෙහි මවු කුස පිළිසිඳගත් කුසල් පමණකින් මෙසේ ලොවට ඉතා අද්භූත වූ, ඉතා ආශ්චය්ය්ණර් වූ, ඉතා විස්මය වූ, ප්රේතිසන ධි පූජාවන් සෙතිස් දෙනකු එක විගස ම ලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, ශාක්යෙකුල සිංහ වූ ශාක්යසකුල නායක වූ, ශාක්ය කුල කෙතු වූ, ශාක්යෙකුල ප්රහසාධනීය වූ, ශාක්යපකුල ලොචන වූ, ශාක්යුකුල චිනමාණික්ය වූ, ශාක්යනකුල භද්රපඝට වූ, ශාක්යවකුල කල්පද්රැුම වූ, ශාක්ය කුල තිලක වූ, ශාක්යපකුල ප්ර්දීප වූ, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනුදු අරහත් නම්වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්ථානුරූපං “අරහං”ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං-යි.
මේ පූජාවලියෙහි අප බුදුන් පශ්චිමාත්ම භාවයෙහි ලද ප්රපතිසන්දි පූජා කථා නම් වූ අට වන පරිච්ජෙදය නිමි.

පූජාවලිය-ප්‍රසව මංගල පූජා කථා
නව වන පරිච්ජෙදය
තව ද: අප බුදුන් ලුමිබිනී වනොද්යා නයෙහි දී ලද ප්රනසව මංගල පූජා නම් කවර යත්:
මෙසේ මාගේ ශ්රී මහා බොධිසත්ත්වයන් තුසිපුරෙන් වැඩ මවු කුස පිළිසිඳගත් වේලෙහි ම මෑණියන් වහන්සේට ද දරුගබට ද උපද්රළව වළකනු සඳහා වරම් රජදරුවෝ සතරදෙන මඟුල් කඩුගත් අත් ඇති ව ශ්රීවයහන් ගබඩාවට සතර දිග රකවල් ගත්හ.ඔහු සතරදෙන මතු නොවෙති. තව ද දසදහසක් සක්වළ ම සතලිස් දහසක් වරම් රජහුම ඒ ශ්රීෙයහන් ලබ්දොර ය, රන්පාය සිසාරා ය, න්රවවර සිසාරා ය, දඹදිව සිසාරා ය, සක්වළගබ සිසාරා යයි බෝසතුන්ට අරක්ගෙන සිටියාහුම ය. එ තැන් පටන් ගෙන බෝසතාණන් වහන්සේට ද මෑණියන් වහන්සේට ද පෙර ගිලනුන්ට කළා වූ ඖෂධ සත්කාර බලයෙන් ජාත වූ කුශලානුභාව යෙන් ද, ඒ දෙවියන්ගේ ආනුභාවයෙන් ද, රොගාදීන් කිසි පීඩා වෙක් නොවී ය. දඹදිව සියලු රජුන්ගෙන් එවන අපමණ වූ රුවනින් අතුරු නොවී ය.
මෑණියන් වහන්සේගේ නාභිමණ්ඩලයට මුහුණ ලා පලක් බැඳ ධර්මාසනයක උන් ධර්මකථිකයකු සේ, මිණිකරඬුයෙක වඩාලූ කනක රූපයක් සේ, බලන්නවුන්ට පෙනි පෙනී වැඩ හිඳිනාසේක. අදට මෙ තෙක් තැන් වැඩිසේක. අදට මෙ තෙක් මහත් වූ සේකැ යි ප්රෙ මයෙන් බල බලා හිඳිනා ඒ මෑණියන් වහන්සේ “මදරුවෝ තුස වසන්නාහු මෙසේ ප්රීනති වඩති; කුසින් පිහි වූ කල කෙසේ රූප ශ්රීන ඇතියෝ දෝ හෝ” ප්රීකතින් පින පිනා පිරුණු තෙල් පාත්රායක් ධරන්නා සේ ගබට කිසි පීඩාවක් නො කොට ඉතා උෂ්ණ භොජන ය, ඉතා ශීත භොජන ය, තික්ත භොජන ය, කටුක භොජන ය, යනාදියෙහි රස නො දැන දස මස මුළුල්ලෙහි ම පුතණුවන්ට ගැහැටුම් වෙති යි කුස පුරා බත් නොකා, මුහුණින් වැද නො හෙව, වම් ඇළයෙන් නො සැතපී, දක්ෂිණ භාගයෙන් ම සැතපී, දරුගබ සැලී නැඟෙති යි සක්මන් මාත්රාදවකුත් නො කොට දස මස මුළුල්ලෙහි ඉතා අප්රකමාද ව ගබ පිරිමැසූ හ.
තව ද ඒ මාගේ බෝසතාණන් මතු සියලු සතුන්ගේ රා කෙලෙසුන් දුරුකිරීමට දෙස් පානා සේ මවු කුසට වැඩි දා පටන් මෑණියන් වහන්සේගේ පුරුෂයන් කෙරෙහි රාග චෙතනාවෙක් එ තුන්සිය දා ම නො හටගත.
මෙසේ මාගේ බෝසතාණෝ දසමසක් මවුකුස වැස සියලු බුදුන්ගේ ම උත්පත්ති කාලය වූ වෙසඟ මැදි පොහෝ දා සඳු විශාඛ නම් යෝගයෙහි සිටිය දී මෑණියන් වහන්සේට දෙව්දැහැ නම් වූ කෝළිය නුවර ගොස් මවුපියන් දක්නා දොළෙක් විය. එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ එු දොළ අසා කිඹුල්වත් නුවර පටන් දෙවු දැහැ නුවර දක්වා මඟ සම කරවා කෙසෙල් තොරන බඳවා දෙපස පුන්කලස හා විසිතුරු වූ ධ්වජ බඳවා පිළි තොරනින් සරා විලඳ සුන්සාල් අබ සමන්කැකුළු හීතණ යන ලද පස්මල් විසිරුවා මඟ සදා දේවීන් රන්සිවිගෙයට නංවා මඟුල්වෙස් ගත් දහසක් ඇමැතියන් ලවා ඒ සිවිගෙය ගන්වා සිවුරඟසෙන් සමඟ රජ පෙරහරින් මහත් වූ ආරක්ෂා දී යවූහ.
මෙසේ වූ මහා මංගලයෙන් මහා ශ්රීමසෞභාග්යායෙන් මඟ පෙර හරින් මහා උත්සවයෙන් යන්නා වූ ඒ මහා මායා දේවී නම් වූ ඒ බුද්ධ මාතාවෝ සොළොස් කලයක් සුවඳ පැනින් නහා ලක්ෂයක් වටනා සළුවක් හැඳ, පාදා පාදංගුලි පාදකටක පස්රූ පස් පෙර හර වළලුදෙපට විද්යා අගුල් දසරු බාහුදණ්ඩි මුතුවැල ගල මුතුමාලා මැණික් මාලා දාකන් පසෙවිකන් දස අඟාතිලක මිණිදම් නිලමාත්රාම මුඩුඔටුනු ආදී වූ ස්ත්රින අලංකාරයෙන් දෙවඟනක මෙන් සැරහී දහස් ගණන් ස්ත්රීනගණයා පිරිවරා ඒ මඟුල් සිවිගෙන් ගොස් දෙනුවර රජදරුවන් දමඟ උයකන්කෙළි කෙළනා අතුරෙහි ලුම්බිනි නම් සල්උයනකට පැමිණියෝ ය. එ සඳ ඒ උද්යාුනයෙහි පුන්නාග නාග කුවරක උද්දාලක මධුගන්ධික අශෝක කරවීර කර්ණිකාර තරග කේතක තිලක චම්පක විශාල ශාල සලල තමාලාදි නන් කුසුමයෝ ඒ උතුමාගේ උත්පත්ති ශුී බලම්හ යි නික්මුණාවුන් සේ මුල් පළා කඳ පළා අතු පළා පිටත් ව ප්රකබුද්ධ ව මුල පටන් අග දක්වා තුරු වසා අතුරු නො දි සිටගත් හ. මල් රොන් ගන්නා බමරුන්ගේ නාදයෙන් හා කටපුරා කෙසරුගෙන ඔවුනොවුන් පරයා තුරු අග හිඳ ලියගී නඟන සියොතුන්ගේ නාදයෙන් හා එක නින්නාද ව ඉතා රම්යස විය.
කියන ලදුයේ මැයි:
විභූසිතා බාලජනාති චාලනී
විභූසිතාංගා වනිතෙව මාලනී;
සදා ංනානං නයනාලි මාලනී
විලුම්බිනී වාතිවිරොවි ලුම්බිනී-යි.
තව ද තමා කරා එන ප්රි ය වූ බිසොවක පෙර මඟට සතුටු පඬුරු යවන්නා වූ රජකු සේ එ කල ඒ ලුමුබිනී උද්යාූන නම් රජ ද බිසෙවුන් උයන කරා සමීප වූ වේලෙහි පෙර මඟට සුවඳ මඳ පවන් ලදින් උයන දිසාව බලා උද්යාෙන ශ්රීව දැක උයන්කෙළි කෙළනා කැමැති වූහ. ඒ අදහස් දත් ඇමැතියෝ එ පවත් රජහට සැලකර යවූහ. එ පවත් රජ අසා උයන ද සහරව යි කියා බිසොවුන් සිත් සේ උයන්කෙළි කෙළනා ලෙස අවසර දින. බිසොවු දහස් ගණන් ස්ත්රීසන් පිරිවරා ඇමැති සමඟින් උයනට වැද චිත්රසලතා වනයට වන් විචිත්රවවූ චිත්රාංඋගනාවකසේ නන් තුරු කුසුම බල බලා උයන් කෙළි මතින් මඟුල් සලවට කරා ගොස් මුල පටන් අග දක්වා මලින් සැදී තුබූ මංගල ශාලා වෘක්ෂරාජයා දැක ප්රීකතිමත් ව විශාල වූ ශාල ශාඛාවක් අතින් ගතැටි ව රන් ලියයක් වන් අත දිඟු කළහ. එ කෙණෙහි ප්රෙයමකාන්තාවක දැක අත දිගු කළා වූ කාමපුරුෂයකු සේ බිසොවුන් දුටුවා වූ ශාලද්රැෙම රාජයා තමාගේ ශාඛා නමැති හස්ත ය නමා පෑලි ය. බිසොවු ඒ ශාල ශාඛාව අතින් ගෙන සිටියහ. එ කෙණෙහි කර්මජවාත චලනය වී ය. එ පවත් දත් ඇමැතියෝ සිසාරා කඩ තුරා ඇද රකවල් ගෙන සිටියාහුහ. එ කෙණෙහි එ උතුමාගෙු ප්රලසව මංගල කාලය යි දසදහසක් සක්වළ දෙවියෝ රැස් ව පිරිවරා සිට ගත්හ. එ කල මෑණියන් වහන්සේ ඒ ශාල ශාඛාව අල්වා ගෙන සිටියදී ම බ්රසහ්මලොකයෙන් බස්නා බ්ර හ්මකුමාරයකු සේ, දිව්ය ලොකයෙන් බස්නා දිව්යකුමාරයකු සේ, ධර්මාසනයකින් බස්නා මහ තෙරකෙනකුන් සේ මවු කුසින් බිහි වූ සේක.
එ කෙණෙහි ශුද්ධාවාසයෙහි වසන අරහන්ත බ්ර හ්මරාජයෙක් මංගල සම්මත වූ රන්දැලක් දෑතින් ගෙන පෑ බෝසතුන් පිළිගෙන රූපශ්රී බලා සතුටු ව “දේවීනි! තොප කුසින් මුළුලොවට මුදුන් මල්කඩක් වැනි වූ මෙහෙශාක්ය“ වූ පුතෙක් උපණ. ඉතා සන්තොෂ වව”යි කියා මඟුල් තෙපුල් කී ය.
අවශෙෂ වූ සත්ත්වයෝ මවුකුසින් පිටත් වන්නාහු ලේ මුසු වූ ශරීර ඇති ව ප්රතතික්කූල වූ ශරීර ඇති ව පිටත් වෙති. මවුන්ට මහත් වේදනා දක්වා කරර්මජවාතයෙන් මිරිකී ඉස යටත් ව ලාපෙරළී කෙසිවිදෙන් අදනා ඇත්පොවුවන් සේ මවුන් මතු දරුවන් වැඳීමට ලොභ නැති කරවා ප්රපසූත වන්නාහු ය. එසේ නො ව මාගේ ස්වාමිදරුවාණෝ තමන්ටද කිසි පීඬාවක් නැතිව මෑණියන් වහන්සේ නො දන්නා සේ, ධර්මකරකයෙක පුරා ලූ දියත්තක් යෙහෙන් පිටත්ව යන්නා සේ, අතුල් පතුල් දිගු කොට මවුකුසෙහි කිසි කුණුපයකුත් නුමුසුව ඉතා පරිශුද්ධව, ඉතා විසාරදව, ඉතා ප්රෙනමකරව, කසීසළුවකින් වසා තුබූ ජාතිරංග මාණික්ය රත්නයක් සේ දිලියෙමින් මවුකුසින් නික්මුණුසේක. මෙසේ පරිශුද්ධ වූ ශරීර ඇත ද බෝසතාණන් වහන්සේට ද, මවු දේවීන් වහන්සේට ද උපචාර සඳහා ආකාශයෙන් ජලස්කන්ධයෝ දෙදෙනෙක් රිදීකඳක් සේ අවුත් දෙදෙනා ම පිරිසිදු කොට නාවා අන්තර්ධාන ව ගියාහු ය.
එ කල බෝසතාණන් වහන්සේ රන් දැලින් පිළිගෙන සිටි බ්ර හ්මරාජයා අතින් වරම් රජදරුවෝ සතරදෙන අභිමංගල සම්මත වූ සිවුම් පහස් ඇතති අඳුන් දිවි සමින් පිළිගත්හ. ඔවුන් අතින් මඟුල් මහ ඇමැතියෝ දිව්යිකූල චුම්බටකයෙන් පිළිගත්හ. ඒ ඇමැතියන් අතින් බසිමි යි පොළොව බලා සිරිපතුල්සිං දිගු කළසේක. එ කෙණෙහි පොලොව පළා මහ පියුමෙක් පැනනැඟී සිරිපතුල් පිළිගත. එ කෙණෙහි පියුම්ගබ රාජහංස ලීලායෙන් වැඩසිට පැදුම් දිසාව බැලූසේක. එ දෙස දසදහසක් සක්වළ ම එකාංලණව පෙනී ගිය. එදෙස දෙවියන් හා මනුෂ්යළයෝ සුවඳින් මලින් පුදා දොහොත් මුදුන් දී “ස්වාමිනි, මහා පුරුෂයාණෙනි! මෙ දෙස නුඹ හා සම කෙනෙකුන් නැත. නුඹට වඩනා කෙනෙකුත් නැත. නුඹම උතුරු දෑ ය”යි කිය කියා වැන්දාහුය. නැවත දකුණු දිග බැලූසේක. එ දෙසත් ලොව එකාංගණ වී ය. දෙවිමිනිස්සු වැඳුම් දී “හිමි! නුඹට වඩා උත්තර කෙනෙක් නැතැ”යි ආශිර්වාද කළහ. ඉන් පශ්චිම දිග බැලූ සේක. එදිග දිව්යිමනුෂ්ය්යෝ හැම සාධුනාද පවත්වා මලින් ගඳින් පුදා ‘හිමි! නුඹට වඩනා ූත්තර යෙක් මෙ දිගත් නැතැ”යි කියා ස්තුති ඝොෂා කළහ. ඉක්බිති උතුරුදිග බලා එ දිග දෙවිමිනිසුන් වැඳුම් දුන් කල මෙසේ සතර මහදිග ය, සතර අනුදිග ය, පොළොව ය, අහස ය යන මේ දස දිග් බලා තමන් හා සම කෙනෙකුන් නො දැක “මට උතුරුව සිටි එක ද සත්ත්වයෙකුත් නැත, එසේ හෙයින් මම්ම උතුරු වෙම්”යි නැඟු නැඟු පත්ලෙහි පියුම් නංව නංවා සත් පියවරක් උතුරු දිගට වැඩ සප්ත පදාන්තයෙහි සිට:
“අග්ගොහමස්මි ලොකස්ස-ජෙට්ඨොහමස්මි ලොකස්ස,
සෙට්ඨොහමස්මි ලොකස්ස-අයමන්තිමා ජාති-නත්ථී දානි පුනබ්භවො’’යි.
යනාදීන් අභීත වූ සිංහනාදයෙන් ගර්ජනා කළසේක. එ දවස් මාගේ ස්වාමිදරුවන් මවුකුසින් බිහිවලා සත් පියවරක් ඔසවා ගොස් කලා වූ මේ අභීත නාද ය දසදහසක් සක්වළ මුළුල්ලෙහි බඹලොව ගසා පැවැත්ත.
එ කෙණෙහි දස දහසක් සක්වළ දස දහසක් සහම්පති මහා ප්රෙහ්මයෝ තුන්ගවු සා සේසත් ගෙන බෝසතුන් සිරසට ධරා පූජා කළහ. තවද දස දහසක් ශක්රෙයෝ එක්සිය විසිරියන් දිග ඇති සාරමස් දෙපෝයක් නො නැසී පවත්නා නාද ඇති දස දහසක් දකුණුසක් තුඩ තුඩ තබා පිඹ පූජා කළහ. තව ද දස දහසක් සන්තුෂිත දිව්යෙඩන්ද්රකයෝ තුන්ගවු සා ම දස දහසක් මිණි තල්වැට සලා පූජා කළහ. තව ද දස දහසක් පඤ්චශිඛ දාව්ය්-පුත්රෙයෝ තුන්ගවු දිග මිණි වීණා ගායනාවෙන් පූජා කළහ. තව ද සුනිර්මිත පරනිර්මිතාදි සෙසු දිව්යවරාජයෝ රන්කරඬු, රුවන් කරඬු, රන් මරවැඩි, රුවන් මරවැඩි, මිණිඔටුණු, නළල්පට, මගුල්කඩු, දිවමල් කඳු, දිවසුවඳ කඳු, දිවසඳුන් සුණු ආදි සියගණන් මඟුල් සත්කාර ගෙන සිට අපමණ වූ පූජා කළහ.
තව ද මවුකුස පිළිසිඳගත් වේලෙහි සෙයින් ම එ දා මවුකුසින් බිහි වූ වේලෙහි ද ලොවට අද්භූත වූ පූර්වනිමිත්ත පූජා දෙ තිස ද වි ය.
මෙසේ තමන් බුදුවන ජාතියෙහි මවුකුසින් බිහිවු ඇසිල්ලෙහි ම දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම සැටදහසක් කාමාවචර දිව්යසලෙිකවල අනූ දහසක් දිව්යදරාජයන් කළ පූජා හා තව ද දස දහසක් සක්වළ මුළුල්ලෙහි ම අරූතල අසඥතලයන් හැර එක්ලක්ෂ පනස් දහසක් රූපාවචර බ්රතහ්මලොකවල බ්ර හ්මරාජයන් කළ පූජා හා අද්භූත පූජාවන් දෙ තිස් දෙනා හා දෙලක්ෂ සතලිස් දහස් දෙතිස් මහා පූජාවක් මෙසේ ලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනු ත්, ත්රිතභුවන තුලක වූ, ත්රිසභුවනාධිපති වූ, ත්රිනභුවනේශ්වර වූ, ත්රිවභුවන නායක වූ, ත්රිභුවන කල්පද්රැසම වූ, ත්රිනභුවන වූඩාමණි වූ, ත්රිවභුවන චින්තාමණි වූ, ත්රිභුවන ප්රැදිප වූ, ත්රිූභුවනාලොක වූ, මාගේ බුදුහු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදයේ මැයි.
පූජාවිසෙසං සහපච්චයෙහි
යස්මා අයං අරහති ලොතනාථො;
අත්ථානුරූපං “අරහං”ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං-යි.
මේ පූජාවලියෙහි අප බුදුන් ලුම්බිනීවනොද්යා නයෙහි දී ලද ප්ර සව මංගල පූජා කථා නම් වූ නව වන පරිච්ජෙදය නිමි.

පූජාවලිය-මහබිනික්මන් පූජා කථා
දස වන පරිච්ඡෙදය
තව ද: අප බුදුන් පැවිදි වන දා ලද මහභිනික්මන් පූජා නම් කවර යත්:
මෙසේ මාගේ ස්වාමිදරුවාණන් ලුම්බිනී වනොද්යා නයෙහි දී මුළුලොවට මුදුන් මල්කඩක් සේ, මුළුලොවට අමිකඩක් සේ, මුළු ලොවට රුවන්කඩක් සේ, මවුකුසින් බිහිව මෙසේ මුරු බඹ කැලන් කළ පූජා ලත් කළ ශාක්යස-කොළිය දෙනුවර එක්ලක්ෂ සැටදහසක් රජදරුවෝ මහත් වූ පෙරහර කොට බෝසතුන් කිඹුල්වත් පුරයට ම වඩාගෙන ගියහ.
තව ද: වෙස්සන්තර ජාතියෙහි මද්රිදදේවී බෝසතුන් හා සමඟ ම සම වූ ආයුඃශ්රි:න් රාජ්යජශ්රී් විඳ එයින් සැව බෝසතුන් හා සමඟ ම තුසීපුරෙහි ඉපැද සත් පනස්කෙළ සැටලක්ෂයක් හවුරුදු මුළුල්ලෙහි බෙි්සතුන්ට ම අලමෙහෙසුන් ව වැස, දෙවුබඹුන්ගේ ආරාධනා ඉවසා බෝසතුන් අවුත් මේ ශුද්ධොදන රජහට දා ව මේ මහා මායා දේවීන් කුස පිළිසිඳ ගත් වේලෙහි ම ඒ අගමෙහෙසින් වූ දිව්යාං ගනාවෝ ද තුසිපුරෙන් සැව අවුත් දෙවුදැහැ නම් වු කෝළිය නුවර මහාමායා දේවීන් බෑ සුප්රැබුද්ධ රජහට දා ව සුද්ධොදන රජ්ජුරුවන් නං වූ අමිතා නම් බිසොවුන් කුස පිළිසිඳ බෝසතුන් මවුකුසින් බිහි වූ එම වෙසඟ මැදි පොහෝ සා විසා නකතින් තුමූ ද බිහි ව යශොධරා කම් ලද. එ දා ශුද්ධොදන රජ්ජුරුවෝ “මපුතණුවෝ මහ පින් ඇතියහ, අද උන් හා එක නකත උපන් රජ දුවක් කවර දෝ හෝ”යි තෙසැට දහසක් රාජධානි පරික්ෂා කරවා තමන් නැඟණියන් එ දා දුවක ලදහ යි අසා “ම යේළී මපුතණුවන්ට මතු අගමෙහෙසුන් වෙ”යි කියා එ දවස් ම පුතණුවන් නමින් කිරිමවුන් ලවා සියලු මඟුල් ම එක දා කරන සේ නියෝග කළහ.
මෙසේ යශෝධරා දේවිය, කන්ථක නම් අශ්වරාජයා ඡන්න නම් අමාත්යරයා ය, අනඳ මහ තෙරුන් වහන්සේ ය, කාළුදායි නම් අමාත්යේයාණෝ ය, සතර මහා නිධාන ය, ශ්රීද මහා බෝධීන් වහන්සේ ය, යන මේ වස්තු සත එක දා ම උපන.
ඒ සතරමහානිධානයෙන් ශංඛ නම් නිධාන ය වටින් ගවුවක් නැත. ඵල නම් නිධාන ය වටින් දෙ ගවුවක් නැත. උත්පල නම් නිධාන ය වටින් තුන් ගවුවක් නැත. පුණ්ඩරීක නම් නිධානය වටින් සතර ගවුවක් නැත. ගැඹුරෙන් දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් මහ පොළොව හා සම වූ ගැඹුර ඇත්තේ ය. එයින් එක නිධානයෙක පිධාන ය හැරපියා ඔබගේ විධානයෙන් මුළු ලෝ වැසියෝ කැමති කැමති පමණ සත්රුවන් උකාගෙන යෙත් නමුත් ගත් ගත් තැන් පිරේ ම ය; අඟලක් තැනුත් අඩු නො වේ ම ය. නො එක් ජාතියෙහි දිළිඳුන්ගේ සිත් පුරා නැතැ යි නො කියා දුන් සත්සතකාදී දානපාරමිතාවන්ගේ අානුභාවයෙන් ම මේ සතර මහා නිධාන ය ලද සේකැයි දතයුතු.
තව ද ඒ ශුද්ධොදන රජ්ජුරුවන්ගේ පියාණන් සිංහහනු නම් රජ්ජුරුවන්ගේ අග්ර්පුරෝහිත වූ කාළදෙවල නම් අමාත්යුයාණෝ ශුද්ධොදන රජ්ජුරුවන් බාල කල ශිල්ප උගන්වා පසු ව පියරජහු-ගේ අයාමෙන් ශුද්ධොදන රජ්ජුරුවන් රාජ්යර ශ්රී විඳුනා කල තමන් දැක රජ්ජුරුවන් ආදර දක්වන හෙයින් ගිහිගෙයි නො රඳමි යි තපස් කෙරෙමි යි අවසර ඉල්වා “ එසේ වී නම් මපියාණන් වහන්සේත් නැත. ගුරු වූ නුඹවහන්සේ ත් දුරකට ගියහොත් මට රක්ෂාව නැත. මාගේ මේ උයනේ ම වැඩහිඳ තපස් කොට නිති ම මාගේ ගෙට ම වැඩ වළදා වදාළ මැනවැ”යි රජ්ජුරුවන් කී කල එසේ ම කෙරෙමි යි රජ්ජුරුවන්ට ප්රනතිඥ දීලා ගොස් තපස් වෙස් ගෙන එම උයන වාසය කොට භාවනා කරන්නාහු නොබෝ දවසකින් රූපවිරාග ය කොට අභිඥ ලදීන් අතීතයෙන් සතලිස් කපක් හා අනාගතයෙන් සතලිස් කපක් හා අසු කපක් දක්නා නුවණ ඇති ව රජ ගෙයිදි වළඳා වදාරා රාත්රි භාගයෙහි එ ම උයනේ වැස දිවාවිහාර සඳහා සමහර දවසෙක නාගභවනයට ගොස් නයින්ගේ දිව්යාිද්යා නවල ධ්යාකනසුවයෙන් හිදිති. සමහර දවසෙක ගරුඩ භවනයෙහි ගොස් හිදිති. සමහර දවසෙක අසුර භවනයෙහි ගොස් හිදිති. සමහර දවසෙක උතුරුකුරු දිවයින් ආදි යෙහි ගොස් හිඳිති. සමහර දවසෙක ශක්ර යාගේ නන්දනොද්යාසන-යෙහි ගොස් හිඳිති.
ලෝකයෙහි බුදුන්ගේ ප්රයතිසන්ධි උත්පත්ති ආදි වූ දෙතිස් පූර්වනිමිති පෙනෙන්නා වූ මහාමංගල කාලයෙහි ලොව යම් සෘෂිකෙනෙකුන් ධ්යානනසුවයෙන් ඉඳිම මාගේ බුදුන්ගේ ම එක් අද්භූත වූ ධර්මයක් ම හෙයින් එ දවස් කාළදෙවල නම් තාපස යෝ ද රජගෙයි දී වළඳාලා දිවාවිහාර සඳහා ශක්රමභවනයට නැගී ශක්රවයාගේ නන්දනොද්යාුනයෙහි දිව්යශ ප්රාවසාදයෙක දිව්යාලසනයක් මතුයෙහි ධ්යායන සුවයෙන් උන්හ.
එ දා මෙසේ බුදුන්ගේ උත්පත්ති ශ්රීය දුටුවා වූ දේවතාවෝ “කිඹුල්වත් නුවර ශුද්ධොදන රජහුගේ පුත්රුවනෙක් උපණ. ඒ උත්තමයා බෝමැඬ හරා බුදු ව ධම්සක් පතුරුව යි, ඔහුගේ බුද්ධ ශ්රීහ බලම්හ”යි කිය කියා තවුතිසා දිව්යහ ලොක-යෙහි දෙවියෝ අත්වැල් බැඳ නට නටා ගි කිය කියා නඳුන් උයන් ආදියෙහි ඇවිද මහත් වූ උත්සවයෙන් නෙයියාඩම් කෙළනාහුය. එවේලෙහි ඒ කාළ දෙවල නම් තාපසයෝ ධ්යාානයෙන් නැඟී දෙවියන්ගේ මේ උත්සවකෙළි දැක “මෙවැනි උත්සව කෙළියක් අනික්කලෙක නුදුටු විරිමි. කිමෙක් ද දෙවියෙනි!තොපගේ මේ ශක්රලදෙවෙන්ද්රුයා අනික් ශක්රකයෙකුගේ සම්පත් ලැබපී ද, තව ද අඩු තුන්කෙළක් දෙවඟනන් ලැබපී ද, කිමෙක් ද, අද ඉතා කුල්මත්නැ”යි විචාළහ. දෙවියෝ කියන්නාහු “ශුද්ධොදන රජහුගේ පුතෙක් උපණ, එ කුමර පන්තිස් හවුරුද්දකින් ලොවුතුරා බුදු වෙයි. ඒ කාලය අපගේ දිව්ය ගණනායෙන් එක්විසි පැයෙක. එසේ හෙයින් ඔහුගේ බුදුසිරි ඇසිල්ලකින් දකිනා හෙයින් ඔහුගේ බුදුසිරි ඇසිල්ලකින් දකිනා හෙයින් සතුටු වම්හ”යි කීහ.
කාළදේවලයෝ දෙවියන්ගේ බස් අසා තුමූ ද ආශ්චය්ය් ර්ම ත් ව ඇසිල්ලකින් දෙවුලොවින් බැස රජුගේ ගෙට ගොස් පනවන ලද ආසනයෙහි පලග් බැඳ උන්හ. ඉක්බිත්තෙන් ශුද්ධොදන රජ්ජුරුවෝ අවුත් තාපසයන් වැඳ සිටියහ. එ කල තාපසයෝ “මහරජ! තොපගේ දේවීන් පුතකු ලදහ යි ඇසීමි. එ කුමරුන් දැන් ම දකිනා කැමැත්තෙමි”යි කීහ. රජ්ජුරුවෝ එ බස් අසා ගෙට දිවගෙන ගොස් පුතණුවන් නාවා මලින් ගඳින් සරහා ලක්ෂයක් අගනා පලසකින් වසා ගෙනවුත් “ලුතණ්ඩ! මේ ස්වාමින් වැඳ පින් පුරා ගන්නැ”යි කිය කියා තාපසයන් කරා බෝසතුන් පෑලූහ.
එ කල මාගේ ස්වාමිදරුවාණන් බුදු වන ජාතියෙහි කිසි කෙනෙකුන් නො වඳනා හෙයිනු ත්, වැඳුම් ගත් කෙනකුන් ඉස් මුදුන් සත්කඩක් ව පැළෙන හෙයිනු ත්, බෝසතුන්ගේ තෙජසින් හුනස්නේ හිඳගත නොහි තාපසයෝ බිමට බැස පීහ. එ කෙණෙහි බෝසතාණන්ගේ සිරිපතුල් සුං දෙක පෙරළි නැගී තාපසයන් ජටාවෙහි පෙනී මෙඝකූටයෙන් පැනනැඟී විදුලිය සුං දෙකක් සේ විරාජමාන විය. ඒ ආශ්ච්ය්්ර් දුටු පිය මහ රජ්ජුරුවෝ ප්රෙසම ධාරා ගත නො හෙන්නාහු තුමූ ද පුතණුවන්ගේ ඒ සිරිපතුල් සුං දෙක තමන් නළල තබාගෙන වැන්දාහ.
එ කල කාළදේවලයෝ “මේ කෙසේ වූ විස්මය පුරුෂයෙක් දෝ හෝ, අද ශක්රනබ්රවහ්මයෝ වූ නමුත් මා දැක නො වැඳ සිටි ය නො හෙති. හිරු සඳු දෙදෙන මා නො කැමැති කරවා ආකාශයෙන් ගමන් යා නො හෙති. මේ රජ කුමරුවා එසේ වූ මා අතින් වැදුම් ගත. වැළි එකාන්තයෙන් මේ බුදු වේ ම දෝ හෝ බුදු ලකුණු මෝහට ඇද් දෝ හෝ”යි මිණි කැටපත් සුං දෙකක් බලන්නා සේ සිරිපතුල් සුං දෙක තමන් දෑතින් අල්වා ගෙන මඟුල් ලකුණු බලන්නාහු පළමු කොට විසිතුරු වූ මලස්නක් සේ දෙපතුල් පුරා තුබු අටතුරා සියක් මඟුල් ලකුණු දුටුහ. දෙපතුල් මැද පිහිටි සක්ලකුණු දෙක දුටුහ.
එක් එකී චක්ර ය සිසාරා සිටි දෙ දහසක් දැවි දැක, දැවි වටා සිටි රෙඛා දැක, අතුරතුරෙහි ඡිද්රහමුඛ ලක්ෂණ දැක, එහි පෙළ මල් රැසක් සේ තුබු සිරිවස දෙක ය, ස්වස්තික දෙක ය, නඳවට දෙක ය, සෝවැති දෙක ය, අවතංස දෙක ය, වඩමං දෙක ය, භද්රමපීඨ දෙක ය, ප්රෙසාද දෙක ය, මඟුල් තොරන දෙක ය, සේසත් දෙක ය, මඟුල් කඩු දෙක ය, තාලවෘන්ත දෙක ය, පිල්කලප් දෙක ය, චාමර දෙක ය, නළල්පට දෙක ය, මිණිරුවන් දෙක ය, සුමනදම් දෙක ය, නීලෝත්පල දෙක ය, රක්තෝත්පල දෙන ය, ශේවතෝත්පල දෙක ය, රත්පියුම් දෙක ය, හෙළපියුම් දෙක ය, පුන්කලස් දෙක ය, පූර්ණපාත්රණ දෙක ය, කිරිමුහුදු දෙක ය, නිල්මුහුදු දෙක ය, ප්ර්වාල සාගර දෙක ය, ස්වර්ණසාගර දෙක ය, සක්වළ ගල් දෙක ය, හිමාලය ගල් දෙක ය, මෙරගල් දෙක ය, හිර විමන් දෙක ය, සඳ විමන් දෙක ය, පූර්වවිදෙහ දිවයින් දෙකය, පශ්චිම දිවයින් දෙකය, උතුරුකුරු දිවයින් දෙකය, ජම්බුද්වීප දෙකය, සප්තරත්න දෙකය, සපිරිවරින් සිටින චක්රමවර්ති දෙදෙන ය, දක්ෂිණාවර්ත ශංඛදෙකය, ස්වර්ණ මත්ස්යට යුගල දෙකය, චක්රා යුධ දෙකය, සප්ත මහා ගංගාවෝ ටදටදනය, සප්ත මහා සීදන්තසාලර දෙකය, යුගන්ධර පර්වත දෙක ය, ඊෂධර පර්වත දෙක ය, කරවික පර්වත දෙක ය, සුදර්ශන පර්වත දෙකය, කෙමින්දර පර්වත දෙකය, විනතක පර්වත දෙක ය, අශ්වකර්ණ පර්වත දෙක ය, අනවතප්ත විල් දෙක ය, ඡද්දන්ත විල් දෙක ය, කර්ණ මුණ්ඩ විල් දෙකය, රථකාර විල් දෙකය, සිංහප්ර්තාප විල් දෙකය, මන්දාකිර්ණ විල් දෙකය, කුණාල විල් දෙකය, ගරුඩ රාජයෝ දෙදෙනය, සුංසුමාරයෝ දෙදෙනය, මඟුල් ධ්වජ දෙක ය, පතාකා දෙක ය, ස්වර්ණ පර්වත දෙක ය, ස්වර්ණ ශිවිකා දෙක ය, වල් විදුනා දෙක ය, කෛලාසකූට දෙක ය, සිංහරාජයෝ දෙදෙන ය, ව්යා,ඝ්රකරාජයෝ දෙදෙන ය, වලාහක අශ්වරාජයෝ දෙදෙන ය, උපොසථ හස්තිරාජයෝ දෙදෙන ය, වාසුකී නම් නාගරාජයෝ දෙදෙන ය, හංසරාජයෝ දෙදෙන ය, වෘෂභරාජයෝ දෙදෙන ය, ඓරාවණ නම් හස්තාරාජයෝ දෙදෙන ය, ස්වර්ණ මකර රාජයෝ දෙදෙන ය, ස්වර්ණ නෞකාවෝ දෙදෙන ය, සුරභිධෙනුවෝ දෙදෙන ය, කිම්පුරුෂයෝ දෙදෙන ය, කින්නරාංගනාවෝ දෙදෙන ය, සදකිඳුරෝ දෙදෙන ය, පුරවිකෙවිල්ලෝ දෙදෙන ය, මයුර රාජයෝ දෙදෙන ය, ක්රෞිඤ්චරාජයෝ දෙදෙන ය, චක්ර වාකරාජයෝ දෙදෙන ය, ජිවං ජිවකයෝ දෙදෙන ය, චාතුර්මහාරාජික දෙවුලෝ දෙක ය, තවුතිසා දෙවුලෝ දෙක ය, යාම දෙවුලෝ දෙක ය, තුෂිත දෙවුලෝ දෙක ය, නිර්මාණ රතී දෙවුලෝ දෙක ය, පරනිර්මිත වශවර්තා දෙවුලෝ දෙකය, රූපාවචර වූ බ්ර්හ්මපාරිෂද්යව නම් බඹලෝ දෙකය, පරිත්තාහ නම් බඹලෝ දෙකය, අප්රෂමාණාභ නම් බඹලෝ දෙකය,ආභස්වර නම් බඹලෝ දෙකය, පරිත්තසුහ නම් බඹලෝ දෙකය, අප්රකමාණ සුභ නම් බඹලෝ දෙක ය, ශුභකිර්ණ නම් බඹලෝ දෙක ය, වෙහප්ඵල නම් බඹලෝ දෙකය, අසඤ්ඤසත්ත නම් බඹලෝ දෙකය, අවිහ නම් බඹලෝ දෙකය, අතප්ත නම් බඹලෝ දෙකය, සුදස්ස නම් බඹලෝ දෙකය, සුදස්සි නම් බඹලෝ දෙකය, අක නිෂ්ඨක නම් බඹලෝ දෙක යයි යන මේ දෙසිය සොළොස් මඟුල් ලකුණු ඒ බෝසතාණන්ගේ ස්රිපතුල් සුං දෙකින් බලා දැක එකාන්තයෙන් මේ උතුමා බුදු වේ ම ය යි දැන තව ද පාදන්ත ය පටන් කෙශාන්ත ය දක්වා බලනුයේ දෙ තිස් මහා පුරුෂ ලක්ෂණයන් දිට.
කෙසේ වූ ලක්ෂණයන් දිට ය යත්:
රන් මරවැඩි දෙකක් සේ තැනී තිබෙන පතුල් ඇති පඝමු වන ලක්ෂණ ය ය, ඒ පතුල් මැද පිහිටි චක්රපලක්ෂණ ය ය, රත්පළස් හූවටක් සේ වටව සිනිදුව දිගුව තිබෙන්නාවූ විළුම් ඇති ලක්ෂණ ය ය, ක්රිමයෙන් සිහින්ව දිගුව තිබෙන්නාවූ ඇඟිලි ඇති ලක්ෂණ ය ය, ගිතෙල ගලාලූ පුලුන් සේ ඉතා මොළොක් ව සිනිදු ව තිබෙන්නා වූ අතුල් පතුල් ඇති ලක්ෂණ ය ය, ජාල කවුළුවක් සේ ලක්ෂණයෙන් පිරුණාවූ හස්තපාදයන් ඇති ලක්ෂණ ය ය, පාද ගුල්එයන් යටි පතුල් පෙනෙන්නා සේ උස් ව තිබෙන්නා වූ ලක්ෂණ ය ය, එණි මාගයන් බඳු වූ වට ව පිරී තාබෙන්නාවූ ජංඝා ඇති ලක්ෂණ ය ය, නො නැමී සිට අතුල් දෙකින් දෙදණ මඬල පිරිමදනා වූ දීර්ඝ හස්ත ඇති ලක්ෂණ ය ය, පුරුෂ ව්යතඤ්ජන ය පියුම් කෙමියක් රොන්සළායෙන් සැඟවී තිබෙන්නාසේ කොශෝ හිත වස්ත්ර්යෙන් සැඟවී තිබෙන්නා වූ ලක්ෂණ ය ය, දිවිදළින් ඔප් නැඟු කනක රූපයක් සේ ඉතා සියුම් වූ ඡවිවර්ණ ඇති ලක්ෂණ ය ය, පියුම් පතෙහි දිය නො ඇලෙන්නා සේ රජොජල්ලිකාවන් ඇඟ නො රඳන්නා වූ ලක්ෂණ ය, එකි එකි ලොම කූපයෙහි එකි එකී ලොමයක් ම ඇති ලක්ෂණ ය ය, සියලු ලොමයන් අඳුන් වන් ව දක්ෂිණාවර්තව නැමී මුදුන් බලා සිටින්නා වූ ලක්ෂණ ය ය, සතර දිගට නො නැමී බ්රදහ්මයා සේ සෘජුව තිබෙන්නා වූ ගාත්ර් ඇති ලක්ෂණ ය ය, දෙඅතුල් දෙපතුල් දෙඅංසකුට පිටිකර යන මේ සප්තස්ථාන ය පිරි උස්ව තිබෙන්නා වූ ලක්ෂණ ය ය, සිංහයකුට බඳු වූ ඌර්ධවකාය ඇති ලක්ෂණ ය ය, පිට රන්පෝරුවක් සේ තැනී තිබෙන්නා වූ අන්තරාංසයන් ඇති ලක්ෂණ ය ය, නිග්රොාධ වෘක්ෂයක් සේ උස හා සම වූ උසය, යන සම පරිමණ්ඩල වූ ලක්ෂණ ය, රන්බෙරක් සේ සම ව වට වූ ල්රිණවා ඇති ලක්ෂණ ය ය, සත්දහසක් රස නහරයන් නැඟී රස දිවට එක් ව උඩුබලා සිට රස ග්රා්ස ය කරන්නා වූ ලක්ෂණ ය ය, සිංහයකු සේ වටව සිටිනා වූ හනුභාග ඇති ලක්ෂණ ය ය.
සමසතලිස් දන්නධාතුන් ඇති වන ලක්ෂණ ය ය, ගා යෙදු සක් පත් වටක් සේ සම ව සිටිනා දන්නධාතූන් ඇති වන ලක්ෂණ ය, එක පෙළ හිඳුවාලූ වීදුරු පෙළක් සේ නො සිදුරු ව තිබෙන්නා වූ දන්තයන් ඇතිවන ලක්ෂණ ය ය, නකත් තරු පෙළක් සේ සුදුරස් විහිදුනා දන්තයන් ඇති වන ලක්ෂණ ය ය, දෙකන් සිදුරු කළල්තල නැහැ මඩල පිරිමදනාවූ දිගුවූ ජිව්හා ධාතු ඇති ලක්ෂණ ය ය, කුරවික කාදයක් සේ ඉතා මදුර වූ අෂ්ටාංග සමුපෙත බ්ර හ්මනාද ඇති ලක්ෂණයය, නිලුපුල් දෙනන්සේ නිල්රස් විහිදුනා වූ ඇස් ඇති ලන්ෂණ ය ය, එ ම දා වැදු රතු වස්සකුගේ අක්ෂි මණ්ඩලය සේ පරිමණ්ඩල ව ජ්යොැතිමත් ව තිබෙන්නා වූ ඇස් ඇති ලක්ෂණ ය ය, රන්ගල්මුදුනෙක නැඟි දිලියෙන පුන සඳහුඟක් සේ නළල්මැදින් නැඟී දක්ෂිණාවර්තවනැමී උඩුබලා තිබෙන්නාවූ ඌර්ණරොම ධාතුව ඇති ලක්ෂණ ය ය, දෙකන්සිළු පටන් නළල්තල රන්පටෙකින් වැසුවා සේ තිබෙන්නා වූ උණ්හීස සීස ලක්ෂණ ය ය, යන මෙසේ වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් වෙන වෙන ම බලා ඒකානතයෙන් මේ උතුමා බුදු වේ ම ය යි දැන ඉතා සතුටු ව නැවත විශෙෂයෙන් බලන්නා වූ ඒ කාළදෙවලයෝ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් අනුව පවත්නා වූ ව්යතඤ්ජන ලක්ෂරණයන් අසූව ද දුටුහ.
කෙසේ වූ ලක්ෂණ දයත්:
චිතංගුලී ය, අනුපුබ්බංගුලී ය, වට්ටංගුලී ය, තම්බ නඛ ය, තුංග නඛ ය, සිනිද්ධ නඛ ය, නිග්ගළ්හ ගොප්ඵක ය, සමපාද ය, ගජ සමානක්කම ය, සීහ සමාකන්නම ය, හංස සමානක්කම ය, උසභ සමානක්කමය, දක්ෂිණාවර්තවූ ගාත්ර්ය, සමන්තතො චාරු ජාණු මණ්ඩල ය, පරිපූර්ණ වූ සුරුෂ ව්යයඤ්ජන ය, අච්ජිද්රු වූ නාභි ය, ගම්භිර වූ නාභි ය, දක්ෂිණාවර්ත වූ නාභි ය, හෙමගජ කරාකාර වූ ඌරුබාහු ය, සුචිහක්තවූ ගාත්රාය, අනුපූර්වවූ ගාත්රයය, මට සිලුටු වූ ගාත්ර් ය, අනුස්සන්න වූ ගාත්රි ය, අලීන වූ ගාත්රත ය, තිලකාදි රහිත වූ ගාත්රස ය, අනුපූර්වයෙන් රුචිර වූ ගාත්රර ය, ඉතා පරිශුද්ධ වූ ගාත්රසය, කොටි ශතසහස්ර හස්ති බල ධාරණ වූ ගාත්රඉය, උත්තුංග වූ නාස ය, සුරක්ත වූ ද්විජමාංස ය, ශුද්ධ වූ දන්ත ය, රක්ත වූ ඔෂ්ඨ ය, ආයත වූ වක්ත්ර ය, ගම්භීර වූ පාණිතල ලෙඛ ය, ආයත වූ ලෙඛ ය, සෘජු වූ ලෙඛ ය, රුචිර වූ ඝණ්ඨාන ලෙඛ ය, පරිමණ්ඩල වූ ශරිරප්රුභාව ය, සම්පූර්ණ වූ කපොල ය, දිගුපුඵල් වූ නෙත්රි ය, පඤ්චප්රිසාදවූ නෙත්රණය, ආකුඤ්චිතාග්ර, වූ පඛුම ය, මෘදු වූ තුන් වූ රත්ත ජිහ්වා ය, ආයත රුචිර වූ කර්ණය, ගණ්ඨීන් විර හිත වූ ශිර්ෂය, නිග්ගුළ්හ වූ ශිර්ෂය, ඡත්රවසන්නිභ වූ ශිර්ෂය, ආයත පෘථුල වූ ලලාට ය, සුසණ්ඨාන වූ භ්රෑපයුග්ම ය, සන්භ වූ භ්රෑලයුග්ම ය, අනුලොම වූ භ්රෑායුග්ම ය, මහන්ත වූ භ්රෑතයුග්ම ය, ආයත වූ භ්රෑ,යුග්ම ය, සුඛුමාල වූ ගාත්රය ය, සෞම්යර වූ ගාත්රව ය, ඉතා උජ්චලිත වූ ගාත්ර ය, ඉතා සිලුටු වූ ගාත්රා ය, ඉතා කෝමල වූ ගාත්රි ය, ඉතා සින්දු වූ ගාත්රු ය, සුවඳ විහිදුනා වූ ගාත්ර් ය, සම වූ ලෝම ය, කෝමල වූ ලෝම ය, දක්ෂිණාවර්ත වූ ලෝම ය, අති නිල වූ ලෝමය, අති සනිග්ධ වූ ගෝම ය, අති සුඛුම වූඅස්සාස පස්සාස ධාර ණය, සුගන්ධ වූ මුඛ ය, සුගන්ධ වූ මුදුණ ය, සුනිල වූ කෙශ ය, දක්ෂිණාවර්ත වූ කෙශ ය, සුසංස්ථාන වූ කෙශ ය, සිනිඳු වූ කෙශ ය, සිලුටු වූ කෙශ ය, අලුලිත වූ කෙශ ය, සම වූ කෙශ ය, කොමල වූ කෙශ ය, සිරොධාතුවෙන් වඩුරියනක් නැඟි හැම වේලෙහි ම ජ්යොධතිමත් ව තිබෙන්නා වූ කෙතුමාලා නම් රස්මිකදමිබ යයි යන මෙසේ වූ අසූ අනුව්යෙඤ්ජන ලක්ෂණයන් දැ යි මෙසේ තුන්සිය අටවිස්සක් මඟුල් ලකුණු දැක ඒකාන්තයෙන්ම මේ උතුමා මේ ජාතියෙහි ම බුදු ව ධම්සක් දෙසා ම යැ යි කියා උපන් ලකුණු තමන්ගේ වේදයෙන් දැක නු උපන්නා වූ දන්තාදි ලක්ෂණයන් තමන්ගේ දිවසින් දැක, කුල්මත් ව තමන තපස්වී නියාව ද එ තැන ගිහිගෙය නියාව දැයි ප්රි තීන් සිහි එළවා ගත නොහී පිරුණු පැන්කළයක් මුහුණින් නැමු කල බක බක යේ පැන් වැගිරෙන්නා සේ කක කකයේ සි දමා පීහ.
ඉක්බිත්තෙන් “මේ උත්තම පුරුෂයාගේ බුද්ධ ශ්රීු දැක්ක හෙම් දෝ හෝ නො හෙම් දෝ හෝ”යි දිවසින් බලා අතුරෙහි තමන් මිය බුදුන් සියයක් දහසක් ලක්ෂයක් ඉපැදත් සසරින් මුදාගත නො හැකි අරූතලයෙහි උපදනා සේ දැක “ඉතා මහත්ත වූ හානි යෙක මට වූයේ”යි ශොක කරන්නාහු බුන් කළයෙකින් පැන් වැගිරෙන්නා සේ කඳුළු ධාරාවන් වගුරුවා හැඬූහ.
අමාත්ය යෝ මේ සිනාව හා ඇඩීමෙන් තාපසයන් කළාවූ කාරණ දෙක ම දැක “කිමෙක් දෝ හෝ මේ බෝසතාණන්ට අතුරෙහි වන අන්තරායක් දැක අඬද් දෝ හෝයි සැක වූ සිත් ඇති යාහු “කිමෙක, හිමි! තෙපි දැන් ම මහත් කොට සීපුව, සිනා කෙළවර වලපිනට පටන්ගතුව. කාරණ කිමෙක් දෝ හෝ”යි විචාළහ. තාපසයෝ කියන්නාහු “මේ කුමරුවා මතු බුදු වන සේ දැක සන්තොෂයෙන් සීපිමි. ඔහුගේ බුද්ධ ශ්රීන මා නො දක්නා සේ දැක මම් ම මා කෙරෙහි කළ කම්පාවෙන් ශොක ගෙන හැඩීමි. මේ කුමරුවාට වන අන්තරායෙක් නැතැ”යි රජ්ජුරුවන් හා අමාත්යමයන් සතුටු කරවා රජ ගෙන් නික්ම සිතන්නාහු “මම මේ කුමරුවාගේ බුද්ධ ශ්රීන දැක්ක නො හෙමි. මාගේ නෑයන්ගෙන් බුදු සිරි දක්නට පොහොසත් කෙනෙක් ඇද්දෝ හෝ”යි සිතා පරීක්ෂා කරන්නාහු තමන්ගේ නාළක නම් බෑනකු ඇති සේ දැක එ කෙණෙහි එ ම නුවර වසන තමන් නැඟණියන්ගේ ගෙට ගොස් පැනවූ අස්නේ හිඳ “නඟ! තොප පුතු වහා ගෙනෙව”යි කියා බෑනණුවන් කැඳවා කියන්නාහු “ශුද්ධොදන රජ්ජුරුවන්ගේ අද උපන් පුතණුවෝ පන්තිස් හවුරුද්දක් ගියකල ලොවුතුරා බුදු වෙති. මුළුලෝ දුකින් මුදති. ආයු මඳහෙයින් මම ඔවුන්ගේ බුද්ධ ශ්රී් දැක්ක නො හෙමි. තෝ මට මාරුවේ දැන් ම ගිහිගෙන් ගොස් ඔවුන් නමින් පැවිදි වව, ඔවුන් බුදු වූ කල බුදුසිරි බලා සසරින් ගැළවී ගනැ”යි කියා බෑනාට අනුශාසනා කොට ගියාහු ය.
ඒ නාළක නම් බෑනණුවෝ ද පෙර තමන් පියුමතුරා නම් බුදුන් සමයෙහි ඒ බුදුන් සස්නෙහි නාළක නම් මොනෙය්ය පිළිවෙත් පුරන්නා වූ භික්ෂුකෙනකුන් අග්ර්වූ සේ දැක “මම ද මතු බුදුකෙනකුන්ගේ ශාසනයෙක නාළක නම් පිළිවෙත් පුරන්නවුන් කෙරෙහි අග්රා වෙම්ව”යි එ කල දානාදී වූ පින් කොට කප් ලක්ෂයක් මුළුල්ලෙහි පුරනලදිදාවූ ප්රා ර්ථනා ඇති කෘතාධිකාර පුරුෂයා හෙයින් ම මයිල් තාපසයන්ගේ බස් අසා සතාසු කෙළක් ධන ඇති කුලෙහි බ්රාාහ්මණ සාර සැපත් හැරපියා “එකාන්තයෙන් මාගේ මයිල් තාපසයෝ මට වැඩක් කැමතියාහ”යි සතුටු ව වීථී-යට යවා කසා පිළී හා මැටිපාත්රතයක් ගෙන්වා ගෙන ඉසකේ කපා කාෂාය වස්ත්රා ධරා බෝසතුන් දිසාවට ඇඳිලි බැඳ සිට පසඟ පිහිටුවා වැඳ “මතු බුදු වන උතුමාණෙනි! තොප උදෙසා මහණවිමි”යි කියා පාත්රව ය පයියේ බහා කර ලාගෙන හිමාල ය වනයට ගොස් මහණධම් පුරා පසු ව මාගේ බුදුන් බුදුව බරණැසදී ධම්සක් දෙසූ සත් වන දා අවුදින් බුදුන් දැක නාළක නම් පිළිවෙත් උගෙන සත් මසක් රූක්ෂ වූ ඒ පිළිවෙත් පුරා හිමාල ය වනයට ගොස් ගරු වූ භාවනා කොට එ කෙණෙහි රහත් ව රන්පර්වතයක් මුදුනෙහි වැඩ සිට සිටිපිය නො සොල්වා නිරුපාදිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියහ.
මෙසේ මාගේ බුදුහු තමන් මවුකුසින් උපන්දා ම කාළදේවල නම් සෘෂීන්ගෙන් ලබනලද්දා වූ නමස්කාර පූජා ය, ඒ සන්තොෂයෙහි පිය මහ රජ්ජුරුවන්ගෙන් ලබනලද්දාවූ නමස්කාර පූජාය, එ ම දා ම තමන් නමට මහණ වූ නාළක නම් මහ තෙරුන්ගෙන් ලද සම්ය ක් ප්රහතිපත්ති පුජාය යන මේ තුන් පූජාවක් ලත් හෙයිනුත් මෙසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනුත් අර්හත් නම් වන සේක.
තව ද: මෙසේ මාගේ බොධිසත්ත්වයන් උපන් පස් දවසින් නම් තබන මඟුල් කරන දා සුවඳ දියෙන් නාවා මලින් සරහා රජ ගෙය රත් සඳුන්, කපුරු, කොකුම්, තුවරලා යන සිවුදෑ ගඳින් පිරිබඩගෙන, ලද පස්මල් විසුරුවා හිදිනා අසුන් පනවා. චතුර්වේදයෙහි නිපුණ වූ බ්රාමහ්මණයන් අටතුරාසියක් ගෙනවා පැන් නො වකා පිසු කිරිබත් රන් තලිවලින් කවා තලි සමඟින් දී, පස් පලවතින් බුලත් දී, සත්කාර කොට “ම දරුවන්ගේ ලක්ෂණ බලා කියව”යි නියොග කළහ.
ඔවුන් අතුරෙහි හැමදෙනාට ශිල්ප දුන් රාම ය, ධජ ය, ලක්ෂණ ය, මනතී ය, කොණ්ඩඤ්ඤ ය, හොජ ය, සුයාම ය, සුදත්ත කොණ්ඩඤ්ඤ ය, යන මේ ආචාය්ය්ොර් බමුණන් අටදෙනා අතුරෙන් වැඩිමාලු සත්දෙන බෝසතුන්ගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා අසූ අනුව්යං ජන ලක්ෂණයන් දැක “මේ කුමර ගිහි ගෙයි වෙසේ නම් චක්රලවර්ත්ති රජ ව, සතර මහා සෘද්ධි ඇතිව, සතර මහා වීපයෙහි ආකාශයෙන් ඇවිද අනුශාසනා කෙරෙයි. මහණ වී නම් ලොවුතුරා බුදුව දිව්යසබ්ර හ්මයන් අතින් වැඳුම් ගන්නා පින් ඇත්තේ ය යි ව්යායකරණ දෙකක් කියා සත්දෙන ම දෙ දෙ ඇඟිලි ඔසවා පෑහ. ඔවුන් සත්දෙනාට බාල සුදත්ත කොණ්ඩඤ්ඤ නම් බමුණු ආචාය්ය්ාර් තෙමේ ඌර්ණ ලොම ධාතුව සුදු සේ දැක චක්රුවර්ති වේ නම් මේ ලොම ය රන්තිලකයක් සේ තිබෙයි, බුදු වන්නාහට මකුල් තිලකයක් සේ තිබෙයි, එකාන්තයෙන් මේ කුමර බුදු වේ ම ය”යි කියා එකැඟිල්ලක් ඔසවා පෑහ.
එ දා ඒ මඟුලේ රැස් වූ බ්රා හ්මණයෝ මේ කුමර මතු ලොව ද සිද්ධාර්ථම කෙරෙයි. තමා ද සිද්ධාර්ථු කෙරෙයි කියා සිද්ධාර්ථ් කුමාර යයි නම් තබා ගියහ. ගොසින් ඒ බමුණෝ අටදෙන තමන් තමන්ගේ ගෙයිදී පුතුන් කැඳවා කියන්නාහු, “දරුවෙනි! ශුද්ධොදන රජ්ජුරුවන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ පන්තිස් හවුරුද්දක් ගිය කල බෝමැඬ හරා බුදුවෙති. අපි ඉතා මහල්ලම්හ. තෙපි උන්ගේ සසුන් වැද මහණ ව සසරින් ගැළවෙව”යි අවවාද කීහ. ඔවුන් අතුරෙන් මහලු සත්දෙන නොබෝ කලෙකින් පරලොව ගියහ. ළදරු සුදත්ත කොණ්ඩඤ්ඤ මානවකයෝ ඉතා නිරෝගීහ. නීරෝගී හෙයින් එ කල ගිහිගෙය හැරපියා තවුස්වෙස් ගෙන දඹදිව ඇවිදනාහු උරුවෙලා නම් දනව්වෙහි ඉසිපතන් ගොස් මේ භූමිභාග ය තපස්වීන්ට රම්ය් යයි එ තැන සිත් අලවා ‘සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ මහභිනික්මන් කරන කල් දක්වා මෙ තැන වෙසෙමි”යි වාසය කොට බෝසතුන් මහභිනික්මන් කළ බව අසා පසු ව මහලු බමුණන් සත්දෙනාගේ දරුවන් කරා ගොස් “ඉදින් තොපගේ පිය බමුණෝ දැන් ඇත්තාහු වූ බෝසතුන් හා සමඟ මහණ වෙති. ඉදින් තෙපි හැම කැමැත්තාහු වූ නම් මා හා සමඟ එව”යි කියා හැමදෙනාම නො ගිවිස්නා හෙයින් භද්දිය ය, වප්ප ය, මහානාම ය, අස්සජි ය, යන සතරදෙනා ගිවිස්සා ගෙන මහණ කරවා ගෙන ගොස් මෙසේ පස්දෙනා වහන්සේ උරුවෙලා නම් දනව්වෙහි විසූ සේක. පස්වග මහණුන්ගේ උත්පත්ති කථාව මෙසේ දත යුතු.
එ දා බොධිසත්ත්වයන්ට නම් තබන මඟුලට රැස් වූ අසූදහසක් කුලෙහි නෑයෝ “මේ සිද්ධාර්ථ කුමාරයෝ මතු.ඉදින් බුදු වූ නම් ක්ෂත්රිරය භික්ෂූන් ම පිරිවරා ඇවිදිති. ඉදින් බුදු වූ නම් ක්ෂත්‍රිය භික්ෂුන් ම පිරිවරා ඇවිදිති. මේ දෙ කාරණයෙන් ම අප දරැවන්ට මතු වැඩ වෙ”යි සිතා අසූදහසක් ශාක්යඅ කුමරුවන් බෝසතුන් හා සමඟ වඩනා සේ එ දා ම රජගෙයි ලා ගියහ.
ඉක්බිත්තෙන් ශුද්ධොදන රජ්ජුරුවෝ “මපුතණුවන්ට කිරි මවුන් ගෙනෙව”යි ශාක්ය -කොළිය දෙ නුවරින් රජදූන් ගෙන්වා කිරිමවුන් තෝරන්නාහු ඉතා උස් වූ ගෑනුන් ඔර හිඳ කිරිබොන දරුවන් කර ඔසවා කිරිබොන හෙයින් ග්රිෑවා දික් වෙයි. ඉතා මිටිවූ ස්ත්රීයන් ඇකයේ හිද කිරිබොන දරුවන් කර නමා බොන හෙයින් බද කර වෙයි. ඉතා දුර්වල වූ ස්ත්රීරන් වඩනා දරුවන් කලවේ සිහින් වෙයි. ඉතා එළලි වූ ස්ත්රීබන්ගේ තනයේ කිරි හුණු වන හෙයින් හුණු කිරි පූ දරුවන් ඇඟ ලවුණ ඇතිවෙයි. ඉතා කැළි වූ ස්ත්රීූන්ගේ තනයේ කිරි සිහිල් වන හෙයින් ඇල් කිරි පූ දරුවන් ඇඟ මස් පිපිසලු වෙයි කියා මේ වරද සයින් දුරු ව උසුත් නො වන, මිටිත් නො වන, ස්ථුලත් නො වන, දුර්වලත් නො වන, එළලිත් නො වන, කැළිත් නො වන ස්ත්රීවන් ම තෝරා සියගණන් කිරිමවුන් ලූහ.
මෙසේ තරු පිරිවර සඳ සේ වැඩී මාගේ ඒ බෝසතාණන් පස්මැසි වූ කල ඒ ඔුද්ධොදන රජ්ජුරුවන්ගේ මහ පෙරහරින් යුක්ත වූ වප් මඟුලෙක් විය. එ දා ඒ මුළු නුවර දෙවුනුවරක් සේ සරහා ඒ රජ ශක්රිදෙවෙන්ද්රදලිලායෙන් සැරහි දිව්යුසෙනාවක් බඳුවූ මහ සෙනඟ පිරිවරා පායෙන් නික්මෙනුයේ පුතණුවන් රන්සිවි ගෙයකින් වඩා ගෙන එ කෙත්වත් කෙළවර ඝන වූ ජායා හා අභිනව වූ පත්රෙයෙන් ගැවසී ගත් මහ දඹගසක් මුල සුදුවැල්ලෙන් තවරා, යහන් සලසා, පුතණුවන් ඒ යහනට වඩා, රන්තරු රිදි තරුවෙන් විසිතුරු වූ වියන් බඳවා, වට තිර අද්දා, රකවල් ලවා, තුමූ ද ඇමැති දහස් පිරිවරා කෙත්වතට වැද වප් මඟුල් කෙරෙති.
එ දා ඒ වප් මඟුලෙහි හැමදෙන ම සුදු පිළි හැඳ, සුවඳ මලින් සැරහී, කෙත්වත පුරා සිට ගත්හ. ඒ වප් මඟුලෙහි දහසක් පමණ නඟුල් එකවිට ම යොදන ලද. එයින් අටතුරාසියක් නඟුල් රිදි පතින් වසා ගොනුන්ගේ අංවල රිදී කුප්පි බහා කර සුදුමල් කදු බැඳ යොදා සිටුවනලද රජ්ජුරුවන් අතට වඩනා නඟුල ඝනරන් පතින් වසා මංගල වෘෂභරාජයන්ගේ අංවල රන් කුප්පි බහා කර රන්වන් මලින් සරහා පිට රන්සැදින් වසා යොදා සිටුවන ලද. ඉක්බිත්තෙන් රජ්ජුරුවන් වමතින් රන්නඟුල ගෙන, දකුණ තිත් රන්කැවිට ගෙන, සිටගත් කල අටතුරාසියක් මඟුල් ඇමැති යෝ මඟුල්වෙස් ගෙන, රිදි නඟුල් රිදී කැවිටි ගෙන, සිටගනිති. පරිවාර ජනයෝ මඟුල් වෙස් ගෙන දහසක් ගොන්ගේ යොදා සිටගනිති. රජ්ජුරුවෝ දකුණතින් රන්කැවිට ගෙන නැගෙන හරින් බස්නාහිරට එක හීවටක් ලා ලති. එ දා ඒ මඟුලෙහි රජ්ජුරුවන්ගේ මඟුල් මහ ඇමතියෝ තුන් තුන් හීවිට ලා ලති. සෙසු දහසක් පුරුෂයෝ දහසක් ගොන්ගේ ගෙන ඔවූනොවූන් පරයා දක්ෂ වප්මඟුලක් කෙරෙති. එ දා ඒ උත්සවයෙහි රජ්ජුරුවන්ගේ රන් ද්වජ ය, රිදී ද්වජ ය, රන් පැන ය, රීදී පැනය, රන් කලසය, රිදී කලස ය, රන් කොතලා ය, රන් කරඩු ය, රිදී කරඬු ය, රන් කැටපත ය, රිදී කැටපත ය, රන් තල්වැට ය, රිදී තල්වැට ය, යනාදි වූ රජ පෙරහරින් ඒ කෙත තරුකැලයෙන් ගැවසී ගත් ආකාශය සේ දිලියෙයි. එ දා ඒ හැම කිරිමවුන් බෝසතාණන් පිරිවරා උන්නාහු තිරයෙන් පිටත් ව රජ්ජුරුවන්ගේ මේ පෙරහර බලති.
එකල මාගේ ශ්රී මහා බොධිසත්ත්වයෝ ඇතුළෙහි කිසිකෙනකුනු ත් නැති සේ දැක, යහනින් නැඟී, පලග් බැඳ වැඩහිඳ, ආනා පාන ස්මෘති භාවනා කොට ප්රැථමධ්යාජන උපදවා, ධ්යාආන සුවයෙන් උන්සේක. එ වේලෙහි කිරිමවුන් ඇතුළට වැද පලග් බැඳ හුන් බෝසතාණන් දැක ඒ දඹගස ඡායාව ද පෙරවරු බස්නාහිරට නො ගොසින්, පස්වරු නැඟෙනහිරට නො ගොසින්, හැම වේලෙහි පිල්කුඩයක් සේ බෝසතුන් වසාගෙන සිටිනා ආශ්චය්ය්සර් දැක එ කෙණෙහි රජ්ජුරුවන් කරා දිව දිව ගොස් “හිමි! තොපගේ මේ මඟුල් තබා තොප පුතණුවන් සිද්ධාර්ථකුමිරයන් ගේ මඟුලක් වහා බලව”යි කීහ.
රජ්ජුරුවෝ එ බස් අසා වප්මඟුල් හැර දිව දිව අවුත් දඹගස ඡායා කිසි අතෙක නො ගොස් සිටිනා පරිදි ගස සිසාරා ඇවිද බලා විස්ම ය පත් ව ඇතුළට වැද ධර්මාසනයෙක වැඩ හුන් මහ තෙර කෙනකුන් සේ, දිවි දළින් ඔප්නැඟු රන්පිළිමයක් සේ, පතුල්සුං පිට පතුල්සුං තබාගෙන අතුල්සුං පිට අතුල්සුං තබා ගෙන දසදිග් නොබලා, ඇසිපිය නොමරා, නොසැලි, කරබාගෙන ප්රිථමධ්යාටන සුවයෙන් වැඩහුන් පස් මැසි වූ පුතණුවන් වහන්සේගේ පෙළහර බලා රජ්ජුරුවෝ පුතණුවන්ට ජිවිත ය පුදාපියන්නා සේ, මහ මෙර සේ, පැනනැඟී ප්රෙවමස්කන්ධ ය ධරාගත නො හෙන්නාහු සන්තොෂ බාෂ්පයන් පවත්වා “පුතණුවනි! මේ කසේ වූ විස්මයෙක් ද, දැන් ම නුඹ බුදු ව ගියේද, නුඹ මෑණියෝ මහාමායාදේවි අද ඇත්නම්, මේ පෙළහර දුටුවු නම්, නුඹට තමන්ගේ ජිවිත ය පුදා නො පියද් ද. මා එකලා වූ පියක්හට මෙසේ වූ සුරතල් කුමක් නිසා පානේ ද”යනාදීන් කිය කියා පුතණුවන්ගේ සිරි පතුල්සුං දෙක තමන් හිස්මුදුනෙහි තබා වැඳ, සන සනා මෙසේ දෙවන වාරයෙහි පිය මහ රජ්ජුරුවෝ මාගේ ම ස්වාමිදරු වූ, මාගේ ම ගුරු වූ, මාගේ ම මිත්රස වූ, මාගේ ම දෙවි වූ, මාගේ ම බඹ වූ, මාගේ ම ලොක ස්වාමියාණන්ට නමස්කාර පූජා කළහ.
මෙසේ මාගේ බුදුරජාණෝ තමන් පස්මැසි අවස්ථාවෙහි ද ප්රාමතිභාය්ය්රර් දක්වා පිය මහ රජ්ජුරුවන් අතින් නමස්කාර පූජාලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනුත් අර්හත් නම් වන සේක.
ඉක්බිත්තෙන් මෙසේ මාගේ ශ්රීු මහා බොධිසත්ත්වයෝ ප්ර ථම මාස චන්ද්රතයා සේ රූපශ්රීීන් විරාජමාන ව වැඩි සත් හැවිරිදි ව ශක්ර දෙවෙන්ද්ර යාගේ නියොගයෙන් විශ්වකර්ම දිව්යිපුත්රසයා මවා දුන් ශිතල ජල සම්පූර්ණ වූ, පස්පියුමෙන් සැදී සිටි, රුවන්මය වූ මඟුල් පොකුණෙහි ජල ක්රි ඩා කොට ක්රීමයෙන් වැඩී සොළොස් හැවිරිදි වූ දෑ ය.
ඉක්බිත්තෙන් ශුද්ධොදන රජ්ජුරුවෝ බමුණන් ගෙන්වා “කෙසේ වූ පූර්වනිමිත්තක් දැක මපුතණුවෝ තපසට වලට යෙද් දැ”යි විචාළහ. බ්රාතහ්මණයෝ කියන්නාහු “ආදි වාරයෙහි ජරා රූපයක් දකිති, දෙ වන වාරයෙහි ගිලන් රුවක් දකිති. තුන් වන වාරයෙහි මළ රුවක් දකිති. සතර වන වාරයෙහි මහණ රුවක් දැක රජ ය හැර ගොස් තුමූ ද මහණ වෙති”යි කීහ. රජ්ජුරුවෝ එ බස් අසා “එසේ වී නම් මපුතණුවන් බුදුවිමෙන් කම් නැත. බුදු වන දා වශවර්ත නම් මාරයෙක් යක්සෙන් ගෙන දිව ඒ ල මුළු තුන් ලොව ම ඒ යක්ෂයා දැක නො බා සිටිනා එක ද සත්ත්වයෙක් නැත් ල. මපුතණුවන්ට එදා ඔහුගෙන් උපද්ර වයෙක් වී නම් නපුර. චක්රණවර්ති වූ නම් මේ මුළු සක්වළට නායක ව සතර මහා දිවයින ආකාශයෙන් ඇවිදිති. මපුතණුවන්ගේ චක්රව වර්ත්ති සම්පත් දක්නා කැමැත්තෙමි. මෙ තැන් පටන් නර ඇති එකකු ත් මපුතණුවන් දැක්ක නො දෙව. ව්යා ධිගත එකකු ත් ළංවිය නොදෙව. මළ රුවකුත් දැක්ක නොදෙව. මහණ රුවකුත් දැක්ක නො දෙව”යි නියොග කොට නුවරට සතර දිග ගවු ගවුවේ රකවල් ලවා පුතණුවන් කාමබන්ධනයෙන් බඳිමි යි සිතා හිමත් - ගිමන් - වසත් යන සෘතුවට සුදුසු වූ තුන් පායක් කරවා දුන්හ. එයින් එක් පායෙක් නව මහල. එක් පායෙක් සත් මහල. එක් පායෙක් පස් මහල. තුන් පායම උස හා මහත එක සා ම ය. ඒ ඒ සෘතුවට සුදුසු වන සේ මාල් හෙද වි ය.
ඉක්බිත්තෙන් පිය මහරජ්ජුරුවෝ යශොධරා දේවීන් පුතණුවන්ට අගමෙහෙසින් කරනු කැමති ව උන්ගේ පියාණන් සුප්රෙබුද්ධ රජ්ජුරුවන්ට කියා යවූහ. සුප්ර්බුද්ධයෝ කියන්නාහු “තමන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නො බෝ කලෙකින් මහණවනු සදහා රජ ය හැර යෙත් ල. එ දවස් මාගේ දියණියෝ වැන්දඹු වෙති. මහණ නො වන රජක්හට පාවා දෙමි”යි කියා යවූහ. බොධිසත්ත්වයෝ එ පවත් අසා “මහණත් වෙම් ම ය. යශොධරාවන් මට පාවා නුදුනහොත් රාජ්යහ ය මට නො කැමැත්තේ යැ”යි කියති. යශොධරා දේවි ද “සිද්ධාර්ථ කුමාරයෝ සෙට මහණ වෙත් නමුත් සරණෙක රැකෙම් නම් උන් කෙරේ ම රැකෙම් ම යැ”යි කියති. ශුද්ධොදන රජ්ජුරුවෝ මේ දෙදෙනාගේ පවත් අසා තමන් ශාක්යොකුලයට අධිපති හෙයිනුත්, නැඟණියන් වැදු දියණියන් හෙයිනුත්, හිමිකම් බැණ ගිවිස්වා මහ පෙරහරින් මඟුල් කොට යශොධරා දේවීන් ගෙන්වා රුවන් ගොඩක් පිට සිටුවා බොධිසත්ත්වයන්ට අගමෙහෙසුන් කොට පාවා දී ත්රිවශංඛයෙන් ම දෙදෙනා මුදුනෙහි අභිෂෙක ජලය වත්කොට දෙදෙනා එක විට වොටුනු පලඳවා සියලු රාජ්යි ය ම පාවා දුන්හ.
තව ද රජ්ජුරුවෝ “එකෙකි කුලෙන් එකෙකි කුමරියක් මපුතණුවන්ට අන්තඃපුර කොට සරහා එවන්නේ යැ”යි සියලු ශාක්‍ය-කොළිය නෑයන්ට කියා යවූහ. ශාක්යකයෝ එ තෙපුල් අසා “ඒ සිද්ධාර්ථකුමාරයෝ ඉතා සියුමැලියෝය, ඉතා ලදරුවෝ ය. තව දක්වාත් එකද ශිල්පයකුත් නු උගත්හ. මතු සංග්රා මයෙක් වී නම් කෙසේ ජය ගනිද්ද අපගේ දරුවන් කෙසේ ඔහු පොෂ්යමය කෙරෙද්ද. නිශ්ශිල්පී තැනැත්තන්ට අප දරුවන් නො දෙම්හ”යි කියා යවූහ.
මාගේ බොධිසත්ත්වයෝ නෑයන් කී පවත් අසා “මාගේ බල පරාක්රොම හැම නෑයන්ට ම පවිමි’ යි සිතා “මාගේ ශිල්ප දක්නා කෙනෙක් සත් දවසකින් මා කරා රැස් මන්නේයැ”යි මුළු නුවර බෙර ලවා සත්වන දා රාජාංගණයෙහි මහ මඬුවක් කරවා මහසෙනඟ පිරිවරා හිඳගෙන ඒ එක්ලක්ෂ හැටදහසක් නෑයන් මධ්යහයෙහි දහසක් යොධයන් නඟාලන බාලන මහත් වූ දුන්නක් ගෙන්වා යටි පිලාව වම් පය මාපටැඟිල්ලෙහි නිය පිට තබා උන්පොළින් නො සෙල්වී රොද්දක් නඟන්නා සේ ඒ දුන්න නඟා දුනුදිය අත් පොළාපු දැය. ඒ ශබ්ද ඝොෂාව දසදහසක් යොදුන් දඹදිව දොර දොර ගැසූ සෙණහඩක් සේ පැතිර ගිය. සියලු සතුන් ඇස් පිහී ගිය. හැම සිත් ඉපිලගිය. මුළු දඹදිවූ වැසියෝ “කොල! මේ කිමෙක්ද, මේ කෙසේ වූ ආශ්චය්ය්ුර්යෙසක්ද, වර්ෂාවක් නැති වම මහ සෙණක් ගසාපීයැ”යි කියමින් වෙවුලා ගියහ. ශිල්ප බලම්හයි ආ නෑයෝ මේ ආශ්චය්ය්හර් දැක “අප සිදුහත් කුමර මනුෂ්ය යෙකැයි නො සිතව, දිව්යපයෙක් ම යැ”යි කියා සතුටු ව සාධුකාර සහස්රකයන් පැවැත්වූහ. එ වේලෙහි බෝසතාණෝ “තව ද නො එක් ශිල්පයන් ගුරු කෙනකුන් අතින් නො ඉගෙන, ශාස්ත්ර්යක් බලා නො දැන, නොඑක් නොඑක් ප්රනකාරයෙන් ම තමන් දන්නා පරිදි නෑයන්ට අද පවිමි”යි කියා ශල්ප දන්නා ආචාය්ය්තර්ව රුන් ගෙන්වා ඔවුන් හැම දැක්ක දී: ශ්රැති ය, වේද ය, ව්යාශකරණ ය, ඡන්දොලක්ෂණ ය, ශබ්දාර්ථ ය, නක්ෂත්ර් ය, ශික්ෂාය මොක්ෂඥාන ය, සිරිත ය, ධනුශ්ශිල්ප ය, හස්ති ශිල්ප ය, කාමන්ත්රශ ය, සාමුද්රිසකා ය, පර කථා ය, තිඝණ්ටු ය, නීති ය, තර්ක ය, වෛද්යාය යන මේ අෂ්ටාදශ ශිල්ප දක්වා.
තව ද තමන් විශෙෂයෙන් ම ශිල්ප පරිදි හඟවන්නාහු: අක්ෂරය, ලිඛිතය, ගණිතය, ගාන්ධර්මය,තර්කය, ව්යාරකරණය, ඡන්දස් ය, න්ඝණ්ටු ය, අලංකාර ය, ශාලිහොත්රි ය, මන්ත්ර ය, තන්ත්රය ය, යන්ත්රම ය, ආත්මොද ය, ජ්යොහතිර්ඥාන ය, ඉතිහාස ය, පුරාණ ය, අග්නිස්තම්හ ය, ජලස්තම්හ ය, කෞචුමාර ය, කූප ශාස්ත්ර් ය, සූප ශාස්ත්ර් ය, කාමශාස්ත්රය ය, ශස්ත්ර් වින්යාතස ය, ශස්ත්රප කර්ම ය, අශ්වාරොහණ ය, ගජාරොහණ ය, ආකුශ්මාරණ ය, මාරණ ය, මොහන ය, ස්තම්හන ය, උව්වාටනය, ත්රොයටණ ය, දුර ගමන ය, දුරදර්ශන ය, හෙරිත්රෝටණ ය, පත්රච්ජෙදන ය, චිත්ර කර්ම ය, මාලාබන්ධ ය, ගන්ධයුක්ති ය, දුත ය, හරත ය, ස්ත්රිොලක්ෂණ ය, පුරුෂලක්ෂණ ය, නපුංසක ලක්ෂණ ය, පරහිත ඥාන ය, කනක පරික්ෂා ය, ථෙනක පරික්ෂා ය, චාතුර්වාද ය, ධාතුවාද ය, ශිර්ෂ්යල කර්ම ය, කාෂ්ඨ කර්ම ය, හෙමකර්ම ය, රත්න පර්ක්ෂා ය, කණ්ඩරණ ය, ශ්රැ,යාණ ය, අදෘශ්ය කරණ ය, පරකා ය, ප්රණවෙශන ය,වෙණුවීණා වාද්ය ය, නිෂ්හරණ ය, යන මේ සූසැට කලා ශිල්පයන් ද විශෙෂයෙන් දක්වා.
තව ද සරහංග ජාතකයෙහි බ්රමහ්මදත්තරජහට ධනුශ්ශිල්ප දැක්වූ පරිද්දෙන් ම: ශර පවූරු ය, ශර තොරණ ය, ශර පොකුණු ය, ශර ප්රාපසාද ය, ශර රෑන ය, අක්ෂණ වෙධි ය, ශබ්ද වෙධි ය, වාල වෙධි ය, ශර වෙධි ය, ගොඩ විදමන ය, දියෙහි විදමන ය, ආකාශ විදමන ය, දුර විදමන ය, ආසන්න විදමන ය, යපට විදමන ය, තඹපට විදමන ය, පිදුරු බිසි විදමන ය, වැලි බිසි විදමන ය, මීහං විදමන ය, උදළු තැටිලි විදමන ය, දිඹුල් පෝරු පියා පෝරු විදමන ය, යනාදි වූ නොඑක් ධනුශ්ශිල්ප දක්වා මහත් වූ බල පරාක්ර ම පෑ මුළු ලෝ විස්මය පත් කළදෑ ය. මේ වික්රකම දැක සන්තොෂ වූ නෑයෝ තමන් තමන් දුන් සරහා සතලිස් දහසක් ශාක්ය කුමරියන් අන්තඃපුර කොට පාවා දුන්හ.
මෙසේ මාගේ බොධිසත්ත්වයෝ යශොධරා දේවීන් ප්ර ධාන වූ මේ සතලිස් දහසක් නාටකස්ත්රිාන් පිරිවරා මාණික්ය් ශොභාවෙන් දිලියෙන්නා වූ කනක ප්රාහසාද බඳු වූ, පියරජහු කරවා දුන් තුන් ප්රා සාදයෙහි සුරඟනන් බඳු වරඟනන්ගේ මඳහස ලැසි බැල්මෙන් පින පිනා මහත් වූ රාජ්ය ශ්රීේ සම්පත් විඳුනා සඳ, ඒ බෝසතාණෝ එක් දවසෙක උයන් කෙළි කෙළනා කැමතිව රථාචාය්ය්බර්යාූ කැඳවා මඟුල් රථය සරහා ලව යි කීදෑ ය. රථාචාය්ය්ාර්යාව “යහපතැ”යි ගිවිස උතුම් වූ රථයක් රථාලංකාරයෙන් සරහා නෙළුම්පත පැහැ ඇති මංගල අශ්වරාජයන් සතරදෙනකු යොදාලා බෝසතුන්ට දැන්විය. බෝසතාණෝ දිව්යෝරථයක් වැනි වූ ඒ රථයට පැනනරඟී මහ පෙරහරින් උයනට නික්මුණ සේක. එ කෙණෙහි දේවතාවෝ “සිද්ධාර්ථකුමාරයන් බුදුවන කල් ආසන්න ය, තපසට කාරණා දක්වම්හ”යි එක් දිව්යණපුත්රසයකු ජරා වෙසක් ගන්වා කඩ දත් ඇතිව, නර ඉස් ඇති ව, වක ගසාගෙන දණ්ඩක් අතින් ගෙන වෙවූල වෙවූලා සිටියා සේ දක්වාලුහ. ඒ ජයාරූපය බෝසතුන් හා රථාචාය්ය් ර්යාගට පෙනෙයි. සෙස්සවුන්ට නො පෙනෙයි. බෝසතාණෝ “සබඳ රථාචාය්ය්්ර් ය! මේ කෙසේ වූ රූපයක් දැ”යි විචාළදෑය. ස්වාමිනි! මහළු මිනිසෙකැයි කී ය. මොහු මේ උපන් සැටි ම දැ යි විචාළදෑ ය. “නැත, ස්වාමිනි! පෙර අප සේ ම ළදරුය. දැන් දිරා ගියේයැ”යි කීය. තවත් මෙසේ වූ සත්හු ලොව ඇදිදැ යි විචාලදෑ ය. ස්වාමිනි, ඉතා සුලභ යැයි කී ය. මට ත් මේ ජරා රූපය ඇද්දැ යි විචාළදෑ ය. සියලු සතුන්ට ම ඇතැයි දෙවියන්ගේ ආනුභාවයෙන් කී ය.
ඉක්බිත්තෙන් බොධිසත්වයෝ “මේ මනුෂ්යා්ත්මය නම් මෙසේ අනිත්යන දෙයෙක් වනැ යි මේ ජීවිතයට නින්දා වේව”යි කියා අතින් ලකුණු උපදවා මෙසේ වූ ජරා ඇති මට ක්රී ඩාවෙන් නම් නැතැයි සසර කලකිරි නැවත ප්රාරසාදයට ම වන්දෑ ය. ශුද්ධොදන රජ්ජුරුවෝ “කුමක් නිසා ම පුතණුවෝ උයනට නො ගොස් නැවත අවුදැ”යි විචාරා ජරා රූපයක් දැක කලකිරී ආසේකැයි අසා “එබදු රුවක් දැක මහණ වෙතිය් පෙරම ඇසීමි. කොල! මා නො නසව! වහා නළුවන් දී මපුතණුවන් ක්රීිඩාවෙන් සතුටු කරවා මහණ වීමෙහි ලොභ නැති සේ කරව”යි නියොග කොට තව ද නුවර සතර දිගින් දෙ දෙ ගවුවේ රකවල් ලැවූහ.
තව ද සාරමසක් ගිය කල පෙර සේම උයන් කෙළියට යනදෑ දෙවියන් මවා පෑ කුෂ්ඨයෙක් පිරි ශරිර ඇති, මහ සැළ සේ උදර ඇති, වන්බිඩි සා සීපද ඇති, ව්යාමධිගතවූ රූපයක් දැක පෙර සේම රථාචාය්ය්ාර්යා අතින් විචාරා එදා ද සසර කලකිරි නැවත මිලිගාවට ම වැඩිසේක.එ පවත් රජ්ජුරුවෝ අසා මහත් වූ ශොක කොට නුවර සිසාරා තුන් තුන් ගවූවේ රකවල් ලැවූහ.
නැවත ද සිරමසක් ගිය කල උයන් කෙළායට යන දෑ දෙවියන් මවා පෑ, කට දල්වාගෙන ඉදිම, නිල්ව ගිය ශරිරඇති ව, නව දොරින් නික්මෙන පණුකැලන් විසින් ආකුල වූ මෘතරූපයක් දැක, එ දවස් පෙර සේ ම කලකිරි උයන්කෙළියට යන ගමන් හැර ප්රානසාදයට ම නැඟි දෑය. එ දවස් ද රජ්ජුරුවෝ විචාරා දොම්නස්ව තව ද නුවර සිසාරා සතර සතර ගවුවේ රකවල් ලැවූහ.
මෙසේ තව ද සාරමසක් ගිය කල ඇසළ මැදි පොහෝ දින සම්ප්රාවප්ත වි ය. බොහෝ ආයු ඇති බොධිසත්ත්වවරයෝ මේ නිමිත්ත දක්නාහු සියක් සියක් අවුරුද්දෙන් දක්ති. ආයු මඳ කාලයෙහි උපන් බොධිසත්ත්වවරයෝ සාරමසින් සාරමසකට දකිති. මේ කාරණයෙන් අප මහා බොධිසත්ත්වයන් ද සාරමසක් සාරමසක් ගිය කල මෙ තුන් කාරණය දුටු සමයෙහි සතර වන ගමනෙහි මෙසේ ඇසළ මැදි පොහෝදින ය සම්ප්රාවප්ත වි ය.එ දා උයන් කෙළියට යන දෑ දෙවියන් මවා පෑ සකසු කොට හැඳ පෙරව වියදඬු පමණින් දුර නො බලා උපශාන්ත වූ ගුණයෙන් සැදී සිටියා වූ මහණවෙස දැක “යහළු මේ ශාන්ත වූ වෙසයකින් හොබනාහු කවුරු දැ”යි විඤාරා දෙවියන්ගේ ආනුභාවයෙන් “ස්වාමිනි තපස් වෙසෙකැ”යි කී කල “මේ උපශාන්ත වූ වෙසෙක. එකාන්තයෙන් මේ වෙස ගත්තා හට සසරින් ගැළවීමක් වේ ම යැ”යි මහණ වෙසෙහි සතුටු ව එ දා උයන් කෙළියට නික්මුණුසේක.
ඒ උයනෙහි දිවාභාගයෙහි නඳුන් උයන් වන් ශක්රනයා සේ උද්යා න ක්රී.ඩා කොට, මඟුල් පොකුණට බැස ජල ක්රිේඩා කොට, හිරු හස්තගත වේලෙහි මඟුල් සලවට වැඩහිඳ සර්වාභරණයෙන් සැරහෙමි යි සිතූසේක. ඒ අදහස් දත්තාවූ ඇමැතියෝ ලක්ෂවටනා සළු හා සූසැට ආභරණයන් ගෙනහැර සිසාරා සිට ගත්හ. ඒ කෙසේ වූ ආභරණ ද යත්: පාදාංගුලි, පාදජාලා, පාදාහරණ, පාදශෘංඛලා,පාදසිරි, ජංඝාපත්රහ, වළලු, කෙයුරාහරණ, ඌරුජාලා,හිණ සැද, මකරපට, උදර බන්ධන, හස්තාංගුලි, හස්ත මුද්රි කා, කෛපෝට්ටු, අංගදාභරණ, ගලමුතුමාලා, එකාවැළ, අවුල්හර, සද්දම්, මුතු දම්, රන් දම්, රිදී දම්, සිද්දතු දම්, පබළු දම්, කර්ණාභරණ, කර්ණාවතංස, කර්ණ කුණ්ඩලා, ලලාට පට, වොටුනු යනාදී මේ සූසැට ආභරණයන් හා මල් සුවඳ විලෙවුන් ගෙන පිරිවරා සිට ගත්හ.
එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන් පශ්විමභවයෙහි ලබන අලංකාර ය හෙයින් ශක්ර දේවෙන්ද්ර යාගේ පාණ්ඩුකම්බල ශෛලාසන ය හුණු වි ය. සක්දෙව්රජ පරීක්ෂා කරනුයේ බෝසතාණන් මහණ වන දා පශ්චිමාලංකාරයැ යි දැක විශ්මකර්ම දිව්ය පුත්රරයා කැඳවා “යහළු විශ්වකර්ම දිව්යකප්ර ත්රල ය! සිද්ධාර්ථ කුමිරයෝ අද මධ්යපම රාත්රිැයෙහි මහභිනික්මන් කොට සෙට අලුයම මහණ වෙති. මේ උන්ගේ පශ්චිම වූ මහණ පූජා අලංකාර ය. තෝ ගොස් ඒ මහාපුරුෂයා සිව්යාජභරණයෙන් සරහාලව”යි නියොග කළේ ය. එ කල විශ්වකර්මයා දිව්යාෙනුභාවයෙන් ඇසිල්ලකින් අවුදින් මඟුල් කපු වෙසක් ගෙන කපුවා අත තුබු වෙළුම් සළුව ගෙන බෝසතාණන් සිරස වෙළි ය. එ වේලෙහි බෝසතාණෝ ඔහුගේ අත දිව පහස් දැන “මේ මනුෂ්යබයෙක් නො වෙයි. එකාන්තයෙන් මේ දේවතාවෙක් ම යැ”යි දත්සේක. ඒ විශ්වකර්ම දිව්යේපුත්රළයා එ දා සරහනුයේ අකුළාලු කල තැල් මල් තුඹ මල් සා ඇති විදාපි කල සයොදුන් දොළොස් යොදුන් සා ඇති දිවසළු දහසක් පටින් සිරස වෙළා මිණි වොටුනු පලඳවා දිව්යාුභරණයෙන් අලංකෘත කෙළේය.
මෙසේ බෝසතුන් මහණ මන දා ඒ විශ්වකර්ම දිව්ය පුත්රෝයා එදා කළා වූ අලංකාර පැම්පරාව දැන් දක්වා සසුන් වැද මහණ වන්නවුන්ට ව්ය වහාර වී යැයි දතයුතු.
ඉක්බිත්තෙන්, මෙසේ සැරහුම් ලදින් වැඩහුන් කල ආතත විතතාදි වූ පඤ්චාංගික තූය්ය් ර් නාදයන් පවත්වා මහත් වූ උත්සව වී ය: බ්රා්හ්මණයෝ ජය නන්දාදි මංගල ස්තුතියට පටන්ගත්හ. එ කෙණෙහි පාණ්ඩුකම්බල ශෛලාසනයෙන් පැනනැඟි ශක්ර. සෙවෙන්ද්රණයා සේ බෝසතාණෝ මඟුල් සල වටින් පැනනැඟි රථාලංකාරයෙන් හෙබියා වූ මඟුල් රථයට පැනනැඟි සිටගත් සේක. එ කෙණෙහි යශෙධරා නම් අගබිසෝ රුවන කුසින් රාහුල නම් පුත්රුවන පහළ විය.
එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ යෙහෙළියන් පුතකු වැදුහ යි අසා “එතෙකින් මපුතණුවන් දරුමලින් බැඳ ගම රඳවා ගනිමි යි මහණ විය නො දෙමි යි මට වූයේ අනුබලයෙකැ”යි ඉතා සතුටු ව “ම පුතණුවන්ට සතුටු හසුන් කියව”යි අමාත්යුයන් මඟුල් වෙස් ගන්වා බෝසතුන් කරා සවුවාහු ය. එ වේලෙහි අමාත්ය්යෝ දිව දිව ගොස් “ හිමි! තොප හා එක් වැනි වූ පුතණු කෙනෙක් උපන්හ”යි බෝසතුන්ට දැන්වූහ. බෝසතාණෝ එ බස් අසා “රාහුලයෙක් උපන, ඒ මට ගිහිබන්ධන යැ”යි කීසේක. ශුද්ධොදන රජ්ජුරුවෝ මපුතණුවෝ කුමක් කිවූ දෝ හෝ යි විචාරා “රාහුලො ජාතො”යි කිසේකැයි අසා මෙ තැන් පටන් මාගේ මුණුබුරාණෝ රාහුලයෝ යයි නම් දුන්හ.
ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ “මිනිස්ලොව උපන්නාහට දරුකෙනකුන් ලැබීම නම් ඉතා උගහට. ඉනුත් පුතකු ලැබීම නම් ඊටත් වඩා උගහට. දැන් ම මහණ වන්නට නො ගොස් රජ ගෙට ගොසින් ම පුතුන් දැකපියා රාත්රි්භාගයෙහි මහභිනික්මන් කෙරෙමි”යි සිතා මහත් වූ ශ්රීහ සෞභාග්ය යෙන් නුවරට වැද ශක්රර දෙවෙන්ද්ර ලිලායෙන් රජගෙට නික්මුණුදෑ ය. එ වේලෙහි කිසා ගොතමී නම් බැදෑ බිසොවක් බෝසතුන් වීථීයෙහි වඩනා ලීලා හා ෙළුශ්චය්ය්දර්යා දැක ඉතා කුල්මත් ව ඇතුළු ගෙයි හින්ද නොහී මතු මාලේ සිංහපඤ්ජරයෙහි දොර හැර බෝසතුන්ගේ රූපලිලා දැක නිල්වලා ගබකින් චන්ද්ර මුඛයක් පෑවා සේ සිංහපඤ්ජර මුඛයෙන් තමාගේ මුඛය බෝසතුන්ගේ අභිමුඛයට දක්වාලා:
නිබ්බුතා නූන සා මාතා-නිබ්බුතා නූන සො පිතා,
නිබ්බුතා නූන සා නාරි-යස්සායං ඊදිසො පතී-යි.
යන මේ ගය කියා “සිද්ධාර්ථ නම් රූ සයුරාණෙනි! අද තොප මෑණියන්ගේ ද සිත නිවි ගිය. තොපගේ මේ ශ්රී දුටු පියාණන්ගේද සිත නිවී ගිය. යම් ස්ත්රිමයක් තොපගේ ශරිර පහස් ලද්දා නම් ඇගේ ද සිත නිවී ගියේ යැ”යි කීව. බෝසතාණෝ බිසොවුන් කී “නිවී ගියේ ය, නිවී ගියේ යැ”යි යන තෙපුල් අසා “මම ත් නිවන් සොයමි. මොයි ත් නිවී ගියැ යි යන බස් කිය යි. මට මෝ ප්රි ය බස් කිව. අදම මා ගිහිගෙය හැර ගොස් මහණ වුව මැනවැ”යි සතුටුව ‘මට ප්රියයතෙපුල් කි වියට ප්රිමය වස්තුවකින් පූජා කෙරෙමි”යි කර තුබූ ලක්ෂයක් වටනා මුතුහර ගළවා ඒ කිසාගෝතමීන්ට යවූදෑ ය. කිසාගෝතමි මුතුහර ය දැක “සිද්ධාර්ථ කුමාරයෝ මා කෙරෙහි ප්රෙ මයෙන් කර තුබු මුතුහර එවාපූදෑ ය. එකාන්තයෙන් මා කෙරෙහි ප්රකතිබද්ධ වූ සිත් ඇත්තාහු ය. යශොධරා දේවීන් සේ ම මා ත් අගමෙහෙසුන් කෙරෙති”යි සිතූහ.
ඉක්බිත්තෙන් බෝධිසත්ත්වයෝ මහත් වූ ශ්රීම සෞභාග්ය යෙන් ප්රා සාදයට නැඟී ශ්රීූ යහනෙහි සැතපුණුසේක. එකෙණෙහි රජගෙය සුවඳතෙල් වැට පහනින් එකාලෝක කළහ. සර්වාලංකාරයෙන් සැරහුණා වූ නෘත්යර ගීත වාද්යහයෙහි දක්ෂ වූදෙවඟනක් බඳු රූ ඇති සතලිස් දහසක් නාටක ස්ත්රිෙහු පිරිවරා ගත්හ. එයින් සමහරු නටති. සමහරු ගී කියති.සමහරු වංගි පිඹිති. සමහරු විණා ගාති. සමහරු අත්ල එළති. සමහරු වස්කුලල් පිඹිති. සමහරු නෘත්යාං ග දක්වති. සමහරු ලීලා දක්වති. සමහරු වයති. යනාදීන් ක්රිඩාවට පටන් ගත්හ. බෝසතාණෝ කෙලෙසුන් කෙරෙහි විරක්ත වූ සිතින් ඒ ක්රීලඩායෙහි සිත් නො ලා අනික් ඇලයෙන් නැමි නිද්රාිවට පටන්ගත් දෑ ය. ඒ ස්ත්රීඅහු බෝසතුන් නිදන සේ දැක “නිකම් නටා වෙහෙසෙනු කිම් දැ”යි තූය්ය් ර් භාණ්ඩයන් බිම තබා එ ම බෙරෙහි හිස තබා සිටි තෙත වැද හෙව නිදන්නාහු ය. ප්රෙදිපාලොකයෙන් එකාලොකම ය. බෝසතාණෝ යහනින් නැඟී වැඩහිඳ ස්ත්රිොන්ගේ නොඑක් විකාර දුටුදෑය. සමහරු කුණු කෙළ ධාරා වගුරුවති. සමහරු දත් කති. සමහරු තලු ගසති. සමහරු නන් දොඩති. සමහරු අපගත වස්ත්රම ව කෝපීන ස්ථාන දක්වති. බොධිසත්ත්වයෝ මොවුන්ගේ විප්ර කාර දැක කාමයෙහි අතිශයෙන් ලොභ නැති ව “මේ ස්ත්රිසහු පෙඑයම්’ වේලෙහි දිව්යාංතගනාවන් සේ සිටියාහුය. දැන් මාත රූප වැනියාහු යැ”යි සසර කලකිරි එ තැන නොඑක් කුණුපයන් පිරුණා වූ අමුසොහෙනෙක් සේ වැටහිණ. තුන් භවය ම ගිනි ගත් ගෙවල් සේ සිතිණ.
“මේ සසර හුණු සත්ත්වයාට ඉතා උපද්රලවයෙක් වී ය; ඉතා පරිහානි වී යැ”යි උදාන පවත්වා අතිශයින් ම මහණ විමෙහි සිත නැමී “දැන්ම මා නික්මුණ මැනවැ”යි සිතා යහනින් නැඟිලා පද සලකුණු නො දී ම සෙමෙන් සෙමෙන් රන් බාව කරා ගොස් මෙ තැන කවරෙක් දැයි විචාලදෑ ය. එදා රෑ හිණිගබඩායෙහි එළිපත හිස තබා ගෙන වැදහොත්තා වූ ඡන්න නම් අමාත්යියා “ස්වාමීනි! මම ඡන්නයා යැ”යි කී ය. ‘යාළු ඡන්න ය! දැන් ම මම මහභින්ක්මන් කරනු කැමැත්තෙමි. කිසි කෙනෙකුන්ට ත් නො හඟවා මඟුලසු සරහා වහා ගෙනෙව”යි කිදෑ ය. ඒ “මැනව ස්විමිනි”යි කියා අශ්වලංකාර ගෙන දහස් ගණන් අසුන් සිටිනා අශ්වශාලාවට ගොස් සුවඳ වැට පහනින් දිලිහි දිලිහී සමන් මල් වියනක් යට බුමුතුරුණු පිට අස්රජ සිරින් සිටියා වූ කන්ථක නම් අශ්වරාජයා දැක මේ අසු සරහම් යි සිතාලා ඒ අශ්වයා සරහාලී ය. ඒ අශ්වරාජයා තමා සරහන වේලෙහි ම සිතනුයේ “මේ සැරහුම ඉතා දැඩි ය. මෙ තෙක් දා උයන් කෙළි ආදියට මාගේ ස්විමිහු වඩිනා කල යොදන යෙදීමක් නොවෙයි. අද රාත්රිායෙහි සොරා ම යොදති. මාගේ ස්වාමිදරුවාණෝ දැන් ම මහභිනික්මන් කෙරෙත්වනැ යි. බොහෝ කලක් මා පුරා ආවා වූ මාගේ ප්රාෙර්ථනාව ද අද කුළු ගන්නා වනැ”යි ඉතා සන්තුෂ්ට වූයේ මහත් කොට හෙෂාරව කෙළේ ය. ඒ ශබ්ද ය මුළුනුවර පැතිර ගිය. දේවතාවෝ ඒ ශබ්දය සඟවා කිසිකෙනෙකුන් කන හි ය නුදුන්හ.
එ කල බොධිසත්ත්වයෝ අමාත්යරයා අශ්වශාලාවට යවාලා “පුතනුවන් දැක පියා යෙමි”යි සිතා යශෙධරා දෙිවීන් වසන ශ්රීපයහන් ගබඩාවට ගොස් දොර හරපි දෑ ය. එ වේලෙහි ගර්භාන් තරයෙහි සුවඳ වැට පහන් සතර දිග දිලියෙ යි. යශොධරා දේවී අමුණක් සමන් මලින් තැනු යහන් මතුයෙහි හෙව නාරිලතායෙන් නිකුත් රුවන් දළුවක් සේ පුතනුවන් බඩ දිගෙන ලෙහි අත තබා ලා නිදන්නාහු ය. බෝසතාණෝ එ වේලෙහි රන්බාව අතින් අල්වා ගෙන දකුණු පය එළිපත මත්තෙහි තබා සිට ගර්හාන්තර ය බලා පුතනුවන්ගේ රූ හා දේවීන්ගේ ශොභා දැක “දරුවන් වඩා ගෙන සිඹ සනහා පියමි”යි සිතාලා “දේවීන් අත පහ කොට පියා දරුවන් ඇල්ලීම් නම් යශොධරා දේවී පිබිද යෙති; උන් හා සමඟ කථායෙක් වී නම් මා කාමබන්ධනයෙන් බැඳ මහභින්ක්මන් කොට ගත කොදි ගමනාන්තරා ය කෙරෙති”යි සිතා “මතු බුදු ව ආ දා ම දරුවන් දැක පියමි”යි සිතාලා “දැන් මේ එක දරුකෙනකුන් කෙරෙහි කලා වූ ප්රෙලමයෙන් මහණ නො විම් නම් මතු මුළුලෝ වැසියන් හැම නො වරදවා කෙසේ දරු කොට ගනිම් ද, සංසාර සාගරයෙහි ගොඩ නො දක්නා අපමණ වූ සත්ත්වයෝ කවුරුන් මුහුණ බලා ගැළවෙද් ද” යනාදීන් සියලු සතුන් කෙරෙහි උපන් මහා කරුණා ඇති ව, පුතණුවන් කරා දිවූ ප්රෙ ම නමැති මහවතුර තමන් වහන්සේගේ සාරාසංඛ්යෙණය කප් ලක්ෂයක් මුළුල්ලෙහි නො කඩ කොට තිබුවා වූ ධෛය්ය්කර් පාරමිතා නමැති මහ මියරින් රඳවා මහමෙරක් ඔසවන පුරුෂයකු මහත් වූ උත්සාහයෙන් ඔසවන්නා සේ, එළිපත තුබු පය මහත් වූ වීය්ය්යර්යෙේන් හයා ගෙන ප්රාාසාදයෙන් බැස අශ්වයා කරා ගොස් පිට අත ගසා ඕහට මෙසේ කීසේක. “යහළු කන්ථක ය! අද එක රෑ තෝ මා ගළව. මම තාගේ සහායෙන් ගොස් බුදු ව තා ඇතුළු ව බොහෝ දිව්ය මනුෂ්යහයන් සසරින් ගළවමි”යි කියාලා ඒ අශ්වරාජයා පිටට පැන නැඟිදෑ ය.
ඒ අශ්වරාජයාගේ ශ්රියව ය පටන් වාලධි ය දක්වා අටළොස් රියන් දිග ඇත්තේය. දිගට සුදුසු වූ උස ඇත්තේය. ඉතා සුදුය. පිරිසිදු වූ සකක් වැන්නේ ය. මහත් වූ බල හා දව ඇත්තේ ය. ඉදින් හෙෂාරවයක් කෙරේ නම් කුරපහර දේ නම් හැම නුවර වෙවුල්වාපි ය යි. එසේ හෙයින් කිසි අරගලයක් නො වන සේ නැඟු නැඟු කුරපහරින් කුරපහරට දෙවියෝ අතුල්තල දුන්හ. බෝසතාණෝ ඒ අශ්වරාජයා පිට හිඳ ඡන්න නම් අමාත්යහයා ලවා අසු වාලධි ය ගන්වා එ දා රෑ වූ පසළොස් පැය ගිය වේලෙහි මහ වාසල් දොරට පැමිණිදෑ ය. එ කල ශුද්ධොදන රජ්ජුරුවෝ පුතණුවන් නො වේෙලක සොරපෙලා යෙති යි දහසක් යොධයන් වසාලන දහසක් යොධයන් හයාලන, බියලි දොර දෙකක් ලැවූහ. දහස් ගණන් යෝධයෝරකවල් ගෙන නිදන්නාහු ය.
මාගේ බොධිසත්ත්වයෝ ඉතා බලසම්පන්න සේක. දශබලධාරී දෑ ය. නාරායණ බලයෙන් ඡද්දන්ත හස්තීන් දසදෙනෙක් හට බල ඇතිසේක. උපොසථ කුලයෙන් සියක් ඇතුන්ට බල ඇතිසේක. හෙම කුලයෙන් දහසක් ඇතුන්ට බල ඇතිසේක. මංගල කුලයෙන් දසදහසක් ඇතුන්ට බල ඇතිසේක. ගන්ධ කුලයෙන් ලක්ෂයක් ඇතුන්ට බල ඇතිසේක. පිංගල කුලයෙන් දසලක්ෂයක් ඇතුන්ට බල ඇතිසේක. තම්බ කුලයෙන් කෙළක් ඇතුන්ට බල ඇතිසේක. පණ්ඩර කුලයෙන් දසකෙළක් ඇතුන්ට බල ඇතිසේක. ගඬ්ගෙය්යල කුලයෙන් කෙළසියයක් ඇතුන්ට බල ඇතිසේක. කාලාවක කුලයෙන් කෙළ දහසක් ඇතුන්ට බල ඇතිසේක. මධ්යවම පුරුෂ ගණනායෙන් දසකෙළ දහසක් පුරුෂයන්ට බල ඇතිසේක. මෙසේ එකොළොස් දහස් එක්සිය එකොළොස් කෙළ එකොළොස් ලක්ෂ එකොළොස් දහස් එක්සිය දස මහා බලධාරී සේක.
ඉදින් දොර නො හැරේ නමුත් “ඡන්නයා අසූ වල්ගය අල්වා ගත දී අසු දෙකලවයෙන් බදාගෙන අටළොස් රියන් මහ පවුර ගරුඬ රාජයකු සේ පැන දමා පියමි”යි සිතූසේක. අමාත්යෙයා සිතන්නේ “ඉදින් දොර නො හැරේ නම් මාගේ ස්වාමිදරුවන් දකුණු දසරුවෙහි හිඳුවාගෙන අශ්වරාජයා සකක් සේ වම් අත්ලෙහි තබාගෙන කිසි අරගලයක් නොකොට පවුර පැනපියා මම් ම ගෙන යෙමි”යි සිති ය. කන්ථක නම් අශ්වරාජයා සිතන්නේ “ඉදින් දොර නො හැරේ නම් අමාත්යායා වල්ගය ගතදි ම, මාගේ ස්වාමියා පිට වැඩඉන්දදී ම, මේ ප්රාගකාරය සිංහයකු සේ පැනපියා අද ගෙන යෙමි”යි සිතිය. ඉදින් දොර නො හැරුණේ වි නම් මේ තුන්දෙන ම තමන් තමන් සිතුසිතු සේ ම පැන පලා යන බල ඇත්තාහ. එ කෙණෙහි වාසල අරක්ගත් දෙවියා “මතු අපට නිවන් දොර හැර දී ලුව මැනවැ”යි සතුටු පඬුරු දුන්නා සේ වාසල් දොර හැරපි හ.
එ කෙණෙහි වශවර්තිමාරයා “සිදුහත් කුමර අද මේ දොරින් පිටත් වි නම් ගොසින් එකාන්තයෙන් බුදු වෙයි බුදු වී නම් එ දවස් මාගේ නරකවල ගිනි නිව යි. හැම නරක හිස් කෙරෙයි. හැම සතුන් ම දෙවුලෝ පුර යි. මට බොහෝ හානි කෙරෙයි. මායමක් කියා ඔහු අද යා නො දෙමි”යි සිතාලා දිව දිව අවුත් නුවර දොර ආකාශයෙහි සිට:
මා නික්ම මහාවීර-ඉතො තෙ සත්තමෙ දිනෙ,
දිබ්බන්තු චක්කරතනං-අද්ධා පාතු හවිස්සති-යි.
යන මේ ගාථාව කියා “නො යව, සිද්ධාර්ථ කුමාරයෙනි!සත් දවසක් ගිය කල තොපට චක්රසවර්තිරුවන පහළ වෙයි. සතර මහාද්විප ය හා දෙදහසක් කොදෙවුවලින් පිරුණා වු මේ සක්වළ ගබ මුළුල්ලෙහි ම එකාධිපත්ය්යෙන් චක්රණවර්ති රාජ්යළ ය කරව. යහළු නො යව නො යව”යි කි ය.
බොධිසත්ත්වයෝ මාරයා දැක “තෝ කවරෙක්හි දැ”යි විචාළදැ ය. මර දෙවුපුත් කියනුයේ “මම එසේ මෙසේ එකෙකිම් නො වෙමි. සවන පරනිර්මිත වශවර්ති දිව්යක ලොකයෙහි මාර දිව්යො පුත්ර යා නම් මම ය. මා කිවා කරව”යි කී ය. බෝසතාණෝ එ බස් අසා “තා සේ වූ මාරයෝ සියයෙක් දහසෙක් ලක්ෂයෙකුත් අද මා රඳවා ගත නො හෙති”යි කියාලා:
මාර ජානාමහං මය්හං-වක්කස්ස පන සම්භවං,
අනත්ථී කොහං රජ්ජෙන-තිට්ඨ ත්වංං මාරා මා ඉධ-යි.
යනාදින් ගර්ජනා කොට “දසදහසක් සක්වළ ගුගුරුවා ලොවුතුරා බුදුව ධම්සක් පවත්පමි. මට තාගේ සක්රුවනින් කම් නැත. තෝ මෙ තැන නො රඳා පලා යා”යි කීසේක. ඒ වසවත් මර එ බස් අසා ආකාශයෙහි සාට බෝසතුන්ට දත් කකා “මතු තා බුදු වන ලෙස් බලදි. මෙ තැන් පටන්ගෙන කාම විතර්කයක් හෝ ව්යාදපාද විතර්කයක් හෝ විහිංසා විතර්කයක් හෝ සිතූ විටෙක තට නිහඬ දනිවි”යි කියා ඡායාවක් සේ ලඟ සිටගෙන ඒ සාවුරුද්ද මුළුල්ලෙහි ත් අවකාශයක් බලා නො දැක බුදු වන දා ද මහත් වු යක්ෂ සෙනාව හැරගෙන දිව පැරද ගොසිනුත්, බුදු වූ හවුරුද්දක් මුළුලුලෙහි ත්, බුදුන් සමීපයෙන් දුරු නොව මෙසේ සත් හවුරුද්දක් බුදුන් හා සමඟ ඇවිද්දේ ම ය.
ඉක්බිත්තෙන් අනන්ය සාධාරනොත්තම වූ සුරගමණි රත්නාලංකෘත විශුද්ධ බුද්ධාංකුර මාගේ ශ්රීා මහා බොධිසත්ත්වයෝ සත් දවසෙකින් ලැබෙන චක්ර්වර්ති රාජ්ය් ය අලුයම දැමූ කෙළපිඬක් සේ සරු නො කොට හැරපියා මහත් සත්කාරයෙන් නුවරින් පිටත් වූසේක. මෙසේ ඇසළමස මැදි පොහෝදා උතුරුසළ නකතින් එ දා මධ්යාම රාත්රිමයෙහි මහභිනික්මන් කොට නික්මිලා නුවර බලාපියනු කැමැති වූසේක. එ කෙණෙහි මහ පොළොව කුඹල් සකක් සේ පෙරළී බොසතාණන්ට නුවර දක්වාලි ය. ඒ ස්ථානය කන්ථක නිවන්ත නම් වෙතියක් මතු වන්නේ ය යි සලකුණු දිලා වඩනාලද මාර්ග මුඛයට ම අශ්වරාජයා විහිදුවා ගමන් ගත් සේක.
එ කෙණෙහි ඉතා මහත්වූ සත්කාරයෙන් මහත් වූ ශ්රීන සෞභාග්යනයෙන් දසදහසක් සක්වළ සැටදහසක් කාමාවචර දිව්ය් ලොකවල දෙවියෝ “අපගේ ස්වාමියා මහභිනික්මන් කෙරෙයි. ඕහට අද රෑ අඳුරු දුරු කොට මහභිනික්මන් පූජා කරම්හ”යි රැස්ව පෙරට ව සැටදහසක් දෙවියෝ සැටදහසක් පමණ මිණි දඬුවැට පහන් ගෙන සිටියහ. දකුණැළයෙන් සැටදහසක් පහන් ගෙන සිටියහ. වම්ඇළයෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. පිටිපස්සෙන් ද සැටදහසක් පහන් ගෙන සිටියහ. තෙසු දෙවියෝ සක්වළගබ වසා උරවටින් උරවට ගසා මිණිදඬුවැට පහන් ගෙන සිටියහ. එ දා රෑ මාගේ ස්වාමිදරුවාණන්ට දෙවියන් පිදු පහන් පූජාවෙන් මේ සා සක්වළගබ මුළුල්ලෙහි කුරු කුහුඹුවන් සා සත්තුන් ඔවුනොවුන්ට පෙනෙන්නාහු ම ය. අඳුරෙන් වැසෙන්නා වූ අල්ලක් සා අවකාශයකුත් කිසිතැනෙකත් තැන්ම ය. මෙසේ සක්වළගබ එකාලෝකවූ වේලෙහි සෙසු දෙවියෝද, නාගයෝ ද, ගරුඬයෝ ද, ගන්ධර්වයෝ ද, දිවමලින් දිවගඳින් දිව සුන්නෙන් දිවදුමින් පූජා කෙරෙති. සෙවියන් දමන ලරසතු දලින් හා මඳාරා මලින් හා අසුරයන් දමන පළොල් මලින් හා නයින් දමන කඩුපුල් මලින් හා ආකිශයෙහි අතුරු නැති ව ඝන මහා වර්ෂාවක් සේ මල්ධාරාවෙන් චතුරු වී ය.
තව ද, පඤ්චාංගික තූය්ය්ධර් ගෙන දිව ආ ගන්ධර්ව දෙවියෝ ඉදිරියේ අටසැට දහසක් තූය්ය්ංර්නාරදයන් පැවැත්වූහ. දකුණත් පස අටසැට දහසක් තූය්ය්ූර් නාද පවත්වා පූජා කෙරෙති. වමත් පස අටසැට දහසක් දිව්යාහෙරිනාද පවත්වා පූජා කෙරෙති. පිටිපස්සෙන් අට සැටදහසක් හෙරිනාද පූජා කෙරෙති. අවශෙෂ වූ ගන්ධර්වයෝ සිටිනා අනික් අවකාශයක් නැතිහෙයින් සක්වළගබ මුවවිට සිසාරා සිටගත්හ. ඒ දිව්ය හෙරි ඝොෂාව සමුද්රක මධ්යායෙහි මහා මෙඝ නාදයක් සේ, යුගන්ධර පර්වතයෙහි වැදගන්නා රළ හඩක් සේ, පොළොව පනේගෙන අකනිටා බඹලොව දක්වා පූජා ඝොෂාවෙන් එක නින්නාද වී ය.
මෙසේ දසදහසක් සක්වළ සෙවියන් කරන මහත් වූ පූජා විඳුනා වූ මාගේ බොධිසත්ත්වයන් වහන්සේ එ දා රෑ තිබූ පසළොස් පැය දෑතුරෙහි තුන් රටක් ගෙවා තිස් යොදනක් ගොස් අනෝමා නම් ගංතෙරට අලුයම් වේලෙහි පැමිණිසේක. ඒ අශ්වරාජයාගේ දව එ තෙක් ම දැ යි යතහොත්: ඉදින් දිවේ නම් සතිස් ලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් සක්වළගබ සිසාරා බමරක් නැටුවා සේ ඇසිල්ලකින් දිවපියා දහවල් බතට වාසයට එන තරම් දව ඇත්තේය. එ දා දිව්යා බ්ර්හ්ම අසුර නාග සුපර්ණ ගන්ධර්වාදීන් දමනලද සුවඳින් මලින් මඟ අතුරු නැත්තෙන් මල්වැසි පිහිරා දුවනුයේ ලස් ව තිස් යොදනක් ගියේ ය යි දතයුතු.
මෙසේ මාගේ ඒ ස්වාමිදරුවෝ තමන් බුදු වෙමි යි නික්මුණු පමණකින් දසදහසක් සක්වළ දිව්ය බ්රිහ්මාදීන් කරනලද සංඛ්යාක පථයට විෂ ය වූ ප්රදිප තූය්ය්මර්‍ාදි වූ, පස්ලක්ෂ දොළොස් දහසක් මහා පූජා ලත් හෙයිනුත් අවශෙෂ වූ අසංඛ්ය ගණන් පූජා එ ම දා ම ලත් හෙයිනුත් මෙසේ වූ පූජා විඳිමට සුදුසු හෙයිනුත් කරුණා නිධාන වූ කරුණා ආකර වූ කරුණා ප්රදවාහ වූ කරුණා ගංගා වූ කරුණා ගෘහ වූ කරුණා ස්ථාන වූ කරුණා සමුද්රව වූ කරුණා පුඤ්ජ වූ කරුණා ස්වාමි වූ, කරුණා නාථ වූ, මාගේ සර්වඥරාජයාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො;
අත්ථානුරූපං “අරහං”ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං-යි.
මේ පූජාවලියෙහි අප බුදුන් පැවිදි වන දා ලද මහභිනික්මන් පූජා කථා නම් වූ දස වන පරිච්ඡෙදය නිමි.

පූජාවලිය-බෝධිමණ්ඩල පූජා කථා
එකොළොස් වන පරිච්ඡෙදය
තව ද: අප බුදුන් බුදු වන දා ලද බොධිමණ්ඩල පූජා නම් කවර යත්:
මෙසේ මාගේ බොධිසත්ත්වයෝ එ දා රෑ නුවරින් නික්ම මහත්වූ පූජා ලදින් වැඩ එ ගංතෙර අසු රඳවාලා “මේ කිනම් ගඟෙක් ද”යි විචාළ දෑ ය. අමාත්යමයා “ස්වාමීණි! මේ ගඟ අනෝමා නමැ”යි කී ය. “මාගේ පැවිද්දත් අනෝමය, අලාමක යැ”යි ගඟ නම අසා සතුටු ව අශ්වයාට “ගඟ පැන”යි විළුඹෙන් සන් කළදෑ ය. අශ්වරාජයා වාලධිය ගත් ඡන්න නම් අමාත්යවයා හා සමඟ අටසියයක් රියන් පළල ඇති ගඟ පැන රිදී පටක් වන් වැලිතලායෙහි රිදී පිඬක් සේ සිටියේය. බොධිසත්ත්වයෝ අසුපිටින් බැස මුතුරැසක් වන් ඒ වැලිතලායෙහි සිට ඡන්න වම් අමාත්යෝයා ලඟට කැඳවාලා: “යහළු ඡන්න ය! තෝ මා පලන් ආභරණ හා මේ අශ්වයා ත් නුවරට ගෙන යා. මම් මහණ වෙමි”යි කීදෑ ය. ඇමති “ස්වාමීනි! මම ද මහණ වෙමි”යි කී ය. බෝසතාණෝ කියන්නාහු: තට දැන් පැවිදි නො ලැබෙයි. තා මහණ වූවෝතින් මේ ආභරණත් නස්සී. අශ්වයා ත් එකලා වෙ යි. මපියාණන් හා කුඩා මෑණියන් හා යශෝධරා දේවීන් හා මා පැවිදිවූ ලෙස් නො දනිති. එසේහෙයින් දැනට තෝ යා. පසුව තා මහණ කරවා ගණිමි”යි තුන්විටක් කියා වැළකූදෑ ය.
මේ ඡන්න නම් අමාත්ය යා නම් “බුදුකෙනකුන් කාමබන්ධනයෙන් ගැළවීමෙහි අනුබල වෙමි”යි කප් ලක්ෂයක් කරන ලද ප්රාෙර්ථනා ඇතියේ ය. තෙසු කප් තබා මෙම කප මාගේ බුදුන් ස්වර්ණමෘග ජාතනයෙහි රන්වන් මුවරජව ඉපැද මල බැඳි ගිය දා දැක ප්රෙනම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේය. තව ද: මේ ම ඡන්න නම් අමාත්යවයා මාගේ බුදුන් රොහන්ත නම් මෘගජාතකයෙහි රොහන්ත නම් මුවරජ ව ඉපැද මල බැඳි ගිය දා දැක ප්රෙනම උපදවා ඒ මලින් ද ගළවා හැර සිත් සේ වල ඇවිදුනාවන් කෙළේය. තව ද: මෙ ම ඡන්න නම් අමාත්යදයා සාලිකෙදාර ජාතකයෙහි මාගේ බුදුන් ගිරා රජ ව උපන් සමයෙහි හැල්කෙත දී බැඳි ගිය දා දැක ප්රෙුම උපදවා ඒ මලින් ද ගළවා පීඩාවක් නො කොට සාලින්දි ය නම් බමුණා අතට හැර මහත් වූ උපකාර කැරවී ය.
තව ද: මෙ ම ඡන්න නම් අමාත්යායා ස්වර්ණමයුර ජාතකයෙහි රන්වන් මොනර ව දණ්ඩකීහිරඤ්ඤ නම් පර්වතයෙහි වාසය කොට සසියයක් හවුරුදු ගිය කල මලෙහි බැඳි ගිය දා දැක ප්රෙසම උපදවා කිසි පීඩාවක් නො කොට ඒ මලින් ද ගලවා හැර සිත් සේ ඇවිදුනාවන් කෙළේය. තවද: මෙම ඡන්න නම් අමාත්යතයා චුල්ලහංස ජාතකයෙහි මාගේ බුදුන් ඕවේත හංස රාජ ව උපන් සමයෙහි මලෙහි බැඳුණු දා පීඩාවක් නො කොට ඒ මලින් ද ගලවා ලී ය. තවද: මෙ ම ඡන්න නම් අමාත්යඒයා මහාහංස ජාතකයෙහි මාගේ බුදුන් හංසරාජන් ව ඉපැද මලෙහි බැඳි ගිය දා ඒ මලින් ද ගළවා හළ. මෙසේ සසර ජාති සහස්ර යෙහි නොඑක් බන්ධනයෙන් බුදුන් ගළවා උපකාරි ව අවුදින් දැන් මේ බුදුවන ජාතියෙහි කාමබන්ධනයෙන් අනුබල ව ගළවා සිත් සේ ධ්යාමන භූමියෙහි ඇවිදුනාවන් කෙළේ ය.
මෙසේ මෙසේ ඔහු උපකාරි ව ආ හෙයින් බෝසතාණෝ ඔහු අස්වසා “තා පස් ව මහණ කරවා ගනිමි”යි කියා සන්හිදුවාලා පලඳනා හා අශ්වයා ඕහට පාවා දී මෙසේ සිතූසේක. “මේ මාගේ හිසකෙස් වැටි ය තපසට සරුප් නො වෙයි. කෙසේ හරිම් දෝ හෝ”යි සිතා බොධිසත්ත්වයන් හිස අල්වා කෙස් කැපිමට අනිත් සුදුසු කෙනකුන් නැති හෙයිනු ත් සිය අතින් ම කෙස්වැටි ය කැපි ම හැම බුදුන්ගේ සිරිත් හෙයිනු ත් කොපුවෙහි තිබූ මඟුල් කඩු ව වලාකඩකින් හළ විදුලිය පතක් සේ හයා, දකුණතින් කඩුමිට ගෙන, වමතින් කෙස්වැටිය ගෙන, නිලුපුල් කලබක් සේ කපා හළ කල සිටි කෙස් දෑඟුල් පමණ ව දක්ෂිණාවර්තව නැමී සිරස හා සම ව හැලී ගිය. දැළි රැවුළු ද එසේ ම වි ය. නැවත ජීවිතාන්ත ය දක්වා කෙස් බෑව මැනවැ යි නැති ව එසේ ම පැවැත්ත.
ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ අඳුන් රැසක් සේ කෙස් වැටිය අතින් ගෙන “ඉඳින් එකාන්තයෙන් මම බුදුවෙම් නම් මේ කෙස්වැටි ආකාශයෙහි රඳාවයි, බුදු නො වෙම් නම් බිම වැටේව”යි අධිෂ්ඨාන කොට අහසට දැමුදෑ ය. එ කෙස් වැටිය සතර ගවුවක් අහසට පැන නැඟී කාළහංස රාජයකු සේ ලීලොපෙත ව සිටියේ ය. එ කෙණෙහි ශක්රාදෙවෙන්ද්රියා දිවසින් බලා දැක සතර ගවුවක් උස ඇති රුවන් කරඬුවකින් ඒ කෙශ ධාතු පිළිගෙන තමාගේ ශක්රු භවනයට ගෙන ගොස් සිළුමිණි සෑ නම් දාගබක් මවා දෙ දෙවු ලෝ වැසියන් ගෙන දැන දක්වා පූජා කෙරෙයි. එසේ හෙයින් කියන ලදී:
ඡෙත්වාන මොලිං වරගන්ධ වාසිතං
වෙහාසයං උක්ඛීපි අග්ග පුග්ගලො,
සහස්ස නෙත්තො සිරසා පටිග්ගහී
සුවණ්ණචංගොට වරෙන වාසවො-යි.
මෙසේ මාගේ බුදුන් කපා හළ කෙස්වැටි ය පමණක් පවා ශක්රගදෙවේන්ද්රනයා තමා මුදුනෙන් පිළිගෙන ශක්ති පමණින් පූජා කළ හෙයිනු ත්, එසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ති, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.
ඉක්බිත්තෙන් කෙස්වැටිය මෙසේ කපා බොධිසත්ත්වයෝ “මේ මා හිණ තුබු කසී සළුව තපසට සුදුසු නො වෙ”යි සිතුදෑ ය. එ කෙණෙහි කාශ්යුප බුදුන් සමයෙහි බෝසතුන්ට යහළු වූ ශුද්ධාවාස බ්රතහ්මලොකයෙහි මසන ඝටීකාර නම් මහාබ්රධහ්ම රජ්ජුරුවෝ බුද්ධාන්තරයක් මුළුල්ලෙහි නො නැසී පැවැත්තා වූ මිත්රජධර්වයෙන් යෙදුනාහු “අද මාගේ යහළුණුවෝ මහණ වෙමි යි සිතූ ය. උන්ට මහණ පිරිකර ගෙන යෙමි”යි කල්පොත්පත්තියෙහි දී පියුම් පෙත්තෙහි මැවී තුබූ සතර වන අටපිරිකර ගෙනවුත් ශ්රීප හස්තයෙහි තබාලූහ. එ කෙණෙහි බොධිසත්ත්වයෝ බ්ර්හ්මයා දුන් සිවුරු පෙරව, උතුම් වූ තවුස්වෙස් ගෙන, ඉණ තුබූ ශාටක යුග්ම ය අතින් ගෙන පෙර සේ ම ඉටා ආකාශයට දැමූදෑ ය. එ ද සතර ගවුවක් ආකාශයට පැන නැඟී ශ්වේත හංසරාජ යුග්මයක් සේ ලීලොපෙත ව සිටි කල මහාබ්ර හ්මයා දොළොස් යොදුන් රුවන් කරඬුවකින් ඒ සළු ව ස, පිළිගෙන බඹලෝ ගෙන ගොස් සිළුමිණි සෑ වඩා දැන් දක්වා මහත් වූ පූජා කෙරෙයි.
මෙසේ තමන් වහන්සේ මහණ වන දා ඇඳි සළුව දක්වා මහා බ්රළහ්මයාට මුදුන් මල්කඩ වූ හෙයිනු ත්, ඔහු තමා ශක්ති පමණින් පූජා කළ හෙයිනූ ත්, එසේ වූ පූජා විඳිමට සුදුසු හෙයිනු ත්, මාගේ බුදුහු අර්හත් නම් වන සේක.
මෙසේ මහණ වූ ඉක්බිත්තෙන් බෝසතාණෝ ඡන්නයා ලඟට කැඳවා “යහළු! තෝ ශොක නො කොට මාගේ කීමෙන් ගොස් මපියාණන් වහන්සේට හා මෑණියන් වහන්සේට හා යශොධරා දේවීන්ට හා මා නිදුක් පරිදි ත්, ඉසකේ කපා මහණ වූ පරිදිත්, මා කෙරෙහි ශොක නො කරන්ට ත් මපියාණන් වහන්සේ මපුතු රහල් කුමරුවා බලා මා කෙරෙහි ශොක නො කරන්ට ත් මෙ පරිද්දෙන් කිය”යි සමු දුන්සේක. ඡන්නයා බොධිසත්ත්වයන් වැඳ ප්රයදක්ෂිණා කොට ලා හඬ හඬා නික්මිණ.
කන්ථක නම් අශ්වයා බෝසතුන් මහණ වූ පරිදි ත්, ඡන්නයා හා සමඟ කරන කථා ත් දැන “නැවත මාගේ ස්වාමීහු දැක්මෙක් මට නැතැ”යි සිතා ාශික කරනුයේ චක්ෂුපථ ය ඉක්මෙත් ඉක්මෙත් ශොකාග්නින් ලය පැළී මිය රිදි කඳක් වැනි අස්කඳ බිම හෙළා එ කෙණෙහි ම තවුතිසා භවනයෙහි කන්ථක නම් දිව්යම පුත්රම ව තුන් ගවු උස දිව්යා ශරිර ඇති ව දිව්යථ පර්ෂදින් සැදී දොළොස් යොදුන් දිව්යව ප්රාවසාදයෙක පෙනී ගි ය.
ඒ ඡන්න නම් අමාත්යයයාට ආදි එක ශොකයෙක. අසු මළ පසු දෙවන ශොකයෙන් පෙළෙන්නේ හඬා ගෙන වැලප වැලප නුවරට ගොස් මෙ පවත් සැලකළේ ය.
ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවෝ මහණ වලා “අමාත්ය යා ගිය පසු නුවරින් ආ කෙනෙක් මා දැක පියති”යි එ තැනින් වැඩ එම ගංබඩ අනුපිය නම් අඹවනයට වැඳලා ඒ වනෙහි පැවිදි සුවෙන් සත් දවසක් නිරාහාරයෙන් වැඩහිඳ අටවන දා එ තැනට තිස් යොදුන් මඟ ගෙවා රජගහා නුවරට ගොස් පූර්වද්වාරයෙන් වඅද ගෙපිඵිවෙඵින් සිඟන්නට පටන්ගත් සේක.
එ නුවර පළමු සත් දවසෙක පටන් ඇසළ කෙළි නම් වූ නකත් කෙළියෙක් විය. මනුෂ්ය යෝ තමන් තමන් ගේ කර්මාන්ත හැර නුවරට වැද උත්සව කෙළි කෙළනාහු ය. එ දා ඒ මනුෂ්යරයෝ බෝසතුන්ගේ රූපදර්ශනි ය නිසා නාලාගිරිහු වන් එ ම රජගහ නුවර සේ, අසුරයන් වන් ශක්රුපුර ය සේ, හැළල අටළොස් කෙළක් මනුෂ්යුයෝ දිව අවුදින් බෝසතුන් වට කොට ගත්හ. එ වේලෙහි බෝසතාණෝ ගෙයක් පන්වා ගෙයකට නො ගොස්, වියදඬු පමණකින් වඩා දුර නො බලා, සන්හුන් ගමනින් පිඬු සිඟනසේක. එ දා රැස් වූ මිනිසුන් අතුරෙන් සමහර කෙනෙක් “කොල”මේ රාහුගේ භයින් මිනිස්ලොවට දිව වෙස්වලා ඇවිදිනේ පූර්ණ චන්ද්ර යා දෝ”යි යෙති. සමහර කෙනෙක් “කොල, කුමක් කියවු ද පූර්ණ චන්ද්රොයා මනුෂ්යි ලෝකයෙහි කවර කලෙක ඇවිදි විරි ද. ඒ සකලංක ය. මේ අකලංක ය. එසේ හෙයින් මේ පූර්ණ චන්ද්රනයා නොවෙ යි. අපගේ රජුගේ හා නුවර වැසියන්ගේ ක්රීරඩා විභූති ය අසා කෙළනා නිසා වෙස් වළා ආයේ මේ කාම දෙවයා දෝ”යි යෙති.
සමහර කෙනෙක් එ බසට සිනාසී “කොල, තොපි නන්දොඩවූ ද, ඒ අනංගයා නම් ඊශ්වරයා විසින් දවාපියන ලද අර්ධාංග ඇත්තේ ය. මේ සුරුෂයා ඉතා සම්පූර්ණ වූ ගාත්ර ඇත්තේ ය. එසේ හෙයින් මේ කාම දේවයා නො වෙයි. තමාගේ දිව්යඇ පුර ය දෝ හෝයි යන සංඥාවෙන් ඇවිදිනේ ශක්රි දෙවෙන්ද්ර යා දෝ”යි යෙති. සමහරු එ බසට සිනා පහළ කොට “තොප කියන බස් පූර්වාපර විරොධ ය. ඒ තොපගේ ශක්රකයාගේ දහසක් ඇස් කොයි ද, ඓරාවණ නම් හස්ති රාජයා කොයි ද, එසේ හෙයින් මේ ශක්රාදෙවෙන්ද්රහයෙක් නො වේ ම ය. මෙ නුවර බ්රානහ්මණ තපස්වි වරුන් වෙද වෙදාංගයෙහි ප්රාමාද ය යි වැඩ පිණිස ආයේ මේ මහා බ්රාහ්මයා දෝ”යි යෙති. ඔවුන් ඇමට නින්දා කොට සමහර කෙනෙක් “මේ සඳෙකුත් නො වෙ යි. කාමදේවයෙකුත් නො වෙ යි. බ්රදහ්මයෙකුත් නො වෙ යි. එකාන්තයෙන් ම මේ ලොකයට ඉෂ්ටකාමී වූ තපස්වියෙක් ම ය”යි කීහ.
එ කල රාජ පුරුෂයෝ රජු කරා දිව ගොස් “ස්වාමීනි, දෙවියකු බව ත් නො දනුම්හ. බ්රවහ්මයකු බව ත් නො දනුම්හ. යක්ෂයකු බව ත් නො දනුම්හ. නාගයකු බව ත් නො දනුම්හ. ගරුඩයකු බව ත් නො දනුම්හ. අපගේ මේ නුවර දොරින්දොර පිඬු සිඟ යි. ඉතා ආශ්චය්ය්මර් පුරුෂයෙකැ”යි කිහ. එ පවත් රජ අසා සිංහ පඤ්ජරයෙහි දොර හැර වීථීය බලනුයේ, බෝසතුන්ගේ රූපශ්රීප දැක ඉතා ආශ්චය්ය්නර් වූයේ “කොල, වහා යව. ඉදින් අමනුෂ්යායෙක් වී නම් නුවරින් පිටත් වලා අන්තර්ධාන වෙ යි. ඉදින් දෙවියෙක් වී නම් ආකාශයෙන් නැඟී යෙ යි. දිව්යදනාගයෙක් වී නම් පොළොව කිමිද යෙ යි. ඉදින් මිනිස් තවුසෙක් වී නම් ලද ආහාරයක් සැප තෙනෙක හිඳ වළඳ යි. දුටු පවත් මට කියව”යි නියොග කෙළේ ය.
ඉක්බිත්තෙන් බොධිසත්ත්වයෝ තමන්ගේ රූප ශොභාවෙන් සියලු සතුන් ගේ නුවන් තමන් කරා හයමින් යුගමාත්ර දර්ශී ව යැපෙන පමණක් සැඳි බත් ලදින් වන්වාසලින් ම නුවරින් පිටත් වලා පාණ්ඩව නම් පර්වත සෙවණෙක පූර්ව දිග් බලා වැඩහිඳ වළඳන්නට පටන් ගත් සේක. උපන් දා පටන් එසේ වූ බැගෑපත් ආහාරයක් ඇසිනු ත් නුදුටුවිරූ හෙයිනු ත්, සුවඳ ඇල්සාලේ අග්රක භොජන ය ම අනුභව කොට වැඩි හෙයිනු ත්, ඒ බත මුඛයට පෑලු වේලෙහි මාගේ ස්වාමිදරුවෝ සිතා වදාරනසේක් “එසේ ද සිද්ධාර්ථ ය! තෝ පෙර සුවඳ කවා තුබූ හැල්සාලේ අත්රස භොජන ය ම අනුභව කොට බත් කන කලෙහි ඉපැද රජ සුව විඳිනා සමයෙහි කවර දවසෙක සිවුරක් පෙරව ඇගින් ඩාදිය වගුර වගුරා දොර දොර පිඬු සිඟා පාංශුකූල වූ ආහාරයක් එකලා ව වැදහිඳ අනුභව කෙරෙම් දෝ හෝ, කවර දවසෙක ලැබෙම් දෝ හෝයි සිතා ඇවිද්දෙහි ය.
දැන් තෝ ඒ පාංශුකූල වූ ආහාර ය ලදින් පිළිකුල් සිතයි ද, සුභොජන ය ම වළඳා බුදු වතොත් කැමැත්තෙහි ද. තා සේ වූ අලජ්ජියෙක් තවත් ඇද්ද. තාගේ ශරිරයට සුව කැමැත්තෙහි වී නම් මුළු ලෝ වැසියන්ට කෙසේ නම් නිවන් සුව දී ලයි ද, තෝ ලජ්ජා ඇතියෙහි වී නම් මේ වේලෙහි පටන් බුදු වන දවස් දක්වා ලද යම් භොජනයක් අමා කොට සිතාලා ලද දෙයකින් යැපී ඉන්ද්රිලය සංවර ශීල ය අඛන්ඩ කොට රක්ෂා කරැ”යි මෙසේ තමන් වහන්සේ ම තමන් වහන්සේට ගුරුව ඉන්ද්රිිය සංවර ශීලය ඉටා ගෙන “එම්බල සිද්ධාර්ථ කුමාර ය! තාගේ මේ ඔරිර ය ඝන රනින් නිමවා ඔප් නඟන ලදුයේ නො වෙ යි. දෙකෙළ පනස් ලක්ෂයක් ඉසකේයෙන, නවානූදහසක් ලෝමයෙන, විසි නිය පොත්තෙන, දෙතිස් දතින, මස් වසා සිටි සමින, නවසියයක් මස් පිඬින, නවසියයක්නහරවැලෙන, තුන්සියයක්ඇටසඟුළෙන, පුරාතිබෙන ඇටමිදුලෙන, වකුගඩුයෙන, හදමසින, අක්මායෙන, දලබුයෙන, බඩදිවින, පපුකැනින, දෙතිස් රියන් බඩ වැලෙන, දෙතිස් රියන් අතුණු බහනින, උදරයෙන, අහර මලයෙන, ඉස්මුලින, ලය පුරා තිබෙන පිතින, උගුරු පිරුණු සෙමින, පූයායෙන, පැතිර සිටිනා ලෙහෙයන, සෝදියෙන, මේදස් තෙලින, ඇස් පුරන කඳුළෙන, විරී පවත්නා තෙලින, මුව පුරන කෙලින, නාසා පුරන සොටුයෙන, සඳමිදුලෙන, විත් පලා පිරුණු වටන් දියෙනැ යි යන මේ දෙතිස් පිළිකුල් කුණප කොට්ඨාශයෙන් ම පිරුණේය.
තව ද මේ පවිත්රැ වූ ආහාර ය තාගේ ශරීර නමැති ගෘහයෙහි, මුඛ නමැති වනට බහා දත් නමැති මොහොලින් කොටා, දිව නමැති කුල්ලෙන් පොළා, කෙළ නමැති දියෙන් ගරා, උදර නමැති සැළියේ ලා පඨවී නමැති උදුනට නඟා, ආපො නමැති දියවර ගෙන තෙජො නමැති ගිනි උපදවා, වායො නමැති පත් සලා, මෙසේ මහ කුස ගින්නෙන් දිවා රාත්රිැයක් කකියවා සැටපැය ගිය කල දිය වටන් මල වටන් උගතො මාර්ගයෙන් ඉතිරි පිළිකුල් බවට පැමිණෙ යි. තාගේ මේ ශරීර කුණප ය බල ත් මේ ආහාර ය ම ඉතා පිරිසිදු ය. ඉතා පවිත්රණය. ඉතා උතුමැ”යි සිතත් සිතත් බෝසතුන්ට ඒ ආහාර ය ම සුභොජන වී ය. එකල “සිද්ධාර්ථ කුමාර ය! තාගේ මේ ශරීරයද එක් ධතුයෙක. මේ ආමාර ය ද එක් ධාතුයෙක. එසේ හෙයින් ධාතු සමූහයෙක් ධාතු සමූහයක් වළඳ යි” යනාදීන් මෙසේ ප්රසත්යුවෙක්ෂා කොට පිළිකුල් නැති ව ම ඒ ආමාරය ම වැළදුසේක.
ඉක්බිති රාජසුරුෂයෝ බත් වළදන්නා දැක ගොස් රජහටසැලකළහ. රජ්ජුරුවෝ දුතයන් කි බස් අසා වහා නුවරින් නික්ම බෝසතුන් කරා ගොස් වැඩහුන් ලීලා දැක පැහැද නම් සලකුණු විචාරා බෝසතුන් ඇඳින, “කිමෙක, යහළු සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ වංශයෙහි සිඟා කෑ එක ද රජෙකු ත් නැත. මහත් වූ රාජ්ය ශ්රීි ම විඳිති. තොපගේ රජකුලයට පරිභව නොකරවා යහළු, මාගේ මේ රජගහානුවර නම් අසූ දහසක් නියම් ගමින් හා අටලොස් කෙළක් මනුෂ්ය්යන් විසින් හා ගැවසී ගත්තේය. තුන් සියයක් යොදුන් අඟු මගධ දෙරටින් නිමන අයින් අතුරු නැත්තේ ය. ඉසිගිලි, වේහාර, වේපුල්ල, පාණ්ඩව, ගිජ්ක්කූට යන පඤ්චමහා පර්වතයන්ගෙන් පරික්ෂිප්ත විය. පූර්වයෙහි චක්රමවර්ති රජුන්ගේ ම වාසස්ථාන ය. අමිත හොගී වූ පඤ්ච මහා ධන සිටු වරුන්ගෙන් ශොභමාන ය.
යහළු, මෙ නුවර මා හා එක් ව රජ ය කරව”යි කියා සියලු තමාගේ රජ ඉසුරු දින. බෝධිසත්ත්වයෝ “සත් දවසකින් ලැබෙන චක්රසවර්තිරාජ්යහ ය හැරපියා අවුදින් දැන් තොප හා සමඟ අර්ධරාජ්යු ය ගතිම් නම් ඒ චින්තාමාණික්යව රත්නය හැරපියා විදුරුගල් ගත්තා වැන්න රජ සැපතින් මට කම් නැත. සම්ය්ක්සම්බොධි ය පතා මහණ විමි”යි කී සේක. රජ්ජුරුවෝ නො එක් ප්ර්කාරයෙන් රජයට යාච්ඥා කොට නො ගිවිස්නා හෙයින් “එසේ වී නම් නුඹ වහන්සේ යම් දවසෙක බුදු වූ සේක් වෟ නම් පළමුව මා ගේ නුවරට වැඩ මිනිසුන්ට දෙසන පළමු වන ධර්මදෙශනාව මට ම දෙසුව මැනවැ”යි ප්රුතිඥා ගෙන අවසර ලදින් නැවත ඒ බිම්සර රජ්රුරුවෝ තමන්ගේ රජගහා නුවරට ම වන්හ. එසේ යෙහින් කියන ලදී:-
අථ රාජගහං වර රාජගහං
නර රාජවරෙ නගරත්තු ගතො,
ගිරිරාජවරො මුනිරාජවරො
මිගරාජගතො සුගතොපි ගතො-යි.
ඉක්බිත්තෙන් බෝසතාණන් වහනිසේ “බුදු ව පළමු වන ධර්මදෙශනා ව මහරජ තොපට ම දෙශනා කෙරෙමි”යි රජහට ප්රෙතිඥා දීලා මිණි ගුහාවෙන් නිකුත් සිංහරාජයකු සේ ඒ පාණ්ඩව නම් පර්වත ගුහාවෙන් නික්ම, අනුක්රුමයෙන් දනව් සැරිසරා ඇවිදිනා සේක් ආලාර ය උද්දක ය යි යන තාපස වරුන් දෙදෙනා කරා ගොස් කිප දවසක් එහි වාස ය කොට අෂ්ටසමාපත්තින් උපදවා ගෙන “මේ ධ්යාසන මාත්රෂයකින් බුදු ව ලෝවැඩ කළ නොහැක්කැ”යි එහි ත් ලොභ නො කොට ඒ තපස්වීවරුන්ගේ සමයෙහි නිවන් නැතැ යි හැර එ තැනින් වැඩ සියලු දිව්යව මනුෂ්ය”යන්ට තමන් වහන්සේ ගේ විය්ය්නර්බුල දක්වා මහත් වූ දුෂ්කර ක්රිටයා කෙරෙමි යි සිතා උරුවෙලා නම් දනවුවට වැඩ ඒ රමණිය වූ වැලිතලාව දැක මේ තපසට රම්යට සථානයෙකැ යි පැහැද එ තැන වාසයට පටන් ගත් සේක. ඒ උරුවෙපායෙහි වැලිතලාව නම් කෙසේ වි ය යත්?
පෙර ධ්යා නලාභි දසදහදක් තාපසහරුන් පොහෝ කලක් විසූ පන්සල ය. එ කල ඔහු ඇම දෙනා ම “අප ඇමදෙනා අතුරෙන් යම් යම් කෙනෙක් තමන් තමන් රහස ත් කාමවිතර්කාදි පාපයක් සිතු නම් හිරු උදයේ ගොස් මේ ගඬ්ගාවේ කට පමණක් දියට බැස ගංපල්ලෙන් වැලි ගෙනවුත්මේ මලු මධ්ය යෙහි ලාලා ආරොචනය කළ මැනව ඔහට මේ දඬුවම් නමැ”යි කතිකා කළහ. එකල ඒ තාපසවරු අකුශල විතර්කයක් සිතූ කල එ ම ත්රිමයෙන් වැලි ගොටුවක් ලා ඇවැත් දෙසුහ. දීර්ඝ කාලයකින් යොදුන් පමණ වැලිතලාවෙක් විය. පසු ව තාපසවරුන්ගේ අයාමෙහි උපන් රජදරුවෝ “මේ පෙර උත්තමයන් විසූ තෙන ය”යි සිල්වතුන් ඇදි වැලිය”යි සිසාරා පවුරු බඳවා උපචාර කළහ. මෙසේ ඒ උරුවෙලා නම් වැලිතලාව රම්ය සේ දැක දුෂ්කර ක්රි.යාවෙන් එහි වාසයට පටන් ගත් සේක.
ඉක්බිත්තෙන් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ය, භද්දි ය, වප්පය, මහානාම ය, අස්සජි ය යිපෙර කී පඤ්ච වර්ගයෙහි භික්ෂුහු ගම් නියම් ගම් රාජධානියෙහි සැරිසරා ඇවිදුනාහු ඒ උරුවෙලාවට වැද බෝසතුන් දුටුහ. එ තැන් පටන් එක් ව වාසය කොට සාවුරුද්දක් මුළුල්ලෙහි ස්වාමිදරුවන් දුෂ්කර ක්රි යා පුරන කල “මේ සිද්ධාර්ථ කුමාරයෝ අද බුදු වෙති. සෙට බුදු වෙති”යි මලු ඇමද නහන බොන පැන් දී වත් පිළිවෙත් කොට දුක් ගෙන සමීපයෙහි වාසය කළාහු ය. බෝසතාණෝ “මේ ශරීරයට පාසුවක් කොට බුදු විය නො හැක. ඉතා මහත් වූ දුක් දී දුෂ්කර ක්රිනයායෙන් මුදුන් පැමිණෙමි”යි දවසෙක තල ඇටක් සා භොජනයකිනු ත් යපී දවස් යවන සේක. හැම පරිද්දෙන්ම ආහාර වර්ජිත කොට මිරිස් කනක් ලද ත්, තිබිබටු කනක් ලද ත්, දවස් යවන සේක. සමහර දවසෙක බත් හුලකින් වුව ත් දවස් යවන සේක. සමහර දවසෙක සුන් බතු ත් වන සේක. දෙවතාවෝ ආහාර වර්ජිතයෙන් නො නසිත්ව යි සිතා මුඛයෙන් අනුභව නො කරන හෙයින් නවානුදහසක් ලොමකූපයෙන් දිව්ය ඕජස් බහා ජීවිතය රක්ෂා කෙරෙති. ඉක්බිත්තෙන් මෙසේ ආහාර වර්ජිත කිරීෙමනදෙුර්වල වත් වත් රන් කඳක් වන් ශරීර ය කාළවර්ණ ව ගි ය. දෙතිස් මහා සුරුෂ ලක්ධණයෝද ශරීරයෙහි ම සැඟවී ගියහ. එක් දවසක් තුන්යම් රාත්රිී ය මුළුල්ලෙහි මෙසේ නිරාහාරයෙන් සක්මන් කොට භවනා කරන්නාහු දසකෙළ දහසක් සුරුෂයන්ට බල ඇති මාගේ ස්වාමිදරුවෝ ආහාර වර්ජිතයෙන් පස්කඳ ධරාගත නොහී සක්මන් කෙළවර ගසකින් හුණු පුරාණ පත්රරයක් සේ බිම වැටී විසංඥ වූ සේක. එ වේලෙහි සමහර දේවතාවෝ “අහෝ, ඛෙදය, ලොවට හානි විය. මහණ භවත් ගෞතමයෝ බුදු වෙමි යි උත්සාහ කොට බුදු වි ය නොහී බලව, දැන් මිය ගියාහු ය”යි සිසාරා සිට හඩති. සමහර දේවතාකෙනෙක් “තව නො මළාහු ය. ඇසිල්ලකින් උපදිති බුදු නො ව ඕහට අන්තරායෙක් නැතැ”යි කියති.
ඉක්බිත්තෙන් එක් දෙවතා දුවක් බෝසතුන් විසංඥව බිම හුණු විට ම කිඹුල්වතට දිව ශුද්ධොදන රජ්ජුරුවන්ගේ ශ්රී යහන් ගබඩාවෙහි ආකාශයෙහි සිට ආලොක පතුරුවා රජ්ජුරුවන් පුබුදුවා “කිමෙක් ද, ශුද්ධොදන රජ්ජුරුවනි! තොප පුතණුවෙන් සිද්ධාර්ථ කුමාරයෝ දැන් පරලොව ගියාහු ය”යි කිව. එ බස් අසා රජ්ජුරුවෝ “මපුතණුවෝ බුදු ව මළාහු ද, නුබුදු ව මළාහු දැ”යි විචාළහ. “බුදු වි ය නො හි දුෂ්කර ක්රිනයා භූමියෙහි මළාහ ය”යි කිව. එ බස් අසා රජ්ජුරුවෝ “මම ති කි බස් නො ගිවිසිමි. මා පුතණුවන් ලොවුතුරාබුදු නො වී මිය යාමෙක් නම් අහසට පොළොව සේ දුරැ”යි කියා නො ගිවිස්සාහ. මෙසේ තර ව රජ්ජුරුවන් නොගිවිස්නට කාරණ කිම යත්:-එදා කාළදේවල නම් තාපසයන්ගේ ජටාන්තරයෙහි ශ්රී් පාදය පෙනී ගිය ප්රායතිහාය්ය්ශර්, දඹගස මුලදි දුටු ප්රා්තිහාය්ය්ෂර් ය යි යන මේ දෙකාරණයෙන් ප්රතත්යක්ෂව රජ්ජුරුවෝ නො අදහා “තී සේ වූ දෙවතාදුන් සියයක් දහසක් කිව ත් මම නො ගිවිසිම් ම ය. මපුතණුවෝ බුදු ව ධර්ම දෙසා මුත් නො මියෙත් ම යැ”යි ප්රතතික්ෂෙප කළාහු ය.
ඉක්බිත්තෙන් දෙවතා දු නැවත ගොස් බෝසතුන් පැනනැගී සිටියවුන් දැක සතුටු ව නැවත දිවගොස් “රජ්ජුරුවෙනි! තොප පුතණුවෝ නො මළාහු ය. ශොක නො කරව”යි කිව. මෙසේ ම දෙවතාවෝ නො එක් වාරයෙහි අවුදින් බෝසතුන් මළහ යි යෙති. නො එක් වර ම රජ්ජුරුවෝ නො ගිවිසිත් මය. ඉක්බිත්තෙන් මාගේ බොධිසත්වයන් කරන්නා වූ වීය්ය්.ර් අහස හා පොළොව ගැට ලන්නා සේ, මහ මුහුද පැන් ඉස්නා සේ, මහමෙර සොලවන්නා සේ, ඉතා උගහට වී ය.
මෙසේ දුක් ගෙන බුදුවිය නොහී “මේ බුදු ව යා හැකි මඟෙක් නො වෙයි. දුක් හැරපියා ආහාර පර්යෙෂණය කොට කායබල ෑපදවාගෙන වීය්ය් ර් කොට බුදු වෙමි”යි සිතා නානා සථානයෙහි ඇවිද හික්ෂාටනය කොට මධුර වූ ආහාරය අනුභව කරන්නට පටන් ගත් සේක. නැවත ශරීර ය රන්කඳක් සේ ව සැඟවී ගිය දෙතිස් අසූ ලකුණු පහළ වී ය. එ කල පස්වග මහණු “මේ සිද්ධාර්ථ කුමාරයෝ සාවුරුද්දක් දුෂ්කර ක්රිණයා පුරා බුදුවිය නුහුණුවෝ ය. දැන් නානා සථානයෙහි පිඬු සිභා මධුර වූ ආහාරය අනුභව කොට කවර කලෙක නම් බුදු වෙද්දැ යි, ඉස් ශොධා නහනු කැමැති ව පිනිබිදු එක්කරන්නා සේ මෝහට දුක් ගෙන කවර දා වැඩක් විඳිමෝ දැ”යි තමන් තමන්ගේ පා සිවුරු ගෙන අටළොස් යොදුන් මඟ ගෙවා ගොස් බරණැස ඉසිපතනයට වැද වාසය කෙරෙති.
එ සමයෙහි එ ම උරුවෙලා නම් දනවුවෙහි සෙනානි නම් නියම් ගම සෙනානි නම් සිටකුගේ සුජාත නම් දුවක් වැඩිවිය පැමිණ අජපාල නම් න්ය ග්රො ධ වෘක්ෂය කරා ගොස් “මේ වෘක්ෂයෙහි දෙවතාවාණෙනි, මම් මතු සම වූ ජාති හා ධන රුව ඇති සිටකු කෙරේ සරණ රැකි කුළුඳුලෙහි පුතකු ලදිම් නම් එ තැන් පටන් හවුරුදු පතා ලක්ෂයක් අගනා කිරිබතකින් තොපට පූජා කෙරෙමි”යි යාදිනි කළා ය. පසු ව ඕතොමෝ බරණැස සිටාණන් කෙරේ වැස කුළුදුලෙහි යස නම් පුතකු ලදින් හවුරුදු පතා ඒ නුගගස දෙවතානට බිලියම් දෙ යි. එ කල මාගේ බුදුන් දුෂ්කර ක්රිතයා පුරා සාවුරුද්දක් ගියකල බුදු වන වෙසඟ මැදි පොහෝදා දෙවපූජා කෙරෙමි යි ඒ සුජාතාවෝ පළමු ව දහසක් දෙනුන් වැල්මී වෙනෙහි කවා උන්ගේ දහසක් කිරි බඳුන් දෙව, ඒ කිරි කකාරා පන්සියයක් දෙනුන් පොවා, ඒ දෙනුන්ගේ කිරි දෙව කකාරා දෙසාය පනස් දෙනකු පොවා, ඔවුන්ගේ කිරි දෙව කකාරා එකසිය පස්විසි දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා සූසැට දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා දෙතිස් දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා සොළොස් දෙනකු පොවා, උන්ගේ කිරි දෙව කකාරා මඟුල් දෙනුන් අටදෙනකු පොවා, මෙසේ ඒ දහසක් දෙනුන්ගෙන් දෙවි කිරි අට පරම්පරාවෙකින් බොල් ව මියුරු වූ කල එ දා උදාසන ඒ දෙනුන් අටදෙනාගේ කිරි දෝනා සඳහා වස්සන් මුදාලු කල වස්සෝ බුරලුවල තොලු නො ලා සිටිති. එ විගස නවුම් භාජනයෙන් පැලූ වේලෙහි ක්ෂිරධාරාවෝ ඒකධාරා ව තුමූ ම වැගිරි බඳුන් පුරා ඉතිරි සිටගත්හ.
ඒ ආශ්ච්ය්තර් දුටු සුජාතාවෝ තමන් සවස්තයෙන් ම කිරි ගෙන නවමු මහ සැළෙක බහාලා අගුරු දෙවුදුරු කපුරු කළුවැල් සදුන් යනාදි සුවඳ දරින් කිරිබත පැස වන්ට පටන්ගත්හ. එ බත පැසෙත් පැසෙත් මහත් බුබුළු නැඟී දක්ෂිණාවෘත්ත ව සැළ වටා දිවෙයි. එක බින්දුවෙකු ත් පිටත නො යෙයි. ඒ උදුනෙන් පාන්, ශිකාවෙක දුම් පමණකුත් නො නැගෙයි. එ වේලෙහි වරම් රජදරුවෝ සතර දෙන අවුත් උදුන සතරදිග රකවල් ගත්හ. ශක්රෝදෙවෙන්ද්රකයා අවුත් ද දා බට පෙණෙහෙලි උදා ගිනි දල්වා අරක්කැමි කම් කෙරෙ යි. මහා බ්රහහ්මයා උදුන් මුදුනට සේසත් ගෙන සිටගත. දසදහසක් සක්වළ දෙවියෝ දස දහසක් මනුෂ්ය ලොකවල ද සැට දහසක් දිව්යෝ ලොකවල ද ඇති යම් ම රසයක් තමන් තමන්ගේ ආනුභාවයෙන් දඬුවැල්බෑ මීයක් පෙළා මධුරස ගන්නවුන් සේ හැම රස ම ගෙන ඒ බඳනේ බහාලූහ. සුජාතාවෝ මේ ආශ්ච්ය් ර්යක දැක තමන්ගේ පූර්ණා නම් දාසි ය කැඳවා “බුහුනැණියෙනි, මෙතෙක් කල් මේ බත් ප්සන කල මෙසේ වූ ප්රා්තිහාය්ය්්ර්යෙතක් නු දුටු විරිමි. අපගේ වෘක්ෂ දේවතාවා අද ඉතා ම මා කෙරෙහි පැහැද ගියේ වන. තෙපි පළමු ව දිව ඒ දෙවාලය සකසා පිස පියව”යි කිව. ඒ පූර්ණා නම් දාසි අජපාල නම් ඒනුගගස කරා ගියා ය.
මාගේ බෝසතාණෝ එ දා රෑ පඤ්ච මහා සවප්නයක් දුටුහ. ඒ කෙසේ ද යත්:-පශ්චිම හවික වු මහා බොධිසත්ත්වවරයන්බුදු වන දවස් චාතුර්දශි දින රාත්රිවයෙහි දක්නා සවප්නයෝ පස්දෙනක එසේ හෙයින් ම මහා සවප්න යයි ව්යවවහාර වි ය. එ දවස් රෑ “සෙට මැදි පොහෝ දින ය. වෛශාඛ යොග ය ත් යෙදිණ, මාගේ උත්පත්ති මහා මඬ්ගල වූ දින ය. දුෂ්කර ක්රිසයායෙන් දැන් හවුරුදු සහකු දු සම්පූර්ණ වි ය. එසේ හෙයින් සෙට මැදි පොහෝ දිනයෙහි ලොවු තුරා බුදු ව මහා බුද්ධ මඬ්ගල ය නු දු ලදිම් නම් යෙහෙකැයි සිතා වැදහෙව නිද්රාදවට පටන්ගත් සේක. එකල එක් වේලක දක්නා සේක් මේ සා මහ පොළොව ශ්රී මහනක් කොට, හිමාල ය පර්වත ය මාවුලාවක් කොට, සතර මහා සාගරයෙහි සතර ගාත ය ගලා, ඇඟිලි අගින් සක්වළ ගල පිරිමදිමින්, උඩු බලා වැඳ හොත් සේක් නම. එ කෙණෙහි බඹලෝ දක්වා සියලු දෙවියන් හා විමාන හා විශේෂයෙන් පෙනෙන්නේ නම. එ කෙණෙහි පිබිද සවප්නයෙහි අර්ථ පරික්ෂා කොට “ඒකාන්තයෙන් මේ මා සිතූ දෙය සිද්ධවන්නා වූ මඟුල් සවප්නයෙක් ම ය. සම්යයක් සම්බොධිය නමැති මහ පොළොව මට ශ්රී් යහන් වන. බුද්ධඥාන ය මට කන්වයිනක් ව ආධාර වන. චක්රහවාට ය මුළුල්ලෙහි ම මාගේ ධර්මචක්රනයෙන් ම සම්පූර්ණ වන. තුන් ලෙවුහි මම ද උත්තානි ව සියලු සතුනු දු උන්මුඛ කර වන් මි. තුන් ලොව එකාඩ්ගණ ව පෙනිගියා සේ ම අනන්තාපය්ය්.ර්න්කත නූ ලොකධාතු විශෙෂයෙන් දක්නා තරම් අසිධාරණ වූ දිවැසුත් ලබන වන්මි. තුන්ලොව එකාලොක ව ගියා සේ ම මා සිත ද අනාවරණ ඥනයෙන් එකා ලොක වන එකාන්තයෙන් ම මම සෙට බුදුවෙම් යැ”යි පළමු වන සවප්නයෙන් ම දත්සේක.
තව ද එක්් වේලෙක සුරක්ත වූ හීතණ ගසෙක් තමන් වහන්සේගේ නාභිමණ්ඩලයෙන් පැනනැගී නඟුපිසක් සා ව සියක් යොදුන් ව, දහසක් යොදුන් ව වැඩි වැඩී සදෙවුලොව ගෙවා ගොස් සොළොස් බඹලොව ගෙවා ගොස්, පත් සෙවෙනි පෙළක් සේ මුළු සක්වළ වසාගෙන ඉඳුනිල් මිණි සතක් සේ සිටගත් නම. එ වේලෙහිදු පිබිද ඉතා විස්ම ය පත් ව “මෙයි දු අනික් කාරණයෙක් නො වෙයි. බුදු මඟුලට ම කාරණ ව සවප්නයෙක් ම ය. තණ නම් තෘෂ්ණාවය. තෘෂ්නාව නම් මාගේ බුදු වන තෘෂ්ණාව ම ය. හීතණ වෘක්ෂ ය නම් ශාන්ති වෘක්ෂ ය ය. තුන්ලෙිව පුරාගත් හෙයින් තුන්ලෝ ශාන්තියෙන් පිරුණා මැනව. ඒ ශාන්ත වෘක්ෂය ද මාගේ ම නාභියෙන් නැඟී හෙයින් ඒ ශාන්තිය ද ලොවට මා විසින් මවුව මැනව. අමා මහ නිවන් ශාන්තියෙන් මුළුලොව පුරවන්නෙමි”යි සිතා දෙවන සවප්න යෙහිදු අර්ථ දුටුසේක.තව ද එක් වේලෙක එක්තරා එක් පණුවෝ ජාතියෙක් ඉතා ධවලයෝ නම. කළු වූ ඉස් ඇත්තෝ නම. මෙසේ වූ ලක්ෂ සුවහස් ගණන් පණුවෝ ඒ ඒ දිගින් අවුත් තමන් වහන්සේ සිසාරා අතුරු නොදි ගලා ගෙන දෙ පත්ලෙහි පටන් දෙ දණමඬල දක්වා පැනනැංගෝ නම. එ වේලෙහි දු පිබිද ඇති ප්රී්ති උපදවා ‘අති නීල වූ කෙස්වැටි ඇති, ශුද්ධ වූ වස්ත්ර ඇති, බොහෝ වූ වෛනෙය ජනයො මා කරා රැස් ව මාගේ පාද මූලයෙහි පිරෙනු වන්හ. බොහෝ දෙන මා සරණ ගන්නා වන් හ”යි තුන් වන සවප්නයෙහිදු අර්ථ දැක සෙට බුදු වෙම් ම ය යි සනිටුහන් කළසේක.
තව ද එක් වේලක අනෙක වර්ණ වූ පැහැ ඇති, ඉතා මනොහර වූ රූ ඇති, ලිහිණියෝ සතර දෙනෙක් සතර දිගින් දිව අවුත් බෝසතුන් පාදමූලයෙහි හිඳ ඇසිල්ලකින් තමන්ගේ පළමු වර්ණ හැර ඉතා සර්වාඬ්ග ධවල ව ගොස් එක වර්ණ ව ගියෝ නම. එවේලෙහි දු පිබිද ප්රීවති එළවා “ලිහිණියෝ සතර දෙන නම් රජ-බමුණු-වෙළද-ගොවි යයි යන චාතුර්වර්ණයහ. ඔවුන් නන් පැහැ ඇති වුයේ නම් නානා වර්ණ-නානා ජාති- නානාච්ඡන්ද-නානාදෘෂ්ටි ඇති නියාවට කාරණ ය. ඔවුන් මා කරා පැමිණිම නම් ඒ චාතුර්වර්ණයන් මාගේ පාද මූලයට රැස් වන්නට කාරණ ය. ඒ ලිහිණියන් තමන් තමන්ගේ වර්ණ හැර මා කරා පැමිණ ඉතා ශ්වෙත වර්ණ ව ගියේ නම් ඒ චාතුව්ර්ර් ණයන් මා කරා පැමිණ තමන් තමන්ගේ නානා ජාති ගොත්ර් හැර මාගේ සසුන් වැද මහණ ව ශාක්ය්පුත්රගයෝ ය යි එක වර්ණ ලදින් අමා මහ නිවන් දැක පරිශුද්ධ වූ ශරිර ලැබීමට කාරණ ය”යි මෙසේ සතර වන සවප්නයෙහි දු අර්ථ දැක සෙට බුදු වෙම් ම යයි සනිටුහන් කළ සේක. තව ද එක් වේලෙක යෝජන ප්රෙමාණ වූ අමෙධ්යළ පර්වතයක් මුදුනට පැනනැඟී ඔබමොබ සකමන් කොට ඇවිදිනා සේක් වී නම. එ කල කිසි අමෙධ්යමයෙකුත් ඔබගේ ශ්රීමපාදයේ නො වැකේ නම. එ වේලෙහි දු පිබිද ඉතා විස්මය ව මෙහි දු අර්ථ කිමෙක් දෝ හෝ යි පරීක්ෂාකොට “මෙයි දු මා බුදු වන්නා වූ සවප්නයෙක් ම ය. බුදුහු නම් මුළුලෝ වාසීන් කරන ලද අප්රවමාණ වූ ප්රාත්යහ දාන ය ලද ත් එහි කිසි ඇල්මකු ත් නො කරන්නාහ. එසේ හෙයින් මෙයි දු මට ද මාගේ ශ්රාකවකයන් ට ද මතු චතුර්විධ ප්ර ත්යල ය දාන ය පොහෝ කොට ලැබිමට කාරණය. එසේ හෙයින් අමෙධ්ය්යෙක් මා පය නො ඇලුණා සේ ම, මතු මා ද මාගේ ශ්රා වකයන් ද ලාභ සත්කාරයෙහි ලොභ නො කොට නො ඇලීමට කාරණය”යි පස්වන සවප්නයෙහි දු අර්ථ දැක අලුයම් වේලෙහි පැනනැඟි මේ ආදි කාරණයෙන් අද බුදු වෙම් ම ය යි අධිෂ්ඨාන කොට එ දා උදය දැවිටු කා මුඛ ශොධන ය කොට, පාත්ර සිවුරු ගෙන, එකචාරී වූ ගඳැත් පොවුවකු සේ බරණැස සෙනානී වම් ගමට වැඩ, අජපාල නම් බ්රාුහ්මණයා එ තැන දී කළා වූ යාග ය ගෙන අජපාල නම් නුග යයි ප්රමසිද්ධ වූ ඒ මහ නුග ගස මුල පූර්ව දිග් බලා වැඩහුන් සේක.
එ වේලෙහි ඔබ ඇඟින් නැඟෙන ප්රදභාවෙන් නුග ගස සියලු පත්රුයෝ රන් කැටපත් සේ බබළා පැන නැඟෙති. මෙසේ බාලාර්ක මණ්ඩලය සේ වැඩහුන් බෝසතාණන්ගේ ශරීර ප්රාභාව ඒ පූර්ණා නම් දාසි ය දැක ඉතා විස්මය පත් ව “අද අපගේ වෘක්ෂ දෙවතාවාණන් වහන්සේ විමාණයෙන් බැස පියා සවහසතයෙන් ම බත් පිළිගනිමි යි සමානයක් නැති ව ම වැඩහුන් සේකැ”යි සතුටු වූ සිත් ඇති ව ආපස්සේ දිවගෙන ගොස් “නඟන්ඩ! සුජාතාව, තිගේ දේවතාවා අද සදාශයෙන් ම ගසමුල වැඩහුන්නේ ය. තමද තිට අභිවෘද්ධියක් කෙරෙයි. මහා ගොසින් කිරිබත් පුදව”යි කිව. සුජාතාවෝ ඈ කි බස් අසා ඉතා සතුටින් පිනා “මෙ බඳු වූ සතුටු අසුන් මට කි තොපි අද පටන් මාගේ මහලු දු ය”යි කියා දු තනතුරෙහි තබා දුවකට දෙන තනතුරු හා දායාද හා ආභරණ සැපත් දුන්හ.
හැම බුදුන් බුදු වන දා ලකුෂයක් වටනා රන් තලියෙක් ම කිරිබත් පිළිගැන් ම ඒකාන්ත ධර්මයක් ම හෙයින් එ දා සුජාතාවෝ ද බුදුන්ගේ පිනින් “රන්තලියකින් අද කිරිබත් පුදවි”යි සිතාලා ලක්ෂයක් වටනා රන් තලියක් ගෙන්වා ගෙන සකස් කොට මැද පියා බත්සැළ ඔසවාගෙන රන්තලි ය මුදුනෙහි මුණින් නමාලුව. එ කෙණෙහි එක බත් හුළකුත් සැළි පල්ලෙහි නො ගෑවී නෙළුම් පතෙක පැඳ ලූ දියත්තක් සේ තලියෙහි වැගිර අගලක් සා තැනුත්අඩු නො ව තලි ය පුරා සම ව සිටගත. ඉක්බිත්තෙන් ඒ බත් තලි ය ලක්ෂයක් වටනා අනික් රන් තලියකින් වසාගෙන ඒ මත්තෙහි සුදු වස්නකින් වසා, තොමෝ ද ඉස් සොධා නහා දෙවඟනක සේ සර්වාභරණයෙන් සැරහී බත් තලි ය ඉස් මුදුනෙහි තබාගෙන බෙර සක් තිඹිලි ද්වජ පතාකාදි මහත් වූ පූජා පෙරහරින් නුග ගස කරා ගොස් බෝසතුන් දැක ඉතා සන්තොෂ වූ සිත් ඇත්තී, රුක් දෙවියා යි යන සිතින් දුටු තෙත පටන් ආදරයෙන් නැමි නැමී ගොස් මුදුනෙහි තුබූ තලි ය බහාගෙන ලිධාන ය හැරපියා පෙරට තබාලා ස්වර්ණාභිංකාරයෙන් සුවඳ පැන් ගෙන සමීප ව සිටියාය.
මහා බ්රනහ්මයා දුන් මැටි පාත්ර් ය මේ සාවුරුද්ද මුළුල්ලෙහි ප්ර යෝජනවත් ව දුතියක භාජනයක් බුදුන් නො පිළිගන්නා හෙයින් එ කෙණෙහි අන්තර්ධාන වි ය. බෝසතාණෝ සමීපයෙහි තුබූ මැටි පාත්රනය නො දැක දක්ෂිනොදක ය ඉවසුසේක. එ කෙණෙහි සුජාතා තමා ආයාසයෙන් පුසු පායාස ය රන්තලියෙන් ම බුදුන් අතට පිළිගන්වාලුව. බෝසතාණන් වහන්සේ තලි ය මා හැඟි සේ දැක සුජාතාවන් මුහුණ බැලූසේක. සුජාතාවෝ අභිප්රාාව දැන සවාමිනි! තෙල බත් තලි ය හාසමඟ ම නුඹවහන්සේට දිනිමි. සිත් සේ පිළිගෙන වැඩ කැමති තෙනෙක දී වැළඳුව මැනැවැ”යි ආරාධනා කොට පසඟ පිහිටුවා වැඳලා “යම් සේ නුඹ වහන්සේ නිසා මාගේ අභිප්රා“ව සිද්ධ වී ද, එසේ ම නුඹ වහන්සේගේ අභිප්රාසව ද සිද්ධ වේව”යි කියාලා ගියා ය.
මේ සුජාතාවෝ නම් පියමතුරා බුදුන් සමයෙහි බුදුකෙනකුන් බුදු වන දා කිරිපිඬු දන් දෙමි යි ප්රාුර්ථනා කොට, එ කල දනාදි පින් කොට කප් ලක්ෂයක් නරකාදි දුක් නො දැක සසර ඇවිද, අප බුදුන් සමයෙහි බරණැස සිටුදුව ඉපැද ඒ ප්රාඇර්ථනා බලයෙන් මේ කිරිපිඬු දාන ය බෝසතුන් ට දී, උපන් සන්තොෂයෙන් ලක්ෂයක් අගනා රන් තලිය පුරාණ පාත්රඒයක් කොට ත් නො සිතා තමන්ගේ ගෙට ම ගියාහු ය.
ඉක්බිත්තෙන් බෝසතාණන් වහන්සේ හුනස්නෙන් පැන නැඟී නුග ගස පැදකුණු කොට ලා බත් තලි ය අත්ලේ තබාගෙන නෙරඤ්ජරා නම් ගංතෙරට ගොස් නොඑක් දහස් ගණන් බුදුන් බුදු වන දා බැස නඟනා සුප්ර තිෂ්ඨීත නම් තොටට බැස ගංතෙර බත් තලිය තබා ලා, ගඟට බැස පැන් සනහා, නොඑක් ලක්ෂ ගණන් සව්ර්ඥාවරයන් හඳනා පොරෝනා අර්හද්වජ ය ධරා ගෙන අනන්තාපය්ය්දර්න් ත වූ බුදුන් වැඩහිඳ වැළඳු සථානයෙහි පූර්වදිග් බලා වැඩහිඳ “අද බුදු විම් නම් එකුන් පනස් දවසකට මෙ ම බල යැ”යි එකැටි තල් පක් සා එකුන් පනස් පිඬක් ‘එකුන් පනස් දවසකට යැ”යි ඉටාගෙන ඒ මධුර වූ කිරිබත නිරවශෙෂ කොට ම වැළඳුසේක. බත් වළඳා ඉක්බිත්තෙන් “මේ රන් තලියෙන් මටකම් නැත. බුදු වීමට කාරණයක් පරීක්ෂා කෙරෙමි”යි ඒ තලි ය අත්ලෙහි තබාගෙන ගංතොට සිට “එකාන්තයෙන් අද බුදු වෙම් නම් මේ රන් තලිය උඩුගං බලා යේව යි. ඉදින් බුදුවිය නො හෙම් නම් යටිගං බලා යේව යි. අධිෂ්ඨාන කොට තලි ය ගඟට දමාපිසේක. එ කෙණෙහි දිය කපාගෙන නැවක් දිවුවා සේ ගං මැදට දිව, නැවත උඩුගං බලා අසකු දිවුවා සේ අසු රියනක් තැන් දිව, එක් සළාවක ගැලී කාළ නම් දිව්යු නාගරාජයාගේ භවනයට වැද කකුසඳ, කොණාගමන, කාශ්යජප යයි යන තුන් බුදුන් බුදු වන දා වළදා හළ රන් තලි තුන කරා පැමිණ එහි ගැසී රාවක් පවත්වා තුන් තලි ය යටට වැදලා තැනී තුබුයේ ය.
ඉක්බිත්තෙන් කාළ නම් නා රජ්ජුරුවෝ තලි ය හුණු හඬ අසා තමන් කපක් මුළුල්ලෙහි හිදිනා ආයු ඇති හෙයින් ආදි තුන් තලියත් හුණු හඬ ඇසු හෙයින් මේ තලියෙ ත් හඩ අසා “කොල, මින් පෙරවිදාත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. පෙරවිදා ත් එක් බුදුකෙනෙක් බුදු වූ ය. ඊය්යෙ ත් එක් බුදු කෙනෙක් බුදු වූ ය.අද ත් එක් බුදුකෙනෙක් බුදු වෙති. කොල, බුදු මඟුලට යම්හ”යි නා නළුවන් රැස් කොට පූජා සරහා සිටගත. බුද්ධාන් තරයෙක් නම් දහසක් හවුරුද්දෙන් ඝන අඟලක් වඩනා පොළොව සත් ගවුවක් උස වැඩී ගිය කල. මෙ සේ වූ දීර්ඝ කාල ය ඔහුගේ ආයු බොහෝ හෙයින් ඉය්යේ පෙරවිදා සේ සිතිණ.
ඉක්බිත්තෙන් බෝසතාණන්වහන්සේ තලි ය දිය පිට හැර පියා එ ගඟ සවීපයෙහි සුපිපි සල් වනයකට වැඩ, සල් ගසක් මුල වැඩහිඳ පඤ්ච අභිඥ අෂ්ට සමාපත්ති උපදවාගෙන දිවාභාග ය එ තැන යවා සවස් වේලෙහි සියලු වන කුසුමයන් නටුයෙන් ගිලිහී හෙන කාලයෙහි සියලූ දේවතාවන් විසින් සරහා, බෝ මැඬ දක්වා මලින් තනනලද පූළුල අට සියක් රියන්, හෙරි තල යක් සේ තැනූ මාර්ගපයට සැමිණ අභීත කෙශර සිංහරිජයකුසේ, එකචාරී ගන්ධ හස්තිරාජයකු සේ, බොධිමණ්ඩලයට අභිමුඛ ව නික්මූණුසේක.
එ කෙණෙහි ඒ කාළ නම් නාගරාජයා සැට දහසක් නා නළු වස් ගෙන ස්තුති ගි කිය කියා නට නටා පෙරටු ව නික්මිණ. තෙසු නාග යක්ෂ ගරුඩ ගන්ධර්වාදි දෙවියෝ දිව මල් සුවදින් පුදමින් යෙති. ඔහු මතු නොවෙති. දසදහසක් සක්වළ දෙවියන් කරන පූජාවෙන් සුවඳින් මලාන් සාධුකාරයෙන් සම්පූර්නව මෙසේ මාගේ ස්වාමිදරුවන් වඩනා වේලෙහි සොතුථීය නම් බමුණෙක් තණ කදක් ගෙන බුදුන් පෙරමඟට එනුයේ සවාමිදරු වන්ගේ අදහස් දඅන මෙයින් ප්රයයෝජනයක් ඇති වනැ යි සිතා එයින් තණ අට මිට ගෙන බොහෝ මරුන්ගේ මාන නමැති මඩ වියලන්නාවූ බෝමැඩ කරා මහා බ්රේහ්මයා ලූ කුඩ ය යටින් වැඩ, සිරිමාබෝ කඳට දකුණු දිගැ උතුරු දිග බලා වැඩසිටිසේක. එ කෙණෙහි දකුණු සකුවළ පාතාලයෙහි ගැලී උතුරු සක්වළ බඹලොව ගැසී පැන නැංගා සේ වැටහිණ. එයින් පශ්ච්ම දිග්භාගයෙහි පූර්ව දිග් බලා වැඩසිටිසේක. උතුරු සක්වළ ගැලී දකුණු සක්වළ එසවී උඩ අජටාකාශයෙහි ගැසීගියා සේ වැටහිණ. “මේ තුන් දිසාව ම අචල භූමියෙක් නො වේ”යි හැර නැඟනහිරි දිසාවෙහි වජ්රා සන භුමියෙහි පශ්ච්ම දිග් බලා වැඩසිටිසේක. ඒ සථාන ය අචල සථාන ය හෙයින් නො සැලී සිටි ය.
මේ කාරණයෙන් ම “මෙ තැන නො එක් බුදුන් ම මාර විජ ය කොට කෙලෙස් පඳුරු කපා හරින උත්තම සථානයෙක් ම යඅ”යි සිතාලා තණ අට මිට අගින් අල්වාගෙන සලාලුසේක. තීර්ථක නමැති හස්ති සෙනාව මුදුනට දමාලූ අංකුශයක් සේ, ඒ කුසතණ පොළොවට දමාලීම හා සමඟ ම සවාමිදරුවන්ගේ පාර මීතානුභාවයෙන්, මහ පොළොව පළාගෙන තුදුස් රියන් වජ්රාමසනයක් පැනනැඟී හැම කුසතණ චිත්ර කර්මාන්තයක් සේ මුල් සැඟවී අග් පිටතට ව සෙවෙනි පෙළක් සේ ශොභාමත් ව සිටගත. එ කෙණෙහි මාගේ සවාමිදරුවෝ වජ්රාාසනය දැක එකාන්තයෙන් අද බුදු වෙම් ම ය යි කුල්මත් ව ඒ විදුරස්නට පැනනැඟී බෝකඳට පිටලා නැඟෙනහිර බලාගෙන “මේ මාගේ ශරීරයෙහි ඇට සම් මස් නහර ලේ වියලී සුණුවිසුණු වේ නමුත් සාරාසංඛ්යෙරය කප් ලක්ෂයක් මුළුල්ලෙහි වීය්ය්ංර් කොට මා ලැබගත්තා වූ මේ වජ්රා]සනය හැරපියා බුදුනොව නැඟී නො සිටිම් ම යැ”යි චතුරංග සමන්වාගත වීය්ය්ුර්‍ාධිෂ්ඨානකොට ගෙන රන්ගල් මුදුනක් දුටු සිංහ පොවුවකු සේ වැඩහුන්සේක.
ඒ කෙණෙහි දසදහසක් සක්වළ ශක්රකබ්රසහ්මාදි දෙවියෝ “උතුමා අද බුදු වෙ යි. ඔහුගේ බුදුමඟුලට යම්හ”යි කියා අවුදින් රැස් ව බෝ මැඬ පටන් සක්වළ වටා සිටගෙන නොඑක් පූජාවට පටන් ගත්හ. එ කෙණෙහි වශවර්ති මාරයා දැක බා සැඟවුණාසේ පළමු කොට හුරු අස්ත පර්වතයෙන් සැඟවී ගි ය. පුන් සඳ සවාමිදරුවන් අභිමුඛයට පුදාලූ රිදි කැටපතක් සේ උදයගිරි පර්වතයෙන් බබළා පැනනැංග. එ කෙණෙහි වශවර්ති මාරයා ‘සිද්ධාර්ථ කුමාරයා මහණ වන්නට යන දා ත් මා නො යව යි කියව කියවා පලා ගිය. ගිය සාවුරුද්දෙ ත් මට අවකාශයක් නො පෑයේය. දැන් බුදු වෙමි යි වජ්රාෙසන නැඟී හිඳගත. දැන් ඇසිල්ලක් පමා වීම් බුදු ව මට බොහෝ පරිහානි කෙරෙ යි. අද ඔහු බුදු විය නො දෙමි”යි සිතා තමාගේ මර සෙනග රැස්කොට මෙ පවත් කියාලා තමාගේ වශවර්තිඝොෂා නම් වූ මහ බෙරගස්වාලීය. ඒ හෙරිඝොෂාව බ්රවහ්මාණ්ඩ ය ගසා ඇසී ගිය. හැම දිව්ය් බ්රෙහ්මයෝ වෙවුලා ගියහ. හැමදෙවියන් ඇස් පිහී ගිය. සියලූ සතුන් සිත් ඉපිල ගිය. එ වේලෙහි මාගේ සවාමිදරුවෝ ඒ හෙරිඝොශාව අසා තමන්වහන්සේගේ බුදුමඟුලට ගැසූ තිඹිලි බෙරක් සේ කොට සිතා “වශවර්ති මාරයා මා කරා එන වනැ”යි සිතා “අද මාගේ වික්ර ම මුළු ලෝ වැසියෝ දක්නා වන්හ”යි සිතා උපන් සන්තොෂයෙන් නිශ්චල ව වැඩහුන්සේක් ම ය.
ඉක්බිත්තෙන් ඒ හෙරිඝොශාව අසා ඔහුගේ මාර සෙනාව “අපගේ මර දෙවිපිත් අද මහා සංග්රාමමයක් කරන වනැ”යි නන් අවිගෙන දිව අවුදින් ඔහු පිරිවරා සිටගත්හ. එ කල වශවර්ති මාරයා යෙළ සියයක් යොදුන් ගිරිමෙඛලා නම් ඇත්රජකු පැන නැඟී සිද්ධාර්ථ කුමාරයාට අද එක ආයුධයක් ගනිම් දැයි සිතා ලා පනුසියයක් හිස් මවාලා ගිනිවට සේ දහසක් රතැ’ස් මවා, දෙකපෝලයෙන් නික්ම තිබෙන භයංකර වූ දහසක් දළ මවා, දහසක් අත් මවාගෙන චක්රත තෝමර හෙණ්ඩිවාල අසි කණ ය කම්පණාදි වෙන වෙන දහසක් ආයුධ ගෙන, දසදහසක් නඛසැත් හා සමඟ රතැස් බමා පිටිතොල් කකා “මට හිමි සෙනගෙක් ඇත්නම් මාගේ සතුරා සාධා දෙව”යි කිය කියා නික්මිණ. එ කෙණෙහි ඔහුගේ වශවර්ති සේනාව ද ඉගිල ගියහ. තෙමේ තමාගේ මහ සෙනග බලා “මා යන බව මුත් සිද්ධාර්ථකුමාරයා ජය ගෙනලිය නො හැක්ක. මහත් වූ මායම් දන්තී. මහත් වූ තේජස් ඇතිසේ ය. ඉදිරියෙන් ගියෙම් නම් දුරදිම දැක නො සැලීම හින්දි, දසදිග් නො බලමි යි අධිෂ්ඨාන කොට හිඳගත. පිටිපසින් ගිය කල මාගේ මාර ඝොශාව අසා පිටිපස බලා තමා කර සොල්වා තමාගේ චතුරංග අධිෂ්ඨානය බිඳපිය යි. ඒ අවකාශයෙහිදි ඔහු පිටිපසින් ගොස් අල්වා ගනිමි”යි පශ්චිම චක්රඔවාට මුවවිටට බැස මර සෙනග මෙහෙයා නික්මිණ, එ කෙණෙහි ඔහුගේ යක්ෂ සෙනාව නෙත්ති පිටින් අටසාලිස් ගවුවෙක දිවෙති, දකුණැළයෙන් අටසාලිස් ගවුවෙක දිවෙති. වමැළයෙන් අටසාලිස් ගවුවෙක දිවෙති. ආකාශයෙහි බොලින් සතිස් ගවුවෙක හිවී ගැවසී දිවෙති. පිටිපසින් සක්වළ ගල පටන් මාර සෙනාව මුහුද රළ පෙළක් සේ දිවෙත් ම ය. ඒ මර සෙනගගේ ඝොශාව ඉදිරියෙන් සාරසියයක් ගවුවෙහි පොළොව පෙරළන හඬ සේ ඇසෙ යි.
මේ සා මාර සෙනගෙහි දෙදෙනෙක් එක් වෙසක් නො ගත්හ. දෙදෙනෙක් එක්වැනි ආයුධයක් නොගත්තහ. සමහරු ඇත්වෙස් මවා දිවෙති. සමහරු මහිෂ වෙස් මවා දිවෙති. සමහරු වෘෂභ වෙස් මවා දිවෙති. සමහරු සුනක වෙස් මවා දිවෙති. සමහරු ගුරුළු වෙස් මවා දාවෙති. සමහරු කපුටු වෙස් මවා දිවෙති. සමහරු ලිහිණි වෙස් මවා දිවෙති. සමහරු නා වෙස් මවා දිවෙති. සමහරු පොළොං වෙස්මවා දිවෙති. සමහරු පිඹුරු වෙස් මවා දිවෙති. සමහරු රාක්ෂස වෙස් මවා දිවෙති. සමහරු යක්හඬ ගසා දිවෙති. සමහරු පර්වත ගසා දිවෙති. සමහරු සර්පායුධ ගෙන දිවෙති. සමහරු මහරුක් උපුරා ඉස සිසාරා දිවෙති. සමහරු ගිනිවට ගස ගසා දිවෙති. මෙසේ නොඑක් වෙස් ගෙන දිවූ නෙත්ති පිරිස සක්වල ගල පටන් අතුරු නො දී බෝමැඩ සිසාරා සිටගත්හ. එකෙණෙහි මර සෙනග බෝමැඬ කරා එත් එත් මාර ඝොශාව ඇසෙත් ඇසෙත් පිරිවරා සිටි දසදහසක් සක්වළ දෙවියන් අතුරෙන් එක දෙවියෙකු ත් සිට පිය නුහුණුයේ ය. කාළ නම් නා රජ්ජුරුවෝ සැට දහසක් නා නළුවන් ගෙන දහස් ගණන් ස්තුති ගි කිය කියා නටමින් සිටියාහු එ කෙණෙහි පොළොව කිම්දගෙන තමන්ගේ පන්සියයක් යොදුන් මාඤ්ජෙරික නම් නාග භවනයට වැද දෑතින් මූණ වසාගෙන “අහෝ සිද්ධාර්ථකුමාරයන්ගේ රූසිරි අද නටැ”යි කිය කියා යහන් මතුයෙහි මුහුණින් වැටී ශත්තාහු ය.
ඉක්බිත්තෙන් දසදහසක් සක්වළ සෙසු ශක්රඅයෝ තමන් තමන් අත තුබූ දස දහසක් ජය සක් අතින් දම දමා පියා තමන් තමන් සිටි සිටි පොළින් දිවපීය. අපගේ මේ මඟුල් සක්වළ උපන් හෙයිනු ත් මහ පින් බල ඇති හෙයිනු ත්, මහා ධෛය්ය්උර් ඇති හෙයිනු ත් තමන්ගේ ජයසක බිම හෙළා නො පියා පිට වතුරුවාගෙන දිවන්නාහු තමන්ගේ ශක්ර පුරය බලා නොගොස් සක්වළ ගල මුදුනට නැඟී කර නඟා බෝමැඩ දිසාව බලබලා සිටියහ. මෙසේ ම දස දහසක් සක්වළ සුයාම සන්තුෂිතාදි දෙවියෝ තමන් තමන් අත තුබූ තල් වැට චාමරාදි පූජා භාණ්ඩයන් දම දමා සිටි පොළින් පැලහ. දස දහසක් සක්වළ සහම්පති මහා බ්රාහ්මයෝ දස දහසක් සේසත් සඳමඩුලු සේ සක්වළ මුවවිටියෙන් තබ තබාලා දිවපූහ. එතෙක් දෙවියන් අතුරෙන් එක දෙවතාවෙකු ත් සිටපිය නුහුණුයේම ය. මාගේ සවිමිදරුවෝ ඒ දෙවියන් ඇම පැල කල ඇත් සෙනගක් දුටු සිංහපොවුවකු සේ ලෝමයක ත් භය නැති ව මහ මෙර සේ නො සෙල්වීම වැඩහුන් සේක් ම ය. එසේ හෙයින් කියන ලදි.
විහංගමානං ගරුළොව මජ්ඣෙ
මජ්ඣෙ මිගානං පරමො’ව සීහො.
මහායසො මාරබලස්ස මජ්ඣෙ
විසාරදො වීතභයො නිසීදි-යි.
එ වේලෙහි උතුරු දිගින් දිව වන් මරසෙනග දැක ‘මෙ තෙක් සත්ත්වයෝ එකලාවූ මට ම යුද්ධයට ආවාහුය. මෙතැන මාගේ මවු පිය කෙනෙක් වේවයි. මල් බෑ කෙනෙක් වේව යි, අනික් කිසි කෙනෙක් වේව යි, නැත, ඒ බැවින් මේ සාරාසංඛ්යෙෙය කප් ලක්ෂයක් මුළුල්ලෙහි අත් නොහැර ආවා වූ මාගේ සත්යෙ පාරමිතාව ම මෑණියෝ නම. ගැඹුරු වූ මාගේ ප්රකඥ පාරමිතාවම පියාණෝ නම. මා දත්තා වූ ධර්මය ම අනුබල වූ මල්බෑයෝ නම. මාගේ මෛත්රි පාරමිතාව ම කල්යාවණමිත්රතයා නම. මාගේ අචල වූ ශ්ර්ඬා තොමෝ ම ප්රිලය වූ කාන්තා නම. මාගේ ක්ෂාන්ති පාරමිතාව ම අනුබල වූ පුත්රරයා නම. මේ මාගේ නෑයන් සදෙනාට මා මෙ තවක් කල් මුළුල්ලෙහි එක දවසකුත් එක පැයකුත් කිසිම හානියක් නො කොට රක්ෂා කෙළෙම් ම ය. එසේ හෙයින් මාගේ මෙ තැන ජීවිත සමාන නෑයො ත් ඇත. තව ද මෙ තුවක් කල් මුළුල්ලෙහි මා අත් නො හැර විසුවා වූ මා විසින් රක්ෂාකරන ලද්දා වූ මාගේ සමත්රිං ශත් පාරමිතා නමැති මහා යෝධයෝ තිස් දෙන අද මා රක්ෂා කෙරෙත් ම ය. එසේ හෙයින් බග යොධයනු ත් මම ඇත්තෙමි. තව ද මාගේ සත්තිස් බොධිපාක්ෂික ධර්මයෝ මාගේ මහා මන්ත්රිම නම.
තව ද මාගේ නව දහස් අසූකෙළ පනස් ලක්ෂ සතිස් මහා සංවරශිල සමූහයෝ ම මහ බල සෙනග නම. එසේ හෙයින් මාගේ ශිල බල සේනාව අද මෙ තැන මා අත්හැර නො යෙත් ම ය. තව ද මාගේ ගම්භීර වූ ගුණ සමූහය ම ගැඹුරු වූ මහ අගල නම. මාගේ ප්ර සන්න වූ මෛත්රිව සමූහය ම එහි පුරා තිබූ දිය සමූහ ය නම. එසේ හෙයින් මාගේ මේ මහ අගල මා කරා අද සතුරන් වැද්ද නො දෙත් ම ය. තව ද මාගේ පාරමිතා නමැති හුළින් බැඳ නඟන ලද තෙජො මහ පවුර බ්රමහ්මාණ්ඩ ය ගසා උස් ව සිටියේ ම ය. එසේ හෙයින් ඒ ප්රා කාර ය පැන මර සතුරා වැද්ද නොහේ ම ය. මේ මාගේ විශෙෂයෙන් රක්ෂාකරන ලද චතුපාරිසුද්ධි සීලයෝ සතර දෙන ම සතර මහ වාසල් නම. මේ මාගේ ඉන්ද්රිතය සංවර ශිලය ම පක්ෂපාත වූ ද්වාරපාලයා නම. එසේ හෙයින් ඒ මාගේ ද්වාරපාලයා අද සතුරන්ට වාසල් නො හැර මා රක්ෂා කෙරේ ම ය. මාගේ මේ වජ්රානසන ය ම හස්ති වාහන නම. මාගේ මේ ජයශ්රීා මහා බොධිය ම සතුරන් පරදවන ජය සේසත නම. එසේ හෙයින් මා නිසා උපන් මොහු දෙදෙන ත් අද මා හැර නොයෙත් ම යැ”යි යනාදීන් මෙසේ මාගේ සවාමිදරුවෝ තමන් වහන්සේගේ පාරමිතා නමැති සේම වූ මහ නුවර මවා ශීල නමැති සෙනගින් කඳවුරු බැඳ සුදර්ශන මහනුවර මහ පිරිස් පිරිවරා හුන් සුදර්ශන නම් චක්රශවර්ති රජහු සේ මාගේ ඒ ධර්ම චක්රාවර්තීන් වහවන්සේ ත් නිර්භීත ව වැඩහුන් සේක්’ම ය.
මෙසේ වැඩහුන් කල ඒ වශවර්තිමාරයා පිටිපසින් බෝමැඩ කරා දිව අවුදිත් බුදුන්ගේ තෙජසින් ලංවිය නොහී “මහ පවනක් මෙහෙයා පවන් පහරින් ගසා පරසක්වළ හෙළමි”යි සිතාලා ප්රවචණ්ඩ වූ පවනක් මෙහෙයා ලී ය, දිවන මහ සුළං යොදුන් දෙ යොදුන් පමණ ගල්කුළු උපුරාගෙන මහරුක් බිදගෙන කල්පාන්ත වාතයක් සේ දිව අවුදින් මාගේ සවාමිදරුවාණන්ගේ මෛත්රි් පුණ්ය] ප්රොභාවයෙන් බොධිද්රැ මයෙන් පත්රම ශාඛාවකු ත් සොලව ලි ය නොහී, සිවුරු කනක් ලොමයකු ත් කම්පිත කොට ගත් නොහී, මිහිරි වූ සුවඳ මඳ පවනක් සේ ශරීරයට සුව පහස් දෟපූජා කොට ගියේ ය.
ඉක්බිත්තෙන් වසවත් මර දිව අවුදින් ‘සිද්ධාර්ථ කුමාරයා සුළං පහරින් ගොස් කවර සක්වළෙක නැටි ගියේ දෝ හෝ”යි බලනුයේ සවාමි දරුවන්ගේ උදයගිරි පර්වතයෙන් පැනනැඟි ළහිරු මඬලක් සේ දිලියෙන ශ්රීෙ ශරීරය දැක නැවත දණ්ඩෙන් ගැසූ නයක් සේ කිපී “ඝන වර්ෂාවක් වස්වා සැඬ වතුරෙන් මොහු පලවා මුහුදු බත් කොට මරමි”යි සිතාලා කල්පාන්ත වර්ෂාවක් සේ මහත් වූ මෙඝයක් මවා ලී ය. එ කෙණෙහි ඔහුගේ දිව්යාවනුභාවයෙන් ශතපටල සහඝ්රය පටල නඟාලා දස දිගින් මෙඝ නාද පතුරුවා සිය ගණන් අකුණු සෙණ විදුලිය ගස ගසා, තල් කඳ සා ජලධාරාවෝ මහ පොළොව සාරාගෙන දිවන්නාහු එ මහ සැඬවතුර නොඑක් තැරු දහස් ගලාගෙන බෝමැඩ කරා වැද මාගේ සවාමිදරුවාණන්ගේ සිවුරු කනක් පමණ ත් තෙමා ලිය නොහී උන්වහන්සේ ගේ විඩා නිවා බුදු මඟුලට පොකුරු වැසි පූජා කොට ගියේය.
ඉක්බිත්තෙන් “ශ්රරමණ භවත් ගෞතමයෝ අද බුදුවන්නට රිසි පැලෑ දෝ හෝ සැඬ වතුරෙන් ගොස් කවර මුහුදෙක වැටී ගියේ දෝ හෝ”යි බලනුයේ මාගේස්වාමි දරුවාණන්ගේ අඟ්රයය, මහික ය, ධූම ය, රජස ය, රාහු යයි යන පඤ්චොපක්ලෙශයෙන් විරහිත වූ පූර්ණ වන්ද්රහයා සේ දිලියෙන්නාවූ ශ්රී් මුඛය දැක ප්ර්හාරලත් මතැතකු සේ කිපී “මෙහු අද මිරිකා සුණු විසිණු කෙරෙමි”යි මහත් වූ පර්වත වර්ෂාවක් වස්වා ලී ය. එ කෙණෙහි යොදුන් දෙ යොදුන් සා ගිනි ගෙන දිලියෙන ලක්ෂ ගණන් පර්වත ආකාශයෙන් බෝමඬ කරා දිව අවුත් මාගේ සවාමිදරු වන්ගේ ශීල තෙජසින් ඒ පර්වතයෝ පෙරළී සුවඳ මල් වට ව බුදුන් වටා පෙළ මල් පූජාවක් සේ සිටගත.
එ කල වසවත් මර “කිමෙක් දෝ හෝ, ගොයුම් මහණ සුණු විසිණුව ගියේ දෝ හෝ බෝමඬ හිඳිනට රිසි පැලෑ දෝ හෝ”යි බලනුයේ මාගේ සවාමිදරුවන්ගේ රන් කැටපතක් සේ දිපියෙන ශ්රීබ මුඛ ය දැක.
තව ද නියපිට ගල් ගැසූ මතැතකු සේ කිපී “මොහුගේ රන් වන් වූ ශරීර ය හා තෙල කන් නාසා ලිය හරවමි”යි අවි වැස්සක් වස්වාලී ය. එ කෙණෙහි ඒක ධාරා ය, ද්විධාරා ය කඩු කොන්ත ශර තෝමරාදී ඒ සූක්ෂ්ම වූ ආයුධ වර්ෂාවෝ ආකාශයෙන් බැස මාගේ බුදුන්ගේ සූක්ෂ්ම වූ ප්ර්ඥ පාරමිතා බලයෙන් ඒ නන් නන් පෑ ඇති ආයුධයෝ ද පෙරළි පෙළ මල් පූජාවක් මෙන් සිට ගත්හ. ඉක්බිත්තෙන් ‘මහණ භවත් ගෞතමයෝ අවි පහරින් කැපී ගියේ දෝ හෝ”යි ඉලනුයේ මාගේ සවාමිදරුවන්ගේ රන් පියුමක් සේ බබළවන මුව පුයුම දැක ගින්නට පිදුරු දැමුවා සේ කිපී “අද මොහු දවා හළු කෙරෙමි”යි අඟුරු වැස්සක් මවා ලී ය. ඒ සහළභුරු ධාරාවෝ දිව මාගේ සවාමිදරුවන්ගේ පාරමිතා තෙජසින් පෙරළි පද්මරාග මාණික්යද පූජාවක් සේ ශ්රී පාද මූලයෙහි වගුළහ. ඉක්බිත්තෙන් ඒ මර දෙවිපිත් “සිදුහත් කුමර ගින්නෙන් දා මළේ දෝ හෝ, වජ්රාපසනයට ලොබ පැලෑ ගියේ දෝ හෝ”යි සතුටු ව බලනුයේ අඳුරු බිඳ පර්වත මුදුනෙක ඝන රන් කඳක් සේ දිලියෙන මාගේ සවාමිදරුවන්ගේ ශ්රී් ශරීරය දැක ගිනි දුටු ලුණු සේ තට තටයා දත් කකා කිපි ගිනිගෙන දිලියෙන අළු වැස්සක් බුදුන් මුදුනේ වස්වා ලී ය. ඒ අළු වර්ෂාව අන්තර්ධාන ව මාගේ සවාමිදරුවන් ගේ බුදු මඟුලට සඳුන් සුණු පූජාවක් සේ වි ය.
තව ද “ගොයුම් මහණ හුණු අළුයෙන් මෙළේ දෝ හෝ”යි බලනුයේ මාගේ සවාමිදරුවන් සඳුන් රුකක් සේ සිහිල් වූ ශ්රී ශරීරයෙන් වැඩහුන්නවුන් දැක තව ද අප්රලසාද ව තෙල් දුටු ගිනි සේ කිපී වැලි වර්ෂාවක් වස්වා ලී ය. ගිනිගෙන දිලියෙන්නා වූ සියුම් වූ ඒ වැලි සමූහයෝ බුදුන් කරා පැමිණ බුදු මඟුලට පිදු දිමුතු මුතු තලාවක් සේ පූජා කොට සිටගත්හ. තව ද බලනුයේ සුපුෂ්පිත වූ ශලද්රැවමයක් සේ ශොභාමත් ව වැඩහුන් බුදුන් දැක සුළං දුටු ගිනි කඳක් සේ කිපී තව ද ගිනිගෙන දිලියෙන කළල් වැස්සක් වස්වා ලී ය. ඒ වර්ෂාව මාගේ බුදුන් කරා පැමිණ බුදු මඟුලට ගෙනා ගඳ කළල් සමූහයක් සේ පූජා වෙමින් සිටගත. තව ද “කිමෙක් දෝ හෝ”යි බලනුයේ දෑරඟ මිණි රුවනක් සේ ලිදියෙන බුදුන් දැක චතුරංගයෙන් යෙදුණා වූ ඝන අඳුරක් මවා ලී ය. තව ද ඔහු මැවූ ඒ ඝනාන්ධකාරය බුදුන් කරා පැමිණ හිරු දුටු අඳුරක් සේ අන්තර්ධාන ව ආලොකයෙන් පූජා කෙළේය. “කිමෙක් දෝ හෝ ගොයුම් මහණ අන්ධකාරයෙන් මූර්ච්ජා වී දෝ හෝ තවත් විදුරස්නේ ම උන්නේ දෝ හෝ”යි බලනුයේ පර ව නටුයෙන් ගිළිහුණු කනක තාල ඵලයක් සේ මාගේස්වාමිදරුවන්ගේ මෛත්රිින් පිරුනා වූ ශ්රීක මුඛ ය දැක තව ද සිංහයකු දුටු ඇත් පොවුවකු සේ බුදුන්ට කිපි කිපි මෙසේ වාත යුඬ ය,වර්ෂා යුඬ ය, පර්වත යුඬ ය, ආයුධ යුඬ ය, අංගාර යුඬ ය, භෂ්ම යුඬ ය, වාලුකා යුඬ ය, කලල් යුඬය, අන්ධකාර යුඬ ය යි යන නව මහා යුඬයකින් මාගේ සවාම්දරුවන්ට කිසි හිංසාවක් කළ නුහුණුයේ තමා කළ කළ යුඬ ය ම උන්වහන්සේට පූජා වන සේ දැක බුදුන්ට ළංවිය නොහී දුරු ව සිටිනා තමාගේ මර සෙනඟ බලා කිලි “කොල! හැම සිටුන. තෙල සිද්ධාර්තයා වහා ගනුව, අනුව, සිඳුව, බිඳුව, විදුව, බඳුව, ගෙනව, සුණු විසුණු කරව, බුදු විමට රිසි පලවව, ඔහු නො යා දෙව”යි කිය කියා තමාගේ ගිරිමෙඛලා නම් ඇතු මෙහෙය මෙහෙයා චක්රාදයුධ ය ඔසවාගෙන සවාමිදරුවන්ගේ අභිමුඛයට අවුත් සිට සිසාරා බුදු බඳට දමා ලී ය.
ඒ චක්රාඅයුධය ඉදින් දමාලුව හොත් එක් ලක්ෂ අට සැට දහසක් යෙදුන් මහමෙර හුණු කිළිලක් සේ පොලු ගසා දෙකඩ කොට පියා හිස පළා යේ ම ය. අහසට දැමුව හොත් දොළොස් හවුරුද්දක් වැසි නැති කෙරෙම ය. මෙසේ ආනුභාසම්පන්න ඒ චක්රාැයුධය මාගේ සවාමිදරුවන්ගේ බඳට ගැසුවා ළං විය නොහි ආකාශයට දැමු අහස්පතක් සේ, වෙවුල වෙවුලා පැන නැඟී ඔබගේ මහත් වූ පුණ්යා නුභාවයෙන් මල් වියනක් පිදුවා සේ, සිරසට පූජා කෙරෙමින් දිලිහි දිලිහී සිටගත. ඒ චක්රා යුධ ය මරහු දමන්නා දුටු මර සෙනඟ “කොල! එතෙකින් සිද්ධාර්ථ කුමාරයා බලනු කිමෙක් ද. එතෙකින් නට ම ය. අපගේ මාර5 දිව්යල පුත්රකයා තමාගේ ආත්මා රක්ෂාවට තුබූ ඇතිදා පටන් කිසි තැනකට නො හළ චක්රාමයුධය සිසාරා එකපැහැර දමාලූය. ඒ ලක්ෂ ගණන් පර්වතයෝ බුදුන් කරා පැමිණ සුවඳ මල්වට සේ පූජාවෙමින් සිට ගත්හ. එ කෙණෙහි සෙසු දෙවතාවෝ සක්වළගල වටා සැඟවි සැඟවී සිට කර ඔසවා බල බලා “අද සිද්ධාර්ථ කුමාරයන්ගේ රූපශ්රීර ගිය. වසවත් මර චක්රාවයුධ ාය දැමි යයි” කිය කියා භයගෙන සිටිති.
එ කෙණෙහි වසවත් මර චක්රාගයුධයෙනු ත් බුදුන් සොලවා ලිය නොහි ඉදිරියෙහි සිට කප් ගින්නක් සේ කොපාග්නින් දිලිහි දිලිහි පිටිතොල් දත් කකා රතැස් බම බමා දහසක්අතින් ගත් දහසක් අවි බුදුන් අභිමුඛයට අමෝරා “දන් දැන් තා දෙ කකුල ගෙන පර සක්වළ ගසමි. මාගේ තෙල වජ්රා්සන යෙන් වහා නැඟී සිටැ”යි කි ය.
සෙසු සර්වඥවරයන් බුදු වන දා මාරයෝ මෙසේ ම දිව පර සක්වළ මුවවිට සිට හෝ යොදුන් සිය ගණනෙක සිට හෝ ඒ ඒ බුදුන්ගේ පුණ්යි ප්ර භවයෙන් දිලියෙන ශ්රීේ මුඛ ය දැක බුද්ධ තෙජසින් වෙවුලා පැරද පලා යන්නාහුම ය. මාගේ සවාමිදරුවෝ වෙස්සන්තර ජාතියෙහි ජාලිය කුමාර-කෘෂ්ණාජිනා නම් දරු දෙදෙනා පූජක බමුණාට දන් දී ඔහු දරුවන් මර මරා පිටින් ලේ වගුර වගුරා බැඳගෙන යන වේලෙහි කෘෂ්ණාජිනා නම් දියණියෝ තමන්ගේ රන් පියුමක් වන් මුඛ ය පියාණන් අභිමුඛ යට දක්වාලා:
යං තං කණ්හාජිනාවොව-අයං මං තාත බ්රායහ්මණො,
ලට්ඨීයා පතිකොටෙති-ඝරෙ ජාකංච දාසියා-යි
යන මේ ගය කිය කියා ඇඬුවාහු ය. එ වේලෙහි මාගේ සවාමිදරුවාණන් වහන්සේ දියණියන් කෙරෙහි උපන් මහා කරුණාවෙන් මහත් වූ ශොක කොට “දරු දීම් තබා බුදු වීම් තබා ලෝ වැඩ තබා දිවගෙන ගොස් බමුණාහු වැටියක් සේ බැඳ පෙරළා පියා මාගේ දරුවන් හැරගෙන එම් දෝ හෝ”යි හීන විය්ය්පර් ව විතර්කයක් සිතු සේක. ඒ අඩු ව හෙතු කොට ගෙන අවුදිත් ඒ වසවත් මර බෝමැඩට වැද “තෙල හස්නෙන් බැසපිය”යි භයංකර වූ බස් කි ය. එසේ ද වුවත් මාගේ සවාමිදරුවාණෝ නිර්භීත ව වැඩහිඳ සිනාවක් පහළ කොට තමන්වහන්සේගේ මුඛ නමැති පද්මය විවෘත කොට කුරවික නාදයක් සේ ලීලපෙත වූ ශබ්දයෙන් වදාරන සේක් “පාපී වූ වශවර්ති මාර ය! මේ වජ්රාේසන ය නිසා සාරාසංඛ්යෙවය කප් ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතා පුරා මහ පොළොව පරයා ඇඟ මස් ලියා දිනිමි. මුහුදු පරයා ලේ දිනිමි. මෙර පහයා ඉස් දිනිමි. තරුපරයා ඇස් දිනිමි. මේ වජ්රාසසනය ම පත පතා ජීවිතය සමාන වූ අඹු දරුවන් බැඳ දුන් වැල් ගොඩ ම මෙසේ වූ මෙරගල් දහසකට ත් උස් ම ය. සමතිස් පැරුම් පිරිමි. රාජ්යරය දන් දිනිමි. මඟුලැතුන් දන් දිනිමි. සත සතු මහ දන් දිනිමි. එසේහෙයින් මේ වජ්රාුසනය මට ම හිමි ය. එක කලෙක ත් පෝකක් සා මස් කැටියකුත් දන් නො දි, ඇඟින් ලේ බිනුදුවකු ත් දන් නො දී, ඇසකුත් දන් නො දී, ඉසකු ත් දන්නො දී, අඹු දරු කෙනකුනු ත් දන් නොදි, පාරමිතාවකු ත් නුපුරා, මේ අස්න තට කෙසේ හිමි වී ද, මට කෙසේ නොහිමි වී ද, තාගේ කල තාගේ වශවර්ති භවනයෙහි නො නැඟී මාගේ මේ බෝමැඩ පැන නැංගෙනැ”යි වදාළ සේක.
එ බසට වසවත් මර කිපි කිපී මම් තට වඩා පෑරුම් පිරිමි. ඉස් ඇස් මස් ලේ අඹු දරුවන් තට වඩා මම දිනිමි. එසේ හෙයින් මේ වාජ්රාඉසනය මට ම නැංග. නො දොඩා වහා පැන නැඟෙව”යි කි ය. එ කල මාගේ සවාමිදරුවෝ “පාපී වූ වශවර්ති මාරය, මම ත් “පැරුම් පිරිමි”තොයිත් “පැරුම් පිරිමි”යි කියයි. තට දෙස්සු කවුරු”යි වදාළසේක. එ කෙණෙහි වශවර්ති මාරයා මර සෙනගට දහසක් අත් දිගු කොට “මාගේ මර සෙනග දෙසැ”යි කි ය. එ කෙණෙහි යක්ෂ සෙනාව “අපි දෙසැ”යි “අපි දෙසැ”යි අත් නඟා කියන ශබ්ද ඝොෂාව පොළොව පැළෙන අඬක් සේ, සමුද්රි ඝොෂාවක් සේ, බඹලොව ගසා සිට ගත. ඉක්බිත්තෙන් වසවත් මර කියනුයේ “සිද්ධාර්ථ කුමාරයෙනි, මා පැරුම් පිරූ නියාවට මේ සා මර සෙනඟක් ලවා දෙස් කියවාලිමි. තොප පැරුම් පිරූ නියාවට එක දෙසක් කියවා බලගැ”යි කි යැ. එ බසට සවාමිදරුවෝ ‘තෝ පණ ඇති නොමැදහතුන් ලවා දෙස් කිය වූයෙහි ය. මම සිත් පෙවෙත් නැති මැදහත් කෙනකුන් ලවා දෙස් කියවාලමි”යි කියාලා රත් වලා ගබෙකින් නිකුත් විදුලියක් සේ රත් සිවුරු ගබින් රන්වන් වූ දක්ෂිණ, ශ්රී හස්තය දිගුකොට ලා මහීකාන්තාවට “මීකත! දිපංකර පාද මූලයෙහිදි විවරණ ලදීන් මා සමතිස් පැරුම් සිහි කළ වේලෙහි දසදහසක් මහී කාන්තාවන් හා සමඟ ගුගුරා තෝ සාධුකාර දුන්නෙහි වේදැ”යි වදාරා “සෙසු ජාති හැර එක වෙස්සන්තර ජාතියෙහි මා අට හැවිරිදි කල දානයක් ආවර්ජනා කළ ය.
ඇළි ඇතු දන් දුන් දා ය, සත සතු මහ දන් දුන් දා ය, නුවරින් වංකගිරි පර්වතයට නික්මුණු දා ය, දරුවන් දන් දුන් දා ය, මද්රිය දෙවීන් දන්දුන් දා ය, පොකුරු වැසි වට දා ය, යන මේ සත් වාරයෙහි තෝ මහ හඬින් ගුගුරා ගර්ජනා කෙළෙහි වේ ද දැන් මේ වසවත් මරහුගේ බොරු දෙස් අසා මහීකාන්තාව බැණ නො නැඟෙනැ”යි කියාලා ඒ ශ්රීප හස්තය පොළොවට දිගුකොට ලූ සේක. එ කෙණෙහි මහීකාන්තා ශත ඝොෂාය, සහඝ්ර ඝොෂා ය යි එකවිට පවත්වා සක්වළක් සා ලෝ බෙරක් ගෙන මෙර ගලක් සා ලෝ දඬෙකින් ගැසුවා සේ දස දහසක් සක්වළ දස දහසක් මහ පොළෝ හා සමඟ මහ හඩින් ගුගුරා පැන නැඟිය. එකෙණෙහි ම මහපොළොව පැළි එක් සිය සතිස් නරකවල ගිනි කඳු බුරා පැන නැංග. එ කෙණෙහි සියලු මර සෙනග පොළොව මහ හඬින් වෙවුල්වා මහ සුළඟින් දිවන පරඩලාපත් සේ දෙ දෙනෙක් එක මඟ නො ගොස් ශිර්ෂාභරණ ග්රි වා භරණ උතුරු සළු වගුරුවා ගෙන හැම ආයුධ සලාගෙන දෑතින් මුහුණු වසාගෙන මරු නො බලා වෙවුල වෙවුලා පලා ගියහ. ඉකුබිත්තෙන් ඒ ගිරිමෙඛලා නම් යෙල සියයක් යොදුන් මතැන් දෙ දණ බිම ඔබා මරණ භයින් වෙවුලා පිට හුන් මරු සලා හෙලා සොඬ හකුලා කට ලාගෙන වාලධි ය අමුඬු හස්සෙන් සඟවා ගෙන මහ හඬින් ගගුර ගගුරා මරු නොබලා පැන පලා ගිය. වසවත් මර ඇතු පිටින් බිම හී දාසක් අවි සලා “සිද්ධාර්ථ කුමාරයෙනි! තොප බල ඇති බව දනිම් ම ය තොප තෙද ඇති බව දනිම් ම ය. තොප පින් ඇති බව දනිම් ම ය. තොප සමතිස් පැරුම් පිරූ බව දනිම්ම ය. තොපගේ වීරත්ව ය මුළු ලොවට හඟවමි යි තොපගේ බල දක්වන්නටඅයිමි. ක්ෂමා කරව. ක්ෂමා කරව”යි තුන් යලක් කියා තමාගේ වශවර්ති දිව්ය ලොකයට දිව ලජ්ජාවෙන් තමාගේ සෙනග මුහුණ බැලිය නො හෙනුයේ යහණෙහි මුණින් සුසුම් ලලා වැද හොත්තේ ය.
එ කෙණෙහි සක්වලගල වටා නො ගොසින් සිටි මේ සක්වල දිව්යහ සෙනාව පැරද දිවන්නා වූ වසවත් මරු හා සෙනග දැක “වසවත් මරු පැරද ගියේය. අපගේ සිද්ධාර්ථ කුමාරයෝ ජය ගෙනපු යැ”යි මේ සක්වල නයි පරසක්වල නයින්ට කියා ගියහ. මේ සක්වල ගරුඩයෝ පරසක්වල ගරුඬයන්ට කියා ගියහ. මේ සක්වල දෙවියෝ පරසක්වල දෙවියන්ට කියා යැවූහ. මේ සක්වල බ්රපහ්මයෝ පරසක්වල බ්රිහ්මයන්ට කියා යවූහ. එ බස් අසා දස දහසක් සක්වල ශක්රර බ්රිහ්ම නාග සුපර්ණ ගරුඩ ගන්ධර්වාදි දෙවියෝ දිවමල් දිව සුවද ආදීන් ගෙනවුත් සවාමිදරුවන් වටා සිට දොහොත් මුදුන් දි ජය පූජා කළහ. කියනලදුයේ මැයි.
ජයො හි බුද්ධස්ස සිරිමතො අයං
මාරස්ස ච ප පිමතො පරාජයො,
උග්ඝොසයුං බොධිමණ්ඩෙ පමොදිතා
ජයං තදා දෙවගණා මහෙසිනො යි.
මෙසේ මාගේ බුදුහු එදා රෑ හිරු අස්තයට නො යන තුැු මර සෙනග බිඳපියා බෝමැඬ හරා වැඩහිඳ දසපෑ ගිය වේලෙහි අනන්තාපර්යන්ත වූ ලොකධාතුයෙහි සතුන්ගේ පෙර විසූ කඳ පිළිවෙල දන්නා නුවණ ලදින්, විසිපෑ ගිය වේලෙහි අංසඛ්යෙවය ගණන් සක්වල පය්ය්,ර්න් තයෙහිත් තුබූ වස්තුවක් කරතලාමලක යක් සේ පෙනෙන්නා වූ දිවස් ලදින්, තුබූ දස පැයෙහි ප්රකතිත්යන සමුත්පාදයෙහි ප්ර ඥව බහාලූසේක. එ වේලෙහි මාගේ සවාමිදරුවන් අනුලොම ප්රහතිලොමයෙන් ප්රෙතීත්යි සමුත්පාදයෙහි ධර්මයන් සම්මර්ශනය කරත් කරත් දස දහසක් සක්වල මහපොලෝ දොලොස් දොලොස් වාර ය බැගින් මෙසේ එක් ලක්ෂ විසි දහසක් වාරයෙහි ගර්ජනා පතුරුවා සාධුකාර දෙන්නා සේ මහීගර්ජනා නම් වූ පූජාවක් කෙළේය.
මෙසේ දස දහසක් සක්වල එක පැහැර ගර්ජනා කරවා අනුක්රුමයෙන් සෝවාන් මාර්ගයට පැමිණ, සෝවාන් ඵලයට පැමිණ, ඹකෘදාගිමි මාර්ගයට පැමිණ, ශකෘදාගාමි ඵලයට පැමිණ, අනාගාමි මාර්ගයට පැමිණ, අනාගාමි ඵලයට පැමිණ, අර්හත් මාර්ගයට පැමිණ, අර්හත් ඵලයට පැමිණ, ඉක්බිත්තෙන් මෙසේ අරුණු නැඟෙන වේලෙහි සවාසනා කෙලෙසුන් නසා ලොවුතුරා බුදු ව, අනන්තාපය්ය් ර්න්ඵත වූ සක්වල බුදුන් නො දක්නා සත්ත්වයන් දැක උපන් මහා කරුණාවෙන් පෙර බුදුන් කල චාරිත්ර නො වරදවා සවනක් බුදු රස් ඒ ඒ දිග විහිදුවා හල සේක. ඒ බුදු රස් සමූහයෝ එක තෙනෙක අසුරු සනක් නො රඳා සක්වල ගලින් සක්වල ගල ගැසී නිල් වලාපටල සේ, රත් වලාපටල සේ, කිණිහිරි සපු මල්කැන් සේ, සුදු පිළි හඳනා සේ, මඳට දම් වලලු සේ, පබසර කඳන් සේ, අද දක්වා දිව දිව සත්ත්වයන්ගේ ප්රෙමම වඩ වඩා මනොඥ ව දිවන්නාහු ම ය. ඒ බුදු රස් දුටු දුටු සත්ත්වයෝ විශෙෂ වූ වර්ණණයක් බලව යි එහි සිත් අලවා ඒ කුශල මූලයෙන් ම මේ මඟුල් සක්වල ඉපැද බුදුන් දැක සසරින් ගැලවෙන්නාහු ම ය.
මෙසේ මාගේ සවාමිදරුවන් ලොවුතුරා බුදු වූ වේලෙහි දස දහසක් සක්වල මඟුල් ගෙයක් සේ සැරහි ගිය. එ දා දිවූ දෙවියන් පූර්ව සක්වල මෝවිට සිට නැඟු ධ්වජයේ කකුල් පැල සක්වල මෝවිට ගැසෙ යි. පැල සක්වල මෝවිට නැඟු ධ්වජයේ කකුල් පූර්ව සක්වල මෝවිට ගැසෙයි. උතුරු සක්වල මුදුනෙහි සිට නැඟු ධ්වජයේ කකුල් දකුණු සක්වල මුදුනෙහි ගසෙයි. දකුණු සක්වල මුදුනෙහි සිට නැඟු ධ්වජයේ කකුල් උතුරු සක්වල මුදුනෙහි ගැසෙ යි. පොලෝ තෙලෙහි සිට නැඟු ධ්වජ බඹලෝ ගසා සිටගත, බඹලෝ බැඳි ධ්වජයෙහි කකුල් පොලෝ තෙලෙහි ගැසෙ යි. දසදහසක් සක්වල මුළුල්ලෙහි මහපොලෝ ගුගුරාපිය. සියලු ලෝ එකාලොකව ගි ය.ජාත්යපන්ධයෝ ඇස් ලද්දාහුය. ගොළුවෝ කටහඩ ලද්දාහුය. බධිරයෝ කර්ණ්ණ රසායන ලද්දාහුය. හැම බැඳුම් සිඳී ගිය. නරක ගිනි නිවි ගි ය. ප්රෙබතයන්ගේ සා දුක් නිවී ගි ය. තිරිසනුන්ගේ භය සන්හිදිගිය. අසාද්ධ්යබවුව්යා ධි සන්හිදී ගි ය. ප්රි්ය වචනයෙන් ලොව සැදි ගි ය. අශ්වයෝ හෙෂාරව කළහ. ඇත්තු කුඤ්චනාද කළහ. සිංහයෝ සිංහනාද කළහ. සියලු තිරශ්චීනයෝ මධුර නාද ම කළාහු ය. සියලු ආභරණයෝ රාව කළාහුය. දස දිග ප්රනහාස්කන්ධයෝ දිවගත්තාහු ය, සුවඳ මඳ පවන් හැමී ගි ය. අකාලයෙහි වර්ෂා වී ය. මහපොළොව පළා දිය කඳු පැන නැංග. සියලු පක්ෂීහු ආකාශයෙන් ගමන් නැතිව පොළොවට ම බටුවාහුය. ගංහෝවල යන දිය නැවති ගි ය. මහ මුහුද ලුණුදිය නැති ව ගි ය. මුහුද පස්පියුමෙන් සැදී පිරි ගි ය. දියෙහි ගොඩෙහි සියලු මල් පිපී ගි ය. නන් තුරු ලිය මල් භාරයෙන් ගැවසී ගත. බිම් පළා ගල් පළා දඬු පියුම් පෙනී ගි ය. ආකාශ ය මල් වියනින් වැසී ගි ය. මුළු ලොවැ මල්වැසි ධාරා වැසපීය. මුළුලොවැ ධ්වජ මාලාවෙන් පිරි ගි ය. යන මේ දෙ තිස් පූර්ව නිමිත්ත නම් වූ ආශ්චය්ය්ිර් පූජා වෝ ද පහළවූහ. එ දා දෙවියන් කරන පූජා හා මාගේ සවාමිදරුවන්ගේ ඒ ආශ්චය්ය්ූර් හා බුදු මඟුල් වෙන වෙන වර්ණනා කෙරෙම් නම් මාගේ එක මුඛයක් තබා සියක් දහසක් ලක්ෂයක් මුඛයෙනු ත් කියා නිමවනු බැරිම ය.
මෙසේ මාගේ සවාමිදරුවෝ ලොවුතුරා බුදු වලා ‘සියලු ධර්මස්කන්ධයන් මෙනෙහි කොට මීයෙන් පිරි ගිය භාජනයක් යට අවකාශ නැත්තනේ ඉතිරි වැගිරෙන්නා සේ දහම් අමායෙන් පිරුණා වූ ශරීර භාජනයෙන් සඬම්ර්‍ාමෘතය උතුරුවා සුවසු දහසක් ධර්මස්කන්ධයන්ට පළමු වනු වූ:-
අනෙකජාති සංසාරං-සන්ධාවිස්සං අනිබ්බිසං
ගහකාරකං ගවෙසන්තො-දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨොසි-පුන ගෙහං නා කාහසි,
සබ්බා තෙ ඵාසුකා හග්ගා-ගඑකූටං විසංඛිතං,
විසංඛාර ගතං චිත්තං-තණ්හාණං-ඛයමජ්ක්ධගායි
උදන් වසයෙන් මේ මංගල ගාථාවන් දෙදෙනා වදාළසේක.
මෙසේ මාගේ සවාමිදරු වූ බුදුරජාණන් වහන්සේ බෝමැඩ අරා බුදු වූවේලෙහි කාළ නම් දිව්ය් නාගරාජයා නා නළුවන් හා සමඟ කළාවූ සැටදහසක් දිව්යන නාගාදි පූජාය, මාරයුඩයෙහි දි ලද වාතවස්සාදි එකොළොස්මහා යුද්ධ පූජා ය, බුදු වන වේලෙහි මහීකාන්තාවන් කළ එක්ලක්ෂ විසිදහසක් පූජා ය, දෙ තිස් මහා පූර්ව නිමිත්ත නම් වූ ආශ්වය්ය්්ර් පූජා ය, තව ද දසදහසක් සක්වළ වරම් ශක්රි සුයාම සන්තුෂිත සුනිර්මිත පරනිර්මිත කාමාවචර දිව්යම රාජයන් කළ අනූදහසක් පූජා ය, තව ද දස දහසක් සක්වළ රූපාවචර බ්රනහ්මරාජයන් කළ එක් ලක්ෂ පනස් දහසක් බ්ර්හ්ම පූජා ය, යන මේ සාරලක්ෂ විසිදහස් කෙසාලිස් මහා පූජාවක් ලත් හෙයිනු ත්, අවශෙෂ වු අසංඛ්යෙසය පූජා ලත් හෙයිනු ත්, මෙසේ වූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, ස්වයම්භූ වූ, දශබලධාරි වූ සර්ව ශාස්තෲ වූ, සර්වඥ වූ, දීපදොත්තම වූ මුනීන්ද්රව වූ, භාග්ය්වත් වූ, ලොකනාථ වූ, විනායක වූ, සුගතෙන්ද්රූ වූ, මාගේ සවාමිදරු වූ, මාගේ චින්තා මාණික්යර වූ, මාගේ ම කල්පද්රැනම වූ, මාගේම නිධාන වූ, මාගේ ම සවාමිදරුවෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො;
අත්ථානුරූපං “අරහං”ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙ
මේ පූජාවලියෙහිඅප බුදුන් බුදු වන දා ලද බෝධිමණ්ඩල පූජා කථා නම් වූ එකොළොස් වන පරිච්ජෙදය නිමි.

පූජාවලිය-මහා බ්‍රහ්මයාගෙන් ලද සාධුනාද පූජා කථා
දොළොස් වන පරිච්ඡෙදය
තවද අප බුදුන් ධර්මාරාධනාවෙහි මහාබ්රලහ්මයාගෙන් ලද සාධුනාද පූජා නම් කවර යත්:
මෙසේ දීපංකර පාද මූලයෙහි පටන් අනුක්රලමයෙන් වැඩ බෝමැඩ හරා වැඩහිඳ මරසෙන් බිඳ බුදුවැ, උදන් පවත්වා, එම වජ්රාබසනයෙහි මැ ලෝවැඩ වඩා වැඩහුන්නාවූ මාගේ සවාමිදරුවෝමෙසේ සිතා වදාළසේක. සාරාසංඛ්යූ කප් ලක්ෂයක් මුළුල්ලෙහි ඉස් දී මස් දී ඇස් දී ලේ දී අඹුදරුවන් දී බොහෝ දුක්ඛ සම්භාරයෙන් බොධිසම්භාර පූරා මේ වජ්රාීසනය හා ශ්රීඛමහාබොධිය ලදිමි, මේ පය්ය්ාර්‍ංක ය නම් මාගේ ජය පය්ය් ර්‍ංකය ය, මේ බොධිය නම් මාගේ ජය මහා බොධි ය ය, මරහු මවාලූ කල්පාන්ත වාතයක් සේ පර්වත ඔසවා දිවන ඒසා මහත් සැඬ පවනෙහි පත්රාංපකුරයකුත් සැලී නොනැංගේම ය, මෙම ආසනයෙහි මෙම බෝකඳ පිටලා වැඩහිඳ කෙලෙසුන් ගෙවා බුදුව මුළුලෝ මුදුන් පත්විමි, මේ මේ කාරණයෙන් මේ විදුරස්න මට මහා වැඩ වැඩූ ය, ඒ හැර නො නැඟෙමි යි සිතා; කෙළ ලක්ෂ ගණන් සමවත් සමවැද සත්දවසක් මුළුල්ලෙහි ම නොසැලි වඅඩහිඳ එම වජ්රාසසනයෙහි ම දවස් යැවුසේක.
එසේ වැඩ හිඳිනාකල සමහර දෙවියෝ සිතන්නාහු: සිද්ධාර්ථ කුමාරයෝ වජ්රාිසන ය හැර තව දක්වා නො නැඟෙති, තව බුදු නුවුවාහු වන, තව බුද්ධකෘත්යි නොනිමියේ වනැ යි විතක සිතුවා හු ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවෝ මෙසේ පළමුවන සතියෙහි වජ්රාදසනයෙහි ඵලසමාපත්තීන් වැඩහිඳ දෙවියන්ගේ සැක දුරු කෙරෙමි යි දෙවන සතියෙහි වජ්රාඳසනයෙන් ආකාශයට පැනනැඟී මොහොතක් කල් යමාමහපෙළහර දක්වා දෙවියන්ගේ සැක දුරු කොට ශ්රීො මහා බොධියට ඉසාන කන ආකාශයෙන් බැස ‘මට උපකාරී වූ මේ වජ්රාසසනයට හා ශ්රී මහාබොධියට ප්රිීය වස්තුවක් පුදමි’යි සිතා. ඇසිපිය නො සොල්වා අනිමිස ලොචනයෙන් බෝ කඳ බලා සිට ඉන්ද්ර නිල මාණික්ය සඟලක් පුදන්නාසේ තමන් වහන්සේගේ පස්පෑයෙන් දිලියෙන ඇස් සඟලින් අනිමිස ලොචන නම් පූජාවක් කොට සද් දවසක් ධ්යානන සුවයෙන් වැඩ සිටිසේක. ඒ වැඩ සිටි තැන දැන් අනිමිස ලොචන නම් චෛත්යියෙක් වි ය.
මෙසේ වැඩසිටි තැනට හා වජ්රා සනයට හා අතුරෙහි පූර්ව සක් වළැ මුඛවාටයෙහි පටන් පශ්චිම සක්වළ මුඛවාට ය දක්වා දෙවියෝ රුවන් සක්මන් මැවූහ. මාගේ සවාමිදරුවෝ මෙසේ දෙවන සතියෙහි අනිමිසලොචන පූජාවෙන් දවස් යවා තුන්වන සතියෙහි දෙවියන් මැවූ රුවන් සක්මනැ සක්මන් කළසේක. ඒ සථානය දැන් රත්නචංක්ර්මණ චෛත්ය ය නම් වි ය.
ඉක්බිත්තෙන් දෙවියෝ ඒ ශ්රීම මහා බොධියට වායඛ්යා් කෝණ යෙහි රුවන් ගෙයක් බුදුන්ට මැවූහ. එකල සවාමිදරුවෝ තුන්වන සතියෙහි රුවන් සක්මනැ මෙසේ දවස් යවා සතරවන සතියෙහි දෙවියන් මැවූ රුවන් ගෙට සක්මනින් බැස පලක් බැඳ වැඩ හිඳ රජයක් ලද්දාවූ සක්විති රජකු නොයෙක් රුවනින් පිරූ භාණ්ඩාගාරවල දොර හරවා සිත්සේ වෙන වෙන නන් විසිතුරු රුවන් බලා අගයකොට ලේකම් බලා සතුටුවන්නා සේ, මාගේ ඒ සද්ධර්ම චක්ර වර්තීන් වහන්සේ ද බුද්ධරාජ්යතය ලදින් සද්ධර්ම නමැති රත්න සමූහයන් සද්දවසක් මුළුල්ලෙහි විශෙෂයෙන් වෙන වෙන බලා වදාළ සේක.
කෙසේ බැපූ සේක් ද යත්:- මම බුද්ධරාජ්ය ය ලදින් පන්සාලිස් හවුරුද්දක් හිඳ බුද්ධ ශ්රීා විදිමි යි, මාගේ ශසනයෙහි ශාරිපුත්රද සථවිර ප්රාධාන අසීති මහා ශ්රාුවකාදි කෝටිගණන්භික්ෂුගණයා චන්ද්ර සූය්ය්‍ර් දිව්යා පුත්රලයන් සේ ශොභාමත් ව සසුන් බබුළුවති යි, මාගේ මේ ශාසනය මෙයින් මතු පන්දහසක් හවුරුදු පවත්ති, මාගේ භික්ෂූන්ට අනුශාසනා පිණිස වින ය පිටකය දේශනා කෙරෙමි යි, විනෙයජනයන් නිසා සූත්රප පිටක ය දේශනා කෙරෙමි යි, මාගේ ප්රනඥවගේ සාර ය දක්වා දිව්යශ බ්රභහ්මයන්ට විජම්පිටක ය දේශනා කෙරෙමි යි, මෙසේ සංෂෙපයෙන් තුන්පිටකය කල්පනාකොට බලා වෙන වෙන පරික්ෂාකරන්නා වූ මාගේ සවාමිදරුවෝ:
තවද: විනය පරිජි නම් මේ ය, වින ය පවිති නම් මේ ය, විනය මහ වග නමි මේ ය, විනය සුළුවග නම් මේ ය, විනය පරිවාර නම් මේ ය, ඊට සමන්තපාසාදිකා නම් වූ විනය අටුවා නම් මේ ය, සාරාර්ථදීපනි නම් වූ විනයටීකා නම් මේ ය යි මෙසේ ඒ විනය පිටකය ශ්රීරමුඛ පාළි හා අටුවා ටීකා වසයෙන් නවඅනූදහස් දෙසිය පනස් ග්රන්ථසඬ්ඛ්යාටවෙකැයි බලා දැක්ක.
තව ද සූත්ර්පිටකයට වැද එහි පඤ්චමහාසඟියක් දැක්ක, පළමු වන දික්සඟියෙහි ශිලස්කන්ධවර්ග ය නම් මේ ය, මහාවර්ගය නම් මේය, පාළිවර්ගය නම් මේ යි තුන්වර්ගයක් දැක්ක. තව ද දෙවන මධ්යළම සඟියෙහි මූලපණ්ණාස නම් මේ ය, මජ්ක්ධිම පණ්ණාස නම් මේ ය උපරිම පණ්ණාස නම් මේ ය යි තුන්පණ්ණාසයක් දැක්ක. තව ද තුන් වන සංයුත්සඟියෙහි සගාථවර්ග ය නම් මේ ය, නිදාන වර්ගය නම් මේ ය, ස්කන්ධ වර්ග ය නම් මේ ය, සළායතන වර්ගය නම් මේ ය, මහා වර්ගය නම් මේ ය යි පඤ්චමහා වර්ගයක් දැක්ක. තවද සතරවනවු අංගුත්තර සඟියෙහි එක-ද්වික තිකනිපාත නම් මේ ය, චතුක්ක නිපාත නම් මේ ය, පඤ්චකනිපාත නම් මේ ය, ඡ-සත්තක නිපාත නම් මේ ය, අට්ඨ-නවක නිපාත නම් මේ ය, දසෙකාදස නිපාත නම් මේ ය යි ෂට්ප්රනකාරයක් දැක්ක. තවද පස්වන ක්ධුද්ර ග්රටන්ථනම් සංගිතියෙහි චූලනිර්දෙශ නම් මේ ය, මහානිර්දෙශ නම් මේ ය, ප්රනතිසම්භිදා නම් මේ ය, මහාවර්ග නම් මේ ය, ජාතකපාඨ නම් මේ ය, නෙත්පවුරුණු නම් මේ ය යි ෂට්ප්රගකාරයක් දැක්ක. තව ද සුවඬ්ගල විලාසිනි නම්වූ සූත්‍ර අටුවා මේ ය. ප්ර්පඤ්චසූදනී නම්වූ සූත්රි අට්වා මේ ය, සාරාර්ථප්රතකාශනි නම් වූ සූත්ර අටුවා මේය, මනොරථ පූර්ණි නම් වූ සූත්රා අටුවා මේ ය. සද්ධර්ම ජොතිකා නම් වූ සූත්රම අටුවා මේ ය, ප්රටතිසම්හිදා නම් වූ සූත්රස අටුවා මේ ය, පරමාර්ථ ජොතිකා නම් වූ සත අටුවා මේ ය, උදාන නම්වූ සූත්රා අටුවා මේ ය, විමානවස්තු නම් වූ සූත්රස අටුවා මේ ය, ප්රෙරතවස්තු නම් වූ සූත්රඅ අටුවා මේ ය, ථෙරගාථා නම් වූ සූත්රර අටුවා මේ ය, චය්ය්ෙර්‍ාපිටක නම්වූ සූත්රේ අටුවා මේ ය, බුද්ධ වංශ නම් වූ සූත්රර අටුවා මේ ය, ධම්පියා නම් වූ සූත්රව අටූවා මේ ය, පන්සිය පනස් ජාතක නම් වූ සූත්රය අටුවා මේ ය, විශුද්ධිමාර්ග නම් වූ සූත්ර අටුවා මේ ය, නෙත් පවුරුණු නම් වූ සූත්රර අටුවා මේ ය යි මෙසේ සූත්ර් පිටකයට වැද වෙන වෙන බලා තමන් වහන්සේගේ ශ්රීා මුඛයෙන් වදාරන පාළි හා අටුවා කථා සාරලක්ෂ එකොළොස් දහස් පන්සියයක් ග්ර න්තයෙන් සම්පූර්ණ වී යයි මෙසේ සූත්ර පිටක ය දැක්ක.
තව ද අභිධර්මපිටකයට වැද ධම්සඟුණු නම් වූ විජම් පාළි මේ ය. විහඬ්ග නම්වූ විජම් පිළි මේ ය. ධාතුකථා නම් වූ විජම් පාළි මේ ය. පුද්ගලප්ර්ඥප්ති නම් වූ විජම් පාළි මේ ය. කථාවස්තු නම් වූ විජම් පාළි මේ ය. යමක නම් වූ විජම් පාළි මේ ය, පට්ඨාන නම් වූ විජම් පාළි මේ ය, අර්ථසාලිනි නම් වූ විජම් අටුවා මේ ය, සම්මොහවිනොදනී නම් වූ විජම් අටුවා මේ ය, පඤ්චක නම්වූ විජම් අටුවා මේ ය යි මෙසේ විජම් පිටකයෙහි ශ්රීේමුඛ පාළි හා අටුවා කථා එක්ලක්ෂවිසිදහස් දෙසිය පනස් ග්ර න්ථ සඬ්ඛ්යාපවෙකැ යි දැක්ක.
මෙසේ තුන්පිටකය මුල්පටන් අගදක්වා ය. අගපටන් මුල දක්වා ය, දෙනෙළවර පටන් මැද දක්වා ය, මැද පටන් දෙකෙළවර දක්වායයි මෙසේ අනුලොම ප්රපතිලොමාදි වසයෙන් සකසා පරික්ෂා කොට බලා වදාරා. තව ද ඒ මාගේ ධර්මසංඛාව විශෙෂයෙන් බලම් නම්; රසවසයෙන් එකෙක් වෙයි, පිටක වසයෙන් තුනෙක් වෙ යි, නිකාය වසයෙන් පසෙක් වෙ යි, අඩ්ග වසයෙන් නවයෙක් වෙ යි, ස්කන්ධ වසයෙන් සවාසු දහසක් පමණ වෙ යි. ශ්රීස මුඛ පාළි වසයෙන් මාම කරන්නා වූ දෙශනාවෝ දෙලක්ෂ පන් සැත්තෑදහස් දෙසිය පනසක් පමණ ග්රෙන්ථ වෙති. මතු ශ්රී ලංකාද්වීපයෙහි දි කප්ලක්ෂයක් පැරුම් පුරා ආ බුද්ධඝොෂ නම් ආචය්ය්ථර් සථවිරයන් විසින් මාගේ අභිප්රාොය දැන ලියන ලද අටුවා කථා වසයෙන් තුන්ලක්ෂ එක් සැට දහස් සත්සිය පනස් ග්රෙන්ථසඬ්ඛ්යා වෝ පමණ වෙති. ඒ මාගේ ආගම කථාවෝ හැමදෙනම ග්රලන්ත සඬ්ඛ්යා වෙන් සලක්ෂ සත්තිස් දහසක් පමණ වෙති. හාණවාර සඬ්ඛ්යාව වෙන් පස්විසි ලක්ෂ අටසාලිස් දහසක් බණවර වෙති. අක්ෂර ගණනාවෙන් දෙකෙළ තුන්ලක්ෂ සූවාසූ දහසක් අක්ෂරයෙන් පිරුණේ යැ. නය වසයෙන් අසඬ්ඛ්යව ගණන් නය යැ. ඒ මාගේ සියලු ධර්ම සමූහයෝ මැ අවිනෂ්ටවැ පන්දහසක් අවූරුදු පවත්නාහු ය යි මෙසේ මාගේ සවාමිදරුවෝ “අනෙකජාති සංසාරං”කියා පළමු ඔසවාගත් ශබ්දයෙහි පටන් ගෙන කෙළවර යමහල වැදයෙවැ “අප්පමාදෙන සම්පාදෙථ”යි යන මේ ශබ්ද ය අත්තකොට ඇති සියලු ධර්ම සමූහයන් ඒ දෙවියන් මැවූ රුවන් ගෙයි වැඩහිඳ ඒ සතරවන සතිය මුළුල්ලෙහි මෙනෙහි කොට නිමවා වදාළසේක. ඒ සද්ධර්ම රත්නය වැඩහිඳ සම්මර්ශනය කළාව සථාන ය උන් රත්නඝරචෙතිය නම් වි ය.
මෙසේ මාගේ සවාමිදරුවෝ සද්ධර්ම සම්මර්ශනයෙන් සතර වන සතිය යවා පස්වන සතියෙහි අජපාල නම් නිග්රොෙධ මූලයට වැඩැ පූර්වදිග් බලා වැඩහිඳ විමුක්ති සුවවිඳ දවස් යවන සේක!
එසමයෙහි මාරදිව්යහ පුත්රවයා පැරද ගොස් යහන් මතුයෙහි මුහුණින් හෙව බොහෝ දෙවියන් තමාට කරන නින්දා ඉවසාගත නොහි තමාගේ ඒ දිව්යදභවනයෙන් සැඟවී ගොස් දඹදිව මාවතක් මැද මහී වෙසක් ගෙන දෙපා දිගුකොට ලා එක් අතක් නිකටැ දිලා කරබා හිඳ සිතනුයේ “සිද්ධාර්ථ කුමාරයා මා නො කැමති කරවා ම මහභිනික්මන් කෙළේය, සාවුරුද්දක් මුළුල්ලෙහි මට අවකාශයකුත් නොපෑයේ ය, දැන් මට මේ සා පරිභවයක් කොට බුදුව ගියේ ය, ඉතිකින් මාගේ විෂ ය ඉක්ම ගිය, මාගේ ඒ සතුරා බුදු ව සතර සතියෙක් පලා ගිය, ඒ සතුරා නොබෝ දවසකින් බොහෝ බණ කියා සියලු සතුන් නිවන් පුරයෙහි ඇදලා පිය යි, බොහෝ කලක් අඩුවක් නැති ව තුබූ මාගේ නරකවල් අවකාශ කරවයි, මතු තබා තමා මවුකුස උපන් වේලෙහි ද, බිහිවූ වේලෙහි ද, මහභිනික්මන් කළ වේලෙහි ද, බුදුවූ වේලෙහි ද, මාගේ නරකවල ඇවිලෙන ගිනිකඳ නිවා හැල් කරවා මා මුහුණ දැලිගා පිය, ඒ සතුරා කෙසේ පිටු දකිම් දෝ හෝ”යි සිත සිතා ශෝක කරනුයේ සොළොස් කාරණයක් සිත සිතා සොළොස් හිරක් මඟ අවුරා ඇඟිල්ලෙන් ඇන්දේ ය.
කෙසේ ද යත්?
මම සිද්ධාර්ථයාට දාන පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, ශීල පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, නෛෂ්ක්රහම්යහ පාරමිතාවෙනු ත් අඩුවෙම්ම ය, ප්රමඥපාරම්තාවෙනු ත් අඩුවෙම් ම ය, වීය්ය් ර් පාරමිතා වෙනු ත් අඩුවෙම් ම ය, ක්ෂාන්ති පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, සත්ය පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, අධිෂ්ඨාන පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, සත්යෙ පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, අධිෂ්ඨාන පාරමිතාවෙනු ත් අඩුවෙම් ම ය, මෛත්රිඩ පාමිතාවෙනු ත් අඩුවෙම් ම ය, උපෙක්ෂා පාරමිතාවෙනුකත් අඩුවෙම්මය, තව ද ඉන්ද්රිමය පාරවරඥනයෙනුත් අඩුවෙම් ම ය, ආශ්රුවක්ෂ ය කරඥනයෙන් අඩුවෙම් ම ය, මහා කරුණා සමාපත්තිඥනයෙනු හා අඩුවෙම් ම ය, යමක ප්රාතතිහාය්ය්ෙර්ඥාඥනයෙනු ත් අඩුවෙම් ම ය, අනාවරණඥනයෙනුත් අඩු වෙම්ම ය, සර්වඥතාඥනයෙනුත් අඩුවෙම්ම යයි මේ සොළොස් කාරණයෙන් ඒ සිද්ධාර්ථයා මට ශත ගුණයෙන් සහස්රො ගුණයෙන් වඩනේ ම ය, ශතසහස්ර ගුණයෙන් මම ඕහට අඩුවෙම් ම ය යි මඟ අවුරා මෙසේ සොළොස් හිරක් ඇඳ ඒ බල බලා සුසුම් ලලා කර බාගෙන හුන්නේ ය.
එ කල ඒ මාරයාගේ තණ්හා ය, රති ය, රගා ය යි යන දුන් තුන්දෙන පියාණන්ගේ දිව්යග ප්රාෙසාදයට වැද, යහනේ වැදහොත් පියාණන් නො දැක අපගේ පියාණන් වහන්සේ කොයි ගියසේක් දෝ හෝ යි දිවසින් බලා මාවත් මැදෙක බිම ඇඟිලි ගසා සුසුම් ල ලා හුන්නවුන් දැක අසුරුසනක් කලින් එතනට දිව ‘පියාණන් වහන්ස! මේ කෙසේවූ දුක්පත් කමෙක්ද? නුඹ සුසුම් ලන්නේ කුමන ශොකයකින් දැ’යි විචාලහ. වසවත්මර කියනුයේ “දරු-වෙනි! තෙපි නො දනු ද, මහණ භවත් ගෞතමයා දශදහසක් සක්වළ දෙවියන් බලා සිටියදී මා මරා ලුහුබඳවා මා මුහුණ දැලි ගාපී ය, දැන් මාගේ සතුරා බුදුව ගියේය, මට වූ ලජ්ජා නොදනු ද, මාගේ ආත්ම රක්ෂාවට තුබූ චක්රාුයුධය දක්වා දරුවෙනි! උදුරා ගත්තේවේදැ”යි කීය. එබසට දූ තුන්දෙන කියන්නාහු. “ස්වාමීනි! අපට නො කියා ඒ සා පිරිසක් ගෙන ගොස් කුමට විඩා වූ සේක් ද, අපට කිවහොත් එක බළ පිරිසකුත් නැති ව අපි තුන් දෙන ගොස් ඔහු කාම නමැති මලින් බදාගෙන මුවපොල්ලකු සේ පෑලම්හ, දැනු දු ශොක නො ලෙන නුඹවහන්සේ දිව්යෑශ්රීතන්ම හුන මැනව, ඇසිල්ලකින් ගොස් අප ඔහු නුඹ පාපිටට ගෙනෙන ලෙස් බලා වැඩහුන මැනවැ”යි කිහ. එ කල මරදෙවි පිත් කියනුයේ; “දරුවෙනි! කුමන බස් කියවු ද, සිද්ධාර්ථ කුමාරයා ඉතාමහත් වූ ආනුභාව හා මහත් වූ තේජස් ඇතියේ ය, ඔහු කා විසිනු ත් ජයගත නො හැක්ක, සොලවාලිය හැකි සතෙක් නො වෙ යි, මහා ධෛය්ය්්ර් සම්පන්න පුරුෂයෙකැ”යි කී ය.
එ බසට දූ කියන්නාහු “ස්වාමීනි, අපගේ වසවර්තිදිව්යඑලොකයට වඩා කාමභූමියක් නැතිබැවු නො දන්නා සේක් ද, ජිවිතයක් ඇති පුරුෂයෙක් ඉදිරියෙහි ඇසිල්ලෙක පෙනිගියමෝ නම් ඔහු කාමයෙන් පොළඹා ගැන්මෙහි අපට වඩා දක්ෂ වූ කාමාඬ්ගනාවෝ කාමලොකයෙහි නැත් ම ය”යි මෙසේ පියාණන් ඉදිරියෙහි සිට වහසිබැණ පියා පියාණන් දෙවුලොවට යවාලා තුමූ එතනින් අන්තර්ධාන ව දික්කළ අතක් වක් නොකරනතුරු ඇසිල්ලෙක බුදුන් වැඬහුන් අජපාල මූලයට ආසන්නව නො පෙනී සිට තුන් දෙන ඔවුනොවුන් හා මනුත්රවණ බණන්නාහු: “නඟිනි, පුරුෂයන් ගේ සිත් නම් නොයෙක් ආකාරය, සමහර කෙනෙක් බාල ස්ත්රී න් කැමති වෙති, සමහර කෙනෙක් යෞවන ස්ත්රීසන් කැමැති වෙති, සමහර කෙනෙක් මද්ධ්ය්ම ස්ත්රී්න් කැමැති වෙති, සමහර කෙනෙක් වෘද්ධ ස්ත්රීන් කැමැති වෙති, ඒ සිද්ධාර්ථ කුමාරයාගේ අදහස් නො වරදවා බලා ගනුම්හ”යි මන්ත්ර්ණ කොට ලා.
දොළොස් හැවිරිදිඅ කුඩා කෙලිරූ සියයෙක, සොළොස් හැවිරිදි පළමුවන යෞවනයෙහි සිටි ස්ත්රීූ රූ සියයෙක, එක දරුවන් ලද ස්ත්රීත රූ සියයෙක, දෙදරුවන් ලද උත්තම ස්ත්රී, රූ සියයෙක, එක දෙ නර දුටු ස්ත්රීස රූ සියයෙක, විලිකුන් කෙස් ඇති මැහැලි රූ සියයෙකැ යි මෙසේ සසියයක් වෙස් මවාගෙන “සිද්ධාර්ථයා අප පියාණන් මුහුණ ගෑ දැලි අද පිස හරිමෝ ම ය, ඔහුගේ සිල් බිදු මෝ ම ය”යි කිය කියා, නන්විසිතුරු මලින් සරහන ලද නිල් වරලසින් හා කන් නමැති මධු ගුහාවට ගමන්ගත් කිල හ්රැ ඬ්ග යුග්මයක්සේ ඉදුමිණි නිල්වන් දිඟු පුළුල් වූ ඇසින් හා ගන නිල් වරල් නමැති මහ මේ කළින් පැනනැඟි දෙව්දුනුවන් දිලියෙන බැම සඟලින් හා දුටුදුටුවන් දෙපා මසන රන් හැකිලි සේ සක් පතින් දිලියෙන කනින් හා කෙම්වැල වන් තඹුරු තොලින් හා කොඳකැකුළුවන් දත්පෙළින් දිවන සුදුරැසින් සඳරැස් පරදවමින් මුව පියුම් බල බලා කර ඔසවා සිටිනාවූ රන්වන් හංස පැටවුන් සේ ලීලෝපෙත ව සිටිනා පිරුණු තන සඟළින් හා නැඹ පියුමට මුවරද ලොලින් බස්නා හෘඩ්ගාවලින් සේ දුටුදුටුවන් සිත් උමතු කරවන නිල් වසාරොදින් හා රන්තැඹිලි කඳවන් අසුරෙන්ගන්නා සිඟු වලඟින් හා කාම පුරුෂයන් මනදොළ විශාරද කරන්නා වූ රන්වන් වූ පුළුලුකුලෙන් හා පුරුෂයන්ගේ ධ්යෛන්ර් මඩනා තිරිඟි කඳ සේ රන්කෙහෙල් කඳට නිගාදුන් මට සිලුටුවූ කලවා සඟළෙන් හා, නිවවන්පුරට වදනවුන් බදා හෙළන මල සේ කර පුරා හෙළනලද මුතුහර පැලඳ “කාම පුරුෂයෙනි! පිනැති එකෙක් වල නොෙගාස් අපකරා එව යි හඬගා කැඳවන්නා සේ රන්ලියවන් අතෙහි පිරූ මිණි වළලු රැවුදෙමින් සියලු සතුන් ඇසට ලූ ඉන්ද්රූ ජාලා බඳුවූ නන් පැහැයෙන් විසිතුරු උතුරුසළු ලා, රතියට ආකර සේ, මඳ මඳ සිනායෙන් පිරුණු මුඛ නමැති සඳ පෙළින් දිවන දසනගරසින් සල්ලාල නමැති කෞමදයන් සතුටු කරවමින්, මෙසේවූ දුටුවන් ඇසුවන් සිතුවන් සිත් සොලවා පියන සසියයක් වෙස් මවා ගෙන ඔවුනොවුන්ගේ රූසිරි බල බලා ‘නගිනි, අද අපට එක පුරුෂයෙක් නම් සරු කිම්දැ’යි වහසි කිය කියා; ඒ මාගේ ස්වාමි දරුවන්ගේ අභිමුඛයට අහසින් වගුළ සපුමල්දම් පෙළක් සේ, රන්ලිය සමූහයක් සේ, බුද්ධපූජාවට දමාලූ සසියයක් රන්පියුම්සේ, සසියයක් සඳ මඬුලු සේ, සසියයක් රන්කැටපත් සේ, දෙදෙනෙක් රකසැටියක නො සැරහී, දෙදෙනෙක් එක්වන් සළු නො හැඳ, මෙසේ වෙන වෙන නොයෙක් ස්ත්රීෙ ලීලාවෙන් බුදුන් පෙරටවැ සිටවගන මෙසේ කියති:
“යහළු සිද්ධාර්ථ නම් කුමාරයෙනි! තෙපි වසන්තයා බඳු කාන්ති ඇති කෙනෙකු ව, පන්තිස් හැවිරිදි හෙයින් නව යෞවන යෙහි පිහිටි ය ව, රන්වන්වූ ශරීර ඇති කෙනෙකු ව, සියලූ ස්ත්රීහන් ගේ ප්රෙරම තොපකරා හයා ගන්නා කෙනෙකු ව, රසයෙන් සම්පූර්ණ කෙනෙකු ව, ස්නෙහයෙන් ආර්ද්ර කෙනෙකු ව එසේ වූ තෙපි රන්පවුලකින් රන්වන් වූ තෙල කය වසාගෙන කාම ස්ත්රී න් ගේ ශොක නමැති ළැව වනයෙහි ගිනිලන්නා සේ එකලාව, මේ නුගගස මුල කරබාගෙන හිඳුව, ස්වාමිනි! නො වලා කියව, තොප අඹුවෝ ඇද්ද නැද්ද, නොහොත් තොප හා ඩබරකොට ගියෝ ද, නොහොත් උත්තම ස්ත්රි යක කල්යවා නො එන හෙයින් ඈ බල බලා හිඳු ද, ආ හා සිද්ධාර්ථ කුමාරයෙනි! මේ අපට කියව යි නො සඟ ව යි විචාළහ. එකල මාගේ, ස්වාමිදරුවාණෝ වෙස්සන්තර ජාතකයෙහි කෘෂ්ණාජිනා නම් දියණියන් කියන ළද බොළඳ සුරතල් කොට සිනා මුවෙන් නො බැණ, හුදු කරුණායෙන් අඹාලූ රුවක් සේ, හුදු මුදිතායෙන් මවාලූ රුවක් සේ, හුදු උපෙක්ෂායෙන් මවාලූ රුවක් සේ නො සෙල්වී මහපොළොව සේ වැඩහුන්සේක.
ඉක්බිත්තෙන් මැහැලි වෙස්ගත් තණ්හා නම් දේවතාදු “මේ පුරුෂයා එසේ මෙසේ සොලවාලිය නො හැක්ක, අප හැම දෙනා තමාගේ නුවන් කෙළවරිනු ත් නො බල යි, පුරුෂයෝ නම් තමන් රූ වර්ණනා කළ කල මඳනැඟි ඇතුන් සේ උමතු වෙති, මොහුගේ රූපය ඉදිරියෙහි සිට වණා මා කරා නමා ගනිමි”යි සිතා ‘ස්වාමිනි සිද්ධාර්ථ කුමාරයෙනි! තොපගේ සිද්ධාර්ථ නම් නම සියලු ස්ත්රීින්ගේ කාමාර්ථයන් සිද්ධකරන හෙයින්ම ලදහ යි සිතමි. තොපගේ මේ රන්වන්වූ ශරීර ය ලෝකවාසීහු කරුණා මෛත්රීමන් සම්පූර්ණ වී ය යි කියති,මම වනාහි පඤ්චකාමයෙන් පිරුණාහ යි කියමි. තොපගේ තෙලෙ රන්කඳක් වන් පස්කඳ රන්මුහුදින් පැනනැඟි ස්වර්ණාංකුරයක් වන්නැ යි නො කියමි. කාම ස්ත්රීින් තොපගේ තුනුවිලට බැස කෙළනා පස් මහ තොටකැ”යි කියමි. තව ද තොපගේ රන්මෙරක් බඳුවූ බුද්ධකාලයෙහි දිලියෙන ඉඳුමිණි නිල්වන් සිරස රන්මුහුදින් පැන නැඟි ඉදුමිණි නිල් පර්වතයක්හුගේ ශ්රීර විභූතියක් වැන්නැ යි නො කියමි, කාමස්ත්රි න් නමැති බකාඬ්ගනාවන්ට ගබ්දෙන්නාවූ මහ මේකුළක් දෝ හෝ යි කියා සිතමි.
තව ද තොපගේ තෙලෙ රන්තලාවක් වන් නළල් තල මැද දිලියෙන ඌර්ණණාරොම ය රන් බිතෙක්හි දුන් මකුල් තිලකයක් වැන්නැ යි කියා ත් නො කියමි, “ස්වර්ණ සාගරයෙන් පැන නැඟි දක්ෂිණ සඬ්ඛ්ය යක් වැන්නැ යි කියා ත් නො කියමි. නො හොත් එම රන් මුහුදින් පැනනැඟි දරණ ලා හොත් හැළි නාග රාජයකු වැන්නැයි කියා ත් නො කියමි, නොහොත් තොපගේ රූ මුහුදින් පැනනැඟි අමා දධියක් වැන්නැ යි කියා ත් නො කියමි. නොහොත් තොපගේ යශෝලතාවෙන් ප්ර බොධවූ යශමල් කැනක් වැන්නැ යි කියා ත්නො කියමි. නොහොත් නාසිකා නමැති පුඩු ඇති, බැම නමැති ඉදුමිණි නිල්වන් සතෙහි මුදුන් දුන් රිදී කොතක් වැන්නැ යි කියා ත් නො කියමි, නොහොත් තොපගේ මුඛ නැමැති මහපියුමට බැස මුව පුරා රොන් ගෙන නළල් නමැති රන්පෙත්තෙහි හිඳ රැවු නඟා මත් ව ගුවන් බලා හුන් ශ්වේත හංස පෝතකයකු වැන්නැ යි කියා ත් නො කියමි, ඒකාන්තයෙන්ම කාම ස්ත්රීකන් නමැති කෞමදයෙන් ප්ර බොධ කරන්නාවූ පුන්සඳක් වැන්නැ යි කියාම සිතමි. නොහොත් තොප කරා පැමිණි යෞවන ස්ත්රීාන්ගේ කාම ඩාහ නිර්වාපණ ය පිණිස මවාලූ රිදී තල් වැටෙක් දෝ හෝ යි කියාම සිතමි. තව ද තොපගේ තෙලෙ වෙන වෙන පස් වනක් පැහැයෙන් දිලියෙන්නාවූ ඇස්සඟල මුඛ පද්මයට බට නිල හාංගරාජ යුගලයක් වැන්නැ යි කියා ද නීලොත්පල යුගලයක් වැන්නැ යි කියා ද, ඉන්ද්රපනිල යුගලයක් වැන්නැ යි කියා ද, නො කියමි, පඤ්චකාමයන්ගේ ජයගැන්මට වෙන වෙන ම මවා ලූ පඤ්චවර්ණයෙක් දෝ හෝ යි කියා ම සිතමි.
තව ද තොපගේ තෙලෙ උත්තුංග වූ නාසිකාව මුව පියුම බලා කර නඟා උන් රන්වන් වූ හංස රාජයකු වැන්නැ යි කියා ත් නො කියමි, තොප කරා පැමිණි ප්රෙ ම කාන්තා නැමැති කෙණෙ-රඟනන් අනුන් කරා නො යාදි හයා ගන්නාවූ ස්වර්ණාංකුශයෙක් දෝ හෝ යි කියා ම සිතමි. තව ද තොපගේ තෙලෙ බිම්බඵල සමාන වර්ණ වූ අධරයුග්ම ය මුඛ නමැති පද්මයෙහි හටගත්තා වූ රත් පියුම්පෙති සඟළක් වැන්නැ යි කියා ත් නො කියමි, තොපගේ රූප නමැති ක්රී ඩා ශාලායෙහි කාම ස්ත්රිින්ට මවා තුබු ප්රමවාලමය වූ රා ඔඩම් සඟලක් වැන්නැ යි කියා ම සිතමි.තව ද යහළු සිද්ධාර්ථ නම් රූසයුරාණෙනි, තොපගේ තෙලෙ රන්කුළු සඟලක් වන් උරසඟළේ පැහැර සිටිනා කන්පට සඟළ රත්ගල් මුදුනෙක නටන ස්වර්ණමයුර රාජ යුග්මයක් වැන්නැ යි කියා ත් නො කියමි, තොපකරා බැමිණි යෞවන ස්ත්රීනන් අනුන් කරා නො යාදී දෙපා මනස රන්පමුදම් දෙකෙකැ යි සිතමි. තොපගේ තෙලෙ රන්වන් වූ ග්රීුව ය රන් මිහිඟක් වැන්නැ යි නො කියමි, කාමාඩ්ගනාවන් උමතුකරවන ඖෂධ ඝටිකායෙක් ම ය යි සිතමි. තොපගේ තෙලෙ රත් සිවුරුගබින් නිකුත් බාහු යුග්ම ය රත්වලා ගබින් නිකුත් විදුලිය දෙකක් වැන්නැ යි නො කියමි, තොපගේ රූ නමැති අමාගඬ්ගාවට බැස කාම ස්ත්රීමන් සිත් සේ කෙළනාවූ රන් පලු වැන්නැ යි සිතමි.
මෙසේ වූ රූපයකින් මේසා වන මැදෙක කාමස්ත්රීින් නැති ව තොප වැනි කෙනකුන් උදකලාව වසනු ඉතා නො යෙදෙ යි, මේ ලෝකයෙහි ස්ත්රිත නම් තොප වැනියන් පහස් ලත් ස්ත්රි ම ය, බැවින් වරෝ හිමි, එකලාව මේ වෙනෙහි නො වසව, අද දක්වා පුරුෂයන්ගේ පහස් නො ලත් මාගේ මේ දොළොස් හැවිරිදි කුඩා නඟුන් සිය ය හෝ රක්ෂාකරව, නොහොත් නව යෞවනයෙහි පිහිටි සොළොස් හැවිරිදි නඟුන් සිය ය හෝ රක්ෂා කරව, නො හොත් එක් දරු වැදු මේ රන්ලිය වන් නඟුන් සියය හෝ රක්ෂා කරව, දෙ දරු වැදු මේ රන්ලිය වන් නඟුන් සියය හෝ රක්ෂා කරව, දෙ දරු වැදු මේ විදුලිය වන් නඟුන් සියය හෝ රක්ෂා කරව, පුරුෂයන් පොලඹා ගැන්මෙහි අප මුත් නැතැයි ධවජ නැඟුවා සේ එක දෙ නර නැඟි නඟුන් සිය ය හෝ රක්ෂාකරව, නොහොත් කපු පිසමන් දී ගඳලගයෙන් පුරුෂයන් පොලඹා ගැන්මෙහි දක්ෂවූ අප මැහැල්ලන් සිය ය හෝ රක්ෂා කරව, හිමි! තොප සිත ඇත්තක් නො වළා කියව, අප මුත් මෙතෙන අනික් කිසි කෙනකුන් නැති බැවින් කිසි විළියහ නො කරව” යනාදින් මෙසේ ළඳ බොළඳවූ නොයෙක් විරහ තෙපුල් කිව.
එ විගස හැම මාරස්ත්රි් ඔවුනොවුන් පරදවා අපි ම ලෝභ කරවා ගනුම්හ, අපි ම ලෝභ කරවා ගනුම්හ යි සිත සිතා සමහරු නටති, සමහරු ගී කියති, සමහරු අත්තල හෙළති, සමහරු අසුරු සන් දෙති, සමහරු නරු නතති, සමහරු බමති. සමහරු පුසුඹු ලති, සමහරු ලිලා දක්වති, යනාදින් නොයෙක් ප්රරකාරයෙන් අකට විකට පෑ පොලඹන්නාහු මාගේ ස්වාමිදරුවාණන්ගේ නුවන් කෙළවරින් බැලුම් පමණකුත් නො ලද්දාහු ය. මෙසේ බොහෝ උත්සාහ කොට අවකාශයක් නො ලදින් වෙහෙසන්නාහු; “ස්වාමිනි සිද්ධාර්ථ කුමාරයෙනි, මේ ලොකයෙහි තොප මහා ශ්ර්ද්ධාවන්ත ය යි කියති, කාමාඩාහයෙන් තොප කරා ආ අප තොපගේ තුනුවිල ගලා සන්හිඳුවා නුලූ නම් තොපගේ තෙලෙ ශ්රීගපාද නමැති පියුම් දෙකින් අප අපගේ නළල් මැද තිලකාහරණ දෙව, තව ද එසේ ත් ලෝභී වූ නම් ස්වාමි සශ්රීික වූ සුවඳ ගඳින් පිරුණා වූ තොපගේ මුඛ නමැති කරඩුව හැර මධුර වචනයක් දන් දී අප අපගේ කන් පූරව, එසේ ත් ලෝභි වූ නම් තොපගේ තෙලෙ පස් වනක් පැහැයෙන් දිලියෙන බැලූම් පමණකින් ලෝවැඩ කරන්නා වූ ඇස් සඟලින් අර්ධ බැලුම් දී ඒ ආශ්වාදයෙන් තොප නිසා ම සැලෙන අප කම්කිලියන් කම්ගිනි නිව්ව; අද තොපගේ ශ්රලද්ධාබල, බලම්හ”යි නොයෙක් ලෙස යාච්ඥකළ කල ද මාගේ ස්වාමිදරුවාණන් ඒ දිව්යල ස්ත්රි න්ගේ භාවනාව ලිලාජරාපත් වැඳිරියන් පානා වූ විකාර සේ, වෙස් බැඳ පානා විකාර සේ, සිතා අශුභ ලකුණු උපදවා මෛත්රි න් පින පිනා මහමෙර සේ නිශ්චලව වැඩහුන්සේක් ම ය.
එ කල මාරස්ත්රික තමන් දිව්යාංිගනාවන් හෙයින් මොහුගේ පූර්ව චරිතයෙන් මෝහට නින්දාකොට පොලඹා ගනුම්හ යි සිතා කියන්නාහු: “සිද්ධාර්ථ කුමාරයෙනි! දැන් අපට තොප තදවන්නේ ඇයි ද, තොප පෙර කුසරජ ව උපන් කළ ප්ර භාවතින් තොප හැර පලාගිය කල එදා තොප ඒ සා රාජ්යොයක් හැරපියා උන් පසුපස්සෙහි එකදා සියයක් යොදුන් දිවු දවස් සඳහන් නැද්ද, තව ද වළන් කද කර තබාගෙන හිණිපාමුල හී මළහොත් වෙස් ගෙන ඇස පෙරළාලා එදා තොප වැදහොත් ලෙස් මෙදා සඳහන් නැද්ද, තව ද තොප හුණු හඬ අසා ප්ර්භාවතීන් දිව අවුදින් කර දිගුකොට මේ මළදෝ හෝ නොමළ දෝ හෝ යි සිතා නාසයට අත පෑ බලන වේලෙහි ඒ ස්ත්රිදය දැක ප්රේසම ධරාගත නොහී කටපුර කෙළ ගෙනා ඇගේ මුව පියුමට දැමු ලෙස් සඳහන් නැද්ද, තව ද එම ස්ත්රිවය නිසා විය්ය්හර්යප කරන තොප එදා කැසපට ගොතාගෙන කළල්මැද සිට බඳුන් සේදු ලෙස් සඳහන් නැද්ද, පෙර සසර මෙසේ ගෑනුන් කෙරෙහි ලොහි තැනැත්තන් දැන් අප වැනි ස්ත්රීසන් කෙරෙහි මඳකුත් ලොභ නොකරන තොප වරද නො වෙයි; අප කළාවූ අකුසල් බල ම ය. තව ද පෙර තොප රජ වූ ජාතියෙක පඤ්චකාම ය මා මුත් අනිත් සතකු අනුභව කළ නො හැක්කැ යි කියා කාමයෙහි ගිජු ව කිලෙ යි සිටි බල්ලන් දක්වා කඩුවෙන් පොලුගෙන කාමොන්මන්ක ව එදා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද.
තව ද එක් කාලෙක චුල්ලපදුම ජාතකයෙහි ප්රිාය වූ කාන්තාවක නිසා රජ ය හැර ගොස් ඈ පය බිම ගෑ නොදෙමි යි කර හිඳුවා ගෙන දුරුමඟ ගෙවා යනදා ඈ පැන් බෙමි යි කි වේලෙහි පැන් නැත්තෙන් තොපගේ තෙලෙ පුළුන් උරමඩල පළා ලේදිය පොවා ඈ පිපාසා නිවා ඇවිදි ලෙස් මෙදා තොප සඳහන් නැද්ද, තව ද තොප සුභලක්ෂණ ජාතකයෙහි සුභලක්ෂණා නම් බිසවුන් කර හිඳුවාගෙන රාජවීථී මද්ධ්යෂයෙහි වනමද්ධ්ය යෙහි යන්නා සේ කාමයෙන් අන්ධ ව එදා තොප ගියසැටි මෙදා දැන් සඳහන් නැද්ද, තව ද සංකප්ප ජාතකයෙහි තොප බරණැස් රජුගේ අග මෙහෙසුන් බිසවුන් දැක ලෝභකොට එකෙණෙහිම පත් සිඳපු පක්ෂියකු සේ ආකාශයෙන් බිම හී එ බඳු වූ ධ්යාානසුව ය හැර ෑයනට ගොස් සද්දා මුළුල්ලෙහි නොකා නොබි එසමයෙහි තොප කළ ස්ත්රිද ශෙක ය මෙ සමයෙහි දැන් සිහි මඳව ගියේද. තව ද පෙර තොප තක්ක ජාතකයෙහි ග බඩ පන්සලක් කොට ධ්යා නසුවයෙන් වසන කල දියෙන් යන කාන්තාවක් දැක ඈ දියෙන් ගෙිඩ නඟා ඈ කෙරේ කළ ලොභයෙන් ධ්යාඈනසුව ය හැර ගොස් ඈ හා සමඟින් වැස තොප මෝරු වෙළෙදාම් කොට එදා ජීවත් වූ සැටි මෙදා දැන් සඳහන් නැද්ද. තව ද පෙර තොප විනීල ජාතකයෙහි ස්වර්ණ හංසරාජ ව ඉපද පක්ෂින් කෙරෙහි හීන වූ කපුටු ධෙනුවක හා සමඟ සංවාස කොට විනීල නම් පුතකු ලදින් ඒ කපුටුවා හා කපුටුධෙනුව නිසා එකාවනු ව ඇවිද එදා ජීවත් ව තොප ගත් දුක් දැන් සඳහන් නැද්ද.
තව ද පෙර තොප උම්මාදන්තී ජාතකයෙහි රජව නුවර පැදකුණු කොට යන දා උම්මාදන්තී නම් ස්ත්රියයක දැක ඈ කෙරෙහි කළ ලෝභයෙන් කාමොන්මාදව ආ පස්සෙහි රජගෙට ගොස් නොයෙක් විලාපයෙන් ඈ මත්තේ නොයෙක් ගි කියා එදා තොප ඇඬුලෙස් මෙදා දැන් සඳහන් නැද්ද. තව ද පෙර තොප වන මැදෙක ධ්යා න ලදින් වසන කල එක් දවසෙක රෑ ස්ත්රිදයක වැඳහොත් ගේකට ගොස් දොර හරවා ඈ දොර නො හරන හෙයින් මුඩක් දී පල ය ඔසවා බළල්ලායෙන් ගෙට වදනා වේලෙහි පය ගැසි මුඬ ය ගැලවි පලභාරය තොප පිට හී ඔබාගත් කල එදා තොප ගත් දුක් මෙදා සඳහන් නැද්ද. පෙර මෙසේ එකී එකී ස්ත්රිායක් නිසා දුක් ගත්තා වූ තොල දැන් අප සසියයක් ප්රිකය කාන්තාවන් දැක තද වන්නේ නො යෙදෙයි, හිමි’ අපට දැන් කාමාස්වාද කරව”යි නොයෙක් ලෙස යාච්ඤාකළාහු ය.
එ වේලෙහි ස්වාමිදරුවෝ නිශ්චලව කරුණා පිඬක් සේ වැඩ හිඳ සිතා වදාරනසේක්: “මා රාගාදි කෙලෙසුන් නසා ලොවුතුරා බුදුව තුන්ලෝ මුදුන් වූ පරිදි මේ ස්ත්රිරහු නො දන්නාහු ය, ටමවෙුන්ට මා අරාගි අවෙශි අමොහි පරිදි හඟවාලමි”යි සිතාලා තමන් වහන්සේගේ මුඛ නමැති පද්මයෙන් සුවඳ ගඳ විහිදුවා අශ්ටාංගසමුපෙත වූ මධුර නාදයෙන් වදාරනසේක්: “නඟිනි, කුමක් කියා වෙහෙසෙවු ද, තොපගේ තෙලෙ ස්ත්රිට ලීලාව අවිතරාගි වූ, පුරුෂයන්ට ම සුදුසු බව මුත් මාසේ විතරාගි වූ, වීතද්වේෂ වූ, වීතමොහී වූ, නික්ලෙශි වූ, ශාන්ත වූ, දන්තවූ, අමාමහනිවන් දුටුවානට සුදුස්සෙක් නොවෙයි” වදාරා:-
යස්ස ජිතං නාවජීයති-ජීතමස්ස නො යාති කොචි ලොකෙ,
තං බුද්ධමනන්තගොචරං-අපදං කෙන පදෙන නෙස්සථ.
යස්ස ජාලිනි විසත්තිකා-තණ්හා නන්ථී කුහිණවි නෙතවෙ,

යන මේ ගාථාදේවයෙන් තමන්වහන්සේ වීතරාගී බැව් හඟවා බණ වදාළසේක. මාර ස්ත්රින ඒ බණ අසා තබා සදෙවුලොව දෙවඟනෝ අවුදිනු ත් මොහු කාමපාශයෙන් බදාගත නො හෙත්ම ය යි හැම කලකිරි බුදුන් වටාසිටි ගෙන තමන් සසියයක් දෙනා ගේ එක් දහස් දෙසියයක් පමණ අත් බුදුන් දසාවට පොව පොවා “කොල සිද්ධාර්ථ ය! එකායෙන් තෝ මනුෂ්යායෙක්නො වේ ම ය, ළෙයි ගුණ රස නැති යක්ෂයෙක්හි ද, නොහොත් උන්මත්ත පුරුෂයෙක්හි ද, නොහොත් තාගේ රුව මතුපිට රන්පොත්තකින් වසා ඇතුලත ගලකින් නිමියේ ද, නොහොත් තාගේ තෙල ශරීර ය යකඳින් නිමවා රන්වන් කෙළේ ද, ඒකාන්තයෙන් තාගේ තෙල පස්කඳ මුත් සිතෙක් එහි දුරින් දුරු ම ය, ඉදින් අපි අවීතරාගි වූ යම් පිරිමියකු ඇසිල්ලකුත් දුටුමෝ නම් ඔහු අප වසඟ කොට ගනුමෝ ම ය, තා සේ වූ රූක්ෂ සිත් ගුණ නැති, අශ්රගද්ධා පුරුෂයකු කරා අප ආසේ ම නො යෙදෙයි, තා සේ වූ ගුණ නැතියන් කෙරේ ඉදින් තා කැමැත්තෝතිනු ත් හිඳිනෝ කවුරුදැ”යි නින්දා බැණ, “අපගේ පියාණන් වහන්සේ ඔශු කාවිසිනු ත් ජයගත නො හැක්කැ යි කියව කියවා අප ආ සේ නො යෙදෙයි, අපට වූ පරිභව ඉතා මහත, යම්හ නඟිනි”කියා එතෙකින් අන්තර්ධාන ව පැරද පලා ගියහ.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ මාරස්ත්රියන් ජයගෙන ඒ අජපාල නුග්රොමධ මූලයෙහි පස්වන සතියෙහි වැඩහිඳ සවන සතියෙහි මුවලින්ද නම් විලට වැඩ එ විල්තෙර මහමිදෙල්ල ගසක්මුල වැඩහුන් සේක. එදා පටන් බුදුන් හා සක්විති රජුන් ලොව උපන් කල සත් දවසක් වස්නා චාතුර්ද්වීපික මහාමෙඝ නම් මහාමෙඝයක් නඟා සත් දවසක් ධාරානිපාත වි ය. එ විල වසන මුචලින්ද නම් දිව්යද නාගරාජයෙක් විලින් නැඟි දසදෙස වසාසිටි මහත් වූ වැසිඅඳුරු දැක බුදුන්ගේ ශරීරයට වැසි සුළං සිත මැසිමදුරුවන් වළකා මේ සද්දා පින් රැස්කෙරෙමි යි සිතාලා අවුදින් බුදුන් වටා ලා සත් දරණ පටක් එව මහත් වූ පණගබින් මුදුන වසා බුදුන් පුදා සිටි ගත. එ කල මාගේ බුදුහු දැවාණ කරඬුවෙක වඩාලු ප්ර්තිබිම්බයක් සේ මුචලින්ද නම් නාගරාජයාගේ දරණගබ සවන සතියෙහි ධ්යාතන සුවයෙන් වැඩහිඳ, එ තෙනින් පැනපැඟි සත්වන සතියෙහි මහ කිරිපලු වනයකට වැඩ කිරිපලු ගසක්මුල ගලස්නක් පිට නිල් වලා ගබක් පිට දිලියෙන පුන්සඳක් සේ දිලිහි දිලිහී ධ්යා නසුවයෙන් වැඩහුන්සේක. මෙසේ මේ සත්වන සතියෙහි බුදුවු එකුන් පනස් දා මුළුල්ලෙහි ආහාර කෘත්ය යක් නැති ව නාවන්සුව වළදා දවස් යවු කල බුදු වූ පනස්වන දා උදාසන අරුණු නැඟි වේලෙහි ශක්ර දේවේන්ද්රවයා අමා අරළු සුණුකඩක් ශ්රීු හස්තයට වි ය, එ කෙණෙහි මාගේ ස්වාමිදරුවෝ පන්සියයක් යෙදුන් උස හිමාලයෙහි සමපනස් යොදුන් අනවතප්ත විලට වැඩ අනන්තාපය්ය්මර්න්්තවූ බුදුන්ට ම නියත ව තුබූ සුගත් නම් තොටට බැස මුඛ ධොවනය කොට එම ශක්ර යා පිළිගැන් වූ මෘදු වූ සිනිදු වූ නාලියෙන් දැවටු වළඳා නැවත වැඩ එම කිරිපලු ගස මුල වැඩහුන් සේක.
එ කල බුදුකෙනකුන්ට අග්ර භෝජන ය දන්දෙමි යි කප් ලක්ෂයක් පතා ආ තපස්සු-භල්ලුක නම් වෙළඳ දෙබෑ කෙනෙක් අඋතුරු දනව්වෙහි සිට පන්සියයක් ගැලින් බඩු පුරාගෙන මද්ධ්යද මණ්ඩලයට යන්නාහු ඒ කිරිපලු වනයට පැමිණියාහ. පෙර ඔවුන්ට නෑ දේවතා දුවක් ඒ වෙනෙහි වසන්නී වෙළඳ දෙබෑයන් යන්නවුන් දැක උන් ලවා අද බුදුන්ට දන් දෙවා උන්ට වැඩක් කෙරෙමි යි සිතා උන් ගෙනයන පන්සියයක් ගැල් නාභිය දක්වා පොළෝ ගල්වා පුව, අදනා ගොන් දණ බිම ඇන රඳාගියහ. එවේලෙහි වෙළඳ දෙබෑයෝ භයපත් ව මේ වෙනෙහි දෙවිකෙනකුන් කළ දෙයෙකැ යි දැන ගඳ දුම් මල් පහන් පුදා දෙවියන්ට ආරාධනා කළහ. එ කල දේවතා දු දෙව්පිරිස් පිරිවරා ආකාශයෙහි සිට ඔවුන්ට පෙනි භය හරවා ‘මාගේ බුදුහු බුදුවූ දා පටන් එකුන් පනස් දවසක් මුළුල්ලෙහි තව දක්වා නිරාහාරයෙන් ම සත් සතියක් යවා දැන් මාගේ මේ වෙනෙහි පින්නෙක් ව වැඩහුන්සේක, තොපට ත් මට ත් පින් පුරා පරලෝ වැඩ නිසා බුදුන්ට අග්රනභොජන ය දෙවාලනු කැමැත්තෙමි යි මෙසේ බුදුන්ගේ ගුණ කියා බුදුන්ට දනක් දෙන සේ ඔවුන් සමාදන්කරවාගෙන ඒ පන්සියක් ගැල් ම හැරපූහ. එ කෙණෙහි ඔහු දෙදෙන පැහැද මීපිඩු ගෙන ගොස් බුදුන් පෙරටුව සිට ආරාධනා කළහ.
මහාප්රආහ්මයා පිළිගැන්වූ පාත්රප ය කිරිපිඩු පිළිගත්විට ම අන්තර්ධාන ව ගියේ ය, කිරිපිඩු පිළිගැන්වූ තලි ය නාගභවනයට ගියේ ය. එසේ හෙයින් “බුදුහු නම් පාණි පාත්රනයෙන් නො පිළි ගණිති, කවර පාත්රලයකින් පිළිගනිම් දෝහෝ”යි සිතා වදාළසේක.
එකෙණෙහි මාගේ ස්වාමිදරුවාණන් සසර ජාති ජාතියෙහි දන් දුන් චතුමධුර පූර්ණපාත්ර යන්ගේ ආනුභාවයෙන් වරම් රජදරුවෝ සතරදෙන ඉන්ද්රසනිල මාණික්යවමය වූ පාත්ර[ සතරක් ගෙනාහ. බුදුහු පූර්ව බුද්ධවරයන්ගේ චාරිත්රය බලා ඒ පාත්රළ නො ඉවසා වදාළසේක, නැවත මුංවන් පැහැ ඇති ශෛල පාත්රස සතරක් ගෙනවුත් ‘මාගේ පාත්රතය ම ගත මැනව, මාගේ පාත්රසයම ගත මැනවැ’යි කියා බුදුන්ගේ ශ්රීය හස්ත නමැති පියුමට බස්නා නිලභංගරාජයන් සතර දෙනකු සේ මතු මත්තේ තබාපීහ. බුදුහු වරමුන් සතරදෙනාට ම අනුග්රමහ සඳහා සතර මඑකපාත්ර යක් වේව යි අධිෂ්ඨානකොට වදාළසේක. එකෙණෙහි සතර පාත්රධය ම එක්ව ඇලී සතර මෝවිට තෝරා රේඛා පෙනි එක පාත්රතයක් වි ය, එ කල බුදුහු ඒ පාත්රෝයෙන් මිපිඬු පිළිගෙන පළමුවන භොජන ය වළදා ඒ වෙළඳ දෙබෑයන්ට අනුමෙවෙනි බණ වදාරා බුත්සරණ-දහම්සරණ පිහිටුවා ඔවුන් බුදුසස්නෙහි ද්වෙවාවික නම් උපාසක කළ සේක. ඒ වෙළඳ දෙබෑයෝ ‘ස්වාමිනි! නිති අප වඅඳපුදාගන්නා නියායෙන් වස්තුවක් දුනමැනවැ’යි කිහ. ස්වාමිදරුවෝ ශ්රීා හස්තයෙන් සිරස පිරිමැද කෙශධාතු මිටක් ඔවුන්ට දුන් සේක. ඔහු රුවන් කරඬුවකින් ඒ කෙශ ධාතු පිළිගෙන රථයෙහි තබා සියනුවර ගෙන ගොස් පූජා කරන්නාහු කලෙක ජලයාත්රානවෙහි ඇවිද ශ්රී් ලංකාද්වීපයට පැමිණ දර පැන් සොයා ගිරිහඬු බැස දාරකඬුව ගලපිට තබා බත් පිස කා යන කල දාකරඬුව තුබූ පළින් සොලවා ගත නො හී මේ උත්තම ස්ථානයෙක් වනැ යි දැන පාෂාණගොඩකින් වසා ගඳ දුම් මල් පුදා ගායහ, පසුව ගිරිහඬු නම් වෙහෙරෙක් විය.
ඉක්බිත්තෙන් මාගේ ස්වාමිදරුවාණෝ කිරිපලු ගසමුලින් නැඟී අටවන සතියෙහි අජපාල නම් නඅග ගසමුල වැඬහිඳ අනන්තා පරිමෙය වූ බුදුන්ගේ සිතිවිලි වූ ක්රැමයෙන් “මාගේ දහම් ගැඹුරු ය, සතුන්ගේ නුවණ ලා ය, ක්ලේශයෝ ඉතා උත්සන්නයෝ ය, මා බුදු වූ බව මුත් දහම් දෙසිමට කල් නො වෙයි” ධර්මගම්භීරත්වයෙන් පසුබට සේක.
එ කෙණෙහි සහම්පති මහාබ්රමහ්මයා “නස්සති වත හො ලොකො විනස්සති වත හො ලොකො”යි කියා දසදහසක් සක්-වළ දිව්යල-බ්ර හ්මනාග-සුපර්ණ-ගරුඬ-ගන්ධර්ව-යක්ෂ-රාක්ෂස-උෂ්ණ- වලාහක - අග්ර-වලාහක - සීතවලාහක - වාතවලාහක - වස්සවලාහක - සිද්ධ - විද්යාලධරාදි දිව්යී සෙනා වෙවුලවා මහහඩින් ගුගුරුවා දසදහසක් සක්වළ දෙවියන් රැස්කොට, එක්ලක්ෂ පනස් දහසක් බ්රකහ්ම රාජයන් පිරිවරා,දසදහසක් සක්වළ අනූදහසක් දිව්යකරාජයන් හා සමඟ මේ මඟුල්සක්වළට රැස් ව බ්රදහ්මරාජතෙම අටසාලිස් ගවු උසින්, සත්ගවු සමාර දිග පතුල් හා දොළොස් ගවු දිග රියන් හා සගවු දිග වියත් හා අඬගවු තැන් වසා ලන ඇඟිලි හා ඇති ව, සොළොස් යොදුන් දිව සළු හැඳ, දොළොස් යොදුන් සළු එකාංශ කොට, සොළොස් ගවු මිණිඔටුනු පැලඳ, තමාගේ දසඇගුල්ලෙන් දිවු දස රස්කදින් දසදහසක් සක්වළ හිරු දහස් සඳු දහස් නැංගා සේ ඒකාලොක කෙරෙමින්, ඒ දසදහසක් සක්වළ හැම දෙවියන් බඹුන් ගෙන මාගේ ස්වාමිදරු වූ, ධර්මම රාජ වූ ධර්මම චක්රුවර්ති වූ, බුදුරජාණන් කරා ඒ අජපාල මූලයට දිවි තමාගේ දොළොස් ගවු උස දකුණු දණමඬල නමා උක්කුටිකයෙන් හිඳ තමාගේ සගවු පමණ විශාරද වූ, දොහොත් මුදුනෙහි තබාගෙන: “ස්වාමිනි! බුදු කෙනකුන් ඉපදීම කප්අසංඛ්ය යකිනුත් ඉතා දුර්ලභ වන්නේ ය, නුඹ වහන්සේ මේ සාරාසංඛ්යග කප්ලක්ෂයක් මුළුල්ලෙහි පාරමිතාවන් පුරා දුක් ගත්තේ ධම්සක් පවත්වා සියලු සතුන් සංසාරසාගරයෙන් ගොඩනඟමි යි සිතා වේ ද, එසේ වූ නුඹවහන්සේ දැන් සද්ධර්මචක්රිවර්ති ව ධර්මචක්රස ය නො පවත්වමි යි සිතු සේ නො යෙදෙයි, නුඹවහන්සේගේ දෙශනා නමැති රස්මින් ප්රේබුද්ධාකාරව හිඳිනා විනෙයජන පද්මයෝ අසංඛ්යරගණන, නුඹවහන්සේගේ ධර්මචක්රජ ය ඉක්ම පවත්නේවී නම් මම මාගේ ආඥචක්රනයෙන් හික්මවා දෙමි”යි “දෙසථ මුනින්දො ධම්මං, දෙසෙථ හගවා ධම්මං” යනාදීන් කියා ධැ්ම දෙශනාවට ආරාධනා කෙළේ ය. කියේ මැනෝ:
බ්රාහ්ම විලොකාධිපති සහම්පති
කතඤ්ජලී අනධිවරං අයාචථ,
සන්තීධ සත්තා අප්පරජක්ඛජාතිකා
දෙසස්සු ධම්මං අනුකම්පිමං පජං-යි.
එ කුල මහාබ්රහහ්මයාගේ ආරාධනාව අසා ධර්මදෙශනා කෙරෙමි යි බ්ර හ්මයාට ප්රමතිඥ දුන් සේක.
එ කෙණෙහි ඒ සහම්පති මහා බ්ර්හ්මයා සන්තොෂවූයේ මුළු ලොවට ඇසෙන සේ තුන්යළක් සාධුකාර පූජා කෙළේය. ඔහුගේ ඒ ශබ්ද ඝොෂාව හා සමඟ ම දොහොත් මුදුන් දී දෙලක්ෂ සතලිස් දහසක් සාධුකාර පූජාකොට ගියහ.
මෙසේ තමන්වහන්සේ බුදුව ලා ධර්මදෙශනා කෙරෙමි යි ප්ර තිඥා දුන් පමණෙකින් දස දහසක් සක්වළ දිව්ය බ්ර[හ්මයන් කළා වූ මේසා මහත් වූ පූජා ලත්හෙයිනු ත්, මෙසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනු ත්, මුළුලොවට ගුැු වූ, මුළුලොවට මවු වූ, මුළුලොවට පිය වූ, මුළුලොවට පිහිට වූ, මුළුලොවට ආධාර වූ, මුළුලොවට කල්යා ණ මිත්රො වූ, මුළුලොවට එකබන්ධු වූ, මුළුලොවට තිලක වූ, මුළුලොවට රසාඤ්ජන වූ, මුළුලොවට අමා වූ, මුළුලොවට වින්තාමාණික්යව වූ, මුළුලොවට නිධාන වූ, මාගේ ස්වාමිදරු වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙන් අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියනලදි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්ථානුරූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාමමෙතං-යි.
මේ පූජාවලියෙහි අප බුදුන් සද්ධර්මාරාධනාවෙහි අජපාල නිග්රොාධ මූලයෙහි දි මහාබ්රරහ්මයාගෙන් ලද සාධුනාද පූජා කථා නම් වූ දොළොස් වන පරිච්ජෙදය නිමි.

පූජාවලිය-ඉසිපතනාරාම පූජා කථා
තෙළෙස් වන පරිච්ජෙදය
තව ද අප බුදුන් ධම්සක් පැවතුන් සූත්රම දෙශනාවෙහි දී ලද ඉසිපතනාරාම පූජා නම් කවරහයත්:-
මෙසේ මාගේ ස්වාමිදරුවෝ බුදුව අනුක්රවමයෙන් සත්සති යවා අටවන සතියෙහි අජපාල මූලයෙහි දී බ්රසහ්මයාගේ ආරාධනාව ඉවසා පළමුවන ධර්මදෙශනාව කවුරුන් උදෙසා දෙසම් දෝ හෝ යි සිතා වදාරා ආලාර-උද්දක නම් තාපසවරුන් දෙදෙනා ඉතා නුවණ ඇති සේ දැක, ඔහු දැන් කොයි වෙසෙත් දෝ හෝ යි බලන සේක් ආලාරයන් එවකට සත්වන දා මිය, උද්දකයන් ඊයේ වන දා මිය, දෙදෙනා ම බුදුන් දසදහසක් ඉපද ත් ගලවාගත නො හැකි අරූතල බ්රජහ්මලොකයෙහි උපන් සේ දැක, ඔවුන් කෙරේ උපන් මහා කරුණා ඇති ව, තව ද අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් ආදි වූ පස්වග මහණහු සහවුරුද්දක් මුළුල්ලෙහි මට මෙහෙ කොට බොහෝ දුක් ගත්තාහු. ඔහු දැන් කොයි වෙසෙත් දෝ හෝ යි බලා වදාරා බරණැස් නුවර නිසා ඉසිපතන විහාරයෙහි වෙසෙති යි දැක පළමුවන මාගේ ධර්මදෙශනාව ඔවුන් පස්දෙනා ප්ර ධානකොට දෙශනා කෙරෙමි යි සිතා වදාරා අටවන සති ය ගිය කල ඒ අජපාල මූපයෙන් නැඟී වැඩ බෝමැඬ සමීපයෙහි තුබූ සතර දා විසූ කල බුදු වූ සැට දවසක් පිරි මාගේ ස්වාමිදරුවන්ගේ ප්ර ඥා නමැති චන්ද්රැයා සැටකලාවෙන් සම්පූර්ණ වූ චන්ද්ර යා සේ ම සම්පූර්ණ වි ය. එ කල අනන්තාපය්ය්රර්න්කත වූ බුදුන් දම්සක් පතුරුවා වස් වසන ඇසළ මස මැදි පොහෝදිනය සම්ප්රාප්තව ඒ චන්ද්රවයා ද සම්පූර්ණ වි ය. එ දා බෝමැඩ සිට දෙසැත්තෑ ගවුවක් දුරුමඟ ගෙවා ඉසිපතන විහාරයට ඒකවාරි හස්තිපොවුවකු සේ. ඒකචාරි සිංහ පොවුවකු සේ, ඒ මඟ වඬනා සේක.
එ කල උපක නම් ආජිවකයෙක් සන්හුන් ගමනින් එකලා ව වඩනා මාගේ ස්වාමිදරුවන් දැක, සඳරස් දුටු කුමුදුවිලක් සේ ඉතා ප්රේසන්න වූයේ බුදුන් මුහුණ බලා සියලඟින් දිවන සවනක් රස් හා දෙතිස් අසූ ලකුණු හා ශ්රීි මුඛයෙන් දිවන සඳ කැලුම් වන් බුදුරස් කඳ හා සඳමඩුල්ලක් ලූ-වා සේ සිසාරා සිටිනා බ්යාබම ප්රාභාමඬුලු හා පුන්සඳක් සේ දිලියෙන ශ්රීස මුඛය දැක: “ස්වාමීනි, තෙපි නිශ්චල වූ ගුණ මිහිකතගෙන් ගතු ද, ස්ථීර වූ ගුණ ඝනරන්මෙරින් ගතු ද, ගැඹුරු වූ ගුණ මහමුහුදින් ගතු ද, තෙජෝ ගුණ හිරු මඬලින් ගතු ද, සොමි ගුණ සඳ මඬලින් ගතු ද, අමා පිඬක් වැනි කෙනෙකු ව, මහපින් පිඬක් වැනි කෙනෙකු ව, ඝන රන් කඳක් සේ සොඳ කෙනෙකු ව, ශක්ර යා නම් තෙපි ද, බ්රුහ්මයා නම් තෙපි ද, තොප දුටුවේලෙහි පටන් මාගේ සිත ඉතා අමා පිරූ බඳනක් සේ සන්තොෂයෙන් ඉතිර ඉතා ප්රිසන්න ය, හිමි! තෙපි කවුරුදැ”යිවිචාළේ ය.
එ කල ස්වාමිදරුවෝ තමන් කෙරෙහි එදා ඔහු කළ සන්තොෂයෙන් මතු බොහෝ වැඩ වන සේ දැක තමන් වහන්සේ ද මඳ මඳ සිනා පහළකොට ඔහු මුහුණ බලා: “ආජීවක ය, මම ශක්රමයාත් නො වෙමි, බ්ර්හ්මයාත් නො වෙමි, සම්මා සම්බුද්ධයෙමි, සියලු සංස්කාර ධර්මයන් සකසා නිමවා දතිමි, දුරුකළමනා ධර්මයන් යට අජටාකාශයට උඩ අජටාකාශය සේ දුරින් දුරුකෙළෙමි, භාවිත කළමනාධර්මයන් හැම අළලා අමාපිඬක් සේ හැරගතිමි, සදෙවුලෝ වැසියන් මට කුලගැති කෙළෙමි, මා පා පිසපු බිස්ස පවා බ්රලහ්මයාට මුදුන් මල් කෙළෙමි, දෙවාතිදෙව විමි, ශක්රාහතිශක්රලවිමි, බුහ්මාතිබ්ර්හ්මවිමි, වන්දනීය්යාවති වන්දනිය්ය් විමි, පූජනීය්යා ති පූජනිය්යන විමි, සද්ධර්මවරචක්රිවර්ති විමි, දෙවිබඹුන් අතින් මෙහෙ ගෙනපිමි, පස්මරුන් ජයගෙන පීමි, එසේ ජයගෙන සිටි මෙයින්, ආජීවක ර්ය ! මට අනන්තජිනයෝ යයි යෙති”යි වදාළ සේක.
එ වේලෙහි ආජිවකතෙම බුදුන් කෙරෙහි අතිප්රයසන්න ව: “යහළු අනන්ත ජිනයෙනි, එසේ වී නම් අද පටන් තෙපි මාගේ යහළුහ, මතු තොප කරා මා ආ දවසෙක තොප මෙසේ පොහොසත් බැවින් මා රක්ෂා කරවු දැ”යි විචාළේය. ස්වාමිදරුවෝ තමන්වහන්සේ නිසා මතු ඕහට වන වැඩක් දැක මඳ සිනා පහළකොට “යහපත දරුව! පලා එව, එ දවස් තොප රක්ෂා කරම්හ”යි වදාරා ඉසිපතනාරාමයට වැඩිසේක.
ඔහු පසු ව බුදුන් කරා ආ පරිදි කෙසේ ද යත්: එ දවස් ඒ ආජිවකතෙම ඒ බරණැසින් ගොස් මහා ප්ර ත්යේන්තයෙහි වූ වංගහාර නම් දනවුවකට පැමිණ එහි එක්තරා එක් වැදිගමක් මැද කිසිල්ලට නඟා හිණිමසින් මත්තට පිළි හැඳ ආජිවක වෙසින් කරබාගෙන සිටියේ ය. එ කල ඒ ගම නේසා ද ජනයෝ ඔහු දැක කොල, මොහු කවුරු දැ යි ඒ ඒ දිගින් දිව අවුත් ඔහු සිසාරා විස්මයපත් ව සිට තෙපි කවුරුදැ යි විචාළහ; ආජිවක කියනුයේ, ගිහි මිනිසුන්ගේ ලජ්ජා වසා පිළි නො හදුම්හ, අපි තපස් රක්ෂා කරම්හ, ලජ්ජාවෙන් අර්ධයක් පාලන ය කරන හෙයින් අර්ධපාල නම් රහතුම්හ යි කි ය. එ කල මනුෂ්යනයෝ “මොහු මහා බලවත් කෙනෙක, ලජ්ජා පමණකුත් නැත්තාහ. එසේ හෙයින් සෙසු පාපයෝ වූකලී මොහුගේ සන්තානයෙහි නැත්තාහු ම ය”යි කියා පැහැද වඳිති, පුදති, සත්කාර කෙරෙති; එ කල එ ගම වැදි මුදලි තෙම ඔහු කෙරේ පැහැද උපස්ථාන කෙරෙයි, ඒ දනවුවෙහි තල් ඇට සා මක්ෂිකා ජාතියෙක් බෙහෙව, ඔහු මිනිසුන් වෙනෙහි දී අසුකළ කල සියලඟ සිරුලා අදිනා සේ ලේ උරා බී පුවක්පත්කඩ සේ මරා හෙළා පියති, එසේ හෙයින් ඒ දනවුවෙහි සත්ත්වයෝ ඒ මැස්සන් බොහෝ වූ සමයෙහි මහ සැළවල් ගුහා සේ කරවා එහි වසන්නසාහු ය, එසේ හෙයින් ඕහට ද මේ වෙනෙහි මැස්සන්ගෙන් උපද්ර වයක් නො වන සේ වල ගෙයක් නංවා ඒ ගෙයි මහත් වූ සැළක් කරවා ඒ සැලැ ඔහු ලා පිධානයකින් වසා දවසින් දවස දන් දෙති.
එ නල ඒ වැද්දහුගේ ජාවි නම් දුවක් ඇත, මෙ තෙමේ දවසෙක ඈ දැක ඈ කෙරේ කාමතෘෂ්ණා බැඳ නො කා නො බී කිප දවසක් නිරාහාරයෙන් හුන්නේ ය, එ කල ඒ වැදිතෙම බැහැරෙක ගොස් ලෙට අවුත් මාගේ රහතන් වහන්සේ කුමක් කොට හුන්සේක් දැ යි විචාරා අඹුවන් හා දුව ‘ඔවුන් අපි තුන් සතර දවසක් නු දුටුම්හ, දොරට සිඟා නො ආවෝ ය’යි කි කල්හි ඒ වැදි පුත් කම්පිත් වූ සිත් ඇති ව ඔහු කරා ගොස් වැඳ ‘හිමි නුඹට කෙබඳු වූ ව්යා ධියෙක් ද, මෙතෙක් දවස් සිඟා නො වැඩිය සේක් න, වැහැරගිය සේක් නැ’යි විචාළේය. එ වේලෙහි ආජිවක කියනුයේ “මට අනික් ව්යාකධියෙක් නැත. බොහෝ දවස් තපස් කොට විඩාව ගියෙමි. එන දවස තපස් කොටගත නොහෙමි, තොපගේ ජාවී නම් දුව මට පාවා දෙවු නම්, තොප කෙරේ වෙසෙමි, එසේ නො කළා නම් මා රැකෙති යි නො සාතව”යි කීය. එ වේලෙහි වැදි පිත් කියනුයේ; තපස්කිරීම නම් පළිරොධ නැතියේ ය, ගිහිගෙයි විසිම නම් බොහෝ සම්පත් උපදවා පළිරොධයෙන් විසුව මැනව, එක් ශාස්ත්රපයක් දැනමුත් ගෘහවාසය බැරි ම ය, නුඹ දන්නා ශාස්ත්ර් කිම්දැ”යි විචාළේ ය.
ආජිවක කියනුයේ: “මා දන්නා ශාස්ත්රම නැත, තොප පස්සේ දැල්කත් පන්කත් හැදගෙන යෙමි, සතුන් මරාලු කල මස්කත් ගෙන යෙමි, මෙතෙක් ශාස්ත්ර මඳදැ”යි කි ය. එ වේලෙහිවැදි පත් ‘මේ මහා මග්ධයෙක, ම දුව නො ලත් නම් මූ මියයන බවත් සබා ම ය, මූ මියයාමෙන් ප්රරයෝජන නැත, මට මෙහෙ කෙරේ නම් එක් ප්ර,යෝජනයෙක් ම වේදැ’යි සිතා යහපතැ යි ගිවිස එ වේලෙහි තමාගේ උත්තරසාටක ය ඕහට දී පරිබ්රාිජක වෙස් හැර වැදිවෙස් ගන්වා තමාගේ ගෙට ගෙන ගොස් ජාවි නම් දුව ශරණ දින. එ තැන් පටන් එතෙම එක් වේලක මයිලා සිත් ගන්මි යි දැල්කත් පන්නක් මස්කත් ැද්දි, එක් වේලෙක නැන්දා සිත් ගන්මියි දරමිටි පලාමිටි ආදිය ඇද දෙයි, එක් වේලෙක අඹුව සිත් ගන්මි යි වී සාල් පෑර දී පැන්කත් ඇද දී නොයෙක් කර්මාන්ත කෙරෙයි, නොබෝ කපෙකින් මෙසේ දුක් ගැන්මෙන් තෙමේ ඉතා ම ජරා විය. ජාවි නම් අඹු ඕහට භද්දක නම් පුතකු වදා එතැන් පටන් පුතු වඩාගෙන තොමෝ ඔහු කෙරේ හිඳ මොහු අතින්ම සියලු කර්මාන්ත කරව වි, පුතු නලවන කල මොහු ඇසිය දි ‘මස්කත් අදිනා ඩකත්සුමයගේ පුත නොහඬ’යි කිය කියා මෝහට බැණ බැණ පුතු නලවයි; එකල ඒ තෙමෙ ලජ්ජා ඇති ව: “කෙල තෝ මා නිරාශ්රතය වූ එ කලා එකකු ය යි සිතයි ද, මම නිරාශ්ර ය එකෙකිම් නො වමි, අනන්ත ජිනයෝ ය යි යන මාගේ යහළුණු කෙනෙක් ඉතා බලවත්හ, මෙසේ තෝ මට බෙණෙයි නම් මම ඔවුන් කරා පලායෙමි යි” කී ය.
එ කල ජාවී ඔහුගේ බස් අසා “මෝහට මා කියන බස් ප්රි ය නොවන වන, මොහු ජරාපත් මහල්ලා නිසා යෞවන පුරුෂයෝ මා කරා නො එළැඹෙති. මෝහට නොයෙක් කන්කටුළු බස් කියා බැණ මොහු පලවා පියා සිත් සේ වෙසෙමි”යිසිතා එ තැන් පටන් දවසින් දවස පුතු තොමෝ ම හඬ ව හඬවා ලා පුතු නලවන ව්යා්ජයෙන්: “මස් වැද්දවුගේ පුත නොහඬ, කත් අදනා සුමයගේ පුත නොහඬ, මූඩයගේ පුත නොහඬ, කෙළතොල්ලගේ පුත නොහඬව” යනාදින් කිය කියා මෝහට බැණ එකාවනු ව ලජ්ජාකරව යි, එ කල එ තෙම ඇගේ නින්දා කිරිමෙන් ඉතා මහත් වූ ලජ්ජා ඇති ව අඹුව හා පුතු හැර ගිහිගෙයි කලකිරි නැඳිමයිලන්ට ත් නො කියා ඒ දනවුව හැර පෙර ගිය සලකුණෙන් බරණැස් වැද අනන්ත ජිනයෝ කොයි දැයි දුටු දුටුවන් අතින් විචාරයි, සමහරු එනම් කෙනෙකුත් අපි නුදුටුම්හ යි කියති, සමහරු කෙසේ වූ කෙනෙක් දැයි විචාරති, ඔහු ඉතා සන්තෝෂ කෙනෙක, උන් වැනි කෙනෙක් නැත, අසවල්හු වැනියෝ ය යි කිය නො හෙමි, ඔහු තුමූ ම තමන් වැනි කෙනෙක, අමා කඳක් වැනි කෙනෙක, කප්රුකක් වැනි කෙනෙක, සිතුමිණි රුවනක් වැනි කෙනෙක, ගනරන් පිඬක් වැනි කෙනෙක, සුපිපි පියුමක් වන් මුවපියුමක් ඇති කෙනෙක, විදුලිය වන් කන්වැල් සඟලක් ඇති කෙනෙක, නළලැ මකුල් තිලකයක් වන් ඌර්ණරෝමයක් ඇති කෙනෙක, නන් සුවඳින් පිරුණා වූ ශ්රීඌ මුඛයක් ඇති කෙනෙක, සඳවලා කඩක් වන් සිවුරක් ඇති කෙනෙක, ඇත් ගමනක්වන් සන්හිඳි යන ලීලා සම්පන්න වූ ගමන් ඇති කෙනෙක, මිහිරි වූ කටහ6ඩ ඇති කෙනෙක, දෙතිස් අසූ ලකුණු ඇති කෙනෙක, සියලඟින් නිකුත් සවනක් රස් ඇති කෙනෙක, ඔහු හිරුට වඩිති, සඳුට වඩිති, දෙවියන්ට වඩිති, බඹුන්ට වඩිති, අනන්තජිනයෝ යයි කියත්, මෙම බරනැස දී එක් සමයෙක අතර මඟ දී මඟ යන්නවුන් දිටිමි. ඔහු දැන් කොයි වෙසෙත් දැ”යි විචාළේ ය. එ කල නුවණැති සත්ත්වයෝ මොහු කියන සලකුණෙන් බුදුන් විචාරණ බවු දැන එ වකට ඉබුදුන් දෙවුරම් වෙහෙර වැඩවසන කල් හෙයින් කොසොල් රජුගේ සැවැත් නුවර දෙවුඑම් වෙහෙර ගොස් දැකගන්ව යි කිහ.
එ කල ස්වාමිදරුවෝ මෙහු තමන් වහන්සේ කරා එන කල් දුන මහණෙනි! අනන්තජිනයෝ කොයි දැයි විචාළ කෙනෙක් ඇත්නම් ඔහු මා කරා ගෙනෙවයි වදාළ සේක. එ සමයෙහි මෙ තෙමේ දෙව්රම් වෙහෙර දොරටුවට ගොස් සිට ‘අනන්තජිනයෝ නම් වූ මාගේ රූපත් යහළුණුවෝ කොයිදැ’යි කිය. පෙර බුදුන් අතින් නියෝග ලත් භික්ෂුන් වහන්සේ ඔහු ගෙන ගොස් බුදුන් දැක් වූ සේක. හෙ තෙමේ බුදුන් දැක ඝර්මකාලයෙක අමා විලෙක ගැලෙන්නක්හු සේ බුදුන් දැක සිත් සේ වැඳ පෙරළී ‘අනන්තජිනයෙන්, මා හඳුනාදැ’යි විචාළේ ය. එ වේලෙහි ස්වාමිදරුවෝ ඔහු කෙරහි උපන් මහත් කුළුණු ඇතිව ‘එසේය උපකයෙනි, තොප හඳුනම්හ, එ දවස් බෝමැඩ සිට ඉසිපතනයට යනුවමෝ අතරමඟ දී තොප දුටුවමෝ වේ ද, මෙතෙක් දවස් කොයි විසූදැ යි වදාළ සේක. හෙ තෙමේ තමා වංගහාර නම් දනවුවෙහි විසූ නියාව ත්, ජාවී නම් භාය්ය්හර්‍ාවක රක්ෂාකොට භද්දක නම් පුත්රියා ලත් නියාව ත්, ඇගේ අවඥාවෙන් ගෘහ වාසයෙහි කලකිරි බුදුන් කරා දෙවුරම් වෙහෙරට තමා ආ නියාව ත් බුදුන්ට දැන්වී ය. එයින් කිහ:-
ජාවිඤ්ච භද්දකං හිත්වා-අනන්තජින සන්තිකං,
වංගහාරා ජනපදා-උපකො ජෙතවනං ගතො-යි.
ඉක්බිත්තෙන් උපක නම් ආජීවක “ස්වාමිනි, අනන්ත ජිනයෙනි, මා තොප කෙරේ මහණකරවා ගනුව”යි කි ය. ස්වාමිදරුවෝ වදාරණ සේක් “තෝ ඉතා මහල්ලෙහි ය. මාගේ ශාසනයෙහි මහණ දම් පුරාගත එයිදැ”යි වදාළ සේක. “මනාකොට පුරමි! ස්වාමිනි යි”කි ය; එ වේලෙහි බුදුහු ඔහු මහණ කරවා උපසම්පදා සීල ය දී ඕහට තරම් වූ කමටහන් උගන්වා වදාළ සේක. එ කල විදර්ශනා වඩා නොබෝ දවසකින් අනාගාමි ව උපක නම් මහ තෙර ව බුදුසසුන් හොබවා බුදුන්ට සම්යඋක් ප්රරත්පත්තීන් පූජාකොට ආයු නෙළවර මිය දහසක් කපට ආයු ඇති අවිහ නම් සුද්ධාවාස බඹලොව දොළොස් යෙදුන් බ්ර හ්මාත්ම භාවයකින් ඉපද, උපන් කෙණෙහිම රහත්ව දස ඇඟිල්ලෙන් දිවු දසරස්කඳින් දසදහසක් සක්වළ අලු කරන තරම් මහත් වු ආනුභාව ඇති ව දැන් දක්වා සුව විඳිනාහු ය. ඔහු මතු නො වෙයි, අපගේ මේ බුද්ධොත්පාදයෙහි සද්දෙනෙක් මෙහි දී අනාගාමී ව ගොස් එම බඹලොව ඉපද උපන් කෙණෙහි ම රහත් ව දහසක් කප් බ්රබහ්ම සුව විඳිනාහු ය. වදාළේ මැනෝ:-
අවිහං උපපන්නාසෙ-විමුත්තා සත්ත භික්ඛවො,
රාගදොස පරික්ඛීණා-තිණ්ණා ලොකෙ විසත්තිකං
උපකො පලගණ්ඩො ච-පුක්කුසාති ච තෙ තයො,
භද්දියො ඛණ්ඩ දෙවො ච-බාහුදන්ති ච පිඬ්ගියො;
තෙ හිත්වා මානුසං දෙහං-දිබ්බං යොගං උපච්චගුං-යි.
මෙසේ ඕහට මතු වන වැඩ දැක අටළොස් යොදුන් මඟ ගෙවා ශ්රී පාදයෙන් වැඩ එදවස් ඔහු හා සමඟ මෙතෙක් කථාකොට මාගේ ස්වාමිදරුවෝ බරණැස ඉසිපතනාරාමයට එදා සවස වැඩි සේක.
එ කල පස්වග මහණහු දුරින් වඩනා බුදුන් දැක: “භවත් ගෞතමයෝ දුෂ්කර ක්රිසයා හැරපියා තමන් රජකුලෙන් මහණ වූ හෙයින් සුඛිතයන් විසින් දෙන ලද මධුර වූ ආහාරය අනුභව කොට ජවි පහස් ලදින් දැන් ප්රනභා සම්පන්නව රන්කඳක් සේ ව ගියාහු ය, බඩපුරා කන බත් හෙයින් මුඛ සන්තෝෂ ඇති ව යහපත් වූ ය, නොයෙක් උත්සාහකොට බුදු විය නො හී දැන් අප කරා ම එමින් සිටියහ. ඔහු රජ කුලෙහි උපන් බැවින් හිඳිනා අසුන් පමණක් දෙම්හ, හුනස්නෙන් නො නැඟෙම්හ, පෙර ගමන් නො කරමහ්හ, පෙර සේ ඔහු අපි නො වඳුම්හ”යි කතිකා කළහ.
එ කල මාගේ ස්වාමිදරුවෝ ඒ භක්ෂුන්ගේ අදහස් දැන එකොළොස් දහස් පන්සියයක් මහා ගංගාවන් පඤ්ච මහා ගංගාවට මෙහෙයා ලූවා සේ, අනන්තාපය්ය් ර්න් ත වූ සත්ත්ව ලෝකයෙහි පැතිර සිටිනා මහා මෛත්රිා නමැති ජලප්රවවාහ ය ඒ පස්දෙනා කරා ම මෙහෙයා ලූ සේක. එ වේලෙහි සැඩ වතුරෙහි මළ පරඬලාපත් තුබූ පළෙහි තිබිය නො හී ඉපිල පැනනැංගා සේ බුදුන් මෛත්රීප කර ත් කර ත්, තමන් කරා වඩු ත් වඩු ත්, බුදුරස් පෙළින් පෙළ හී තමන් කරා වදු ත් වදුත්, පස්දෙන ම හුනස්නෙහි හිඳගත නො හී සෙල්වී පැන නැංගාහ. ස්වාමිදරුවන් ළඟට වඩු ත් වඩු ත් බුද්ධ තේජසින් සිට ගත නො හී, පෙර මඟට ගොස්, තවද සිට ගත නොහී, බුදුන් වැඳ පෙරළි පා සිවුරු අතින් ගෙන හිඳිනා අසුන් පනවා ආදරයෙන් ශ්රී පාද ය වැඳ සෝධා ඇඟට පත්සලා පැන් පවස් විචාරා බුදුන් බුදු වූ බවු නො දැන සාමීචි කථාකරන්නාහු “ආවූසො” වාදයෙන් සම සමයන්සේ කථා කෙරෙති, එ කල ස්වාමිදරුවෝ ‘මේ භික්ෂුහු මා බුදු වූ බවු නොදනිති, මා හා සම කෙනෙකුන් ලෝකයෙහි නැති බවු නොදනිති, මම් ම මා බුදු වූ බවු මොවුන්ට හඟවමි’යි සිතා “මහණෙනි සම සමයන් හා කථා කරන්නා සේ ලොවුතුරා බුදුන් හා කථා නො කරව්. මරසෙන් බිඳහැරපිමි වසවත් මර මන් බිදපිමි, ගිරිමෙවුලා මතැ’තු දණ බිම අන්වාපිමි, එකොළොස් මහා යුද්ධයෙහි ජයගෙනපීමි, මරු දැමූ චක්රාසයුධ ය පාබිසි කෙළෙමි, මහපොළොව ගුගුරුවාපීමි, මහමෙර සක්වළගල් නටවාපිමි, දෙවි බඹ කැලන් කළ පූජා විදපිමි, මරහනන් පලවාපීමි, මහබඹුන් ලවා සාධුකාර දෙවාපීමි, මහණෙනි! සවුනේ ගෙවා බුදු ව තුන්ලෝ මුදුන්පත් වීමි, තොප හැම දෙනාගේ සැක හැර අද රෑ ධම්සක් දෙසුම් අසා බලගැ”යි වදාළ සේක.
එ බස් අසා පස්වග මහණහු බුද්ධතේජසින් වෙවුලා කෙශර සිංහයක්හු දුටු ඇත්පැටවුන් සේ දිව දළ නො සොල්වා හකත්පස් ව උන්හ. එ වේලෙහි ස්වාමි දරුවාණන් වහන්සේ අනන්තාපය්ය්නර්න්වත වූ බුදුන් දම්සක් දෙසන දා වැඩහිඳිනා වූ ධර්මභූමියෙහි පැනනැඟි බුද්ධාසනයෙක් වි ය. මහමුහුද රළ පෙළ මැඩ අඳුරු විදහා උදයපර්වතයට පැනනැංගා වූ සම පනස් යොදුන් ඒ හිරුමඬල සේ බුද්ධාසනයට පැනනැඟී සියලගින් බුදුරැස් කඳ හරනට පටන්ගත් සේක. දිවු බුදුරැස් බඹලොව ගැසි සක්වළින් සක්වළට පැන පැන දිවන්නට පටන්ගත.
එ කෙණෙහි නිශා නමැති කාන්තා තොමෝ තරුපෙළ නමැති ගෙළෙ මුතුදම් පැළඳ, නිල්වලා නමැති කෙස්වැටි තනා දික් නමැති හස්තයෙන් සඳරස් නමැති දිවසළු විදා හැඳ, ඉඹලෝ නමැති මිණිඔටුනු ධරා, තුන්ලෝ නමැති ඇඟ සොල්වා, කෞමද නමැති ඇස් දල්වා, හෘඬ්ගනාද නමැති ගායනා පතුරුවා, මාගේ ස්වාමිදරුවන් වහන්සේගේ පළමුවන මඟුල්බණ පූජාවට මෙසේ ලීලාපෙත ව සැරහී සිටගත.
එ කෙණෙහි ම ඈට ම අලංකාර වූ රුවන්තෝඩු දෙකක් තිබුවා සේ සමපනස් යෙදුන් හිරුමඬල පශ්චිම චක්රතවාට කර්ණය සරහා සිටගත. පූර්වචක්රමවාට කර්ණයෙන් පැනනැඟි එකුත් පනස් යොදුන් සඳමඩල ප්රුභා විහිදුවමින් සිටගත.
එ කෙණෙහි මාගේ ස්වාමිදරුවන්ගේ ධර්මදෙශනා කාලය සම්ප්රාඑප්ත වි ය, මෙරගල නටා පැනනැංග සත්කුළ පවුවෝ බුදුන් දසා වට වැදුම් ගත්හ, සක්වළගල සක් වළල්ලක් සේ බමා ගිය, මහමුහුද ඇද සදාලූ බෙරක් සේ රළ සන්හීදී පස් -පියුමෙන් සැදි ගි ය, මහපොළොව සෙලවී පැනනැංග, මේ ආදි වූ දෙතිස් මහා පූර්ව නිමිත්ත පූජාවෝ ද මඟුල් බණට පහළ වූහ.
එ කෙණෙහි දසදහසක් සක්වළ දිව්ය බ්ර හ්මයෝ ‘අපගේ ස්වාමියා දහම් අමාවතුරෙහි අප හැම ගලා සංසාර දුක් නමැති මහ ගිම් නිවයි, ඔහුගේ දහම් අමාරස බොන්නට යම්හ’යි කියා දසදහසක් ලොව අසුරයන් වන් ශක්ර පුර ය සේ ඇළල, දසදහසක් සක්වළ ද්ව්යර නාගයෝ කඩුපුල්මල් මිටි ගෙන දිවු ය, ගරුඬයෝ මහ පියුම් තුඩින් කඩාගෙන දිවු ය, ගන්ධර්වයෝ තූය්ය්,ර්භා ණ්ඩ ගෙන දිවු ය, අසුරයෝ පළොල්මල් ගෙන දිවු ය, දෙවියෝ පරසතුමල් ආදිවු නන්විසිතුරු දිවමල් ගෙන දිවු ය, බ්රිහ්මයෝ සේසත් ගෙන දිවු ය, දසදහසක් සක්වළ මුළුල්ලෙහි සඳහිරුදෙවියෝ දිවු ය, පළමු ව දිවුපිරිස ගවුවක් සා තැන සැට සැත්තෑව බැගින් සිටියහ, දෙවනුව දෙවියන් එ ත් එ ත් අල්ලක් සා තැන අසූවක් අනූවක් බැගින් සිටියහ, තුන්වනුව දෙවියන් එ ත් එ ත් අඟලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. සතරවනු ව දෙවියන් එ ත් එ ත් ඉදිකටු මලක් සා තැන සියයක් දහසක් බැගින් සිටියහ. පස්වනු ව දෙවියන් එ ත් එ ත් ඉදිකටු අගක් සා තැන දහසක් බැගින් සිටියහ, සවනු ව දෙවියන් එ ත් එ ත් එ ම සා තැන සුවහසක් බැගින් සිටියහ, මෙසේ දසදහසක් සක්වළ මුළුල්ලෙහි සැටදහසක් කාමාවචර දිව්යිලෝකවල දෙවියන් තමන් තමන්ගේ දෙවුලෝ සිස්කොට ගහන ව අවුත් හි වී ගැවසි සිටගත් වේලෙහි; තව ද දස දහසක් සක්වළ අරූතල අසංඥ තලයන් හැර එක්ලක්ෂ ලනස් දහසක් රූපාවචර බ්රතහ්මලෝකවල එක බ්රසහ්මයකු ත් නො රඳා දොළොස් යොදුන් උස ඇති ඒ සා බ්ර හ්ම සේනාව තුන්යෙදුන් ගවු සා සේසත් ගෙන අවුත් සිටගත්හ, යහළක් පමණ ධාන්යායෙන් එක ලාස්සෙක නො ගන්නා සේ මේ සා සක්වළ ගබ සතර රියන් ගබඩා සුඟක් සේ අවකාශ මඳ විය.
එ කල දෙවියෝ සත්වනු ව එන බ්රමහ්මසේනා දැක තව ද සියුම් වෙස් මවාගෙන කේ ලොම් අගක් සා තැනැසැට සැත්තෑ අසූ අනූ බැගින් සිටගත්හ; මෙසේ සිටි දිව්යා-බ්රධහ්ම සේනා සක්වළ ගල පය්ය්නර්න්ගත ව අකනිටා බඹලොව දක්වා නලෙක පුරාලු රන්සුණු සමූහයක් සේ අවකාශයක් නැතාව ම සිට ගත්හ. බඹලෝ සිට වටපැළක් සා ගළක් හෙළාපි කල සාරමස් දෙපෝයකින් අවුත් පොළොවට පැමිණෙයි. එසේ දුරු වූ අවකාශ ය මාගේ බුදුන්ගේ පළමුවන මඟුල් බණෙහි පිරිස් ගහනයෙන් මෙසේ අස්ලොමක් සා තැනුත් අවකාශයක් නැති ව සිටගත්තා වූ බණපිරිස ම ය.
තව ද බුදුන් වැඩහුන් බුද්ධාසනයේ පටන් බ්ර හ්මාණ්ඩ ය දක්වා බුදුන් සිරසින් පැනනැඟි බුදුරස් කඳට ම අවකාශ වි ය, විමනෙන් වේව යි, දෙවි බඹ කෙනෙක් වේව යි බුදුරස් කඳෙහි නො ගල්වන්නාහු ම ය. ඉක්බිත්තෙන් ස්වාමිදරුවන් සිරසට පිදු සඳමඬුලු සේ දස දහසක් මහාබ්ර්හ්මයෝ දස දහසක් සේසත් මතුමතුයෙහි තබා සිට ගත්හ, දස දහසක් ශක්ර්යෝ බුදුන්ගේ යසරැස් උරා බොන්නවුන් සේ දසදහසක් ජයසක් තුඩ තබා ගෙන පිඹින්නට පටන් ගත්හ. දස දහසක් සුයම්දෙවියෝ දස දහසක් චාමර සලති, දස දහසක් සන්තුසිත දෙවියෝ දස දහසක් මිණි තල් වැට සලති, සෙසු දෙවියෝ රන් තොරණ මිණි තොරණ රන් ඇගෑ මිණි ඇගෑ රන්පියුම් රුවන් පියුම් රන්මල් රුවන් මල් රන් කරඬු රුවන් කරඬු රන් සුණු රුවන් සුණු මුතු සුණු රනු දම් රුවන් දම් මුතු දම් ආදී වූ පූජා භාණ්ඩ ගෙන සිට පූජා කරන්නට පටන් ගත්හ, එ කල දෙවියන්ගේ පූජා කොලාහලයෙන් බ්‍රහ්මාණ්ඩ ය දක්වා ගැවසි ගත් මුහුදු ගිගුමක් සේ එකනින් නාද වි ය. දෙවියන් ගේ අරගල ය සන්හිඳුවා ලන්ට සමර්ථ අන්කිසි සත්ත්වයෙක් නැති ම ය. බුදුන් වටා සිටි දස දහසක් ශක්රියෝ ඒ තමන් කළ මනා ධුරයක් හෙයින් දස දහසක් දකුණු සක් පිඹ සක් පිට වතුරුවාටගන විසි දහසක් අත් ඔසවා එකවිට අත්පොළසන් දී ‘ඔහෝ බණ පිරිස සන්හිඳෙව’යි කියා තුන්ලෝ වෙවුල්වා බැන නැංගාහ. එ වේලෙහි ඒ ශක්රෙඝොෂාව අසා තුන්ලෝ පුරා සිටි දෙවි බඹ පිරිස් රළ නැති මුහුදක් සේ නිශ්ශබ්ද වූහ. එ කෙණෙහි දෙලක්ෂ සතලිස් දහසක් යොදුන් ඝනකඩ බොල් මහ පොළොව සාධුකාර දින.
මාගේ ස්වාමිදරුවෝ ඒ මහීනාදය හා සමඟ තමන්වහන්සේ ගේ පාරමිතා නමැති දියෙන් පිරුණා වූ, බුද්ධඥන නමැති සූය්ය්ාර්කා න්තියෙන් ප්රමබෝධ වූ, සුරක්ත වූ ජිව්හා ධාතු නමැති කෙම් ඇති, දන්තධාතු නමැති කෙසරු ඇති, සූරක්ත වූ ඔෂ්ඨ ධාතු නමැති පත්රත ඇති, සද්ධර්ම නමැති මධු බින්දු ඇති, ශ්රීාමත් වූ මුඛපද්මය විවෘතකෙට බැණනැඟි බසින් දිවු සුවඳ ගඳින් සියලු බණ පිරිස සුවඳ පිඬක් සේ කෙරෙමින්: “චෙ මෙ භික්ඛවෙ අත්තා පබ්බජිතෙන න සෙවිතබ්බා: යො චායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො; යොචායං අත්ථ-කිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො; එතෙ තෙ භික්ඛවෙ උභො අන්තෙ අනුපගම්ම මජ්ක්ධිමා පටිපදා තථාගතෙත අභිසම්බුද්ධා චක්ඛුකරණි ඤාණකරණී උපසමාය අභිඤ්ඤය සම්බොධාය නිබ්බාණාය සංවත්තති”යි යනාදීන් ධම්සක් පැවතුන් සූත්රා දෙශනාවට පටන්ගත් සේක.
එ කල පූර්ව චක්රකවාටයෙහි සිටි දෙවියෝ බුදුහු අප මුහුණු බල බලා ම හිඳ බණ දෙසති යි සිතති, දක්ෂිණ චක්රෙවාටයෙහි සිටි දෙවියෝ බුදුහු දකුණුදිග් බලා ම වැඩහුන්සේකැ යි සිතති, පශ්චිම චක්රා වාටයෙහි සිටි දෙවියෝ බුදුහු පශුචිම දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති, උත්තර චක්රාදවාටයෙහි සිටි දෙවියෝ බුදුහු පශ්චිම දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති, උත්තර චක්රාහවාටයෙහි සිටි දෙවියෝ බුදුහු උතුරු දිග් බලා ම වැඩහුන් සේකැ යි සිතති, දස දිග සිටි දෙවියෝ තමන් තමන් දිසාවට මුහුණ ලා වැඩහුන් සේකැයි සිත සිතා පින පිනා ම බණ අසති; සදෙවුලොව සිටි දෙවියෝ තමන් තමන්ගේ දිව්යතලොකයෙහි දී ම බණ වදාරනසේකැ යි සිත සිතා ම සතුටු සතුටු ව ම අසන්නාහු ය. බ්රිහ්ම ලෝකවල සිට බණ අසන බ්රතහ්මයෝ තමන් තමන්ගේ බඹ ලොව දී ම වදාරණ බණෙකැ යි සිත සිතා විඳ විඳ අසති.
බුදුහු නම් සඳ සේ උපමා ඇති සේක, යම් සේ ගුවන් මුදුනෙහි දිලියෙන්නා වූ සඳ බැලු බැලූ සත්ත්වයන් අභිමුඛයට ම පෙනේ ද ඉවත් ව නො පෙනේ ද එසෙයින් ම මාගේ ස්වාමිදරුවෝ ත් තමන් වහන්සේ සියලු සතුන් අභිමුඛයට ම පෙනි පෙනි සියලු සතුන්ගේ සිත් තමන් වහන්සේ කරා ම ඇද ඇද සියලු සතුන්ගේ ඇස් තමන් වහන්සේගේ ඇස් හමුවට ඇද සියලු සතුන්ගේ ප්‍රේම නමැති මහා ගංගාවන් තමන් වහන්සේගේ රූප නමැති මහ මුහුදට ඇද ප්රෙේම වඩ වඩා බණ වදාරණ සේක් ම ය.
තව ද අකනිටා බඹ ලොව සිට බණ අසන්නා වූ දොළොස් යොදුන් උස ඇති මහා බ්රොහ්මයෝ දොළොස් රියන් උසින් මිනිස්ලොව වැඩ හිද බණ වදාරන්නා වූ මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන්වහන්සේ ශ්රීා මුඛ ය පුන්සඳක් බලන්නවුන් සේ කර ඔසවා ඔසවා බල බලා බණ අසන්නාහු ම ය.
අනවලෝ මුදුන් ධාතුව සඳ මතුපිට නො දක්නවුන් සේ එකකෙනෙකු ත් නො ම දක්නාහු ය, එ දා තබා ස්වාමිදරුවන් බුදු ව වැඩහුන් පන්සාලිස් මවුරුද්ද මුළුල්ලෙහි ම කිසි දෙවියෙක් බඹෙක් මරෙක් ඒ අනවලෝ මුදුන් ධාතුව නුදුටු යේ ම ය.
එ වේලෙහි පොළොව පටන් බඹලොව දක්වා ගැවසී සිටින මේ සා බණ පිරිසෙහි මේ සත්ත්වයා රාග චරිත ය, මේ සත්ත්වයා ද්වෙෂ චරිත ය, මේ සත්ත්වයා මොහ චරිතය මේ සත්ත්වයා ශ්රෙද්ධා චරිත ය, මේ සත්ත්වයා බුද්ධි චරිතය, මේ සත්ත්වයා විතර්ක චරිතය, යනාදීන් එකි එකී සත්ත්වයකුගේ සිත් තෙසැටක් නියායෙන් වෙන වෙන චරිත බලා බණ වදාරණ සේක් ම ය.
තව ද මේ බ්රෙහ්මයා සිතුයේ මේ ය, මේ දිව්ය,යා සිතුයේ මේ ය, මේ අසුරයා සිතුයේ මේ ය, මේ සිද්ධ විද්යාචධාරයා සිතුයේ මේ ය, මේ වස්සවලාහකයා සිතුයේ මේ ය, මේ නාග සුපර්ළුයා සිතුයේ මේ ය, මේ ස්ත්රිත මේ පුරුෂයා සිතුයේ මේ ය, මේ අපාද ද්විපාදයා සිතුයේ මේ ය, මේ චතුෂ්පාදයා සිතුයේ මේ ය, මේ බහුප්පාදයා සිතුයේ මේ ය, යටත් වසයෙන් මේ පණුපැණියා සිතුයේ මේ ය, මේ කුරුකුහුඹුවා සිතුයේ මේ ය යි යනාදින් සියලු සතුන්ගේ සිත් දැන බණ වදාරණ සේක් ම ය.
තව ද මාගේ ස්වාමිදරුවන් එක මාගධික ශබ්දයෙන් වදාරන්නා වූ බණ බ්රාහ්මයෝ බ්ර හ්ම භාෂාවෙන් කියති, දිව්ය්යෝ දිව්ය භාෂාවෙන් කියති යි සිතති, ගරුඬයෝ ගරුඬ භාෂාවෙන් කියති යි සිතති, මනුෂ්යතයෝ වෙන වෙන තමන් තමන්ගේ නො එක් මනුෂ්යත භාෂාවෙන් කියති යි සිතති, සිවුපාවෝ තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති, හංස මයුරාදි පක්ෂිහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති, යටත් වසයෙන් සියලු ක්ෂුද්රග ප්රාිණිහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතති, කුරු කුහුඹු හිනිපැණි ආදී වූ සූක්ෂම ප්රායණිහු තමන් තමන්ගේ භාෂාවෙන් කියති යි සිතා විඳ විඳ අසති, මෙසේ සියලු සතුන්ගේ භාෂානුකූල ව බණ වදාරණ සේක් ම ය.
මේ සාරාසංඛ්‍ය. කප්ලක්ෂයක් මුළුල්ලෙහි ඉස් දී, මස් දී, ඇස් දී, ලේ දී, අඹුදරුවන් දී, රාජ්යඳ ය දී, උතුම් වූ ධණ දී, කළා වූ පාරමිතාවන්ගේ ආනුභාවයෙන් ජනිත වූ පින් සම්භාරයන් හෙයින් මාගේ ස්වාමිදරු වූ බුදුරජාණන් වහන්සේගේ මේ අසාධාරණ වූ බුද්ධානුභාව ය, අසදෘශම ය, ඔබ සේ වූ බුදුකෙනකුන්ට මුත් අනික් සත්ත්වයන් හට ඒ අවිෂ ය ම ය, අවින්ත්‍ය ම ය, නො දැනේ ම ය, නො සිතේ ම ය, අසාධාරණ ම ය, ආශ්චය්ය්මර් ම ය, විස්මය ම ය, මට ද මේ ඇසූ සිතූ සියලු සතුන්ට ද මේ වික්ර්ම ය වාසනා වේව යි.
මෙසේ මාගේ ස්වාමිදරුවෝ සියලු සතුන් කැමති කැමති රස කවා පොවන එක් මෑණිකෙනකුන් සේ හැමදෙනා කැමති කැමති චරිතයෙන් බණ වදාරා ඒ දම්සක් පැවතුන් පළමු වන සූත්රරදෙශනාව මෙසේ සමහර කොට වදාළසේක.
එ කෙණෙහි පස්දෙනාවහන්සේට වැඩිමහලු අඤ්ඤාකොණ්ඩඤ්ඤ නම් මහ තෙරුන් වහන්සේ කෙළදහසක් පමණ කෙලෙසුන් නසා දහසක් නයින් සම්පූර්ණ වූ සෝවාන් මාර්ගයෙන් වැද අමා මහ නිවන් පුර ය දුටු සේක. එ දා අසඬ්ඛ්ය යක් දෙවියෝ සෝවාන් මාර්ගයෙන් වැද අමාමහන් නිවන් පුරය දැක සතුටු වූහ. තව ද අසංඛ්ය්යක් දෙවියෝ දෙවන වූ සෙදැගැමි මාර්ගයෙන් වැද අමාමහ නිවන් පුරය දැක පිනා ගියහ. තව ද අසංඛ්යවයක් දෙවියෝ තුන්වන වූ අනාගාමි මාර්ගයෙන් වැද අමාමහ නිවන් දැක සතුටු වූහ. තව ද අටළොස් කෙළක් මහා බ්රනහ්මයෝ සතරවන වූ රහත් මඟින් වැද අමාමහනිවන් පුර ය දැක සසර දුකින් මිදී ගියහ.
මෙසේ එදා මාගේ ස්වාමිදරුවෝ ඇසළ මැදිපොහෝදා පතළ සඳපානේ කළා වූ පළමුවන ධර්මදෙශනාවෙහි තුන් අසංඛ්ය යක් දෙවියන් හා අටළොස් කෙළක් බුහ්මයන් නිවන් දක්වා නිවන් කෙළවර බණ සමහරකොට තොප තොපගේ විමන් යව යි අවසර දුන් සේක. එකල දිව්යව බ්රනහ්මයෝ ස්වර්ණ රසාරාවෙන් අභිෂික්ත ගාත්රාට ඇතියවුන් සෙයින් පින පිනා සාධුකාර පවත්වා බුදුන් වැඳ ප්ර දක්ෂිණා කොට බුදුන්ට ස්තුති කොට තමන් තමන්ගේ භළුනයට ගියාහු ය.
මෙසේ බුදුහු තමන් වහන්සේ පළමුවන ධර්මදේශනාව කළ දා පූර්වනිමිත්ත නම් වූ මහා පූජා දෙතිස් හා කාමාවචර දිව්යර රාජයන් කළ අනූ දහසක් පූජා හා මහාබ්රාහ්මයන් කළ එක්ලක්ෂ පනස් දහසක් පූජා හා මෙසේ දෙ ලක්ෂ සතලිස් දහස් දෙතිස් මහා පූජාවක් ලත් හෙයිනු ත්, එසේ වූ පූජා විදීමට සුදුසු හෙයිනු ත්, සද්ධර්ම මහා චක්රඑවර්ති වූ ,සද්ධදර්ම මහා මේඝ වූ, සද්ධර්ම මහා ප්ර වාහ වූ, සද්ධර්ම මහා ගංගා වූ, සද්ධර්ම මහා සමූද්රම වූ, සද්ධර්ම මහා චුඩාමණි වූ, සද්ධර්ම මහා කිරීට වූ, සද්ධර්ම මහා තිලක වූ, සද්ධර්ම මහා කේතු වූ, සද්ධර්ම මහා නිධාන වූ, මාගේ ස්වාමිදරු වූ, ශෞද්ධොදනිය වූ, ගෞතම ගොත්රේයෙහි උපන් හෙයින් ගෞතම නම් වූ බුදුරජාණෝ මේ මේ කාරණයෙනු දු අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේමැ යි.
පූජාවිසෙසං සභ පච්චයෙහි
යස්මා අයං අරහති ලොක නාථො.
අත්ථානු රූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං-යි.
මේ පූජාවලියෙහි අප බුදුන් පළමු වන ධම්සක් පැවතුන් සූත්ර් දෙශනායෙහි දී ලද ඉසිපතනාරාම පූජාකථා නම් වූ තෙළෙස් වන පරිච්ජෙදයනිමි.

පූජාවලිය-වේළුවනාරාම පූජා කථා
තව ද අප බුදුන් රජගහා නුවර දී ලද වේළුවනාරාම පූජා නම් කවරහ යත්:මෙසේ මාගේ බුදුරජාණන් වහන්සේ බ්රරහ්මයාගේ ආරාධනා යෙන් ඇසළ මස මැදි පොහෝ ලද උත්ර්සළ නකතින් ධම්සක් පතුරුවා දෙව් බඹුන්ට සමු දි යවා එදා රෑ පස්තරුවෙන් පිරිවැරුණු සඳමඩලක් සේ පස්වග මහණුන්් හා සමඟ එම ඉසිපතනෙහි පළමුවන වස වැස. දෙවන දා උදාසන සතර දෙනා වහන්සේ සිඟායාදී, භද්දිය නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට තුන්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා වප්පා නම් මහ තෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, පස්වන දා උදාසන ඔබ ඇතුළු වූ සතරදෙනා වහන්සේ සිඟා යවා අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට, අස්සජි නම් මහතෙරුන් වහන්සේට බණ වදාරා සෝවාන් කොට,සවන දා උදාසන පස්දෙනා වහන්සේට අනිත් ලකුණු නම් සූත්රන දෙශනාවක් කොට එකවිට ම රහත්කොට, එ තැන් පටන් පඤ්ච මහා ශාඛයෙන් දිලියෙන්නා වූ කප්රුකක් සේ පස් මහා රහතන් හා සමඟ එම වෙහෙරැ වාසය කරන සේක.
ඒ අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ නෙබඳු වූපිනක්කොට මෙබඳු වූ බුදුකෙනෙකුන්ගේ සියලු මහ සව්වන්ට පළම්ව අග්රූ වූ නිවන් දුට් සේක් ද යත්? පෙර මහා විපස්සි නම් බුදුන් සමයෙහි බන්ධුමතී නම් නුවර චුළකාළ නම් සිටුව හැල්කුඹුරෙක බඩ තළවා පැන් නො වකා කිරිපිඬු පිසවා බුදුපාමොක් මහ සඟපිරිස වළඳවා මෙසේ ම ඒ එක කෙතැ ගොයමින් නව වාරයක් අග්ර භෝජන ය දී මතු බුදුකෙනෙකුන්ගේ සස්නෙහි මම පළමුවන අග දෙසව් අසා වූ නිවන් රස ලද්දවුන් කෙරෙහි අග්ර වෙම්වයි ප්රා ර්ථනාකොට ඒ පිනිත් එකානුකපක් මුළුල්ලෙහි අපායට නො ගොස් දිව්යිලොකයෙහි සුව විඳ ඇවිද දැන් අප බුදුන් සමයෙහි පළමුව අග දෙසුම් අසා පළමුව ම අමාමහ නිවන් දුටුසේකැ යි දතයුතු.
මෙසේ බුදුන් එහි වසන කල සුජාතා නම් සිටු දුව වැදු බරණැස යස නම් සිටු පුත්ර යාණෝ තුන් සෘතුවට කළ තුන්පායෙහි නළුවන් පිරිවරා උඩුමාලෙන් යටිමාලට නො බැස මහත් වූ ශ්රී විදිනාහු.
එක් දවසෙක නිදා පිබිද නාටක ස්ත්රීාන්ගේ විකාර දැක...එක් දවසෙක නිදා පිබිද නාටක ස්ත්රීාන්ගේ විකාර දැක අනිත් ලකුණු උපදවා සසර කලකිරි එ විගස ම යහනින් නැඟි රුවන් මිරිවැඩි පයින් ගෙන පායෙන් බැස නුවරින් නික්ම ගොස් මැදියම් රෑ බුදුන් වසන පසිපතන වෙහෙර සමීපයෙන් යෙති. එ වේලෙහි මාගේ ස්වාමිදරුවෝ ඔහු යන්නවු දවසින් දැක කතරගොස් එන පුතකු පෙරමඟට දිවන මවක සේ ඔහු පෙරමඟට මහත් වූ කරුණායෙන් වැඩ අඳුරට මහත් වූ, පානක් නඟා පෑවා සේ බුදුරස් කඳක් ඔහුකරා හැර මඟ අලුකොට ලා ‘මෙසේ මා කරා එයි යසැ’ යි වදාළ සේක. ඒ සිටු පුත් බුදුන්ගේ ශබ්දය කහහුණු වේලෙහි බුදුන් දිසාව බලා, තමාගේ රසින් දිලිහී පෙනෙන හිරු මඬලක් සේ බුදු රසින් දිලියෙන බුදුන් දැක, ආකාශ ගංගාව දුටු පිපාසිතයක්හු සේ, මහා නිධානයක් පෙනිගිය දුගියකු සේ සූධා භෝජනයක් දුටු දිව්ය යකු සේ, මහපියුම් විලක් දුටු ඇතකු සේ, හිරුරස් දුටු මහා පද්මයක් සේ, සන්තොෂ ව පස්වනක් ප්රීයතින් පිනා දෙනක කරා දිවන වසුපුත් පැටවකු සේ බුදුන් කරා දිව පසඟ පිහිටුවා වඅඳ එකත්පස්ව සිට බණ අසා එ කෙණෙහි ම සෝවාන් ව ඒහි භික්ෂුභාවයෙන් මහණ වූහ.
දෙවන දා උදාසන ඒ සිටාණන් පිය වූ බරණැස් සිටානෝ පුතණුවන් මතුමාලේ නො දැක රෑ පලා ගියහ යි අසා මහත් වූ ශොකයෙන් හඬ හඬා පුතණුවන් පලාගිය මඟ දැක රන්මිරිවැඩිසලකුණෙන් මඟ නොවරදවා ගොස් මහණ ව සිටි පුතණුවන් හා ලොවුතුරා බුදුන් දැක පුතණුවන් කෙරෙහි ශොකයෙන් වලප්නට පටන් ගත්හ.
එ වේලෙහි බුදුරජාණන් වහන්සේ ගිනි කඳෙක හැල්පැන් නමන්නා සේ දෙශනා නමැති අමාදියෙන් සිටාණන්ගේ ශොක නමැති මහ ගිනි නිවා වදාළ සේක. එ කෙණෙහි සිටාණෝ සෝවාන් වූහ. ඒ බණ වදාරණ වේලෙහි පුතණුවන් වහන්සේ රහත් ව ගියසේක.
ඉක්බිත්තෙන් සිටාණන් ගිය කල්හි ඒ යස නම් ස්වාමීන්ගේ ගිහි යහළුවෝ සූපණස් දෙනෙක් යහළුවාණන් මහණ වූ බව් අසා ‘අප යහළුවා අප කිවක් කෙරෙයි, ඔහු සිවුරු හරවාගෙන කෙළියට ගෙන එම්හ’යි වාසි කියා සුදු පිළි ගෙන ගොස් සන්හුන් ගුණෙන් සිටි තෙරුන් වහන්සේගේ උපසම ය හා බුදුන්ගේ රූසිරි දැක ‘අප යහළුවා ගිහිගෙයි වසන කලට වඩා දැන් ඔහුගේ මහණ වෙස ම ඉතා හොබනේ ය. සඳුට අනු වූ ගුරු තරුව සේ ඉතා හොබනේ ය. උතුමකු කෙරේ මහණ වි ය. අප යහළුවා ලද සිරි අපට ත් වී නම් යෙහෙකැ’යි සිත සිතා බුදුන් වැඳ එකත්පස්ව සිටියහ.
බුදුහු ඔවුන්ගේ චරිත බලා බණ වදාරා අමාමහ නිවන් දක්වා දක්ෂිණ ශ්රීග හස්තය දිගුකොට “එථ භික්ඛු” යනාදින් වදිරි සෘද්ධිමය වූ පාත්රී සිවුරු දි ඒ සූපනස් දෙනා මහණ කළ සේක.
මේ යසාදි පස් පනස් යහළුවෝ ද පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදු උතුමාණ කෙනකුන් දැක සසරින් ගොඩ නැංගාහු ද යත්? පෙර එක් කලෙක මේ පනස්පස් දෙන දැන් සේම යහළු ව ඇවිදිනාහු දැරි ඇති ගැහැනියක අනාථ ව මිය වන මැදෙක වැදහොත්තිය දැක ඈ කෙරෙහි කරුණා උපදවා පින් නිසා දරසෑයක් බැඳ ඈ දවන්නාහු මිනියදන වේලෙහි ඈ ඇඟින් දදා නැඟෙන බුබුලු දැක බුබුලු ගැසුණු වේලෙහි පොතු ගැලවුණු කුකුලලයක් සේ සර්වාංගය සුදුවන සේ දැක අනිත් ලකුණු උපදවා මේ සියලු සතුන්ගේම ධර්මයෙකැ යි තිලකුණු මෙනෙහි කළහ. මෙසේ ඒ ජාතියෙහි මිනිය දවාපු පිනින් දිව්යි මනුෂ්යග ලොකයෙහි අපමණ සුව සැපත් විඳ සැරිසරා ඇවිද එක් ව කළ පිනින් අප බුදුන්සමයෙහි පස්පනස් යහළු ව බරණැස ඉපද අප බුදුන් දැක සෘද්ධිමය වූ පාත්රළ සිවුරු ලදින් මේ පස්පනස් දෙන ම අමාමහ නිවන් දැක සසරින් එතෙර වූහ යි දතයුතු.
මෙසේ ලොකයෙහි බුදුන් හා සමඟ එක් සැටක් මහ රහතන් පහළ වූ කල....මෙසේ ලොකයෙහි බුදුන් හා සමඟ එක් සැටක් මහ රහතන් පහළ වූ කල ස්වාමිදරුවෝ වප් සම මැදි පොහෝ දා වස් පවරා සැට මහ රහතන් ළඟට කැඳවාලා:
පරත්ථඤ්චත්තනො අත්ථං-කරොන්තා පඨවිං ඉමං
බ්යාථහරන්තා මනුස්සානං-ධම්මං චරථ භික්ඛවො
යනාදින් අවවාද දී “මහණෙනි, මේ ලොකයෙහි සත්ත්වයෝ බුදුරුවන් ලොව පහළ වූ බව නොදනිති, තෙපි හැම දෙදෙනෙක් එක මඟ නො යව, සැට දෙන වෙන වෙන සැට මාර්ගයෙකින් ගොසින් ගිය ගිය දෙස දුටු දුටු සත්ත්වයන්ට මා උපන් පරිදි කියා ලෝකාර්ථචය්ය්ටර් කරව, සත්ත්වයෙනි, සර්වඥ නමැති මහ පියුමෙක් නැඟි සදහම් නමැති රොන් සළා දෙමින් සිටියේය, සර්වඥ නමැති ආකාශයෙහි සද්ධර්ම නමැති ආකාශ ගංගාව ධාරානිපාත වෙමින් සිටියේ ය, සර්වඥ නමැති මහා නිධානයෙක් පෙනී සදහම් නමැති නවරුවනින් දිලියෙමින් සිටියේය. සර්වඥ නමැති කපුරුකෙක් පැනනැඟී සදහම් නමැති මහ සැපත් දෙමින් සිටියේ ය. සර්වඥ නමැති මහා නිධානයෙක් පෙනී සදහම් නමැති නවරුවනින් දිලියෙමින් සිටියේ ය. සරුවඥ නමැති කප්රුකෙන් පැනනැගී සදහම් නමැති මහ සැපත් දෙමින් සිටියේ ය. සරුවඥ නමැති දිවාකාරයෙක් පැනනැඟී මොහ නමැති අන්ධකාරයන් දුරී කරණය කොට සද්ධර්ම නමැති මහ රස්කඳ විහිදුවමින් සිටියේ ය’යි වදාරා, සැටදෙනාවහන්සේ සැට මාර්ගයෙකින් යවා තමන් වහන්සේ එකලා ව නික්මුණු අමා ගඟක් සේ උරුවෙලා නම් දනව්වට වඩනා සේක් අතුරු මඟ එක්තරා මඟ එක්තරා එක් රුකක් මුල සවනක් රසින් දිලිහි දිලිහී ජම්බුනදියෙහි ජාත ස්වර්ණාංකුරයක් සේ ලීලාසම්පන්නව වැඩහුන් සේක.
එ කල කොසොල් රට රජකුමරුවෝ තිස්දෙනෙක්....එ කල කොසොල් රට රජකුමරුවෝ තිස්දෙනෙක් උතුම් වූ රූ හා උතුම්වූ ගුණ ඇති ව සම වූ සිත් ඇතිහෙයින් භද්දවග්ගියයි කියා මෙ නමින් ප්ර සිද්ධ ව කොසොල් රජහුගෙන් දුන් දනව්වෙක සමඟ ව රජකරන්නාහු කප්පාසික නම් වනයක් ඉතා රම්යව ය යි අසා එහි කෙළනට යන්නාහු එක් කෙනකුන්ට ප්ර්ජාපතීන් නැති හෙයින් උන් නිසා වෙශ්යානවක ගෙන ගියහ. රජකුමරුවන් ක්රීසඩාවෙන් ඇවිදිනා කල්හි ඕ ප්රටමාදයක් දැක ඒ රාජකුමාරයන්ගේආභරණ සඟවාගෙන වල්වැද ගියා ය. එ වේලෙහි ඔබමොබ බලා ආභරණත් වෙශ්යාැවත් නො දැක තිස්දෙන ම එක් ව ගෙන ඈ ගිය පද සලකුණෙන් වල් සොයා ඇවිදිනාහු ඒ රුක්මුල සවනක් රසින් දිලියෙන බුදුන් දැක වැඳ එකත්පස්ව සිට මෙසේ ආ වෙශ්යාිවක දුටු සේක් දැ යිවිචාළහ. බුදුහු කුමක් නිසා ඈ සෙ8ායවු දැ යි විචාළසේක, තමන් උයන්කෙළියට ආ නියාව ත් ඈ සොරා සම්පත් ගෙන ගිය නියාව ත් බුදුන්ට දැන්වූහ. බුදුහු තමන් සෙවීම උතුම් ද, අනුන් සෙවිම උතුම් දැ යි විචාළසේක. ඔහු තමන් හෙතු සම්පත් ඇති හෙයින් බුදුන් වදිළ පැනයෙහි අර්ථ දැන අනුන් සෙවිමට වඩා තමන් සොයාගතහෙතෝතින් ඒ සෙවිල්ල ම උතුම් වේ දැ යි කීහ.
එ වේලෙහි ස්වාමිදරුවෝ එ බැවින් තෙපි තොප සොයනු කැමතියා නම් තෙල සේ ඉඳුව යි වදාරා ඔවුන් එකත්පස්ව උන් කල්හි අනුරූප වූ බණ වදාරා ඒ කුමාරවරුන් තිස්දෙනා ම සතර මඟ සතර ඵලයෙහි පිහිටුවා ඒහි භික්ෂුභාවයෙන් මහණකොට ඒ භික්ෂූන්ට ද ආමන්ත්රඒණය කොට:
විහරථ විවිත්තෙසු-පබ්බතෙසු වනෙසු ව,
පාකසයන්තා සද්ධම්මං-ලොකස්ස සතතං මම-යි.
යනාදීන් අවවාද දී “මහණෙනි, තෙපි තිස්දෙන ද තිස්මාර්ගයක ගොසින් දුටු දුටු සත්ත්වයන්ට “සත්ත්වයෙනි, ගොව බුදුරුවන් දමුරුවන් සඟුරුවන් පහළ වි ය, ඒ සර්වඥ නමැති මහා මෙඝ ය පැන නැඟී සදහම් නමැති අමා වැසි වස්වා විනෙය ජන නමැති මහඇල්කෙත සතුටුකරවමින් සිටියේය, අපායමාර්ගායහි අකුල් එළමින් සිටියේ ය, නිවන්මඟ එක එලිවෙමින් සිටියේ ය, යනාදින් බුදු ගුණ කියා ලෝවැඩ කරව”යි වදාරා ඒ තිස්දෙනා වහන්සේ තිස් මාර්ගයෙක යවු සේක.
ඒ රාජකුමරුවෝ තිස්දෙන කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුකෙනකුන් දැක නිවන්රස වැළඳු ද යත්? පෙර මාගේ බුදුන් තඅණ්ඩිල නම් සූකර රාජන් ව ඉපද බරණැස් රජුට බණ වදාරන දා බෝසතුන් බදා අල්වාගෙන මරා ඇඟ මස් කම්හ යි පොලු මල ගෙන සිසාරා සිටගත් රා සොඬුන් තිස්දෙන තුණ්ඩිලොවාද නම් වූ ඒ දෙශනාව දොළොස් යොදනක් තැන් ඇසෙන සේ කරත් කරත් අත තුබූ පොලු මල හෙළා සාධුකාර දි දී බණ අසා එදා ලත් අවවාදයෙන් සැටදහසක් හවුරුදු මුළුල්ලෙහි පන්සිල් රක්ෂාකොට එතැන් පටන් සදෙවුලොව සැරිසරා ඇවිද සුව විඳ එ කල උතුම් වූ රජකුලයෙහි ඉපද ඒ පන්සිල් රක්ෂාපළ පිනින් අසාධාරණ වූ රූ සිරි ලදින් මොහොතක් පමණ කල් බණ ඇසූ පිනින් අප බුදුන් දැක අමා මහ නිවන් දුටුහ යි දතයුතු.
මෙසේ ලොකයෙහි එකානුවක් රහත් සඟුන් ඇතිවූ කල...මෙසේ ලොකයෙහි එකානුවක් රහත් සඟුන් ඇතිවූ කල මාගේ සවාමිදරුවෝ උරුවේලා නම් දනවුවට වැඩිසේක. එහි නිල්තලා නම් ගං තෙර උරුවෙලා කාශ්ය ප ය, නදී කාශ්යනප ය, ගයා කාශ්යරපය, යන ජටිලයෝ තුන්බෑ කෙනෙක් රහතුම්හයි කියා මිත්ථ්යාාදෘෂ්ටි ගෙන ලෝවැස්සන් වඤ්චාවෙන් පහදවා ලාභයෙහි යශසෙහි අග්ර ව වෙසෙති. එයින් උරුවෙල කාශ්යභපයන්ගේ පන්සියයක් අතැවැසියෝය, නදී කාශ්යවපයන්ගේ තුන්සියයක් අතැවැසියෝය, ගයා කදාශ්යශපයන්ගේ දෙසියයක් අතැවැසියෝ ය, මෙසේ මේ දහසක් දෙන ම මිත්ථ්යාදදෘෂ්ටි ගෙන වෙසෙති. බුදුහු මොවුන් දහසක් දෙනා හෙතුසම්පත් ඇති සේ දැක ‘අපාගත වූවන් නිවන් පුරයෙහි ලමි’යි උපන් මහා කරුණා ඇති ව එදා ඒ උරුවෙල කාශ්යමපයන්ගේ පන්සලට වැඩ “කාශ්යමපයෙනි! කොපගෙන් අවසර ලදුමෝ නම් තොපගේ මේ ගිනිහල් ගෙයි අද එක රෑ සැතපෙනු කැමැත්තම්හ”යි වදාළ සේක.
එ කල උරුවෙල කාශ්යමපයෝ කියන්නාහු ‘මහණ භවත් ගෞතමයෙනි! ගපස්වී වරයන්ට අවසර දීම අප සේ වූ තපස්වී වරනයට සුදුසු ම ය, එසේ ද වී නමුත් ගිනිහල් ගෙයි විෂඝොර වූ නාග රාජයෙක් වෙසෙයි, ඒ අප රහත් යෙහින් අපට කිසිවකු ත් නො කෙරෙයි, නො රහත් වූ තොප වැනි සොඳ රුවක් ඇති මහණ කෙනකුන්ට උපද්ර,වයක් කෙළේ නම් අලාභ වේදැ’යි කීහ. බුදුහු එ බස නො ඇසූ කන් ව ‘තොපගෙන් අවසර ලඳුමෝ නම් මේ ගිනිහල් ගෙයි ම සැතපෙනුකැමැත්තම්හ’යි දෙවනුවත් වදාළසේක. තව ද උරුවෙල කාශ්යඅපයෝ ‘භවත් ගෞතමයෙනි! ඒ ගිනිහල් ගෙයි ලැඟීමෙන් අපට කිසිවෙක් නැත, ඒ නාගරාජයා ඉතා දරුණු වූ විෂ ඇත්තේ ම ය’යි කීහ. එබසට සවාමිදරුවෝ තුන්වනු ව වදාරන සේක්: ‘නයිගේ දැඩිකම් නො කියා අද එක රැයට ගිනිහල් ගෙය අපට අවකාශ කරව’යි වදාළසේක. බුදුනට තුන්වන වාරයෙහි උත්තරයක් කී සතකු ඉස සත් කඩක් ව පැළෙන යෙහින් කාශ්යතපයෝ අනිකක් කියාගත නොහී නයාගේ දැඩි කම් ම කීහ. ඉක්බිත්තෙන් බුදුහු 'නයිගේ බල නොකියා තොපගේ ගිනිහල්ගෙය අපට අවසර දෙව’යි වදාරා උන්ගේන් අනුදන්වා ගෙන නා විමනකට වදනා ගරුඬරාජයක්හු සේ, නිර්භීත ව ඒ ගිනිහල්ගෙට වැද බුද්ධාසන පනවා පලක් බැඳ වැඩ උන්සේක.
ඉක්බිති නාගරාජතෙම ගිනිහල්ගෙයි වැඩ හුන් බුදුන් දැක ‘ඇතකු කරා පැමිණ උන්මන්තකයකු සේ මාගේ භවනයට අවුදින් තමාගේ ගෙයක සේ හිඳ ගත් මොහු කවරෙක්දැ’යි කිපී බුදුන්කරා විෂධුම හරනට වන, සවාමිදරුවෝ ‘මම ද එක විෂ ධූමයක් හළිමි නම් එක නයකු තබා මුළු ලොව මකුළු හුයක් සේ දායෙයි, එසේ ද වුව ත් මොහුගේ අභිමාන මැඩ දැමු ව මනා වේදැ’යි සිතාලා ‘මාගේ ශරිරයෙන් නික්මුණාවූ දුමින් මුළුලොව කිසි සතකුටත් මේ ගෙයි වසන මැසි මදුරු කුරු කුහුඹු ආදි සියලු සතුන්ටත් උපද්රිවයෙක් නොවේව’යි අධිෂ්ඨාන කොටලා පිදුරු කලවිටෙක ගිනි ලූ කලක් සේ ශරීරයෙන් දුම්කඳු හරනට පටන් ගත් සේක. ඒ දුම් කඳු නයිගේ විසදුම් ඔබා ඔහුගේ ඡව්මාංසයට හානියක් නො කොට පෙළන්නට පටන්ගත.
ඉක්බිත්තෙන් නාග රාජයා මුඬුමහණහු ගින්නෙන් දවාපියමියි සිතා බුදුන් කරා ගිනිකඳ හරනට පටන්ගත, එ කල බුදුහු තෙජො කසිණ සමාපත්තියට සමවැද ලා ඕහට වඩාශතසහස්රත ගුණයෙන් ශ්රී ශරීරයෙන් ගිනිකදු නඟන්නට පටන්ගත් සේක. එ වේලෙහි සියලු ගිනිහල් ගෙය ගිනිගෙන දිලියෙන සේනක් සේ පෙනී සියලු ආශ්‍ර ම ය ඒකාලොක වි ය. ඒ ගිනි දුටු උරුවෙලකාශ්ය පාදි ජටිලයෝ ‘තෙලෙ නාගරාජයා හළ ගිනිකඳ ය, මහණභවත් ගෞතමයන්ගේ රන්කඳක් වන් ශරීරය අද දා නස්සි, අප කියමන් නො ගත්හ, ඉතා ගත්හැඟි කෙනෙකැ’යි කිය කියා සිටියහ.
මෙසේ සවාමිදරුවෝ තමන් වහන්සේගේ ගින්නෙන් නයි හික්මවා අභිමාන ශුන්යමකොට ශ්රීස හස්තය දිගුකොට, දළ මුත්හරක් හයා ගන්නා සේ, සමන් මල් දමක් හයා ගන්නා සේ, නාග රාජයා හයාගෙන ඉඳුනිල් මිණි කරඬුවෙක රිදී සවඩියක් ලන්නා සේ, පාත්රමධාතුව ඇතුලෙහි දරණ ලා විෂ නැතිකොට හොවා ලා උදාසන උරුවෙල කාශ්යකපයන් කැඳවා ලා ‘ඊයේ තොප ආනුභාව කි නාගරාජයා වැදහොත් ලෙස් බලව’යිදක්වා වදාළසේක. එ කල නාගරාජයා බුදුන්ගේ ශ්රීැ මුඛය ප්රෙවමයෙන් බල බලා ඇකිළි ඇකිළි හොත්තේ ය, ඒ ප්රායතිභාය්ය්මර්යා දැක උරුවෙල කාශ්ය2පයෝ ‘මේ මහණ භළුත් ගෞතමයෝ අප සේ සවසත්තාන දමනය කොට රහතන් සේ නො දන්නා බව මුත් නයින් දමන්නාවූ ආනුභාව ඇතියහ’යි කියා රහත්ගුණ තමන් කෙරේ ම තබා දුටුහ.
තව ද බුදුහු ඔහුගේ ළය මොළොක් නො වූ සේ දැක තව ද ප්රා තිහාය්ය්ුර් දක්වනු කැමැති ව ඔහුගේ ම පන්සල අනික් නයකු දු එසේ ම දමා පාත්රාළ ධාතුවෙහි ලා පෑසේක. එ දවසු දු ඒ ප්රාඑතිහාය්ය්ළර් ය දැක උරුවෙල කාශ්ය පයෝ ‘රහත් ගුණය මා කෙරෙහි ම පිහිටියේ ය, නයින් දමන්නාවූ සෘඬි භවත් ගෞතමයන් කෙරෙහි පිහිටියේ ය’යි කීහ.
තව ද එක් දවසෙක බුදුහු කාශ්ය්පයන්ගේ පන්සලට නුදුරු වූ...තව ද එක් දවසෙක බුදුහු කාශ්ය්පයන්ගේ පන්සලට නුදුරු වූ එක් ලෙනෙක රාත්රි යෙහි වැඩහුන්සේක, එ කල වරම් රජදරුවෝ සතරදෙන තුන්ගවු උස දිව්ය ශරීරයෙන් දිලිහි දිලිහී අවුදින් බුදුන්ට සතරදිග රකවල් ගෙන සිට ගත්හ: බුදුහු පාන් ඇගෑ සතරක් මැද දිලියෙන රන් දාගබක් සේ ශ්රීහමත්ව වැඬහිඳ ඔවුන්ට බණ වදාළ සේක. ඉක්බිත්තෙන් පාන්වූ කල උරුවෙල කාශ්යහපයෝ බුදුනු කරා අවුදින් ‘මහණ භවත් ගෞතමයෙනි! වළදන්නට අවමැනව, ඊයේ රෑ රන්වන් රස්විහිදුව විහිදුවා තමන් කරා අවුදින් සතර දිග සිට බණ ඇසුවෝ කවුරුදැ’යි විචාළහ. එ බසට බුදුහු ‘කාශ්යනපයෙනි, වරම් රජදරුවෝ සතරදෙනය’යි වදාළ සේක. ඒ ප්රා තිහාය්ය් ර් ය දැක ද උරුවෙල කාශ්යරපයෝ ‘තොපගේ වරම් රජ දරුවෝ අප කරා නො එත් ම ය, අපගේ එහත් ගුණ තොප කරා නො එත් ම ය’යි කිහ.
තව ද එක් දවසෙක ශක්ර්යෝ දෙදෙව්ලොව දෙවියන් පිරිවරා අවුදින් බුදුන් වැඳ බණ අසා ගියහ; එදා ද උරුවෙල කාශ්යරපයෝ විචාරා දැන ‘මහණ භමත් ගෞතමයෙනි! තොප ශක්ර බ්රරහ්මයන් අතිනු ත් වැඳුම් ගන්නා තැනැත්තක් අප සේ රහත් නො වන්නේ නො යෙදෙ’යි කිහ.
තව ද එක් දවසෙක අඟු මගධ දෙරට වාසීහු පූජාසත්කාර ගෙන උරුවෙල කාශ්යෙපයන් කරා අවුත් වනහ, උරුවෙල කාශ්යෙපයෝ එ දා සිතනනාහු ‘මහණ භවත් ගෞතමයෝ මහත් වූ ආනුභාව ඇතියහ, මනොඑර වූ රූ ඇතියහ. මේ මනුෂ්‍යයයන් මඬ්යනයෙහි ආනුභාවයක් දක්වාලූ නම් අප හැම තවුස් වෙස් ගත් වඳුරන් කොටත් නො තකති, භවත් ගෞතමයෝ අද මෙ තැනට නො අවුනම් යෙහෙකැ’යි සිතූහ. සවාමිදරුවෝ ඔහු සිතූ සිත් දැන ඔහු දමා ගන්නා තෙක් ඔහු කැමැති කැමැති දෙයක් ම කෙරෙමි යි සිතා එ දවස් උදාසන උතුරුකුරු දිවූ වැඩ අහර පඅළිගෙන අනවතප්ත නම් විලට වැඩ එහි දී වළදා මෙසේ තුන් දවසකින් ඔහුගේ පූජාව නිමකල නඅවත ඒ පන්සලට ම වැඩිසේක. බක්බිත්තෙන් උරුවෙල කාශ්යාපයෝ උදාසන බුදුන් කරා ගොස් ‘භවත් ගෞතමයෙන්! අද වළදන්ට අව මැනව ඊයේ පෙරෙවිදා අභු මගධ දෙරට වාසීහු අපට මහා පූජාවක් කොට මහා දානයක් දුන්නාහු ය, අපි එ කල තමන් සඳහන් කළම්හ; ඊයේ පෙරෙවිදා කොයි ගිය නිසා දැ යි කීහ. මාගේ බුදුරජාණන් වහන්සේ එ බසට සිනා පහළ කොට ‘උරුවෙල කාශ්යමපයෙනි! සෙසු ලෝ වැස්සන්ට කියන වඤ්චා මට නො කියහ. මම තොප තබා සියලු සත්ත්‍වලොකයෙහි කුහුඹුවා පටන් මහා බ්රතහ්මයා දක්වා සියලු සතුන් සිතූ සිත් දනිමි, තොපගේ ම අදහස් දැන ය මා නො ආයේ’යි වදාළසේක. ඒ ප්රාමතිහාය්ය් ර් ය දැක ද උරුවෙල කාශ්ය’පයෝ ‘භවත් ගෞතමයෝ පරසිත් දන්නා බව මුත් අප සේ රහත් මඟ නො දනති’යි කීහ.
තව ද එසමයෙහි බුදුන්ට පාංශුකූල විවරයෙක් උපන...තව ද එසමයෙහි බුදුන්ට පාංශුකූල විවරයෙක් උපන, එ කල බුදුහු මේ සිවුර කොයිදෟ සෝධම් දෝ හෝ යි සිතා වදාළසේක. ඒ සිත හා සමඟ ශක්රදදෙවෙන්ද්රවයා අවුදින්, නඳුන් පොක්රාණ සේ හනොහර වූ පොකුණක් හා මවාලිය: ඒ වෙනෙහි වන දෙවතාවා බුදුන් පොක්ුණට බස්නා කල එල්බගන්නා පරිද්දෙන් පොකුණුතෙර ගසෙක අත්තක් නමා පෑලි ය. බුදුහු ඒ පොකුණෙහි දි සිවුර සෝධා වදාළසේක. ඉක්බිත්තෙන් උදාසන උරුවෙල කාශ්යහපයෝ තමන් ගේ අසපුවෙහි ඉන්ද්රස ජාලයක් සේ මැවී තුබූ පොකුණ හා පාණ හා ගලතල හා ගසින් නැමීගිය අත්ත දැක මහා ආශ්චය්ය්බර්මාත් ව බුදුන් අතින් විචාරා ශක්ර්යා මැවු බව් අසා මහණ භවත් ගෞතමයන්ගේ අසාධාරණ වූ සෘඬි දවසින් දවස වඩ වඩා දකුම්හ, අප සේ රහත් ගුණයක් නුදුටු විරඅමෝ මය’යි කිහ.
තව ද එක් දවසෙක උරුවෙල කාශ්යුපයෝ බුදුන් වැඩහුන් තැනට ගොසින් ‘භවත් ගෞතමයනි! වළදන්නට අව මැනව’යි කීහ, බුදුහු ‘අපි එම්හ, තෙපි යව’යි කියා කාශ්යනපයන් පළමුකොට යවා සරසනක් පමණ තෙන තුබූ භොජන ශාලාවට උන් නො යනතුරු තමන්වහන්සේ අසුරුසනකින් හිමාලය වනයට වැඩ දඹදිවට සලකුණු වූ සියක් යොදුන් උස මහ දඹගසින් දඹපාත්රසයක් ගෙන උරුවෙල කිශ්යඹපයන්ට පළමුකොට ගොස් ශාලාවෙහි වැඩ හුන්සේක. එ කල කාශ්ය්පයෝ ‘මහණ භවත් ගෞතමයෝ එද්දෝ හෝ නො එද්දෝ හෝ”යි සිත සිතා ශාලාවට ගොස් පළමුව ගොස් වැඩහුන් බුදුන් දැක ආශ්චය්ය්ාර්මළත්ව ‘භවත් ගෞතමයෙනි! මටපසුව අවුත් කරව ඇසිල්ලෙක පළමු ව අවුත් වැඩහුන්නේදැ’යි විචාලහ. එවිට බුදුහු වදාරනසේක් ‘කාශ්යනපයෙනි! ෙතාප එවාලා අපි මහදඹ ගසට ගොස් දඹ ගෙන අවුදින් උනුම්හ, තව ද මේ ආශ්චය්ය් ර් නො වෙයි, තොප මෙතනට එන අතුරෙහි සිතුමෝ නම් සතිලක්ෂ දසදහස් තුන්සිය පනස් යොදුන් වට ඇති සක්වළ ගල වටා ලක්ෂ ගණන් වාරයෙහි සිසාරා ඇවිදපියා මෙ තෙනට එන්ට පොහොසතුම්හ’යි වදාළසේක. එ බසට උරුවෙල කාශ්යනපයෝ ‘අප සේ නිවන් මඟ දිවන සේ නොදන්නා බව මුත් නිකම් ගමන් යාමෙහි ඉතා දක්ෂයෝය’යි කිහ.
තව ද මෙසේ ම මොහු අද දමා ගනිමි යි සෙට දමා ගනිමි යි සිත සිතා දවසෙක එ ම හිමාලයෙහි අඹතුරුයෙන් අඹ ගෙනවුත් පෑ සේක, එහි ම දිව්යඹවු ඇඹුලගසින් ඇඹුල ගෙනවුත් පෑ සේක, තව ද දවසෙක දිව්‍යවූ අරළු ගසින් අරළු ගෙනවුත් පෑ සේක, දවසෙක තවුතිසා භළුනයට වැඩ ශක්රුයාගේ පරසතුගසින් මඳාරා මල් ගෙනවුත් පෑසේක, ඒ ඒ ප්රාුතිහාය්ය්ුර්යෙඳහි උරුවෙල කාශ්යුපයෝ ‘භවත් ගෞතමයෝ අපසේ රහත් ගුණ නැති බව මුත් ශීඝ්‍රය ගමන් දන්නා සෘඬි ඇත්තෝය’යි කීහ.
තව ද එක් දවසෙක ගිනිදෙවියාට පූජාවක් කරම්හ යි...තව ද එක් දවසෙක ගිනිදෙවියාට පූජාවක් කරම්හ යි සිතාලා උරුවෙල කාශ්ය්පයන්ගේ පන්සියයක් ජටිලයෝ පන්සියයක් පොරෝ ගෙන එක විට ම දර පළන්නට පටන් ගත්හ, එදා බුදුහු ‘මෙ දර එකෙකු ත් නො පැළේව යි අධිෂ්ඨානකොට වදාළසේක. ඒ අධිෂ්ඨානය හා සමඟ ම සමහරු එළා ලූ පොරෝ තුඹපත් සේ වක් ව ගිය, සමහරෙක් කීල ගැසුවා සේ දරදණ්ඩේ ම ඇලී ගිය, ඔසවා ගත් පොරෝ එළා ලිය නො හී සමහරෙක් සිතියම්කළ රූ සේ ම සිටියහ, එක දඬෙකුත් නො පැළෙයි, ජටාධරයෝ ‘මේ මහණ භවත් ගෞතමයන් කළ අධිෂ්ඨානයෙක් උවමැනවැ’යි සිතූහ. එ කල බුදුහු කාශ්ය්පයන් මුහුණ බලා ‘කිමෙක් ද කාශ්යදපයෙනි, දර පැළුණ මනාදැ යි වදාරා ‘එසේය! භවත් ගෞතමයෙනි! දර පැළුණ මනා ය’යි කී කල දර පැළේව යි අධිෂ්ඨාන කොට වදාළසේක. එකෙණෙහි ඔසවා ගත් අපොරෝ නො එළන තෙක් පන්සියයක් දඬු තෙමේ ම පැළී ගියේය, ඒ ආශ්චය්ය්ුර් ය දැක උරුවෙල කාශ්යේපයෝ කියන්නාහු ‘මහණ භවත් ගෞතමයෝ අප සේ කෙලෙස් පළා රහත්වන සේ නො දන්නා බව මුත් පළා ප්රාසතිහාය්ය්දර් පානා සේ ඉතා දක්ෂයෝ ම ය’යි කීහ.
තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයෝ යාගයට ගිනි දල්වන්නාහු ය, බුදුහු ‘ගිනි නො දැලිවේව’යි අධිෂ්ඨාන කොට බවදාළ සේක. එ කල දියෙහි ගැලූ පුදුරු කැරැලිලෙක ගිනි නො ඇවිළෙන්නා සේ ගිනි නො දැලිවේ ම ය. දුම් කඳු නැඟේ ම ය, පන්සියයක් දෙන ඇඟ ඩා වගුරුව වගුරුවා පත් සලා ගිනි දල්වා ගත නො හී ‘මේ භවත් ගෞතමයන්ගේ අධිෂ්ඨානයෙකැ’යි විචාරා ‘එසේ ය භවත් ගෞතමයෙනි! ඇවිළෙනු කැමැත්තෙමි’යි කි කල බුදුහු ගිනි ඇවිළේව යි අධිෂ්ඨාන කොට වදාළසේක. එ කෙණෙහි තෙල් කළ නමා ලුවා සේ ගිනි තෙමේ ම ඇවිළ පැනනැංග. ඒ ප්රාතිහාය්ය්ුර් ම දැක කාශ්යිපයෝ කියන්නාහු ‘රහත්ගුණ අප කෙරේ ඇත්තා සේය භවත් ගෞතමයන් කෙරෙහි ගිනි දල්වන්නාවූ ආනුභාව විශේෂයෙන් ම ඇතැ’යි කීහ.
තව ද එම දා යාගකොට නිමිකල පන්සියයක් ජටිලයෝ ගිනි නිවන්ට පටන්ගත්හ, බුදුහු ‘ගිනි නො නිවේව’යි අධිෂ්ඨාන කොට වදාළසේක. ජටිලයන් ගඟින් පැන් කළ සළ ත් සළ ත් තෙල් කළ සළන්නා සේ, ගිනි බුර බුරා නැඟේම ය, එ වේලෙහි ද බුචුහු ‘කාශ්ය්පයෙනි! ගිනි නිවමෝදැ’යි වදාරා යහපතැ යි කී කල ගිනි නිවේව යි අධිෂ්ඨානකොට වදාළසේක, එ කෙණෙහි ගිනි ෙ.මේ ම අන්තර්ධාන වි ය. ඒ ප්රාකතිහාය්ය් ර් ය දැක උරුවෙල කාශ්ය්පයෝ මේ මහණ භවත් ගෞතමයෝ ‘අප සේ රහත් ව කෙලෙස් ගිනි නිවන සේ නොදන්නා බව මුත් නිකම් ගිනි නිරායාසයෙන් නිවන සේ දනිති’යි කීහ.
තව ද එක් දවසෙක පන්සියයක් ජටිලයන් ඒ නිල්තලා හොයට බැස නහා ශීතයෙන් වෙවුල වෙවුලා සිටි වේලෙහි බුදුහු පන්සියයක් ගිනිකබල් මවා පන්සියයක් දෙනා පෙරට ඉන්ද්ර ජාලයක් සේ දක්වා වදාළ සේක. ඒ ආශ්චය්ය් ර් ය දැක උරුවෙල කාශ්ය පයෝ. ‘අනුන්ගේ ශීත දුක් නසා ගිනිකබල් තබන්නා දන්නා බව මුත් තමන්ගේ සසරදුක් නසා රහත්වනසේ නොදනිති’යි කීහ.
තව ද එක් දවසෙක අකාල මේඝයක් නඟාලා...තව ද එක් දවසෙක අකාල මේඝයක් නඟාලා ඒ ගඟ මහ වතුරෙක් දිව හැම වල් ගලාගෙන නික්මිණ, බුදුන් වැඩඋන් ළැහැබ ත් ගලා දිවෙයි; එ වේලෙහි සවාමිදරුවෝ ‘දියවතුරු මාගේ ළඟට නො වැද සිසාරා රිදී පවුරක් සේ සිටී ව’යි අධිෂ්ඨාන කොට වදාළ සේක. එ කල වතුර බුදුන්ගේ සක්මන හැරලා සතර අත සතර මහ පවුරක් සේ සිටගත; බුචුහු පූර්වසාගර පල්ලට බැස රුවන් වැල්ලෙහි සිටගත්තාවූ චක්රහවර්තිරජක්හු සේ දියෙහි නො ගෑවී දසදිග් නොබලා සක්මන්කොට වදාළ සේක. එ වේලෛහි උරුවෙල කාශ්ය්පයෝ ‘මහණ භවත් ගෞතමයෝ වතුරෙන් ගියෝ නම් නපුරු’යි කියා ලා ඔරුවක් පැදගෙන වහ වහා දිවගෙනගොස් රිදී ගුහාවෙක සිටිනා සිංහපොවුවකු සේ දිය මධ්යෙයෙහි වැඩ සිට සවනක් රසින් දිලියෙන බුදුන් දැක ‘මහණ භවත් ගෞතමයෝ අප සේ රහත් ව තෘෂ්ණා වතුරු රඳවන සේ නො දන්නා බව මුත් දියවතුරු රැදවිමට උන් හා සමාන කෙනෙක් නැතැ’යි කීහ.
ඒ සා දියවතුරු මාගේ සවාමිදරුවන්ගේ ශ්රීස ශරීර ය තෙක් කළ නුහුණු වා සේ ම මේ සා පෙළහරක් දැක ද උරුවෙල කාශ්යඒපයන්ගේ ළය ත් තෙත්කළ නුහුණුයේ ම ය. එ කල ‘භවත් ගෞතමයෙනි! මේ ඔරුවට පැනනැංග මැනවැයි කී බස හා සමඟ බුදුහු ඔරුවේ පෙනී ගොස් ගොඩට වැඩ බුද්ධාසනයෙක වැඩහිද සිතා වදිරනසේක්: කිමෙක්දෝ මේ උරුවෙල කාශ්යගපයා මෙතෙක් දා මුළුල්ලෙහි මා විසින් පානාලද දර නොපැළීමෙන් පන්සියයෙක. දරපැළීමෙන් පන්සියයෙක. ගිනිනොදැල්වීමෙන් පන්සියයෙක, ගිනිනොනිවිමෙන් පන්සියයෙක, ගිනි නිවිමෙන් පන්සියයෙක; ගිනි කබල් මැවීමෙන් පන්සියයෙක, ප්රනථම නාග දමනයෙන, වීතිය නාගදමනයෙන, වරමුන්ගෙන,ශක්රයාගෙන, බ්රෙහ්මයන්ගෙන, පරසිත් දැන්මෙන, පොකුණෙන, ගතළ ගලින, ශාඛායෙන, අඹයෙන, දඹයෙන, ඇඹුලයෙන, අරළුයෙන, මඳාරා මලින, දියවතුරෙනැ යි තුන්දහස් පනුසිය සොළොසක් ප්රාකතිහාය්ය්නර් දැක ත් තමා රහතිමි යි යන මිත්ථ්යාළදෘෂ්ටිය නො හරනේ ම ය; මොහුගේ මිත්ථ්යා්දෘෂ්ටි නමැති ව්යාොධියට තෙසු පිළියමින් කම් නැත, මාගේ සද්ධර්ම නමැති දිව්යො ඖෂධ ය කොට මොහු ගොඩ නඟමි යි සිතාලා මුඛ නමැති කරඬුයෙන් නික්මුණාවූ සුවඳ ඩගඳින් වනළැහැබ අද ද කෙරෙමින් මධුර සවර විහිදුවා ධර්මදෙශනාවට පටන්ගත් සේක.
එ කෙණෙහි මාගේ සවාමිදරුවන් ආකාශ ගඬ්ගාව ගෙනහැර දක්වන්නා සේ, මහා නිධාන වස්තුවක් ගෙනහැර දක්වන්නා සේ, තමන්ගේ චරිතානුකූලවූ පරිද්දෙන් දෙශනා කර ත් කර ත් යෙළ දහසක් පමණ කෙලෙසුන් නසා දහසක් නයින් ප්රතතිමණ්ඩිත වූ සෝවාන් ඵලයෙහි පිහිටා අන්ධකාරයෙක පානක් නැඟුවා සේ, මෙලොව මෙ ය, රහතුන් නම් මූ ය, නො රහත්තු නම් මූ යයි විශෙෂයෙන් දැන බුදුන්ගේ ශ්රීන පාද ය තමන් හිස්මුදුනේහි තබාගෙන, දතිමි සවාමිනි! හැදින්නෙමි සවාමිනි! ශුද්ධෝදන රජ්ජුරුවන් පුතණුවෝ සිද්ධාර්ථ කුමාරයෝ නම් නුඹ ද, එ දා මහාමායා දෙවින් කුසින් බිහිවූ සේක් මහාබ්රඹහ්මයා අත රන්දැලට වැඩිසේක් නුඹ වහන්සේ ද, කාළදෙවලයන්ගේ ජටාන්තරයෙහි එ දවස් පෙනී ගියේ මේ ශ්‍රීපාදය ද, වසවත් මරහු පැරද පලා ගියේ නුඹ බුදුවූ දා ද, මහපොළොව ගිගුරුයේ නුඹ සව්නේ දත් වේලෙහි ද, බුදුව පළමු කොට ගැත්තවු ම දැක වදාළසේක් ද නුඹ බුදුකෙනෙක් නොවෙයි, බුදු වෙසින් මා කරා ආ දෑ මට මෑණි කෙනෙක, පියාණ කෙනෙක, ගුරුකෙනෙක, කල්යාෙණ මිත්‍රව කෙනෙක, මෙ තෙක් දවස් නුඹ බුදුවු බවු නො දත්තෙමි, නො හැඳින්නෙමි, ගැත්තවු නො දැන කළ වරද ක්‍ෂමාකොට වදාළ මැනව සවාමිණි”යි යනාදීන් බුදුනට ස්තුති කිය කියා ‘දැන් ම සවාමිණි! ගැති මහණවනු කැමැත්තේ ය”යි ආරාධනා කළහ. එ බසට බුදුහු ‘කාශ්ය්පයෙනි! තොපගේ පර්ෂදෙහි හා අදහස් දනුව’යි වදාළ සේක.
උරුවෙල කාශ්යඑපයෝ එ වේලෙහි පන්සියයක් ජටිලයන් කරා ගොසින් ‘දරුවෙනි! අපගේ ආශ්රටම පදයෙහි මෙතෙක් දවස් වෙස්වලා හුන් සේක් ලොවුතුරා බුදුහු ය. දැන් මම දනිමි, හැඳිනනෙමි, බණ ඇසිමි, බුදුන් තෙරෙහි මහණ වෙමි, තෙපි කුමක්කරාදැ’යි විචාළහ. පන්සියයක් දෙන ම නුඹ මහණවතොත් අපි දු අපි දු මහණවම්හයි කියා ජටාමඬුලු හා පන්සියයක් තවුස් පිරිකර ගඟ දියට දමා බුදුන් කරා දිව අවුදින් බුදුන් පිරිවරා සිටියහ. එ වේලෙහි සවාමිදරුවෝ පන්සියයක් දෙනාගේ චරිත බලා බණ වදාරා සෝවාන් කොට හැමදෙනම එහි භික්ෂභාවයෙන් මහණ කළසේක.
ගඟදියෙහි යන ජටාමඬුලු හා තවුස් පිරිකර යටි ගඟ වසන නදීකාශ්ය ප-ගයාකාශ්යතප දෙබෑයෝ දැක පන්සියයක් ජටිලයන් හා සමඟ අවුදින් මෙ පවත් දැන තුමූ ද ජටාමඬුලු කපාදමා බුදුන් දැක බණ අසා සෝවාන් ව එහි භික්ෂුභාවයෙන් ම පැවිදිවූහ. මෙසේ බුදුරජාණන් වහන්සේ ගයා නම් ගං හිස ගයා නම් පර්වත ය මුදුනට ගෙන ගොස් එහි දි ආදිත්යස පර්යායනම් වූ සූත්රන දෙශනාව කොට දහසක් දෙනා වහන්සේ ම රහත් කළ සේක
ඒ කාශ්යකප තුන් බෑ ආදිවූ දහසක් දෙනා වහන්සේ පෙර කෙසේ වූ පිනක් කොට....ඒ කාශ්යකප තුන් බෑ ආදිවූ දහසක් දෙනා වහන්සේ පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුසස්නෙක මහණවැ සසරින් ගැලවී නිවන් දුටුසේක් ද යත්:
සෙ තෙනට දෙයානු කපකින් යට උපන් ඵුස්ස නම් බුදුන් සමයෙහි මේ තුන් බෑයන් වහන්සේ ඒ බුදුන් සුළු මවුන්ට දරු ව මල්වූ තුන්බෑ රජ කුමරු ව තුන්මසක් බුදුන් පවරා මෙම පන්සියය, තුන්සියය, දෙසියය, මහා අමාත්යරයන් දහස හා සමඟ මහදන්දෙනිනාහු ඒ දහස හා සමඟ ම ඒ තුන්මස මුළුල්ලෙහි සිල් රක්ෂාකළාහුය. ඒ පිනින් ඒකානුකපක් මුළුල්ලෙහි දිව්ය් ලොක මනුෂ්යහලොක සුවවිඳ එක්ව ම ඇවිද මෙ කල අප බුදුන්ගේ ශාසනයෙහි මහණ ව අමා මහ නිවන් දැක සසරින් ගැලවුණු සේකැ යි දතයුතු.
ඉක්බිත්තෙන් බුදුහු ඒ උරුවෙල කාශ්ය්පාදි දහසක් රහතන් පිරිවරා, බිම්සර රජහට දුන් ප්ර තිඥාවෙන් මිදෙනු සඳහා දුරුතු මස මැදි පොහෝදා ප්ර දීප සහස්රායෙන් දිලියෙන පහන් ඇගෑයක් සේ රජගහා නුවරට තුන්ගවු පමණ තෙත වැල්මි වැල් වැළදි හෙයින් යෂ්ටිවන නම් තල්උයනට වැඩ එක් රුකක් මුල සවනක් රසින් දිලිහි දිලිහී දහසක් රසින් දිලියෙන හිරුමඬලක් සේ දහසක් තරු මැද දිලියෙන සඳමඬලක් සේ, දහසක් අකුරෙන් දිලියෙන සවර්ණාඬ්කුරයක් සේ, දහසක් මහරහතන් පිරිවරා වැඩහුන් සේක.
එ කල බිම්සර රජ්ජුරුවන් බුදුන් තමන්ගේ උයනැ වැඩහුන් පරිදි උයන්ගොවුවා අතින් අසා එක් ලක්ෂ විසිදහසක් ඇමැති බමුණු සිටු සෙනඟ ගෙන දිව අවුදින් සඳ සිසාරා සිටි සඳමඬුල්ල සේ ශ්රීෙ මුඛය සිසාරා වටින් සරියන් පමණ තෙන රැළි දිදි නොයෙක් පෑයෙක් සිටගත් බ්යා මප්රනභා මණ්ඩල ය මැද දිලියෙන ශ්රී ශරීර ය ඇති ව වැඩහුන් මාගේ සවාමිදරු වූ බුදුරජාණන් දැක පස්වනක් ප්රීපතින් පිනා පියුම් ගබකට බස්නා රාජහංසයකු සේ ශ්රීනපාදපද්මයට නැමී පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳගත්හ.
උරුවෙල කාශ්යනපයෝ නම් එ නුවර නැඳු ධ්වජයක් සේ ඉතා ප්ර සිද්ධයහ, ඒ කාරණයෙන් ඉන් සමහර පිරිසෙක් සිතන්නාහු ‘කිමෙක් දෝ හෝ මහණ භවත් ගෞතමයෝ උරුවෙල කාශ්යාපයන් නිසා වෙසෙද් දෝ හෝ, උරුවෙල කාශ්යලපයෝ මහණ භවත් ගෞතමයන් නිසා වෙසෙද් දෝ හෝ’යි සැක සිතුවාහු ය. බුදුරජාණන්වහන්සේ ඔවුන් සිතූ සිත් දැන මහතෙරුන් මුහුණ බලා:
කිමෙව දිසවා උරුවෙලවාසි-පහාසි අග්ගිං කිසකො ‘වදානො,
පුච්ඡාමි තං කස්සප එතමත්ථං-කථං පහීනං තව අග්ගිහුත්තං-යි
යන මේ ගාථාවවදාරා ‘උරුවෙල කාශ්ය-ප ය, තාගේ පර්ෂදෙහි සැක තෝම හර’යි වදාළසේක.
එ කෙණෙහි උරුවෙල කාශ්‍යාප නම් මහතෙරුන් වහන්සේ...එ කෙණෙහි උරුවෙල කාශ්‍යාප නම් මහතෙරුන් වහන්සේ හුනස්නෙන් පැන නැඟී බුදුන් කරා ගොස් ශ්රී පාදය වැඳ අවසර ඉල්වා ගෙන චතුර්ථධ්යාරනයට සම වැද ආකාශයට මහ තලක් පමණ පැනනැඟී නොයෙක් වාරයෙහි දුමා දිලිහි අන්තර්ධාන ව සක්මන් කොට නොයෙක් වාරයෙහි නොයෙක් ප්රාාතිහාය්ය් ර් දක්වාලා, තවද බුදුන් වැඳ මෙසේ ම දෙවරෙක-තුන්වරෙක-සතර වරෙක-පස්වරෙක-සවරෙක-සත්වරෙක-බුදුන් වැඳ, වැඳ, දෙතලෙක-තුන් තලෙක-සතර තලෙක-පස් තලෙක-ස තලෙක-සත් තලෙක පමණ ය යි ආකාශයට පැන නැඟී පෙර සේ ම පෙළහර දක්ව දක්වා ආකාශයෙන් බැස බුදුන් වැඳ සිංහරාජයකු පෙරට වැ සිටි ඇත්පැටවකු සේ ආදරයෙන් නැබුරුව සිට ‘අඥාන වූ සත්ත්වයෙනි! මාගේ සවාමිදරුවාණන් හා මා හා සමකොට නොසිතව; බුදුහු මහමෙර සේ ඉතා උස්වූ නුවණ ඇතිසේක, මම ලිප්කැටක් සේ මිටි නුවණ ඇත්තෙමි, බුදුහු මහමුහුද සේ ගැඹුරු වූ නුවණ ඇතිසේක. මම ගෝකුර පැන් සේ සවල්ප වූ නුවණ ඇත්තෙමි, බුදුහු මහ පොළොව සේ විපුල වූ නුවණ ඇතිසේක, මම තණපතක් සේ ලඝුවූ නුවණ ඇත්තෙමි, බුදුහු ආකාශය සේ ඉතා විශාරද වූ නුවණ ඇතිසේක,මම අංගුලි පර්වතයක් සේ ඉතා අක වූ නුවණ ඇත්තෙමි: බුදුහු සමපනස් යොදුන් හිරුමඬල වැනි සේක, මම කදෝකිමියකු වැන්නෙමි: බුදුහු උනු පනස් යොදුන් සඳමඬල වැනිසේක. මම දර්පණයක් වැන්නෙමි; බුදුහු සියක් යොදුන් උස ඇති පරසතුරුක වැනිසේක, මම කොබලීල පැළයක් වැන්නෙමි; බුදුහු යෙළ සියයක් යොදුන් ගරුඬරාජයා වැනි සේක. මම කැට කිරිල්ලක් වැනියෙමි; චක්ර.වර්ති රජකු හා චන්ඩාලයකු හා සම කරන්නා සේ, බුදුන් හා මා හා සම නො කරව, මාගේ සවාමිදරුවන් නිසා සංසාර සාගරයෙන් ගොඩනැංගෙමි, බුදුහු මට මවු සේක, පිය සේක, ගුරු සේක, සවාමිදරු සේක” යනාදින් අප්රපමාණ වූ බුදුගුණ එක්ලක්ෂ විසිදහසක් පමණ ඒ මහා සේනාවට ඇසෙන සේ කියා බුදුන් වැඳ එකත්පස්ව වැඩහුන් සේක.
එ වේලෙහි ඒ මහපිරිස මහතෙරුන් වහන්සේ කළ ප්රා තිහාය්ය් ර් දැක ඉතා මහත් වූ සාධුකාර කොට කුල්මත් වූවාහු “බුදුහු මහානුභාව ඇතිසේක, මෙසේවූ මිත්ත්යා දෘෂ්ටි ගෙන රහතුම්හයි බොහෝ කලක් ඇවිද්දා වූ උරුවෙල කාශ්යහපයන්ගේ දෘෂ්ටි බිද විශෙෂයෙන් ම දමනලදැ”යි ස්තුති කළහ.
එ කල මාගේ සවාමිදරුවෝ ඒකථා අසා ‘අද මේ මහ පිරිසට මේ අර්ථොත්්පත්තියෙහි දී පන්සියපනස් ජාතකයට පළමුවන ජාතක දේශනාව වූ මහානාරද කාශ්යනප ජාතකයෙන් බණ කියා මේ පර්ෂද දැන් ම සසරින් ගලවමි’යි සිතා වදාරා ‘උපාසකවරිනි! මොහු දැන් මතු දැමුයෙමි නො වෙමි, පෙර ත් මොහු දමා අපාය මුඛයෙන් ගැලවිමි’යි වදාරා මහ මේගබක් පළා සඳමඬලක් පානා සේ අතීත කථාව ගෙනහැර දක්වා වදාළසේක. ඒ කෙසේ ද යත්?
යට ගිය දවස මියුලු නුවර අඬ්ගාති නම් රජෙක් විය.....යට ගිය දවස මියුලු නුවර අඬ්ගාති නම් රජෙක් විය, ඔහුගේ රුජා නම් වූ ප්රි යවූ සුවක් ඇත, ඕ මනොඥවූ රූ ඇත්තී ය, සූක්ෂම වූ නුවණ ඇත්තී ය, අචල වූ ශ්රමධා ඇත්තී ය, තුදුස් ජාතියක් දන්නා ජාතිස්මරණ ඥන ඇත්තී ය, ඒ රජ දවස් පතා පස්විසි කරඬුවක් සුවඳ මල් හා සුවඳ පලඳනා දුවට දෙයි, මැදි පොහොයෙන් පොහොයට දන් දෙනු සඳහා දහසින් බඳ පියලි ද දෙයි, තෙමේ ද දැහැමෙන් සෙමෙන් රජකෙරෙයි.
මෙසේ වසන කල පොහෝ දවසෙක බණ කියන්නවුන් සොයා උයනට ගොස් මෙලෝ පරලෝ නැතැ යි මිත්ථ්යාසදෘෂ්ටි ගෙන වසන ගුණ නම් නුගුණ ඇති නිවටකු දැක චක්ර්වර්ති රජකු අතින් ම ඉල්විය යුතු චින්තාමාණික්යයයක් දුගියකු අතින් ඉල්වන්නා සේ බුදු කෙනකුන් අතින් විවාළයුතු වූ බණ ඒ නිවටා අතින් විචාරනුයේ ‘හිමි මෙලෝ පරලෝ පවු පින් විපාක විභාග ය විශෙෂයෙන් ම මට වදාළ මැනවැ’යි කී ය. ඒ නිවටා රජුගේ බස් අසා කන බත වැලි උකා ලන්නකු සේ, දකුණත කපන්නකු සේ, කියනුයේ ‘මහරජ කුමක් කියවු ද, මෙලොවෙක් පරලොවෙක් නැත, පින් නැත, පින් පල නැත, පවු නැත, පවු පල නැත, සුගති නම් නැත, දුගති නම් නැත, සත්ත්වයා මියගිය කල පඨවිපොළොවට වැද යෙයි, අපො දියට වැද යෙයි, තෙජො ගිනි හා එක්ව යෙයි, වායෝ සුළං හා එක් ව යෙයි, ජීවිතයෙක් නම් කිම්දැ’යි යනාදීන් තමාගේ මිත්ථ්යායදෘෂ්ටියෙන් බණ කියමි යි නො බණ කියා නොයෙක් ප්රථකාරයෙන් රජහු ගිවිස්සා මිත්යානදෘෂ්ටි නමැති මහ වනයේ ඇදලා පි ය.
එ වේලෙහි මහරජ ඔහුගේ දෘෂ්ටි ය ගෙන පින්පල නැති පසු වැඳිමෙන් කම් නැත්තේ වේදැ යි පළමු වැඳලා උන් රජ ඔහු කී බණෙහි අනුසසින් ඕහට ම අත්නඟා නො ලා මතු දුටුවක් දක්න මෝ වේ දැ යි කියා උයනින් ගොස් ඇතුලු නුවර තමාගේ දන්හල් බිඳ හෙළවා සියලු රාජධර්මයන් හැරපියා අධිකරණ අමාත්ය යන්ට පාවා දි පරලෝ නැති පසු මෙ ලොව ම සුවවිඳිමින් සිතා තමාගේ සඳහම් මහපායට පැනනැඟි පුර ස්ත්රිනන් රැස්කොට පඤ්චකාම අනුභවයට පටන්ගත.
මෙසේ කාමයෙන් ප්ර මාද වූ රජුට තුදුස් දවසක් ගියකල රුජා නම් ඒ දුවනියෝ මෙ පවත් අසා මපියාණන් ගත් දෘෂ්ටි ය අද බිදිමි යි සිතා ලා පන්සියයක් කුමරියන් හා කිරිමවුන් පිරිවරා තමන්ගේ මාලිගයෙන් බැස මහ පෙරහරින් ගොස් සඳවිමනකට වදනා සඳ දෙවු දුවක සේ පිය රජහුගේ සඳ නම් මහපායට වැද පියරජහු දැක වැඳ තමන්ට ලූ රන්පුටුවෙහි එකත්පස්ව උන්හ.
රජ දුවගේ රූප ශ්රීන දැක මහත් වූ ප්‍රේ ම ඇතිව ‘කිමෙක් ද මාගේ ප්රිඋය දුවණියන්! තොපට සළු පළඳනා මල් සුවඳ බඩු දවස් පතා ලැබේ ද, කෙළිවළන් ලැබේ ද, සිතට සුවඳැ’යි විචාළේය. දුවණියෝ කියන්නාහු ‘සවාමිනි මට කිසි සැපතකින් අඩුවෙක් නැත, ශක්රුයාගේ දුවට අඩුවෙන් වී නමුත් මට කිසිවෙකින් අඩුවෙක් නැත; බල, දන්වන්නෙක් ඇත; සෙට මැදිපොහෝදින ය, මා දන් දෙන මසු දහස මට අද දුන මැනවැ’යි කිහ. රජ එ බස් අසා සිනාසී ‘පුතණ්ඩ! පෙර තෙපි දන් පින් කෙරෙමි යි කියා බොහෝ රන් වල දැමූව, පේවස් රකිමි යි රෑ රෑ සයින් හෙව මලා ගිය මල් දමක් සේ වැහැර ගිය, ශරීරයට බොහෝ දුක් දුනුව, පිනෙහි පල තැන් ල, පවෙහි ත් පල තැන් ල, හ බැවින් පුතණ්ඩ! අද පටන් පින් නිසා දුක් නො ගනුව, දන් නිසා මස්සකුත් වියදම් නො කරව, මෙ ලොව ම සුව විඳ ගනුව’යි කීය.
ඒ රුජා නම් දුවණියෝ නම් සවල්ප වූ කෙනෙක් නොවෙති ....ඒ රුජා නම් දුවණියෝ නම් සවල්ප වූ කෙනෙක් නොවෙති අකුශල බලයෙන් ස්ත්රිණ ව උපන් බව මුත් පෙර කප්ලක්ෂයක් කල් පැරුම් පුරා බුදුකෙනකුන්ට අත් පා මෙහෙකොට සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් දිවග ලෙලවා මහ නුවණ ඇති වෙම්ව යි පඤ්ච සථානයකින් අග්රි වෙම්ව යි ප්රාුර්ථනාකොට ආ අප බුදුන්ට සසර ගෝ ව ඉපැද පිට දුන්, කකුළු ව ඉපැද දිවි පිදු, නොයෙක් ජාති සහස්ර යෙහි බුදුන්ට උපකාර කොට ආ, ජුණ්භාජාතක නානාච්ඡන්දත ජාතකාදි ජාති සහස්ර යෙහි බුදුන් අතින් ද උපකාර විඳ ආ, දැන් බුදු වූ ජාතියෙහි පවා ගිරි මෙඛලා නම් ඇතු දක්වා දණ බිම අන්වා ලුහුබඳවාපු තෙජස් ඇති, අභීරු වූ, අච්ඡම්භි වූ, අනුත්රාළසි වූ, අපලායී වූ, මාගේ සවාමිදරුවාණන් ඉදිරිහට දෙවදත්තයා මෙහෙයනලද නාලාගිරි නම් ඇතු දිවු දා තමන් වහන්සේ ලොවුතුරා බුදුන්කෙරෙහි කළ ප්‍රෙතමයෙන් බුදුන් පසුකොට පියා ඇතු පෙරටව සිට ඇත් මා මරා නමුත් මාගේ බුදුන නොමරව යි කියා ජීවිත පූජාකළාවූ අපගේ ආයුෂ්මත් අනඳ මහ තෙරුන් වහන්සේ ම ය. මෙ වැනි මහාත්මයන් බවා ස්ත්රීත ජාතියෙහි උපදවාපියන තරම් මේ අග් මුල් නැති සසරෙක් ම ය; නුවණැති ජනයන් විසින් මේ සසර හසරක් නො කළමනා ම ය.
එසේ හෙයින් ඒ රුජා නම් දුවණියෝ නම් තුදුස් ජාතියක් දක්නා නුවණ ඇතියහ, එයින් කියන්නාහු ‘සවාමිනි මෙලෝ පරලෝ නැතැයි නො වළදා මැනව, ඒගුණ නම් නුගුණයාගේ මිත්ථ්යාැදෘෂ්ටියහැරවදාළ මැනව, මෙලොවක් ඇත, පර ලොව ත් ඇත, මා බාල කෙල්ල යයි නොසිතුව මැනව, පෙරවිසූ කඳපිළි වෙළ දනිමි, කුසල් අකුසල් දෙදෙනාගේ වෙසෙස මා කියන්නෙන් ඇසුව මැනව: පූර්වයෙහි මම පුරුෂයෙකිමි, දැන් මා ස්ත්රිො වූයේ අකුශල බලයෙකින, නුඹ වැනි රජක්හට දු වූයේ කුශලබලයෙන, මම පෙර මෙ තෙනට තුදුස්වන ජාතියෙහි සවර්ණාකාර ව ඉපද අසත්පුරුෂ වූ පාපමිත්රවයන්ගේ සමවායෙන් පවෙකැයි නො දැන එක වාරයෙක පරස්ත්රිය සේවනයක් කෙළෙමි, ඒ අකුශල ය අලුයට ගිනිපුපුරක් සේ තිබියදී ඒ ජාතියෙන් ගොස් අනික් කුසලයකින් කොසබෑ නුවර ධනසිටක් ව ඉපද දන් පින් සමූහය පිධානයකින් වැසූ නිධානයක් සේ තිබිය දී ඒ සිටුකුලයෙන් මිය පෙරකළ පරදාරයෙහි පවින් රෞරව නම් නරකයෙහි වැටී දෙ දහස් අටසිය අසූකෙළක් හවුරුදු මුළුල්ලෙහි නරක දුක් විඳ කර්ම ශෙෂයෙන් අවුදින් හෙණ්ණුක නම් රට බලසම්පන්නවූ බැටළුපෝතකයෙක් ව ඉපද ගියෙමි. එ කල එළුපාලයෝ මොහු මතු බලසම්පන්න වුව මැනවැ යි කියා මාගේ සතරපය බැඳ සිටුවා ලා ස්ත්‍රීව ධූර් තකර්ම කළා වූ අකුශල බලයෙන් මා හඩ ව හඬ වා තිරිඟිපොලු ලාලා මැඬ බිජොද්ධරණ ය කළහ. ඒ ජාතියෙන් මිය මහවන මැදෙක වානර ව වදුරු රජක් හට පුත් ව උපන්මි, මවු වැදිරි මා උපන් වේලෙහි වඩාගෙන ‘හිමි තා පුතු බලගැ’යි කියාලා පියවඳුරා ඔරට වඩාලුව; වඳුරු මාගේ ම අකුශලබලයෙන් සනාමි යි කියා පළමුකොට ම බීජය කට ලාගෙන කඩා කාපී ය. තව ද ඒ ජාතියෙන් මිය සවර්ණ නම් රට ගෝ යෝනියෙහි අදනා ගොන් ව උපන්මි, එ සමයෙහිද එ ම අකුශල බලයෙන් පොලු ලාලා මැඩ බීජෝද්ධරණ ය කළහ. තව ද ඒ ජාතියෙන් මිය වැද්දන්ගේ රට ගෑනුන් නො ව පිරිමිත් නො ව නපුංසක පණ්ඩක ව උපන්මි. තව ද ඒ ජාතියෙන් මිය ශක්ර දෙවෙන්දුයාට පිට පිටම තුන්ජාතියෙක අගමෙහෙසුන් ව බපැද සිටුව කළ බොහෝ කුශල බලයෙන් දිව සැපත් ලදිමි. තව ද ඒ ජාතියෙන් මිය ගොස් ජවන නම් දිව්යැපුත්රසයක්හට අගමෙහෙසුන්ව තුන්ජාතියෙක ඉපද දිව්ය් ශ්රීඹ වූනිම්. එයින් සැව අවුදින් දැන් නුඹවහන්සේට දු ව රජ කුලෙහි උපන්මි. මෙසේ මා එක ජාතියෙක කළ පරදාර පවින් මේ ජාතිය දක්වා පුරුෂ ව්ය ඤ්ජනයක් නො ලදිමි, මෙයින් ගොස් ශක්රයපුර යෙහි මහෙශාක්යත දිව්ය්රජක් ව ඉපද ඒ පරදාර පවින් ගැලවෙමි, බොහෝ වූ සැපත් ලදිමි, මේ මේ කාරණයෙන් පවෙහි විපාකත් ඇත් ම ය, පිනෙහි විපාක ත් ඇ ත් ම ය, දැන් නුඹ මෙසේ වූ පරදාරාදි උදාරවූ පවු කොට නරකාදිවූ දුකින් මිදී කවරකෙලක නම් ඉසක් නඟන සේක් දැ යි බුදු කෙනකුන් සේ නිර්මලකොට අසාධාරණ ව එ රුජාවෝ පියරජහට මෙ ලෝ පර ලෝ ඇති බව් කියා බණ කීවාහු ය.
නුවර වැසියෝ ඒ බණ අසා සතුටුව හැමදෙන ම සාධුකාර දී ස්තුතී පූජා කළහ, රජ වනාහි දුවණියන්ගේ ළඳ බොලඳ වූ ප්‍රේමනීය වූ තෙපුල් අසා මහා සන්තොෂ වි ය; දරුවන් කියන බස් මවුපියන්ට ලඝුවන හෙයින් රජ තමාගේ මිත්ථ්යා දෘෂ්ටි ය නො හළුයේම ය.
ඉක්බිත්තෙන් රුජාවෝ මෙසේ ත් පිය රජහු ගිවිස්වා ගත නොහී ගව ද නො පසුබැස මපියාණන් නරකයට යා නො දී ගලවා ගොඩ නඟම්ම ය යි සිතා වීය්ය් ර් වඩා මහත් වූ කරුණායෙන් ඉතමන් හුන් රන්පුටුයෙන් පැන නැඟී සඳල්ලට බැස පියාණන් බල බලා හින්දදී ම මහ සෙනඟ ඇණිලාගෙන තවද කුමක් කෙරේ දෝ හෝ යි විස්ම ය වෙමින් සිටියදී ම, රත ‘තුල්දෙක නළල්තල මැද තබාගෙන රන්පියුමක් වන් මුවපියුමට බට නිල් බමරුන් සගළක් වැනි ශ්රීි දිගුපුල්වන ඇස්සඟළින් ආකාශය බලා “ලොකපාල දෙවියනි! මහාබ්රඇහ්මෙඉනි! මේ ලොවෙක් පර ලොවෙක් ඇත් නම්, ශ්රබඬාගුණයෙක් මාගේ ළෙහි පිහිටියේ නම්, උපන් තැන් පටන් මේ ජාතියෙහි සිහිනෙනු ත් බොරු නො කියෙම් නම්, පන්සිල් නො කඩකොට රැකීම් නම්, පොහොයෙන් පොහොයට පෙහෙවස් අඛණ්ඩකොට රක්ෂාකළෙමි නම්, කුලෙන් මහල්ලන් දැක්කදී පුටුවෙක වැද නුහුන්නේ නම්, මහණ බමුණන් දුටු කළ පෙර ගමන් කොට පෙර මඟදිම වැඳ ආ කරුණු විචාරා මහත් වූ ආදරයෙන් දන් පින් කෙළෙම් නම්, බඩසා කෙනකුන් දැක දැක බත් නො ලා නො කෑයෙම් නම්, කෙළි පිණිස ත් පස් පවු නො කෙළෙම් නම්, මපියාණන් වහන්සේගේ මේ රාජභවනයෙහි යමෙක් රාජද්රොනහයක් කොට වී නමුත් ආපදායෙක සිටියේ නම් ඔහු දැක ගලවා නො පියා බත් කන්නට රජගෙට නො ගියෙම් නම්, මේ ආදි ගුණ මා කෙරේ පිහිටියේ වී නම්, මේ ආදි ගුණයෙහි මම ද පිහිටියෙම් වීම් ‘නම්, ඒකාන්තයෙන් මේ ලොව ධර්මය මුල් වී නම්, ධර්මය ම පළමු ව ලොව අටගත්තේ වී නම්, ධර්මය ම වැඩි මහලු වී නම්, මෙ ලොවෙක් පර ලොවෙක් දෙව්බඹ කෙනෙක් ඇත්නම්, මේ මා කළාවූ සත්යල ක්රිඹයා බලයෙන් දැන් මා ඉදිරියෙහි පෙනීමට සහාය ව මට අනුබලව, මපියාණන් මේ මිත්යාාදෘෂ්ටි නමැති කටුබැද්දෙන් ඇද එළියෙහි ලා පියත්ව”යි කිය කියා යද යද දෙවුලොව දිසාවට වැඳ වැඳ සිටියහ.
එ කල අප මහා බෝධිසත්ත්වයෝ නාරද කාශ්යපප...එ කල අප මහා බෝධිසත්ත්වයෝ නාරද කාශ්යපප නම් බ්ර හ්ම රාජන් ව බපද ලොකාර්ථචය්ය්්ර්ායෙහි යෙදී මිනිස්ලොව බලා මේ රුජා නම් රාජ කන්යාථවන්ගේ ආරාධනා හා සත්යමක්රි යා දැක ඇගේ ගුණ බල දක්වමින් ඒ රජහු ගත් මිථ්යාේදෘෂ්ටි ය ද බුඳ හැර ලෝවැඩ කෙරෙමි යි සිතා බ්ර හ්මාත්මභාව ය අන්තර්ධානකොට ඝන රන් කඳක් සේ ප්‍ර්භා විහිදුනා පුරුෂ තාපස වෙසක් මවාගෙන නීල මෙඝකූටයක් වැනි වූ ජටාමඩුල්ලක් හා එහි පහළ විදුලියක් වන් ජටාන්තරයෙහි දිලියෙන රන් ඉද්දකින් හා සකසා සංවිධාන කොට හඳනාලද ප්රනචාලයමවූ වාක චීවරයකින් හා රුවන්මය වූ තරුපෙළින් විසිතුරු වූ, තිප් ඇති රජකමය වූ එකාංශකොට බහාලු දිවිමසකින් හා රන්මය වූ කදෙක දෙකෙළවර දිලියෙන මුතුසාළු දෙකකින් හා එහි තිබනලද ප්රෙවාලමය වූ පාත්රකයකින් හා රන්මය වූ පැන් කෙණ්ඩිකාවකින් හා දිලියෙන ඒ තවුස් පිරිකර කරට සතරගුලෙක කර නො ගෑවෙන සේ කර තබාගෙන මෙසේ මනොඥ වූ තවුස් වෙසින් චක්රරවර්තී. රජක්හු ගේ දොරටඑන සක්රුවනක් සේ සියක් යොදුනෙහි පටන් සියලු සතුන්ට පෙනි පෙනි දිලිහි දිලිහී දෙවන සඳක් සේ අවුදින් ඒ සඳ නම් පාය මුදුනෙහි ආකාශයෙහි සක්මන් කොට කොට සිටින්නාහුය.
එ කෙණෙහි ඒ රුජා නම් කුමාරිකාවෝ තාපසයන් දැක “ඒකාන්තයෙන් මූ තාපස කෙනෙක් නොවෙත් ම ය, සියලු සතුන් තවුස් වෙසෙහි පහදනා හෙයින් තවුස් වෙස් ගෙන මිනිස්ලොවට බටුවෝ ආනුභාව සම්පන්න එක්තරා දිව්යිරාජයාණ කනෙක් ම ය”යි සිතා සතුටුව මුලින් සිඳ හෙළූ රන්ලියක් සේ තාපසයන් වැඳ පෙරළි ගියහ. එ කෙණෙහ සත් යොදුන් මියුලුනුවර ඇළලී ගොස් හැම මනුෂ්ය යෝ දිව අවුදින් තාපසයන් පිරිවරා සිටගත්හ.
රජ ද බ්රවහ්මතෙජසින් වෙවුලා සිංහාසනයෙන් බැස එකත්පස්ව සිට කියනුයේ “තාපසයෙනි! තොපගේ ශරීරාලොකයෙන් මෙ නුවර හිරු උදයක් සේ එකාලොක ය. තොපගේ තපො ලීලාව බලා සතුටු වීමි, මා පෙර ඇසූ දුටුවිරූ ලීලාවෙක් නො වෙයි, තෙපි කොයි සිට අවු දැ”යි විචාළේ ය. බ්රාහ්මරාජයාණෝ සිතන්නාහු “මේ රජ පරලෝ නැතැ යි දෘෂ්ටි ගත, පරලෝ ඇති බැව් මෝහට කියා වාද උපදවමි”යි සිතා ‘රජ්ජුරුවෙනි පරලොව සිට අයිමි’යි කිහ.
රජ පරලොව ය යි කී බසට සිනාසී තපස් වී නම් ඒකාන්තයෙන් බොරු නො කියති, තාපසයෙනි! නො වළහා කියව, පරලොවකුත් ඇද්ද, මවු නම් පියෝ නම් ඇද්ද, පවු නම් පින් නම් ඇද්දැ යි විචාළේ ය. බ්ර හ්ම තාපසයෝ එ බස් අසා “බොලඳ වූ රජ මෙ ලොව ත් ඇත පරලොව ත් ඇත, මවු ත් ඇත, පියො ත් ඇත, සුගති ත් ඇත, දුගතිත් ඇතැ”යි කිය “තාගේ මේ බිලිඳි වූ දුව දන්නා කටයුතු ත් තෝ නො දනී ද, තෝ තිරිසනෙක්හි දැ යි කිහ.
එ රජ තව ද තමාගේ දෘෂ්ටි ය නො හැර එ බසට ත් සිනාසී මේ තාපසයා අද වෙහෙසෙමි යි සිතාලා “පරලොව ඇති බැවින්, තෝ පරලොව සිට ආ බැවින්, දැන් ම මසු පන්සියයක් මට ණය දීපියව, මම මතු තොපගේ පරලොවට ගියකල පොළී හා සමඟ මසු දහසක් දෙමි”යි කියලා තාපසයන් දිසාවට අත දිගු කළේය. එ බස් අසා බ්රසහ්මතාපසයෝ “නුවණ ඇති රජ! මම් තා සේ නො වෙමි, ණය දිමෙහි ඉතා තන්වැස්සෙමි, දිය යුත්තන් දනිමි, නො දියයුත්තන් දනිමි, සුඛිතයන්ට ණය දුන් කල දියුණු දක්වා දියයුත්තන් දනිමි, සුඛිතයන්ට ණය දුන් කල උන්ගේ බෑගෑපත් කම් දුටු කල ණය එළවා ගන්නා තබා තව ද තමා අතින් දී උන් රකිනා රිසි කෙරෙයි, එසේ හෙයින් දුඃඛිතයන්ට දී ලූ ණය හඳයක් නැතිවම වඳව යෙයි, එසේ හෙයින් තා දුඃඛිත තැනැත්තවුට දැන් මසු පන්සියයක් දීලා මතු දහසක් කෙසේ එළවාගනිම් දැ’යි කිහ.
රජ දුඃඛිත ය යි කී බසට කිපී එසේ ද මම දුඃඛිතයෙම් ද මාගේ මේ සත් යොදුන් මියුලු නුවර මහත් වූ සිරිසැපත් බල, මාගේ සිවුරඟ සෙනඟ බල, සොළොස් දහසක් පුරඟනන් බල, සඳ නම් පායා බල, මාගේ මේ භාණ්ඩාගාරවල උනු නොවන සැපත් බල, යනාදීන් මේ ආදි තමාගේ රජසිරි සැපත් පෑ, තපස්වී ව සිට තා බොරු කී සේ නො යෙදෙයි, අප වැනියොත් දුඃඛිතයෝ දැ යි’කියා බිණි ය.
තාපසයෝ එ බස් අසා...තාපසයෝ එ බස් අසා “තාසේ වූ දුඃඛිතයෙක් නම් රජ! මේ ලෝකයෙහි නැත, තාගේ මේ රජසිරි සැපත් තාගේ නො වෙයි, පින් නො කොට තබා ලා යන හෙයින් මේ හැම ම අනුන් සතු ය, රුවන් කෙතකට වැද අඟුරු උකාගෙන යන්නා සේ මෙසේ වූ පින් කෙත් වූ මිනිස් ලොව නමැති පින් රුවන් කෙතට වැද අකුසල් නමැති අඟුරු උකාගෙන තා යන්නේ නිකම් ම ය, දැන් තා කරත පවින් සංජීව-කාළ සූත්රා දි එක්සිය සතිස් නරකයෙහි වැටී පැසි පැසී දදා වියකි වියකි බොහෝ කාපයක් ගොඩක් නො දැක දුක් ගන්නා කල ඒ දුක් ඉවසාගත නොහී:
සචෙ ලහෙය්යංන සුගතිඤ්ච සම්පදං
කරොමි පුඤ්ඤං සහසා නිරන්තරං,
මුනින්දු රාජෙ ඟුවෙන විරිජිතෙ
නිබ්බාණ නිණ්ණොව රමාමි සාසනෙ-යි
කිය කියා හඬා ඇවිදිනෙහි ය, එ දා ඒ නරක මැදට ගොසින් මාගේ මසු දහස ඉල්වා ගන්ට යොදුන් සියයෙක සිටියවුන් ඇස් පිපිර යන ගිනි හෙයින් ණය ඉල්වා තා කරා වැද්ද නො හෙමි. ඉදින් එ දා වැද්ද හුණිම් නමුත් තාගේ කඩෙක් නැත, පිඩෙක් නැත, මස්සෙක් නැත, තෝ නරක දුක් ගනිත් දී මට නය දෙයි ද, තා හඬන හඬින් මා ණය දෙව යි කියන හඬ තට නො ඇසෙත් වුව, තාගේ බැගෑපත් හඬ ඇසූ කල අතින් මිළදී ත් තා ගලවා ගන්නා කරුණා උපද්දි, එසේ හෙයින් දැන් තට මා දුන් මසු පන්සියයෙන් එක් මස්සකු ත් මතු මට නො ලැබෙයි, මේ මේ කාරණයෙන් තා සේ වූ දුඃඛිතයෙක් නැතැ යි යනාදින් බණ කිය කියා නරක භයින් රජු වෙවුල්වා එක්සිය සතිස් නරක ය රජු පෙරට තබා ලූවා සේ, රජු එම විට ම නරකයට වැද ගියා සේ, භයගන්වා තැති ගන්වාපු දෑ ය.
රජුගේ මිත්‍යා දෘෂ්ටි ය ගිනි දුටු ළැව්ගින්නක් සේ, සුළං දුටු වලා කඩක් සේ, දිය දුටු කුණපයක් සේ, රජු කෙරෙන් අන්තර්ධාන වි ය, රජු තාපසයන් වැඳ ‘හිමි නුඹවහන්සේ මට මවුදෑ ය, පිය දෑ ය, ගරු දෑ ය, දෙව් දෑ ය, බඹ දෑ ය’යි කිය කියා නුඹ මා ම ගලවන නිසා වැඩි දෑ ය, නරක දුකින් මා ගොඩනැඟු දෑ ය, මෙ වේලෙහි පටන් මෙලොව දතිමි, මවුන් දතිමි, පියන් දතිමි, මිථ්යාකදෘෂ්ටි නමැති මහ වේ බැද්දෙන් සම්යවක්දෘෂ්ටි නමැති රජ මා වතට බැස සුවසේ ගමන් ගතිමි; මාගේ මේ රජ සැපත හැම නො තබා පින්කෙත වපුට හරිමි යි කියා සම්යේයක් මාරගයෙහි ගලා හිඳුවු ඉන්ද්ර ඛීලයක් සේ ස්ථීර ව රජ පිහිටා ගිය, බ්ර හ්මරාජයාණෝ ද මෙසේ ලොකාර්ථසාධන ය කොට තමන්ගේ බ්ර හ්මලොකයට ම ගියාහු ය.
මෙසේ මාගේ සවාමිදරු වූ බුදුරජාණන් වහන්සේ මේ නාරද කාශ්යසප ජාතක ය පූර්වාපරසන්ධි ගළපා චතුරාර්යසත්ය දෙශනාවෙන් නිම වා වදාරා “උපාසක ජනයෙනි! මේ උරුවෙල කාශ්ය පයා දැන් මතු දැමුයෙම් නො වෙමි, පෙරත් දැමීම් ම ය, ඒ අඬ්ගාති රජ නම් මේ උරුවෙල කාශ්යිපයෝ ය, බුහ්මඑරාජයාණෝ නම් බුදු වූ මම් ම වේදැ” වදාළසේක.
ඒ දෙශනාවගේ කෙළවර බිම්බිසාර රජ්ජුරුවෝ එකොළොස් නහුතයක් ඇමැතියන් හා සමඟ සෝවාන් ඵලයෙහි පිහිටා ගියහ, මෙසේ බුද්ධ වචනයෙහි නහුත ශබ්දය දශදහසක් සංඛ්යාිවෙහි වැටෙන හෙයින් එදා බණ අසන්නට ආ දොළොස් නහුතයෙකැ යි කියන ලද එක් ලක්ෂ විසිදහසක් මනුෂ්යකයෝ ම පළමුවන ඉමේ ජාතක ධර්ම ය අසා සංසාර සාගරයෙන් ගොඩනැංගාහු ය යි දතයුතු.
මේ බිම්බිසාර රජ්ජුරුවන් හා අමාත්යමයෝ පෙර කෙසේ වූ.....මේ බිම්බිසාර රජ්ජුරුවන් හා අමාත්යමයෝ පෙර කෙසේ වූ පිනක් කොට මෙසේ වූ බුදුරජාණ කෙනකුන් දැක චක්රිවර්ති රජක් හට පිසූ අග්ර් භොජනයක් ලබන්නා සේ අග්‍රෙ වූ ජාතක ධර්මය ලදින් අග්රකවූ නිවන් රස ලද්දාහු ද යත්:
මෙයට දෙයානු වන කප ඵුස්සා නම් බුදුන්ට මල්බෑ වූ තුන්බෑ රජුන් තුන් මසක් පවරා දන් දෙන සමයෙහි මේ බිම්සර රජ්ජුරුවෝ එසමයෙහි එක්ලක්ෂ විසිදහසක් පමණ අයකාමියන් ගෙන තුමූ ඔවුන්ට නායක වූ අයකැමි ව එ තුන්මස මුළුල්ලෙහි අප්රනමාද ව දන් විධානය කරවා අනුන් දෙනැ යි නො සිතා කමන්තෙන්ම දෙන දානයක් සේ ම සිතා ශ්රැද්ධාවෙන් ම දන් විධානය කළාහු ය. ඒ කුශල මූලයෙන් ම එකානුකපක් මුළුල්ලෙහි දිව්යදලොක මනුෂ්යාලොකයෙහි සම්පත් විඳ මේ ජාතියට අටවන ජාතියෙහි චාතුම්හා රාජික දිව්ය්ලොකයෙහි දිව්යජරාජ ව ඉපද අනූලක්ෂයක් හවුරුදු දිව්ය්ශ්රීෙන් දවස් යවා එයින් අවුදින් පිට පිට සත්වාරයෙක මෙසේ දඹදිව රාජ්ය ය කළහ. දැන් මේ ජාතියෙහි තුන්සියයක් යොදුන් අඟු-මගධ දෙරටින් හා අසූදහසක් මහ නියම්ගමින් හා සැදියා වූ මේ රජගහානුවර සොළොස් හැවිරිදි ව ඔටුනු පැලඳ එකුන්තිස් හවුරුද්දෙහි අප මහා ගෞතම බුදුන් දැක බණ අසා එ ම පර්ෂද් හා සමඟ එක් ව කළ පිනින් එකවිට ම සෝවාන් ව, එ තැන් පටන් සත්තිස් හවුරුද්දක් මුළුල්ලෙහි බුදුන්ට උපාසක ව මෙසේ සසැට හවුරුද්දක් ජීවත් ව අනුන්ගේ දන් සමසිත් ව විවාරලූ පිනින් අමාමහ නිවන් දැක සසරින් ගොඩනැංගාහු ය යි දතයුතු.
ඉක්බිත්තෙන් රජ්ජුරුවෝ බුදුන් සෙට දවසට පවරා බුදුන් ප්රමදක්ෂිණා කොට නුවරට ගියහ. දෙවනදා උදාසන ඇතුලුනුවර පිටි නුවර වසන අටළොස් කෙළක් පමණ මනුෂ්යුයෝ ම “ඊයේ බුදු කෙනෙක් අපගේ නුවරට අවුල’ අපගේ රජ්ජුරුවෝ බණ ය යි කියන දෙයක් ඇසූල නිවනැ යි කියන රසයක් බුදුහු බෙදා දුන්නුල, ඒ බුදුහු කෙසේ වූ කෙනෙක් දෝ හෝ, සුදු දෙයක් දෝ හෝ, නිවන් රස නම් කෙබදුවු රසයක් දෝ හෝ” යි එ නුවර ඇළල අලුයම් වේලෙහි පටන් මහ සෙනඟ නික්ම බුදුන් වැඩඋන් උයනට තුන්ගවු පමණ මඟ සිදුරෙක් නැති වි ය; උයන අවසරයෙක් නැති වි ය; මනුෂ්යතයෝ බුදුන්ගේ රූසිරි බල බලා ඇස් හයාගත නො හෙති, සිත් හයාගත නො හෙති, පා භයානක නො හෙති, බුදුන් සිඟා වඩනට මඟෙහි අවකාශයෙක් නැත, බුදුහු ජනයන් කෙරෙහි කරුණාවෙන් රූසිරි දිදී වැඩහිඳිනා සේක් ම ය.
එ දා බුදුන් සුන්බත් වන හෙයින් බුදුන්ගේ පුණ්යා නුභාවයෙන් සක්දෙවු රජහුගේ පාණ්ඩුකම්බල ශෛලාසන ය රත්කොට පූ යවටක් සේ කකියා ගිනි අළලින් ශක්රයයාගේ තුන්ගවු උස දිව්ය ශරීර ය සූවය්ය්ර්පාගකයෙන් තැවු ඉටිකඳක් සෙයින් කකියා පැනනැංග. එකෙණෙහි ශක්රඳදෙවෙන්ද්රැයා මරණ භයින් වෙවුලා ආසනයෙන් බිමට පැන කිමෙක් දෝ හෝ යි පරික්ෂාකරනුයේ තමා උපෙක්ෂා උවහොත් එ දා බුදුන් සුන්බත් වෙති යි දැන තරුණ වූ අභියුක්ත වෙසක් මවාගෙන සෝළු ලීයක් අතින් ගෙන තුරුනුවන් ගුණ අරහයා ස්තුති කොට කොට බුදුන් ඉදිරියෙහි සිටගෙන තමාගේ ශක්රාගනුභවෙයෙන් තුන්ගවු පමණ තැන සිටගත් ඒ සා මහපිරිස මුහුදු දිය දෙබේ කළ ගරුඬ රාජයා සේ දෙබේ කොට පියා දකුණ’ත ඔසවාගෙන හඬ ගා ඒ පිරිසට ඇසෙන සේ
දසවාසො දසබලො-දසධම්සවිදු දසහි වූ ‘පෙතො,
සො දස සත පරිවාරො-රාජගහං පාවිසි භගවා-යි.
මේ ආදින් බුදුන් ගුණ කිය කියා පිරිස් දෙබේ කොට බුදුන් පෙරට ව ලා පර්වත පළා දිවෙන කගවෙසන පෝතකයකු සේ පිරිස් පළා නික්මිණ.
එ කල මනුෂ්යපයෝ මේ තරුණ පුරුෂයාගේ....එ කල මනුෂ්යපයෝ මේ තරුණ පුරුෂයාගේ වික්ර ම හා රූප ශ්රී දැක “මේ දැරු ඉතා රිසියෙන, ඉතා බුහුටි කෙනෙක, මෙ වැනි තරුණ පුරුෂයකු මෙතෙක් දවස් මෙනුවර නුදුටු විරූම්හ, තෙපි කොයි සිට ආ කෙනෙක්දැ”යි විචාරති. එ කල ශක්රමයා:
යො ධීරො සබ්බධී දන්තො-බුද්ධො අප්පටිපුග්ගලො
අරහං සුගතො ලොක-තස්ස හං පරිවාරකො-යි.
මේ ගාථාවෙන් “මම තුන්ලෝ මුදුන් වූ බුදුන්ගේ දක්ෂවූ පක්ෂපාත එක් අභියුක්තයෙක්මි’යි කී ය.
එ කල බුදුරජාණන් වහන්සේ ශක්රලයා විසින් අවකාශ කොට දුන් ඒ මාර්ගයට දහසක් පමණ රහත් ගණයා පිරිවරා මුහුදු මැද රළ පෙළ දෙබේ කොට ගමන් ගත් සක්රුවනක් සේ ඒ පිරිස් මුහුදු මැදින් බැලු බැලූ සතුන්ගේ ඇස් නිවමින්, සිත් නිවමින්, ළය සනහමින්, රූ සිරින් දිලිහි දිලිහී වැඩ ඒ රජගහා නුවරට වන්සේක.
රජ්ජුරුවෝ වැඳ පෙරමඟට දිව බුදුන් වඩාගෙන ගොස් බුද්ධාසන පනවා වඩාහිඳුවා බුදුපාමොක් සඟපිරිසට මහදන් දී වළඳා අන්තයෙහි එකත් පස් ව හිඳ “සවාමීනි මෙතැන් පටන් ජීවිතාන්තය දක්වා තුනුරුවන් හැර වාසයකළ නො හෙමි, සිතූ යම් විටෙක ම දැක වැඳගන්නා කැමැත්තෙමි, යටිවන උයන ඉතා උර, මේ වේළුවන ය-කලන්දක නිවාප ය යි කියන ලද නම් දෙකෙකින් අලඬ්කාර වූ උයන ඉතා ළඟ; සිසාරා සිට ගත් නිල්වලා රැසක්වන් හුණවනයකින් පරික්‍ෂිප්තව ඉතා ක්ෂෙම වූ හෙයින් මේ වේළුවන ය යි කායනු ලැබෙ යි. කලන්දක නම් ලෙහෙනන්ට දෙන ලද නිවාප ඇතිහෙයින් කලන්දක නිවාප නම් වි ය.
ඒ කෙසේ ද යත්:
ගිය දවස එ නුවර ම රජකරන එක් රජෙක්.....ගිය දවස එ නුවර ම රජකරන එක් රජෙක් දවසෙක උයන් කෙළියට ගොස් සොළොස් දහසක් පුරඟනන් හා සමඟ උයන් කෙළිකෙළ රාබීමත්ව සලවට හෙව සවස නිදන්නට පටන්ගත. පුර ස්ත්රි හු රජු නින්දෙන් ප්ර ම ද වූ සේ දැක අපි දු කෙළිනි! දැන් කෙළුම්හ යි රජු හැරපියා මල්පලු බිඳ සවච්ඡනකදිව කෙළ හැවිදිනා හුය, රජහු නිදන වේලෙහි ගස් බිලියෙක වසන නයෙක් රජුගේ කටින් නික්මුණු සුරාපාන ගන්ධයෙන් කිපී බිලයෙන් පිටත් ව රජ දෂ්ට කෙරෙමි යි ළඟ ළඟා එයි; එ වේලෙහි මඟුල්සලවට අරග්ගත් වෘක්ෂ දෙවතාවා රජමෙළේනම් මාගේ උයන පාළු වෙයි සිතා ලේන වෙසක් ගෙන රජු කරා දිවගෙන අවුදින් කන්මුලට කොඳුරා රජු පුබුදුවා පී ය; එ කෙණෙහි නයා ආපස්සේ නමාගත, රජ තමා ළඟ සිට යන්නා වූ නයි දැක අද මේ ලේනා නිසා මුත් මාගේ ජීවිතය නැතැ යි ලේනා කෙරෙහි කළ ප්රෙ මයෙන් ‘මාගේ මේ රාජ්යැයෙහි ලෙහෙනකු මැරු සතෙක් ඇත්නම් දහස් ගණන් දඩ ගන්මි යි-වර්ග නසමි’යි කියා රට බෙර ලවා ඒ උයනෙහි ලෙහෙනන් හැම දෙනාට ම දවස් පතා වැටුප් තබා දින. එ තැන් පටන් ඒ උයන කලන්දකයන්ට නිවාප දෙන හෙයින් කලන්දක නිවාප නමුදු වි ය.
එසේ හෙයින් බිම්සර රජ්ජුරුවෝ ඒ උයන ඉතා රම්යි ය යි කියා පිළිගත මැනවැ යි ආරාධනා කොට ඒ ආරාමය නන්දනොද්යාපන ය සේ සරහා උයන පටන් රජගෙට ධ්වප පුන්කලස් අහස් වියන් ලද පස්මලින් සදා, බිම සුදු වැල්ලෙන් තවරා, බුදුන් වඩා ගෙන ගොස් සවර්ණභිංකාරයෙන් බුදුන් ශ්‍රීල හස්තයෙන් පැන් වත්කොට වේළුවනාරාම ය පිළිගැන්වූහ.
එ කෙණෙහි බුදුසස්න මුල් බටැ යි සතුටු ව රජුගේ අග්ර් වූ මර වැඩි දෙක තමා ඉස්මුදුනෙහි තබාලූ වේලෙහි මාගේ සවාමි මට ම හිතසේකැ යි සන්තොෂයෙන් සාධුකාර දෙන පක්ෂපාත වූ මිඬියක සේ මාගේ සවාමිදරුවන්ගේ පළමුවන වූ අග්ර විහාර ය මා මුදුනෙන් පිළිගතිමි යි ඉතා සතුටු ව මිකත් ගුගුරා පැනනැඟිය.
දඹදිවු තෙලෙහි පොළොව ගුගුරුවා පිළිගත්තා වූ විහාරයෙක්, මේ වේළුවනාරාමය හා මච්ජිකාසණ්ඩ නම් නුවර චිත්රන නම් සිටාණන් මහානාම නම් මහා සථාවිරයන්ට පිළිගැන්වූ අම්බාටක නම් උද්යා්නය හා මේ දෙක විනා අනික් තෙනෙක තැන් ම ය. තව ද ශ්රීා ලඬ්කාද්විපයෙහි මහමෙවුනා උයන හැර ලොළොව ගුගුරුවා පිළිගත් අනිත් විහාරයෙක් නැත් ම ය.
මෙසේ බුදුහු රජගහා නුවර වැඩි දෙවන දා වේළුවනාරාම ය පිළිගෙන වමිනෙය ජනයන් බල බලා වසනසේක. කියේ මැනෝ,
අකිලනෙ වේළුවනෙ විහාරෙ
තථාගතො තත්ථ මනොහිරාමෙ
නානා විහාරෙහි විහාසි ධීරො
වෙනෙය්යහ කාලං සමුදික්ඛමානො-යි
බුදුන් වේළුවනාරාම ය පිළිගෙන වසන කළ තුන් බුද්ධාන්තරයක් බත් පැන් නො ලත් සූවාසූදහසක් ප්රෙකතයෝ අවුදින් බුදුන් දැක බත් බැන් ලදින් සුඛිත වූහ. හේ කෙසේ ද යත්:
පෙර දෙයානු වන කප යට කී ඵුස්ස නම් බුදුන්ට.....පෙර දෙයානු වන කප යට කී ඵුස්ස නම් බුදුන්ට තුන්බෑ රජුන් තින් මසක් පවරා දන් දෙන සමයෙහි ඒ දන් පිසුවෝ සූවාසූදහසක් සත්ත්වයෝ ය. ඔහු දන් පිසනකල ආදිමුඛයෙහි දවස් ගණනෙක භය ඇති ව දන පිසුවාහු ය. පසුව ත් පසුව ත් දරුවන් අඬන වේලෙහි බාල සරුවනට දුන්නෙන් වරද නැතැ යි කිය කියා අග්රබ භොජන ය දරුවන් කවති; වළඳවා ඉතිරි පස ය වරදනැතැ යි කිය කියා තැමූ ද කති, මෙසේ කකා පසු ව පසු ව සරු නැති ව දුග් ගනනන කන්නෙන් වරද නැතැ යි කිය කියා දන්වැට අග්ර භොජනයත් කෑවාහු ය.
ඒ දන්වැට කෑ පවින් ඒ සුවාසූ දහසක් දන් පිසූ පරිවාර ජනයෝ ඒකානු කපක් මුළුල්ලෙහි නරක දුක් විඳ මේ භද්‍ර කල්පයෙහි ප්රෙ ත ලොකයෙහි ඉපද බත් නොලදින් පැන් නො ලදින් ඇවිදිනාහු, පළමුව බුදුහු කකුසඳ නම් බුදුන් බුදුවූ දා මොහොතක් කල් බුද්ධානුභාවයෙන් සා දුකින් මිදී නැවත ක්ෂුධාව ඩවැද ගත් වේලෙහි ‘මේ උතුමා බුදු වූ පමණෙකින් මොහොතක් කල් අප සා දුක් යපී ය, ඔහු කරා ගියමෝ නම් බත් ලැබ ප්රෙඅතදුකින් මිදෙම්හ’යි කියා සුවාසූදහසක් ප්රෙලතයෝ බෝමැඩට දිව දිව ගොසින් පෙනී “සවාමිනි! මෙ කප අටගත් දා පටන් බත් උළක් ඇසිනු ත් නු දුටුම්හ, පැන් බිඳක් නො ලදුම්හ, සා පිපාසායෙන් වෙවුලම්හ, අපගේ සා දුක් නිවුව මැනවැ”යි යාච්ඥා කළහ.
එ කල බුදුහු ඔවුන්ට බතක් තමන් වහන්සේ සමයෙහි නො ලැබෙන සේ දැක, කළ කම් බොහෝ සේ දැක, උපන් මහා කරුණා ඇති ව “ප්රෙකතයෙනි! තොපට දැන් බතෙක් නො ලැබෙයි” කිම් නම් ගින්නට ගිනි දැමුවා සේ මොවුන්ට දුක් බොහෝ ම ය යි සිතා ‘මතු කොණාගමන නම් බුදුකෙනෙක් උපදිති, උන් කරා යව, උන් අතින් විචාරව, ඔහු කියන්නාහු වෙද්දැ’යි වදාළසේක.
එ කල පෙුතයෝ ඒ බුද්ධාන්තර ය මුළුල්ලෙහි බත් නො ලදින් පසු ව ඒ කොණාගමන නම් බුදුන් බුදු වූ දා ද එ සෙයින් ම ගොස් බත් ඉල්ලුවාහු ය. උන්වහන්සේ ද ‘මතු කාශ්ය්ප නම් බුදුකෙනෙක් උපදිති, ඔවුන් කරා ගොස් විචාරව’යි වදාළසේක.
ඒ දෙවන බුද්ධාන්තරයෙහි ද බත් නො ලදින් කාශ්ය්ප නම් බුදුන් බුදු වූ දා ද එ සෙයින් ම ගොස් දැක බතට යාච්ඥා කළහ. ඔබ වදාරණ සේක්: දහසක් අවුරුද්දෙන් අඟලක් වඩනා පොළොව මෙයින් ආකාශයටත් සත් ගවුවක් වැඩී ගිය කල මතු ගෞතම නම් බුදුකෙනෙක් උපදිති, උන් සමයෙහි තොපගේ නෑ බිම්සර නම් රජෙක් රජගහා නම් නුවරෙක දි ඒ ගෞතම බුදුන්ට දන් දෙයි, එ කල ඔහුගෙන් තොපට බත් ලැබෙ යි වලදාළ සේක.
ප්රෙකතයෝ ඒ එන බුද්ධාන්තරයෙහි බත් ලැබෙයි, වදාළ බස් අසා සෙට ලබන බතක් සේ සිතා සතුටු ව ඒ බුදුහු අද බුදුවෙති යි සට බුදුවෙති යි කිය කියා මෙඝකාල ය ප්රාුර්ථනා කරන හැල් ලොවියන් සේ බුදුන් බුදුවනකල් බල බලා වැස බුදුන් බුදුවූ දා අවුදින් පෙනී රජගහානුවරට කවර දා වඩනා සේක් දෝ හෝ යි පරික්ෂා කරන්නාහු ඒ රජ්ජුරුවන් බුදුන්ට පළමුවන දාන ය දුන් දා සමාදන් වි ය නො හී, වෙළුවන ය බුදුන්ට පිළිගැන්වූ දා රෑ මධ්යීමරාත්රිවයෙහි ඒ සූවාසූ දහසක් ප්රෙ තයෝ බඩ පතු අල්වා සෙලුව සිට මහ හඬින් ගුගුරා රජුට හැම දෙන ම පෙනී ගියහ.
රජ්ජුරුවෝ උදාසනක් සේ බුදුන්කරා අවුදින් “සවාමිනි! ඊයේ රෑ මෙසේ වූ භයානක වූ සත්ත්වසමූහයක් මහ හඩින් හඩන්නා දිටිමි”යිකීහ. බුදුහු වදාරණසේක්: මහරජ ඔහු පෙර තාගේ නෑ සමූහයෙක, ඔහු දැන් ප්රෙුත යොනියෙහි උපන්නහ’යි උන් පෙර කළ පව් හා, නරකවල විදි දුක් හා, මේ බුද්ධාන්තරයෙහි බත් නොලත් බව හා, පෙර තුන් බුදුන් කී සවරූප හා, මේ පූර්ව කථාව දක්වාලා ‘තාගේ ප්රෙ ත නෑයන්ට අද පින් පෙත් දෙව’යි වදාළසේක.
එ දා බිම්සර රජ්ජුරුවෝ ඒ ප්රෙ’තයන් නමට බුදුන් ප්ර ධාන වූ දහසක් මහ රහතන්ට මහ දන් දුන්හ, එ දා ප්රෙ තයෝ සූවාසූදහසක් දෙන තුන් බුද්ධාන්අතරයක් මුළුල්ලෙහි බත් උළක් නො ගෑවුණාවූ කුස්පුර දිව්යනභොජන ලදින් පිනා එ දා රෑ ගොස් රජ්ජුරුවන්ට පිළ් නැතු ව පෙනුණාහ. රජ්ජුරුවෝ අනිද්දා උදාසන බුදුන් කරා ගොස් ‘සවාමිනි ප්රෙරතයෝ හැමදෙන ම බත් ලද්දාහු ය, නග්නයෙන් රෑ සිටියා දිටිමි’යි කීහ. බුදුහු ‘මහරජ ප්රෙෙතයන් ලබන්නේ දුන් දෙයක, නුදුන් දෙයක් නො ලැබෙත් ම ය; ඔවුන් නමට වස්ත්රි දන් දෙව’යි වදාළසේක.
එ දා රජ්ජුරුවෝ හැමදෙනා වහන්සේට ම පිළි සමගින් දන් දී පින්පෙත් දුන්හ. එ වේලෙහි ප්රෙසතයෝ සිව්යන වූ වස්ත්‍රෙ හා දිව්යි වූ සුවඳ විලවුන් හා දිව්යෙ වූ සම්පත් ලදින් සතුටු ව එදා රෑ රජ්ජුරුවන්ට දිව්යඳශරීරයෙන් පෙනී පසු දා බුදුන්ට ද එ සෙයින් ම පෙනුණාහ. බුදුහු සූවාසූදහසක් ඒ ප්රෙ තයන් ප්රෙනතලොකයෙන් ගලවා තිරොගුඩ්ඩ සූත්රස දෙශනාව කොට ඒ සූවාසූ දහසක් දෙනා ම අමා මහ නිවන් දක්වා සසරින් ගලවා වදාළ සේක.
මොහු හැමදෙන බුදුන්සතු දෙය කෑ පවින් මේ සා ප්රෙ තදුක් ගත්හ, දන් පිසූ පිනින් සසරින් ගොඩනැගී අමා මහ නිවන් දුටුවා හු ය යා දැන නුවණැත්තා වූ සත්පුරුෂ ජනයන් විසින් පවු පින් දෙදෙනාගේ විභාගය මෙසේ දැන විසිය යුතු.
තව ද ඒ රජගහා නුවරට නුදුරු තෙන කොලිත ය උපතිස්ස ය යි බමුණුගම් දෙකෙක්......තව ද ඒ රජගහා නුවරට නුදුරු තෙන කොලිත ය උපතිස්ස ය යි බමුණුගම් දෙකෙක් වි ය, ඒ දෙගම සත්මුත්තක් පරම්මරායෙහි ඔවුනොවුන්ට මිත්රෙ ව අවා වූ බ්රාුහ්මණසාර දෙකුලයෙක කොලිත උපතිස්ස නම් වූ පින්වත් බ්රාරහ්මණ කුමාරවරු දෙදෙනෙක් ඇත්තාහු ය. ඒ කොලිත නම් කුමාරයන් උයන් කෙළියට දිය කෙළියට නික්මෙන වේලෙහි අසුන් යෙදු රථ පන්සියයක් පමණ රන්සිව් ගෙවල් යෙයි, දෙදෙන ම පන්සියයක් පන්සියයක් පිරිවර ඇත්තා හු ය; දෙදෙන ම නොයෙක් ශිල්පයෙහි දක්ෂයෝ ය: කෙළිනළු බලන කල දෙදෙන ම සමඟ ම හිඳ බලන්නාහු ය, එකවිට ම සන්තේෂ වුවමනා සථානයෙහි සනතොෂ වෙත් ම ය; ස්තුති කළමනාවිට ම ස්තුති කෙරෙති; ප්ර්සාද දුනමනා කාලයෙහි එකවිටම ප්රතසාදත් දෙති.
මෙසේ මිත්‍ර ව වාසයකොට දෙදෙනාගේ ම නුවණ පිරි හුන් කල දවසෙක ක්රිිඩාමණ්ඩලයෙහි හිඳ දෙදෙන ම සංසාරයෙහි කල කිරි සන්තොෂ නුති ව ‘මේ කෙළි නම් සසරින් ගැලවී යන උපායෙක් නොවෙ යි, මෙ තැන් පටන් කෙළිනළු නො සොයා නිවන් සොයම්හ’යි මන්ත්රෙණය කොට කවුරුන් ගුරුකොට තපස්කරමෝදෝහෝයි පරීක්ෂකෛාට එ සමයෙහි රජගහා නුවර ලාභයෙන් යසසින් අග්‍රාව වසන සඤ්ජය නම් වූ පරිබ්රායජකයන්ගේ සවරූප අසා පන්සියයක් රථ හා පන්සියයක් සිවිගෙවල් හා පන්සියයක් දෙනා අත ගමට යවා පන්සියයක් අතැවැස්සන් හැරගෙන ගොස් ඒ සඤ්ජය නම් පරිබ්රා ජකයන්කෙරේ තවුස් වෙස් ගෙන කීප දවසක් උන් කෙරේ වැස තමන් මහනුවණැ’ති හෙයින් උන්ගේ සමයෙහි නිවන් මඟෙක් නැතැයි දෙැන මුළු දඹදිව ඇවිද නිවන් මඟ පානාතරම් ගුරු කෙනෙකුන් සොයන්නාහු දෙදෙනම එක්ව ගොස් යම් යම් කෙනකුන් අතින් පැන විචාරති, ඔවුන් විචාළ පැන කියහෙන්නෝ නැත; තෙසු ඇම දෙන විචාළ පැන මොහු දෙදෙන කියත්ම ය. මෙසේ දඹදිව තෙසැට දහසක් රාජධානිවල ඇවිද නිවන් මඟ පානා තරම් ගුරු කෙනකුන් නො ලදින් නැවත රජගහා නුවරට අවුදින් ‘අප දෙදෙනා අතුරෙන් යමෙක් පළමුව නිවන් මඟ දුටුමෝ නම් ඔවුනොවුන්ට කියම්හ’යි මන්ත්රමණය කොට වාසය කෙරෙති.
එ කල මාගේ සවාමිදරුවෝ පෙර කී ක්ර මයෙන් වැඩ වේළුවනාරාමයෙහි වසනසේක, පස්වග මහණුන් වහන්සේ අතුරෙහි අස්සජි නම් මහතෙරුන් වහන්සේ මුළු දඹදිව ඇවිද බුදුන් උපන් බරිදි බොහෝ සතුන්ට කියා ලෝවැඩ කොට නැවත බුදුන් කරා රජගහා නුවරට වැඩ වේළුවනාරාමයෙහි දී බුදුන් දැක එදා රෑ එහි ලැග අනික් දා උදාසන නුවරට වැඩ ගෙපිළිවෙළින් පිඬු සිඟන සේක.
එ කල පෙර කී දෙයාළුවන් අතුරෙන් උපතිස්ස නම් පරිබ්රා ජකයෝ උන්වහන්සේ සිඟන්නා දැක ‘මේ උපසමය ඉතා සන්හුන් වෙසෙකැ’යි දැක පැහැද පසුපස්සේ ගොස් ඔබ වළඳන වේලෙහි තමන්ගේ පරිබ්රාිජක පුටුව පිට වාඩිහිඳුවා වළදා අන්තයෙහි කෙණ්ඩිකායෙන් පැන් අතට ගෙන ලා මෙසේ පළමුකොට ඇදුරුවතින් ආදර දක්වා ‘සවාමිනි නුඹගේ ඉනද්රිුයයෝ ඉතාප්ර‘සන්නයහ, නුඹගේ කායවාක්සමාවාරයෝද මට ඉතා ප්‍රියයහ, එසේ හෙයින් නුඹ නිවන්මග දුටුහ යි සිතමි, හිමි! නුඹගේ ගුරු කවුරුදැ’යි විචාළහ. එ බසට තෙරුන් වහන්සේ ‘භවත! මාගේ ගුරු සවුනේ ගෙවා දත් බුදුරජය’යි වදාළසේක. පරිබ්රාකජකයෝ කියන්නාහු ‘සවාමිනි! එසේ වී නම් නුඹගේ ගුරුන් වදාළෙන් අවවාද පදයක් මට ද වදාළ මැනවැ’යි කීහ. අස්සජි මහතෙරුන් වහන්සේ ‘මේ පරිබ්රාදජකවරු නම් බුදුසස්නට ප්රෙතිපක්ෂයහ, එසේ හෙයින් මෝහට බුදුන්ගේ ධර්මය ගරු බව හඟවා භය ගන්වමි’යි සිතාලා ‘මම අභිනව යෙමි, භවත! දහම් ඉතා ගරු ය, විශෙෂයෙන් කියා තට හඟවාලීම මට පිළිවන්දැ’යි වදාළසේක. උපතිස්ස පරිබ්රාිජකයෝ එ බසට කියන්නාහු: සවාමිනි, මට බොහෝකොට වදාරා දුක් නො ගත මැනව, එක නයකින්සංක්ෂෙප කොට කිව මැනව, නුඹවහන්සේ එක නයින් කිවා මම සියක් දහසක් දසදහසක් ලක්ෂයක් නයින් විස්තරයෙන් සිතාගන්නා නුවණ ඇතියෙමි යි කීහ. එ කල මහතෙරුන් වහන්සේ:-
යෙ ධම්මා හෙතුප්පභවා-තෙසං හේතුං තථාගතො ආහ,
තෙසඤ්ච යො නිරොධො-එවං වාදී වහාසමණො-යි
චතුෂ්පදික මේ ගාථාවෙන් බණ වදාළසේක. එ කල උපතිස්ස නම් පරිබ්රාෂජකයෝ ඒ එක ගාථාවෙන් පළමුවන දෙපදයෙහි සොළොස්වන අක්ෂරයට වදාළ වේලෙහි ශතසහස්රො නයින් සද්ධර්මය කරතලාමලකයක් සේ දැන සෝවාන් පෙලෙහි පිහිටා ගියහ; අත්ත දෙපද ය සෝවාන් ව සිට අසා සාධුකාර දුන්හ.
මේ ගාථාවගේ කෙළවර: සවාමිනි, මට නුඹවහන්සේ ගේ ගුණ ත් දනී ගිය, බුදුනගේ ගුණත් දනී ගිය, සියලු සද්ධර්ම සාගරය ත් පෙනී ගිය, එ තෙකින් මට බණ වදාරා ආයාස නො ගත මැනව, මාගේ බුදුහු දැන් කොයි දැ යි විචාරා ඒ වෙළුවනාරාමයෙහි වැඩඋන් සේකැ යි අසා තෙරුන් වහන්සේ පසඟ පිහිටුවා වැදලා සමු ගෙන කොලිත පරිබ්රාවජකයෝ බුදුහු ය යි යන බස හා නිවනැ යි කි බසට ලොමු දැහැ ගන්වා සතුටු ව තොප ඇසූ බණ මට ත් කියව යි කීහ. උපතිස්සයෝ තමන් ඇස ගාථාව නො වරදවා කීහ; කොලිත පරිබ්රාවජකයෝ ඒ ගාථාව අසා නිමි වේලෙහි අන්තාක්ෂරය හා සමඟ සෝවාන් ව බුදුහු දැන් කොයිදැ යි විචාරා වේළුවනයෙහි යයි අසා ‘අපගේ ගුරුන් සඤ්ජය පරිබ්රාවජකයන්ට ත් අප ලද නිව න්රස දෙම්හ’යි ඔවුන්ගේ ආරාමයට ගොස් බුදුන් උපන් පරිදි කියා ‘අපි දැන් බුදුන් කෙරේ මහණවන්ට යම්හ, අප හා සමඟ අවුදින් බුදුන් කෙරේ මහණ වුව මැනවැ’යි කැඳවූහ. සඤ්ජය පරිබ්රා්ජකයෝ: ‘පෙර බොහෝ කලක් මම් බොහෝ දෙනාට ගුරුකම්කොට ඇවිද්දෙමි, පසු ව දැන් භවත් ගෞතමයන් කරා ගොස් උන් කෙරේ මහණ ව උන් කෙරේ මහණ ව උන්ට අතවැසි විම් නම් සැළක් ව පසු ව සාළුවක් වූවා වැන්නෙමි. එසේ හෙයින් මම් ඔවුන් කරා නො යෙමි, මෙලොව අඥානයෝ බෙහෙව, නුවණැතියෝ මඳහ, අඥානයෝ අඥාන වූ මා කරා එති, නුවණැතියෝ නුවණැත්තාවූ භවත් ගෞතමයන් කරා යෙති, එසේ හෙයින් මාගේ පර්ෂදම බොහෝ වෙති, මම් නො යෙමි’යි කියා නො ගිවිස්සාහු ය.
ඉක්බිත්තෙන් කොලිත - උපතිස්ස දෙදෙන ආචාය්ය් ර්යෝන් නො එක් ලෙස කැඳවා නො ගිවිස්නා හෙයින් ‘බුදුන් කරා අපි යම්හ’යි කියා නික්මුණෝ ය. ඒ කෙණෙහි සඤ්ජය පරිබ්රාහජකයන්ගේ පන්සියයක් පර්ෂද් එකකුත් නො රදා ආරාමය සිස් කොට දෙදෙනා හා කැටිව නික්මුණාහු ය. සඤ්ජය පරිබ්රාටජකයෝ සිස් වූ ආරාම ය දැක ළෙන් පැන නැඟී ශොක හැල්ලෙන් හුණු ලේ හැල්ලක් ඟො පීහ. එ වේලෙහි ඒ පන්සියයක් පර්ෂදින් දෙසියපනස් දෙනෙක් ගුරුන් කෙරෙහි කරුණායෙන් රඳාපිහ; අනික් දෙසිය පස්දෙනා හැරගෙන දෙනෙ ම වේළුවනාරාමහට නික්මුණාහ.
එ දා බුදුරජාණන් වහන්සේ සිවුවනක් මහ පිරිස් පිරිවරා...එ දා බුදුරජාණන් වහන්සේ සිවුවනක් මහ පිරිස් පිරිවරා බුද්ධාසන මුදුනෙහි රන්කඳක් සේ දිලිහි දිලිහී වැඩහිඳ බණවදාරණසේක් දුර එන්නාවූ ඒ කොලිත-උපතිස්ස දෙයාළුවන් දැක බණ අසන්නාවූ සඟපිරිසට ආමන්ත්රිණය කොට ‘මහණෙනි මා කරා එන තෙල පරිබ්රා්ජකවරු දෙදෙන මාගේ ශාසන ය නමැති දිව්යරරථ ය අලඬ්කාර කරන්නාවූ දිව්යශචක්ර යුග්මයක් සේ මාගේ අගසවුදෙදෙන වේ දැ’යි වද්රඑරා වැඩඋන්සේක. එ කලපරිබ්රායජක දෙදෙන බුදුන් කරා අවුදින් පසඟ පිහිටුවා වැඳ එකත්පස් ව හිඳ ‘සවාමිනි! නුඹ වහන්සේගේ ශාසනයෙහි පැවිද්ද ලබමෝදැ’යි විචාළහ. එ කෙණෙහි බුදුහු දක්ෂිණ ශ්රී හස්තය දිගුකොට:- “එථ හික්ඛවෙ සවාක්ඛාතො ධම්මො, චරත බ්රගහ්මචාරියං සම්මා දුක්ඛස්ස අත්තකිරියාය” යි වදාළසේක. එ කෙණෙහි හැම දෙන ම සෘධිමය වූ පාත්රාො සිවුරු ලදින් වර්ෂ ශතයන් ගුණධර්ම පිරූ මහතෙර පෙළක් සේ වැඩහුන්සේක.
ඉක්බිත්තෙන් බුදුහු ධර්මදෙශනා කළසේක,-අගසවු දෙදෙනා වහනසේ හැර අනශෙෂ වූ දෙසියපනස් දෙනා වහන්සේ ම රහත් වූ සේක. මුගලන් මහතෙරුන් වහනසේ මහණ වූ සත් දවසින් මගධරට කල්ලවාල නම් ගමදි බුදුන විසින් දුනනාවු ධාතුකර්මසථාන ය අසා සෙදගැමි-අනගැමි-අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ ශ්රාසවක පාරමිතා ඥනය මස්තකප්ප්රානති කළසේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද මහණ වූ පසළොස් දවසින් බුදුන් හා සමඟ එම රජගහා නුවරට නුදුරු තෙන හුරකළ නම් ලෙන වසනසේක් දීඝනඛ නම් පර්බ්රාුජකයන් එ ම ධර්මනෙසෙවි සාමීන්ගේර ම බෑනණුවන්ට වෙදසා පරිග්ර්හ නම් සූත්රා දෙශනාව බුදුන් දෙශනා කරන දා ඒ දෙශනාව අසාඅනිකක්හට ලන බතක් උදුරා ගෙන කන්නා සේ තමන් වහන්සේ ද සෙදගැමි - අන ගැමි - අරහත් යන තුන් මාර්ගඵලයට පැමිණ අග්රඅ ශ්රාහවක ඥනයෙහි මුදුන් පැමිණිසේක.
ඉක්බිත්තෙන් එම දා සවස වේළුවයනාරාමයෙහි දී ශ්රා වක ගණයා රැස්කොට සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේට අගසවු තනතුරු දී එම දා නවම් මස මැදිපොහොයෙහි ඵුස්ස නම් යොගයෙන් මෙසේ මැදිපොහොයක් හා හැම සවුවන් නො කැඳවා රැස්වීමක් හා හැම සවුවන් එහි භික්ෂුභාවයෙන් ම පැවිදි වූ බවක් හා හැම සවුවන්ම රහත් වූ බවක් හා මෙසේ වූ චතුරඬ්ගයෙන් යුක්ත ව වැඩහිඳ එක්දහස් දෙසියපනස් මහරහතන් හා සමඟ අනන්තාපය්ය්්ර්න්පත වූ රජ පිරිස් පලඳනා ලද මුක්තාහාරයක් බඳු වූ අනන්තාපය්ය්රර්න්තත වූ බුදුන් විසින් මුඛාලඩ්කාර කරනලද:
සබ්බපාපස්ස අකරණං-කුසලස්ස උපසම්පදා,
සචිත්ත පරියොදපනං-එතං බුද්ධාන සාසනං.
යන මේ ගාථාරත්නයෙන් අලඬ්කාර කොට පොමොක් දෙසා වදාළසේක:
එ තැන් පටන් ඒ සැරියුත් මුගලන් අගසවු දෙදෙනා වහන්සේ බුදුසසුන් නමැති ආකාශ ය හොබවා ඇවිදිනා හිරු සඳු දෙදෙනා සේ බුදුන්ට අනුව බුදුසසුන් හොබවා වදාළසේක.
මේ අගසවු දෙදෙනා වහන්සේ පෙර කෙසේ වූ පින් කොට මෙසේවූ බුදුකෙනකුන් වහන්සේට අග්රපශ්රානවක වූ සේක් ද යත්:
මෙයට එකාසඬ්ඛ්යෙසය කප් ලක්ෂයකින් යට අනොම දස්සි බුදුන් සමයෙහි....මෙයට එකාසඬ්ඛ්යෙසය කප් ලක්ෂයකින් යට අනොම දස්සි බුදුන් සමයෙහි සැරියුත් සවාමි සරද නම් තාපස ව සූසැත්තෑ දහසක් තපස්වින් පිරිවරා හිමාලය වනයෙහි පන්සලෙක වැස ලක්ෂයක් රහතන් හා සමඟ තමන්වහන්සේගේ පන්සලට වැඩි බුදුන් දැක පැහැද වන මුල් වන ඵලාහාර වළඳවා ලක්ෂයක් මල් ආසන පනවා සතර ගවුවක් උස මලස්නෙක බුදුන් වඩා හිඳුවා තුන් ගවු උස මලසුන්වල සෙසු ලක්ෂයක් රහතන් වඩා හිඳුවා බුදුන් සිරසට මහත් මල්කුඩයක් මවා ඒ කුඩ ය අතින් අල්වාගෙන සත්දවසක් නිරාහාරයෙන් බුද්ධාලම්බන ප්රීාතීන් සිට ධ්යාවනසුවයෙන් වැඩඋන් බුදුන්ට මෙසේ පූජාකොට සිට සත්වනදා අගසවු දෙදෙනාබුදුන් අභිමුඛයේ හිඳ වදාරණ බණ අසා “මම ද බුදුකෙනකුන්ට අගසවු ව මුන් වහන්සේ සේ ම නුවණැති ව බණ නිමවා දැන කියන්නවුන් කෙරෙහි අග්රිවෙම්ව’යි කියා ප්රාකර්ථනා කළසේක. බුදුහු ද විවරණ පතුල් දුන්සේක.
තව ද මුගලන් මහතෙරුන් වහන්සේ ද එ ම සමයෙහි ඒ සරද තාපසයන්ගේ ගිහි යහළු වූ සිරිවඩ්ඨන නම් සිටු ව මෙ පවත් අසා මම ද මාගේ යහළුවාණන් වහන්සේ කළ ප්රාවර්ථනාව කෙරෙමි යි සිතා නිලුපුල් මලින් මණ්ඩපයක් තිමවා ඒ බුදුන් ප්රාධාන වූ එක්ලක්ෂ සූසැත්තෑ දහසක් රහතන් පවරා වඩා හිදුවා සත්දවසක් මහ දන් දී ‘මම ද මතු බුදුවන කෙනකුන්ට ද්විතිය ශ්රාසවක වෙම්ව’යි ප්රාදර්ථනා කළසේක. මෙසේ ඒ දෙදෙනා වහන්සේ එ කල පටන් එකාසඩ්ඛ්යෙූය කප් ලක්ෂයක් මුළුල්ලෙහි ම ඔවුනොවුන් හා මනුෂ්ය්ලොකයෙහි සම්පතුත් එක් ව ම විඳ මේ බුද්ධොත්පාද කාලයෙහි කොලිත-උපතිස්ස නම් උතුම් වූ බමුණු කුලයන්හි ඉපද එ සමයෙහි එක් ව කළ කුශල බලයෙන් ම අප මහාගෞතම කම් බුදුරජානන්ට අග්රකශ්රා වක ව ශාසන නමැති දිව්යත රූබයෙහි නිර්මිත වූ දිව ඇස් දෙකක් සේ ශොහමාන වූ සේකැ යි දතයුතු.
තව ද ඒ මතු නො වෙයි.මේ දෙදෙනා වහන්සේ මාගේ සවාමිදරුවන් පාරමිතා භූමියෙහි ඇවිදිනා කල ද පාරමිතා නමැති රථය සුවසේ ගෙන යන රථ සක් දෙකක් සේ ම බුදුන්ට ද උූපකාර ව බුදුන්ගෙන් ද උපකාර ලදින් අනුබලව ම වාසයකළ හෙයිනු ත් බුදුහු ඔබ ම අගසවු කලසේක් ම ය. කෙසේ ද යත්:-
සරහඬ්ග ජාතකයෙහි ස්වාමිදරුවන් සරහඩ්ග නම් ශස්ත්රැ ව ලොව බුද්ධොත්පාද කාලයක් සේ කරන සමයෙහි සාලිස්සර ය කිසවච්ජ ය යි යන අතවැසි මහ තවුස් ව බෝසතුන්ගේ සිත් සේ වාසය කළ සේකු ත් මේ සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ම ය.
තව ද චුල්ලසුතසොම ජාතකයෙහි මාගේ සවාමිදරුවන් සුතසොම නම් රජ ව රාජධර්මයන් හා සත්යිපාරමිතාව පුරණය කරන සමයෙහි ද ජ්‍යොෂ්ඨ වූ පුත්රා ව, ජ්යෙමෂ්ඨ වූ සෙනාපති ව, අනුබල ව, පක්ෂපාතව, කීකරුව, විසූ සේ කු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද විනීල ජාතකයෙහි මාගේ සවාමීදරුවන් හංසරාජ ව ඉපද හීන ජාතියෙහි ඇත්තවුන් මනා උපකාරයක් ලත් කල උත්සන්න වන පරිදි හින ස්ත්රී න් හා සමඟ ත් උත්තමයන් ගේ සංවාස ය වෙ යි කියා කාමයෙහි ආදීනව දක්වන්නාවූ සමයෙහි ද ප්රි ය පුත්‍රී වූ හංසපොතක ව ඉපද පියාණන් වහන්සේ මිනිස්ලොව ඇවිද්ද නො දී ප්රෙකම සහිතව විසූසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද කූරුඬ්ගමිග ජාතකයෙහි සවාමිදරුවන් කූරුඩ්ග නම් මුවරජ ව ඉපද හීන වූ මිත්රියාගේ ත් විශවාසය උතුම් ම ය යා මිත්රජධර්මයෙහි බල දක්වා වදාරන සමයෙහි ද කෑරල ව ඉදිබු ව ඉපද බෝසතුන් මල බැදි ගිය දා ජීවත ය රක්ෂාකොට වදාළසේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද මාගේ බුදුරජාණන් වහන්සේ ව්යාටඝ්රය ජාතකයෙහි වෘක්ෂ දෙවතාව ඉපද පාරමිතා ධර්මයන් පූරණය කරන සමයෙහි ද සිංහ ව ව්යාපඝ්ර් ව ඉපද ඔබ වසන ඒ මහවනයෙහි කිසිකෙනකුන් අත්තක් කපාලිය නො දී මිත්ර්කම් කළසේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද කුරුධර්ම ජාතකයෙහි සවාමිදරුවන් දාන පාරමිතාව හා ශීල පාරමිතාව පරිශුද්ධ කොට රක්ෂා කරන සමයෙහි ද සිටු පුත්රර ව ද්රොදණමාණවක නම් ඇමැති ව බෝසතුන්සේ ම පඤ්ච ශීල ය රක්ෂා කොට ධර්මයෙන් විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේම ය.
තව ද ශශජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ ශශරාජ ව ඉපද ශීලපාරමිතාවෙහි කෙළ පැමිණ සඳමඬලේ බැබැලුණු සමයෙහි වානර ව ශෘගාල ව එක් ව සිල්රක්ෂා කොට බෝසතුන් ගේ අවවාද නො ඉක්ම මිත්රඑ ධර්මමය රක්ෂා කොට කිකරු ව විසුසේ කු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද කක්කාරි ජාතකයෙහි දශබලධාරි වූ තිලෝගුරු මාගේ බුදුරජාණන් තවුතිසා දිව්යයභවනයෙහි දිව්යගරාජ ව ලොකාර්ථචය්ය්ණර්ාව පූරණ ය කොට මෘෂාවාදයෙහි ආදිනව පෑ ලොව භයගැන් වූ සමයෙහි යහළු වූ දිව්යයරාජයන් ව ඉප ද බෝසතුන් හා සමඟ ලෝවැඩ කොට ඇවිදි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද සත්තුභත්ත ජාතකයෙහි මෙම භාග්යථවත් වූ බුදුරජාණන් වහන්සේ සේනක නම් පණ්ඩිත ව ප්රුඥපාරමිතාවේ බල දක්වන සමයෙහි ආයුරක ය පුක්කුස ය යි යන අතැවැසි පණ්ඩිත ව ඔබ ම ගුරුකොට කීකරුව විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද තිත්තිර ජාතකයෙහි ද්විපදොත්තම වූ මාගේ සවාමිදරුවන් වටු ව ඉපද පවා වෙදත්රක ය නිමවා දැන දඹදිව වේද දන්නන් කෙරෙහි අග්රදව දිසාපාමොක් ආචාය්ය්ිර්වෑ මහ වන මැද පන්සලෙක වාසය කොට බොහෝ ඇතැවැසියන්ට ශිල්ප දී ප්රෙඥපාරමිතාවෙහි සාර ය මැඩගන්නා සමයෙහි එ වෙනෙහි සිංහ ව්‍යාඝ්‍රව දෙ යාළුව ඉපද වටු වූ බොධිසත්ව ආචාය්ය්සර්යසන් කරා අවුත් අවවාද ඉගෙන ගෙන එකාවනුව සෙවන ය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද බිළාල කොසිය ජාතකයෙහි සවාමිදරුවන් ශක්රක දෙවෙන්ද්ර ව ඉපද අශ්රයඬා සතුන් දමා ලොභ හරවා දන්සොඬ කරවා ලොකාර්ථචය්ය්වර්ාව පූරණය කළ සමයෙහි චන්ද්ර්-සූය්ය්ොර් සිව්යයපුත්රළව ඉපද උන්වහන්සේට අනුබල සහායව මිනිස්ලොවට ආ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද චතුපට්ඨාන ජාතකයෙහි සවාමිදරුවන් එක්තරා එක් ගසෙක රුක්දෙවි ව ඉපද සිව්ය්ධර්මයන් පූරණය කරන සමයෙහි ද ඤිත්රෙකූට පර්වතයෙහි දෙබෑවූ රන්වන් හංසව ඉපද ගොදුර සොයා යන එන කල බෝසතුන් වසන ගස සැතපි සැතපි ගොස් මිත්‍ර ධර්මය නො නසා කථා කොට ප්රිංයයෙන් අවවාද ලදින් ඇවිදිනසේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද හස්තිපාල ජාතකයෙහි මාගේ ශාක්ය සිංහයාණන් වහන්සේ හස්තිපාල නම් කුමාර ව ධන හැර ගොස් පැවිදි ව ශීල පාරමිතාවෙහි මුදුන් දැක ධ්යා න කෙළි කෙළනා සමයෙහි අශ්වපාල නම් ගවපාල නම් කුමාරව බෝසතුන් හා සමඟ ම රජය හැර ගොස් මහණ ව ධ්යාරන කෙළි කෙළි සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද ජවන හංස ජාතකයෙහි මාගේ ශිරොමාණික්ය වූ බුදුරජාණන් වහන්සේ ජවන හංසරාජව ඉපද ඉරු හා ශීඝ්රි ජවයෙන් යුද්ධකොට ඉරු පරදවා ඉතා මහත් වූ වික්රඝම දක්වා සතුන්ගේ ආයුසංස්කාරය ඉතා ශීඝ්රල ව ගෙවෙන පරිදි නොයෙක් උපමාවෙන් දක්වා ලෝවැසියන් මරණයෙහි භයගන්වා කුශල මාර්ගයෙහි පිහිටුවා ලූ සමයෙහි මල්බෑ වූ හංසපොතකව ඉපද හිරුගේ තෙජො ගින්නෙන් දා මියන වේලෙහි බෝසතුන් නිසා ම ජීවිතය ලදින් ජීවිතාන්තය දක්වා ඔවුනො’වුන්ට උපකාර ව විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද ඛන්ඩහාල ජාතකයෙහි මාගේ ලොකාධිපතිවූ බුදුන් ඤන්ද්රව නම් කුමාර ව ඛණ්ඩහාල නම් දෙවදත්තයාගේ බන්ධනයට පැමිණ මරණ ප්රානප්ත වූ සමයෙහිද සූය්ය්්ර්ගෝ ත්‍රන නම් චන්ද්රමගෝත්රන නම් සහොදර කුමාර ව ශක්‍රයාගේ බලයෙන් එක් ව ම ජීවිත ය ගලවා ගෙන බොහෝ කලක් එක් ව ම රාජ්ය ය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද මහාජනක ජාතකයෙහි මාගේ බුදුරජාණන් වහන්සේ පඤ්චකාමයෙහි ආදීනව දැක කාමබන්ධනය මුදාහැර තපසට වලට යනදා නාරද නම් මිගාජින නම් දෙදෙන ව මහා තාපස ව බෝසතුන් පෙරමඟ දී දැක වීය්ය්ෙර් වඩා බණ කියා කල්යාවණ මිත්රද ධර්මය පිරූ සේකුත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද දුතිය ජාතකයෙහි මාගේ ධර්මකරාජයාණන් වහන්සේ වටුජාතියෙහි ම ඉපද හිමාල ය වනයෙහි මහ නුග රුකක් අස වැස බොහෝ ආයු ඇතිව ජ්යෙයෂ්ඨාපචායන ධර්මයන් පුරන සමයෙහි ද වඳුරුව ඇත්ව ඉපද බාලයන් මහල්ලන් තෝරා දැක බොහෝ කලක් බෝසතුන් ගුරු තනතුරෙහි තබා සහවාස ය කළ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද සම්භව ජාතකයෙහි මාගේම ප්ර ඥා ගඬ්ගාවු බුදුරජාණන් වහන්සේම සත්හැවිරිදි සම්භව නම් කුමාර ව මුළු දඹදිව උපන් පැන කියා ලොව බුද්ධොත්පාද කොට ප්රුඥාපාරමිතාවෙහි කුළුගන්නා සමයෙහි භද්රදකාර ය සඤ්ජය ය යන මහලු දෙබෑ කුමාර ව කුඩා මල් වූ බෝසතුන් ගුරු කොට තබා ආදරයෙන් සහොදර ව විසූ සේකු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
තව ද සංකිව්ව ජාතකයෙහි ලොකිචාය්ය්නර් වූ මාගේ සවාමිදරුවාණන් බරණැස රජය කොට දශරාජධර්මයන් පුරන සමයෙහි ඔවුනොවුන්ට සතුරුවූ නාග මූෂික ජාතියෙහි ඉපද පවා දෙදෙන ඔවුනොවුන් දැක ඔවුනොවුන් හා මිත්‍ර ව තමන් දෙදෙනාගේ මිත්ර් ධර්ම බලයෙන් ම බෝසතුන්ට ඒ සා රාජ්යායක් ගෙන දී උපකාර කළාහු ත් මේ දෙදෙනා වහන්සේ ම ය.
මෙසේ මෙසේ නො එක් ජාති කෝටියෙහි ද සසර බුදුන් හා සමඟ ම විසූ හෙයිනුත් ඔවුනොවුන්ට උපකාරව විසූ හෙයිනුත් බුදුහු තමන් වහන්සේ කෙළෙහි ගුණ දන්නවුන් කෙරෙහි අග්‍රද හෙයිනු ත් මෙම දෙදෙනා වහන්සේ අග්රනශ්රායවක කළසේක් ම ය. මේ දෙදෙනා වහන්සේත් උතුම් වූ අග්රශ්රාූවක තනතුරු ලදින් බුද්ධශාසන නමැති සවර්ණ නෞකාවෙහි රන් පළුපත් සඟළක් සේ බුදුසස්න හොබවා වදාළසේක් ම ය.
මෙසේ මේ අග්ර ශ්රාකවක දෙදෙනා වහන්සේගේ විභාග සංක්ෂෙපයෙන් දතයුතු.
මෙසේ මාගේ සවාමිදරුවෝ පස්වග මහණුන් විසින් කරන ලද ....මෙසේ මාගේ සවාමිදරුවෝ පස්වග මහණුන් විසින් කරන ලද අසාධාරණ වූ ප්රවතිපත්ති පූජා ය, යස නම් මහතෙරුන් ආදි පස්පනස්රහතන් විසින් කැනලද විශෙෂ වූ ප්ර්තිපත්ති පූජා ය, භද්‍ර වර්ගයෙහි තිස්මහ රහතන්විසින් කරන ලද උතුම් වූ ප්ර්තිපත්ති පූජාය, උරුවෙල කාශ්යගපාදි දමසක් මහරහතන් විසින් කරන ලද අනොපම වූ ප්රාතිපත්ති පූජා ය, අගසවු දෙදෙනා හා දෙසිය-පනස් මහ රහතන් කළාවූ උත්තුඩ්ග වූ ප්රෙතිපත්ති පූජා ය, සූවාසූ දහසක් ප්රෙූතයන් ප්රෙ තාත්මභාවයෙන් මිදි දිව්යාහත්මභාව ලදින් බණ අසා නිවන් දුටු වේලෙහි සන්තොෂයෙන් කළාවූ සාධුකාර පූජා ය, බිම්බිසාර රජ්ජුරුවන් හා සමඟ එක් ලක්ෂ දස දහසක් අමාත්ය,යන් සෝවාන් ආදි මාර්ග ඵලයට පැමිණ එ කෙණෙහි උපන් සන්තොෂයෙන්කළාවූ සාධුකාර පූජා ය, තව ද දසදහසක් මනුෂ්යෙයන් ශරණ ශීලයෙහි පිහිටා දිවි පමණින් කළා වූ බහුමාන පූජා ය, ඒ බිම්සර රජ්ජුරුවන් වේළුවනාරාමය පිළිතැන්වූ පූජාය, එ වේලෙහි මහීකාන්තාව කළාවූ මහිගර්ජනා නම් වූ පූජා ය යි මෙසේ දෙලක්ෂ පන්දහස් තුන්සිය සත් සාලිසක් පමණ මහ පූජා ලත් හෙයිනු ත්, මෙසේවූ පූජා විඳීමට සුදුසු හෙයිනු ත්, සංසාර සේතු වූ, සංසාර නෞකාවූ, සංසාරප්රිතිෂ්ඨාවූ සංසාර පාරවූ සංසාර වාහන වූ සංසාර ගජ වූ. සංසාර තුරඩ්ග වූ, සංසාර සාගර ඵලක වූ, සංසාර සාගර ඵගක වූ, සංසාර සාගර ටීපවූ, මාගේ සවාමිදරුවූ, මාගේ ම ශිරොමාණික්ය වූ, මාගේම මුදුන්මල්කඩ වූ, බුදුරජාණෝ මේ මේ කාරණයෙනුත් අර්හත් නම් වන සේක. එසේ හෙයින් කියන ලදුයේ මැයි:
පූජාවිසෙසං සහ පච්චයෙහි
යස්මා අයං අරහති ලොකනාථො,
අත්ථානුරූපං අරහන්ති ලොකෙ
තස්මා ජිනො අරහති නාම මෙතං-යි
මේ පූජාවලියෙහි අප බුදුන් රජගහා නුවරදි ලද වේළුවනාරාම පූජා කථා නම් වූ තුදුස් වන පරිච්ජේදය නිමි.